විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා තෝරාගෙන සිටින සිසු සිසුවියන් විශ්වවිද්‍යාලවලට අනුයුක්ත කිරීමේ නාමලේඛනය මේ වන විටත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් ලබා දී නොමැති බව හෙළි කළේ ය.
ලබන මාර්තු මාසයේ නවක විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා පාඨමාලා ආරම්භ කිරීමට ක්‍රියා කරමින් සිටිය දී, අදාළ පාඨමාලාවලට තේරී පත් වුණු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ නාමලේඛන අදාළ විශ්වවිද්‍යාලවලට ලබා නොදීම බරපතළ තත්ත්වයක් බවත් පෙන්වා දුන්නේ ය. මේ නිසා දැනටමත් අඩපණ කර තිබෙන රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තව දුරටත් අඩපණ කර දරුවන්ගේ අනාගතය සමඟ සෙල්ලම් නොකරන ලෙසට අදාළ බලධාරීන්ට මෙහි දී අවධාරණය කරනු ලැබී ය.
මෙයට මාස තුනකට පෙර විශ්වවිද්‍යාල සඳහා තෝරා ගත් සිසු සිසුවියන්ගේ නාමලේඛන අදාළ විශ්වවිද්යෘලවලට ලබා නොදීම හිතාමතා ම සිදු කරන්නක් දැයි සැකයක් මතු වන බව පැවසී ය.
ඊට අමතරව ප්‍රජාතන්ත්‍රවාදීව ක්‍රියාත්මක වන විපක්ෂයේ දේශපාලන කටයුතුවලට පෞද්ගලික ආරක්ෂක සේවාවලට සම්බන්ධ මැර කණ්ඩායම් යොදවා ප්‍රහාර එල්ල කිරීම බරපතළ තත්ත්වයක් බව පෙන්වා දුන්නේ ය. මේ වන විටත් සීමා කර තිබෙන ප්රජාතන්ත්රවාදී අවකාශය රාජ්‍ය ඇමැතිවරුන්ගේ පුතුන්ගේ මැදිහත් විමෙන් විශ්වවිද්‍යාල නේවාසිකාගාරවලට කඩාවැදීම දක්වා දුරදිග ගොස් තිබෙන බවට පෙන්වා දුන්නේ ය.