Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
Meeting of Colombo District Doctors U.S. Assistant Secretary Donald Lu Engages with National People’s Power (NPP) Representatives… A meeting between the Indo-Pacific Regional Director of the UK and the leader of the NPP Norwegian Ambassador meets the leader of the NPP May Day Message of the National People's Power
X
Jathika Jana Balavegaya (NPP)

Questions & Answers

CATEGORIES

Ask a question

Ask Questions
නිශාන්ත

වර්ථමාන තත්වය අනුව සංවිධානයට මහජනතාව නැඹුරු කිරිම වෙනුවෙන් සෑම ග්‍රාමසේවා වසම් හි ඇති සමිති සමාගමි මාර්ගයෙන් මහජනතාවගෙ සහ ජනයාව දැනුමින් කිරීම, විවිධ දේශන පැවැත්වීම සාර්ථකත්වය කරා යාමට හැකි බව යෝජනා කරන අතර, දේශණ සංවිධාන කිරීම

Admin

ඔබේ යෝජනා බෙහෙවින්ම අගය කරමු. දැනටමත් කොට්ඨාශ සභා හරහා ඔබ යෝජනා කරන අන්දමේ වැඩසටහන් කිරීමට සාකච්ඡා කරමින් තිබේ.

නිශාන්ත ජයලත්

දරුවන්ගෙ A/L විභාගය කල් දමන්නෙ ඇයි , කුමක්ද හේතුව , රජය වගකිව යුතුයි නේද , මාධ්‍ය සාකචිඡා වක් තියන්න අපේ අනුර කුමාර සහෝදරය, අධ්‍යාපන ඇමති සමග

Admin

උසස් පෙළ විභාගය කල් යාම ට ආණ්ඩුව වගකිව යුතුයි. 2023 පෙබරවාරි පැවැත් වූ විභාගයේ ප්‍රතිඵල ආවේ සැප්තැම්බර් මාසයේය. සරසවි ඇදුරන්ගේ ගැටලුවට ආණ්ඩුව විසදුම් නොදීම මේකට ප්‍රධාන හේතුවයි. මෙසේ ඇතිවූ මාස 03ක පමණ ප්‍රමාදය නිසා අගෝස්තු පැවැත්විය යුතු විභාගය නොවැම්බර් 27 ආරම්භ වීමට නියමිත ය. මෙවැනි ප්‍රතිපත්තියක් නැති පාලනයකින්ගෙන් මීට වඩා යමක් බලාපොරොත්තු විය නොහැකිය. අධ්‍යාපනය විතරක් නොවෙයි හැම ක්ශේත්‍රයක්ම කඩා වැටිලයි තියෙන්නේ. ජාතික ජන බලවේගය අධ්‍යාපනය රටේ වැදගත්ම ක්ශේත්‍රයක් විදියට සලකන ව්‍යාපාරයක් බව ඔබ දැනටමත් දන්නවා ඇත.

Senaka B. Sakalasooriya

FB එකේ පෝස්ට් එකක් තියනවා අවසන් පෙරහැර මෙයයි. මාලිමාව ආවාහම අලින්ට විලංගු දාලා කරන දලදා පෙරහැර නවත්වනවා කියලා. මේ ගැන ඔබලා දැනටමත් දන්නවා ඇති. නමුත් මේක ගොඩක් සංවේදී තැනක් නිසා මඩ පෝස්ටර් කියලා නොසලකා හරින්නේ නැතිව එය counter කිරීමට පියවරක් ගන්නා ලෙස ඉතා ලෙන්ගතුව ඉල්ලා සිටිමි. විශ්ලේෂනය කරලා තේරුම් ගන්න තරම් හැමෝම බුද්ධිමත් නැහැ. හැගීම් බරයි.

Admin

ජාතික ජන බලවේගයේ වැඩපිලිවෙළ හමුවේ ජනතාවගෙන් ප්‍රතික්ශේප වෙමින් යන ආණ්ඩුව සහ ඇතැම් දේශපාලන කණ්ඩායම් විශාල අවලාද ව්‍යාපාරයක් ගෙනයමින් සිටින බව ඔබ දැනටමත් දන්නවා ඇත. ඔබ සඳහන් කර තිබෙන fb පෝස්ටුවද එවැන්නක් බව පැහැදිලිය. මෙවැනි ව්‍යාජ ප්‍රචාරයන් පිලිබදව දැනුවත් වීමට පහත fb පිටුව පරිශීලනය කරන්න. ඔබට එසේ හමුවන ප්‍රචරයන් පිලිබදව අපව දැනුවත් කරන්න. ස්තූතියි. 

රනිල් - රාජපක්ෂ - සජිත් ඇතුලු npp විරෝධී මඩ බලකායේ වැඩක්

Sanjaya Jayasena

මාගේ යෝජනාව වනුයේ... අනාගත ජාතික ජන බලවේගය ආණ්ඩුවක් යටතේ රට හදන ආකෘතිය ප්‍රදර්ශනාත්මක ස්වරූපයෙන් ප්‍රධාන නගරවල සංවිධානය කිරීමට පියවර ගන්නා ලෙසයි. මේ පවත්වන ප්‍රදර්ශනය තුල දිනපතා සම්මන්ත්‍රණ තුලින්ද ජනතාව දැනුවත් කිරීමට පියවර ගත හැකියි. ලබන වසරේ ජනාධිපතිවරණයට කිට්ටු කාලයක පවත්වන්නට දැන් සිටම සූදානම් කර ගන්නේනම් ඉතා සාර්ථක වැඩ සටහනක් බවට පත් කර ගත හැකියයි මගේ විශ්වාසයයි.

Admin

ඔබගේ යෝජනාවට බෙහෙවින්ම ස්තූතියි. අපගේ ප්‍රචාරක වැඩසටහන්වලදී රට ගොඩනැගීම සම්බන්ධ කරුනු කෙරෙහිද වැඩි අවදානයක් යොමු කිරීමට පියවර ගෙන ඇත්තෙමු. එය තවත් වර්ධනය කරගත යුතු බව අපගේද අදහසයි. එබැවින් ඔබගේ යෝජනාව ප්‍රචාරක අංශය වෙත යොමු කරන බව දන්වා සිටිමු.

Asitha

How I can read the npp policies .