නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමටත්, අධ්‍යාපනය මිලිටරිකරණය කිරීමටත් ගෙන එනු ලබන කොතලාවල පනත හකුළාගන්න ලෙස ආණ්ඩුවට බල කරමින් අද (17) දින ජාතික ජන බලවේගය කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවති විරෝධතාවය.එම අවස්තාවට අනුර කුමාර දිසානායක, ටිල්වින් සිල්වා, මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, ආචාර්ය හරිනි අමරසූරිය, හිටපු අමාත්‍යංශ ලේකම් අශෝක පීරිස්, නීතිඥ හර්ෂණ නානායක්කාර, මහින්ද රත්නායක ඇතුළු ජාතික ජන බලවේගය නියෝජනය කරන පිරිසක් සහභාගී විය.
Jayakody PSK
ආණ්ඩුව ගෙනයන දුර්දාන්ත ක්‍රියාමාර්ගවලට කලාකරුවන්ගේ පූර්ණ විරෝධය පළකරන බව ජනනියමු කලාකරුවෝ සංවිධානයේ මෙහෙයුම් මණ්ඩල සාමාජික, සාහිත්‍යවේදී කීර්ති වැලිසරගේ ඊයෙ (14දා) ජවිපෙ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය.
ඒ මහතා වැඩිදුරටත් දැක්වූ අදහස් මෙසේය.
“රටේ අපි මුහුණ දෙන වර්තමාන තත්ත්වය පිළිබඳව ජනනියමු කලාකරුවෝ හැටියට, සංවේදී මිනිස්සු පිරිසක් හැටියට අපේ ප්‍රතිචාරය මොකක්ද කියලා ජනතාව දැනුවත් කරන්න මෙම මාධ්‍ය හමුව පවත්වනවා. හැම පැත්තෙන්ම ඇතිවී තිබෙන ප්‍රශ්න සාමාන්‍ය මනුෂ්‍යයන්ට තව දුරටත් ඉවසන්න පුළුවන්ද කියන තත්ත්වයට ඇවිල්ල තියෙන්නේ. සමාජයේ ජීවත්වෙන මිනිසෙක් විදිහට නීති විරෝධී කටයුතුවලට, සදාචාර විරෝධී කටයුතුවලට යොමු නොවී මනුෂ්‍ය ගරුත්වය රැකගෙන ජීවත්වෙන්න පුළුවන්ද කියන තැනට ඇවිල්ල තියෙන්නේ.
මොහොතින්, මොහොත මනුෂ්‍ය ගරුත්වය උල්ලංඝනය කරන තත්ත්වයක් තියෙන්නේ. ආණ්ඩුවේ සමීපතමයන් සහ ඔවුන්ගේ වටේ ඉන්න සුළු පිරිසක් හැර අනෙක් සියලු දෙනාගේ ජීවත් වීමේ අයිතිය අහෝසි වුණාට කමක් නැහැ කියන ආකාරයෙන් තමයි ආණ්ඩුව ක්‍රියා කරන්නේ. මේ සිද්ධවෙන දේවල් ගැන ඇහැ කන පියාගෙන තවදුරටත් ඉන්න බැරි තත්ත්වයකට ඇවිල්ලා තියෙන්නේ. කලාකරුවෝ විතරක් නෙවෙයි, සමාජයේ යුක්තිගරුක, නීතිගරුක සියලු ක්ෂේත්රවල පුරවැසියන්ට මේ තත්ත්වය අභියෝගයක් වෙලා තියෙන්නේ. ඒ වගේම ආණ්ඩුවට බරපතළ විරෝධයක් මතුවෙලා තියෙන්නේ.
ආණ්ඩුවේ ඇමැතිවරුන් ගුරුවරුන්ට “කාලකණ්ණි” කියන තත්ත්වයක් ඇවිල්ලා තියෙන්නේ. ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගත්ත මනුෂ්‍යයෙක් කරන ප්‍රකාශයක් නෙවෙයි ඒක. නමුත් ගුරුවරුන්ට කාලකණ්ණි කියන තත්ත්වයට ආණ්ඩුව පත්වෙලා.
ජනනියමු කලාකරුවෝ සංවිධානයේ මෙහෙයුම් මණ්ඩල සාමාජික, සාහිත්‍යවේදී කමල් පෙරේරා
“ආණ්ඩුව එක පැත්තකින් ගොවි ජනතාව මර්දනයකට පත්කරමින් ඉන්නවා විතරක් නෙවෙයි, ඊටත් වඩා බරපතළ සාගතයකට පත්කරමින් ඉන්නවා. ගොවි ජනතාවට එල්ල කරන ප්‍රහාරය මඟින් සමස්ත රටම සාගතයකට ඇදදමා තිබෙනවා. අයිතිවාසිකම් ඉල්ලන කම්කරුවන් සහ ශිෂ්‍යයන් මර්දනය කරමින් සිටිනවා. වැඩ කරන අපේ විරුවා, ඇමෙරිකානු විද්‍යාත්මක දැනීම වගේ ආදර්ශ පාඨ කියලා අරගෙන ආපු විරුවා අද විහිළුකාරයෙක් බවට පත්වෙලා ඉන්නවා. ඔහුගේම පක්ෂයේ සගයන් කියන හැටියට ෆේල් වෙලා. මූලික ප්‍රශ්න එකක්වත් විසඳාගන්න බැරිව අසරණව පවුලේ වෙනත් ගැලවුම්කරුවන් සොයාගෙන යනවා. බැසිල් රාජපක්ෂ වගේ පරාජිත, දුර්වල, කෙනකුට බලය ලබාදී තිබෙනවා. ඒකෙන් අදහස් කෙරෙන්නේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අසාර්ථක බවයි. ජාති, ආගම්, කුල භේද නොතකා ලක්වැසියන්ගේ අයිතීන් වෙනුවෙන් ජනනියමු කලාකරුවෝ මේ ප්‍රශ්න සාකච්ඡා කරනවා.
සමාජයේ ඉදිරිගාමී කණ්ඩායම් හැටියට, සමාජය ගැන වඩා සංවේදී කණ්ඩායමක් හැටියට කලාකරුවන් හඳුුන්වනු ලබනවා. එහෙම නම් අපි ඉස්සෙල්ලාම කලාකරුවන්ට ආයාචනය කරන්න කැමැතියි. මේ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා කලාකරුවන් පිරිසක් විශාල කාර්යභාරයක් ඉටුකළා. 69 ලක්ෂයක් ජනතාව ඇහුවේ ඔවුන් කියපු දේ. ඒ නිසා ඒ කලාකරුවන්ට අද සාධාරණ යුතුකමක් සහ වගකීමක් තියෙනවා ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටින්න. හෘදය සාක්ෂියක් තියෙනවා නම් ඒ කලාකරුවන් ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න ඕනෑ. ජනනියමු කලාකරුවෝ හැටියට අපි ජනතාව ඉදිරියට ඇවිල්ලා සිදුකරන්න යන විනාශය ගැන කීවා. මේ රට පැමිණි ගමන් මාර්ගය වෙනස් කළ යුතු බව අවධාරණය කළා. මේ වගේ පසුබිමක හෘදය සාක්ෂියක් තියෙන කිසිම පුරවැසියකුට නිහඬව ඉන්න පුළුවන්ද? අනාගත පරම්පරාවේ සාපය විඳින්න කැමැති අයට විතරයි මේ මොහොතේ නිහඬව ඉන්න පුළුවන්.
ජනනියමු කලාකරුවෝ සංවිධානයේ මෙහෙයුම් මණ්ඩල සාමාජික, මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි
“1943 නිදහස් අධ්‍යාපන පනත ගෙන ආ අවස්ථාවේ කන්නන්ගර ශ්‍රීමතාණන් කියූ අදහසක් මතක් කරන්න ඕනෑ. “මම මේ පනත ගෙනාවේ විශාල පරිශ්‍රමයක් දරලා. හැබැයි ඒක රැකගන්න ඔබට ඊටත් වඩා බරපතළ පරිශ්‍රමයක් දරන්න සිදුවේවි” කියලා කීවා. අපි මුහුණදී ඉන්නේ ඒ වැකිය යථාර්ථයක් බවට පත්වෙන මොහොතට. මේ පනත තුළ තිබෙන ප්‍රබල තැන් කිහිපයක් සාමාන්‍ය ජනතාව වෙත පැහැදිලි කළ යුතු වෙනවා. කොතලාවල පනත පරාජය කළා කියලා ලංකාවේ නිදහස් අධ්‍යාපන ගැටලු විසෙඳෙන්නේ නැහැ. දැනටත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අනුමැතියට යටත්ව විවිධ පෞද්ගලික අධ්‍යාපන ආයතන පවත්වාගෙන යනවා. එහෙම තියෙන තැනකට ප්‍රකම්පනීය අර්ථකාරී පනතක් දැන් ගෙනත් තිබෙනවා. ජාතික ජන බලවේගයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය කවරාකාරද කියලා විශිෂ්ට ආකාරයෙන් කෙටුම්පත් කර ජනතාවට ඉදිරිපත් කළා. එය නැවත කියවා බලන ලෙස මම ඉල්ලා සිටිනවා.
මුදල් තියෙන අයට ඒ මුදල් යොදවලා උපාධියක් ලබාගන්න තිබෙන අවස්ථාවට අපි විරුද්ධයි කියලා මතයක් නිර්මාණය කරමින් යනවා. නමුත් අපේ ප්‍රතිපත්තියේ රාජ්‍ය පංගුව සහ පෞද්ගලික පංගුවේ ස්වභාවය පැහැදිලිව දක්වා තිබෙනවා. එය ඉතාම නිරවුල්. දැන් අපිට දොස් කියන අයගේ දරුවන්ට මුදල් ගෙවලා අධ්‍යාපනය ලැබීමේදී හමුදා නියෝග ඉදිරියේ දණ ගහන්න සිද්ධ වෙන පනතක් කොතලාවල විශ්වවිද්‍යාල පනත නමින් ගෙනත් තියෙන්නේ. මේක ක්‍රියාත්මක වුණොත් අනාගතයේදී මුදල් ගෙවලා ඉගෙනගන්න බලාපොරොත්තු වන පුරවැසියන්ට ඉතාමත් කනගාටුදායක තත්ත්වයකට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. මේ පනතෙන් සිද්ධ කෙරෙන බලවත් මිලිටරිකරණය සහ මුදල් ගෙවීම යන කරුණු දෙක පැහැදිලි කරන්න ඕනෑ.
අප මේ කරන පුවත්පත් සාකච්ඡාව ලංකාවේ ඓතිහාසික සාකච්ඡාවක් වෙයි කියලා මම විශ්වාස කරනවා. මේ පනත සම්මත කරගතහොත් උසස් අධ්‍යාපනයට උරුම වන ඛේදවාචකය අප සියල්ලන්ටම බලාගන්න හැකි වේවි.
1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ කුමක් සඳහන් වුවද එය නොතකා ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට ක්‍රියා කිරීමේ හැකියාව තිබෙනවා. මේ ආයතනයේ පාලක මණ්ඩලය ක්‍රියා කළ යුතු වන්නේ ජාතික ආරක්ෂාව භාර ඇමැතිවරයාගේ නියෝගවලට අනුවයි. ඇමැතිවරයා එක්ක සාකච්ඡා කර තීරණය ගැනීමේ බලයක් පාලක මණ්ඩලයට නැහැ. නියෝග ක්‍රියාත්මක කිරීම පමණයි තියෙන්නේ. හමුදාව කියන්නේ අණ පිළිපැදීමයි. ඒ අනුව අමාත්‍යවරයා විසින් පාලක මණ්ඩලයට නියෝග කරන සියලු පියවරයන් ප්‍රශ්න කිරීමකින් තොරව ක්‍රියාත්මක කළ යුතුයි. මේ විශ්වවිද්‍යාලය ඇතුළේ බෞද්ධ සමිතියක්වත් හදන්න වෙන්නේ නැහැ. මේ විශ්වවිද්‍යාලයේ නිලධාරීන් හැටියට පත් කරන සියලු දෙනා හමුදා නිලධාරීන්. ජනාධිපතිවරයා විසින් මේ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා හැටියට පත් කරන්නේ සන්නද්ධ හමුදාවක ජෙනරාල්වරයෙක්. මේ පත්කරන උපකුලපතිවරයා හේතු නොදක්වා ඕනෑම වෙලාවක තනතුරෙන් ඉවත් කළ හැකියි. ඒ වගේම සහායක නිලධාරි යනුවෙන් ප්‍රබල චරිතයක් තියෙනවා. ඔහු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ලුතිනන් කර්නල්වරයකු විය යුතුයි. මේ සහායක නිලධාරියා අවි, පුපුරණ ද්‍රව්‍ය සහ අවි ආයුධ වගේම යුද්ධමය ද්‍රව්‍ය භාරව සිටිය යුතු බව සඳහන් වෙනවා. එතකොට මේක විශ්වවිද්‍යාලයක්ද?
සරත් වීරසේකර අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කීවේ යුද්ධ, නාය යන අවස්ථාවල ආධාර කරන්න, ළිං ඉහින්න හමුදාව හොඳයි නම් ඒ හමුදා නිලධාරියකුට පී.එච්.ඩී. එකක් දෙන එකට විරුද්ධ වෙන්නේ කුහකකමට කියලා. තිබෙන ප්‍රතිපාදන කොමිසම ස්වාභාවික මරණයට පත්කරලා ජාතික විශ්වවිද්‍යාල 15ම ක්‍රමානුකූලව මරණයට පත්කරන පනතක් සම්බන්ධයෙන් ඇමැතිවරයකු නිර්වචනය කර තිබෙන්නේ මේ විදිහට.
විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඇතුළත් කර ගැනීමේ නිර්ණායක, මහාචාර්ය පදවි, ජේයෂ්ඨ මහාචාර්ය පදවි, කථිකාචාර්ය ආදී සියලු තනතුරු ඇති කිරීම හෝ අවලංගු කිරීමේ බලයත් මේ හමුදා මණ්ඩලයට පැවැරෙනවා. කරුණා කරලා මේ තොරතුරු ජනතාව අතරට ගෙනයන්න. වැරදි අර්ථකථන ලබාදෙන්න තියෙන ඉඩ අහුරන්න. අධ්‍යයන කාර්යමණ්ඩල වගේම අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සුදුසුකම් තීරණය කිරීමත් මේ පාලක මණ්ඩලයට ලබාදී තිබෙනවා. මේ පනතෙන් කෘත්‍යමය ආයතන හතරක් ස්ථාපනය කෙරෙනවා. මූලස්ථානය, සභාව, සනාතන සභාව සහ පීඨ මණ්ඩලය. මූලස්ථාන හමුවෙන්නේ මීට පෙර දේශපාලන පක්ෂයක නැත්නම් හමුදාමය ව්‍යුහයක. විශ්වවිද්‍යාලයේ සාජන් මේජර් කියලා තනතුරක් ඇති කරනවා. සභාව කියන එකේ ඉන්නේ උපකුලපතිවරයා, නියෝජ්‍ය උපකුලපතිවරයා, මණ්ඩප ප්‍රධානීන් සහ ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදාවල පුහුණු අධ්යක්ෂවරුන් වගේම එක් එක් පීඨයේ පීඨාධිපතිවරුන් සහ සාජන් මේජර් කියන නිලධාරීයා හැම තැනකම ඉන්නවා. ඒ වගේම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයකු ලෙස හෝ සේවා නියුක්තියකු ලෙස ආරක්ෂක අංශවලට තොරතුරු ලබාදෙන යම් තැනැත්තෙක්ද ඇතුළත් කරන්න ප්‍රතිපාදන තිබෙනවා.
කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය 100%ක් නසා දමන පනතක් බව ඉතාම හොඳින් තහවුරු වී තිබෙනවා. මේ වනවිට මුහුණදී සිටින කොවිඩ් වසංගතය පවා ජය ගත්තේ නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍යය නිසා. ඒ හැර කොවිඩ් වසංගතය ජයගත් බව කියන දේශපාලනඥයන් නිසා නොවේ. ඒ නිසා මේ රටේ ආදරණීය ජනතාවට කලාකරුවන් හැටියට සහ සිවිල් බුද්ධිමතුන් හැටියට ආයාචනය කරලා කියන්නේ මේ පනත සම්මත වෙන්න දෙන්න එපා කියලා. පාර්ලිමේන්තුවේ බල ව්‍යුහය ඇතුළේ මීට විරුද්ධ වෙන්න ඉන්නේ දෙතුන් දෙනයි. මේ පනත පරාජය කිරීමේ හැකියාව තියෙන එකම ව්‍යුහය මේ රටේ පුරවැසියන්. ඔවුන් බළමුළු ගැන්විලා ආණ්ඩුවට බලකර මේක පරද්දන්න ඕනෑ. ඔබේ දරුවන්ගේ අධ්‍යාපනය, රටේ උසස් අධ්‍යාපනය 100%කින් මිලිටරිකරණය කරන පනත වළක්වා ගන්න කියලා ඉතාමත්ම ඕනෑකමින් ඉල්ලා සිටිනවා.”
ජනනියමු කලාකරුවෝ සංවිධානයේ මෙහෙයුම් මණ්ඩල සාමාජික, රංගන ශිල්පිනී දීපානි සිල්වා
අපේ ප්‍රධාන ආහාරය වන බත්, එළවළු සහ මාළු නිෂ්පාදනය කර දෙන ගොවීන් සහ ධීවරයන් සටන් මඟට යොමුකර තිබෙනවා. ඔවුන්ගේ ජීවිත පවා පවත්වාගෙන යන්න බැරි තත්ත්වයකට පත්කර තිබෙනවා. ඔවුන් ඉල්ලන්නේ රටේ ජනතාවට ආහාර ලබාදෙන්න අවශ්‍ය මූලික සාධක ටික. නමුත් ඒවාවත් ලබා නොදී උද්ධච්ච කතා කිය කිය ඉන්න ආණ්ඩුවක් මේක. පාලකයන්ගේ අවශ්‍යතා ජනතාවගේ අවශ්‍යතාවලට වඩා වෙනස්. ඒ වගේම පාලකයන්ගේ දරුවන්ගේ අධ්‍යාපනයට වඩා ජනතාවගේ දරුවන්ගේ අධ්‍යාපනයේ අවශ්‍යතා වෙනස්. මා ප්රමුඛ වීදි නාට්‍ය කණ්ඩායම ආචාර්ය ගාමිණී හත්තොටුවගමයන්ගේ මෙහෙයවීමෙන් රාගම පෞද්ගලික වෛද්‍ය විශ්වවිද්‍යාලයට විරුද්ධව ශිෂ්‍ය සටනත් එක්ක එකට සිට අරගල කළා. එදා ඉඳලාම අපි ශිෂ්‍යයන්ගේ සහ මහජනතාවගේ අරගල භූමියේ ඉන්නවා. යුක්තිය, සාධාරණය වෙනුවෙන් ඕනෑම අවස්ථාවක පෙනී සිටිනවා. ඒක අපේ අයිතියක්.
– අනුරාධා හේරත් (www.mawbima.lk)
ආණ්ඩුව පළාත් සංචරණ සීමා පමණක් දීර්ඝ කර ඇත්තේ කොළඹට දැවැන්ත විරෝධතා රැලි පැමිණෙතැයි යන බියට බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි ආචාර්ය හරිනි අමරසූරිය පැවැසුවාය.
එසේ නොමැතිව කොවිඩ් – 19 මර්දනය කිරීමේ සද්භාවයෙන් ආණ්ඩුව ක්‍රියා නොකරන බවද මන්ත්‍රිවරිය “මව්බිම”ට ප්‍රකාශ කළාය.
සංචරණ සීමා ඉවත් කර රට සාමාන්‍ය තත්ත්වයකට ගෙන ඒමට කටයුතු කරනවා නම් අනිවාර්යයෙන් එන්නත්කරණ වැඩපිළිවෙළ කඩිනමින් හා නිසියාකාරව සිදුවිය යුතු බව පවසන අමරසූරිය මහත්මිය තවදුරටත් පෙන්වා දුන්නේ ආණ්ඩුවේ දිනෙන් දින තීරණ හා සැලසුම් වෙනස් වීම මත මෙතෙක් එන්නත්කරණය ගැන විශ්වාසයක් ගොඩනැඟී නැති බවයි.
රැකියා හා වැටුප් ප්‍රශ්න ඇතුළු ආර්ථික කරුණු හේතුවෙන් මේ වනවිට බොහෝ ක්ෂේත්රවල විරෝධතා මතුව ඇති බවත් ආණ්ඩුවේ සියලු පැති අසාර්ථක බවත් ඇය වැඩිදුරටත් පැවැසුවාය.
“මේ තරම් කාලයක් රැකගත් නිදහස් අධ්‍යාපනය විකෘති කරන්න දෙන්න එපා” – ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුව අමතා කළ කතාව සම්පූර්ණයෙන් (වීඩියෝ)
කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල (KNDU) පනත් කෙටුම්පත හමුදාව යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය පුද්ගලීකරණය කිරීමට ගන්නා වූ උපක්රමික උත්සාහයකි.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය කියා සිටියේ අදාළ පනත සම්මත වුවහොත් උසස් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව දැනටත් වඩා වරප්‍රසාදයක් බවට පත් වනු ඇති බවය.
“මෙය හමුදාව පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. රටකට හමුදාවක් තිබෙනවා, ඒ හමුදාවට නිශ්චිත වගකීමක් තිබෙනවා. නමුත් හමුදාවට අයිති නැති වැඩත් තිබෙනවා. මේක හමුදාවට දෙන ගරුත්වයක් හෝ වෙන කිසියම් දෙයක් නෙමෙයි. මේ තමන්ගේ වෙන අරමුණක් සඳහා හමුදාව පාවිච්චි කිරීමක්.”
පාලන තන්ත්රයේ අපකීර්තිය වැඩි වන විට, වැඩි වැඩියෙන් ජනතාව රජයේ ප්‍රතිපත්තිවලට එරෙහිව හඬ නැගීමට ප්‍රජාතන්ත්‍රවාදීව සංවිධානය වී තිබේ. මහජනයාගේ හඬට අවනත නොවී ඔවුන්ගේ ප්‍රශ්නවලට ප්‍රතිචාර දැක්වීම වෙනුවට, මෙම පාලන තන්ත්රය විසින් ක්‍රියාකාරීන් සහ මහජනතාව බලහත්කාරයෙන් නිරෝධායනය සඳහා යැවීමට පොලිසිය යොදවනු ලැබීය. කොවිඞ් පැතිරීම කළමනාකරණය කිරීම සඳහා බැලූ බැල්මට සංචරණ සීමා කිරීම සඳහා ගත් පියවරක් ලෙස රජය විසින් මහජන රැස්වීම් සහ උද්ඝෝෂණ තහනම් කරමින් පැහැදිලිවම ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. එහෙත්, මාස ගණනාවක් තිස්සේ සංචාරක, නිදහස් වෙළඳ කලාප, ඉදිකිරීම් යනාදිය ඇතුළුව බොහෝ ආර්ථික අංශ විවෘතව පවතී. මෙම ප්‍රදේශවල සේවය කරන බහුතරයකට එන්නත ලබා දීමට ප්‍රමුඛත්වය දී නොමැත. හැකි ඉක්මනින් රට විවෘත කිරීම ඔවුන්ගේ උපාය බව ද රජය අවධාරණය කර තිබේ. මේ අනුව, විරෝධතා සඳහා පනවා ඇති සීමාවන් කොවිඞ් 19 කළමනාකරණය හෝ වසංගතය පාලනය කිරීම සම්බන්ධයෙන් රජයේ පොදු ප්‍රතිපත්තියට අනුකූල නොවන බව ඉතා පැහැදිලිය. ඊට හාත්පසින්ම වෙනස්ව, මෙම පියවරයන් බලයේ රැඳී සිටීම සඳහා වූ අවසාන උපක්‍රම ද විරෝධය දැක්වීම හිතාමතාම සහ නීති විරෝධී ලෙස මර්දනය කිරීමේ ද අවසාන උත්සාහයයි.
As the regime’s unpopularity increases, more and more people have been democratically organising to raise their voices against government policies. Rather than heeding the voices of the public and responding to their issues, this regime has deployed the police to forcibly send activists and members of the public into quarantine. The government has also issued a gazette expressly forbidding public gatherings and demonstrations as a measure taken to restrict movements ostensibly for managing the spread of COVID. Yet, for many months now certain economic sectors have been open including tourism, free trade zones, construction etc. even though the majority of those working in these areas have not been prioritised for vaccination. The government has also insisted that their strategy is to open the country up as soon as possible. Thus, it is very clear that the restrictions placed on protests are not in line with the government’sgeneral policy with regard to the management of Covid-19 or the containment of the pandemic. In contrast, these measures are despicable attempts to deliberately and unlawfully suppress dissent as its last desperate ploy to remain in power.
අපේක්ෂා භංගවූ පොදුජන පෙරමුණේ අනුගාමිකයන් තුළ අපේක්ෂා දැල්වීම පිණිස ජනාධිපතිවරයා ප්රමුඛ පවුලේ ආණ්ඩුව මේ දිනවල අසාර්ථක උත්සහයක නිරත වී සිටිති. සිදුවීමට නියමිත බැසිල් රාජපක්ෂගේ පාර්ලිමේන්තු ආගමනය මෙම අසාර්ථක උත්සහයේ තවත් නාටකයකි. බැසිල් රාජපක්ෂ යනු පතුලක් නොපෙනෙන අගාධයකට රූටා යන ශ්‍රී ලංකාව එයින් මුදවා ගැනීමේ ගැලවුම්කරුවා ලෙස රූපාන්තරණය කිරීමට ද රාජපක්ෂ හිතවාදි මාධ්‍යකරුවෝ මහන්සි ගනිති. පුද්ගල කේන්ද්‍රීය ගැලවුම්කරුවෙකු වෙනුවට රට බංකොලොත්වීම කල්දමා ගතහැකි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පිහිට පැතිම හැර බැසිල් රාජපක්ෂට ද අන් සරණක් නැත. පුන්‍ය ආයතනයක් නොවන මූල්‍ය අරමුදල ගෙවුම්ශේෂ අර්බුදයට මුහුණපා සිටින සාමාජික රටවලට අඩුපොලියට ණය දෙන බව ප්‍රකට ය. එහෙත් ප්රශ්නය මතුවන්නේ වෙනත් වංගුවකින් රට බංකොලොත් කරන ඒ ණය සමග එන කොන්දේසි සම්බන්ධයෙනි.
නවසිය අසූ ගණන්වල ණය අර්බුදයට ප්‍රතිචාරයක් ලෙස ලතින් ඇමෙරිකාවේ සංවර්ධනය වෙමින් පැවති රටවල් අනුගමනය කළේ ද මූල්‍ය අරමුදලේ ඔය ප්‍රතිපත්ති මාලාවය. සංවර්ධන උපාය මාර්ගයක් ලෙස “වොෂින්ටන් සම්මුතිය” යටතේ ජනතාවට ලබාදෙන සහන කප්පාදුව හා රජයේ දේපොල විකිණීම ඉහත කී කොන්දේසිවලට ඇතුළත් වේ. රටේ විශේෂිත ගැටළු මොනවා උනත්, ජාත්‍යත්තර මූල්‍ය අරමුදලේ මග පෙන්විම යටතේ සංවර්ධන උපාය මාර්ගයක් ලෙස ලතින් ඇමෙරිකාවේ භාවිතයට දැමූ එම උපාය මාර්ගය අසාර්ථක වූ බව කවුරුත් දනිති. මැක්සිකෝව හා ආර්ජන්ටිනාව බංකොලොත් උනේ ද ඔය සංවර්ධන උපාය මාර්ගය හේතුවෙනි. චීනයට රට විකුණන ඊනියා දේශප්‍රේමි රාජපක්ෂ පවුල් පාලනයට පාර කැපෙන්නේ ද මූල්‍ය අරමුදලේ මග පෙන්විම යටතේ ක්‍රියාත්මක වූ බටහිර අධිරාජ්‍යවාදි වැඩපිලිවෙල නිසා බව සිහිපත් කළ යුතු ය. රනිල් වික්‍රමසිංහ පමණක් නොව සමගි ජනබලවේගය ද එකගවන මූල්‍ය අරමුදලේ සරණ හැර බැසිල් රාජපක්ෂට කළ හැකි ප්රාතිහාර්යයක් නැත. ඒ නිසා මූල්‍ය අරමුදලේ පිහිටෙන් රට ගොඩයෑම නොව රට බංකොලොත්වීම ඉතා කෙටිකාලයකට නවත්වා ගැනීම හැර, ඒ මගින් රට සංවර්ධනය නොවන බව නම් සක්සුදක් සේ පැහැදිළි ය. පසුගිය ජනාධිපතිවරණයේ දී හා මහාමැතිවරණයේ දී ජනතාව සමග ඇතිකරගත් ගිවිසුමට අනුව කරන්නේ කුමක් ද යන්න තීරණය කිරීම බලයේ සිටින ආණ්ඩුවේ තීරණයකි.
වමට නැඹුරුවන ලතින් ඇමෙරිකාව
1973දි දී නව ලිබරල්වාදය ප්‍රථම වරට අත්හදා බැලූ චිලී රටේ ප්රජාතන්ත්රවාදි ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට අනුමැතිය ඉල්ලා පසුගියදා ජනමත විචාරණක් පැවැත්වී ය. එහි දී මිලිටරි ජුන්ටාවෙන් මිදුණු ප්රජාතන්ත්රවාදි නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට ජනයා අනුමැතිය දුන් හ. එපමණක් ද නොව පැවති පලාත් පාලන ඡන්දයේ දී චිලියේ අගනුවර වූ සන්තියාගෝ නගරසභාව ජයගත්තේ ද කොමියුනිස්ට් පක්ෂ අපේක්ෂිකාව ය. පසුගිය මාසයේ දී පේරූ රටේ පැවති ජනාධිපතිවරණයේ දි එරට ජනතාව දක්ෂිනාංශික ඒකාධිපති ෆුජිමොරිගේ දියණිය අන්ත පරාජයට පත්කරමින් ගුරුවරයෙකු වූ සමාජවාදි පක්ෂයේ ජනාධිපති අපේක්ෂක පේඩ්‍රෝ කැස්ටිලෝ ජනාධිපති ලෙස පත්කළ හ. දක්ෂිණාංශික බුසීල ජනාධිපති බොල්සනාරෝට එරෙහිව ජනතාව දැනටමත් විදීබැස තිබේ. ඉදිරියේ දි පැවැත්විමට නියමිත මැතිවරණවල දී ලතින් ඇමෙරිකාවේ බොහොමයක් රටවල වාමාංශික පක්ෂවල ජයග්‍රහනය වැළැක්විය නොහැකිවනු ඇත.
යුරෝප හා ලිබරල් ප්රජාතන්ත්රවාදය
පොදුවේ ගත් කළ පසුබැසීම් ඇති නමුත් 2015 සිටම යුරෝපයේ වර්ධනය වමට අවාසිදායක නොවී ය. නව ලිබරල්වාදයෙන් අපේක්ෂා භංග වූ ජනතාව අන්ත දක්ෂිණාංශයට ගමන් කළත්, යුරෝපයේ ඇතැම් රටවල ජනතාව වමට ද ගමන් කළ හ. 2004 දී 3%ක ඡන්දයක් ලබාගත් ග්‍රීසියේ වාමාංශික සිරිසා පක්ෂය 2014 දී ඡන්ද 13 ලක්ෂයක් ද, 2015 දී රාජය බලය ලබාගැනීමට ද සමත්වි ය. බලයට පත්වීමට නොහැකි වූවත් ස්පාඤ්ඤයේ වාමාංශික පොඩෙමෝස් පක්ෂයද පාර්ලිමේන්තුවේ විපක්ෂය ලෙස විශාල මැදිහත්මක් කරති.
සිරිසා පක්ෂයේ ප්‍රතිපත්ති එම ආණ්ඩුව විසින් පාවාදෙන ලද නමුත් එම ජයග්‍රහනයේ අරමුණු ආරක්ෂා කිරීමට පමණක් නොව ලිබරල් ප්රජාතන්ත්රවාදයේ සීමාවන්ට එරෙහිව යුරෝපය පුරා වාමාංශිකයෝ පෙළගැසෙති. 2025 ඉලක්කය සහිතව ගොඩනගා ඇති ෘෑසඵ 25 වාමාංශික ව්‍යාපාරය මෙහි දි කැපි පෙනේ. සිරිසා පක්ෂයේ පවාදීමට එරෙහිව, ආණ්ඩුවෙන් ඉවත් වූ හිටපු මුදල් අමාත්‍ය ආචාර්ය යානිස් වරෝෆාකිස් ෘෑසඵ 25 වාමාංශික ව්‍යාපාරයේ කැපී පෙනෙන නායකයෙකි. ග්‍රීක පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ද වන යානිස් ප්‍රකට මාක්ස්වාදි දේශපාලන ආර්ථික විද්‍යඥයෙකු විම ද අතිරේක කරුණකි. ආචාර්ය යානිස් සිරිසා ආණ්ඩුවේ එවකට මුදල් ඇමතිවරයා ලෙස යුරෝපා මූල්‍ය කොමිසම (යුරෝපීය යූනියන්එක, යුරෝපීය මධ්‍යම බැංකුව හා ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල හෙවත් ට්‍රොයිකාව) සමග කළ සාකච්ඡාව ණය බරින් මිරිකි සිටින අප වැනි රටවලට ද ඉතා වැදගත් ය.
බංකොළොත් වූ ග්‍රීසියේ නව ආණ්ඩුවට ද යුරෝපා මූල්‍ය කොමිසම ණය දෙන්න එකග වුයේ පරාජයකරන ලද රජයට ණයදුන් කොන්දේසිවලට අනුවම එනම් කප්පාදු වටයක් සමග ය. මුදල් ඇමති යානිස් එයට එකගවුයේ නැත. නව ජනවරමට අනුව අර කියන කොන්දේසි පිළිබඳ නව එකගතාවයකට පැමිණෙන ලෙසට මුදල් ඇමතිවරයා කොමිසමට යෝජනා කළේ ය. මුදල් කොමිසම එයට එකග වුයේ නැත. කොන්දේසි සමග ණය මුදල ගැනීම හා නොගැනීම සම්බන්ධයෙන් පැවති ජනමත චිචාරණයේ දී ජනතාවගෙන් 60% කොන්දේසිය මත ණය මුදල් නොගතයුතු බව ප්‍රකාශ කළ හ. ජනමත විමසුමෙන් පසු මූල්‍ය කොමිසම සමග සාකච්ඡා කළ මුදල් ඇමති යානිස්ට ඔවුන් පැවසුවේ ශතයකවත් දිය නොහැකි බවයි. ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කරන ලෙසට රටක ජනතාව ඉල්ලා සිටිය දී මූල්‍ය බලය හිමි සුළු පිරිසක් එය ප්‍රතික්ෂේප කරන්නේ නම් ඡන්ද පවත් වන්නේ කුමකට ද යන්න මුදල් ඇමති යානිස් මෙහිදි ප්‍රශ්න කළේ ය. තනි පක්ෂ ක්‍රමයක් තුළ චීනය තම ප්‍රතිපත්තිය ක්‍රියාතමක කිරිම හා ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කළ නොහැකි බහුවිධ පක්ෂ ක්‍රමය අතර ඇති වෙනස කුමක් ද යන්න ඇසීමට ද යානිස් අමතක කළේ නැත. කෙසේ නමුත් අවසානයේ අගමැති ඇලෙක්සිස් සිප්රාස් ජනතාව පවා දී පැකේජය සමග ණය ගන්නට එකගවීම තුළ මුදල් ඇමති යානිස් මුදල් ඇමතිකමෙන් පමණක් නොව ආණ්ඩුවෙන් ද ඉල්ලා අස්විය. මෙහි අවසාන ප්‍රතිඵලය වූයේ පසුව පැවති මැතිවරණයෙන් ජනතාව පාවාදුන් සිරිසා පක්ෂය පරාජයට පත්විම ය. ආර්ථිකය වෙනස් කරන්නට නොහැකි එහෙත් මැතිවරණ වලින් බලය පමණක් මාරුකරන ලිබරල් ප්‍රජාතනත්‍රවාදයේ සීමාව යුරෝපය තුළ මේ වනවිට හෙලිදරව් වෙමින් පවති.
උදාවන ලෝකය
රට කොළනියක් කරන චීන ප්රාග් ධනයට මෙන්ම මූල්‍ය අරමුදල මෙහෙයවන නව ලිබරල්වාදයට ද එරෙහි සංවර්ධන මූලෝපාය කුමක් ද යන්න ලබන කලාපයේ සාකච්ඡා කෙරේ. මෙහිදි අපගේ පාලනයෙන් පිට ඇති ජාත්‍යන්තර තලයේ වේගයෙන් සිදුවෙමින් පවතින වෙනස්කම් ද එතනදි අපි සැළකිල්ලට ගතයුතු ය. එම වෙනස්වන ලෝක තත්ත්වය අපිට පමණක් නොව වේගයෙන් පල්ලම් බසින, බටහිර අධිරාජ්‍යවාදි ණය උගුලට හිරවුනු රටවලට බොහෝවිට වාසිදායක වෙන්නට පුළුවන. අපගේ මැනීම අනුව ගොදුරු බිම් බෙදාගැනීමට බටහිර අධිරාජ්‍යවාදය සමග තරගවදින නැගී එන ධනවාදි චීනය අද ඉදිරියට පැමිණ ඇතිබව කවුරුත් දනිති. නව සංවර්ධන උපාය මාර්ගය භාවිතයට යෙදිය යුතු වන්නේ උක්ත බලකඳවුරු දෙකේ උවමනාවන්ට එරෙහිව ය. සෝවියට් විප්ලවය ඉදිරියට එන්නේ ලෝකය බෙදාගැනීමට අධිරාජ්‍යවාදීන් සංඩු සරුවල් කරගත් 1 වෙනි ලෝක යුද්ධය මධ්‍යයේ දී ය. නොබැඳි ව්‍යාපාරය මතුවන්නේ ද සෝවියට් ඇමෙරිකන් සීතල යුද්ධය මැදිනි. චීන අමෙරිකන් සීතල යුද්ධය මැද අපේ මාවත විවෘතවන බවට වන සාධක ඕනෑතරම් ඇත.
ඇමෙරිකානු ජනතාව පත්කළ නව ජනපති ජො බයිඩන් පසුගිය අප්‍රේල් 1වෙනිදා තම බුද්ධිමණ්ඩලය මෙන්ම විදේශ සබඳතා කවුන්සලය පත්කළේ ය. ඇමෙරිකාව මුහුණු දි සිටින ප්‍රධාන ප්‍රශ්න දෙක ලෙස සලකන්නේ දේශගුණ විපර්යාශය හා චීනයේ නැගීම ය. ජාත්‍යාන්තර ගණුදෙනුවලදි සිදුවන යුවාන් ඩිජිටෙල් හුවමාරුවලින් පෙනී යන්නේ ද ඇමෙරිකානු ඩොලරයේ හෙජමනියට එරෙහිව ද චීනය තරගයක් දිමට සූදානම්වන බව මිස අන්යමක් නොවේ. බලයක් ලෙස සමස්ත ලෝකයම ණය බුබුලක පවත්වාගෙන යන බටහිර අධිරාජ්‍යවාදය අභ්‍යන්තරයෙන් හිස් බව මොනවාට පැහැදිළි වෙමින් පවතී. 21වෙනි ශතවර්ශයේ දෙවැනි කාර්තුව ආරම්භවිමට නියමිතව ඇත්තේ අලුත්ම ගෝලිය වටපිටාවක ය. ණය උගුලක හිරකර ඇති අඩුදියුණු ලෝකය, ගත් ණය ගෙවන්නට නිමක් නැතිව තව තවත් ණය ගන්නවා ද?, ණය ගෙවීමට සහන කාලයක් ඉල්ලනවා ද? නැත්නම් ණය නොගෙවා ඉන්නවා ද? යන්න තීරණය වන්නේ ජාත්‍යන්තර තලයේ සිදුවන මේ වෙනස්විම් වලට අනුව ය. ව්‍යවස්ථාවට අනුව නම් අප රටේ ජනාධිපති රාජපක්ෂගේ පාලනය අවසන්විමට නියමිතව තිබෙන්නේ 2025 දී ය. 21වෙනි ශතවර්ෂයේ දෙවැනි කාර්තුවේ දී අපි කටයුතු කරන්නේ එදාට පවතින ජාත්‍යන්තර තත්ත්වය හා ඉහත කී දෙපාර්ශවයට එරෙහිව තමන්ගේම ගමනකට ජනතාව දක්වන සූදානම හා අධිෂ්ඨානයට අනුව ය.
මහින්ද රත්නායක
මාලිමා ඊ සඟරාවෙනි
මීගමුව හා ධීවර ගින්න
මීගමුව හා ඒ ආශ්රිත මුහුදුබඩ ප්‍රදේශවල බොහෝදෙනා ධීවරයෝ හා ඒ ආශ්රිත රැකියාවල නියැලෙන්නෝ ය. එනම්, මාළු ඇල්ලීම, විකිණීම, එම කටයුතුවලට අත් උදව් දීම, ප්‍රවාහනය යනාදි දේ ය. ඔවුන්ගේ ජීවිත ගිනිගන්නට පටන් ගත්තේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගන්නට බොහෝ කලකට පෙර ය. ඒ මේ රට පාලනය කළ අසංවේදී අමනෝඥ ආණ්ඩුවල ක්‍රියා කලාපයන් හේතුවෙන් ය.
කළපුව

අපේ රටේ මෝඩ ආණ්ඩුවලට සුන්දර පරිසර කලාපයන් පේන්නේ සංචාරක කලාපයන් හෝ මඩිස්සලේ පුරවන මුදල් කුට්ටි ලෙස ම පමණි. ලංකාවේ රසවත් ම ඉස්සන් කකුළුවන් ඇතුළු මත්ස්‍ය වර්ග 140කට පමණ හා අවට පරිසරයේ ඔක්සිජන් සැපයුමට දායකවන කඩොලාන වර්ග 29කට වාසභූමිය වී ඇති සරුසාර මීගමු කළපුව විනාශ කරමින් ජලචර ගුවන් යානා බැස්සවීමේ ප්රයත්නය පරාජය කිරීමට දිවි පරදුවට තබා විශාල අරගලයක් කරන්නට ධීවරයන්ට සිදු විය.
ඒ අතර අධිවේගී මාර්ග ඇතුළු සංවර්ධන ව්‍යාපෘති දියත් කිරීමේදී කළපුවට වන හානිය ගැන අබමල් රේණුවක තරම් හැඟීමක් බලධරයනට තිබූ බවක් පෙනෙන්නට නැත. කොන්ක්‍රීට් කනු මත නොයවා රට මැද තාප්ප ගසන්නා සේ ඉදි කළ අධිවේගී මාර්ග නිසා අත්තනගලු ද්‍රෝණියෙන් කළපුවට හොඳවතුර ගලා ඒම විශාල ලෙස අවහිර වී ඇති බව භූ විද්‍යාඥයෝ පෙන්වා දෙති. මේ නිසා ම අද වන විට කළපුවේ ලුණු සාන්ද්‍රණය මුහුදේ ලුණු සාන්ද්රණයටත් වඩා ඉහළ අගයක් ගෙන ඇත. මේ අතර මීගමු නගර සභාවේ කුණු කානු කිසිදු පවිත්‍ර කිරීමකින් තොරව කළපුවට හරවා ඇති අතර එමගින් කළපුවට සිදු වී ඇති හානිය ද විශාල ය. කළපුව අවට ඉදිවී ඇති හෝටල් හා කර්මාන්ත ශාලාවලින් නිකුත් කෙරෙන රසායනිකයන් හා අපද්‍රව්‍ය මිශ්‍ර අප ජලය ද මීගමු කළපුවට ය. බලධාරිහූ නිහඬ ය. කළපුව අවට ඉදිකර ඇති කරවල නිෂ්පාදන ආයාතනවල ලුණු මිශ්‍ර අප ජලය ද කළපුවට ය. බලධාරිහූ නිහඬ ය.
මීගමු කළපුවට එකතුවන හැමිල්ටන් ඇළ, ජා ඇළ හා දඬුගම් ඔය ද දූෂණය වී හමාර ය. ජල සම්පත අපවිත්රකරණය දඬුවම් ලැබිය හැකි වරදක් වුවද බලධාරිහූ ද, ගජ මිතුරෝ ද කිසිදු පැකිලීමකින් තොරව එසේ කරති. ” කාට පවසම් මේ අමාරුව, වැටත් නියරත් ගොයම කා නම්! ” මේ ගැන අදාළ බලධාරියකුගෙන් මෙම ලියුම්කරු විමසූ විට කිසිම ගාණක් නැතිව ඔහු පවසා සිටියේ කළපුව දැන් මරෙමින් ඇති බවය. නැත, එය හිතා මතා සැලසුම් සහගත ව මරා දමමින් තිබේ. මීගමුව ආශ්රිත කළපු ධීවර ජීවිතවලට කනකොකා හඬන්නේ දැන් බොහෝ කාලයකට පෙර සිට ය.
පෝට් සිටිය

මීගමුව ආශ්රිත ධීවරයාව පුළුස්සන අනෙක් ගින්න ඇවිළුණේ පෝට් සිටිය හරහා ය. ධීවරයන් මේකට විරුද්ධ වුනේ ප්‍රායෝගික කාරණා කීපයක් මුල් කර ගෙන ය. ඒ අතර ධීවරයා මසුන් අල්ලන සශීක්ර මාළු බිමක් ඔවුනට අහිමි වීම ය. අනෙක නම් මුහුදෙන් වැලි හාරා දූපතක් සෑදීම තුළ සිදුවන වෙරළ හානිය පිළිබඳව ඔවුන් තුළ වූ ප්‍රායෝගික අවබෝධය යි. මෙය දැන් සිදු වෙමින් පවතී. සුනාමි රළ පහරින් මීගමුව පිටිපන ආශ්රිත වෙරළ කලාපය ආරක්ෂා කළ විශාල ගල් පරය දැන් දැන් පුපුරා කැබලි වෙමින් තිබේ. ( එහි ඡායාරූප මේ සමග අමුණමි.)
මේ අරගලයේදී මහා පරිසර ආරක්ෂකයෙකු ලෙස හා දේශවාත්සල්‍යය උතුරා ගලායන්නකු ලෙස පෙනී සිටින චම්පික හිටපු ඇමතිවරයා මේ වෙනුවෙන් පෙනී සිටි ආකාරය පිළිබඳව බොහෝ ධීවරයන් පිළිකුළින් හා කළකිරීමෙන් කතා කරනු අසා ඇත්තෙමි. රාජපක්ෂ ආණ්ඩුවෙන් ඇරඹුණු මෙම විනාශකාරි ව්‍යාපෘතිය නිසා රටේ ස්වාධිපත්‍යයට වන හානිය පසෙක තිබියදී ධීවර ජීවිතවලට වෙමින් තිබෙන හානිය ඉතා විශාල ය. මෙහි බරපතල ම ඛෙව්දවාචකය නම් අදාළ චීන සමාගම විසින් ආණ්ඩුවේ අනුග්‍රහයෙන් විරෝධය සමනය කිරීමට අල්ලස් යැයි නොකියවෙන අල්ලස් ලබා දීම ය: මේ තීරුවේ වෙසෙන බහුතරය කතෝලිකයෝ ය. කතෝලිකයන්ගේ වැදගත් පුදබිමක් වූ තේවත්ත බැසිලිකාවේ වහල ප්‍රතිසංස්කරණය කර දුන්නේ අදාළ චීන සමාගම ය. තව ද දුප්පත් ධීවරයන්ට කටහොල්ලනු බැරි මුඛ ආවරණයක් ලෙස ධීවර සමිතිවලට ලක්ෂ විස්ස බැගින් ලබා දෙන ලදී. ඉතා උනන්දුවෙන් මෙම මුදල ධීවරයන්ට ලබා දෙන්නට එකල ප්‍රාදේශීය පෝට්සිටි හිතවාදි ආණ්ඩු හා විපක්ෂ දේශපාලකයෝ කටයුතු කළහ. මෙය පගාවක් බව දුටු ඇතැම් ධීවර සමිති මෙය ලබා ගත්තේ නැත. මෙලෙස අල්ලස් යැයි නොකියැවෙන අල්ලස් මගින් ධීවරයා බිලිබා ගැනීම පමණක් නොව භේදභින්න කිරීම ද නොඅඩුව කරමින් අපගේ කපටි පාලකයෝ සිය නව ලිබරල් ව්‍යාපෘතිය වෙනුවෙන් ධීවර ජිවිතවලට ගිනි තබා ඇත.
කෝවිඩ් 19 හා එක්ස්ප්‍රස් පර්ල්
කෝවිඩ් 19 විසින් ඇති කළ වින්නැහි ද බොහෝ ය. මුල් කෝවිඩ් ලොක් ඩවුනය තිබියදී ගමනාගමනය ඇණහිටීම අවසර පත් ඇති වාහනවලින් පමණක් මාළු බෙදා හැරීම හේතුවෙන් කුණු කොල්ලෙට මාළු විකිණීමට ධීවරයන්ට සිදු වී තිබිණි. බොහෝ විට ඉන්ධන වියදමවත් ආවරණය කර ගන්නට නොහැකි විය. මීගමු ලෙල්ලම් ද කීප විටක් ලොක්ඩවුන් කරන ලදී. අන්තුරුව “පෑලියගොඩ පොකුර” හේතුවෙන් මාළු කෑම අඩුවීමත් සමග ධීවර ජීවිත තවත් ආගාධයට ගමන් කෙරිණ.

ලොක්ඩවුනයන් අඩු වී ධීවරයාට සැනසුම් සුසුමක් හෙළන්නට ඇති වූ මඳ අවකාශය පවා අහිමි කරමින් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට ගිනි ඇවිලිණි. අනතුරු ව මාළු විෂ සහිත විය හැකි බව කියැවුණු අතර ධීවර රැකියාවට තහංචි වැටිණි. දවසේ වේල පවා අහිමි ව හාමතේ දරු පැටව් හඬන හඬ බොහෝ නිවෙස්වලින් අසන්නට ලැබිණි. අනතුරුව දියඹ මුහුදේ පමණක් රැකියාවට අවසර ලැබිණි. සුළු ධීවරයෝ තවත් අසරණ වූහ. අමාරුවෙන් ලොකු වියදමක් දරා දියඹ මුහුදට ගිය ධීවරයාට මාළු විකුණා ගත නොහැකි වූයේ මාළුනට විෂ රාසායනිකයන් ඇතුළු වී ඇති බවට ඇතිකර තිබූ මතය නිසාවෙනි. බඩගින්නේ සිටිනවාට වඩා අභියෝගයට මුහුණ දී ජයගත යුතු ව ඇත. ධීවරයෝ සිය එක් තැනකට රැස්ව අල්ලා ගත් මාලු උයාගෙන සිය දරුමල්ලන් ද සමග ප්‍රසිද්ධියේ අනුභව කළේ මාළු අනුභව කිරීම අනතුරුදායකය යන මතයට අභියෝග කරන්නට ය. එහෙත් මේ ලියන මොහොත වන විටත් ගොඩ මුහුද තහනම් කලාපයක් ය.
මුතුරාජවෙල බලාගාරය
මීගමු කළපුව හා මුතුරාජවෙල එක ම සංවේදි පරිසර කලාපයක් ය; රක්ෂිත ප්‍රදේශයක් ය. එහෙත් නමට ය. මෙම ලිපියේ අරමුණ ඊට කරමින් තිබෙන හානිය ගැන කියන්නට නොවේ ය. එය වෙන ම මාතෘකාවක් ය. එහෙත් මේ වනවිට එහි බලාගාරයක් ඉදිකිරීමට රජය සූදානම් වෙයි. ඒ සඳහා දැනට අක්කර 100කට වැඩි ප්‍රමාණයක් ගොඩ කෙරේ. ඒ සඳහා වැලි ගහන්නේ යළිදු මුහුදෙන් ය. කැපුන්ගොඩ සිට උස්වැටකෙයියාව දක්වා මුහුදු ප්‍රදේශයෙන් මේ සඳහා වැලි ගැනීමට සූදානම් කර ඇති බව කියැවේ. තව ද ඒ සඳහා පුරා මාස හයක් ගතවන බවත් ඒ කාලය තුළ එම ප්‍රදේශයේ ධීවර කටයුතු තහනම් කෙරෙන බවත් කියැවේ.

මෙයින් මෙම මුහුදු කලාපයට වන හානිය ඉතා බරපතල ය. මින් පෙර අධිවේගි මාර්ගය සඳහා ද වැලි ගැසුවේ මුහුදෙන් ය. පෝට් සිටිය සඳහා වැලි ගැසුවේ ද මුහුදෙන් ය. එය නිසා වෙරළ ඛාදනය ශීඝ්‍ර වී , සුනාමියෙන් මෙම ප්‍රදේශය ආරක්ෂා කළ තඹගල විනාශාභිමුඛයට යමින් තිබෙන ආකාරය මින් ඉහත ද සඳහන් කළෙමි. දැන් මෙම ව්‍යාපෘතිය මෙම තත්ත්වය තවත් දරුණු කෙරෙනු නියත ය.
මේ සියල්ල නිසා මීගමුව සිට කොළඹ දක්වා දිවෙන ප්‍රදේශයේ ධීවර ජනතාවගේ ජීවිත ඉතා දුඛිත තත්ත්වයට පත් වීමට නියමිත අතර, එමතු නොව පදිංචි භූමි ප්‍රදේශ ද ජලයෙන් යට වී ජනයාට මෙම ප්‍රදේශවලින් ඉවත්වීමට සිදුවීමේ අවදානම ද බැහැර කළ නොහැකි ය.
අජිත් හැඩ්ලි පෙරේරා
“යම් සමාජයක ස්වරූපය මත එම සමාජය වෙනුවෙන් නිර්මාණය වන අධ්‍යාපන ක්රමයේ ස්වරූපය රඳා පවතී. ඒකාධිපති ක්‍රමයක් තුළ අධ්‍යාපන ක්‍රමය සැලසුම් කරන්නේ, එම කාලය තුල රටේ ඉරණම පාලනය කරන අයගේ අදහස් ජනගහනයේ සියලු කොටස් අතර ස්ථාපිත කිරීම සඳහා ය. අප උපකල්පනය කර ඇත්තේ අපට පැවරී තිබුණු රාජකාරිය නම් ප්රජාතන්ත්රවාදයට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් යෝජනා කිරීමට බව සහ අපගේ මූලික වෑයම විය යුත්තේ සියලු පුරවැසියන්ට රටේ ජීවය වෙනුවෙන් තමන්ගේ පරිපූර්ණ මෙහෙවර ලබා දිය හැකි අධ්‍යාපන ක්‍රමයක් සැලසුම් කිරීමට බවය. මෙයින් අදහස් වන කාරණා දෙකකි. පළමුව, පුද්ගලයෙකුගේ ආර්ථිකමය සහ සමාජමය තත්වය කුමක් වුවත් ඔහුගේ හැකියාවට අනුව උපරිම ශාරීරික, මානසික, සහ සදාචාරාත්මක සංවර්ධනය සාක්ෂාත් කරගනීමට ඔහුට උදව් විය යුතුයි. දෙවනුව එයින් අදහස් වන්නේ, තම අධ්‍යාපනයේ ප්‍රතිඵලයක් ලෙස පුද්ගලයාට තම හැකියාවන් රටේ යහපත සඳහා උපරිම ලෙස යොදා ගැනීමට හැකි විය යුතු අතර රාජ්‍ය කටයුතු විනිශ්චය කිරීමටත්, රාජ්‍ය විසින් ඔහුට ලබා දී ඇති ඡන්ද බලය බුද්ධිමත්ව භාවිතා කිරීමටත් හැකි විය යුතු බවයි. වෙනත් වචන වලින් කිවහොත්, ප්රජාතන්ත්රවාදයකට මුල් කොටම අවම අධ්‍යාපන ප්‍රමිතියක් අවශ්‍ය වන අතර ඉන් ඔබ්බට සම අධ්‍යාපන අවස්ථා තිබිය යුතුයි.”
කන්නංගර වාර්තාව, 1943
වත්මන් ආණ්ඩුව පැරණි කළු මර්දනීය ඉතිහාසයේ සෙවණැලි දියත් කරන ආණ්ඩුවක් බවට පත්ව ඇතැයි ජවිපෙ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක ඊයේ (7දා) පාර්ලිමේන්තුවේදී පැවැසීය.
මන්ත්‍රිවරයා වැඩිදුරටත් දැක්වූ අදහස් මෙසේය.
ආනයන අපනයන රෙගුලාසි පිළිබඳ විවාදය පැවැත්වුණත් මේ වෙලාවේ අපේ රටේ ප්රජාතන්ත්රවාදය පිළිබඳවත් ආණ්ඩුව ක්‍රමානුකූලව දියත් කරමින් තිබෙන මර්දන හස්තය පිළිබඳවත් යම් කරුණු කිහිපයක් ඉදිරිපත් කරන්න ඕනෑ කියලා මා කල්පනා කරනවා. මේ වනවිට අපේ පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් සංවිධායක සමන්ත විද්‍යාරත්නත් අපේ ගොවි සංවිධානයේ නායකයා හැටියට කටයුතු කරන නාමල් කරුණාරත්නවත් අද උදෑසන අත්අඩංගුවට අරගෙන තිබෙනවා. මේ ආණ්ඩුව දියත් කරමින් තියෙන්නේ කුමක්ද? ගොවි ජනතාවට තමන්ගේ සාධාරණ දුක් ගැනවිල්ලක් තිබෙනවා. එය ඉදිරිපත් කිරීම සඳහා දරන ප්රයත්නයන් මර්දනය කිරීමට කටයුතු කරමින් තිබෙනවා. ඒ වගේම අපේ රටේ ධීවර ජනතාවට ප්‍රශ්නයක් තිබෙනවා. නැව මුහුදුබත්වීම හේතුවෙන් තමන්ගේ ජීවනෝපාය මාර්ග අහිමිවීමට විරුද්ධව ඒ ජනතාව පාරට බැහැලා තියෙනවා. ඒ වගේම රටේ වාණිජ අතින් වැදගත් යෝක් ගොඩනැඟිල්ල, මහ තැපැල් කාර්යාලය, විදේශ කටයුතු අමාත්‍යාංශය පිහිටි ගොඩනැඟිල්ල, ලංකා බැංකු මූලස්ථානය ආදී වටිනා වාණිජ සහ පෞරාණික උරුමයන් විකුණමින් තිබෙනවා. ඊට විරුද්ධව ජනතාවගේ නැඟිටීමක් තියෙනවා.
ඒ වගේම මුතුරාජවෙල වටිනා බිම්කඩවල් විනාශයට පත්කරමින් තිබෙනවා. ගොඩකෙරෙමින් තිබෙනවා. ඒකට එරෙහිව සටනක් තිබෙනවා. මේ රටේ අස්සක් මුල්ලක් නෑර ජීවත් වෙන සෑම පුරවැසියන්ගෙන්ම මෙම ආණ්ඩුවේ පීඩාවට එරෙහිව අරගලයක් කෙරෙමින් තිබෙනවා. ඒ සටනට එරෙහිව සියලු උද්ඝෝෂණ පෙළපාළි නතර කිරීම සඳහා ආණ්ඩුව නියෝගයක් නිකුත් කර තිබෙනවා. ගරු කථානායකතුමනි, ජනතාවගේ සාධාරණ උද්ඝෝෂණ මැඬපවත්වනවා. සම්බාහන මධ්‍යස්ථාන ඇඟේ ඇතිල්ලි ඇතිල්ලී පවත්වාගෙන යනවා. දුම්රිය සේවය ආරම්භ කර තිබෙනවා. පොදු මගී ප්‍රවාහන සේවා ආරම්භ කර තිබෙනවා. කාර්යාලවල 500, 600 එකට වැඩකරමින් තිබෙනවා. හැබැයි ජනතාවගේ උද්ඝෝෂණ මැඬපැවැත්වීම සඳහා නියෝග නිකුත් කර තිබෙනවා. ඒ නියෝගයේ ඊළඟ කෙළවර මොකක්ද? ජනතාවගේ පීඩාවන් ගැන හඬ නඟන දේශපාලන ව්‍යාපාර වගේම මාධ්‍ය ආයතන ජනතාව දැනුවත් කරමින් තිබෙනවා. ආණ්ඩුවේ විශාල වංචා-දූෂණ, සීනි බදු වංචාව පිළිබඳව මෙතන කතා කරනකොට ජනතාවට ගෙනියන්නේ මාධ්‍ය ආයතන. විශේෂයෙන්ම සිරස මාධ්‍ය ආයතනය ඒ පිළිබඳව කාර්යභාරයක් ඉටු කරනවා. ගොවි ජනතාවගේ අරගලය, ඒ භූමියට සීමාවූ අරගලයක් නෙවෙයි. රට පුරා ව්‍යාප්ත වූ අරගලයක්. එම අරගලය ගැන සමාජය දැනුවත් කිරීම සඳහා මාධ්‍ය ආයතන විශාල කාර්ය භාරයක් කරනවා.
ඒ වගේම සෙලෙන්දිවා ආයතනය ගොඩනඟලා රජයේ සම්පත් විකිණීමට එරෙහි සටනට දැනුවත් කිරීම් සිදු කෙරෙමින් තිබෙනවා. ආණ්ඩුව දැන් ජනතාවට මර්දනය දියත් කරමින් තිබෙනවා. අත්අඩංගුවට ගැනීම් සිදු කෙරෙමින් තිබෙනවා. ජනතාවගේ සාධාරණ උද්ඝෝෂණ මැඬපැවැත්වීම සඳහා ගැසට් නිවේදන නිකුත් කරලා නියෝග ලබා දෙමින් තිබෙනවා. එතැනින් නතර නොවී මාධ්‍ය වෙත හස්තයන් දිගු කරමින් තිබෙනවා. බන්දුල ගුණවර්ධන මහත්මයා තොරතුරු කොයිද කියලා අහනවා. මම අහන්නද? සිරසට ක්ලේමෝ ගහපු තොරතුරු කෝ? සියතට බෝම්බ ගහපු තොරතුරු කෝ? ගැසට් ගහලා නෙවෙයි සිරසට බෝම්බ ගැහුවේ. ගැසට් ගහල නිවේදන ගහල නෙවෙයි සියතට ගිනි තිබ්බේ. ගැසට් ගහල නියෝග දාලා නෙවෙයි ඉරුදින කාර්යාලයට ගිනි තිබ්බේ. ගැසට් ගහල නියෝග දාලා නෙවෙයි ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළේ. ගැසට් ගහල නියෝග දාල නෙවෙයි පොද්දල ජයන්තට පහර දුන්නේ. ගැසට් ගහල නියෝග දාල නෙවෙයි කීත් නොයාර්ට පහර දුන්නේ. ගැසට් ගහල නියෝග දාල නෙවෙයි ලංකා ඊ නිවුස් කාර්යාලයට ගිනි තිබ්බේ. ගැසට් ගහල නියෝග දාලා නෙවෙයි හලාවත වෙඩි තිබ්බේ. ඇන්තනීව ඝාතනය කළේ. ගැසට් ගහල නියෝග දාලා නෙවෙයි කටුනායකදී වෙඩි තියලා රොෂේන් චානකව ඝාතනය කළේ. ගැසට් නියෝග ගහල නෙවෙයි වැලිවේරියේ වෙඩි තිබ්බේ.
බන්දුල අහනවා කෝ ගැසට් නිවේදන කියලා? ගරු කතානායකතුමනි, ගැසට් නියෝගවලට වැඩ කරන ආණ්ඩුවක් නෙවෙයි මේක. මේකට පැරණි කළු මර්දනීය ඉතිහාසයක් තියෙනවා. ඒ පැරණි කළු, මර්දනීය ඉතිහාසයේ සෙවණැලි තමයි මේ දියත් කරමින් තිබෙන්නේ. තමුන්නාන්සේලා මේ පාර්ලිමේන්තුවේ අපේ රටේ නිදහස් අධ්‍යාපනයේ, විශේෂයෙන් අපේ රටේ උසස් අධ්‍යාපනයේ විශ්වවිද්‍යාල සඳහා පනත් සම්මත කරගන්න සූදානම් වෙනවා. උසස් අධ්‍යාපනයට නිර්ණායක හදන, අනුමත කරන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට අමතරව පිටස්තර හමුදා යාන්ත්‍රණයක් ගොඩනඟනවා අපේ රටේ අධ්‍යාපනයට. අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන්නත් මිලිටරීකරණය කරන්නත් සැලසුම් හදල තියෙනවා. ඒ සඳහා මතයක් ඉදිරිපත් කරන්න අයිතියක් නැද්ද? ඒ සඳහා විරෝධය පාන්න අයිතියක් නැද්ද? ඒ ඉදිරිපත් වන මතයන් මාධ්‍ය හරහා විකාශනය කරන්න අයිතියක් නැද්ද? කොතනටද මේ ගෙන යමින් තිබෙන්නේ?
විපක්ෂ නායකතුමා, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා හැටියට ඉතාමත් වගකීමෙන්, ඒ වගකීම භාර අර ගනිමින් එවැනි සැලසුමක් තිබෙන බවත් එවැනි සාකච්ඡාවක් සිදුකර තිබෙන බවත් ඒ සඳහා යම් නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීමට සූදානමක් තිබෙන බවත් පාර්ලිමේන්තුවේදී කිව්වා. ආණ්ඩුවේ වගකිව යුතු අමාත්‍යවරයෙක් මොකක්ද කළ යුතු වන්නේ? සිදුවෙමින් තිබෙන දේ පැහැදිලි කළ යුතුයි. බන්දුල ඔයා කියන ඒවා ගෙදර නෝනා ගණන් ගන්නෙත් නෑ දැන්. ඔයා මොනවාද නොකිව්වේ? බන්දුල ගුණවර්ධන 2,500න් කන්න පුළුවන් කියලා අපිට කිව්වා. 1,000 සහන මල්ලක් දෙනවා කීවා. සීනි 85ට දෙනවා කීවා. පොල් 80ට දෙනවා කීවා. සහල් 95ට දෙනවා කීවා. අපේ බන්දුල නොදුටු මොක්පුර: වාඩි වෙන්න.
ගරු කථානායකතුමනි, මෙතුම කියන්නේ ගැටුමක් තියෙන මතයන්ට තාම ඇවිල්ලා නැහැ කියලා. මා කියන්නේ ආණ්ඩුව ක්‍රමානුකූලව මෙරටේ ජනතාව බියට පත් කරමින් මාධ්‍ය ආයතන වහමින් මාධ්‍ය ආයතනවලට තර්ජනය කරමින් මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගනිමින්, ෆේස් බුක් එකේ සටහනක් ලිව්වා නම් ඒ අයත් අත්අඩංගුවට ගනිමින් යන්නේ. සාධාරණද ඒක? තමුන්නාන්සේලා එවැනි පාලනයක් අනුමත කරනවාද? පහුගිය ජනාධිපතිවරණයේදී, මහ මැතිවරණයේදීත් මේ රටේ ජනතාවට දෙන ලද සියලු පොරොන්දු අලුයම ලූ කෙළ පිඬක් සේ අද අවසන් කර තිබෙනවා. ඒ නිසා ජනතාවට මුහුණ දෙන්න බැහැ. ජනතාවගේ අරගලවලට මුහුණ දෙන්න බැහැ. ජනතාවගේ සටන්වලට මුහුණ දෙන්න බැහැ. ජනතාවගේ ඇත්ත පීඩාවලට උත්තර හොයන්න බැහැ. ජනතාවගේ ඇත්ත පීඩාවලට උත්තර නැහැ. එක එක මැජික්කාරයෝ පාර්ලිමේන්තුවට ගෙනත් පිළිතුරු හොයනවා කියලා වහසි බස් ෙදාඩවනවා. ඒ නිසා ස්වභාවයෙන්ම ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර නැති පාලකයන් ඉතිහාසය පුරාවටම, ලෝකය පුරාවටම ක්‍රමානුකූලව මර්දනයේ දිසාවට පියවර තබන එක අත් දැකලා තිබෙනවා. ඒ මර්දන කි‍්‍රයාමාර්ග හැටියට තමයි අත් අඩංගුවට ගැනීම් සිදු කරන්නේග.
අපි තේරුම් ගන්න ඕනෑ, පැරණි මර්දනීය කළු ඉතිහාසයක් තියෙන නායකයෙක් ඉන්නෙ. ඔහුගේ නියෝග මත තමයි සුදු වෑන් සංකල්පයක් ඇතිවුණේ. ඔහුගේ නියෝග මත තමයි ලසන්ත වික්රමතුංගලා ඝාතනය වුණේ. ඔහුගේ නියෝග මත තමයි පෝද්දලලා අතපය කඩලා, පාරේ දාලා ගියේ. ඔහුගේ නියෝග මත තමයි කීත් නොයාර්ලාට පහර දුන්නේ. ඔහුගේ නියෝග මත තමයි ශිවරාම්ලා අතුරුදන් වුණේ. ඔහුගේ නියෝග මත තමයි එක්නැලිගොඩලා අතුරුදන් වුණේ. ඔහුගේ නියෝග මත තමයි ලලිත්ලා, කූගන්ලා අතුරුදන් වුණේ. ඔහුගේ නියෝග මත තමයි මර්දනය දියත් වුණේ. ඒක මටත් වඩා හොඳින් වෙල්ගම අමාත්‍යවරයා කාලයක් කිව්වා මට මතකයි. එවැනි මර්දන හස්තයක් තියෙන කෙනෙක් මහ පුටුවක වාඩි වෙලා ඉන්නවා. මේ රටේ ජනතාවට බියක්, සලිතයක්, සාධාරණව ඇති වෙන්නේ නැද්ද? පිරිසුදු ඉතිහාසයක් නෙවෙයි මර්දනීය ඉතිහාසයක් තියෙන නායකයෙක්, මේ රටේ සිහසුන දරනවා. සෘජුව සහ වක්‍රව ජනතාව බිය වද්දමින් තිබෙනවා. ජනතාවට නායකත්වය දෙන නායකයන් බිය වද්දමින් තිබෙනවා. මාධ්‍ය ආයතන බිය වද්දමින් තිබෙනවා.
මේ වෙලාව වෙනකොට සිරස මාධ්‍ය ආයතනයට විවිධාකාරයෙන් බෝම්බ ගැහුවා. පහරදීම් කළා. ජනතාවගේ තොරතුරු එළිදරව් කිරීම නවත්වන්න සියල්ල කළා. අපිට මාධ්‍ය පිළිබඳ විවිධ විවේචන තියෙනවා. සමහර මාධ්‍ය භාවිතාවන්ට අපි එකඟ නොවෙන්න පුළුවන්. සමහර මාධ්‍යවේදීන්ගේ හැසිරීම්වලට අපි එකඟ නොවෙන්න පුළුවන්. හැබැයි ශිෂ්ටසම්පන්න සමාජයක් පවතින්නේ ඒ හැමටම ඇහුම්කන් දීමත්, හැමටම නිදහස ස්ථාපිත කිරීමෙනුත් පමණයි. එහෙම නැතිව ශිෂ්ටසම්පන්න සමාජයක් පවතින්නේ නැහැ. තමන්ගේ හඬ බවට පත්වෙන හොරණෑවන්ට පමණක් නම් මේ රටේ මාධ්‍ය විවෘත වෙමින් තිබෙන්නේ, නයි වඩම්මන, පැණි බෙදන, ඇන්ටිජන් කිට් ජාවාරම් කරන, තමන්ගේ සුවච කීකරු ගෝලයන්ට පමණක් නම් මේ රටේ මාධ්‍ය නිදහස තිබෙන්නේ එය යුක්ති සහගතද? තමන්ගේ හොරණෑව විතරද මේ රටේ ජනතාවට ඇසීමට සලස්වන්නේ? මාධ්‍ය මර්දනය සඳහා මේ දියත් කරන්න උත්සාහ කරන ඉතාමත් කැත පන්නයේ කුමන්ත්‍රණය නතර කළ යුතුයි. මෙය කොතනකද දියත් වෙමින් තියෙන්නෙ?
මෙතනත් ඔය අප්පුඩි ගහන මහත්තුරු පව්. තව ටික දවසකින ගරු කථානායකතුමනි, ඒ ගොල්ලන්ට තමයි ඇඳන් යට, මේස යට ඉන්න වෙන්නේ. අපි ඉතිහාසය දන්නවා. ඒ නායකයන් ආරම්භයේදී කොතනට අත තිබ්බත් අවසානයේ තමන්ගේ කඳවුරටත් අත තියන්නයි එන්නේ. 18 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නකොට අපි එදා පෙන්වා දුන්නා ඒ බලවත් තනතුර විසින්, ඒ බලය විසින් විනාශයට පත් කරන්නේ ඉස්සරහ වාඩි වෙලා ඉන්න අය කියලා. ඒ වෙලාවේ රාජිත සේනාරත්න ඇමැතිතුමාට මතක ඇති මා ඔබගේ නම කියමින්, මෛත්‍රිපාල සිරිසේන මහත්මයාගේ නම කියමින් මේ පාර්ලිමේන්තුවේදී බරපතළකම පෙන්වා දෙනු ලැබුවා. 18 වැනි සංශෝධනය හරහා සම්මත කර ගන්නා ලද මර්දන නීතියට ගොදුරු බවට පත්වෙන්නේ එදා අත උස්සපු අය. අදත් එහෙමයි. 20 වැනි සංශෝධනයට ඔය විදිහටම අප්පුඩි ගහලා අත උස්සපු අය, ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුවට එන්න නීති සම්මත කළා. අද ඒ ද්විත්ත්ව පුරවැසියන් පාර්ලිමේන්තුවට එනකොට එදා අප්පුඩි ගහපු මහත්තුරුන්ට නගුට අකුළගෙන හැංගිලා ඉන්න සිද්ධ වෙලා තියෙනවා. පාර්ලිමේන්තුවේ සම්මත කරන මර්දන නීතියත් ආරම්භයේදී අපිට වෙන්න පුළුවන්. හැබැයි අවසන් වෙන්නේ තමුන්නාන්සේලාගේ හිස මතින් කියලා මතක තියාගන්න.
සුවච කීකරු සුනඛයන්ට ඒක වෙන්නේ නැහැ. ඒක වෙන්නේ යම් කොන්දක් තියෙන, ප්රජාතන්ත්රවාදය පිළිබඳ හැඟීමක් තියෙන, නිදහස පිළිබඳ චින්තනයක් තිබෙන, සමාජයේ අනාගතය ශිෂ්ටසම්පන්න විය යුතුයි කියලා හෘදය සාක්ෂියක් තිබෙන මිනිස්සුන් ආණ්ඩුවේ ඉන්නවා. අන්න ඒ අයට තමයි ප්‍රශ්නයක් වෙන්නේ. එසේ නැතිව දෙන දේ කාලා, වෙන දේ ඔහේ බලාගෙන ඉන්න කිසි කෙනකුට නපුරක් වෙන්නේ නැහැ. අවසන් වශයෙන් කියන්නේ විපක්ෂ නායකතුමා විසින් විශේෂ ප්‍රකාශයක් කරමින් විශේෂ ප්‍රශ්නයක් මේ පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කළා. මේ නිශ්චිත මොහොත වන විට සිරස ආයතනය විවිධ ආකාරයේ කුමන්ත්රණයන් හරහා තහනම් කිරීම සඳහා ප්රයත්නයන් දරමින් සිටිනවා කියලා. ඒ ප්රයත්නය අකුළා ගන්නා ලෙසත් ඒ සඳහා දරන සෑම ප්රයත්නයක්ම පරාජයට පත් කරන්න අපි සූදානම් බවත් අවසන් වශයෙන් ප්‍රකාශ කර සිටිනවා.”
– අනුරාධා හේරත් (www.mawbima.lk)