by admin

අප සමඟ එකමුතු වෙන්න

ජාතික ජන බලවේගය

අපගේ මෙහෙවර

අධිරාජ්‍යවාදීන්ගෙන් ලද ඊනියා නිදහසෙන් පසු මේ රට පැවතියාටත් වඩා අගාධයකට, නරාවලකට ඇද දැමූ අසාර්ථක, අසමත්, අවස්ථාවාදී, බඩගෝස්තරවාදී, ශීඝ්‍රයෙන් පාදඩකරණය වූ, මේ රට කාබාසිනියා කරමින් ආණ්ඩු කළ රැවටිලිකාර දේශපාලන කණ්ඩායම්වලින් රට මුදාගෙන, සැබෑ ලෙසින් ජනතාවට වගකියන ජනතා නියෝජිතයින් තනන රට හදන – රට රකින පුළුල්තම ජනතා බලවේගය ගොඩනැගීම.

ජාතික ජන බලවේගය

ජාතික ප්‍රතිපත්තියේ පදනම

අපගේ අනුබද්ධ සංවිධානයක් වන ජාතික විද්වත් සංවිධානය රට පුරා ගොස් විවිධ ජන කොටස් හමු වී කතාබස් කර, ඔවුන්ගේ අවශ්‍යතා හඳුනාගෙන ගොඩනැගූ ජාතික ප්‍රතිපත්ති මාලාව ද පදනම් කර ගනිමින් විවිධ සංවිධාන හා පුද්ගලයන්ගේ වැදගත් යෝජනාද එකතු කර ගනිමින් අපගේ ප්‍රතිපත්ති මාලාව සකස් වී ඇත. එය තවදුරටත් ජනතා අදහස්වලට විවෘතකොට එය සංවර්ධනය කර ඒ තුළින් දිනෙන් දින ඉහළ යන බඩු මිල, දැරිය නොහැකි ණයබර, ආර්ථික හා සමාජයීය පීඩනය, ජාතික අසමගිය යන දුර්විපාකයන්ගෙන් නිදහස්ව අපට අහිමි වෙමින් තිබෙන අපේ බිම, අපේ මුහුද, අපේ වැඩපොළ, අපේ අහස අපට දිනාගෙන සම්පත්වලින් ගහන වූ මේ වාසනාවන්ත රට සැබෑ සෞභාග්‍යය කරා ගෙන යාම අපගේ ප්‍රතිපත්තියේ පදනමයි.

හෙට පිණිස....

වසර හැත්තෑවක අසමත් ආණ්ඩු කිරීම්වලින් හෙම්බත් වී සිටින ශ්‍රී ලාංකික ජනතාව, රැවටිලිකාර දේශපාලක පැළැන්තියෙන් මුදවාගනිමින් ප්‍රගතිශීලී සහ ජනතාවාදී ආණ්ඩුවක් හදන්නට අඩිතාලම දමන අපි….

නොසැලෙන ශ්‍රී ලංකාවක්

තිරසර ආර්ථිකයක් ගොඩනැගීමත් එහි ප්‍රතිලාභ ජනතාව අතර සාධාරණව බෙදාහැරීමත් නොසැලෙන ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ පදනම වනු ඇත. කෘෂි, ධීවර, පශු, වැවිලි හා කර්මාන්ත ගොඩනැගීමේදී අනාගත අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් ලෝකය අත්පත් කරගෙන ඇති නවීන දැනුම හා තාක්ෂනය එම ක්ෂේත්‍ර තුළට කැඳවා ගත යුතුව ඇත. ලෝකය හමුවේ අභිමානවත් රටක් බවට ශ්‍රී ලංකාව ඔසවා තැබීමේදී අපට ශක්තිමත් විදේශ ප්‍රතිපත්තියක්ද රජයේ දේශ සීමා හා ජනතාවගේ ආරක්ෂාව පිළිබඳව නව අර්ථ දැක්වීමක් සහිත ජාතික ආරක්ෂක ප්‍රතිපත්තියක්ද අවශ්‍යව තිබේ. මෙම සියලු ක්ෂේත්‍රයන් තුළ අත්පත් කරගන්නා ජනයග්‍රහණ විසින් නොසැලෙන ශ්‍රී ලංකාව ගොඩනැගෙනු ඇත.

– අනුර කුමාර දිසානායක

හෙට පිණිස

ජාතික ජන බලවේගයේ අපි