Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
Meeting of Colombo District Doctors U.S. Assistant Secretary Donald Lu Engages with National People’s Power (NPP) Representatives… A meeting between the Indo-Pacific Regional Director of the UK and the leader of the NPP Norwegian Ambassador meets the leader of the NPP May Day Message of the National People's Power
X
Jathika Jana Balavegaya (NPP)

Questions & Answers

CATEGORIES

Ask a question

Ask Questions
Mahinda Dissanayake

ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඔබ පක්ෂයේ මතය පැහැදිලි කරන්න

Admin

මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු හා විස්තර පහත සබැඳිය ඔස්සේ අපගේ වෙබ් අඩවියට ගොස් අධ්‍යනය කළ හැකි බව කාරුණිකව සිහිපත් කරනවා. https://www.npp.lk/si/policies/agriculture

L. H. W. K. R. S. Lorensuhewa

ඉදිකිරීම්, අළුත්වැඩියා කිරීම්, භාවිතය වෙනස් කිරීම ආදී වශයෙන් පළාත් පාලන ආයතනවලින් සිදු කරන අක්‍රමවත් සේවාව, අක්‍රමිකතා රැසක් ඇති අතර මහජනතාවට දැඩි පීඩාවක් ගෙන දෙයි. වෘත්තිකයන් ද අපහසුතාවයට පත් වෙයි. ඒ ගැන වසර විස්සකට අධික පළපුරුද්ද හා අත්දැකීම් මතින් වූ වැඩ සටහනක්, වැඩ පිළිවෙළක් මා සතුව ඇත. මතු දවස සියළු පළාත් පාලන ආයතන හරහා එම වැඩ පිළිවෙළ ක්‍රියාවට නංවන්නේ නම් වඩා යහපත් සේවාවක් අනිවාර්යයෙන්ම සිදු වේවි. ඒ ගැන විස්තර සාකච්ඡා කිරීමට නිසි පුද්ගලයෙකු සම්බන්ධීකරණයට අවශ්‍යයි.

Admin

ඔබගේ අදහස් දැක්වීම මෙන්ම, මෙම ප්‍රජා සහභාගීත්ව සංවර්ධන ක්‍රියාවලියටත්, වෙනසක් සිදු කිරීම සඳහා වන ප්‍රවේශයටත් ඔබගේ සහාය ලබා දීම සම්බන්ධයෙන් අපගේ ගෞරවය පුදනවා. එදිරියේ දී අප සහෝදර සහෝරියක විසින් ඔබ දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට කටයුතු කරනවා ඇත.

නිලාන් ජයතිලක

පොදු ප්‍රවාහනය විදිමත් කිරීමට මගී අදහස් එකතු කරන්නෙ කොහොමද...?

Admin

සහභාගීත්ව ප්‍රවේශය මේවන විට ලෝකය පිළිගත් රාජ්‍ය පරිපාලන/කළමනාකරන ක්‍රමවේදයකි. මෙහිදී ප්‍රජාව නාමික සහභාගීත්වයෙන්, උපදෙස් සැපයීමෙන්, තොරතුරු සැපයීමෙන්, ද්‍රව්‍යමය දිරි ගැන්වීම තුළින්, කාර්යබද්ධ සහභාගීත්වය (වැඩ කොටස් ඉටු කිරීමෙන්), අන්තර්කරණීය සහභාගීත්වය (ජනතාව සමග විශ්ලේෂණය කිරීම) මෙන්ම ස්වයං සජීවීකරණය (බාහිර බලපෑම් නැතිව තමන්ගේම කැමැත්තෙන් සහභාගීවීම) යන ක්‍රමවේද ඔස්සේ ජනතාව සම්බන්ධ කර ගත හැකි බව ඒ සම්බන්ධයෙන් පර්යේෂන කර ඇති විද්වතුතන් පෙන්වා දෙනවා. මෙහිදී ප්‍රජාව ගැටළු හඳුනා ගැනීම, ගැටළු ප්‍රමුඛතාකරණය, ව්‍යාපෘති සැලසුම්කරණය, ක්‍රියාත්මක කිරීම, මෙහෙයවීම, සුපරීක්ෂණය හා අධීක්ෂණය මෙන්ම පසු විපරම් කාර්යයේ දී ද සහභාගි කර ගැනීමට පියවර ගන්නවා.මේ වන විට ජාතික ජන බලවේගය විසින් රට පුරා ගොඩ නඟමින් යන කොට්ඨාෂ සභා මේ සඳහා ප්‍රජාව සංවිධානය කිරීමේ උපක්‍රමයයක්.

Uvindu imalka

Ctb eka ආදායම වැඩිදියුණු කරන විදිහ පැහැදිලි කරන්න පුළුවන් da කෙටියෙන්.

Admin

සම්බන්ධයෙන් සවිස්තරාත්මකව තොරතුරු දැන ගැනීමට අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ආර්ථික සම්බන්ධ කරුණු පහත සබැඳිය ඔස්සේ කියවන්න. https://www.npp.lk/si/policies/economic

පී.එම්. කරුණාරත්න

සහෝදරත්වයෙන් දූෂණයෙන් තොර ශ්‍රීලංකාවක් අපේක්ෂා කරමි.ඒ වෙනුවෙන් මාගේ සුහද දායකත්වය පිරිනමමි

Admin

අප කෙරෙහි තැබූ විශ්වාසය කෙරෙහි ස්තුතිවන්ත වන අතර එම විශ්වාසය කිසි දිනක බිඳදැමීමට කටයුතු නොකරන බවට ප්‍රතිඥාවක් ලබා දෙනවා.