Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X
Jathika Jana Balavegaya (NPP)

Questions & Answers

CATEGORIES

Ask a question

Ask Questions
Thimira Jayakody

ආයුබෝවන්, මාලිමාවේ ජයග්‍රහණය කෙරෙහි ඉමහත් අපේක්ෂාවෙන් බලා සිටින මා හට කණගාටුදායක ආරංචියක් දකින්නට ලැබුනා. ඒ තමයි මම ඉගෙනගත්තු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ රසායන විද්‍යා ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය වරයෙකු වන ගාමිණී රාජපක්ෂ ඇදුරුන් ඉතා කණගාටුවෙන් පහත දැක්වෙන අදහස් මුහුණුපොතේ දක්වා තිබීමයි. https://www.facebook.com/share/p/rSPccy4dUEu8FPck/?mibextid=WC7FNe ඔවුන් අතර සිදුවූ දේ මා නොදන්නා නමුත් මා දන්නේ එවැනි පිරිස අප්‍රසාදයට ලක්වීමෙන් ඔබේ ඉදිරි ගමනට විශාල බාධාවක් ඇතිවිය හැකි බවයි. මන්ද යත් ඔහුට විශාල අනුගාමික පිරිසක් සේම විශ්වවිද්‍යාලය තුල ඇදුරුවරුන්ගේද විශාල සම්බන්ධතා පැවතීමයි. හැකි ඉක්මණින් ඔහුව පෞද්ගලිකව හෝ හමුවී ගැටලු නිරාකරණය කරගන්නේ නම් මැනවි

Admin

අප සමඟ සම්බන්ධ වීම පිළිබඳව පළමුව ස්තූතිය පළ කරමු. ඔබ විසින් පෙන්වා දි ඇති කරුණ පිළිබදව අප අපගේ විශේෂ අවධානය යොමු කර ඊට මැදිහත් වීමට පියවර ගන්නා බව කාරුණිකව දන්වා සිටිමු. ඔබගේ අදහස් සහ ප්‍රශ්න අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.

Sithija Kaushalya

ඔබගේ පක්ෂය ගෙනියන ප්‍රතිපත්ති හා සැලසුම් සමාජවාදී කොමියුනිස්ට් ප්‍රතිපත්ති හා සැලසුම් ද නැතිනම් ධනවාදී හෝ නවලිබරල් වාදි ප්‍රතිපත්ති හා සැලසුම්ද?

Admin

අප සමඟ සම්බන්ධ වීම පිළිබඳව පළමුව ස්තූතිය පළ කරමු. ලෝකයේ පාලන ක්‍රම පිළිබදව විවිධ මතවාද තිබිය හැකිය. අප අපගේ අවදානය යොමු කර තිබෙන්නේ පීඩනයට ලක්ව සිටින බහුතරයක් ශ්‍රී ලාංකේය ජනතාවට වඩා යහපත් සමාජයක් නිර්මාණය කිරීමයි. ඒ වෙත ගමන් කිරීම සඳහා නව පුණරුද යුගයක් ඇති කිරීම අපගේ අරමුණු වන අතර ලෝකයේ නවීණතම රාජ්‍යයක් බවට අපේ රට පත් කර පොදු මහජනතාවට සැබෑ ලෙසම සතුටින් ජිවත් විය හැකි රටක් ඇති කිරිම අරමුණයි. ඒ වෙනුවෙන් අප සමග එක්වන ලෙස කාරුණිකව අප ඉල්ලා සිටිමු. ඔබගේ අදහස් සහ ප්‍රශ්න අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.

D.M.T.H.DISSANAYAKE

මම ත්‍රිවිධ හමුදා විශ්‍රාමික යෙක් අදිටන සමග එකතුවි මාලිමාව දිනවිමට උපරිමයෙන් දිවිහිමියෙන් කැපවෙනවා. 1 ගැටලුව -ටෙලිකොමිි ආයතනයේ වෙනත් වාහන රෙන්ටිි කරන කොමිිපැනි හරහා පුද්ගලයන්ගෙන් වාහන ලබාගෙන සෙවයේ යොදවනවා මෙි ටෙටෙලිකොම් ආයකනය මෙි විදියට ගන්නා වාහනවලට ලොකු මුදලක් හයරින් කොමිිපැනිවලට ගෙවනවා ඒ කොමිපැනිවලින් වාහන හිමිකරැට ගෙවන්නේ ඉතාම අඩුමුදලක් අද මෙි වෙන කොට වාහනයක් දුවන්න වැයවෙන මුදල දෙස බැලුකල මෙි වාහන හිමිකරැවන්ට කිසිසෙත්ම විටනා මුදලක් නොගෙවයි මෙය සහත් අසාධාරණයක් ඒ වගේම ⁣එසේ ටෙලිකොම් ආයකනයට පුද්ගලයන්ගෙන් වාහන ලබාගෙන ටෙලිකොම් එකේ වැඩවලට අමතරව එහි සෙවය කරන මිනිස්සු තම පෞද්ගලික අවශ්‍යතාවයන් විශාල ලෙස සපුරාගන්නවා මෙිවා වෙනස් කරන්න යොජනා කරනවා එසේ වාහන අවශ්‍ය නමිි කෙලින්ම ටෙලිකොම් එකට ගන්නා ක්‍රමයක් හදන්න කොහෙවත් ඉන්න කොමිිපැනි කාරයන්ට අපේ වාහන වලින් මුදල් හොයාගන්න ක්‍රම වසා දමන්න

Admin

අප සමඟ සම්බන්ධ වීම පිළිබඳව පළමුව ස්තූතිය පළ කරමු. ඔබ විසින් යොමු කර ඇති තොරතුරු සහ අදහස් කෙරෙහී අපගේ අවධානය යොමු කරන බව කාරුණිකව දන්වමු. එමෙන්ම ජාතික ජනබලවේගයේ රාජ්‍ය පාලනයක් යටතේ මේ පිළිබදව විමර්ශණය කර නිසි පියවර ගන්නා බව ද කාරුණිකව දන්වා සිටිමු. ඔබගේ අදහස් සහ ප්‍රශ්න අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.

RATHNAYAKA SENARATH

ආර්ථික ය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය සහ වත්මන් ව්‍යවස්ථාව සම්බන්ධයෙන් කරනු ලබන සංශෝධනය න් සම්බන්ධ යෙන් දැනගැනීමට කැමති..ස්තූතියි

Admin

අප සමඟ සම්බන්ධ වීම පිළිබඳව පළමුව ස්තූතිය පළ කරමු. ජාතික ජනබලවේගය විසින් මේ වන විටත් රටට ගැලපෙන ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් සකස් කර ඇත. එමෙන්ම පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව ඉදිරියේදි ගණුලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ඉදිරිපත් කරනු ඇත. ජනාධිපතිවරණය ප්‍රකාශ කළ පසුව අදාල ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්තීන් අප ජනගත කිරීමට සැළසුම් කර ඇති අතර එහිදි ඔබට මේ පිළිබඳව වන සවිස්තර තොරතුරු ලබා ගත හැකිය. ඔබගේ අදහස් සහ ප්‍රශ්න අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.

Saman Kumara

අනුර සහෝදරයා ඔයාලා ගෙ මේ කරන හැම කතාවක්ම ගම්වල වයසක මිනිස්සුන්ට පෙන්නන්න වැඩපිළිවෙළක් හදන්න ඉක්මනට නැත්නම් අර හොරුන්ටම ආයෙත් රැවටෙනවා😔❤👍

Admin

ඔබගේ අදහස අප වෙත යොමු කිරීම පිළිබදව අපගේ ස්තූතිය පළමුව පළ කරමු. ඔබ විසින් යෝජනා කර ඇති කරුණ පිළිබඳව අපගේ විශේෂ අවධානය යොමු කරන බව කාරුණිකව දන්වමු. ඔබගේ අදහස් අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.