ආර්ථික අපරාධ මානව හිමිකම් උල්ලංඝනයක් හැටියට මෙවර ජිනීවා මානව හිමිකම් කවුන්සිලය පිළිගැනීම විශේෂිත දෙයක් බවත් එය ලංකාවට ඉතා වැදගත් කරුණක් බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හරිනි අමරසූරිය “මව්බිම”ට පැවසුවාය.
ඒ හරහා මේ මොහොතේ රජයට ජාත්‍යන්තරයෙන් පැහැදිලි පණිවුඩයක් ලබා දෙනු ඇති අතර ජනතාවගේ කැමැත්ත නැති ආණ්ඩුවක් බව හා ආර්ථික ප්රජාතන්ත්රවාදය නැතිවීඹට හේතුව දූෂණය, වංචාව බව ජාත්ත්යන්තරයද පිළිගන්නා බවත් ඇය පැවසුවාය. රටේ ආර්ථික අපරාධ මානව උල්ලංඝනයක් හැටියට ජිනීවා මානව හිමිකම් කොමිසම පිළිගෙන ඇති අතර එය මෙවර සාකච්ඡාවට ලක්කිරීම අනිවාර්යයෙන් සිදුවන්නක් පව මන්ත්‍රීවරිය පෙන්වා දුන්නාය. ඒ අනුව ලංකාවේ ආර්ථික ප්රජාතන්ත්රවාදයක් නොමැතිකම ජිනීවා මානව අයිතිවාසිකම් ගොඩට වැටීම ඉතා හොඳ බව ඇය ප්‍රකාශ කළාය.
මන්ත්‍රීවරිය වැඩිදුරටත් පැවසුවේ දූෂණය අර්බුදයේ ප්‍රධානතම කොටසක් බව පාලකයන් පිළිගත යුතු බවය.