Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
Media notification Meeting of Colombo District Doctors U.S. Assistant Secretary Donald Lu Engages with National People’s Power (NPP) Representatives… A meeting between the Indo-Pacific Regional Director of the UK and the leader of the NPP Norwegian Ambassador meets the leader of the NPP
X
Jathika Jana Balavegaya (NPP)

Questions & Answers

CATEGORIES

Ask a question

Ask Questions
Prasad Weeraconda Arachchi

අයුබෝවන්, කඩවත ඉදිකර ඇති Highway bus stand එක මේ වන තෙක් මහජනතාවගේ ප්‍රයෝජනයට භාවිතා කිරීම සඳහා විවෘත නොකරන්නේ ඇයි?

Admin

ස්තුතියි . එය පවතින රජයේ දේශපාලන කඹ ඇදිලි නිසා වන්නක් විය හැක. ඒ පිළිබඳ සොයා බැලීම සඳහා එම ප්‍රදේශයේ සිටින ජාතික ජනබලවේගය නියෝජිතයන් වෙත ඔබගේ පණිවිඩය යොමු කළෙමු. ස්තුතියි

K.L Sandun Jayasinha

මම වයස අවු.20ක තරුණයෙක් මම කැමති ගොවිතැන් කරන්න. එත් එකට මට හරියන ඉඩක් නෑ. දැනට මම ඉන්න ගෙදර තියෙන පොඩි ඉඩෙන් මගේ වැඩ පටන් අරන් තියෙන්නේ. එත් ගැටලුවක් විදිහට තියෙන්නේ අපි ඉන්න ඉඩමට ඔප්පුවක් නෑ එ නිසා අපි ඉන්න ඉඩම අනිත් ඉඩම් වල අය අල්ලගෙන ඉන්නේ. මගේ වැඩ වලට ජලය අවශ්‍ය වෙන නිසා නළලිදක් සැදිමට අවශ්‍යතාවයක් තිබුණත් ඉඩමට ඔප්පුවක් නැතිකම නිසා එක නතර උනා.. මහවැලි ඉඩම් නිසා ඔප්පුවක් හදන්න ගියත් දැන් ඔප්පු නිකුත් කිරිම නතර කරලා කියලා කියනවා..පුලුවන්නම් මට අපේ ඉඩමට ඔප්පුවක් හදා ගන්න වැඩ පිළිවෙළක් හදලා දෙන්න.

Admin

ඉඩම් සහ ඉඩම් හිමිකම් පිළිබඳ ගැටළුව චිරාත් කාලයක සිට අපේ රටේ සාමාන්‍ය ජනතාව මුහුණ දි ඇති ගැටළුවකි. තමන් පදංචිව සිටන ඉඩම සහ වගා කරන ඉඩම පිළිබද තීන්දු තීරණ ගැනීමට, අදාල පුද්ගලයාට අයිතියක් තිබිය යුතුය. මේ පිළිබදව අපගේ අවධානය යොමු වී ඇත. ජාතික ජනබලවේගය පාලනයක් යටතේ නිසැක ලෙසම නිවාස, ඉඩම් සහ අවශේෂ ගැටළු විසඳීම සඳහා ප්‍රමුඛතාවය දී කටයුතු කරන බව කාරුණුකව ඔබ වෙත දන්වා සිටිමු.

Orchid

අවුරුදු හැත්ත හයක් පුරාවට තම තමන්ගේ හෙහෙංචයින්ගෙන් හැම ආයතනයකටම දාලා ඉන්නවා.ඉතින් ඒ හැමෝම කලේ ඒ අයගෙ වැඩ.රටේ බාරගත්තට පස්සෙ ඒ අයගෙන් වැඩ කරගන්න පුළුවන් කියලා හිතනවද.ඒ දාපු මිනිසුන්⁣ වැඩ කරන්නේනේ දාපු අය කියන විදියටයි.අළුත පත්වන ආණ්ඩු වලට වැඩිකල් රදාා පැවැත්මක් නැතිවෙලා මිනිසුන් හිතපු වෙනස දකින බැරි වෙයිද.කියන වෙනස කරන්න පුළුවන් වෙයිද

Admin

ස්තුතියි ඔබගේ අදහසට. එසේ වී තිබෙන්නේ සුදුසුකම , පළපුරුද්ද , අත්දැකීම් අභිභවා දේශපාලනය , ඥාති සංග්‍රහය , හොරකම සලකා පත්වීම් ලබා දීමයි. ජාතික ජනබලවේගය රජයක් වෙනස් වන්නේ ඒ නිසාමයි . සුදුස්සාට සුදුසු තැන හිමිවන , දේශපාලනයෙන් තොරව රාජකාරි කිරීමට නිදහස් වටපිටාවක් සෑදීම තුලම ඔබ කියන ප්‍රශ්නය විසඳෙනු ඇති . ජාතික ජනබලවේගය කෙරෙහි විශ්වාසය තබන්න. ස්තුතියි

J M S P Jayawardana

01 ජනතා හිතවාදි ලෙස ප්‍රවාහන/ මාර්ග පද්ධතිය වෙනස් කල යුතුයි ඒ සදහා මාහට සැලැස්මක් ඇත .

Admin

ස්තුතියි . ඔබගේ සැලැස්ම අප වෙත ලිඛිතව යොමු කරන්නේ නම් අදාළ අංශය වෙත යොමු කල හැකි යි. ස්තුතියි

EGL chandrarathna

Please provide information whether there is any political interference in the certificates issued under the RPL system by theTertiary Education Commission.

Admin

Thank you for your inquiry . Under an NPP government , there won't be any political intervention or interference to any matter whatsoever. That we can ensure. Regards