ගෝඨාගෝ ගම මයිනාගෝ ගම පවත්වාගෙන ගිය සාමකාමී විරෝධතාවයට ම්ලේච්ඡ ආකාරයෙන් ප්‍රහාර එල්ල කළ මැරයන් අත්තඩංගුවට ගන්නවා වෙනුවට එම ප්‍රහාරයට විරෝධය පළකරමින් මහජනතාගෙන් එල්ල වූ ක්ෂණික කෝපයෙන් ප්‍රතික්‍රියා දැක්වූවන් දඩයම් කිරීමක් පටන් ගෙන ඇති බවට ජාතික ජන බලවේගය චෝදනා කරයි.
අද (16) පැවැත්වූ මාධ්‍ය හමුවක දී මෙම චෝදනා එල්ල කරනු ලැබීය. මෙම මාධ්‍ය හමුව අමතා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභිකයන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය සහ සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර සහභාගී වූහ.
එහිදී ඔවුන් දැක්වූ සම්පූර්ණ අදහස් පහත පළ වේ.
පරීක්ෂණවලට මුවාවෙලා දඩයමක් පටන් ගෙන – මැරයන් අත්අඩංගුවට ගන්නේ නැහැ
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික පා.ම. විජිත හේරත්

පසුගිය 09 වෙනිදා දක්වා සාමකාමීව, ප්‍රජාතන්ත්‍රවාදීව උද්ඝෝෂණය කළ ජනතාවට ආණ්ඩුවේ මැරයන් ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල කළා. අරලියගහ මන්දිරයේ සැලසුම්කර මුදාහැරිය පිරිස මේ ප්‍රහාරය එල්ල කර අදට (16 දිනට) දවස් 07ක් වෙනවා. මේ වනතුරු ඒ මැරයන්ට අදාළව නීතිය නිවැරදිව ක්‍රියාත්මක කර නැහැ. ආණ්ඩුව හොරගල් අහුලමින් ඉන්නවා. නමුත් ඒ ම්ලේච්ඡ ප්‍රහාරයට විරුද්ධව රට පුරා ජනතාවගෙන් එල්ල වූ ප්‍රතිප්‍රහාර සම්බන්ධයෙන් බොහෝ අය අත්අඩංගුවට ගනිමින් ඉන්නවා. ඒ ප්‍රහාර අපිත් අනුමත කරන්නේ නැහැ. පොලිසිය කියන විදිහට 230කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති නමුත් ගෝල්ෆේස් ප්‍රහාරය සම්බන්ධයෙන් මොරටුව නගර සභාවේ සේවකයෙක් පමණක් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකර වැරදිකරුවන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ආකාරය මුළු ලෝකයක් බලාගෙන ඉන්නවා. මහින්ද රාජපක්ෂගේ මෙහෙයවීමෙන් යෙදවූ මැර කණ්ඩායම ගෝල්ෆේස් පිටියට ඇතුළුවීමට ඉඩදීමම වරදක්. බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු නිලධරීන් එතන හිටියා. මැරයන් ඇතුළුවීම වැළැක්වීමේ ක්‍රියාමාර්ග පොලිසියට ගතහැකිව තිබුණා. උද්ඝෝණයකරුවන් මැරයන්ව වළක්වන ලෙස පොලිසියෙන් කළ ඉල්ලීම වීඩියෝ පටවල තිබෙනවා. නමුත් පොලිසිය මැරයන් පාලනය කළේ නැහැ. දැනුවත්ව, සංවිධානාත්මකව, සැලසුම් සහගතව ආරක්ෂක ලේකම්වරයාගේ නියෝග මත මැර කණ්ඩායම්වලට යන්න පොලිසිය ඉඩදුන්නා. ආරක්ෂක ලේකම් දැන් බබා වගේ කතා කියනවා. ප්‍රචණ්ඩකාරී තත්වයන් ඇතිවීම වැළැක්වීමේ වගකීම ඉටුකරනවා වෙනුවට මැර කණ්ඩායම්වලට බාධා නොකරන නියෝග දී තිබුණා. රට පුරා ප්රචණ්ඩ ක්‍රියා ඇති වුණේ මේ නිසයි. රටේ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම කඩා වැටෙන්න ඉඩදීලා දැන් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් බබෙක් වගේ කතා කරනවා.
නීතිඥවරු, පුරවැසි කණ්ඩායම්, ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරී සංගමය, පෞද්ගලික පැමිණිලි, විශාල ප්‍රමාණයක් පොලිසියට, මානවහිමිකම් කොමිසමට, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. නමුත් මේ වන තුරු නිවැරදි ක්‍රියාමාර්ග අරගෙන නැහැ. මේ දක්වා ආණ්ඩුවට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන ජනතාව දඩයම් කිරීමක් පටන්ගෙන තිබෙනවා. ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ජනාධිපති මන්දිරයේ පැවැත් වූවා. එහිදී තමන්ගේ දේපළවලට ආරක්ෂාව නොදුන් බවට පොලිස්පතිට බැනවැදී තිබුණා. පොලිස්පති එහිදී ඒ මන්ත්‍රීවරුන්ට පිළිතුරු දෙමින් ඒ ඒ පොලිස් ස්ථානවලට ප්‍රධාන නිලධාරින් පත් කළ ආකාරය ගැන ලැයිස්තුවක්ම ඉදිරිපත් කර තිබුණා. අදාළ ප්‍රදේශයේ මන්ත්‍රීවරයා හෝ ඇමතිවරයා මගින් කළ ලිඛිත ඉල්ලීම්වලට අනුව පොලිස් ස්ථානාධිපතිවරු පත්කළ බව පෙරලා උත්තරදී තිබුණා. පොලිස් ස්ථානවලට පොලිස් ස්ථානාධිපතිවරු පත්කර තිබෙන්නේ ස්වාධීන ක්‍රමවේදයකට නොවෙයි. මුළුමනින්ම දේශපාලන අවශ්‍යතාවයන් මතයි. පොලිස්පතිවරයා එතන කියලා බැහැ. රටේ ජනතාවටත් ඉක්මනින් දැනගන්න ප්‍රකාශ කළ යුතු බව අපි අවධාරණය කරනවා. ප්‍රදේශයේ මන්ත්‍රීවරුන්ගේ, ඇමතිවරුන්ගේ අවශ්‍යතාවය මත පොලිස් ස්ථානාධිපතිවරුන් පත්කිරීම පොලිස්පති සිදුකළ බරපතළ වරදක්. පොලිස්පති අපක්ෂපාතීව කටයුතු කර නැහැ.
මෙවැනි සිදුවීම් ඇතිවෙන්නේ සහ වර්ධනය වෙන්නේ කොහොමද කියලා මේකෙන් පැහැදිලියි. පොලිස්පතිවරයා ආරක්ෂක ලේකම්වරයා මැරයන්ට යන්න ඉඩ දෙන්න කියලා නියෝග දෙනවා නම් ජනතාවගේ ආරක්ෂාව සැපයෙන්නේ කොහොමද? මෙවැනි ඛේදනීය තත්වයක් ඇති වුණේ මේවගේ කරුණු මූලික කරගෙන. සාධාරණය ඉෂ්ඨ නොවන නිසා තමයි තරුණයෝ ‘සිස්ටම් චේන්ජ්’ එකක් ඉල්ලන්නේ. මැරයන් මෙහෙයවූ මහ මොළකරු මහින්ද රාජපක්ෂ. ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත, මිලාන් ජයතිලක, යන මන්ත්‍රීවරුත් හිටියා. මිලාන් ජයතිලක පොල්පිත්තකින් පහර දෙන හැටි වීඩියෝ පටවල තිබෙනවා. ඔහුත් එක්ක යන මැර කණ්ඩායම් තරුණ කාන්තාවකට අමානුෂික ලෙස පහර දෙන වීඩියෝ පට තිබෙනවා. තවත් පරීක්ෂණ කර කර ඉන්න දෙයක් නැහැ. නමුත් ප්‍රාදේශීය සිදුවුණු ක්‍රියා පිළිබඳව වේගයෙන් අත්අඩංගුවට ගන්නවා. මේ විදිහට අත්අඩංගුවට ගන්නේ පසුගිය කාලයේ ප්රාදේශීයව උද්ඝෝෂණවල සිටි කැපී පෙනෙන ක්‍රියාකාරකයින්. අපක්ෂපාතීව මේ සියලු සිදුවීම්වලට අදාළව නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනෑ. නවවැනිදා ම්ලේච්ඡ ප්‍රහාරයට සම්බන්ධව දවස් හතක් යන තුරු එක් අයෙක් අත්අඩංගුවට ගන්න අතර ඊට පසු සිදුවීම්වලට 230ක් අත්අඩංගුවට අරගෙන.
සාමකාමී අරගලයට ගහපු මැරයන් ගැන තොරතුරු දෙන්න කියලා ජනතාවට කියනවා. නමුත් ඇමතිවරුන්ගේ මන්ත්‍රීවරුන්ගේ දේපළවලට හානිකිරීම් ගැන චෝදනා කරලා උද්ඝෝෂකයන්ව අත්අඩංගුවට ගන්නවා. මේක විකාරයක්. ආණ්ඩුවටත් පොලිස්පතිවරයාටත් අපි බලකරන්නේ අපක්ෂපාතීව පරීක්ෂණ පවත්වන්න කියලා. පක්ෂග්රාහීව කටයුතු කිරීමෙන් ජනතා කෝපය තවත් වැඩිවෙනවා. ජනතාවගේ බලාපොරොත්තු බිඳවැටෙන තත්වයට පත්වෙනවා. සාධාරණය, යුක්තිය ඉටුනොවන්නේ නම්, ඇත්ත වගඋත්තරකරුවන්ව අත්අඩංගුවට නොගෙන ගෙනයන ක්‍රියාමාර්ගවලට විරුද්ධව ජනතාව නැගීසිටිනවා. අපි ආණ්ඩුවට බලකරන්නේ ගෝල්ෆේස් සාමකාමී විරොධතාකරුවන්ට ප්‍රහාර එල්ලකළ මැරයන් ආරක්ෂාකරන මේ ක්‍රියාමාර්ග ජනතාව අනුමත කරන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ පසුගිය කාලයේ මිරිස්කුඩු ප්‍රහාරය එල්ලකිරීම, පුටුවලින් පහරදීම, සම්බන්ධ වීඩියෝ පට මුළු ලෝකයම දැක්කා. නමුත් ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ. දේශපාලන හයිය තියෙන අයට එක නීතියකුත් සාමන්‍ය ජනතාවට එක නීතියකුත් ගෙනයන ක්‍රමය වෙනස් කරන්න කියලා උද්ඝෝෂණය කරන්නේ ඒ නිසයි. රනිල් වික්‍රමසිංහ අගමැති කළා කියලා මේ ක්‍රමය වෙනස් වෙන්නේ නැහැ. ජාතික ජන බලවේගය විදිහට අපි ජනාධිපතිවරයාට බලකරන්නේ ගෝල්ෆේස් පිටියට මැර ප්‍රහාරය එල්ල කළ මහමොළකරු ඇතුළු සියලු දෙනා වහාම අත්අඩංගුවට ගෙන අනිකුත් සියලු සිදුවීම්වලට අදාළ අපක්ෂපාතීව පරීක්ෂණ කරන්න කියලයි. දේශබන්දු තෙන්නකෝන්ව මුදුනා කරගෙන පරීක්ෂණ කරලා වැඩක් නැහැ. ඔහු වගකිවයුතු ප්‍රහාරයක් සම්බන්ධයෙන් පරීක්ෂණ කරන්න ඔහුටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාවන තිලකරත්නටත් බාරදීමෙන් සාධාරණයක් ඉටුවෙන්නේ නැහැ. විනිවිද පෙනෙන පරීක්ෂණයක් සිදුකර සාධාරණය ඉටුකරන ලෙස අපි ආණ්ඩුවට බලකරනවා.
මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසගෙන් කටඋත්තරයක්වත් ගන්න බැරි ආරක්ෂක අංශවලින් රටට වැඩක් නැහැ
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාරිනී හරිනී අමරසූරිය

පාලකයන් එල්ලකර තිබෙන පීඩනයට විරුද්ධව මහජනතාව සාමකාමීවත් ප්රජාතන්ත්රවාදීවත් විරෝධය දක්වන්න සංවිධානය වන විට පාලකයන් රාජ්‍ය මර්දනය යොදවනවා. එයින් සාමකාමී අරගල ප්රචණ්ඩත්වය කෙරෙහි යොමුකරලා නැවත වටයකින් රාජ්‍ය මර්දනය හරහා තමන්ගේ බලය තහවුරුකර ගන්නවා. දැන් අවුරුදු 74ක් ක්‍රියාත්මකවූ මේ චක්‍රය නැවත වතාවක් මැයි 9වැනිදා දැක්කා. සාමකාමීව පැවතුනු ජනතා අරගලයකට අරලියගහ මන්දිරයේ සිට සංවිධානාත්මකව මැරයන් ප්රකෝපකර යවා ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල කළා. එයට එරෙහිව ජනතාවගෙන් මතුවුණු යම් ප්‍රචණ්ඩකාරී ප්‍රතික්‍රියාවක් අපි දැක්කා. මේ වන විටත් මුල් සිද්ධියට එක්කෙනක් අත්අඩංගුවට ගෙන මුල් සිද්ධියට ප්‍රතිචාර දැක්වූ 230ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විවිධ සාමකාමී උද්ඝෝෂණවල යෙදුණු පිරිසකුත් මේ අතර අත්අඩංගුවට ගෙන තිබෙනවා. නමුත් අද වනතුරුත් මුල් ප්‍රහාරය සංවිධානය කර, ප්රකෝපකර, යැවූ මහින්ද රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත, පිළිබඳ පරීක්ෂණ නැහැ. බස්නාහිර පළාත බාර ජ්‍යේෂඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මේ සිදුවීම් දැක්කා. එහෙම තිබෙද්දිත් මැරයන් ගැන තොරතුරු දෙන්න කියලා පොලිසිය ජනතාවට කියනවා.
ඒ වගේම ප්‍රහාරය එල්ල කළ අයගේ නම් පවා එතන හිටපු අය හෙළිකර තිබෙනවා. නමුත් ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමක්වත් සිදුකර නැහැ. මෙයින් පේන්නේ පාලක පංතිය ඔවුන්ගේ පංතිය ආරක්ෂා කිරීම සඳහා, පරිවර්තනයක් ඉල්ලන උද්ඝෝෂණ සහ සාකච්ඡාව වෙන පැත්තකට යොමුකරන අවුරුදු 74ක් තිස්සේ ක්‍රියාත්මක කළ ක්‍රියාවලියම සිදුකරමින් ඉන්නවා. අපි ඉල්ලා සිටින්නේ රටේ ස්ථාවරභාවය වෙනුවෙන් සියලු දෙනාම එක්වී ක්‍රියාත්මක කරන ලෙසයි. පාලක පංතිය ස්ථාවරභාවය කියන්නේ මේ ක්‍රියාවලිය මේ ආකාරයෙන්ම පවත්වාගෙන යමින් තවදුරටත් ස්ථාවර කර ගැනීමටයි. ඔවුන් එකිනෙකා ශක්තිමත් කර ගැනීමේ ක්‍රියාවලිය පවත්වාගෙන යාමයි. ජනතාව මේ වෙලාවේ පුදුම ආර්ථික පීඩනයකින් ඉන්නේ. ඒ පීඩනය පාලකයන් යොදා ගන්නේ තරුණ තරුණියන් විසින් ලබාදුන් අවකාශය අහුරා දමන්නයි. පාලක පංතියේ සියලු බලවේග එකතුවෙමින් කරන්න හදන්නේ ඒ ක්‍රියාවලියයි. ජනතාව අරගල කරමින් ඉල්ලන දේ, සමාජ සම්මුතීන්, දේශපාලන සාකච්ඡාව පාලකයන්ට නොතේරෙනවා නොවෙයි. ඉතාමත් හොඳින් තේරුම් අරගෙන ඉන්න පාලක පංතිය ක්‍රියාත්මක වෙනවා. ජනතාව මේ වෙලාවේ ඉන්නේ අවදිවෙලා කියන එක අපි ඒ අයට මතක්කර දිය යුතුයි. පෙර සිදුකළා වගේ ජනතාව මර්දනය කරන්න බැරි බව මේ පාලකයන් තේරුම්ගත යුතුයි. ජනතාව විමසිල්ලෙන් ඉන්න බව පාලකයන් තේරුම්ගත යුතුයි.
ගිය සතියේ එල්ල කළ ප්‍රහාරය පිටුපස තිබුණු දේශපාලන සැලැස්ම පිළිබඳව පරීක්ෂා කළ යුතුයි. අරලියගහ මන්දිරයේ කුමන්ත්රණකරුවන් බේරා හදිසි නීතිය ක්‍රියාත්මක කරන්නේ කාගේ අවශ්‍යතාවයක් වෙනුවෙන්ද කියලා ඉතාමත් පැහැදිලියි. මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසගෙන් අඩුම තරමින් කටඋත්තරයක් ගන්න බැරි පොලිසියකින්, ආරක්ෂක අංශවලින්, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයෙකුගෙන් ජනතාවට වැඩක් නැහැ. ඒ නිසා අරලියගහ මන්දිරයේ සිට ක්‍රියාත්මක කළ කුමන්ත්‍රණයට සම්බන්ධ අයගෙන් ප්‍රශ්න කළ යුතුයි. ඔවුන් අත්අඩංගුවට ගත යුතුයි. ස්ථාවරභාවයක් ගැන දක්වමින් පාලක පංතියේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාකරන්න හිතන්න එපා. යුක්තිය, සාධාරණය වෙනුවෙන් අරගලය දිගටම පවත්වාගෙන යනවා. රාජ්‍ය මර්දනවලට වඩා ජනතා බලය ඉතාමත් ශක්තිමත් බව ඔවුන් තේරුම්ගත යුතුයි.
මැර ප්‍රහාරය එල්ල කළේ අරලියගහ මන්දිරයට මිනිසුන් කැඳවූ මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන්.
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර

ප්‍රචණ්ඩත්වයට විරුද්ධ සංවිධානයක සාමාජකයෙක් හැටියටත්, නීතිගරුක පුරවැසියෙක් හැටියටත්, අපේ රටේ පොලිස්පතිතුමා අමතා වචන කිහිපයක් කියන්න මට අයිතියක් තියෙනවා. ඒ වගේම පසුගිය 09 වැනිදා සහ ඊට පසුව ඇති වූ සියලු විනාශයන් නිර්මාණය කිරීමට ප්‍රධානත්වය ගත් රාජපක්ෂ පවුලේ ගෝඨාභය රාජපක්ෂ තවදුරටත් බලයේ සිටීම මේ රටේ ජනතාව කිසිසේත්ම පිළි නොගන්නා බවත් කියන්න ඕනෑ. අඩුම වශයෙන් 09වැනිදා ප්‍රහාරයෙන් පසුව ගෝඨාභය රාජපක්ෂට තවදුරටත් මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්න බැරි බව ඔප්පුවී තිබෙනවා. ඒ නිසා ඔහු තවදුරටත් රූකඩ ආණ්ඩු අටවන්නේ නැතිව, ඒ ආණ්ඩු හදාගැනීමේ වගකීම පාර්ලිමේන්තුවට පවරා වහාම ජනාධිපති ධුරයෙන් ඉවත්විය යුතු බව අවධාරණය කරනවා.
මැර ප්‍රහාරය එල්ල කළේ අරලියගහ මන්දිරයට මිනිසුන් කැඳවූ මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන්. ඔහුත් ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු අයත් ප්රචණ්ඩත්වය මතුකර, කතා පැවැත්වූවා. මහින්ද අගමැතිකමින් ඉවත්වීමත්, ඒ වගේම ජ්‍යේෂඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිසට විදේසගතවීම තහනම් කර, අධිකරණ නියෝගයක්දී තිබෙනවා. එයින් කියැවෙන්නේ ඔවුන් රටින් පිටවීම තහනම් කිරීමට තරම් වරදක් කර ඇති බව උසාවිය පිළිගෙන තිබීමයි. උසාවිය නම්කළ අයගෙන්වත් කටඋත්තරයක් ගන්න තරමටවත් පොලිස්පතිවරයා පොලිසිය මෙහෙයවා නැහැ. බලයේ සිටින පක්ෂයේ නියෝගය අනුව වැඩකිරීමයි පොලිස්පති කර තිබෙන්නේ. ඔහුට අණදුන් ප්‍රධාන පුද්ගලයෝ අද ඉන්නේ රටෙන් එපිට තිබෙන දූපතක නාවික හමුදාව යටතේයි. පොලිස්පතිවරයා තාමත් සේවය කරන්නේ එහෙම අයටද කියලා අපි අහනවා. ඒ කවුරුන් හෝ පොලිස්පතිවරයා ආරක්ෂා කරන්න එයි කියලා හිතනවා නම්, ඒක තමන්ගේ ඉරණම තීරණය කර ගැනීමක්. ගෝල්ෆේස් පිට්ටනියට කඩා වැදුණු මැරයන් ඉතාමත් පහසුවෙන් වැළැක්වීමට පොලිසියට හැකියාව තිබුණා. නමුත් එසේ නොකර ප්‍රහාරයට ඉඩදී සිටියා. පූජකයින්ට පවා පහරදුන් අවස්ථාවල පහළ පොලිස් නිලධාරීන් ඒවා වළක්වන්න උත්සාහ කළා. ස්ත්රීන්ට, තරුණයන්ට පහරදුන් ආකාරය පුවත්පත්වල, විද්‍යුත් මාධ්‍යවල තිබුණත් ඒ කිසිම දෙයක් පොලිස්පතිවරයා දකින්නේ නැහැ. ඔහු වහාම ක්‍රියාත්මකවී තිබෙන්නේ ප්රාදේශීයව උද්ඝෝෂණය කළ පිරිස් අත්අඩංගුවට ගන්නයි.
මේ ආකාරයේ ඉතිහාසයකුත් තිබෙනවා. 83 කළු ජූලිය අවස්ථාවේ ද්‍රවිඩ ජනයාට පහරදී මරාදමමින් දේපළ කොල්ලකමින් දියත් කළ ජාතිවාදී මැර ප්‍රහාරයේ සංවිධායකයන් එදා එළිපිට දැක්කා. නමුත් ඒ වගකීම වාමාංශික පක්ෂවලට පටවන්න එදා සිටි ධනේශ්වර පාලකයන් ක්‍රියාකළා. මිරිහාන උද්ඝෝෂණය ගැනත් එදා සිටි ඇමති ප්‍රසන්න රණතුංග රටට කීවේ ජනතා විමුක්ති පෙරමුණ ප්රචණ්ඩ ක්‍රියාකළ බවට සාක්ෂි තිබෙන බවයි. ඒ සාක්ෂි තියනවා කියන ඒවා තාමත් ඔප්පු කර නැහැ. අද ක්‍රියාත්මක වන දේ ගැනත් මේ ආකාරයටම කියයි. ධනේශ්වර ආණ්ඩුවල පැවැත්මේ ප්‍රධාන ලක්ෂණය මේකයි. නමුත් මේ අයට අඩුම වශයෙන් මන්ත්‍රීකමක්වත් කිරීමේ හැකියාව අනාගතයේදී ලැබෙන්නේ නැහැ. ඒ නිසා දැන්වත් නීතිය කාටත් සාධාරණව ක්‍රියාත්මක කරන ලෙස බලකරනවා. එසේ නොකර රූකඩ ආණ්ඩු ඇටවීමෙන් ප්‍රශ්න විසඳිය නොහැකි බවත්, ජනතාව සාමකාමී උද්ඝෝෂණ තවදුරටත් ශක්තිමත් කරන්න සහභාගී වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පළිතුරු :-
ප්රශ්නය:- ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, සමගි ජන බලවේගයත් අගමැතිවරයා සමග සාකච්ඡා කර, එකට වැඩ කරන්න කැමති වුණොත් ඔබලා ගන්න තීරණය මොකක්ද?
පිළිතුරු:- සීනි හොරාත්, බැංකු හොරාත් අටවා ගත්ත මේ රූකඩ ආණ්ඩුවට ජාතික ජන බලවේගය කිසිසේත්ම සම්බන්ධ වෙන්නේ නැහැ. අඩුම ගණනේ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල කතාබහකින්වත් පැමිණි එකඟතාවයක් නොවෙයි, හොර රහසේ මාළිගා කුමන්ත්රණවලින් හදාගත් ආණ්ඩුවක් මේක. කැබිනට් ඇමතිවරුන් හොයමින් මෙහෙයුමක් දැන් ක්‍රියාත්මක වෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහර මන්ත්‍රීවරු ඇමතිකම් ගන්න සූදානම් බව ප්‍රකාශ කර තිබෙනවා. අනෙක් කණ්ඩායම් අතරත් විවිධ උවමනාවන්, වරදාන වරප්‍රසාද ගැන හිතන අය ඉන්නවා. පටු පෞද්ගලික උවමනා වෙනුවෙන් ක්‍රියාකරන අය ඉදිරියේදී තවත් දකින්න පුළුවන් වෙයි. මේ රූකඩ පාලනයට ජනතාවගේ අනුමැතියක් නැහැ. ජාතික ජන බලවේගය ඊට කිසිසේත් සම්බන්ධ වෙන්නේ නැහැ. අද වනවිට ජනතාවගේ දැවෙන ආර්ථික ප්‍රශ්නවලට උත්තර සපයන කෙටි කාලීන වැඩපිළිවෙළක්වත් ඉදිරිපත් කර තිබුණා නම්, ජනතාව සලකා බලන බව අපිට පැහැදිලියි.
ඒ වගේම ප්රජාතන්ත්රවාදී ප්‍රතිසංස්කරණ ගෙන ඒම පිළිබඳවත් කාලරාමුවක් සහිත වැඩපිළිවෙළක් ඉදිරිපත් කර නැහැ. ගෝඨාගෝගමට පහසුකම් දෙන්න රනිල් කමිටු පත්කරනවා. නමුත් සාමකාමී උද්ඝෝෂකයන්ට පහරදීම සම්බන්ධයෙන් සොයා බලන්න කමිටු පත්කර නැහැ. මූනිච්ඡාවට තරුණයන්ව රවට්ටන්න බොනපාට්වාදී තියරිය පාවිච්චිකර තිබෙනවා. ඔහුට පළමුවෙන්ම කරන්න තිබුණු ක්‍රියාමාර්ගය අත්හැරීමෙන් ඔහුගේ භාවිතාව ගැන පැහැදිලියි. සාගල රත්නායක, අකිල විරාජ්, රංගේ බණ්ඩාර, වජිර අබේවර්ධන අයගෙන් කමිටු හදලා දැවෙන සමාජ ආර්ථික ප්‍රශ්න විසඳන්න යනවා. මේ විකාරරූපී පාලනය කොයිවගේද කියලා ඒකෙන්ද පැහැදිලියි. ජාතික ජන බලවේගය ඒ කිසිම දෙයකට සහයෝගය දෙන්නේ නැහැ.
ප්රශ්නය:- ඇමතිවරුන්ගේ දේපළවලට පහරදීම සම්බන්දයෙන් ජාතික ජන බලවේගයේ සාමාජිකයන් සිටින බවට චෝදනා එන්න වෙනවා. ඒ ගැන මොකද කියන්නේ.
පිළිතුර:- මේ පරීක්ෂණවලට මුවාවෙලා සැබෑ ආණ්ඩු විරෝධීන්ව මර්දනය කරන්න ආණ්ඩුව ගෙනයන ක්‍රියාමාර්ග. ඔය කතාව අලුත් දෙයක් නොවෙයි. ජනතාව විරුද්ධවන, නැගිටින සෑම මොහොතකදීම අපිට ඔය වරද පටවනවා. 83දීත් අපිට ඔය වගේ අභූත චෝදනා නගලා පක්ෂය තහනම් කළා. හැබැයි ඔප්පු කරන්න සාධක නැහැ. ඔය චෝදනාව පිළිකුලෙන් අපි හෙලාදකිනවා. දේශපාලන ව්‍යාපාරයක් හැටියට ඔවැනි ප්රචණ්ඩ ක්‍රියා අපි මෙහෙයවලත් නැහැ. මෙහෙයවන්නෙත් නැහැ.
ප්රශ්නය:- ජනතාව පෝලිම්වල දුක් විඳිනවා. මේ ප්රශ්නය විසඳන්න භාර නොගෙන විවේචනය එල්ල කරමින් සිටීමෙන් තවදුරටත් ඒ පීඩනය වැඩිවෙනවා නේද?
පිළිතුර:- මුක්කු ගහලා පැලැස්තර දාලා, මේ ප්රශ්නය විසඳන්න බැහැ. රටේ ආර්ථික ප්රශ්නය විසඳන අභියෝගය භාර ගන්න අපි සූදානම්. එහි නායකත්වය ගන්න අනුර දිසානායක සහෝදරයා ඇතුළු ජාතික ජන බලවේගය අදත් සූදානම්. අපිට ඒ වෙනුවෙන් වැඩපිළිවෙළක් ප්‍රතිපත්තියක් තිබෙනවා. මේ අර්බුදයට තියෙන එකම විසඳු ජනතාවට කැමති පාලනයක් ගොඩනගාගන්න අවස්ථාව දීමයි. එහෙම නැතු අටවාගන්න ආණ්ඩුවලින් මේ ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් හොයන්න බැහැ. අනික රනිල් වික්‍රමසිංහ තවමත් ජනතාවට සහන සලසන්න හෝ ප්රජාතන්ත්රවාදී ප්‍රතිසංස්කරණ සඳහා කිසිම යෝජනාවක් හෝ වැඩපිළිවෙලක් රටට කියලා නැහැ.
ප්රශ්නය:- එල්.ටී.ටී.ඊ. සංවිධානය ප්‍රහාරයකට සූදානම් වන බව බුද්ධි වාර්තා තිබෙන්නේ යැයි, හින්දු පුවත්පත තිබෙන්නේ යැයි වාර්තාකර තිබුණා. ඒ සම්බන්ධයෙන් ඔබේ පක්ෂයේ මතය මොකක්ද?
පිළිතුර:- මෙයට පෙරත් ඉන්දීය මාධ්‍යවල ඔවැනි ප්රවෘත්ති පළ වුණා. නමුත් ඉන්දීය රහස් ඔත්තු සේවාවන් ලංකාවේ බුද්ධි සේවාවලට අපි දන්නා තරමින් එවැනි තොරතුරක් දීලා නැහැ. ඒ නිසා මේ මොහොතේ ජනතාවගේ ඇතිවෙලා තිබෙන දැවෙන ඇත්ත ප්‍රශ්න යටගහන්න ගේන සැලසුම් සහගත ප්රවෘත්ති වෙන්න පුළුවන්. මේක ඔය වර්ගයේ පළවෙනි ප්‍රවෘත්තිය නොවෙයි. මෙයට පෙරත් ඉන්දීය මාධ්‍යවල ඔවැනි ප්රවෘත්ති පළවුණා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දියන් ඔත්තු සේවය කෙලින්ම ලංකාවේ ජාතික බුද්ධි අංශයට කෙලින් තොරතුරු දුන්නා. එහෙම තොරතුරක් වාර්තාවෙලා තිබෙනවාද කියලා අපි දන්නේ නැහැ. ආරක්ෂක අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් තොරතුරු හෙළිකරන්න ඕනෑ.