Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X
Jathika Jana Balavegaya (NPP)

Questions & Answers

CATEGORIES

Ask a question

Ask Questions
Lahiru Balasooriya

නිවාසයන්හි වහල මත සූර්යය පැනල සවිකිරීම සම්බන්ධව ගනු ලබන ක්‍රියාමාර්ග මොනවාද? ඒ සඳහා පුද්ගලයින් දිරිගැන්වීම වෙනුවෙන් ගනු ලබන ක්‍රියාමාර්ග මොනවාද?

Admin

පළමුව ඔබ විසින් ජාතික ජන බලවේගයේ අප වෙත මෙවැනි ප්‍රශ්නයක් යොමු කිරීම පිළිබඳව ස්තුතිය පුද කරමු. පොහොසත් රටක්... ලස්සන ජීවිතයක්..මැයෙන් ඉදිරිපත් කර තිබෙන ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පිටු අංක 172 සිට ඉදිරියට සුරක්ෂිත බල ශක්ති කේන්ද්‍රයක්... තිරසර විනිමය ප්‍රභවයක්..මැයෙන් අපගේ බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ ප්‍රතිපත්තිය ඉදිරිපත් කර තිබේ. ඒහිදී ඔබ සඳහන් කරන සූර්ය බලය අපගේ ප්‍රධාන බලශක්ති උත්පාදන ප්‍රභවයක් ලෙස සැළකිල්ලට ගෙන ඇත. එමගින් මෙගා වොට් දෙදහසක් ක්‍රමිකව ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීමට අදහස් කර තිබේ.

අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පහත සබැදි වලින් බාගතකළ හැක.

https://www.npp.lk/si/policies/npppolicystatement

https://www.npp.lk/ta/policies/npppolicystatement

https://www.npp.lk/en/policies/npppolicystatement

ඒ අනුව ඉදිරියේදී පිහිටුවනු ලබන ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් යටතේ නිසැක ලෙසම සාමාන්‍ය නිවාස වල සූර්යය පැනල සවිකිරීම පිළිබඳව විශේෂ අවධානයකින් කටයුතු කරන බව ඔබ වෙත කාරුණිකව දන්වමු. නැවතත් ඔබ අප හා එක්වීම පිළිබඳව අපගේ විශේෂ ස්තුතිය පුද කරමු

Isuka Kodithuwakku

මම freelancer කෙනෙක්. freelancing කියන්නෙත් බොහෝ ඩොලර් උත්පාදනය කළ හැකි ක්ෂේත්‍රයකි. ශ්‍රී ලංකාවේද බොහෝ පිරිසක් මෙම ක්ෂේත්‍රය තුළ සිටියි. නමුත් අපට ඇති විශාලම ප්‍රශ්නය වන්නේ මෙම freelancing ඔස්සේ උපයන මුදල් ලංකාවට ගෙන්වා ගැනීමේදී අපට මුහුණ දීමට සිදුවන ගැටලුයි. ප්‍රධාන වශයෙන්ම මෙම freelancing ආයතන ක්‍රියාත්මක වන්නේ ඇමරිකාව හා බ්‍රිතාන්‍යය කේන්ද්‍ර කරගෙනයි. එහිදී මෙම freelancing ආයතන බොහෝමයක් මුදල් හුවමාරු කරනු ලබන්නේ paypal නම් ආයතනය හරහා වේ. මෙම සෑම freelancing ආයතනයකම ප්‍රධානම මුදල් සංසරණ සහකරු paypal වේ. නමුත් මෙම paypal සදහා ශ්‍රී ලංකාව තුළ සම්පූර්ණයෙන් අවසර දී නොමැති නිසා ශ්‍රී ලංකාවේ freelancing කරන බොහෝ අය එම ක්ෂ්‍රේත්‍රය තුළ සාර්ථකව කටයුතු කරත් මුදල් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට නොහැකි වීමෙන් මෙම ක්ෂේත්‍රයේ නියැලෙන බොහෝ අය දුෂ්කරතාවයට පත්වී ඇති බව මෙම ක්ෂේත්‍රයෙ නියැලෙන ඕනෑම පුද්ගලයකුගෙන් ඇසිවොත් පවසන සුලබ කාරණයක්. තවද බොහෝ පිරිසක් මෙම ක්ෂේත්‍රයට ඒමට උත්සාහ කළද මෙම මුදල් ලංකාවට ගෙන්වා ගැනීමේදී ඇති දුෂ්කරතාව ඔවුන්ට මග අවහිර කර ඇත. මෙපමණ කාලයක් මා වැනි බොහෝ freelancing ක්ෂේත්‍රයේ නියැලෙන අය මුදල් ගෙන්වා ගැනීමේදී භාවිතා කළ ක්‍රමවේදය නම් පිලිපීනයේ ලියාපදිංචි ගිණුමක් ඇරඹීමයි. මේ සඳහා භාවිතා කරන මෙම ක්‍රමය බොහෝ අවදානම් වන්නේ බොහෝ දෙනා සමාන පිලිපීන දත්ත යොදා( Google හි ඇති ව්‍යාජ පිලිපීන හැදුනුම්පත් අංක , පිලිපීන වාහන බලපත්‍ර අංක ) ගිණුම් ආරම්භ කිරීමෙන් කාලයක් ගතවන විට ගිණුම්වල සත්‍යතාව තහවුරු කිරීමට නොහැකිව ගිණුම් සදාකාලිකවම අවලංගු වී යාමයි. මේ නිසා මට හා මා මෙන් මෙම ක්ෂේත්‍රයේ නියැලෙන බොහෝ දෙනාට මුදල් අහිමී ඇත. එවිට එය ETF බැංකුවේ මුදල් තැන්පත් කර මුදල් අහිමී වූ ජනතාව හා සමාන වෙයි. මෙම තත්වය මත දැන් දැන් බොහෝ දෙනෙක් මෙම ක්ෂේත්‍රය අත හැර දමමින් පවතී. එය ශෝචනීය කරුණකි. ශ්‍රී ලංකාව තුළ සම්පූර්ණ අවසර සහිතව paypal හා සමානව ක්‍රියාත්මක වන ආයතනයක් පවතී. එය payooner නම් ආයතනයයි. නමුත් මෙහි ඇති ගැටලුව නම් payooner සදහා බොහෝ freelancing ආයතන සහය නොදැක්වීමයි. එවිට එක් එක් පුද්ගලයා වැඩ කරන freelancing ආයතන තුළ payooner සඳහා අවසර තිබීමට හැකි වුවත් බොහෝ අවස්ථාවල සිදු වන්නේ අවස්ථාව නොමැති වීමයි. මෙය මාද අත්දුටු දෙයකි. මේ නිසා මටද මෙම ක්ෂ්ත්‍රයෙ විවිධ අවස්ථාවන් අහිමී ඇත. මේ සියලු ගැටලු වලට විසදුම නම් ශ්‍රී ලංකාව තුළ paypal සඳහා සම්පූර්ණ අවසරය ලබා දීමයි. දැනට paypal හි ශ්‍රී ලංකාව තුළ අවසර දී ඇත්තේ ගෙවීම් සිදු කිරීමට පමණයි. එයින් සිදු වන්නේ මෙරට ඇති රුපියල් ද පිටරටට යෑම පමණි. මා ඇතුලු මෙම ක්ෂේත්‍රයෙ නියතු බොහෝ දෙනා ඉල්ලා සිටින්නේ paypal හරහා ගිණුමට මුදල් ලබා ගැනීමටද අවස්ථාව සලසා දෙන ලෙසයි. එනම් paypal සදහා ශ්‍රී ලංකාව තුළ සම්පූර්ණ අවසරය ලබා දෙන ලෙසයි. මෙම ඉල්ලීම මෙම ක්ෂේත්‍රයේ බොහෝ දෙනාට හිතකරව බලපාන බව නොඅනුමානයි. කරුණාකර මේ පිළිබඳව විධිමත්ව සොයා බලා අවශ්‍ය නිවැරදි ක්‍රියාමර්ග ගන්නා ලෙස ඉල්ලා සිටිමි. මෙය ඔබගෙන්ම ඉල්ලීමට සිතුනේ ඔබගේ ප්‍රතිපත්ති සහ ජනතාව කෙරෙහි ඔබ තුළ පවත්නා ලෙන්ගතුකම නිසයි. තවද ඔබ නියත ජනපති වන බව අනිවාර්යෙන් සහතිකයි. කරුණාකර එම නිසා අපගේ ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් ලබා දෙන්න. ස්තූතියි , තෙරුවන් සරණයි.

Admin

පළමුව ඔබ විසින් ජාතික ජනබලවේගය වෙත මෙවැනි ප්‍රශ්නයක් යොමු කිරීම පිළිබඳව අපගේ ස්තුතිය පුද කරමු. ඔබ විසින් ඉදිරිපත් කර ඇති දීර්ඝ කරුණු පැහැදිලි කිරීම පිළිබඳව අප අවබෝධයක සිටින බව කාරුණිකව දන්වමු. එමෙන්ම ගෙවීම් ක්‍රමවේදයන් පිළිබඳ පැහැදිලි තීරණයක් ජාතික ජනබලවේගය ආණ්ඩුවක් යටතේ ගැනීමට අදහස් කරමු. ඒ නිසා ඔබ විසින් මේ යොමු කරන ලද තොරතුරු අපගේ ජාතික විධායක සභාව වෙත ද යොමු කර ඇති බව කාරුණිකව දන්වමු. නැවතත් ඔබ අප සමඟ සම්බන්ධ වීම පිළිබඳව අපගේ ස්තුතිය පිරිනමමු.

ශාන්ත ප්‍රගීත් පැලකැටියගේ

සුව දවසක් npp සමූහයට .🙏 මා විදේශගත ශ්‍රමිකයෙක් .ඔබතුමන්ලා බලයට පත්වුණ විගස.විදේශගත කම්කරුවන්ට ඇතිවී තිබෙන.අසාධාරණ.සහ තානාතිපති කාර්යාල වලින්..ඉටු නොවෙන.කාර්යයන් කෙරෙහි ඔබගේ දැනුවත් වීම පිණිස.මා ශ්‍රී ලංකාවේන් නීත්‍යානුකූලව විදේශගත වෙච්ච පුද්ගලයෙක්..මා රැකියාව නිරත වෙන්නේ කුවේට් රාජ්‍යයේ.කියන්න කණගාටුයි ඉතාමත්ම දූෂිත රාජ්‍යයක් (කුවේට් මිනිස්සු ඉතාමත් කුරිරුයි)ශ්‍රී ලංකාවේ තානාධිපති කාර්යාලයට කම්කරුවන් වෙනුවෙන් නීතිය කරගෙන යෑමට ලොකු බාධාව පැමිණ ඇත.(ඇතැම් රාජ්‍යතන්ත්‍රික නිලධාරීන් මුදල් වලට ආසාවෙන් තම රාජකාරිය නිසි පරිදි ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ඉටු නොකරති.කරුණාකර මේ තත්ත්වය වෙනස් කරන්න.ස්තුතියි nppයට ජය වේවා..

Admin

ඔබ විසින් යොමු කරන ලද පැනයට අපගේ ස්තූතිය පළමුව පිරිනමමු. විදේශ රැකියාවන් වල නියුක්තව සිටින ලක්ෂ සංඛ්‍යාත ශ්‍රි ලාංකිකයින් පිළිබදව ජාතික ජනබලවේගය විශේෂ අවධානයක් යොමු කර ඇති බව ඔබ මේ වන විටත් දන්වා ඇතැයි විස්වාස කරමු. ඒමෙන්ම ඔවුන් පිළිබදව වන අපගේ ප්‍රතිපත්තිය වෙනම වැඩපිළිවෙළක් ලෙස සවිස්තරාත්මකව ඉදිරිපත් කර තිබේ. ඒමෙන්ම ඔබ විසින් පෙන්වා දි ඇති තානාපති සේවයේ සිටින නිළධාරින්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව ද අපගේ අවධානය යොමුව ඇත. ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් යටතේ මෙම ගැටළු විසඳීම සඳහා මැදිහත් විමට කටයුතු කරන බව කාරුණිකව දන්වා සිටිමු. ඒමෙන්ම විදේශගත ශ්‍රි ලාංකිකයින්ට අදාල අපගේ ප්‍රතිපත්තිය සහ වැඩපිළිවෙළ අපගේ වෙබි අඩවියට පිවිස පරිශිලනය කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. ඔබ විසින් අප වෙත යොමු කරන ලද පැනය පිළිබඳව නැවතත් අපගේ ස්තූතිය පිරිණනමු.

Ishan dilusha

ක්‍රිඩා ප්‍රතිපත්ති මොනවාදැයි දැනගන්නේ කෙසේද?

Admin

ඔබ අප හා සම්බන්ධ වීම පිළිබදව පළමුව අපගේ ස්තූතිය පිරිනමමු. ක්‍රිඩාව හා ඒම ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්තිය අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශණයේ පිටු අංක 32 සිට ඉදිරියට ජව සම්පන්න පුරවැසියෙක්....ජයග්‍රාහී ජනතාවක්....යන තේමාව යටතේ දක්වා ඇත. ඒමෙන්ම පොහොසත් රටක්...ලස්සන ජිවිතයක් නමින් ඒළි දක්වන ලද අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පහත සබැදි වලින් බාගතකළ හැක.

https://www.npp.lk/si/policies/npppolicystatement

https://www.npp.lk/ta/policies/npppolicystatement

https://www.npp.lk/en/policies/npppolicystatement

ඔබ අප සමඟ සම්බන්ධ විම පිළිබඳව නැවතත් අපගේ ස්තූතිය පිරිණනමු.

Saneth Udayanga

ඔබ දන්නවද සුදුසුකම් කොච්චර තිබ්බත් දේශපාලන හෝ ආයතයක ඉහල තල්ලුවක් නැතුව සුදුසුකමට සරිලන රැකියාවක් ලංකාවේ ලබාගැනීමට ඉතා අපහසු බව. තව ඉන්න රැකියාවෙත් එක එක දේශපාලුවන් සහ ඉහල නිලධාරීන් පත් කරනලද සේවකයින්ට(බොහෝ විට සුදුසුකම් සපුරා නැති) පමණක් උසස් වීම් ලැබෙන බව. අනික් සුදුසුකම් සහිත සේවකයින්ට සිදුවන අසාධාරණය ගැන දන්නවාද?ලංකාවෙ රාජ්‍ය ආයතන බොහොමයක් මේ ආකාරයෙන් ක්‍රියාකරන බව දන්නවාද?. තවද ඔය දැන් ලොකුවට කියන privatize කිරීම කියල කරන්නෙ සේවකයින් ගේ සේවය man power company හරහා ලබාගැනීම බව. එතකොට එම සේවකයාගේ ශ්‍රමයෙන් වැඩි කොටසක් ඒ company වලට යන බව දන්නවාද? ඒ company 90% වඩි ප්‍රමාණයක් අයිති ඔය කියන දේශපාලුවන්ටම බව. සේවා සිථානවල ඉහල නිලධාරීන් පවා මේවාට තමාගෙ පවුද්ගලික ලාභ උදෙසා උදව් කරන බව ඔබ දන්නවාද? ඔබ දන්නවාද මේ දේවල් කතා කළවිට ඔබට රැකියා ස්ථානයෙන් තව තවත් අසාධාරණ සිදුවන බව.. සියලු දේ ඔබේ වැරදි වන බව... මමත් ඇතුලුව සේවකයි පිරිසක් 2020 නොවම්බර් 13 දින සිට කෝරෝන කාර්‍යසාධක බලකායක් ලෙස වරායෙ සියලු වැඩ නතර වූ වෙලාවක වරාය අදිකාරියේ සේවයට කැඳවන ලදි.එම පිරිසෙන් මා ඇතුලු බොහෝ කොටසක් අප රාජකාරිය බාරගත් ශේස්ත්‍රයේ සුදුසුකම් සැපිරූ පුද්ගයන් වේ.. අප වරාය අදිකාරියේ සේවයට ආ මුල් දිනවල කොරෝනා වසංගතය නිසා අප හට කිසිදු රාජකාරී ගිවිසුමක් දුන්නෙ නැහැ එයට හේතුව ලෙස ප්‍රකාශ කලේ එම කටයුතු කිරීමටවත් පිරිසක් එම වසංගත සමයේ සේවයට නොපැමිනි බවයි. එදා සිට අද දක්වාම අප තාමත් සේවයේ නිරත වෙමිනි සිටී.. නමුත් මෙම කාලය තුල අපට පැවසූ අන්දමින් වරාය අධිකාරියට බඳවා නොගෙන man power ආයතන වලට අපව බලහත්කාරයෙන් සම්බන්ද කිරීමට වරායාදිකාරියේ ඉහල දූශිත නිලධාරීන් සහ වරායට සම්බන්ද දූශිත දේශපාලකයින් ක්‍රියා කරමින් සිටී... අද වන විට අවුරුදු 4ක සේවාකාලයකට ආසන්න වුවත් අප කිසිදු කෙනෙකුට මූලික වටුපක් නොලැබේ, කිසිදු ලෙඩ නිවාඩුවක් නොලැබේ අපිට ගෙවීම් සිදුවන්නෙ වැඩකර දින ගනනටයි. තවද අපගේ පඩියෙ epf ලෙස කපාගන්න මුදල ගැන කිසිදු තොරතුරක් සොයාගත නොහැක. කිසිදු අතිකාල ගෙවීමක් නොමැත. Epf කපා ගැනීම මූලික වැටුපක් නොමැතිව කපාගන්නා ආකාරයද පැහැදිලි නැත. මෙම කාලය තුල විවිධ දේශපාලකයින්ගේ සහ වරාය ඉහල තනතුරුවල හැඳුනුම් කම් ඇති පුද්ගලයින්ගේ අයවලු අප සිටිනා තැනට අතිරික්ත සේවකයන් සිටියදීත් බඳවා ගන්නා ලදි. එම සේවකයින්ගෙන් සමහරක් පිරිසට කරන රැකියාවට ස්දුසුකම්වත් තිබුනේ නැත. නමුත් මේ වන විට ඔවුන්ට උසස් වීම් පවා ලබා දෙමින් පවතී... සියලු සුදුසුකම් සපුරා අවුරුදු ගණනක් සේවය කරමින් කොරෝනා සමයේ තම ජීවිතයට අවදානමට ලක් කර ගනිමින් අප සේවයට පැමිණියේ දහසක් බලාපොරොත්තු සමගය. නමුත් අද වන විට ඒ සියලු බලාපොරොත්තු නැතිවී ගොස් තිබේ.. අපගේ තරුණ වයස ශක්තියට කිසිදු වටිනාකමක් නොමැතිව ශය වෙමින් පවතී.. බොහෝදෙනා සිතන්නෙ තරුණ අපට වගකීම් අඩු බවයි. පවුද්ගලිකව පාසල් කාලයේ සිට මා මුදල් උපයීමට වෙහෙස වූවෙක්මි. ඒ මාගේ පවුල මගේ වගකීමක් වූ නිසා.. ඔබ තුමන්ගේ වැඩ පිලිවල පිළිබඳ පැහැදීමක් ඇති නිසා මා මේ සියලු දේ මෙහි ප්‍රකාශ කලෙමි. මේ පිළිබඳ ඔබට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද? ඔබගෙන් සාධාරණයක් බලාපොරොත්තු වෙමු.

Admin

ඔබ විසින් යොමු කරන ලද දිර්ග කරුණු දැක්වීම සහ පැනයට අපගේ ස්තූතිය පළමුව පිරිනමමු. අපේ රටේ කම්කරුවන් සහ විවිධ ආයතන වල සේවය කරන සේවකයින් මුහුණ දෙන ගැටළු පිළිබදව ජාතික ජනබලවේගයට ඉතා හොඳ අවබෝධයක් තිබේ. ඒමෙන්ම ඔබ පෙන්වා දෙන මැන් පවර් සේවක ගැටළුව පිළිබදව ද අපට හොද අවබෝධයක් තිබේ. පොහොසත් රටක්...ලස්සන ජිවිතයක්... අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශණයේ පිට අංක 69 සිට කාර්යක්ෂම ශ්‍රම සම්පතක්...ගෞරවනිය වෘත්තීය ජිවිතයක් ...යන තේමාව යටතේ අපගේ කම්කරු ප්‍රතිපත්තිය ඉදිරිපත් කර ඇත. එහි ඔබ මතු කරන ගැටළු වලට අදාලව අපගේ විසදුම් යෝජනා කර ඇත. 

අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පහත සබැදි වලින් බාගතකළ හැක.

https://www.npp.lk/si/policies/npppolicystatement

https://www.npp.lk/ta/policies/npppolicystatement

https://www.npp.lk/en/policies/npppolicystatement

ඒමෙන්ම ඔබ විසින් පෙන්වා දි ඇති ගැටළුව අප අපගේ ජාතික විධායක කමිටුව වෙත ද යොමු කරන ලද බව දන්වා සිටිමු. ඔබ අප සමඟ සම්බන්ධ විම පිළිබඳව නැවතත් අපගේ ස්තූතිය පිරිණනමු.