වර්තමාන ආණ්ඩුව ප්රජාතන්ත්රවාදය අභියෝගයට ලක් කරමින්, පෞද්ගලික, සංවිධානාත්මක අර්ධ මිලිටරි කණ්ඩායම් යොදවා විපක්ෂයට ප්‍රහාර එල්ල කරන බව අද (06දා) පැවැති එම මාධ්‍ය හමුවේ දී ජාතික ජන බලවේගයේ විධායක සභික මහින්ද රත්නායක පැවසී ය.
තුනෙන් දෙකක බහුතර බලයක් සහිතව පිහිටුවා තිබෙන ආණ්ඩුව ක්‍රියා කරමින් සිටින්නේ, විසිවැනි ආණ්ඩුක්‍රම සංශෝධනය තුළින් ප්රජාතන්ත්රවාදය සීමා කර ලබා ගත් බලතලවලට අනුව බව පෙන්වා දුන්නේ ය. එමෙන් ම ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව ක්‍රියා කරමින් සිටින්නේ, ප්රජාතන්ත්රවාදය දඬුකඳේ ගසමින්, කිසි ම එල්ලයක් නැතිව යැයි චෝදනා නැඟී ය.
2 comments
මේ පිළිබඳව, හැකි සෑම ක්‍රමයකින්ම, සාක්ෂි සහිතව,ජනතාව දැනුවත් කිරීම කලයුතුයි යැයි හැඟෙ.
Jaya wewa