Home News Sinhala ළමා රක්ෂණය වෙනුවෙන් පරිපූර්ණ නීති ප්‍රතිසංස්කරණයක් ඕනෑ

ළමා රක්ෂණය වෙනුවෙන් පරිපූර්ණ නීති ප්‍රතිසංස්කරණයක් ඕනෑ

by Ravinath Wijesekara

“ළමා රක්ෂණය වෙනුවෙන් තැන තැන නීති ප්‍රතිසංස්කරණ වෙනුවට පරිපූර්ණ ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය යැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි, ආචාර්ය හරිනි අමරසූරිය පැවැසුවාය. වැඩිදුරටත් කතා කළ මන්ත්‍රිවරිය මෙසේද පැවැසුවාය. “ළමා රක්ෂණය සම්බන්ධ නීති සංශෝධනය කරද්දී වැදගත් වෙන්නේ පොඩි පොඩි වෙනස්කම් කිරීම පමණක් නොවේ. මේ නෛතික ප්‍රතිසංස්කරණ කිරීම ඉතා වැදගත්. ළමා රක්ෂණ ආයතන ඉතා අපහසුතාවයෙන් කටයුතු කරන බව පේනවා. විශේෂයෙන්ම ඒවාට මූල්‍ය හා ප්‍රතිපාදන වෙන් කිරීමටත් අවශ්‍ය නීති සම්පාදනය හා සංශෝධනය කිරීමේදී නීති එකිනෙක ගැටීම හා ක්‍රියාත්මක කරද්දී පවතින ගැටලු ගැන අපි නිවැරදිව සොයා බැලිය යුතුයි. මේ ආයතනවල සම්පත් දිනාගැනීමට දශක ගණනක් මිනිස්සු සටන් කර තිබෙනවා. මා දැඩි ලෙස ඉල්ලා සිටිනවා මෙවන් නීති හැටියට පමණක් නොවේ, නීති ක්‍රියාත්මක කර ගැනීමේදීද විශේෂ සැලකිල්ල යොමු කළ යුතු බව.වහාම මේ ආයතන සඳහා ප්‍රමාණවත් මුදල් වෙන් කළ යුතු බවත් මා සඳහන් කරනවා. විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් නියාමන යාන්ත්‍රණයද සමාලෝචනයක් කළ යුතුයි. ළමයින්ගේ නඩුවල විශාල ප්‍රමාදයකුත් තිබෙනවා. ළමයින් පුනරුත්ථාපන ක්‍රියාවලියේදී විශේෂ අඩුපාඩු තිබෙනවා. උපදේශන ක්‍රියාවලිය අනිවාර්යෙන්ම ශක්තිමත් කළ යුතුයි. තැනින් තැන ප්‍රතිසංස්කරණ වෙනුවට පරිපූර්ණ ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය බවට මා යෝජනා කර සිටිනවා.”

You may also like

Leave a Comment