Home News Sinhala ධනවාදයේ අර්බුදය හා අලි මිනිස් ගැටම

ධනවාදයේ අර්බුදය හා අලි මිනිස් ගැටම

by Ravinath Wijesekara

ශ්‍රී දළදා මාලිගාවේ රාජා. පනාමුරේ ඇත් රාජා, ගජබා වන්නම, ඔන්න බබෝ ඇතින්නියා වැනි නැළවිලි ගී විවිධ කාව්‍ය හා ගීත අලි ඇතුන්ට සම්බන්ධ සංස්කෘතික ගුණාංග හා සත්‍ය සිදූවීම් මතවූ නිර්මාණයන් ය.  සංකෘතිකමය නිර්මානයන් බොහොමයකින් පෙන්වන කරුණ වනූයේ අතීතයේ සිට ශ්‍රී ලාංකීය සංස්කෘතිය අලින් සමග සමීපව කටයුතු කර ඇති බවයි. වර්තමානයේ දළ පූට්ටුවා, ඇත්දළ, අලි මිනිස් ගැටුම අපට හුරු අලි සම්බන්ධ නිතර ඇසෙන විවිධවු ප්‍රවෘතීන්ය.

ශ්‍රී දළදා මාලිගාවේ රාජාගේ කතාන්දරය යම් ජාතිකත්ව සහජීවයක් පෙන්නුම් කිරීමක් සැඟව ඇත. රාජා ඉපදී ඇත්තේ මඩකලපු දිස්ත්‍රික්කයේ එරාවුර් ප්‍රදේශයේ කැලෑවකය. උමාරු ලෙබ්බේ පනික්කාර ප්‍රමුඛ මුස්ලිම් ජාතිකත්ව කණ්ඩායමක් මෙම ඇත් පැටවා ඇල්ලා 1925 දී ටිකිරි බණ්ඩා මාපිටිය දිසාවේට විකුණා ඇත. ප්‍රථමයෙන් මෙම ඇත්පැටවාට පනික්කාර් යන නම තැබූ අතර, පනික්කාර් පසුව රාජා විය. පසුව ටිකිරි බණ්ඩා මාපිටිය දිසාවේ විසින් උමාර් ලෙබ්බේ පනික්කාර්ලවා මෙම ඇත් පැටවා මනාව පුරුදු පුහුණු කර දළදා මාලිගාවට පූජා කරන ලදී. 1937 සිට 50 වතාවක් පෙරහැරේ  ගමන්කර ඉන් 37 වතාවක් රන්දෝලි පෙරහරේ ශ්‍රී දළදා කරඬුව වැඩම කරවන ලදී. කිසි දිනෙක කලබලයක් සිදු නොකළ රාජා මංගල ඇතකු ලෙස ලොව ප්‍රචලිත විය. මෙම හේතුව නිසාවෙන්ම රාජා ජාතික වස්තුවක් ලෙස 1986 නම් කිරීමට ඡාතිවාදයෙන් උන්මත්තකව සිටි ධනපති නායකයන්ට සිදුවිය.

රාජාගේ ශික්ෂණය  පුරුදු පුහුණු කළ උමාර් ලෙබ්බේ පනික්කාර් රු: 1000 නෝට්ටුවේ රාජා ළඟින් සිටගෙන සිටින ඡායාරූපයේ දැකිය හැකිය. වර්තමානයේ දළදා කරඬුව වැඳ පුදා ගන්නා උපාසක උපාසිකාවන්  රාජාට ද නමස්කාර කරති. නමුත් බොහෝ උපාසක උපාසිකාවන්ට උමාර් ලෙබ්බේ ලා පැවතඑන මුස්ලිම් ඡාතිකත්‍වය අරහං  කිරීමට ධනපති නායකයන්ට හැකියාවක් නිර්මාණය වී ඇත. මහනුවර, දිගන. අම්පාර, බේරුවල දර්ගා නගර වල මෑතකදී සිදුවූ සිද්ධීන් එය කදිම නිදසුන් වේ. මුස්ලිම් අන්තවාදී දේශපාලන කණ්ඩායම් ද මේ පිටුපස ඇතිවාම නොවන බව ද කිවයුතු කරුණකි. පෙර ඉතිහාසයේ ගජබා වන්නම, විවිධ වූ ජන කවි ශ්‍රී ලාංකීය සංස්කෘතිය අලංකරණය කර ඇත. අලි ඇතුන් මුස්ලිම් ජාතිකත්‍වයට, ද්‍රවිඩ ජාතිකත්‍වයට මෙන්ම සිංහල ජාතිකත්‍වයට ද පොදු සංස්කෘතික ලක්ෂණයකි.

වෙනත් මානයකින් විග්‍රහ කළවිට  පනාමුරේ ඇත් රාජාට හිමිවනුයේ වෙනත් වූ සුවිශේෂී ස්ථානයකි. 1950 දී මඩුවන්වෙල දිසාවේට අයත් පනාමුරේ ඇත් ගාලට කොටු කරන ලද වන අලි 16 ක් වෙනුවෙන් සටන් කළ, දැවැන්ත ශක්තියකින් හෙබි හස්තියෙකි. මොහුගේ විශ්ෂත්වය වූයේ තම වර්ගයා මෙල්ල කිරීමට පැමිණෙන හීලෑ අලින් මෙන්ම ඔවුන් මෙහෙයවා මිනිසුන් සමග සටන් කොට තම සගයින් බේරා ගැනීමට උත්සාහ කිරීමයි. අවසානයේ ඔහුව වෙඩිතබා ඝාතනය කරන ලදී. මේ සමගම එවක සිටි ආණ්ඩුකාරවරයා ඇත් ගාල් තහනම් කර අලින් ඝාතනය කිරීම තහනම් කරන නියෝගයක් නිකුත් කරන ලද්දේ මෙම අලියා සිදූ කල සටන දැකීමෙනි. පනාමුරේ ඇත් රාජාගේ සටන දිවි පුදා ලද ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකි අතර, ධනපති ක්‍රමය විසින් පවත්වාගෙන එන ලද ක්‍රමවේදයක් ආපසු හරවන්නට හැකිවීම අලියකු විසින් සිදුකරන ලද සටහනක ප්‍රථිඑලයක් වීම ඉතිහාසගතවී ඇත. මෙම ස්වාන්ත සිදූවීම් දෙක වර්තමානයෙ මිනිස් සිත්තුල තැම්පත් වී ඇති ඇති අලි සම්බන්ඳ සිදූවීම්  දෙකකි.

වර්තමානය වනවිට අලි මිනිස් ගැටුම උච්චතම අවස්ථාවකට පැමිණ ඇත. එය පසුගිය වසර 6 තුළ සිදුවූ අලි හා මිනිස් මරණ ප්‍රමාණය සැලකීමේදී අලි මිනිස් ගැටුම හේතුවෙන් දල වශයෙන් අලි 03 ක් මිය යන විට මිනිසුන් එක් කෙනෙකු මිය යයි. එය ප්‍රස්ථාරයකින් නිරුපනය කල විට

අලි සහ මිනිසුන් අතීතයේ ඉතා සහජීවනයෙන් ජීවත්වූ අතර, විවිධ වූ නිෂ්පාදන ක්‍රියාවලීන් හා ඉදිකිරීම් සඳහා අලි ඇතුන් යොදා ගනු ලැබීය.  අතීතයේ එනම්, යටත්විජිත සමය වන විට ශ්‍රී ලංකාවේ අලි ගහනය  15000-20000 අතර සිටි බවට සාක්ෂි ඇත. සාමාන්‍යයෙන් අලියකු වසර 60-75 ජීවත්වන අතර බර කිලෝ ග්‍රෑම් 2000 -5500 දක්වා වේ. දිනකට ආහාර ලෙස කිලෝ ග්‍රෑම් 150-350 ආහාරයට ගන්නා අලියකතු ජලය ගැලුම් 25 -50 දක්වා වූ ප්‍රමාණයක්  පානය කරයි.

අලියකු ආහාර, ලිංගික, පාරිසරික ආරක්ෂාව සඳහා සංචරනය කරයි. (දල වශයෙන් දිනකට කිලෝ මීටර 25 පමන දෛනික අවශ්‍යතා සදහා සංචරනය කරයි) සාමාන්‍යයෙන් අලියකු දිනකට පැය 15-16  ක්‍රියාකාරීව සිටී. අලින් වනාන්තර තුල ඉතා සාමකාමීව සැහැල්ලුවෙන් කාලය ගතකරයි. දැනට වසර 40,000 කට පමණ පෙර ජීවත් වූ මැමත්ගෙන් පරිණාමය වූ බව විශ්වාස කෙරෙන අලි ප්‍රධාන ලෙස අප්‍රිකා හා ආසියා මහාද්වීප තුළ ජීවත් වේ. අප්‍රිකානු අලි :ඔදංදාදබඒ ්රෙසජ්බ්* ආසියාතික අලි :ෑකැචය්බඑ ඵ්ංසපමි* ශරීර ලක්ෂණ අනුව වෙනස්ය. දැනට ශ්‍රී ලංකාව, ඉන්දියාව, නේපාලය, භූතානය, කාම්බෝජය, ඉන්දුනීසියාව, ලාඕසය, මැලේසියාව. මියන්මාරය, තායිලන්තය ආදී අටවල් 13 ක ආසියා මහාද්වීප තුළ අලි දැකිය හැකිය.  අනෙක් බොහෝ ආසියාතික රටවල අලි වඳවී ගොස් හමාරය. ආසියාතික අලි ගහනය 35000-50000 අතර වේ යැයි අනුමත කෙරේ. මේ හේතුව නිසාම ජත්‍යන්තර පාරීසරීක සංරක්‍ෂණ සංගමය :ෂබඑැරබ්එසදබ්ක ඹබසදබ දෙර ක්‍දබිැරඩ්එසදබ දෙර භ්එමරු- ෂඹක්‍භ* විසින් අලින් වඳවී යන සත්වයකු ලෙස නම්කර සංරක්ෂණය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටී. එහි ප්‍රතිඵලයක් ලෙස  අලියකු ඝාතනය කළවිට ඒ සඳහා දැඩි නීති රාමුවක් ශ්‍රී ලංකාව තුල  ක්‍රියාත්මකය. අලින්ට ජීවත් වියහැකි වනාන්තර වනජීවී වන සංරක්ෂණ, මහවැලි, ප්‍රාදේශිය ලේකම් හා පෞ්ගලික ලෙස බෙදා වෙන්කලත් අලින්ට මෙම බෙදා වෙන්කිරීම වලංගු නැත. නමුත් අලි සංරක්ෂණය සඳහා රජය එක් අමාත්‍යාංශයකට (වනජීවී අමාත්‍යාංශය) පවරා අනෙක් සියලු රාඡ්‍ය ආයාතන වලින් ස්වයාවන්ත කොට ඇත වගකීමෙන් නිඳහස් වී ඇත.

අලින් වෙනත්  සතුන්ට වඩා  තරමක් දියුණු පැවැත්මක් පෙන්වයි. මෙහිදී අලි රංචුවක නායිකාව ලෙස වයසින් වැඩි ඇතින්නක් දැකිය හැකි අතර, ලිංගිකව මෝරන පිරිමි සතුන්  රංචුවෙන් එළවා දමයි. මෙය ලේ ඥාතිත්වයක් සහිත පැටවුන් බිහිවීම වැළැක්වීම මෙහි පරමාර්ථය යැයි හදූනාගෙන ඇත. අලි පැටවකු ආරක්ෂා කිරීම රංජචුවේ සාමුහික වගකීමක් ලෙස භාර ගැනෙන අතර, අලි පැටවකු බිහිවූ විට සියලු ඇතින්නියන්ට කිරි එරෙනවා යයි ව්‍යවහාරයේ මතයක් පවතී.

ශ්‍රී ලංකාවේ අලි ගහනයේ කඩා වැටීම සිදුවූයේ යටත්විජිතකරණය හා ධනපති ආර්ථික මොඩලය උ්තරාරොපණය කිරීමත් සමගය. ධනවාදය  තුල සුළඟට, ජලයට, සතා සීපාවාට, ප්‍රභාසංස්ලේෂණයෙන් හටගනු ලබන ඵලය ආදී සියලු දෑ සඳහා මිලක් නියම කර ඇත. ධනවාදය තුලද අලින්ට ද මිලක් නියම විය. කෙසේ වෙතත් බි්‍රතාන්‍ය යටත්විජිතකරණයෙන් පසු උඩරට වතු වගාව හඳුන්වාදීමත් සමග සෞම්‍ය දේශගුණයේ තෙත් කලාපයට බරව නිදහසේ ජීවත්වූ අලි වගා පාලු කරන සත්වයකු ලෙස  නම් කරන ලදී. තෘණ භූමි වල ගැවසීමට හා ආහාර ගැනීමට දැඩි රුචියක් දක්වන අලින්ගෙන් බහුල හෝර්ටන් තැන්න, පිටවල තැන්න ආදී ප්‍රදේශ ද, විනෝදයට අලින්ට වෙඩිතබන ම්ලේච්ඡ ක්‍රීඩාපිටි බවට පත්විය. අලි ඇල්ලීම, ගාල් කිරීම, විකිණිම ජයමට කෙරිණි. ඒ සදහා රාඡ්‍ය අනුග්‍රහය ලැබිනි. (මාලිගාවෙ රාජා, පනාමුරේ රාජාගේ ඝාතනයද එචක ක්‍රියාත්මක ධනපති නීතිය යටතේ සිදූවු සිද්ධි දෙකකකි.) මේ හේතුවෙන් වතු වගාව ආරම්භ කළ කාල වකවානුව තුල මධ්‍ය කදූකරයේ පමනක් අලින් 6000-8000 ප්‍රමාණයක් ඝාතනය වූ බව වර්ථාවේ.

රජ සමයේ සිට ඇමතිවරුන් ආදීන් තම වලව් වල අලින් කිහිප දෙනෙකුම ඇති කිරීම  තම කීර්තිය  වඩන්නක් බව මිත්‍යා මතයක් පැවතුණි. එය බි්‍රතාන්‍ය සමයේ සිටි රදලයන්ට මෙන්ම මෑතක කාලයේ සිටි රාජ්‍ය නායකයන්, මැති ඇමතිවරුන් සතුවද ආණ්ඩුවේ හිතවතුන් හා ප්‍රසිද්ධ  ස්වාමින් වහන්සේලා  සන්තකයේ ද හොර අලි ඇතුන් සිටියහ. මේ හේතුවෙන් අලි ඇතුන්ට හොර උප්පැන්නවල් නිර්මානය කරන පශු වෛද්‍ය පියවරුන්ද බිහි විය. විහාරස්ථානයන්හි ගාම්භීරත්වය වැඩි කරන භාණ්ඩයක් බවට අලින් පත්විය. තවද ඇත්දල හා ගජමුතු ධනය ලැබීමට වාසනාවක් පෑදෙන්නක් ලෙස මිථ්‍යා මතයක් මිනිස් සිත් සතතන් තුලට කිඳා බැස්සවීමට ධනපති ක්‍රමය සමත්ව ඇත. මේ හේතුවෙන් සමස්ථ අලි ගහනයෙන් 2%  පමණ වන ඇතුන්ගේ ජීවිතය අවධානමකට ලක්විය. එය අලින්ට පමණක් නොව රයිනෝ අං, කොටි දත්, මැමත් දල පොසිල වලට ද මෙම මිථ්‍යාව පැතිර ගොස් අත.

යටත්විජිත සමයෙන් පසු ලැබුණු නාමික නිදහසින් පසුව පහත රට මහා දැවැන්ත වනය එලිපෙහෙලි කොට අස්වද්දන්නට විය. විවිධ අසංවිධිත සංවර්ධන ව්‍යාපෘති සිදූ කෙරීනි. අධිරාජ්‍යවාදී  සමාගම්වලට  කිසිදු වග විභාගයකින් තොරව විවිධ වගාවන් සඳහා වන බිම් විකිණීම බදූදීම සිදුකරන ලදී. මෙවැනි අක්‍රමවත් පරිසර හතුරු සංවර්ධන ව්‍යාපෘති වල  ක්‍රියාදාමයන්ගේ ප්‍රතිඵල හේතුවෙන් අලි ඇතුන් කුඩා වනබිම් කොටස්වලට සීමාවිය. ඒවායේ ඔවුනට අවශ්‍ය සම්පත් සීමාවිය. ඔවුනට අවශ්‍ය ආහාර, ජලය, ලවන ඔවුන් ජීවත් වන වට පිටාවට වඩා පරීභාහිරව ඇති බව අලින්ට සංන්නිවේදනය විය (අලින්ගේ ආහාර වල ඉව කිලෝමිටර කපයක් ඈතට දැනේ).  විශේෂයෙන් ආහාර හා පානීය ජල අවශ්‍යතා සඳහා ගම්වදින අලි වනයේ මෙන් නොව ගම්වල පවතින තරමක කලබලකාරී ස්වරූපය (විවිධ වූ චලනයන්) හේතුවෙන් එය ඔවුනට තර්ජනාත්මක පරිසරයක් ලෙස ගම හඳුනාගන්නා ගනී.  මෙම හේතුවෙන් දැඩි විමසිල්ලෙන් සිටින අලි වනයෙන් එලියේ සිදුවන  සෑම චලනයක්ම ඔවුනට තර්ජනාත්මක පරිසරයක් ලෙස හඳුනාගන්නා ගනී.  මෙම හේතුවෙන් දැඩි විමසිල්ලෙන් සිටින අලි එළියේ සිදුවන සෑම චලනයක්ම ඔවුනගේ තර්ජනයක් ලෙස හඳුනාගෙන මිනිසුන්ට පහරදීම හේතුවෙන් දල වශයෙන් 75-100 ක පමණ වටිනා මිනිස් ජීවිත ප්‍රමාණයක් වසරකට අහිමි වේ.

ධනවාදය තුළ තම වගාවේ ධාන්‍ය, එළවළු ආදී අස්වැන්න ගොවියාට පෙනෙනුයේ මුදල් ලෙසය. ධනවාදය තුල මිනිසා ජීවත් කරනුයේ ආහාර, ජලය, සෞඛ්‍යය, අධ්‍යාපනය ආදී සියලු මූලික  අවශ්‍යතා වලින් නොව මුදල් වලිනි. එහි ගුණාත්මක බව රඳා පවතිනුයේ වියදම් කරන මුදල් ප්‍රමාණයන් මතය. ධනවාදය විසින් අස්වැන්න අස්වැන්නක් ලෙස නොව මුදල් ලෙස දෘෂ්ඨි මායාවක් බවට පත් කර ඇති විට තම අස්වැන්නට හානි පමුණුවන සියලු දෑ කෙරෙහි ගොවීන් තුල වෛරයක් උපදවා ඇත. වෙඩි තැබීම්, ගිනි විසිකිරීම්, විදුලි වයර, ඇණ ලෑලි, හක්ක පටාස්, වස දැමූ ආහාර, මර උගුල් ආදී නොයෙක් ක්‍රමවේදයන් භාවිත කොට අලින් ඝාතනය කර තම හේනේ. කුඹුරේ වැවෙන මුදල් රැක ගැනීමට උත්සාහ දරයි.

ධනවාදය තුල අක්‍රමවත් සංවර්ධනය, ඉඩම් පිළිබඳව විසඳුම් නොමැතිවීම  හේතුවෙන් අලින්ගේ අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් වනයක් ඔවුනට අහිමි කර ඇත.  ධනවාදය විසින් අලින්ට වනයෙන් එලියට පැමිණීමට ආරාධනා කොට ඇත. එය ධනවාදය  උත්තරාරෝපණය කල දින සිට යටත්විජිත වාදීන්ටත්, මාරුවෙන් මාරුවට ආණ්ඩු කල එක්සත් ජාතික පක්ෂ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවලටත් මෙම ගැටලුව සඳහා විසඳුම් නොමැත. 15 වන සියවස දක්වා මිනිසුන් හා අලින් අතර පැවති සහජීවනය, ධනවාදය විසින් වෛරක්කාරයන් බවට පරිවර්තනය කිරීමට සමත්ව ඇත.  එය අලින් මිිනසුන් අතර මෙන්ම ජාතිකත්ව අතර ආගම් අතර ද වෛරක්කාරයන් බවට පත්කර ඇත. මිනිසුන් අතර ඇති ආදායම් බෙදීයාමේ විෂමතාවය ධනවාදයේ අර්බුදයක් නොව ඇත්දල, ගජමුතු නොමැතිකම (වාසනාව පෑදීම) බව මිනිස් සිත් සතන් තුලට කිඳා බස්සවා ඇත. මිනිසාගේ වාසනාව ඇතුන්ගේ අවාසනාවෙන් බවට පත්කර ඇත. සියඹලංගමුව, ගල්ගමුව, හක්වටුනාව, කෑගල්ල, පල්ලෙකැලේ ආදී ඇුතන් ගහනය වැඩි ප්‍රදේශවල ඇතුන්ගේ ජීවිතය තිරණය වන්නේ මිනිසුන්ගේ මිත්‍යා වාසනාව මත ය. මෙම සියලු දෑ ධනවාදයේ නිර්මාණයන් ය. අලි මිනිස් ගැටුම අවම  කිරීම සඳහා  දියුණු සංවර්ධන ක්‍රියාදාමයන් සහිත පරිසර ප්‍රතිපත්තියක් ධනවාදයට නොමැත. මෙවැනි වටපිටාවක අලි මිනිස් ගැටුමට විසඳුම් ලෙස  අලින් වෙසෙන වන රොදවල් වටා විදුලි වැටවල් නිර්මාණය කිරීම එකම විසඳුමක් ලෙස  දැකීමට ධනවාදී ආණ්ඩු  පත්ව ඇත. අලි ඇතුන් රංචු සීමිත භුමි ප්‍රමානයකට සීමා වීම තුල ලේ ඥාතීත්වයක් සහිත පැටවුන් බිහිවීම, එකම වර්ගයේ ජාන මිශ්‍රවීම තුල ඇතිවන දුබලතා හේතුවෙන් දශක කිපයකින් අලින් ශ්‍රී  ලංකාවෙන් තුරන්වී යාම වළක්වාගත නොහැක. එසේ වඳවීම ධනවාදයේ  නිර්මානයක් වූ අලි මිනිස් ගැටුමට ධනවාදයේන් ලබාදෙන විසදූමට වඩා බරපතලය. ඔහුනට ඵ් සදහා පාලැස්තර විසදූමකට වඩා තිරසාර විසදූමකට අවශ්‍ය ප්‍රතිපක්තියක් වැඩ පිලිවෙලක් නොමැත.

ධනවාදයේ නිර්මාණ්‍යක් වූ අලි මිනිස් ගැටුම හා අනෙකුත් පාරිසරික ගැටලු අවම කර සියලු මානවයන්ට, සියලු ජීවීන්ට ද සහයෝගයෙන් එක්ව ජීවත්විය හැකි පරිසර සතුරු සංවර්ධනයක් වෙනුවට මිතුරු සංවර්ධනයක් ස්ථාපිත කිරීම සඳහා වැඩපිළිවෙලක, ප්‍රඥප්තියක දැඩි අවශ්‍යතාවයක් සහිත පරීසරයක් රට තුල නිර්මානය වී ඇත. සියලු පරිසර සංවේදී, සැබෑ තිරසාර සංවර්ධනයක් අපේක්ෂා කරන සියලු ජාතිකත්වයන්ගේ අවංක මිනිසුන්ට ඒ සඳහා අවස්ථාව පැමිණ ඇත. ජාතික ජන බලවේගයේ පරිසර ප්‍රතිපත්තිය අධ්‍යයනය කීරීම වඩාත් කාලෝචිතය.

ඇන්ටන් ජයකොඩි

You may also like

Leave a Comment