AKD සහෝදරයා දබානේ ආදිවාසීන් ද අමතනු ඇතියි යනුයි යන්න මගේ යෝජනා වයි
ඔබගේ අදහස අප වෙත යොමු කිරීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ඔබගේ යෝජනාව ජාතික ජනබලවේගයේ විධායක කමිටුව සහ මැතිවරණ මෙහෙයුම් කමිටුව වෙත යොමු කර ඇති බව දන්වා සිටිමු. අනුර දිසානායක සහෝදරයාගේ සහභාගී විමේ ප්‍රායෝගික තත්වයන් සැළකිල්ලට ගෙන මෙහිදි කටයුතු කරනු ඇත. ඔබගේ අදහස් අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.
1988-89 රජය නිළ නොවන හමුදා (ප්‍රා....) යොදා ගනිමින් කළ අපරාධ සියල්ල ජවිපෙ ගිනුමට බැර කරමින් කරණ සාවද්‍ය ප්‍රචාරයට ඒරෙහිව 88-89 සැබෑව පුළුල් සංවාදයකට ලක් කළයුතු නැද්ද ?
ඔබගේ ගැටළුව සහ අදහස අප වෙත යොමු කිරීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ඔබගේ යෝජනාව ජාතික ජනබලවේගයේ විධායක කමිටුව සහ මැතිවරණ මෙහෙයුම් කමිටුව වෙත යොමු කර ඇති බව දන්වා සිටිමු. ඔබගේ අදහස් අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.
ගරු මහත්මයාණෙනි/ මිය, ජනාධිපතිවරණ මැතිවරණ පත්‍රිකාව සලකුණු කිරීඑම් ක්‍රමවේදය පිළිබඳව බොහෝ දෙනා නොදැනුවත් භාවය නිසා වික්ෂිප්ත වී සිටිති. අංක 1 ද කතිරයද යන්න බරපතල ගැටළුවක් වී තිබේ. එබැවින් බොහෝ චන්ද ප්‍රමාණයක් ප්‍රතික්ෂේප වීමට වැඩි ඉඩකඩක් තිබේ. සියලුම NPP රැලි වලදී සහ දැන්වීම් දැන්ම සිටම ගින් ජනතාව දැනුවත් කිරීමට ක්‍රියාත්මක වන්නේ නම් එය ප්‍රතිපලදායක වනු ඇත.
ඔබගේ අදහස අප වෙත යොමු කිරීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ඔබගේ යෝජනාව ජාතික ජනබලවේගයේ විධායක කමිටුව සහ මැතිවරණ මෙහෙයුම් කමිටුව වෙත යොමු කර ඇති දන්වා සිටිමු. ඔබගේ අදහස් අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.
අපේ දරුවන්ගෙ අනාගතේ ගැන හිතල මං npp රට හදන වැඩ පිලිවෙලට ඉතාමත් කැමැත්තෙන් දායක වීමට ඉස්තීර තීරණයක ඉන්නව. නමුත් මට සහය වෙන්න පුලුවන් කොහොමද? අද 2024/06/19 වෙනිද. Youtube එකේ වීඩියෝ එකක් දැක්ක අද අනුර කුමාර මහත්තයගේ. එතුමාගෙ අදහස් ඇත්තටම සුපිරි ඒකෙන් මං තෝර ගත්ත කෘෂිකාර්මයට අදාල වැඩ පිලිවෙල. එතුමා කියනව උත්සහවන්ත තරුනයන්ට වගාකටයුතු කරන්න පහසුකම් සපයනව කියල. මං අවුරුදු 35 දරුවො දෙන්නෙක් ඉන්න තාත්ත කෙනෙක්. මං ජීවත් වෙන්නෙ පර්චස් 12ක ඉඩමක. දවසෙ පඩියට නැහිල ගන්න සල්ලි කියකින් හරි තමයි දරුවො දෙන්නට උගන්නගෙන කන්න පුලුවන් විදියට කාල ජීවත් වෙන්නෙ. හිතේ තියෙන ආසාවල් බලාපොරොත්තු ඉලක්ක හිතේම මැරෙනව. දුකයි ඇත්තටම අසාධාරණකම් හැමතැනම. ඉතින් අනුර මහත්තය කියුව ලංකාවෙ රජයට අයිති ඉඩම් වගාවට උනන්දු තරුන උත්සහවන්ත මිනිස්සුන්ට කොන්දේසි සහිතව ලබාදෙන වැඩපිළිවෙළක් තියෙනව කියල. මට කඩිසර ශරීරයක් එක්කම, වගා කරන්න උනන්දුවක් තියෙනව. මගේ පදිංචිය ගාල්ල වදුරඹ කොකාවල ග්‍රාමසේවා වසමෙ. මෙහේ මහ විශාල වතුයායවල් තියෙනව හැබැයි 3/1 තුනෙක් එකකවත් ආධායමක් ගන්නෙ නෑ. අපි දකින දේවල් තමයි මේ මේ ඉඩම් වල පස හරිම සරු සාරයි. ගමේ තරුන මිනිස්සු ඉන්නව ගොඩක් උත්සහවන්ත. ඉල්ලීම මේකයි අපි කැමතියි හිස් ඉඩම් සම්පූර්ණයෙන් වගා කරන්න. අපේ ශ්‍රමයෙන් රටේ සංවර්ධනයට දායක වෙන්න අපි ලෑස්තියි. අපනයනය කරන්න පුලුවන් පලතුරු වර්ගයකට මෙහේ දේශගුනය හා පස ගැලපෙනව කියල විශ්වාස කරනව. එක් අයෙක් අක්කර 2ක් වෙනුවෙන් මහන්සි වෙනවානම් අනිවාර්යයෙන් සෑහෙන ආධායමක් උපයන්න පුලුවන් වෙනව. හීන හැබෑවෙන බලාපොරොත්තු ඉටුවෙන ලංකාව ගැන ආඩම්බර වෙන හෙට දවසක් ප්‍රාර්ථනා කරනව. ස්තුතියි.. rply එකක් එවි කියල බලාපොරොත්තු වෙනව.
ඔබගේ ගැටළුව සහ අදහස අප වෙත යොමු කිරීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ජාතික ජනබලවේගය විසින් එළි දක්වන ලද පොහොසත් රටක්...ලස්සන ජිවිතයක් ...ප්‍රතිපත්ති ප්‍රකාශණයේ 110 වැනි පිටුවේ ඉහළ ඵලදායිතාවයක්...ආහාර සුරක්ෂිත රටක්... මැයෙන් කෘෂිකර්මාන්තයට අදාල අපගේ වැඩපිළිවෙළ ඉදිරිපත් කර තිබේ. එහි ඉඩම් පරිහරණය කාර්යක්ෂම සහ ඵලදායි කිරිම පිළිබඳව වන අපගේ ප්‍රතිපත්තිය දක්වා ඇත. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු අපගේ වෙබ් අඩවිය වන www.npp.lk වෙබ් අඩවියට පිවිස ඔබට බාගත කළ හැකිය. ඒ සඳහා පහත සබැඳියන් භාවිතා කරන්න.
https://www.npp.lk/si/policies/npppolicystatement
https://www.npp.lk/ta/policies/npppolicystatement
https://www.npp.lk/en/policies/npppolicystatement ඔබගේ ගැටළු අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.
මම මාතර නිල්වලා පහල නිම්නයේ විශාලතම ගොවි බිම් ප්‍රදේශයක් නියෝජනය කරන ගොවි සංවිධානය වන උඩුව බටහිර ගොවි සංවිධානයේ සබාපති වනඅතර අපහට ඇති ප්‍රධාන ගැටළුව වන්නේ දැනට නිල්වලා ලවණ බාධකය පිළීබඳ ගොවිජනතාව මුහුණ දී ඇති ගැටළුවට ජා.ජ.බලවේග රජයක් යටතේ ගන්නා ක්‍රියාමාර්ගයක් කිසිම අවස්ථාවක ප්‍රකාශ නොකර මුණිවත රකින්නේ කුමණ පදනමකින්ද යන්නත්, එමෙන්ම පසුගිය පාර්ලිමේන්තු සැසිවලදී කිසිම අවස්ථාවක ජාතික ජන බල වේග නියොජිතයෙකු මේ ගැන මුනිවත රැකීම සිදුකලේ ඇයිද යන්නය රටේ ජාතික ප්‍රශ්න තිබෙන බව සැබෑ නමුත් මාතර ජනයාට මෙම ගැටළුවද ජාතික ප්‍රශ්ණයත් තරමටම ගැටළුවකි. මේ පිළීබඳ කඩිනම් පිළිතුරක් අපේක්ෂා කරමු එමෙන්ම මාතර දිස්ත්‍රික්කයේ කුඹුරු සංවර්ධනය පිළිබඳ සංවර්ධ සැලස්ම් සකස්කරනවිට අප ගොවි සංවිධාන නියෝජනයක්ද ලබා ගන්නා ලෙස ඉල්ලා සිටිමු.
ඔබගේ ගැටළුව සහ අදහස අප වෙත යොමු කිරීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්තිය වන්නේ රටේ ගොවි ජනතාවට ප්‍රමුඛතාවය ලබා දී ඔවුන් මුහුණ දෙන ගැටළු පිළිබදව අවධානය යොමු කර ඒවා කඩිනමින් විසඳිමයි. ඒ අනුව ඔබ විසින් පෙන්වා දී ඇති නිල්වලා ලවණ බාධකය පිළිබඳ ගොවිජනතාව මුහුණ දී ඇති ගැටළුව පිළිබඳව ද අපගේ විශේෂ අවධානයක් යොමු කරමු. එමෙන්ම ඔබ විසින් ඉල්ලා ඇති පරිදි මාතර දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික සංවර්ධනයට අදාල සැළසුම් සකස් කරන විට උඩුව බටහිර ගොවි සංවිධානයේ සහභාගීත්වය ද ලබා ගැනිමට අදහස් කරන බව කාරුණිකව දන්වා සිටිමු. එමෙන්ම මෙම ගැටළුව සහ යෝජනාව අප දැනටමත් මාතර දිස්ත්‍රික් ජාතික ජනබලවේගයේ විධායක කමිටුව වෙත යොමු කර තිබෙන බව ද දන්වා සිටිමු. ඔබගේ ගැටළු අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.