මාධ්‍ය නිවේදනය
ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනය හෙළා දකිමු!
ආගමික අන්තවාදයන් අවසන් කළ හැකි වන්නේ මානව විරෝධී ම්ලේච්ඡ ක්‍රියාවන්ට එරෙහි වන මනුෂ්‍යත්වයෙනි
පසුගියදා පාකිස්තානයේදී මුස්ලිම් අන්තවාදී ආගමික කණ්ඩායමක් විසින් ශ්‍රී ලාංකික පුරවැසියකු වූ ප්‍රියන්ත කුමාර මහතා ඝාතනය කිරීම ජාතික ජන බලවේගය ලෙස අපි දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු. එසේම ඒ මහතාගේ බිරිඳ හා දරු දෙදෙනා ඇතුළු පවුලේ ඥාතීන් වෙත අපගේ සාතිශය සංවේගය ප්‍රථමයෙන් පළකර සිටිමු.
මෙම සිදුවීම හුදෙක් අන්තවාදී ආගමික කණ්ඩායමක හුදකලා සිද්ධියක් නොවේ. ලෝක පරිමාණවම ක්‍රියාත්මක වන ආත්මාර්ථය උත්කර්ෂයට නංවන මානව විරෝධී සමාජ ආර්ථික ක්‍රමයට එරෙහිව තම ආගම තුළ විසඳුමක් ඇතැයි සිතන අන්තවාදී පිරිසකගේ තවත් එක් උම්මන්තක ප්‍රතික්‍රියාවක් පමණි. සමාජ හා මානව විරෝධී මෙවැනි ආගමික, උමතු ක්‍රියා අවසාන වශයෙන් සේවය කරන්නේ පවතින ප්රතිගාමිත්වයට බව අපගේ අත්දැකීමය. මෙවැනි අමානුෂික ඝාතන කවුරුන් අතින් කුමණ රටකදී සිදු වුවද ඒවා මනුෂ්‍යත්වයට නිගාවකි. එබැවින් මනුෂ්‍යත්වයේ නාමයෙන් අප කළ යුතු වන්නේ මෙම සිදුවීමෙන් කුපිත නොවී සහෝදර කිසිදු ප්‍රජාවක් වෙත කිසිදු ප්රචණ්ඩත්වයක් මුදා හැරෙන සුළු සිදුවීමකට හෝ අවකාශ සැලසෙන ප්‍රතික්‍රියාවකට යොමු නොවීමයි.
තිරසර ලෙස මෙවැනි ආගමික අන්තවාදයන් අවසන් කළ හැකි වන්නේ මානව විරෝධී ම්ලේච්ඡ ක්‍රියාවන්ට එරෙහි වන මනුෂ්‍යත්වය අගයන සියලු ජාතීන් හා ආගම් ඇතුළත් දැවැන්ත මහජන ව්යාපාරායකට පමණි. එහෙයින් ජාති, ආගම් භේදයෙන් තොරව ඒ සඳහා එක්වෙන ලෙස ජාතික ජන බලවේගයේ අපි සියලුම දෙනාගෙන් ඉල්ලා සිටිමු.
1 comment
මෙවැනි අමානුෂික ඝාතන කවුරුන් අතින් කුමණ රටකදී සිදු වුවද ඒවා මනුෂ්‍යත්වයට නිගාවකි.