නිසි කලට පොහොර නොදී ගොවි ජනතාව අධෛර්යමත් කොට වගා නොකරන සියලු ඉඩම් විදේශීය සමාගම්වලට විකිණීමේ සැලසුමක් ආණ්ඩුව සතුව ඇති බව ජාතික ජන බලවේගයේ මන්ත්රී මහාචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ‘දිනමිණ‘ට ඊයේ (12) පැවසුවාය.
පොහොර නොදීම මඟින් ඇති වන අර්බුදකාරි තත්ත්වය මත ගොවි තැනින් ඉවත් වන ගොවියා කර්මාන්ත ශාලාවක කුලී රැකියාවකට හෝ යන බවත් ඒ හරහා පුරන් වන ඉඩම් විශාල සමාගම්වලට විකුණා ආණ්ඩුව සල්ලි සොයා ගැනීමට උත්සාහ ගන්නවා දැයි සැක මතුව තිබෙන බවත් අමරසූරිය මහත්මිය කීවාය.
කිසිදු ආණ්ඩුවක් මෙලෙස හැසිරී නැති බවත් මෙය ඉතා මෝඩ ක්රියාවක් බවත් පෙන්වා දෙන හරිනි අමරසූරිය මහත්මිය ගොවියා යනු රටක ප්රධාන අංගයක් බවත් ගෙවිතැන යනු එසේම ප්රධාන කර්මාන්තයක් බවත් පැවසුවාය.
එම නිසා පොහොර නොගෙන්වා ගොවියාට කෘෂිකර්මාන්තයෙන් ඉවත් කිරීමට කරන සැලසුම හකුළා රටේ කෘෂිකර්මාන්තය ගොඩනැඟීමට කටයුතු කරන ලෙසත් ආණ්ඩුවට දැනුම් දෙන බවත් කීවාය.
නුවන් හෙට්ටිආරච්චි (දිනමිණ)