Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X
Jathika Jana Balavegaya (NPP)

Questions & Answers

CATEGORIES

Ask a question

Ask Questions
Lahiru perera

හැම ටවුන් එකකටම විදිමත් නාගරික සැලසුමක අවශ්‍යයි.විශේෂයෙන්ම ක්‍රමවත් කානු පද්ධතියක් අවශ්‍යයි.මන්ද යත් බහුතරයක් නගර එක වැස්සටත් ජලයෙන් යට වෙනව.ඒවගේම තමයි ප්‍රමාණවත් වාහන නැවත්වීමේ පසුකම්ද නැත.(මම පානදුර)

Admin

ඔබ විසින් යෝජනාවක් යොමු කරමින් අප සමඟ සම්බන්ධ වීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව පිරිනමමු. ජාතික ජනබලවේගය ආණ්ඩුවක් යටතේ විෂිමත් සංවර්ධනයට ප්‍රමුඛතාවය ලබා දෙන බව අප මේ වන විටත් ප්‍රකාශ කර තිබේ. ඒ් පිළිබඳව පොහොසත් රටක්...ලස්සන ජිවිතයක් නමින් ඒළි දක්වන ලද අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශණය තුළ ද අන්තර් ගතතිබේ. විශේෂයෙන් නාගරික සංවැ්ධනය පිළිබදව අප විශේෂ අවධානයක් යොමු කරන බව ද කාරුණිකව දන්වා සිටිමු.

අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පහත සබැදි වලින් බාගතකළ හැක.

https://www.npp.lk/si/policies/npppolicystatement

https://www.npp.lk/ta/policies/npppolicystatement

https://www.npp.lk/en/policies/npppolicystatement

කෙසේ වෙතත් ඔබ විසින් පෙන්වා දි ඇති මේ කරුණු ජාතික ජනබලවේගයේ ජාතික විධායක කමිටුව වෙත යොමු කරන ලද බව කාරුණිකව දන්වා සිටිමු. එමෙන්ම ඔබගේ මේ අදහස් අප තවදුරටත් දිරිගන්වන සුළු බව ද කාරුණිකව දන්වා සිටිමු. ඔබ අප සමඟ සම්බන්ධ විම පිළිබඳව නැවතත් අපගේ ස්තූතිය පිරිණනමු.

මදුසුරංග

කෝරොනා වැඩ කරපු මෑන් පවර් සේවකයන්ට කුමක්ද වෙන්නේ කියලා දැන ගන්න කැමතියි. වැඩ කරල රට ගිය අයට සාදරනයක් කරනවාද?

Admin

ඔබ විසින් යොමු කරන ලද පැනයට අපගේ ස්තූතිය පළමුව පිරිනමමු. අපේ රටේ කම්කරුවන් සහ විවිධ ආයතන වල සේවය කරන සේවකයින් මුහුණ දෙන ගැටළු පිළිබදව ජාතික ජනබලවේගයට ඉතා හොඳ අවබෝධයක් තිබේ. ඒමෙන්ම ඔබ පෙන්වා දෙන මැන් පවර් සේවක ගැටළුව පිළිබදව ද අපට හොද අවබෝධයක් තිබේ. පොහොසත් රටක්...ලස්සන ජිවිතයක්... අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශණයේ පිට අංක 69 සිට කාර්යක්ෂම ශ්‍රම සම්පතක්...ගෞරවනිය වෘත්තීය ජිවිතයක් ...යන තේමාව යටතේ අපගේ කම්කරු ප්‍රතිපත්තිය ඉදිරිපත් කර ඇත. ඒහි ඔබ මතු කරන ගැටළු වලට යම් ප්‍රමාණයක අපගේ විසදුම් යෝජනා කර ඇත.

අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පහත සබැදි වලින් බාගතකළ හැක.

https://www.npp.lk/si/policies/npppolicystatement

https://www.npp.lk/ta/policies/npppolicystatement

https://www.npp.lk/en/policies/npppolicystatement

ඒමෙන්ම ඔබ විසින් පෙන්වා දි ඇති ගැටළුව අප අපගේ ජාතික විධායක කමිටුව වෙත ද යොමු කරන ලද බව දන්වා සිටිමු. ඔබ අප සමඟ සම්බන්ධ විම පිළිබඳව නැවතත් අපගේ ස්තූතිය පිරිණනමු.

ඉරෝෂ් ජේ චතුරංග

මම යෝජනා කරනවා. දැනට ලංකාවේ පවතින පාසැල් අධ්‍යාපනය ඉංග්‍රීසි මාධ්‍ය මගින් පමනක් සිදුකරන ලෙස සහ නීතිය විශයක් ලෙස ඉගැන්වීම අත්‍යවශ්‍යයි. මොකද මිනිස්සු ගොඩක් රටේ නීතිය පිලිබදව දැනුවත් කම අඩුයි එය මිනිසුන් පිරිහී යාමට ඉතා විශාල ලෙස දායක වී ඇත.

Admin

ඔබ විසින් යෝජනාවක් යොමු කරමින් අප සමඟ සම්බන්ධ වීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව පිරිනමමු. ජාතික ජනබලවේගය ආණ්ඩුවක් යටතේ අධ්‍යාපන ප්‍රතිසංස්කරන වලට ප්‍රමුඛතාවය ලබා දෙන බව අප මේ වන විටත් ප්‍රකාශ කර තිබේ. ඒ් පිළිබඳව පොහොසත් රටක්...ලස්සන ජිවිතයක් නමින් ඒළි දක්වන ලද අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශණයේ මුල්ම යෝජනාව ලෙස එළි දක්වා ඇත.

අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පහත සබැදි වලින් බාගතකළ හැක.

https://www.npp.lk/si/policies/npppolicystatement

https://www.npp.lk/ta/policies/npppolicystatement

https://www.npp.lk/en/policies/npppolicystatement

කෙසේ වෙතත් ඔබ විසින් පෙන්වා දි ඇති මේ කරුණු ද ඉතා වැදගත් වන බව අපගේ මතයයි. එම නිසා ඔබ විසින් යොමු කර ඇති මෙම අදහස අප ජාතික ජනබලවේගයේ ජාතික විධායක කමිටුව වෙත යොමු කරන ලද බව කාරුණිකව දන්වා සිටිමු. එමෙන්ම ඔබගේ මේ අදහස් අප තවදුරටත් දිරිගන්වන සුළු බව ද කාරුණිකව දන්වා සිටිමු. ඔබ අප සමඟ සම්බන්ධ විම පිළිබඳව නැවතත් අපගේ ස්තූතිය පිරිණනමු.

Ravindu Abeysinghe

විධායක ජනාධිපති ක්‍රමවේදය සහ පාර්ලිමේන්තු ක්‍රමවේදය සම්බන්ධව ඔබලාගේ ආණ්ඩුවක් යටතේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බව ප්‍රකාශ කර තිබෙනවා.ශ්‍රී ලාංකීය සමාජය එය හෙබවීමට තරම් දියුණු බවක් කින් යුක්ත නොවන බවයි ඔබලාගේ තර්කය වන්නේ.ඔව් එය නිවැරදි. එම නිසා විධායක ජනාධිපති ධුරයේ පවතින අධික බලතල ඉවත්වීම අනිවාර්යයෙන් සිදු විය යුතු දෙයක්. නමුත් දැනට පවතින ක්‍රමවේදය තුළ රටේ සමස්ත ජනතාවට රටේ ඉහළම පුද්ගලයා තෝරා පත් කර ගැනීමට පවතින එකම ක්‍රමවේදය එයයි. එය අහෝසි කර අප පාර්ලිමේන්තු ක්‍රමවේදයක් වෙත ගමන් කළහොත් එම බලය පාර්ලිමේන්තු සාමාජිකයන් වෙත පැවරෙනවා(225 වෙත). එවන් පද්ධතියක් තුළ රටේ බලවත්ම පුද්ගලයා වීමට වෙර දරන පුද්ගලයන්ගේ වැඩිම අවධානයක් හිමිවන්නේ ජනතාව වෙනුවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ප්‍රසාදය ලබා ගැනීමටයි. එවන් ක්‍රමවේදයක් දූෂිත ක්‍රමවේදයක් වීමට වැඩි ඉඩකඩක් පවතිනවා. තවද උදාහරණයක් ලෙස ඡන්ද 50,000 ක් ලබා පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්ත්‍රීවරයෙකුගේ හා ඡන්ද 500,000 ක් ලබා පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්ත්‍රීවරයෙකුගේත් දෙදෙනාගේම පාර්ලිමේන්තු ඡන්දයක අගය 1 වෙන්වා. එවන් තත්ත්වයක් යටතේ පාර්ලිමේන්තු ඡන්දයකින් අගමැතිවරයෙකු තෝරාපත් කර ගැනීමේදී සමස්ත රටේ ජනතාවගේ මතය නිරූපණය නොවීමට වැඩි ඉඩක් පවතිනවා. මෙම ප්‍රශ්න සැලකිලි කොටගෙන විධායක ජනාධිපති ධූරය අහෝසි කරනවා වෙනුවට විධායක ජනාධිපති ධුරයේ පවතින අධික බලතල අහෝසි කොට රටේ සමස්ත ජනතාවගේ මතයකින් තේරී පත්වන පුද්ගලයා රටේ ප්‍රධානියා වීමට ඉඩ සැලසෙන ක්‍රමවේදයක් නිර්මාණය කළ යුතු බවයි අපගේ යෝජනාව. මනුෂ්‍යයා විසින්ම නිර්මාණය කළ පාර්ලිමේන්තු ක්‍රමවේදය හෝ ජනාධිපති ක්‍රමවේදය යන ක්‍රමවේද අතර හිරවනවා වෙනුවට දෙකෙහිම පවතින යහපත් දෑ උකහාගෙන නව ක්‍රමවේදයක් වෙත යා යුතු බවයි අපගේ විශ්වාසය. ස්තුතියි!

Admin

ඔබ විසින් යොමු අදහසක් යොමු කරමින් අප සමඟ සම්බන්ධ වීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව පිරිනමමු. ඔබ විසින් පෙන්වා දි ඇති කරුණු ද ඉතා වැදගත් වන බව අපගේ මතයයි. එම නිසා ඔබ විසින් යොමු කර ඇති මෙම අදහස අප ජාතික ජනබලවේගයේ ජාතික විධායක කමිටුව වෙත යොමු කරන ලද බව කාරුණිකව දන්වා සිටිමු. එමෙන්ම ඔබගේ මේ අදහස් අප තවදුරටත් දිරිගන්වන සුළු බව ද කාරුණිකව දන්වා සිටිමු. ඔබ අප සමඟ සම්බන්ධ විම පිළිබඳව නැවතත් අපගේ ස්තූතිය පිරිණනමු.

K.H.M.Samaranayake

මා හට මේ වන තෙක් රජයේ රැකියාවක් සදහා කොපමණ වෙහෙස වුවද එය මෙතෙක් සාර්ථක වීනැත,එබැබින් රජයේ රැකියාවක් ආපේක්ෂා කරමි.

Admin

ඔබ විසින් යොමු අදහසක් යොමු කරමින් අප සමඟ සම්බන්ධ වීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව පිරිනමමු. ජාතික ජනබලවේගය ආණ්ඩුවක් යටතේ අපේ රටේ පවතින විරැකියාව ස්ථිර ලෙස තුරන් කිරීම සඳහා වන වැඩපිළිවෙළක් සකස් කර තිබේ. ඔබ විසින් මේ වන විට මුහුණ දෙමින් සිටින තත්වය ඒ් අනුව විසඳෙනු ඇති බව අපගේ විස්වාසයයි. මේ වන විට ඔබ විසින් අප කෙරෙහි තබා ඇති විස්වාසය ඒ් අයුරින්ම සුරකින බව කාරුණිකිව දන්වා සිටිමු. ඒමෙන්ම ඔබගේ මේ අදහස් අප තවදුරටත් දිරිගන්වන සුළු බව ද කාරුණිකව දන්වා සිටිමු. ඔබ අප සමඟ සම්බන්ධ විම පිළිබඳව නැවතත් අපගේ ස්තූතිය පිරිණනමු.