Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
Media notification Meeting of Colombo District Doctors U.S. Assistant Secretary Donald Lu Engages with National People’s Power (NPP) Representatives… A meeting between the Indo-Pacific Regional Director of the UK and the leader of the NPP Norwegian Ambassador meets the leader of the NPP
X
Jathika Jana Balavegaya (NPP)

Questions & Answers

CATEGORIES

Ask a question

Ask Questions
සුරංග ගුණසේකර

මට ගැටලුවක් නැ. මට කියන්න තියෙනනෙ හැකිනම් මේ රටේ මිනිස්සුන්ට දේශපාලනය ඒවගේම තමන්ගේ ජන්දය පාවිච්චි කරන ආකරය මේවන් දේ පිලිබදව වැඩමුලු පවත්වන්න( හැකිනම් ජන්දේට කලින් 👍)

Admin

NPP ජයග්‍රහණය වෙනුවෙන් ඔබ දක්වන උනන්දුව සම්බන්දයෙන් ස්තූතිවන්ත වෙමු. එසේම ඔබ ඉතා නිවැරදිව සඳහන් කර ඇති පරිදි එම අභියෝගය ජය ගැනීමට හැකි උපරිම මැදිහත් වීම කරමින් සිටිමු. මෙය සුවිශාල මහජන ක්‍රියාකාරීත්වයක් නිසා එයට ඔබගේ ද දායකත්වය අපේක්ෂා කරමු. ස්තූතියි.

Sisira Tennakoon

හිතවත් සොයුර , ජාතික ජනබලවේගයේ නායක සහෝදරයාගේ සහ සෙසු ප්‍රධාන සොයුරන්ගේ කථා වලට මා මෑතක සිට උනන්දු වෙන් ඇහුම්කන් දෙමි. ඒ අනුව අධ්‍යාපනය , සෞඛ්‍ය , ආහාර සුරක්ෂිතතාව සඳහා කෘෂිකර්මය සහ සත්වපලනය මුලිකව ඉක්මනින් ප්‍රවර්ධනය කිරීම තුලින් පොදු ජනතාව ගේ බොහොමයක් ගැටළු සඳහා විසදුම් ලබාදීමට හැකිවනු ඇත. ඒවගේම එම සේවා සහ භාණ්ඩ සියලු පුරවැසියන්ට නියමිත ප්‍රමිතියෙන් යුතුව සාධාරණ මිලට බෙදා හැරීම ඉතාම වෙදගත් කරුණකි. මේ සඳහා ඇති පහසුම සහ විනිවිද භාවයෙන් යුතු ක්‍රමය නම් උක්ත ක්ෂේත්‍ර සඳහා IT තාක්ෂණය යොදාගැනීම බව මගේ විශ්වාසයි . මෙය ප්‍රකාශ කිරීම පහසු උවද , ප්‍රයෝගිකව ක්‍රියාත්මක කිරීම අප රට තුල ඉතාම අපහසු සහ කාලය ගතවන ක්‍රියාවකි. ඒ බව අපගේ "ජාතික හැඳුනුම්පත නිකුත්කිරීම " වැනි ව්‍යාපෘති වල අසාර්ථක භාවය මොනවට කියාපායි . කුමන දේශපාලන පක්ෂයක් බලයට පැමිණියද, කුමන ප්‍රගතිශීලී අදහස් සහ යෝජනා ගෙන ආවද , ඒවා ක්‍රියාවට නැගීමට පවතින නිලධාරීන් සහ යාන්ත්‍රණය භාවිතා කිරීමට සිදුවනු ඇත . එම ක්‍රමවේදයන්ද නිලධාරීන් ගේ මානසිකත්වයද වසර 70 ක් තරම් පැරණි කල්පැන ගිය ඒවාය. එවැනි වාතාවරණයක් තුල ඔබගේ අපේක්ෂාවන් මහජනතාවගේ සුබසිද්දිය සඳහා ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න ගැටලුවකි. මෙම තත්වය සුළුකොට සලකන්නේනම් එය සුබවාදී නොවනු ඇත. එසේනම් මෙවැනි වතවරණක් තුල අධ්‍යාපනය , සෞඛ්‍ය , කෘෂිකර්මය, සමුපකාර ක්‍රමය , ගමනා ගමනය, රාජ්‍ය සම්පත් කළමනාකරණය ආදී විවිධ ක්ෂේත්‍රයන් සඳහා තොරතුරු තාක්‍ෂණය ඉක්මනින් පලධායි ලෙස යොදාගැනීමට ඇති සුදානම හෝ සැලසුම කුමක්ද යන්න දැන ගැනීමට කැමැත්තෙමි.

Admin

ඔබගේ මෙම කාලීන පැනය අප වෙත යොමු කිරීම පිළිබඳව කෘතඥ වෙමු.

ඩිජිටල් තාක්ෂණය මේ වන විට ලොව පුරා සෑම ක්ෂේත්‍රයක්ම අතිවිශාල පරිවර්ථනයකට ලක් කරමින් තිබේ. මෙම ඩිජිටල් පරිවර්ථනය (Digital transformation ) ජාතික ජනබලවේගයේ අප ඉතාම සුභවාදී ක්‍රියාවළියක් ලෙස දකින අතරම මෙම ක්‍රියාවළිය අපේ රටට ද ඉතාම කඩිනමින් අවශෝෂණය කරගත යුතු බව අපගේ මූලික පිළිගැනීමයි. ඩිජිටල් පරිවර්ථනය යනුවෙන් අප විස්වාස කරන්නේ, ඩිජිටල් තාක්ෂණය යොදා ගෙන දැනට සිදු කරනමින් පවතින ක්‍රියාවළීන් විපරිවර්ථනයකට ලක් කිරීමයි. 
මෙම ක්‍රියාවළියේදී ඔබ සඳහන් කර ඇති සාම්ප්‍රදායික රාජ්‍ය සේවකයින්ගේ භාවිතය අභියෝගයක් විය හැකි බව පැහැදිළි නමුත් ඊට වඩා තිරණාත්මක ලෙස බලපාන ඩිජිටල් පරිවර්ථනය ක්‍රියාවළියේ ප්‍රධාන අභියෝග කිහිපයක් අප විසින් හඳුනා ගෙන තිබේ. 

පළමු වැන්න වන්නේ ආයතන හෝ ව්‍යාපාර විසින් දැනට අනුගමනය කරන භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවළියේ හි සිදු කළ යුතු වෙනස්කම්ය (Process Transformation). Big Data, digital analytics, AI, machine learning, Process Automation, IOT වැනි ඩිජිටල් තාක්ෂණික උපාය මාර්ග සහ මෙවලම් කාර්යක්ෂම සහ ඵලදායි ලෙස භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා යොදා ගැනීම පිළිබඳව අප පුළුල්ව අවධානය යොමු කර ඇත. නිදසුනක් ලෙස උපතේදීම සෑම පුරවැසියෙකුටම ඩිජිටල් අංකයක් ලබා දීම, එම අංකය ඔහුගේ හෝ ඇයගේ ජාතික හැදුනුම් අංකය බවට පත් කිරීම, එමෙන්ම අධ්‍යාපනය, සෞඛ්‍ය, මූල්‍ය, රැකියා, අන්තර් ජාල හෝ දුරකථන සේවා ආදී යටිතල පහසුකම් ලබා ගැනීම හා සැපයිම  ඇතුළු අනෙකුත් සියළුම අවශ්‍යතාවයන් සඳහා පුද්ගලයෙකු වෙනුවෙන් මෙම තනි ඩිජිටල් අංකය භාවිතා කිරීම සිදු කළ යුතුව තිබේ.   

දෙවන අභියෝගය වන්නේ  නිෂ්පාදන ක්‍රියාවළියේ ආකෘතික පරිවර්ථනයයි (Model Transformation). ලෝකයේ බොහෝ රාජ්‍ය සහ පුද්ගලික ආයතන මෙන්ම ව්‍යාපාර ද සාම්ප්‍රදායික නිෂ්පාදන හා ව්‍යාපාර ආකෘති පරිවර්තනය කිරීම සඳහා ඩිජිටල් තාක්ෂණය අනුගමනය කරයි. මුලින් සඳහන් කළ ක්‍රියාවලි පරිවර්තනය (Process ) ආයතනයක හෝ ව්‍යාපාරයක සීමිත ක්ෂේත්‍රයන් කෙරෙහි අවධානය යොමු කරන අතර, ව්‍යාපාර ආකෘති පරිවර්තනය (Model) කර්මාන්ත හා සේවා තුළ නව්‍ය වටිනාකම් ලබා දෙන ආකාරයට නව ක්‍රියාවලින් පිළිබඳව මූලික  ලෙස ඉලක්ක කර ගනී. 

තෙවන අභියෝගය වන්නේ  Domain Transformation හෙවත් විවිධ කර්මාන්ත ක්ෂේත්‍ර ඩිජිටල් තාක්ෂණයෙන් පරිවර්ථනයට ලක් කිරීම හා වෙනස්කම් අවම කිරීමයි.   සාම්ප්‍රදායික කර්මාන්ත අතර පවතින විවිධ සිමා මායිම් ඩිජිටල් තාක්ෂණය හේතුවෙන් වේගයෙන් හීන වෙමින් පවතින (blurring industry boundaries) අතර වේගයෙන් ඒවා අතර සහයෝගය ගොඩනගමින් තිබේ. අප විස්වාස කරන්නේ  නව තාක්ෂණය යනු නිෂ්පාදන සහ සේවා නැවත නිර්වචනය කිරීම, කර්මාන්ත අතර වන සීමාවන් බොඳ කිරීම සහ සම්ප්‍රදායික නොවන නව  තරඟකරුවන් මෙම විවිධ කර්මාන්ත අතර නිර්මාණය කිරීමයි. 

මිට අතිරේකව අප විසින් අවධානය යොමු කර ඇති අභියෝග අතර Cultural/Organizational Transformation,  Customer Experience Improvement, Lack of Change Management Strategy, Cyber Security යන අභියෝග පිළිබඳව ද අපගේ ප්‍රමාණවත් අවධානය යොමුව තිබේ. එමෙන්ම මෙම අභියෝග ජය ගැනීම සඳහා වන විධිමත් සැළසුම් සකස් කර තිබේ.  

ඩිජිටල් තාක්ෂණය යොදා ගැනිම මගින් ආයතනික හා ව්‍යාපාර ක්‍රියාවලීන් වෙනස් කිරීම, නව ව්‍යාපාර ආකෘතීන් හදුන්වා දීම, අන්තර් කර්මාන්ත අතර සහයෝගිතාවය ප්‍රවර්ධනය, නිෂ්පාදන කාර්යක්ෂමතාව හා ඵලදායිතාවය ඉහළ දැමීම, නිෂ්පාදන පිරිවැය අවම කිරීම, සැපයුම් කාලය අවම කිරීම (reducing cycle times), සේවා ලාභින්ගේ සහ පාරිභෝගික අත්දැකීම් වැඩිදියුණු , විනිවදභාවය හා වගවිම සහ වගකිම යන කරුණු ප්‍රශස්ත ලෙස ගොඩ නැගීම මූලික ලෙස ජාතික ජන බලවේගය විසින් ඉලක්ක කර තිබේ.  

මේ සඳහා සැළසුම් සහගත “දත්ත සහ ඩිජිටල් තාක්ෂණය”  පිළිබඳව වන නව ජාතික ප්‍රතිපත්තියක් අප සකස් කරනු ඇත. එම ප්‍රතිපත්තිය ජනාධිපතිවරයගේ සිට සාමාන්‍ය පුරවැසියා දක්වා වන ප්‍රතිපත්තියයි. සමස්ථ රාජ්‍ය සේවයම මේ වෙනුවෙන් පෙළ ගස්වන අතර ඔබ සඳහන් කළ අධ්‍යාපනය , සෞඛ්‍ය , කෘෂිකර්මය, සමුපකාර ක්‍රමය , ගමනා ගමනය, රාජ්‍ය සම්පත් කළමනාකරණය ආදී විවිධ ක්ෂේත්‍රයන් සඳහා මෙම ජාතික ප්‍රතිපත්තිය වහාම ක්‍රියාත්මක වන පරිදි අවශේෂණය කරනු ඇත. මෙහි අවසන් ඉලක්කය වන්නේ ඩිජිටල් තාක්ෂණයෙන් බල ගන්වන ලද සුහුරු ශ්‍රි ලංකාවක් හෙවත් “Smart Sri Lanka” ක් 2030 වසර වන විට ගොඩ නැගීමයි ( Connected Sri Lanka) .

W D Nandasiri

අනුර කුමාර සහෝදරයා ලංකාවේ දේශපාලන පවුල් සහ පැවැත්ම සම්බන්ධයෙන් අගනා විග්‍රහයක් කරනවා. ඒවගේම එක්සත් ජාතික පක්ෂය පුවත්පත් ආරම්භයේ සිටම ඩී ආර් විජේවර්ධන ඩොනල්ඩ් රනවීර යොදා ගත් ආකාරයෙන් විද්‍යුත් මාධ්‍ය රාජපක්ෂලාත් එක්සත් ජාතික පක්ෂයත් යොදාගෙන ඇති ආකාරය ජනතාවට පැහැදිලි කර දෙන්නේ නම් ජනජනතාවට දැන් මාධ්‍ය හැසිරෙන ආකාරය තේරුම් ගන්න පුලුවන්

Admin

මෙවැනි කාලීන වැදගත්කමක් ඇති ගැටළුවක් අප වෙත යොමු කිරිම පිළිබඳව පළමුව කෘතඥ වෙමු. 

ලෝකයේ ඕනෑම රටක ජන මාධ්‍ය, එය මුද්‍රිත වුවත්, විද්‍යුත් වුවත්  ක්‍රියාත්මක වීම සහ ස්වභාවය තීරණය  වන්නේ ඒ සඳහා යොදවන ප්‍රාග්ධනයේ හිමිකාරිත්වය මතය. නැතිනම් ප්‍රාග්ධන හිමිකාරිත්වයේ ඕනෑ එපාකම් මතය. එය දියුණු රටක වුවත්, එසේ නොවන රටක වුවත් තත්වය එක සේ සමානය. රාජ්‍ය ප්‍රාග්ධනය වුවත්, පුද්ගලික ප්‍රාග්ධනය වුවත් එය එසේමය.   
මේ මාධ්‍ය හිමිකාරීත්වය පදනම් කරගත් ලෝකයේ ප්‍රධාන වශයෙන් මාධ්‍ය ආයතන වර්ග දෙකක් තිබේ. පළමුවැන්න වන්නේ රාජ්‍යය හිමිකාරිත්වය සහිත මාධ්‍යයන්ය. දෙවැන්න පුද්ගලික හිමිකාරීත්වය සහිත මාධ්‍යයන්ය. මේ දෙකටම යොදවන්නේ ප්‍රාග්ධනය වන අතර මේ ප්‍රාග්ධනයේ අයිතිය පුද්ගලික හෝ රාජ්‍ය විය හැකිය. මෙහිදී  රාජ්‍ය හිමිකාරීත්වය යනු රටේ මහජනතාවට අයත් යන අදහසයි. එවැනි ජනමාධ්‍යයක් සැබවින්ම කළ යුත්තේ පොදු මහජන සුභ සිද්ධිය උදෙසා කටයුතු කිරීමයි. නමුත් ලෝකයේ සැබැවින්ම දක්නට ලැබෙන්නේ මේ කියන රාජ්‍යය මාධ්‍ය බොහෝමයක්ම කටයුතු කරන්නේ පාලන බලය හොබවන ආණ්ඩුවල අවශ්‍යතාවයන් වෙනුවෙනි. එවිට නිතුතින්ම මෙම මාධ්‍ය දේශපාලන උවමනාවන් වෙනුවෙන් හැසිරෙනු දැකිය හැකිය. අපේ රටෙන්ම මේ සඳහා නිදසුන් ගත හැකිය. මෙවැනි තත්වයක් තුළ මහජන අභිලාශයන් මුදුන්පැමිණිවීම වෙනුවට සිදු වන්නේ තාවකාලිකව ආණ්ඩු බලය හොබවන පුද්ගල කණ්ඩායමකගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් කටයුතු කිරීමය. 

මෙම අගතිගාමී තත්වය පාලනය කිරීම සඳහා ඇතැම් රටවල මහජන සේවා විකාශ ක්‍රමවේදය (Public Service Broadcasting) අනුගමනය කරනු දැකිය හැකිය. BBC, NHK.ABC, KBS වැනි ආයතන මේ සදහා හොඳ නිදසුන්ය. එසේ වුවත් ඒ කිසිදු ආයතනයක් මුළුමනින්ම මෙම තත්වයෙන් නිදහස් වී ස්වාධීනව පොදු මහජන අභිලාශයන් වෙනුවෙන් කටයුතු කරන්නේ නැත. ඒ සදහා විවිධ බාධා ඇත.  

දෙවැනි වර්ගය වන්නේ පුද්ගලික හිමිකාරීත්වය සහිත මාධ්‍ය ආයතනයි. මෙම මාධ්‍ය ආයතන තුළ මුළුමනින්ම තීන්දු තීරණ ගනු ලබන්නේ අයිතිකරුගේ ඕනෑ එපාකම් සහ ආශාවන් පෙරදැරිකරගෙනය. විශේෂයෙන් දියුණු වෙමින් පවතින රටවල බොහෝ විට මෙම ආයතන පවත්වා ගෙන යෑම සඳහා අවශ්‍ය කරන බලපත්‍ර ලබා ගත යුතු වන්නේ රාජ්‍ය ව්‍යුහයකිනි. රාජ්‍ය පාලනය කරන්නේ තාවකාලික ආණ්ඩු විසිණි. එවිට සිදු වන්නේ  මෙවැනි බලපත්‍ර සහ විද්‍යුත් තරංග ලබා දිමේ දී පුද්ගල හා දේශපාලන සබඳතා මෙන්ම මිල මුදල් හා ව්‍යාපාරික අරමුණු මුලට පැමිණිමයි.‍ බොහෝ විට මෙවැනි බලපත්‍ර නිකුත් කිරිමෙිදි අදාල පුද්ගල සබඳතා, දේශපාලන සබඳතා සහ ව්‍යාපාරික සබඳතා මූලික වේ. එලෙස බලපත්‍ර සහ විද්‍යුත් තරංග ලබා ගන්නා ව්‍යාපාරිකයින් එගැන් සිට කටයුතු කරන්නේ එකී සබඳතාවල අරමුණු ඉටු කිරීමට මිස පොදු මහජන සුභ සිද්ධිය සඳහා නොවේ. ඔබ කියන ලංකාවේ විද්‍යුත් මාධ්‍යවලට සිදුව ඇත්තේ ද මෙයයි. එය ඔබ කියන ඩී ආර් විජේවර්ධනගේ සිට රෙනෝද සිල්වා සහ දිනිත් ජයවීර දක්වාම පොදුය. 

කෙසේ නමුත් මෙම බලපත්‍ර ලබා දිමේ අයිතිය සහ විද්‍යුත් තරංග වල අයිතිය ඇත්තේ පොදු මහජනතාව සතුවයි. යොදවන ප්‍රාග්ධනය පුද්ගලික වුවද රාජ්‍ය වුවද එවායේ අයිතිය ඇත්තේ පොදු ජනතාවටයි. එසේ නම් මෙවැනි ආයතන කටයුතු කළ යුතු වන්නේ පොදු මහජනතාවගේ සහ රටක් ලෙස ජාතික අභිලාශයන් ඉටු කිරීම මූලික කර ගෙනය. මෙම මහජන අයිතිය තහවුරු වන ආකාරයට මෙම ක්ෂේත්‍රය ප්‍රතිස්ථාපනය කිරීම ජාතික ජනබලවේගයේ අපේක්ෂාවයි. රාජ්‍ය මෙන්ම පුද්ගලික මාධ්‍ය ආයතන වල පැවැත්ම තහවුරු කරන අතරම සැබෑ පොදු මහජන අභිලාශයන් ලඟා කර ගැනිම වෙනුවෙන් මග පෙන්විමක් මෙම ආයතන වලට අවශ්‍ය බව අපගේ විස්වාසයයි.

Isuru de Alwis

2024ට අදාළ නව ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් වනතුරු උනන්දුවෙන් බලා සිටිමි. ඉදිරිපත් කරන්නේ කවදාද?

Admin

ඔබේ පැනයට ස්තූතියි. එමෙන්ම ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති දැන ගැනීම සඳහා ඔබ තුළ වන කුතුහලය අපව තව තවත් දිරිගන්වන සුළුය.  

ජාතික ජනබලවේගය විසින් ඉදිරිපත් කිරීමට නියමිත කාලීන වෙනස්කම් වලට බඳුන් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය මේ වන විටත් පක්ෂයේ ප්‍රතිපත්ති සම්පාදන කමිටුව විසින් සකස් කරමින් සිටී. වඩාත් විද්‍යාත්මක ලෙස රටේ සියළුම අංශ සහ ක්ෂේත්‍ර නියෝජනය වන ලෙස මෙම විද්‍යානූකූල රට ගොඩනගන වැඩපිළිවෙල ඉතා ඉක්මනින් ජනගත කිරිම අපගේ අභිලාශයයි. එය ඉතාම නුදුරු දිනයක ඔබ මෙන්ම සුවහසක් ශ්‍රී ලාංකේය  ජනතාව හමුවේ  ඉදිරිපත් කිරීමට නියමිතය.

2019 මහමැතිවරණය සඳහා ඉදිරිපත් කරන ලද ජාතික ජනබලවේගයේ දේශයේ අපේක්ෂාව නම් වැඩපිළිවෙළ අපගේ වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබට අධ්‍යනය කළ හැකිය. නව තත්වයන්ට ගැලපෙන ලෙස සකස් කරන නව ප්‍රතිපත්ති ප්‍රකාශනය ලඟදීම බලාපොරොත්තු වන්න.

Uditha Nayanajith

මම දෙශපාලනයට ට ගොඩාක් ලැදි අයෙක් නෙවෙයි . හැබැයි මන් ගොඩක් ඒ ගැන විමසිල්ලෙන් ඉන්නනකැමති. මන් කැමති NPP මේ සැරෙ එනවට . ඔයාල ජනාධිපතිවරණය දිනන්න චාන්ස් එක වැඩි . හැබැයි පාර්ලිමේන්තු මැතිවරණය ට ගැන මන් ගොඩාක් මිනිස්සු න්ගෙ කියවීම දැක්ක . ප්‍රාදේශියව ඔයාලගෙ පක්ශෙන් චන්දෙ ඉල්ලන අය සමහර වෙලාවට වෙනත් පක්ශ වලින් ඉල්ලල පැරදුන අය . තව සමහර අය ඒ ඒ ගම් වල මිනිස්සු ප්‍රිය නොකරන අය ඒ හින්ද ඒ ක ඔයාලට අවාසි. මන් යෝජනා කරනව ඔයාල අපේක්ශකයො තෝරද්දි 1. ඔහුගේ අද්‍යාපන සුදුසු කම අනිවාරයෙන්ම 2. සාමාන්‍ය මිනිසුන් ඔහුට දක්වන ප්‍රතිචාරය (අදාල ගමෙන් අහබු ලෙස තෝරගන්න මිනිසුන් සමග සංවාද කිරිමෙන් හා අපේක්ශකයාගෙ ප්‍රදේශයෙන් බැහැර මිනිසෙකු ඔහු ගැන දක්වන ප්‍රතිචා ලංකාවෙ වැඩිහිටි මිනිස්සු තාම පරණ දේශපාලන ක්‍රමයේ සිටින බැවින් ඒ සිස්ටම් එක ජනාධිපතිවරණය ට ලොකු බලපෑමක් නැ මිනිස්සු හැමොටම ලොකු වෙනසක් ඔනි හැබැයි අනිත් චන්දෙ දි මේක ගොඩාක් බලපානව හිතේ NPP එනවට කැමති හැබැයි අපේ ගමෙන් මෙයා එනවන්ම් දෙන් නැ කියන අය ගොඩයි.

Admin

එළඹෙන කුමන ජාතික මැතිවරණයක් වුවද එය මෙරට ජනතාවට එකසේ තීරණාත්මක වන බව අපගේ විස්වාසයයි. එමෙන්ම වෙනත් කිසිදු පක්ෂයකට වඩා වඩා සුවපහසු ලෙස ඒ ඕනෑම මැතිවරණයක් සඳහා තරගකිරිමේ හැකියාව අප සතුය. අප පිළිබදව ඔබ තබා ඇති විස්වාසයට පළමුව අපගේ කෘතවේදිත්වය පළ කරන අතර ජනාධිපතිවරණය සහ මහා මැතිවරණය සම්බන්ධයෙන් ඔබ විසින්යොමු කර ඇති අදහස් සහ යෝජනා පිළිබදව අපගේ අවධානය යොමු කරන බව කාරුණිකව ඔබ වෙත දන්වා සිටිමු.