Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු පිරිස ජජියාන් පළාතේ පිහිටි පක්ෂ පාසලේ නැරඹීමට එක් වෙති

(-2025.06.12 – China-)

Tilvin Silvagifting a book

චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරාධනයක් මත මේ දිනවල චීනයේ සංචාරයක නිතර ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා ඇතුලු පිරිස ජජියාන් පළාත් ප්‍රධාන පක්ෂ පාසලේ දේශන දෙකකට සම්බන්ධ වී තිබේ.

ජජියාන් පක්ෂ පාසලේ නියෝජ්‍ය විදුහල්පති ලියූ චිංමින් සහෝදරයා විසින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සහෝදරයා ඇතුළු පිරිස පිළිගත් අතර ඔහු විසින් පක්ෂ පාසල පිළිබඳව පැහැදිලි කරන ලදී.

Lecture at Zhejiang Party School

ජජියාන් පක්ෂ පාසලේ අධ්‍යක්ෂ මෙන්ම දේශපාලන විද්‍යා අධ්‍යන අංශයේ විද්‍යාත්මක සමාජවාදය පිළිබඳ මහාචාර්ය ගූ ජින්ෂී (Gu Jinxi) සහෝදරයා විසින් ජජියාන් පළාතේ අත්දැකීම් සහ ක්‍රියාමාර්ග ඇසුරින් රාජ්‍ය ක්‍රියාකාරිත්යේ පරිවර්තනය සිදු කළ ආකාරය පිළිබඳ පැය දෙකක දේශනයක් පවත්වන ලදී.

පක්ෂ පාසලේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ සහායක මහාචාර්ය යූ ෂුන්හොං (Yu Shunhong) සහෝදරයා විසින් මෙම පළාතේ ආර්ථිකය ඉහළ මට්ටමින් විවෘත කිරිම පිළබඳ දේශනය පවත්වන ලදී.

Eranga Gunasekara gifting

මහජන ජීනය මේ දක්වා පැමිණි ගමණේදි මුහුණ දුන් අභියෝග සහ එම අභියෝග ජය ගැනීමට ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර ජජියාන් පළාත තවමත් දියුණු වෙමින් පවතින රටක පළාතක් ලෙස දියුණු ආර්ථික වර්ධනයක් අත්පත් කරගෙන ඇති ආකාරයත් ඒ් සඳහා පැමිණි ගමනේදී මුහුණදීමට සිදු වූ අභියෝගයන් පිළිබඳවත් එම අභියෝග ජයගත් ආකාරය පිළිබඳවත් මෙහිදී පුළුල් ලෙස අවධාරණය කරන ලදී.

මෙම පක්ෂ පාසල 1949දී නිල වශයෙන් ආරම්භ කර ඇති අතර වත්මන් නවීකරණය කරන ලද පක්ෂ පාසල ගොඩනගා ඇතිතේ 2014 වසරේදීය. මේ වනවිට පක්ෂ සාමාජිකයන් ලක්ෂ හතරක් පමණ පිටව ගොස් ඇති බවත් ආචාර්ය උපාධිය දක්වා විෂයන් 07ක් උගන්වන බවත් මෙහිදී අනාවරනය විය. පක්ෂ පාසලේ මූලික අරමුණ පක්ෂ සාමාජිකයන්ගේ දැනුම වර්ධනය කිරීම බවත් පක්ෂයේ දේශපාලන මූලිකාංග ඉගැන්වීම සිදු කරන බවත් ඒහිදී සදහන් විය. එමෙන්ම චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉතිහාසය පිළිබඳ අධ්‍යයන කටයුතු සිදු කරන බවත් ඒහිදී අනාවරණය විය. ජජියාන් පළාතේ පක්ෂ සංවර්ධනය වෙනුවෙන් මෙම පාසල විශාල කාර්ය භාර්යයක් සිදු කරන බවත් මීට පෙර මෙම පක්ෂ පාසල වෙනත් ස්ථාන 4කදී පැවති බවත් එහිදි අනාවරණය කරසිටියේය.