by admin

ජාතික ජන බලවේගය

අපි ගැන

ජාතික ජන බලවේගය

හැඳින්වීම

ජාතික ජන බලවේගය විද්වතුන්, වෘත්තිකයින්, විද්වත් සංවිධාන, දේශපාලන පක්ෂ, කලාකරුවන් හා කලා සංවිධාන, පරිසරවේදීන්, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන ඇතුළු ප්‍රගතිශීලී සංවිධාන රැසකින් සමන්විත පුළුල් මහජන ව්‍යාපාරයකි.

මෙම පුළුල්තම දේශපාලන ව්‍යාපාරය මැතිවරණවල දී පමණක් වාසිය සඳහා එක්වන, මැතිවරණවලින් පසුව වෙන්වන, ජනතාව රවටන, ජනතාව පාවාදෙන, ජනතාව බිලිදෙන, දූෂිත දේශපාලන සංස්කෘතිය වෙනුවට පොදු ජනතාව අත සැබෑ ලෙසම බලය රැඳෙනු පිණිස, පොදු ජනතාව සැබෑ ලෙසම දිනවනු පිණිස බිහිකරගත් දිගුකාලීන අරමුණු මත කටයුතු කරයි.

ජාතික ජන බලවේගය තුළ ප්‍රගතිශීලී සංවිධාන රැසකට අමතරව ස්වාධීන සමාජ ක්‍රියාධරයෝ ගණනාවක් ද මෙහි පෙරමුණු බලඇණිය ලෙස ක්‍රියාකරති. ජාතික ජන බලවේගය තුළ සියලුම සංවිධානවලට ඇත්තේ සමාන නියෝජනයකි. පොදු බව ආරක්ෂා කර ගැනීම එහි ප්‍රමුඛතම අරමුණයි.

ජාතික ජන බලවේගය වටා තවත් සංවිධාන හා කණ්ඩායම් එකතු වෙමින් සිටින අතර මෙම මහජන ව්‍යාපාරය පුළුල් කර ගැනීම සඳහා අවශ්‍ය සංවාදය සිදු වෙමින් පවතී. රටේ පුළුල්තම මහජන ව්‍යාපාරය බවට පත්වීම සඳහා එය තවදුරටත් විවෘතය.