Home NPP Policies for Blind Person

NPP Policies for Blind Person

by admin

 

 

දේශයේ අපේක්ෂාව

ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ජාතික ජන බලවේගය

 

 

 

 

දේශයේ අපේක්ෂාව

 

© නියමුවා ප‍්‍රකාශන ප‍්‍රථම මුද්‍රණය: 2019 ඔක්තෝබර්

ISBN 978-955-8696-58-3

විමසීම් : ජාතික ජන බලවේගය

ශී‍්‍ර සුභූතිපුර මාවත, බත්තරමුල්ල.

දුරකථන : 011-2885686 ෆැක්ස් : 011-2885686

විද්‍යුත් තැපෑල : [email protected] වෙබ් : www.npp.lk

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

පෙළගැස්ම

  1. සබුද්ධික දේශයක්

අධ්‍යාපනය 06

තොරතුරු තාක්‍ෂණය හා සන්නිවේදනය 13

  1. සංතෘප්තිමත් දේශයක්

සෞඛ්‍යය 20

නිවාස පහසුකම් 32

ක‍්‍රීඩා 33

කලාව හා සංස්කෘතිය 34

  1. සුරක්‍ෂිත දේශයක්

ගාමක බලවේගයක් ලෙස ස්ති‍්‍රය 44

දේශයේ අනාගතය හා ළමා පරපුර 45

යෞවනත්වය සහ සමාජ ප‍්‍රගමනය 46

වැඩිහිටි ජනගහනය 48

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් 49

සමරිසි ප‍්‍රජාව 50

04 සදාහරිත දේශයක්

පරිසරය 52

  1. සශී‍්‍රක දේශයක්

නොසැලෙන ආර්ථිකයක් 62

කෘෂිකර්මය 72

පශු සම්පත් සංවර්ධනය 76

ධීවර හා ජලජ සම්පත් 78

බල ශක්තිය 82

ප‍්‍රවාහනය 85

  1. නීතිගරුක දේශයක්

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් 92

අල්ලස් හා දූෂණය 95

රාජ්‍ය පරිපාලනය 96

පොලිස් සේවාව 98

බන්ධනාගාරය 99

මත්ද්‍රව්‍ය නිවාරණය 100

  1. ආරක්‍ෂිත දේශයක්

විදේශ ප‍්‍රතිපත්තිය 102

ජාතික ආරක්‍ෂාව 104

ජනමාධ්‍ය නිදහස හා තොරතුරු වෙත ප‍්‍රවේශ වීම 105

පුරවැසි වගකීම 106

  1. එක රටක්

ශී‍්‍ර ලාංකේය ජාතියක් 108

 

 

පූර්විකාව

ජාතික ජන බලවේගය සමන්විතව ඇති ශී‍්‍ර ලාංකේය සංවිධාන තිස් එකක (31ක) උද්යෝගය, කැපවීම සහ ප‍්‍රාර්ථනය අනුව මෙම ජාතික ප‍්‍රතිපත්ති සංග‍්‍රහය සම්පාදනය කෙරිණ. වසර 71ක් පුරා ලංකා රාජ්‍යය මෙහෙය වූ බල ව්‍යුහය අවසන් වශයෙන් ප‍්‍රජාව වෙත දායාද කර ඇත්තේ සියලුම ක්ෂේත‍්‍රවලම පාහේ පදනම දෙදරා ගිය, මතු මහල ගරා වැටුණු ව්‍යසනකාරී අවාසනාවන්ත දේශයකි. එම ප‍්‍රතිඵලය පිළිගැනීමට මේ දේශයේ ප‍්‍රජාව සූදානම් නැත. එසේම කිනම් මිනුමකින් දර්ශනයකින් තක්සේරු කළද මේ තත්වය බරපතළ අපරාධයකි. ඇතැම් අඩවිවල සිදුව ඇති බිඳවැටීම් ජාතියට තිළිණ කර ඇත්තේ වන්දියකින් පියවීමට හෝ ආදේශනයකින් පිළිසකර කිරිමට හෝ නොහැකි තීව‍්‍ර විනාශයන්ය.

අධ්‍යාපනය, ආර්ථිකය, සෞඛ්‍යය, ප‍්‍රවාහනය, ජාතික සමගිය, කෘෂිකර්මය, කලාව සහ සංස්කෘතිය, පරිසරය යන ක්ෂේත‍්‍ර කේන්ද්‍රීය ලෙසද ව්‍යවස්ථා සදාචාරය, නීතියේ ආධිපත්‍යය, රාජ්‍ය පරිපාලනය, පුරවැසි වගකීම හෝ විදේශ ප‍්‍රතිපත්තිය බඳු ක්ෂේත‍්‍ර ද්වීතික වශයෙන්ද සලකා සංග‍්‍රහ කරන ලද ශී‍්‍ර ලංකා දේශයේ අනාගත චිරස්ථායී බව නිසැක ලෙස අත්කර දෙන්නා වූ ජාතික ප‍්‍රතිපත්ති සමූහය මේ ඵෙතිහාසික ලේඛනයෙන් අපි ඔබට තිලිණ කරන්නෙමු. ශී‍්‍ර ලාංකේය දේශපාලන ව්‍යාපාරයක් සමස්ත රාජ්‍ය ව්‍යුහයම එක මිටට ගෙන දූරදර්ශීව සබුද්ධිකව ප‍්‍රශස්තව ගොඩනගන ලද පරිසමාප්තම ප‍්‍රතිපත්ති සංග‍්‍රහය මෙය බව අපි දැඩි විශ්වාසයෙන් ඔබට යෝජනා කර සිටිමු.

ජාතික ජන බලවේගය හා අනුබද්ධ කොටස්කාර සංවිධාන පසුගිය වසර දෙකක පමණ කාලයක් දැඩි පරිශ‍්‍රමයක් යොදා බිහිකර ගත් සුරම්‍ය ප‍්‍රතිඵලය වන මේ ප‍්‍රතිපත්ති සංග‍්‍රහය ඒ ඒ ක්ෂේත‍්‍රවල ප‍්‍රවීනතම පර්යේෂකයන්, ශාස්ත‍්‍රවන්තයන් හා විද්‍යර්ථීන් මගින් සම්පාදනය විණ. එම විවිධත්වයන් හා ප‍්‍රශස්ත භාවයෙන් යුතු ප‍්‍රඥාවන්තයන්ගේ අරමුණ එක දිශාවකට යොමුව තිබිණ. එනම් වචනයට නැගිය නොහැකි සේ සහ ගණනය කර තක්සේරු කළ නොහැකි සේ ආගාධ ගතව ඇති මේ රට නීතිය මත පාලනය වන, ආර්ථික සමෘද්ධිය සහිත, නිදහස්, ලෝකය සමඟ උරෙනුර ගැටෙන, ප‍්‍රබල හා තිරසර දේශයක් කිරීමේ සිහිනයයි. එම ප‍්‍රාර්ථනය විද්‍යාත්මක ලේඛනයක් ලෙස ඔබට මෙහි මුණ ගැසෙනු ඇත.

ඒ ඒ ක්ෂේත‍්‍රවල කේවල ප‍්‍රතිපත්ති අතර අඩවි සමඟ අන්‍යෝන්‍ය ලෙස සම්බන්ධ වන සමායෝජනය වන ලෙස සංගෘහිත වී තිබීම මේ ලේඛනයේ විශේෂත්වයකි. එම අන්තර් සම්බන්ධය නොමැති නිසාද මේ දේශය දෛනිකව අඳුරේ ගිලෙන අයුරු අප සාක්ෂාත් කර ඇති බැවින් එම කරුණ සුවිශේෂ අවධානයට බඳුන් විය.

මෙම ප‍්‍රතිපත්ති මාලාව අධ්‍යයනය කරන ඔබ සියලු දෙනාට තහවුරු විය යුත්තේ බලගතු ජාතික ප‍්‍රතිපත්ති මාලාවක් නොමැතිව අප රට මෙහෙය වූ බල දේශපාලනය කෙබඳු විලෝපනයක් අප රටට අත්කර දී ඇතිද යන්නයි. ජාතික ප‍්‍රතිපත්ති රටක සංවර්ධනයේ අත්පොතය. ඉදිරි ගමනේ මාලිමාවය. මෙය දූරදර්ශී, අභ්‍යාසවෘද්ධ සැලැස්මකි.

ගමින් ගමට ගොස්, ජනතාව හමුවී, සංවාද කර, තක්සේරු කර රැස්කර ගත් දත්ත සමුදාය විශේෂඥ ඥානයේ හුවා; අත්දැකීම හා න්‍යාය මුසු වූ මෙම බලගතු ප‍්‍රතිපත්ති රාමුව අප රට සංවර්ධනයේද සංතෘප්තියේද ජය මාවත ඔස්සේ රැගෙන යනු ඇත. 2019 ජනාධිපතිවරණය යනු ජාතික ජන බලවේගයේ අනාගත ජයග‍්‍රහණ රැසක සමාරම්භක පදනමයි. එබැවින් මෙම ජාතික ප‍්‍රතිපත්ති අතරමග අතහැර දමන හෝ අමතක කරන ප‍්‍රලාපයක් වන්නේ නැත. ජයග‍්‍රහණයේ පදනම මත සිට අනාගතයේ උදා වන සියලු දේශපාලන අභියෝග විජයග‍්‍රහණය කරන මේ අභිනව දේශපාලන ව්‍යාපාරය මෙම ජාතික ප‍්‍රතිපත්ති මත සිය දිශාව සපයා ගනු ඇත. එය අඛණ්ඩ සංවර්ධන මාවතකි; අනවරත මහජන ප‍්‍රකාශයකි.

ආණ්ඩුකරණය සඳහා මහජනයා වන ඔබට අපි ඇරයුම් කර සිටිමු. ඔබට අවැසි රාජ්‍යය ඔබ නිර්මාණයට ප‍්‍රයත්න දැරිය යුතුය. ඔබේ යෝජනා මෙම ප‍්‍රතිපත්තිවල සාරයයි. එම නිසා මේ ප‍්‍රතිපත්ති මත ඉදි වන්නේ ඔබ රුචි කළ සිහිනයයි. මෙතෙක් කල් ඔබෙන් උදුරාගත් ජීවිතයයි. නීතිය, සදාචාරය, නුතන ඥානය හා අඛණ්ඩ ප‍්‍රජා සංවාදයක් සහිත අපගේ ප‍්‍රවේශය ශී‍්‍ර ලංකාව නිසැක ප‍්‍රගතිය කරා යොමු කරනු ඇත. එම සබුද්ධික සංවාදයට අපි ඔබට ආරාධනා කර සිටිමු. දේශයේ අපේක්ෂාව ශී‍්‍ර ලාංකේය දේශපාලන ව්‍යාපාරයක් මහජනයාට කළ අග‍්‍රගණ්‍ය දේශපාලන යෝජනාව බව ඔබ නිරානුමානවම තහවුරු කරනු ඇත.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

01

සබුද්ධික දේශයක්

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

අධ්‍යාපනය

ගුණාත්මක අධ්‍යාපනයක්- ශිෂ්ට සම්පන්න පුරවැසියෙක්

අධ්‍යාපනය යනු ඒ ඒ පුද්ගලයන් සතු විභවතාවන් හා හැකියාවන් ඉස්මතු කරමින් සමාජ සංවර්ධනයට සක‍්‍රියව දායක විය හැකි සමබර පෞරුෂයක් සහිත ශිෂ්ට සම්පන්න මානව සම්පතක් බිහිකිරීමේ සංස්කෘතික ක‍්‍රියාවලියකි.

නමුත් ශ‍්‍රී ලාංකේය අධ්‍යාපන ක‍්‍රියාවලිය මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා අසමත් වී ඇති බව වී ඇති බවත් එයට ඉක්මන් හා සාධනීය ප‍්‍රතිචාර දැක්වීම අත්‍යවශ්‍ය කාරණයක් බව සෑම දෙනෙක්ම පිළිගනිති. ශ‍්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය පිළිබඳ අපි ආඩම්බරයෙන් කතා කරමු. එහෙත් දැනට පවතින ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපන ක‍්‍රියාවලිය සම්පූර්ණ නොකොට අතරමැද පිටමං වන ප‍්‍රතිශතය ඉතා ඉහළ අගයකි. පාසල් යා යුතු වයසේ පසුවන ළමුන්ගෙන් ප‍්‍රාථමික අධ්‍යාපනය සඳහා ඇතුළු වන ප‍්‍රතිශතය 97%කි. ඉන් 11 වන වසර දක්වා අධ්‍යාපනය ලබන්නේ 87%ක් පමණක් වන අතර අ.පො.ස. (සා./පෙ.) සමත්ව උසස් පෙළ අධ්‍යාපනය සඳහා පිවිසෙන්නේ 51%ක් පමණි. එයිනුත් විශ්වවිද්‍යාල සඳහා වරම් ලබා ගනුයේ 8%ක් පමණ සුළු ප‍්‍රතිශතයකි. අනෙක් අතින් අධ්‍යාපනයේ ඵලදායී බවද බරපතළ ගැටලුවකි. වයස අවුරුදු 20ට වඩා වැඩි ජනගහනයෙන් 26.3%ක් විධිමත් වෘත්තීය පුහුණුවක් ලබා නොමැත. පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමේදී දෙමාපියන් මුහුණ දෙන දුෂ්කරතා සහ එම ක‍්‍රියාවලියෙහි පවතින දූෂිත බව පිළිබඳ ඇති විවේචනය ඉතා බරපතළය. එහෙත් පවතින පාසල් 10,194න් 5161ක්ම (49%ක්) ළමුන් 200ට වඩා අඩු පාසල් වීම මගින් පෙනී යන්නේ, පාසල් පද්ධතිය තුළ විෂමතාව සහ එම විෂමතාව පිළිබඳ සමාජය දක්වන සංවේදීතාවයි. එමෙන්ම ‘නිදහස්’ අධ්‍යාපනය ඇතැයි කියන රටක අධ්‍යාපනය වෙනුවෙන් පෞද්ගලිකව දරන්නට සිදුවී ඇති වියදම විශාලය. ලබා ගත හැකි අධ්‍යාපනයේ ගුණාත්මක තත්වය පමණක් නොව අධ්‍යාපනයට ප‍්‍රවේශ වීමට ඇති අවස්ථාව පවා කෙනෙකුගේ ආර්ථික මට්ටම මත රඳා පවතින බව රහසක් නොවේ. යෝජනා වන  ඕනෑම ප‍්‍රතිපත්තියක් හා වැඩපිළිවෙළක් සකස් විය යුත්තේ දැනට පවතින අධ්‍යාපන අර්බුදයට පිළියමක් සෙවීම සහ නිදහස් අධ්‍යාපනයේ අරමුණු වන සමානාත්මතාව සම අයිතිය සහ සම අවස්ථා තහවුරු වන පරිදිය.

එය කිරීමට සිදු වන්නේ, අධ්‍යාපනය විකෘති වී ඇති තත්වයක් තුළ බවත් එය කෙටි කාලීනව වෙනස් කළ නොහැකි බවත් අපි දනිමු. යෝජිත වැඩපිළිවෙළ සම්පූර්ණ වීම සඳහා කිසියම් කාලයක් ගතවනු ඇති බැවින් එම කාල සීමාව අන්තර්කාලීන (Transitional Phase) ලෙස හඳුනා ගැනීමට සිදු වනු ඇත. එම කාලය තුළ අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් කිරීම හෝ වෙළඳපොළ තර්කය තුළ කි‍්‍රයාත්මක වීම මගින් අධ්‍යාපනයේ සැබෑ අරමුණ ඉටු කර ගත නොහැකිය යන පදනම මත විවිධ මට්ටම්වල පෞද්ගලික අධ්‍යාපනය නියාමනය කිරීම සඳහා තාවකාලික ආයතනික ව්‍යුහයන්ද ඇති කිරීමට සිදු වනු ඇත.

අධ්‍යාපනය කෙසේ විය යුතු ද?

පෙර පාසල් අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනය දක්වා අවශ්‍ය අරමුදල් රාජ්‍යය විසින් දරමින් නිදහස් අධ්‍යාපන ක‍්‍රියාවලිය පවත්වාගෙන යෑම සහ එය නියාමනය කිරීම සඳහා අවශ්‍ය මානව සහ භෞතික සම්පත් ඇතුළු යටිතල පහසුකම් සහතික කිරීම රජයේ වගකීම වේ. ඒ සඳහා අධ්‍යාපනයට දළ දේශීය නිෂ්පාදිතයෙන් අවම වශයෙන් 6%ක්වත් වෙන් කෙරෙනු ඇත.

සීමා කිරීමකින් තොරව සමාජයේ සියලු කණ්ඩායම්වලට සිය සුදුසුකම් හා කුසලතා අනුව අධ්‍යාපනය සඳහා එක හා සමානව ප‍්‍රවේශවීම සඳහා අවස්ථාව තිබිය යුතුය.

වගකීම් සහගත පුරවැසියකු ලෙස සමාජ ප‍්‍රතිමානයන් පිළිගනිමින් සහ ඒවාට ගරු කරමින් කටයුතු කිරීමටත් අවශ්‍ය දැනුම, කුසලතා, ආකල්ප, පරිචයන් සහ අගය කිරීම් අධ්‍යාපනය විසින් ලබා දිය යුතුය.

අධ්‍යාපනය රැකියා වෙළඳපොළ සහ කර්මාන්ත අවශ්‍යතාව මත පමණක් පදනම් නොවිය යුතු වුවද සමාජ අවශ්‍යතාව සහ ඵලදායිතාව ඉහළ නැංවීමට සමත් සේවා නියුක්තියක් ලබා ගැනීම සඳහා අධ්‍යාපනය දායක විය යුතුය.

අධ්‍යාපනයේ අන්තර්ගතය සියලු ජාතිකත්වයන් ඇතුළු සංස්කෘතීන් සියල්ලට පිළිගත හැකි, කිසිදු සමාජ කණ්ඩායමකට වෙනස් ලෙස නොසලකන, සියලු කණ්ඩායම්වලට ආරක්ෂාව සපයන ගුණාත්මක් වූවක් විය යුතුය.

අධ්‍යාපනය යනු පවත්නා දැනුම ලබා ගැනීමත් එම දැනුම සන්නිවේදනය කිරීමත් එමෙන්ම නව දැනුම නිෂ්පාදනයත් අන්තර්ගත වූ ක‍්‍රියාවලියකි.

පුද්ගලයකු අධ්‍යාපනය තුළින් ලබා ගන්නා සියලු සංවර්ධනයන් පවතින සියලු සංස්කෘතීන්ට ඉමහත් දායකත්වයක් දක්වන අතර සමාජය විසින් සිය පුරවැසියාගේ අධ්‍යාපනය වෙනුවෙන් ඉතා ඉහළ පිරිවැයක් දරයි. ඒ අනුව අධ්‍යාපනය විසින් සමාජයට වගවන පුරවැසියන් බිහි කළ යුතුය.

සමාජීය, ආර්ථික සහ පාරිසරික ක්ෂේත‍්‍රයන්හි තිරසාරභාව සහ ගුණාත්මකභාවය වර්ධනය කිරීම අධ්‍යාපනයේ මූලික අරමුණුවලින් එකක් විය යුතුය.

ගෝලීය හා දේශීය අවශ්‍යතා අනුව සම්පත් පරිභෝජනය කරන අතරම අනාගතය සඳහා ඒවා ආරක්ෂා වන පරිදි කටයුතු කිරීමට සහ නවෝත්පාදන ක‍්‍රියාමාර්ග ප‍්‍රවර්ධනය කිරීමට අධ්‍යාපනය සමත් විය යුතුය.

අධ්‍යාපනය නිශ්චිත වයස් කාණ්ඩයකට සීමා වන්නක් නොවේ. එමෙන්ම එය එකවර සම්පූර්ණ කළ හැකි ක‍්‍රියාවලියක්ද නොවේ. එම නිසා ලබා ඇති ඉහළම අධ්‍යාපන සුදුසුකම කුමක් වුවත් නියැළෙන වෘත්තිය කුමක් වුවත් ජීවිත කාලය තුළම අධ්‍යාපනය ලබා ගත හැකිවන පරිදි එම ක‍්‍රියාවලිය සකස් වී තිබිය යුතුය. අධ්‍යාපන අඩංගුව කාලීන හා සමාජ අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන විය යුතු අතර ගෝලීය හා දේශීය අවශ්‍යතාවන්ට උපයෝගී වන පරිදි වෙනස් කරලීමේ හැකියාව පැවතිය යුතුය.

ඉගෙනුම් පරිසරය තුළ මූලික මානව සාරධර්ම සහ සබඳතා මෙන්ම අනුභූතික ඉගෙනීම් ප‍්‍රවර්ධනය කිරීම මගින් පුද්ගලයා තුළ ජීවිතය පිළිබඳ ගැඹුරු අර්ථයක්, ප‍්‍රජාව සහ ලෝකය පිළිබඳ පුළුල් දැක්මක් ඇති කිරීම මගින් ඉගෙනුම පිළිබඳ ලාලසාවක් ජනනය කළ යුතුය.

නව දැනුම නිෂ්පාදනය ඉලක්ක කරගත් පර්යේෂණ දිරිගැන්වීම, නවෝත්පාදනය, අධික්ෂණය සහ ඇගයීම, දැනුම බෙදා හැරීම සහ අත්පත් කර ගැනීම, තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය යොදා ගැනීම මගින් නව දැනුම අත්පත් කර ගැනීම සහ බෙදා හැරීම අධ්‍යාපන ක‍්‍රියාවලිය තුළ අන්තර්ගත විය යුතුය.

නායකත්වය සහ ආචාරධාර්මික බව, සාකල්‍යතාව, සමාජ සංචලනය සහ ප‍්‍රජා සහභාගිත්වය (Social Mobilization and Community Engagement) බහුවිධ සමාජ කොටස් සහභාගිත්වය වර්ධනය කිරීම සහ ඵලදායී සන්නිවේදනයද අධ්‍යාපනයේ අත්‍යවශ්‍ය අංගයන් විය යුතුය.

ගුණාත්මක අධ්‍යාපන ක‍්‍රියාවලියක් පවත්වාගෙන යාම සඳහා එහි වෘත්තීය සංවර්ධනය, විෂයමාලා සහ ශික්ෂණ විද්‍යාව (Curriculum Pedagogy) නිරන්තරයෙන් යාවත්කාලීන කිරීම, යටිතල පහසුකම් පවත්වාගෙන යාම සහ වර්ධනය කිරීම, ප‍්‍රමිතීන් සහ තත්ව නියාමනය (Standards and Accreditation), කාර්ය මණ්ඩල කළමනාකාරීත්වය මෙන්ම දේශපාලන අභිප‍්‍රාය, නීති සම්පාදනය, ප‍්‍රතිපත්ති සහ නියාමනය, මූලෝපායික සැලසුම් සකස් කිරීම, මුල්‍ය සම්පාදනය, සංවිධාන ව්‍යුහය, තත්වාරක්ෂණ සහ පිළිගැනීම, වගවීම වැදගත් වේ.

 

ක‍්‍රියාමාර්ග

පූර්ව ළමාවිය සංවර්ධන අධ්‍යාපනය

පූර්ව ළමාවිය සංවර්ධනය යනු හුදෙක් සම්මත රාමුවකට යටත් වූ අධ්‍යාපනයක්ම නොව දරුවාට පවුල් පරිසරයේ සිට සමාජ ජීවිතයට පිවිසීමට අවශ්‍ය වන මූලික පහසුකම් සපයන ක‍්‍රියාවලියකි. ඒ අවස්ථාව ලබා දීම හා ඒ අවධිය තුළ සමාජීය වස්තුවක් ලෙස දරුවා ආරක්ෂා කොට ඇතිදැඩි කිරීම සමාජ වගකීමකි.

x අවුරුදු 03 සිට 05 දක්වා වන වයසේ සිටින සියලු දරුවන් සඳහාම විධීමත් මුල් ළමාවිය සංවර්ධන අධ්‍යාපනයක් නොමිලේ ලබාදීම

x සෑම දරුවකුටම සිය නිවසේ සිට හෝ දෙමාපියන්ගේ සේවා ස්ථානයේ සිට කි.මී. 02ක් ඇතුළත වන පෙර පාසලක අධ්‍යපනය ලැබීමට හැකි වන පරිදි පිළිගත් ප‍්‍රමිතීන්ට අනුව සැකසුණු මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන පද්ධතියක් ඇති කිරීම

x අවිධිමත් විෂයමාලා හා ක‍්‍රියාකාරකම් වෙනුවට දරුවන්ගේ කායික හා මානසික තත්වයන්ට ගෝචර වන පරිදි හා සමාජ ජීවිතයට පිවිසීමට අවශ්‍ය වන යහපත් පුරුදු, ආකල්ප හා ආචාරධර්ම වර්ධනය කරන ක‍්‍රියාකාරකම් ඇතුළත් වන වැඩසටහනක් හඳුන්වා දීම මෙහිදී ආත්ම විශ්වාසයකින් යුතුව එදිනෙදා ජීවිතයට සහ අවට පරිසරයට අනුගතව වැඩකිරීමට ඇති හැකියාවන් වර්ධනය කිරීම කෙරෙහිද සැලකිල්ලට ගත යුතුය

x මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන නියාමනය කිරීම සඳහා ජාතික මුල් ළමාවිය සංවර්ධන අධිකාරියක්

x මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන පාලිකාවන් සහ ගුරුවර ගුරුවරියන් සඳහා අවම අධ්‍යාපන සුදුසුකම් සහ අනිවාර්ය වෘත්තීය පුහුණුව

x මුල් ළමාවිය සංවර්ධන සේවය වෘත්තීය මට්ටමින් පිළිගැනීමක් ලැබෙන අයුරින් අවම වැටුපක්

x මුල් ළමාවිය සංවර්ධන වෘත්තිකයන් පුහුණු කිරීම සඳහා විධීමත් ජාතික ආයතනයක් සහ ඊට අනුබද්ධ ශාඛා පද්ධතියක් දිවයින පුරා

x මව් භාෂාවට අමතරව කථන සන්නිවේදන භාෂා ලෙස අනෙක් ජාතික භාෂා සහ ඉංග‍්‍රිසි භාෂාව හුරු කිරීම්

x බහු ආගමික බහුවාර්ගික හා බහුසංස්කෘතික විවිධත්වයට අනුගතව එම විවිධත්වය ගරු කරමින් කටයුතු කිරීමට දරුවා හුරු කරවන වැඩසටහන්

x දරුවන්ගේ සෞඛ්‍යය හා පෝෂණ තත්වය වර්ධනය කිරීම සඳහා වැඩසටහන්

දැනට පවතින පෙර පාසල් සියල්ල සඳහා අවශ්‍ය පහසුකම් සපුරා දී ඉහත සඳහන් මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන පද්ධතිය වෙත අනුයුක්ත කිරීමට කටයුතු කරනු ඇත. එමෙන්ම ඒවායේ සේවයේ යෙදී සිටින මූලික සුදුසුකම් සහිත අය සඳහා පෙරපාසල් පිළිබඳව වෘත්තීය පුහුණුව ලබා දී ජාතික පෙර පාසල් වෘත්තීය සේවය වෙත අනුයුක්ත කෙරේ.

 

ප‍්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය

සෑම දරුවෙකුමට වසර 13ක ශාස්තී‍්‍රය හෝ වෘත්තීය පාසල් අධ්‍යාපනයක් අනිවාර්ය වන පරිදි පාසල් පද්ධතිය ප‍්‍රතිව්‍යුහ ගත කෙරේ. එමෙන්ම පාසල් ආගමික, වාර්ගික හෝ ස්ත‍්‍රී පුරුෂභාවය පදනම්ව වෙන් නොකිරීම සහතික විය යුතුය. සියලු දරුවන්ට පහසුකම් සහිත පාසලකට තරගකාරිත්වයකින් තොරව ඇතුළත් වීමට හැකිවන පරිදි ප‍්‍රාථමික පාසල් පද්ධතියක් සහ ප‍්‍රාථමික පාසල් 02 හෝ 03ක් ආවරණය වන පරිදි කනිෂ්ඨ ද්විතීයික පාසල් පද්ධතිය හා ජ්‍යෙෂ්ඨ ද්විතීයික පාසල් පද්ධතිය සකස් කෙරේ. ජ්‍යෙෂ්ඨ ද්විතීියික පාසල් පද්ධතිය තුළ ශාස්ත‍්‍රීය මෙන්ම වෘත්තීය අධ්‍යාපන ක‍්‍රියාත්මක කෙරේ. එමෙන්ම අවශ්‍ය වන පරිදි ශාස්ත‍්‍රීය හෝ වෘත්තීය අධ්‍යාපනයේ එක් එක් ක්ෂේත‍්‍ර වෙනුවෙන් විශේෂීකරණය වු පාසල් පැවතිය හැකිය.

සියලු පාසල් කාණ්ඩ පහත පරිදි වර්ගීකරණය කෙරේ. පළමු වසර සිට 5 වසර දක්වා ප‍්‍රාථමික පාසල් 6 වසර සිට 9 වසර දක්වා වන කනිෂ්ඨ ද්විතීයික පාසල් 10 වසර සිට 13 වසර දක්වා ජ්‍යෙෂ්ඨ ද්විතීයික පාසල්

 

එම පාසල් පද්ධතිය තුළ

x සෑම දරුවකුටම සිය නිවසේ සිට හෝ දෙමාපියන්ගේ සේවා ස්ථානයේ සිට කි.මී. 04ක් ඇතුළත වන පාසලක අධ්‍යපනය ලැබීමට හැකි වන පරිදි පිළිගත් ප‍්‍රමිතීන්ට අනුව සැකසුණු රජයේ පාසල් ව්‍යුහයක්

x පළාත් පාලන ආයතන විසින් පවත්වාගෙන යන අවශ්‍යතාවන්ට හා පිළිගත් ප‍්‍රමිතීන්ට අනුකූලව පාසල් ප‍්‍රවාහන පද්ධතියක්

x සෑම පාසලකම තිබිය යුතු අවම පහසුකම් නිර්ණය කොට චක‍්‍රලේඛයක්

x පහසුකම් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය භෞතික සහ මානව සම්පත් සැපයීම රජයේ වගකීමක්

x පංති කාමරයක් තුළ සිටිය යුතු උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව සහ තිබිය යුතු අවම පහසුකම් පිළිබඳ චක‍්‍රලේඛයක්

x ළමාවියට බාධාවක් නොවන පරිදි ඒ ඒ වයස් කාණ්ඩයන්ට ගැලපෙන ලෙස හා අනවශ්‍ය බරක් නොපැටවෙන පරිදි විෂයමාලාව නැවත සකස් කිරීමක් 06 වසර සිට 09 වසර දක්වා වන වසර හතරක කනිෂ්ඨ ද්විතීයික අධ්‍යාපන අවධිය තුළ යහපත් පුරවැසියෙක් නිර්මාණය කිරීමට අවශ්‍ය සාක්‍ෂරතා, විද්‍යා හා ගණිත, සමාජ, තාක්‍ෂණික හා සෞන්දර්ය මෙන්ම භාෂා දැනුම ඇතුළු පොදු අධ්‍යාපනයක්, ලබාදීම මෙන්ම ජ්‍යෙෂ්ඨ ද්විතීයික අධ්‍යාපනය අවශ්‍ය පසුබිම සකස් වන අධ්‍යාපනයක් ලබා දීම කනිෂ්ඨ ද්විතීයික අධ්‍යාපනයේ අරමුණයි. එම අරමුණ සඳහා සුදුසු සමෝධානික විෂය මාලාවක් සකස් කොට ක‍්‍රියාත්මක කළ යුතුය.

x ප‍්‍රාථමික පාසල් දෙකක් හෝ තුනක් ආවරණය වන පරිදි මෙම කනිෂ්ඨ ද්විතීයික පාසල් පද්ධතියක්

x සිසුන්ගේ වයස කාණ්ඩ සහ ඊට අදාළ බුද්ධිමය තත්වයන් වර්ධනය වන පරිදි නව විෂයමාලා

x දරුවන්ගේ හැකියාවන් සහ විශේෂ කුසලතාව අනුව උසස් අධ්‍යාපනය හෝ වෘත්තීය අධ්‍යාපනය තෝරා ගත හැකි වන පරිදි 06 වසර සිට 09 වසර දක්වා ඉගැන්විය යුතු ප‍්‍රධාන විෂයයන්

x ළමුන්ගේ සමාජ සාරධර්ම සහ පුරවැසි වගකීම් සංවර්ධනය කිරීම සහතික කරන අමතර විෂයයන් හා ක‍්‍රියාකාරකම්

x සෑම දරුවෙකුටම සිය ආගම පිළිබදව මෙන්ම ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන ආගම් පිළිබදව තුලනාත්මක අධ්‍යාපනයක් ලැබෙන ආකාරයට ආගම විෂයක්

x ඒ ඒ වයස් කාණ්ඩයන්ට ගැලපෙන පරිදි ලිංගික හා ප‍්‍රජනන සෞඛ්‍යය පිළිබඳ අධ්‍යාපනයක්

x පරිසර හිතකාමිත්වය හා සොබාදහමේ පැවත්ම පිළිගන්නා ආකල්ප සංවර්ධනය වන විෂය සමාන්තර වැඩසටහන් සමාජ පුරවැසියකු ලෙස කටයුතු කිරීමට අවශ්‍ය මූලික දැනුම සහ ආභාසය ලබා ගැනීම ජ්‍යෙෂ්ඨ ද්විතීයික අධ්‍යාපනයේ අරමුණ වේ. එමෙන්ම තෘතීයික අධ්‍යාපනයට පදනම් වන ශාස්ත‍්‍රීය හෝ වෘත්තීය දැනුම සහ භාවිතාවන් පිළිබඳ අවධානය යොමු කරමින් විෂයධාරා සහ විෂයමාලා සකස් විය යුතුය. එම නිසා ද්විතීයික අධ්‍යාපනයෙන් පසු ශාස්ත‍්‍රීය හෝ වෘත්තීය උසස් අධ්‍යාපනයට යොමු වන සිසුන්ට අවශ්‍ය කෙරෙන මූලික දැනුම මෙන්ම ඍජුව වෘත්තීන් වෙත යොමු වන සිසුන්ට අවශ්‍ය මූලික අධ්‍යාපනික පදනමද සකස් කිරීම මෙම අවධියේදී සිදු කළ යුතු වේ.

නවය වසරේදී පවත්වනු ලබන ජාතික මට්ටමේ විභාගයෙන් පසු සිසුන් සිය කුසලතා සහ කැමැත්ත මත ශාස්තී‍්‍රය (විද්‍යා, කලා, වාණිජ වැනි විෂයධාරා) හෝ වෘත්තීය විෂය ධාරාව (සෘජුවම කිසියම් වෘත්තියකට අදාළ වන) තෝරා ගනු ඇත. ද්විතීයික ජ්‍යෙෂ්ඨ අධ්‍යාපනයේ මුල් වසර දෙක තුළ සිය අභිමතය පරිදි එක් විෂයධාරාවකින් තවත් විෂයධාරාවකට මාරුවිය හැකි පරිදි විෂයමාලා සහ එහි බර තැබීම් ක‍්‍රියාත්මක කළ යුතුය.

x නවය වසර අවසානයේදී තෝරාගත් ප‍්‍රධාන විෂයයන් සඳහා ජාතික මට්ටමේ විභාගයක්

x ඒ ඒ ශිෂ්‍යයාගේ විභවයට සහ රුචිකත්වයට සරිලන පරිදි විෂයධාරා තෝරා ගැනීමට ඉඩ ප‍්‍රස්ථා

x ශාස්තී‍්‍රය සහ වෘත්තීය පදනම සපයන ඒ ඒ විෂයධාරාවන්ට විශේෂිත වූ විෂයයන් මෙන්ම පොදු නිපුණතා වර්ධනය වන තාක්ෂණික සාක්ෂරතාව, ජීවන නිපුණතා, සාහිත්‍ය රස වින්දනය, මූලික නීතිය සම්බන්ධ නව විෂයන්

x 10 සිට 13 වසර දක්වා යාමේදී ක‍්‍රමිකව අදාළ විෂය ධාරාවට අදාළ දැනුමෙහි ගැඹුර වැඩි වන පරිදි විෂය මාලා

x 11 වසර අවසානයේදී සිය අභිමතය පරිදි එක් විෂයධාරාවකින් තවත් විෂයධාරාවකට මාරු විය හැකි පරිදි සුනම්‍ය විෂයමාලා

x සුහුරු පන්තිකාමර අන්තර්ජාලය වැනි නවීන ක‍්‍රමවේද මගින් තොරතුරු තාක්ෂණය හා රොබෝ තාක්ෂණයේ මූලික භාවිතයන් පිළිබඳ අධ්‍යාපනය ලබා දීමේ වැඩපිළිවෙළක්

x ලංකාවේ ආගමික, වාර්ගික හා සංස්කෘතික විවිධත්වයන්ට අනුගතව එම විවිධත්වය ගරු කරමින් කටයුතු කිරීමට ළමුන් හුරුකරවන ඉගෙනුම් පරිසරයක්

x ජීවන නිපුණතා හා සමාජානුයෝජනයට අවශ්‍ය දැනුම හා ප‍්‍රායෝගික කුසලතා සංවර්ධනය කිරීමට අවශ්‍ය වැඩසටහන්

x තාරුණ්‍යයට ගැලපෙන පරිදි ලිංගික හා ප‍්‍රජනන සෞඛ්‍යය පිළිබඳ අධ්‍යාපනයක්

x පාසල් ජීවිතයේ සිට වැඩිහිටි ලෝකයට එළඹෙන පරිවර්තනීය යුගයට මුහුණ දීමට අවශ්‍ය දැනුම, ආකල්ප, සහ නිපුණතා ලබා දිය හැකි ඉගෙනුම් පරිසරයක්

x වගකීම් දැරීම, නායකත්වය, සහකම්පනය, සමාජ සබඳතා පවත්වා ගැනීම, ගැටලුවලට මුහුණදීමට සහ අවශ්‍ය විටකදී සමාජ ආධාර පද්ධති වෙත යෑමට ඇති දැනුම පිළිබඳ වැඩසටහන්

 

විභාග සහ ඇගයීම්

පාසල් විභාග

x පළමු වසර සිට පහ වසර දක්වා පීඩාකාරී විභාග අහෝසියි

x එක් එක් ළමයාගේ කුසලතා මට්ටම් වෙන වෙනම හඳුනාගැනීමට (Feedback) සහ ඒ අනුව විශේෂ පියවර

x 06 වසර සිට 09 වසර දක්වා පවත්වනු ලබන විභාග මත 1, 2, 3 ආදී ලෙස ළමුන් වර්ගීකරණය (rank) අහෝසියි

x ළමුන්ගේ පුද්ගලික කුසලතා ප‍්‍රශස්ත මට්ටමේ සන්තතිකව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ඇගයීම් ක‍්‍රම

x එක් එක් වර්ෂය අවසානයේදී ප‍්‍රජානන හැකියා අනුව විශේෂ අවධානයට ලක්විය යුතු ළමුන් හඳුනාගෙන ඔවුන් වෙනුවෙන් සුදුසු වැඩසටහන්

 

ජාතික මට්ටමේ විභාග

x පීඩාකාරී පහ වසර ශිෂ්‍යත්ව ක‍්‍රමය අහෝසි

x සිය ̈ තාකෂණික සහ අනෙකුත් භෞතික පහසුකම් සහිත ජාතික විභාග අගැයීම් මධ්‍යස්ථාන පද්ධතියක්

x අ.පො.ස. (සා./පෙ.) සහ අ.පො.ස. (උ./පෙ.) විභාග ප‍්‍රතිඵල මසක් ඇතුළත

x ඒ ඒ විෂය පාසල්වල උගන්වන ගුරුවර ගුරුවරියන්ට ඇගයීම් ක‍්‍රියාවලිය පිළිබඳ පුහුණුවක්

x අදාළ ගුරුවර ගුරුවරියන් ඇගයීම් ක‍්‍රියාවලියට සම්බන්ධ වීම අනිවාර්යයි

x කාර්යක්ෂමතාවෙන් හා නිරවද්‍යතාවෙන් යුතුව ඇගයීම් ක‍්‍රියාවලියෙහි යෙදෙන පරීක්ෂකවරුන් ශ්‍රේණිගත කොට අතිඳො⁄4ක දිරි දීමනා

 

ශාරීරික සෞඛ්‍යය

x ළමුන්ගේ ශාරීරික හා මානසික සමබරතාවයන් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වැඩසටහන්

x සෑම පාසලකටම පානීය ජලපහසුකම් සහ පිරිසිදු වැසිකිළි පද්ධතියක්

x ක‍්‍රීඩාව ඉහළ නැංවීම සඳහා ක‍්‍රීඩා පිටි, නානකාමර ආදී යටිතල පහසුකම් සෑම පාසලකම ඇති කරන අතර ඊට ගැලපෙන පරිදි පාසල් කාලසටහන්

 

x ද්විතීක පාසල්වල සමාජ යහපැවැත්ම වර්ධනය කිරීම සහ ඊට අදාළ ගැටලු පිළිබඳ කටයුතු කිරීම

x වෘත්තීය නිපුණතාව සහිත මානව සම්පත් සහ තාක්ෂණික භාවිතය සහිත ඒකක පිහිටුවීම මත්ද්‍රව්‍ය භාවිතය සහ ස්වයං හිංසනය ආදී ගැටලු වැළැක්වීම පිළිබඳව විශේෂයෙන් කටයුතු කිරීම

x විශේෂයෙන් අධ්‍යාපනික ආයතන අවට මත්ද්‍රව්‍ය අලෙවි කිරීම බෙදා හැරීම වැළැක්වීම සඳහා ඒකාබද්ධ වැඩසටහනක්

පාසල් අධ්‍යාපන පරිපාලනය සහ

මානව සම්පත් ප‍්‍රවර්ධනය

 

x අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ බඳවා ගැනීම්, උසස්වීම් සහ මාරුවීම් සහ අනෙකුත් වෘත්තීය කටයුතු සඳහා ස්වාධීන අධ්‍යාපන පරිපාලන සේවා කොමිෂන් සභාවක්

x පාසල් ආයතනවල ඇතිවන සියලු පුරප්පාඩු පිරවීම මාස 02ක් ඇතුළත

x අධ්‍යාපනය සඳහා එකම අමාත්‍යංශයක්

x ගුරු වෘත්තියට පිවිසෙන සෑම අයෙකුටම උපාධියක්

x අවශ්‍ය මානව සහ භෞතික සම්පත් ලබා දෙමින් සියලු ගුරු අභ්‍යාස විද්‍යාල සහ අධ්‍යාපන විද්‍යාපීඨ උපාධි ප‍්‍රදාන ආයතන බවට උසස් කිරීම

x ගුණාත්මක අධ්‍යාපන ක‍්‍රියාවලියක් සඳහා ගුරු වෘත්තීය ශ‍්‍රී ලංකාවේ ඉහළම වැටුප් ලබන වෘත්තීන් 10 අතරට

x ගුරු වෘත්තීයට පිවිසීමට පෙර අවම වශයෙන් වසරක වෘත්තීය පුහුණුවක්

x විෂය මාලා වෙනස් වීම් සහ ක්ෂේත‍්‍රයේ නව ප‍්‍රවණතා පිළිබඳ සෑම වසර තුනකට වරක් අනිවාර්ය පුහුණු වැඩසටහන්

x අධ්‍යාපනය පිළිබඳ පර්යේෂණ සහ කාර්යසාධන විශ්ලේෂණවල නිරත වීමට අවශ්‍ය පහසුකම් ලබා දීම සහ එම කටයුතුවල නියැළෙන අයට දිරි දීමනා

x විෂයමාලා යාවත්කාලීන කිරීම සෑම වසර හතරකට වරක්

x පාසල් පද්ධතිය තුළ සිය ̈ ප‍්‍රජාව මුහුණ දෙන ලිංගික හෝ වෙනත් හිංසනයන් පිටු දැකීම සඳහා ශක්තිමත් ව්‍යුහයක්

x විෂයමාලා සංවර්ධනය, පෙළ පොත් සම්පාදනය සහ ඇගයීම් ක‍්‍රියාවලිය එකිනෙක සම්බන්ධ කොට පවත්වාගෙන යාමට හැකි වන නව ආයතනික ව්‍යුහයක්

x පිරිවෙන් සහ අනෙකුත් ආගමික ආශ‍්‍රිතව කෙරෙන අධ්‍යාපනය නියාමනය කොට අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා පස් අවුරුදු සැලැස්මක්

තෘතීයික අධ්‍යාපනය

මෙහිදී තෘතීයික අධ්‍යාපනය යන්නට වෘත්තීන් සඳහා වූ විශේෂ පුහුණුව, දැනුම් නිෂ්පාදනය සහ බෙදා හැරීම හා දැනුම අත්පත්කර ගැනීම යන සංඝටක ඇතුළත් වේ. වෘත්තීන් සඳහා වූ විශේෂ පුහුණුව යටතේ විශේෂ පුහුණුව ඇතුළත් වන  ́නෑම වෘත්තිය ක්ෂේත‍්‍රයක් (උදා.- වෛද්‍ය, ඉංජිනේරු, නීති, ගුරු, කාර්මික සේවා, සංචාරක සේවා, මූල්‍ය සේවා, කලා හා සංස්කෘතික…) ඇතුළත් වේ. දැනුම නිෂ්පාදනය යනුවෙන් අදහස් වන්නේ, සමාජයීය වශයෙන් අවශ්‍ය කරන ඕනෑම නව දැනුමක් නිෂ්පාදනය කිරීමය. දැනුම අත්පත් කරගැනීම යන්නට සමාජයේ බුද්ධිමය නායකත්වය ගත හැකි පිරිස් නිර්මාණය කිරීම සහ දැනුම නිෂ්පාදනය සදහා අවශ්‍ය පිරිස් බිහි කිරීම ඇතුළත් වේ.

නව දැනුම නිෂ්පාදනය, සමාජයේ බුද්ධිමය නායකත්වය ගත හැකි පිරිස් නිර්මාණය කිරීම, සහ දැනුම නිෂ්පාදනය සදහා අවශ්‍ය පිරිස් බිහි කිරීම යන අංශ තුන විශ්වවිද්‍යාලයක් තුළ අනිවාර්යයයෙන්ම තිබිය යුතුය. විශ්වවිද්‍යාලයක් යනුවෙන් අදහස් වන්නේ මෙම අංග තුනම සාකල්‍ය ලෙස ඇතුළත් කරගන්නා ආයතන වේ.

ක‍්‍රියාමාර්ග

x පළමු වසරට ඇතුළත් වන අයගෙන් අවම වශයෙන් 50%කට වත් ශාස්ත‍්‍රීය, වෘත්තීය හෝ තාක්ෂණික උසස් අධ්‍යාපනය තුළින් උපාධියක්

x ඒ ඒ වෘත්තීය ක්ෂේත‍්‍රවලට ඇතුළත් සිය ̈ සේවා සදහා උපාධියක්

x අ.පො.ස (උ.පෙ.) ප‍්‍රතිඵල නිකුත්වී මාස 03ක් ඇතුළත විශ්වවිද්‍යාල ප‍්‍රවේශය

x මූලික පියවරක් ලෙස විශ්වවිද්‍යාල ප‍්‍රවේශය සඳහා දැනට ඇති දිස්ත‍්‍රික් කෝටා ක‍්‍රමය සංශෝධනය කර, කලාප අධ්‍යාපන කොට්ඨාස වැනි වඩා කුඩා අධ්‍යාපන ඒකක මත පදනම් වූ කෝටා ක‍්‍රමයක්

x ඒ ඒ පාඨමාලාවේ අවම සුදුසුකම් හඳුනාගෙන ඒ සුදුසුකම් සපුරාලන සියලු දෙනාට අදාළ පාඨමාලාව හැදෑරීමට අවස්ථාව

x විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට කිසිදු වෙනස් ලෙස සැලකීමකින් තොරව තෘතීයික අධ්‍යාපනයට ඇතුළුවීමට අවස්ථා

x තෘතීයික අධ්‍යාපනය නියාමනය සඳහා කොමිසමක්

x නේවාසිකාගාර, දේශනාගාර සහ පර්යේෂණාගාර, සෞඛ්‍යය, ක‍්‍රීඩා, සාහිත්‍යය, පොදු ශිෂ්‍ය ක‍්‍රියාකාරකම්, පුස්තකාල, අන්තර්ජාල ප‍්‍රවේශය සහ සියලු ප‍්‍රජාවට භාවිත කළ හැකි ප‍්‍රමිතින්ට අනුකූල ආපනශාලා

x තෘතීයික අධ්‍යාපන ආයතනවල සිදුවන හිංසනය වැළැක්වීමේ ඒකාබද්ධ ව්‍යුහයක්

x තෘතීයික අධ්‍යාපන ආයතනවල ශාස්ත‍්‍රීය නිදහස තහවුරු කිරීම

x දැනට පවතින විශ්වවිද්‍යාල පනත යෝජිත ප‍්‍රතිපත්ති හා වැඩපිළිවෙළට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම

x තෘතීයික අධ්‍යාපන ආයතනවල අධ්‍යයන ස්වාධීනත්වය තහවුරු කිරීම

x පරිපාලන ආයතනවල ස්වාධීනත්වය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීම

x අධ්‍යයන අනධ්‍යයන බඳවා ගැනීමේ පටිපාටිය නිර්දේශපාලනීකරණය කිරීම

x පරිපාලන සහ අනෙනකුත් වෘත්තීය ගැටලු පිළිබඳ ලැබෙන පැමිණිලි විමර්ශනය කිරීම සඳහා විධිමත් හා ස්වාධීන ව්‍යුහයක් සෑම තෘතීයික අධ්‍යාපන ආයතනයක් තුළම ස්ථාපිත කිරීම

x ජාතික හා ප‍්‍රාදේශීය අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් තෘතීයික අධ්‍යාපන ආයතන තුළ නව උපාධි පාඨමාලා හා පර්යේෂණ

x සෑම උසස් අධ්‍යාපන ආයතනයකම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ජාත්‍යන්තර විශ්වවිද්‍යාලවල පශ්චාත් උපාධි අධ්‍යාපනයට ඉංග‍්‍රිසි භාෂා ඇතුළු අනෙකුත් මූලික සුදුසුකම් ලබා ගැනීම සඳහා විශේෂ ඒකක

x ජාත්‍යන්තර විශ්වවිද්‍යාලවල පශ්චාත් උපාධි අධ්‍යාපනය අවස්ථා ලබා ගැනීමට අවශ්‍ය සබඳතා පුළුල් කිරීම

x ඒ ඒ පාඨමාලාවේ අවම සුදුසුකම් හඳුනාගෙන ඒ සුදුසුකම් සපුරාලන සිය ̈ දෙනාට අදාළ පාඨමාලාව හැදෑරීමට අවස්ථාව

x වෘත්තීය පාඨමාලා සඳහා පාර්ශ්වික ඇතුළත්වීම් (Lateral Entries) ක‍්‍රමිකව

x දේශීය හා විදේශීය කර්මාන්ත සමග පර්යේෂණ ක‍්‍රියාත්මක කිරීමට හා විද්‍යා හා තාක්ෂණික ක්ෂේත‍්‍රයේ පශ්චාත් උපාධි සඳහා විශ්වවිද්‍යාල පද්ධතියක්

x පශ්චාත් උපාධි අධ්‍යයන සහ පර්යේෂණ ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය හා භෞතික සම්පත්

x උපාධිය සමත්වී මාස දෙකක් ඇතුළත රැුකියාවක් හෝ වසරක පුහුණුවක් ලබාදීම සඳහා සෑම විශ්වවිදයාලයකම විශේෂ ඒකක

වැඩිහිටි හා දුරස්ථ අධ්‍යාපනය

වැඩිහිටි අධ්‍යාපනය යනුවෙන් අදහස් කරන්නේ දියුණු සමාජ, දේශපාලනික හා සංස්කෘතික අවබෝධයන් සහිතව ආචාරධාර්මික හා වගකීම් සහගතව ප‍්‍රජා ජීවිතය පෝෂණය කොට යහපත් පුරවැසියකු නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය වන විධිමත් ප‍්‍රජා කේන්ද්‍රීය අධ්‍යාපනය වේ. මෙහිදී විවිධ හේතුන් මත විධිමත් අධ්‍යාපන ක‍්‍රමයෙන් විවිධ අවස්ථාවලදී ඉවත් වීමට සිදු වූ සෑම අයකුම පරිපූර්ණ පුරවැසියකු බවට පත්කිරීමට අවශ්‍ය වන සමාජ, දේශපාලනික සහ සංස්කෘතික අධ්‍යාපනය ලබා දීම පිළිබඳ විශේෂ අවධානය යොමු කෙරේ.

විවිධ වෘත්තීන්හි නියලී සිටින සහ විවිධ අවස්ථාවල තෘතීයික අධ්‍යාපනය සම්පූර්ණ කිරීමට පෙර විධිමත් අධ්‍යාපනයෙන් ඉවත්වීමට සිදු වූ අයට තෘතීයික අධ්‍යාපනය ලබා දීම මෙයින් අදහස් කෙරේ. ඒ අනුව සිය සේවා තත්වය හෝ භූගෝලීය සාධක පදනම් කරගෙන බාධා ඇති නොවන පරිදි උසස් අධ්‍යාපනයට ප‍්‍රවේශ විය හැකි අවස්ථා පුළුල් කෙරේ.

x සෑම ප‍්‍රාදේශීය ලේකම් බලප‍්‍රදේශයක් තුළම ප‍්‍රජා අධ්‍යාපනික මධ්‍යස්ථානයක්

x සෑම පුරවැසියකුටම සිංහල, දෙමළ සහ ඉංග‍්‍රිසි භාෂා ඉගෙනීමට පාඨමාලා

x මූලික නීතිය, තොරතුරු තාක්ෂණය හා තාක්ෂණික මෙවලම් භාවිතය පිළිබඳ අධ්‍යාපනික වැඩසටහන්

x විවෘත හා දුරස්ථ අධ්‍යාපනය තෘතීයික අධ්‍යාපනයේ කොටසක් බව පිළිගැනීම

x ප‍්‍රාදේශීය හා විවෘත අධ්‍යාපනික ක්ෂේත‍්‍රයේ අරමුණ ඉටු කර ගැනීම සඳහා දැනට පවතින ආයතනික ව්‍යුහයන්හි වෙනසක්

යෝජිත අධ්‍යාපනික ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කිරීම සඳහා දේශපාලනික අධිකාරියේ වුවමනාව සහ කැපවීම අත්‍යවශ්‍ය වන අතර එම වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන පරිපාලනමය හා ව්‍යුහාත්මක වෙනස්කම් සුදුසු පරිදි ඇති කළ යුතුය.

තොරතුරු සන්නිවේදන තාක්‍ෂණය

සබුද්ධික ශී‍්‍ර ලංකාවක් ගොඩනැගීම සඳහා වන උසස් මානව සම්පත මනා තොරතුරු තාක්‍ෂණ නිපුණතාවක් සහිත ප‍්‍රජාවක් බවට පත් කරවීමත් ලොව තොරතුරු තාක්‍ෂණ විසඳුම් සැපයීමේ ප‍්‍රමුඛයා බවට ශ‍්‍රී ලංකාව පත් කිරීමත් එම අවකාශය තුළින් ජාතික ආර්ථිකයට ප‍්‍රබල දායකත්වයක් ලබා දීමත් අනෙකුත් ක්ෂේත‍්‍ර තුළ තොරතුරු තාක්‍ෂණය උපයෝගී අවස්ථා අඛණ්ඩව නිර්මාණය කිරීමත් එහි ප‍්‍රතිලාභ ජනතාවට අත්කර දීමත් අරමුණ වේ.

ලෝකයේ සියලු ක්ෂේත‍්‍රවල සම්ප‍්‍රදායික මෙවලම් හා යෙදවුම් තොරතුරු තාක්‍ෂණය මත පදනම් වූ සුහුරු මෙවලම් සහ යෙදවුම් මගින් ප‍්‍රතිෂ්ඨාපන වීම සීඝ‍්‍රයෙන් දක්නට ලැබෙන අතර ඒ සඳහා විශාල වෙළඳපොළ ඉලඩිමක්ද පවතී. ලෝකය තුළ ICT යෙදවුම් හා භාවිතය සඳහා වැයකරන මුදල ඉතා සීඝ‍්‍ර ලෙස වැඩි වී ඇති අතර සැලසුම් සහගත වැඩපිළිවෙළක් මගින් එම වෙළඳපොළට පිවිසීමේ විභවතාවක් ශ‍්‍රී ලංකාව සතුව පවතී. World Economic Forum විසින් රටවල්වල තොරතුරු තාක්‍ෂණ විභවය ඇගයීමකට ලක්කරන සමීක්ෂණ වා3⁄4තාව අනුව නිසි රාජ්‍ය මැදිහත්වීමක් හා වැඩපිළිවෙළක් නොමැතිව වුවද ශ‍්‍රී ලංකාව 2016 වසඳො⁄4දී 63 වන ස්ථානයේ පසු විය. ඉන්දියාව සහ වියට්නාමය වැනි ආසියානු කලාපයේ අනෙකුත් රටවල් සිටින්නේ අපට පිටුපසිනි. ලොව හොඳම මෘදුකාංග ඉංජිනේරුවන් සිටින රටවල් අතර ශී‍්‍ර ලංකාව 49 වන ස්ථානයේ සිටින අතර Distributed System ක්ෂේත‍්‍රයේ අංක එක ලබා සිටින්නේ ශ‍්‍රී ලංකාවයි. ICTA වාර්තා අනුව 2018 වසර වන විට ලංකාව එම ක්ෂේත‍්‍රයෙන් ඩොලර් බිලියනයක විදේශ ආදායමක් උපයා ඇත.

නිසි වැඩපිළිවෙළක් සහ රාජ්‍ය මැදිහත්වීමක් සහිතව අපගේ සීමිත ස්වාභාවික සම්පත් හා මානව ප‍්‍රාග්ධනය තිරසර ලෙස යොදා ගැනීම මගින් ශී‍්‍ර ලංකාව ලොව අංක එකේ තොරතුරු තාක්‍ෂණ විභවය සහිත රට බවට පත් කළ හැකිය.

 

 

අරමුණු

හතරවන කාර්මික විප්ලවයට සරිලන ශ‍්‍රමබලකාය, සංවිධාන සහ රාජ්‍ය ව්‍යුහය සකස් කිරීම සඳහා

x තොරතුරු තාක්‍ෂණ නව විෂය නිර්දේශ හා ක‍්‍රමවේද අධ්‍යාපන පද්ධතිය තුළ ස්ථාපිත කිරීම

x ව්‍යාපාරික ස්ථාන, පර්යේෂණ, උපකරණ, මධ්‍යස්ථාන සහ වේගවත් අන්තර්ජාල සම්බන්ධතා වැනි තොරතුරු තාක්‍ෂණ යටිතල පහසුකම් ඉහළ නැංවීම

x ගෝලීය ව්‍යාපාර සම්බන්ධතා ගොඩනැගීම සඳහා තොරතුරු තාක්‍ෂණ භාවිතයන් පුළුල් කිරීම මගින් එම ප‍්‍රජාවන්ට නව ව්‍යාපාරික අවස්ථාවන් ගවේෂණය කිරීමට හා ඒවා දියුණු කිරීමට අවස්ථාව සැලසීම

x ගෝලීය සැපයුම් ජාලය තුළ නව්‍ය දැනුම සහ කුසලතා ඇති ශ‍්‍රමිකයන් හා නව මානයක නිෂ්පාදන සපයන්නෙකු ලෙස ශ‍්‍රී ලාංකේය වෙළඳ සන්නාමය ස්ථාන ගත කිරීම

x ඉදිරි වසර පහ තුළ ප‍්‍රමුඛ විදේශ ආදායම් මාර්ගයක් බවට තොරතුරු තාක්‍ෂණ ක්ෂේත‍්‍රය පත් කිරීම

x සංවර්ධන සැලසුම් සකස් කිරීමේදී තොරතුරු තාක්‍ෂණ යෙදවුම් ඇතුළත් කිරීම තුළින් ස්මාර්ට් නගර හා ගම් නිර්මාණය කිරීම

x තොරතුරු හා සන්නිවේදන ක්ෂේත‍්‍රය නිර්වචනය කිරීම, ක‍්‍රියාවට නැංවීම හා සමාලෝචනය සඳහා අධීක්ෂණ රාමුවක් සකස් කිරීම

ක‍්‍රියාමාර්ග

x තාක්‍ෂණයේ නව ප‍්‍රවණතා හඳුනාගනිමින් ජීවිතයේ ගූණත්වය වැඩිකිරීම හා ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා ඉදිරි අවුරුදු 30ක තාක්‍ෂණික මාර්ග සිතියමක් ( Technological Road Map)

x කාර්යක්ෂම රාජ්‍ය සේවය (smart government), තොරතුරු තාක්‍ෂණයේ ප‍්‍රතිපත්තිය නිර්වචනය හා යාවත්කාලීන කිරීම, අනෙකුත් ක්ෂේත‍්‍ර තුළ වන තොරතුරු තාක්‍ෂණ යෙදවුම් ක‍්‍රියාත්මක කිරීම හා අධීක්‍ෂණය සඳහා රාජ්‍ය ව්‍යූහයක් සකස් කිරීම

x අන්තර් අමාත්‍යංශ කමිටුව

x ජාතික මෘදුකාංග පදනම

x තොරතුරු තාක්‍ෂණ ව්‍යාපාරික සභාව (owners forum)

x තොරතුරු තාක්‍ෂණ කේෂ්ත‍්‍ර වෘත්තික සභාව (professionals forum)

x විවෘත සභාව (open forum)

x නීති ප‍්‍රතිසංස්කරණ හා උපදේශන කොමිසම

x ප‍්‍රධාන තාක්‍ෂණ නිලධාරී (CTO) තනතුරක් සෑම රාජ්‍ය සහ රාජ්‍ය අනුබද්ධ ආයතන සඳහා ඇති කෙරේ

x රජය පරිපාලනය සඳහා කෘති‍්‍රම බුද්ධිය හා බැදුණු තාක්‍ෂණයන් සහ Bigdata “IoT” Blockchain වැනි තාක්‍ෂණයන් භාවිතා කරමින් ස්මාර්ට් රාජ්‍ය පද්ධතිය හා ඒ හා බැඳුණු පද්ධති ඉදිරිපත් කිරීම

x පවතින රාජ්‍ය මෘදුකාංග පද්ධති මධ්‍යගත ව්‍යූහයක් හා සම්බන්ධ කිරීම

x දත්ත හඳුනා ගැනීම, ඒවා අධ්‍යනයය කිරීම, තීරණ ගැනීම පහසු කිරීම, සමාජ සුභ සිද්ධිය සඳහා කෘත‍්‍රීම බුද්ධිය යෙදවීම පිණිස අනෙකුත් මෘදුකාංග සඳහා පද්ධතියක් නිර්මාණය

x උපතේ සිට මරණය දක්වා සිය ̈ ප‍්‍රජා විද්‍යාත්මක දත්ත සහ සමාජ ආර්ථික දත්ත සම්බන්ධීකරණයට ජාතික හැඳුනුම්පත් අංකය යොදාගැනීම

x වසර 5ක් තුළ 5ඨ තාක්‍ෂණයට අදාළ යටිතල පහසුකම් සම්පූර්ණ කිරීම

x තොරතුරු තාක්‍ෂණය අධ්‍යාපනය පූර්ව ළමාවියේ සිට දරුවාට ලබා දෙන අතර අවිධිමත් අධ්‍යාපනය උපයෝගී කරගෙන වැඩිහිටි ප‍්‍රජාවට ඒ දැනුම ලබා දීම

x රට තුළ නවෝත්පාදනය විලාසිතාවක් බවට පත් කිරීම. අලුත් දෙයක් කිරීම, පේටන්ට් බලපත‍්‍රයක් ලබා ගැනීම විලාසිතාවක් බවට පත් කිරීම සඳහා නව නිපැයුම් සඳහා තරග සහ වටිනා ත්‍යාග සහ ව්‍යාපාරික අවස්ථා සහ මූල්‍යමය උපකාර ලබා දෙනු ලැබේ. එමෙන්ම ඒ ඒ කාලයන්ට අනුරූපව නව නිපැයුම් විලාසිතාවක් බවට පත් කිරීම සඳහා ගතයුතු පිළියම් රජයේ තොරතුරු තාක්‍ෂණ ව්‍යූහය තුළ සිදුවේ.

x රාජ්‍ය සේවා සැපයීමේදී සිදුවන අනවශ්‍ය වියදම් කපා හැරීම හා කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම සඳහා නව තාක්ෂණික යෙදවුම් භාවිතය සඳහා අවශ්‍ය රාජ්‍ය ව්‍යූහමය වෙනස්කම් සිදු කිරීම සහ එම විසදුම් ශ‍්‍රී ලාංකේය සමාගම් තුළින් ලබා ගැනීමත් සිදුවේ.

x දෛනික ජීවිතය තොරතුරු තාක්‍ෂණය මත සංවිධානය කිරීම. E-paying flatform මගින් වසර 5ක් තුළ දෛනික ගනුදෙනුවලින් 25ක්වත් හැසිරවීමේ හැකියාව ලබාදීම. ගෘහස්ථ කටයුතු පහසු කිරීමේ තොරතුරු තාක්‍ෂණ උපාංග හඳුන්වා දීම

x නිදහස් (freelance) තොරතුරු තාක්‍ෂණවේදීන්ගේ ප‍්‍රමාණය හා ගුණය වැඩිකිරීම හා ඔවුන්ගේ වෘත්තීය සුරක්‍ෂිතභාවය ආරක්‍ෂා කිරීම.

x ලෝකය තුල පවතින ව්‍යාපාරික අවශ්‍යතා අනුව කෘත‍්‍රිම බුද්ධිමය යෙදවුම් – (Machine Learning) පද්ධති හා දත්ත ආරක්ෂණය – Security අතත්‍ය යථාර්ථය /වැඩිදියුණු කළ යථාර්ථය/මිශ‍්‍ර යථාර්ථය/ව්‍යාප්ත කළ යථාර්ථය – (XR/VR/ARvMR/XR) විවිධ දේ සඳහා අන්තර්ජාල භාවිතය – IOT විසල දත්ත හැසිරවීම හා විස්ලේෂණය – Bigdata යන ක්ෂෙත‍්‍ර දැනුම ඉහළ නංවනු ලැබේ

x industrial 4.0 යටතේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය වැඩි වන නිසාම එවා ප‍්‍රතිචක‍්‍රීකරණ පද්ධති සියලු කර්මාන්ත උද්‍යාන හා නගර තුළ ස්ථාපිත කිරීම

x ශ‍්‍රී ලංකාව විසින් නිර්මාණය කළ ලොව පළමු ආපදා කළමනාකරණ පද්ධති 2ක් තුළ ඉලෙක්ට්‍රෝනික අන්තර්ජාල භාවිතාවන් (IOT) හා ස්වයංක‍්‍රීය දත්ත විශ්ලේෂකයන් දක්වා දිගුකරමින් ලොව කාර්යක්‍ෂම ආපදා කළමනාකරණ පද්ධතිය බවට පත්කිරීම

x දේශීය ආයෝජකයාට දේශීය නව ව්‍යාපාර ආරම්භකයන් නව නිපැයුම්කරුවන් මුණගස්වන මණ්ඩප සකස් කිරීම – venture capital forums

x තොරතුරු තාක්‍ෂණික ක්ෂේත‍්‍රයේ ගුණාත්මක, විශ්වාසදායකම හා නවීනතම විසඳුම් සපයන සන්නාමය බවට ශ‍්‍රී ලංකාව පත්කිරීම

x ලෝක වෙළඳ හා තාක්ෂණික සංසද (world trade and technological forum) සමග සම්බන්ධවීම දිරිමත් කිරීම

x “Silicon Valley”, “Beijing”, “Shanghai”, “Singapore”, “Barcelon” වැනි නගර තෝරා ගනිමින් ජාත්‍යයන්තර මට්ටමේ ප‍්‍රචාරණයන් සිදුකිරීම

x කලාපීය හා ගෝලීය සමුළු සඳහා රාජ්‍ය පහසුකම් සැපයීම හා දිරිගැන්වීම

x ලොව ප‍්‍රධාන තොරතුරු පර්යේෂණ ආයතනවලට අවශ්‍ය සියලු පහසුකම් ලබාදී ඒවායේ ශාඛා මෙරට ආරම්භ කිරීම දිරිගැන්වීම

විද්‍යාව, තාක්‍ෂණය, පර්යේෂණය හා සංවර්ධනය විද්‍යා, තාක්‍ෂණය සහ පර්යේෂණ හා සංවර්ධන ධාරාව ශ‍්‍රී ලංකාවේ සමාජ හා ආර්ථික සංවර්ධනයේදී නොසලකා හරින ලද ක්ෂේත‍්‍රයකි. රජය ඒ සඳහා වාර්ෂිකව දළ ජාතික නිෂ්පාදිතයෙන් 0.16%ක් පමණක් වෙන් කිරීමෙන් මෙය මනාව පිළිබිඹු වේ. ඒ හේතුව නිසාම ජන විඥානයේ පසුගාමිත්වය මෙන්ම ආර්ථික ක‍්‍රියාදාමයේ නිෂ්පාදනයන්හිද ප‍්‍රාථමික බවක් ප‍්‍රබලව දක්නට ලැබේ. අනෙක් අතින් මෙම ක්ෂේත‍්‍රයේ කරනු ලබන පර්යේෂණද හුදෙක් අධ්‍යාපනික අරමුණුවලට පමණක් ලඝු වීම ප‍්‍රබලව දක්නට ලැබෙන අතර එම පර්යේෂණයන්හි ප‍්‍රතිඵල ජන ජීවිතය ඉහළ නැංවීමට හෝ ආර්ථික ක්ෂේත‍්‍රයේ තත්වය ඉහළ නැංවීමට ප‍්‍රබල දායකත්වයක් සපයන්නේ නැත.

ජන සමාජයේ පරිකල්පන ශක්තිය ඉහළ නංවමින් උසස් මානව සමාජයක් ඇති කිරීමටත් ආර්ථික නිෂ්පාදනයන්හි ගුණාත්මකභාවය හා ඵලදායිතාව ඉහළ නැංවීමටත් විශේෂයෙන් ප‍්‍රාථමික නිෂ්පාදනයන්හි එකතු කළ අගයන් වැඩි කිරීම තුළින් එහි වටිනාකම් ඉහළ නැංවීමටත් විද්‍යා තාක්‍ෂණය සහ පර්යේෂණ හා සංවර්ධන ක්ෂේත‍්‍රය ප‍්‍රබල ලෙස උපයෝගී කරගත හැකි බව අපගේ විශ්වාසයයි.

 

අරමුණ

x සමාජ හා ආර්ථික සංවර්ධන උදෙසා විද්‍යාව, තාක්‍ෂණය සහ පර්යේෂණ හා සංවර්ධන ක්ෂේත‍්‍රය ප‍්‍රබල දායකත්වය සපයන ධාරාවක් බවට පත් කිරීම

x විද්‍යාත්මක හා තාක්‍ෂණික ක්ෂේත‍්‍රයේ ගුණාත්මක පර්යේෂණ සංස්කෘතියක් ඇතිකොට එහි ප‍්‍රතිඵල සමාජ සංවර්ධනයට ඵලදායී ලෙස උපයෝගී කර ගැනීම

x විද්‍යාව, තාක්‍ෂණය සහ පර්යේෂණ හා සංවර්ධන ක්ෂේත‍්‍රය ජන ජීවිතයේ කාර්යක්ෂමතාව සහ නිෂ්පාදනයන්හි ඵලදායීතාව ඉහළ නැංවීම සඳහා යොදා ගැනීම මගින් යහපත් ජීවන තත්වයක් ජනතාවට ලබා දීම

 

ක‍්‍රියාමාර්ග

වාර්ෂිකව අවම වශයෙන් දළ ජාතික නිෂ්පාදිතයෙන් 2% ක් විද්‍යාව, තාක්‍ෂණය සහ පර්යේෂණය සහ සංවර්ධනය යන අංශවලට වෙන් කිරීම ඉලක්ක කර ගනිමින් ආරම්භයේදී දළ ජාතික නිෂ්පාදනයෙන් 0.75% වෙන් කිරීම

x රාජ්‍ය හා පෞද්ගලික අංශයේ දායකත්වයෙන් විද්‍යා, තාක්‍ෂණ, පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා වෙනම අරමුදලක් ඇති කිරීම

x විද්‍යා, තාක්‍ෂණ, පර්යේෂණ හා සංවර්ධන කටයුතු උපදේශනය නියාමනය සහ ප‍්‍රවර්ධනය සඳහා විද්‍යා තාක්‍ෂණ හා පර්යේෂණ ඒජන්සිය නමින් නව ආයතනයක් ස්ථාපිත කිරීම

x විද්‍යා, තාක්‍ෂණ සහ පර්යේෂණ ක්ෂේත‍්‍ර සහ කර්මාන්ත අතර මනා සම්බන්ධීකරණයක් ඇති කොට විද්‍යාත්මක පර්යේෂණ රටේ ආර්ථික සංවර්ධනයට සහ රැකියා උත්පාදනයටත් ග‍්‍රාමීය සහ නාගරික ජන ජීවිතවල ගුණාත්මක තත්වය ඉහළ නැංවීමටත් ඵලදායීතාව ඉහළ නැංවීමටත් තිරසර සංවර්ධනයටත් එම ඒජන්සිය උපයෝගී කර ගැනීම

x විදේශගතව සිටින කීර්තිමත් විද්‍යාඥයන්ට සහ පර්යේෂකයන්ට යළි මව් රටට පැමිණෙන ලෙසත් ඒජන්සිය සමග එක්ව කටයුතු කරන ලෙසත් ආරාධනා කොට ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් ලබා දීම

x ක්ෂේත‍්‍රයේ පර්යේෂණ ප‍්‍රතිඵල ලබා ගැනීමට හැකිවන පරිදි නව නිෂ්පාදන ඇති කිරීම හා නිෂ්පාදනයන්හි ගුණාත්මකභාවය වැඩි කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ දායකත්වය ලබා දීමට මැදිහත් වීම

x කෘෂිකර්මාන්තය, ධීවර වැනි ක්ෂේත‍්‍රවලට නව තාක්‍ෂණය හඳුන්වාදීමට සහ ඒවායේ නිෂ්පාදන ඵලදායීතාව ඉහළ නැංවීමට අවශ්‍ය පර්යේෂණ වේගවත් කිරීම

x ඉදිරි වසර 10ක කාලය ක්ෂේත‍්‍රයේ ඉලක්ක සහ වැඩපිළිවෙළ හඳුනාගෙන එම වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මානව හා භෞතික සම්පත් සහ අනෙකුත් යටිතල පහසුකම් ලබා දීම

x දැනට පවතින සියලු පර්යේෂණ ආයතනයන්හි කටයුතු ඒවායේ ස්වාධීනත්වයට හා අනන්‍යතාවලට බාධාවක් නොවන පරිදි ඒකාබද්ධ කිරීම මගින් පොදු ජාතික වැඩපිළිවෙළක් වෙත ඉලක්ක ගත කිරීම

x රාජ්‍ය හා පෞද්ගලික අංශයට භාවිත කළ හැකි නවීනතම විද්‍යාගාර සහ පර්යේෂණ පහසුකම් සහිත ආයතන සෑම දිස්ත‍්‍රික්කයකම පිහිටුවීම

x විද්‍යා, තාක්‍ෂණ සහ පර්යේෂණ අංශය දිරිගැන්වීම සඳහා ව්‍යාපාර ලෙස විද්‍යාගාර හා පර්යේෂණ පහසුකම් පිහිටුවීම සඳහා බදු සහන ඇතුළු දිරි ගැන්වීම් ලබා දීම

x විශ්වවිද්‍යාලවල ඇතුළු තෘතීයික අධ්‍යාපන ආයතනවල සිදුකෙරෙන විද්‍යාත්මක පර්යේෂණවලට සහය ලබාදීම සඳහා ලබා දෙන අරමුදල් වැඩිකිරීම

x විද්‍යාත්මක දැනුම පුරවැසියන් අතරට ගෙනයාමටත් එමගින් සමාජ සංවර්ධනයට බාධා කරන මිථ්‍යා මත දුරු කිරීමටත් කටයුතු කිරීම

x විද්‍යා හා තාක්ෂණික දැනුම හා පර්යේෂණ ප‍්‍රතිඵල ඵලදායී ලෙස ජනතාවට සන්නිවේදනය කිරීම් සඳහා මාධ්‍යවේදීන් පුහුණු කිරීම ඇතුළු නව ක‍්‍රමවේද හඳුන්වා දීම

x බුද්ධිමය දේපළ අයිතිය තහවුරු කිරීම සඳහා දැනට පවතින නීතිවල අඩුපාඩු සකස්කිරීමත් නව නීති හඳුන්වා දීමත් පේටන්ට් අයිතිය ලබාගැනීමට සහය දීමත් රටට ආවේණික ස්වාභාවික සම්පත්වල පේටන්ට් අයිතිය තහවුරු කිරීමත් සඳහා කඩිනම් ක‍්‍රියාමාර්ග ගැනීම

x විද්‍යා, තාක්‍ෂණ හා පර්යේෂණ හා සංවර්ධන ක්ෂේත‍්‍රවල සුවිශේෂී දක්ෂතා සහ සොයාගැනීම් සිදුකරන විද්‍යාඥයන් දිරිගන්වා ඇගයීම සඳහා ජාතික තාක්‍ෂණ සම්මාන ප‍්‍රදානය වාර්ෂිකව සිදුකිරීම

x ජාත්‍යන්තර ජෛව තාක්‍ෂණ හා අනෙකුත් ක්‍ෂේත‍්‍රයන්ට අදාළ පර්යේෂණ ආයතනවල ශාඛා ලංකාවේ ආරම්භ කිරීම දිරි ගැන්වීම

x ජාත්‍යන්තර පර්යේෂණ ආයතනවලට මෙරට විද්වතුන්ට සම්බන්ධ වීමට අවශ්‍ය රාජ්‍යතාන්ති‍්‍රක සහාය ලබාදීම.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

02

සංතෘප්තිමත් දේශයක්

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

සෞඛ්‍යය

ගුණාත්මක සෞඛ්‍ය සේවයක්- නිරෝගී පුරවැසියෙක්

 

ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්වචනය කරන ආකාරයට සෞඛ්‍යය යනු රෝගාබාධයන්ගෙන් හෝ දුබලතාවන්ගෙන් තොරවීම පමණක් නොව පූර්ණ කායික, මානසික හා සමාජයික සුවතාවය ලැබීමයි.  ඕනෑම ජන සමාජයක පුරවැසියාගේ ජීවන තත්වයේ උසස් බව මැනීමේදී ඔහුගේ/ ඇයගේ නීරෝගීකම ප‍්‍රධාන සාධකයකි. සෞඛ්‍ය සම්පන්න පුරවැසියකු යහපත් පවුලක් තුළ ප‍්‍රීතිමත් ජීවිතයක් හිමිකම ලැබීම මගින් සමාජ සංවර්ධනයට දායකත්වයක් සපයයි. නමුත් වර්තමානයේ අපේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රය නිරෝගිමත් පුරවැසියකු බිහිකිරීමට අසමත්ව අර්බුද රැසකට මුහුණ දී ඇත. බි‍්‍රතාන්‍ය යටත්විජිත පාලනයෙන් නිදහස ලැබ ගැනීමෙන් පසු මුල් දශක කිහිපය තුළ මෙරට ක‍්‍රියාත්මක වූ සෞඛ්‍යය සහ අධ්‍යාපනය ඇතුළු සමාජ සුභසාධන ක‍්‍රියාවන්ගේ ප‍්‍රතිඵලයක් ලෙස එවකට බරපතළ සෞඛ්‍ය ගැටලු ලෙස පැවති බෝවන රෝග, මාතෘ හා ළමා රෝගාබාධ මෙන්ම පෝෂණ ඌණතා අවම කරගෙන පුරවැසියන්ගේ ආයු කාලය දශක දෙකකින් පමණ ඉහළ දැමීමට හැකියාව ලැබිණි. තුන්වන ලෝකයේ වෙනත් බොහෝ රටවල් අතර අපගේ සෞඛ්‍ය සේවාවට ඉහළ පිළිගැනීමක් ලැබීමට හේතුවූයේ එම කාලය තුළ එම සේවාව නිදහස් සෞඛ්‍ය සේවාවක් ලෙස විධිමත්ව පවත්වා ගනිමින් වඩාත් ජනතාවට සමීප සේවාවක් ලෙස පැවති බැවිනි. මෙම තත්වය අතිශය ඛේදනීය තත්වයකට පත්ව ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම ශ්‍රේණිගතකිරීම් අනුව සෞඛ්‍ය සේවා සැපයීමේ සමස්ත ආවරණය (Universal Health Coverage) අතින් ශ‍්‍රී ලංකාව සිටින්නේ 103 වන ස්ථානයේය.

එහෙත් පසුගිය ආසන්නතම දශක කිහිපය තුළ සෞඛ්‍ය සේවාව බරපතළ අර්බුද රැසකට මුහුණ දුන් අතර අවසාන ප‍්‍රතිඵලය වී ඇත්තේ, අප රටේ සෞඛ්‍ය සේවාවට රටේ මහජනතාවගේ මෙන්ම විදේශයන්හි තිබූ විශ්වාසනීයත්වද පළුදු වීම සහ වර්තමාන සෞඛ්‍ය අවශ්‍යතා ඉටු කිරීමට නොහැකි දුර්වල තත්වයකට පත්වීමය.

අද වන විට රටේ ජනගහනය මිලියන 21 කි. වැඩිහිටි ජනගහනය වැඩිවී ජන සංයුතියද වෙනස් වී ඇත. 2012 ජන හා නිවාස සංගණනයට අනුව වයස අවුරුදු 60 ට වැඩි ජනගහනය 12.4% කි. මෙය 2041 දී 24.8%ක් බවට ඇස්තමේන්තු කර ඇත. රෝගාබාධ රටාවද වෙනස් වී ඇත. ගෝලීය වශයෙන් ගත් කල වෛද්‍ය විද්‍යාව තාක්ෂණික ලෙස දියුණු වී ඇතත් ප‍්‍රතිජීවක ප‍්‍රතිරෝධය, දේශගුණ විපර්යාස, ගෝලීයව පැතිර යන ආසාදන වැනි තාක්ෂණයට සහ පරිසර විනාශයන්ට අදාළ අභියෝග බරපතළ වී ඇත. ජනතාවගේ සෞඛ්‍ය පිළිබඳ අපේක්ෂාවන්ද ඉහළ ගොස් ඇත. ඒ අතර පැවති පාලනයන් විසින් අපගේ සෞඛ්‍ය සේවාවද අපට නොදැනීම වෙනස් කරනු ලැබ ඇත. 80 දශකය පමණ වනතෙක් මුළුමනින්ම රජයේ වගකීම මත ක‍්‍රියාත්මක වූ සෞඛ්‍ය සේවාවෙන් රජය ක‍්‍රමයෙන් ඉවත් වී හෝ ප‍්‍රමාණවත් පරිදි මැදිහත් නොවී එම සේවාව වෙළඳපොළට භාරදෙමින් සිටියි. සෞඛ්‍ය ගැට ̈ විසඳීම සඳහා ක‍්‍රමවත් සැලස්මක් නොමැති වීම නිසාත් ඒවා විසඳීම සඳහා වන රාජ්‍ය මැදිහත්වීම කිසිසේත්ම ප‍්‍රමාණවත් නොවන නිසාත් පැනනැගී ඇති අර්බුදය විවිධ අංශ විසින් සිය ව්‍යාපාරික අරමුණු ඉටුකර ගැනීම සඳහා භාවිත කර ගනිමින් සිටී. අවම අවදානමක් සහිතව පහසුවෙන් අධික ලාභ ලැබිය ක්ෂෙත‍්‍රයක් ලෙස සෞඛ්‍යය ආයෝජකයින් විසින් හඳුනා ගනු ලැබ ඇත. බදු ගෙවීම්වලින් පසු පුද්ගලයෙකු තම පසුම්බියෙන් සෞඛ්‍ය සේවාව ස`දහා වැය කිරීම :ධමඑ දෙ චදජනැඑ ැංචැබාසඑමරු* 50% ඉක්මවා ඇත.

පසුගිය වසර 71 තුළ බලයට පත්වූ කිසිදු ආණ්ඩුවක් ජාතික සෞඛ්‍ය ප‍්‍රතිපත්තියක් නිර්මාණය කර ඒ අනුව ක‍්‍රියාමාර්ග ගැනීමට ක‍්‍රියා නොකළ අතර රාජ්‍ය නිලධාරීහු වරින්වර සම්පාදනය කළ ප‍්‍රතිපත්ති සහ සැලසුම් ක‍්‍රියාත්මක කිරීමට උනන්දුවක් නොදැක්වූහ. මේ නිසාම ආණ්ඩු වෙනස් වූ විට පමණක් නොව ඇමතිවරු වෙනස් වු විට පවා රාජ්‍ය ප‍්‍රතිපත්ති ද වෙනස් විය.

එහෙයින් ආණ්ඩු හෝ ඇමතිවරුන් වෙනස් වූ විට වෙනස් නොවිය යුතු ජාතික සෞඛ්‍ය ප‍්‍රතිපත්තියක් සකස් කිරීමටද එය විද්වතුන් සහ ජනතාව සමග සාකච්ඡුා කොට එකඟත්වයකට පැමිණ අනාගතයේදී බලයට පත්කරනු ලබන ජනතා රජයක් මගින් ක‍්‍රියාත්මක කරවීමද මෙම ප‍්‍රතිපත්ති සම්පාදනයේ මුලික අරමුණයි.

 

 

ශ‍්‍රී ලාංකේය ජනතාව මුහුණ දී ඇති බරපතළ සෞඛ්‍ය ගැටලු

ප‍්‍රාථමික සෞඛ්‍ය සේවාවන් බිඳවැටීම

x ප‍්‍රමාණවත් වෛද්‍යවරු, ඖෂධ, උපකරණ සහ අනෙකුත් යටිතල පහසුකම් නොමැතිවීම නිසා බොහෝ රෝගීන් ප‍්‍රාථමික සෞඛ්‍ය ආයතන (ග‍්‍රාමීය සහ අර්ධ නාගරික) මගහැර ද්විතියික සහ තෘතියික සෞඛ්‍ය ආයතනවලට (ප‍්‍රධාන නගරවල) පැමිණෙමින් සිටී. මෙයට මෙම ආර්ථික ක‍්‍රමය යටතේ සිදුවුණු අනෙකුත් සමාජයික සහ ආකල්පමය වෙනස්කම්ද බලපෑ ඇති නමුත් ප‍්‍රධාන වශයෙන් බලපා ඇත්තේ ජනතාව බලාපොරොත්තු වන සේවාව ග‍්‍රාමීය සහ අර්ධ නාගරික ප‍්‍රදේශවල පිහිටි ආයතනවලින් නොලැබීමය.

x දුර පළාත්වලින් ද්විතියක සහ තෘතියික ආයතනවලට (නාගරික ප‍්‍රදේශවල) රෝගීහු විශාල සංඛ්‍යාවක් පැමිණෙති. මේ නිසා කාර්යබහුල තත්වයක් ඇතිවී ඇති අතර එය මගහරවා ගැනීමට රජයද එම ආයතනවලටම වැඩිපුර නිලධාරීන්ද අනෙකුත් පහසුකම්ද සපයමින් සිටී. අවසානයේදී මේ නිසා ප‍්‍රාථමික සෞඛ්‍ය ආයතනවලින් ප‍්‍රමාණවත් සේවාවක් නොසැපයේ.

x ඊට අමතරව අඩු පහසුකම් සහ දුර බැහැරවීම නිසාත්, එවැනි සේවා ස්ථානයක සේවය කිරීම පිළිබඳව අගය කිරීමක් හෝ වෙනත් පිළිගැනීමක්, අමතර සුදුසුකමක් ලෙස සැලකීමක් හෝ අමතර ප‍්‍රතිලාභ ලැබීමක් සිදු නොවන නිසා ප‍්‍රාථමික ආයතනවලට පත්කරනු ලැබූ නිලධාරීහු පත් කළ දින සිටම ස්ථාන මාරුවක් සොයමින් සිටිති. එබැවින් දැනට පවතින බඳවා ගන්නා ස්ථාන මාරු කිරීම් හා උසස්වීම් ලබාදෙන ක‍්‍රමය යටතේ කොපමණ වෛද්‍යවරුන් පුහුණු කළද එයින් රෝහල්වල කාර්යක්ෂමතාව ඉහළයාමක් හෝ උසස් සේවා සැපයීමක් හෝ පොදු ජනතාවට ලැබෙන අමතර ප‍්‍රතිලාභයක් නැත.

x සෞඛ්‍ය අමාත්‍යාංශයේම 2016 සංඛ්‍යාලේඛනවලින් පෙන්නුම් කරන්නේ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් 27%ක් හා රෝහල් සේවයේ වෛද්‍යවරුන්ගෙන් 19%ක් සේවය කරන්නේ කොළඹ දිස්ත‍්‍රික්කයේ බව සහ විශේෂඥ වෛද්‍යවරුන් මුළු සංඛ්‍යාවෙන් තවත් 25% ගම්පහ ගාල්ල කළුතර වැනි වැඩි ප‍්‍රමාණයක් නාගරික ප‍්‍රදේශ අයත් දිස්ත‍්‍රික්කවල සේවය කරන බවයි. අනෙකුත් ශේණිවලට අයත් සෞඛ්‍ය සේවකයින් වැඩි ප‍්‍රතිශතයක් සේවය කරන්නේද මෙම දිස්ත‍්‍රික්කවලය.

 

සෞඛ්‍ය සේවාවන් ලබාදෙන සෞඛ්‍ය ආයතනවල පරිපාලනය අක‍්‍රමවත් වීම

 

බොහෝ සෞඛ්‍ය සේවා ආයතන කර්යක්ෂමතාවෙන් ඉතා පහළ මට්ටමක පවතී. රෝගියෙකු රෝහලකට පැමිණෙන්නේ තමාගේ හෝ පවුලේ කෙනෙකුගේ දැනුමට සාපේක්ෂව ගත් තීරණයකට අනුවය. බොහෝ දෙනා රෝහලකට පැමිණීමට පෙර තමන් දන්නා හඳුනන කෙනෙකුගේ උපකාර පතයි. එසේ නැතිවුවහොත් ප‍්‍රතිකාර ගතයුත්තේ බාහිර අංශයෙන්ද නේවාසිකවද එම රෝහලේ එම අසනීපයට ප‍්‍රතිකාර ලබා දියහැකිද, අදාළ පහසුකම් තිබේද, වෛද්‍යවරු සිටීද වැනි ඉතාම අත්‍යවශ්‍ය තොරතුරු පවා කිසිවෙකුට දැනගැනීමට හැකියාවක් නැත. රෝගීන්ට ඉතා අසරණව බාහිර අංශයේ පෝලිමේ සිටිමින් කුමන හෝ වෛද්‍යවරයෙකුගෙන් දෙන කුමන හෝ ප‍්‍රතිකාරයක් ලබා ගැනීමට සිදුව ඇත. බොහෝ විට අවශ්‍ය ඖෂධ ළඟ පිහිටි පෞද්ගලික ෆාමසියකින් ගැනීමටද පරීක්ෂණ බාහිර රසයනාගාරයකින් කර ගැනීමටද සිදුවේ.

රෝහලකින් ප‍්‍රතිකාර ගන්නා රෝගියා පිළිබඳ කෙරෙන පසුවිපරම ඉතා අක‍්‍රමවත්ය. ප‍්‍රතිශක්තිකරණය, මාතෘ සහ ළමා සෞඛ්‍ය, විශේෂිත සායනවලදී, පිළිකා ප‍්‍රතිකාර වැනි නිශ්චිත අවස්ථාවලදී හැරෙන්නට වෙනත් අවස්ථාවලදී රෝගියාට ලබාදුන් ප‍්‍රතිකාර නිසි පරිදි ලබාගත්තේද පරීක්ෂණ සිදුවූයේද වැනි කරුණු වුවද අවධානයට ලක් වනුයේ නැවත රෝගියා රෝහලකට පැමිණියහොත් පමණය. අදාළ රෝගියා එක් ස්ථානයකින් ප‍්‍රතිකාර ගැනීමෙන් පසු වෙනත් කෙනෙකුගෙන් ප‍්‍රතිකාර ගත්තේද සුවය ලැබීද කිසියම් සංකුලතාවක් ඇතිවූයේද මියගියේද යන කරුණු කිසිවක් පිළිබඳව සොයා බැලීමක් නැත.

දුර බැහැර ආයතනවල උග‍්‍ර සේවක හිඟයක්ද ඖෂධ සහ උපකරණ හිඟයක්ද පවතී. කලට වෙලාවට සේවාවන් සැපයීමක්ද නැත. පරිපාලන නිලධාරීන්ද නැත.

 

සෞඛ්‍යය සඳහා වන සමස්ත වියදම සඳහා රජය යොදවන ප‍්‍රමාණය

සෞඛ්‍ය සඳහා වන සමස්ත වියදමෙන් රජය යොදවන ප‍්‍රමාණය ක‍්‍රමයෙන් අඩුවී මහජනතාවට පෞද්ගලිකව දරන්නට වන වියදම වැඩි වී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන ආකාරයට සෞඛ්‍යය ස`දහා රජයේ පිරිවැය දළ දේශීය නිෂ්පාදිතයෙන් 5%කට වඩා අඩු වූ විට සෞඛ්‍ය සේවාවක අනිවාර්ය ලක්ෂණයක් වූ සමාජයේ සෑම පුද්ගලයෙකුටම බාධාවකින් තොරව ප‍්‍රතිලාභ ලැබිය හැකි සෞඛ්‍ය සේවාවක් පවත්වා ගැනීම අපහසු වේ. සෞඛ්‍ය සේවාව වැනි තීරණාත්මක ක්ෂේත‍්‍රයක් සඳහා වඩාත් ස්ථාවර හා විශ්වාසනීය වන්නේ රජය මගින් ප‍්‍රතිපාදන සැපයීමයි. නිදහස් සෞඛ්‍යයක් පිළිබඳ ඉහළින් කතා කළද සෞඛ්‍යය සඳහා යන වියදමින් 50.2% ක් මහජනතාව සිය පුද්ගලික වියදමින් දරන බව හෙළි වී ඇත. අප රට තුළ සෞඛ්‍ය සේවාව සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් වාර්ෂිකව වෙන්වන ප‍්‍රමාණය සාමාන්‍යයක් ලෙස 3% පමණ වුවද ඒ සඳහා රජයේ දායකත්වය දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස අඩු වෙමින් පවතී. 2007 දී එය 1.68% ක් වූ අතර 2017 දී එය 1.48% ක් විය.

ජාතික සෞඛ්‍ය පද්ධතියේ වර්ධනය අඩාලවීම

80 දශකය පමණ වන තෙක් සැලකිය යුතු වර්ධනයක් අත්පත් කරගත් ශ‍්‍රී ලංකා සෞඛ්‍ය සේවාව නව ලිබරල් ආර්ථික පිළිවෙත් අනුගමනය කිරීමත් සමග බරපතළ ගැටලු ගණනාවකට මුහුණ දී ඇත. රෝහල්වලට ඇතුළත් වී ප‍්‍රතිකාර ගන්නා රෝගීන්ගෙන් 5-10% ප‍්‍රමාණයක්ද බාහිර අංශයෙන් ප‍්‍රතිකාර ලබා ගන්නා රෝගී ජනතාවගෙන් 50%ක්ද පුද්ගලික අංශයෙන් ප‍්‍රතිකාර ගනී. රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදෙන ශ‍්‍රී ලංකාවේ වෛද්‍ය සභාවේ නිසි පරිදි ලියාපදිංචි වී ඇති වෛද්‍යවරුන් වුවද ප‍්‍රතිකාර කරනුයේ තම දැනුම සහ අත්දැකීම් භාවිත කරමිනි. වෙනත් දියුණු රටවල මෙන් සායනික උපදෙස් මාලාවක් අනුගමනය කරනු නො ලැබේ. එබැවින් පුහුණුවෙහි බොහෝ සමානකම් තිබුණද භාවිතයේ සැලකිය යුතු වෙනස්කම් ඇත.

රෝගීන් පිළිබඳ මධ්‍යගත තොරතුරු පද්ධතියක් නොමැතිවීම

එකම රෝගියා විවිධ ආයතනවලින් එකම රෝගය සඳහා ප‍්‍රතිකාර ගත් විට රෝගීන් කිහිප දෙනෙකු ලෙස වාර්තා වේ. රෝගියෙකු දෙවන හෝ තුන්වන වර පැමිණීමේදී සායනයක ලියාපදිංචි වූ රෝගියෙකුගේ හැරෙන්නට කලින් තිබු රෝග තත්වය පිළිබඳ වාර්තා පරීක්ෂා සැමවිටම සිදු නොවේ. බොහෝවිට පරීක්ෂා කෙරෙනුයේ එකම වෛද්‍යවරයා විසින් වන අවස්ථා විරලය. නවීන තාක්ෂණය භාවිතා කිරීමක්, නිවැරදිව තොරතුරු ගබඩා කිරීමක් සිදු නොවේ.

සෞඛ්‍ය අධ්‍යාපනය ඉතා දුර්වල මට්ටමක පැවතීම

70 සහ 80 දශකවල ඉතා ප‍්‍රශස්ත සේවාවක් ඉටුකළ සෞඛ්‍ය අධ්‍යාපන සේවයද නව ලිබරල් ආර්ථික රටාව සමගම බලවත් සේ අඩාල වී ඇත. සෞඛ්‍ය අධ්‍යාපනය ලබා දීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ සහ අධ්‍යාපන අමාත්‍යංශයේ මැදිහත්වීම ඉතා දුර්වල තත්වයක පවතී. ඒ වෙනුවට 50 කට අධික විවිධ මාධ්‍ය ආයතන තරගකාරීව එම කටයුත්තට මැදිහත් වෙමින් සිටී. විවිධ මාධ්‍යවලින් වෛද්‍යවරුන්ගෙන් අනෙකුත් සෞඛ්‍ය සේවකයින්ගෙන් සහ වෙළඳ ප‍්‍රචාරණවලින් ලැබෙන තොරතුරු එකිනෙකට පරස්පර නිසා ජනතාව තමන්ට රිසි ආකාරයට එම උපදෙස්වලට අනුගත වී ඇති අතර ඒ නිසාම අන3⁄4ථකාරී ප‍්‍රතිඵල භුක්ති විඳිමින් සිටී. මේ නිසාත් වෙළඳපළේ ඇති ප‍්‍රමිතියකින් තොර පරිභෝගික භාණ්ඩ, ආහාර ද්‍රව්‍ය, බීම ව3⁄4ග සහ ඖෂධ ව3⁄4ග නිසාත් ජනතාව නොයෙක් රෝගාබාධ වලට ගොදුරු වෙමින් සිටී.

 

 

බෝවන රෝග පාලනය කිරීමට අසමත්වීම

 

 

70 සහ 80 දශකයන් වනතුරු ශක්තිමත්ව පැවති ප‍්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණ වැඩසටහන, විවෘත ආර්ථිකයත් සමග රෝග නිවාරණ සේවාවන්ට වඩා ප‍්‍රතිකාර සේවාවන්ට මුල්තැනදීම නිසාත් සෞඛ්‍ය සේවාවන් සැපයීම තරගකාරී ලෙස වෙළඳපොළට අවතීර්ණවීමත් සමග ඇතිවුණු පුද්ගලික වෛද්‍ය සේවාවට රජයේ සේවයේ යෙදී සිටින වෛද්‍යවරුන්ට ඇතුල්වීමට ඉඩ සැලසීම නිසාත් ක‍්‍රමයෙන් දුර්වල විය.

මුල් යුගයේ දමා තිබු ශක්තිමත් අත්තිවාරම නිසා මාතෘ සහ ළමා සෞඛ්‍ය සේවාවන් කිසියම් දුරකට ආරක්ෂා වී ඇති අතර, මාතෘ මරණ, ළදරු ළමා මරණ අඩුවී ඇත. ප‍්‍රතිශක්තිකරණ අගයයන් තවමත් ඉහළ අගයක පවතී. කලකට ඉහත බරපතළ සෞඛ්‍ය ගැටලු වී තිබුණු පෝලියෝ, පිටගැස්ම, කක්කල් කැස්ස, ගලපටලය, ළමයින් අතර ක්ෂය රෝගය, සරම්ප, රුබෙල්ලා, පණු රෝග, පාචන රෝග, මැලේරියාව, බරවා රෝගය ලාදුරු සහ ජැපනීස් එන්සෙපලයිටිස් වැනි රෝග තුරන් වී හෝ තවදුරටත් මහජන සෞඛ්‍ය ගැටලු බවට පත් නොවී පාලනය වී ඇත.

එහෙත් තරගකාරී සමාජය තුළ සමාජයේ වෙසෙන සියලු දෙනාගේ මැදිහත්වීම අවශ්‍ය ඩෙංගු ලේප්ටෝස්පිරෝසිස්, වැඩිහිටියන් අතර ක්ෂය රෝගය වැනි පරිසරය සමග බැඳී ඇති බෝවන රෝග තවමත් පාලනය වී නැත. ඉන්ෆඩිවන්සා වැනි බෝවන රෝගද තවමත් වරින්වර වසංගත තත්වයෙන් ඇතිවී මරණයට පත්වීම්ද විශාල සංඛ්‍යාවක් එකවර රෝගීවීම්ද (වසංගතද) සිදුවේ. 2017 වසරේ පමණක් 186,000 කට වඩා රෝගීන්ද 400කට වඩා මරණද ඩෙංගු රෝගය නිසා වාර්තා විය.

 

බෝ නොවන රෝග, පෝෂණ සහ අනෙකුත් බරපතළ සෞඛ්‍ය ගැටලුවල ව්‍යාප්තිය

 

x නිවැරදි සෞඛ්‍ය අධ්‍යාපනික දැනුමක් නොමැති නිසාත් නොසැලකිල්ල නිසාත් ජීවන රටාවේ ඇතිකරගෙන ඇති වෙනස්කම් නිසාත් බොහෝ දෙනා ජීවත්වන සම්පුර්ණ ආයු කාලයෙන් 1/3ක්ම විවිධ බෝ නොවන රෝගවලට ගොදුරුවී රෝගීව ගත කරති. මෙයට පහත කාරණා බලපායි.

x අධ්‍යාපනයෙන් විවිධ විෂය දැනුම ලබා තිබුණත් යහපත් සෞඛ්‍යමත් ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය දැනුම බොහෝ දෙනෙකුට නැත. බොහෝ දෙනා නිවසේදී පිසූ ආහාර වෙනුවට නොයෙකුත් රසකාරක සහ කල්තබා ගැනීමට යොදාගන්නා රසායනික ද්‍රව්‍ය අඩංගු ආපනශාලාවල සකස් කරන පිසූ ආහාරවලට ඇබ්බැහි වී සිටිති.

x බොහෝ දෙනා ඇඟ වෙහෙසා කෙරෙන කටයුතුවලින් ඇත්වී කාර්යාලවල රැකියාවන්හි, පත පොතේ හෝ පරිගණක ආශ‍්‍රිත රැකියා කිරීම නිසා ස්ථුල වී ඇත.

x ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව 2016 හිදී කළ ඉහත සමීක්ෂණයකට අනුව ශ‍්‍රී ලංකාවේ වයස අවුරුදු 60ට වැඩි ජනගහනයෙන් 17%කට (සය දෙනෙකුගෙන් කෙනෙකුට) කිසියම් හෘද රෝගයක්ද 30%කට අධි රුධිර පීඩනයද (තිදෙනෙකුගෙන් කෙනෙකුට), 16%කට දියවැඩියාවද (සය දෙනෙකුගෙන් කෙනෙකුට) තවත් 16%කට කොලෙස්ටෙරෝල් වැඩිවීමද (සය දෙනෙකුගෙන් කෙනෙකුට) තිබී ඇත.

x 2012 ජන සංගනනයට අනුව වයස අවුරුදු 60ට වැඩි ජනගහනය 12.4% ක් වූ අතර 2041 වසරේදී මෙය 24.8%ක් එනම් ජනගහනයෙන් 1/4ක් වන බවට ඇස්තමේන්තු කර ඇත. එබැවින් බෝ නොවන රෝග පාලනයට නිසි ප‍්‍රජා-මුලික රෝග වැළක්වීමේ ක‍්‍රියාමාර්ග නොගතහොත් 2041 වනවිට මෙම මුළු ප‍්‍රමාණයම කුමන හෝ බෝ නොවන රෝගයකට ගොදුරුවීම නිසා සෞඛ්‍ය සඳහා රජයටත් ජනතාවටත් බරපතළ වියදමක් දැරීමට සිදුවනු ඇත.

 

 

මන්දපෝෂණය සහ අනෙකුත් පෝෂණ ගැටලු

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2016හිදී කළ සමීක්ෂණයට අනුව ශ‍්‍රී ලංකාවේ උපතේදී බර අඩු දරුවන් ප‍්‍රමාණය 15.7% ක් (උපදින දරුවන් 7 දෙනෙකු ගෙන් කෙනෙකු) විය. වයසට සරිලන උස අඩු දරුවන් ප‍්‍රමාණය 17.3% ක් වූ අතර එය නුවරඑළිය දිස්ත‍්‍රික්කය සඳහා 32.4%ක් (සෑම දරුවන් තුන් දෙනෙකුගෙන් කෙනෙකුම) විය. කෘෂ වූ දරුවන් ප‍්‍රමාණය 15.1%ක් වූ අතර මොණරාගල දිස්ත‍්‍රික්කය සඳහා එය 25%ක් විය. වයසට සරිලන බර අඩු දරුවන් ප‍්‍රමාණය 20.5%ක් වූ අතර නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ එය 29.6%ක් එනම් සෑම දරුවන් තුන් දෙනෙකුගෙන් එක් කෙනෙකුටම වයසට සරිලන බර නොවීය.

හදිසි අනතුරු

ශ‍්‍රී ලංකා පොලිසියේ වාර්තාවලට අනුව 2018 වසරේ මාර්ග අනතුරු නිසා පමණක් 3550ක් මියගොස් ඇති අතර 2016 සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංඛ්‍යාලේඛනවලට අනුව හදිසි අනතුරු නිසා මිලියන 01ක සංඛ්‍යාවක් රෝහල් ගතවී ඇති අතර එය රෝහල් ගතවුවන්ගෙන් 19%කි. එනම් පහෙන් එකකි.

මත්ද්‍රව්‍ය සහ දුම්බීමට ඇබ්බැහිවීම

අන්තරායකර ඖෂධ පිළිබඳ ජාතික මණ්ඩලයේ වාර්තාවලට අනුව 2016දී දිවයින පුරා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් 2355ක් සඳහා ප‍්‍රතිකාර කර ඇත. මින් 826ක් (35%*ක් එම ආයතනය මගින් පවත්වාගන යනු ලබන ප‍්‍රතිකාර මධ්‍යස්ථානවලින්ද 684 (29%*ක් බන්ධනාගාර ප‍්‍රතිකාර මධ්‍යස්ථානවල දී ද 474ක් (20%*ක් රාජ්‍ය නොවන ආයතනවල ප‍්‍රතිකාර මධ්‍යස්ථානවලදීද 371ක් (6%* කන්දකඩුව ප‍්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේද ප‍්‍රතිකාර කර ඇත. මින් 51%ක් කොළඹ දිස්ත‍්‍රික්කයෙන් වාර්තාවී ඇති අතර 62%ක් වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයින්ය.

මානසික රෝග

බත්තරමුල්ල පර්යේෂණ සහ සංවර්ධන ආයතනය විසින් 2007 වසරේදී සෞඛ්‍ය අමාත්‍යංශය සමග දිවයිනේ සියලු දිස්ත‍්‍රික්ක ආවරණය වනසේ (උතුරු නැගනහිර හැර) කළ මානසික රෝග පිළිබඳ සමීක්ෂණයේදී ජනගහනයෙන් 10%ක් කුමන හෝ මානසික රෝගයකින් පෙළෙන බව හඳුනාගෙන ඇත.

නිදන්ගත වකුගඩු රෝගය

උතුරු මැද ඌව සහ නැගනහිර පළාත්වල දිස්ත‍්‍රික්ක කිහිපයකම රෝගීන් වාර්තා වී ඇති රෝගය වැළඳීමට බලපාන ස්ථීර හේතුකාරක නිශ්චිතවම හඳුනාගෙන නැති නිදන්ගත වකුගඩු රෝගය පිළිබඳව ඇති විද්‍යාත්මක තොරතුරු තවමත් අසම්පුර්ණය. මෙතෙක් කර ඇති පර්යේෂණවල ක‍්‍රමවේදයන් පිළිබඳව විවිධ අදහස් පළවී ඇත. එබැවින් උසස් තත්වයේ ප‍්‍රතිඵලවල නිරවද්‍යතාවය පිළිබඳ විශ්වාසය තැබිය හැකි පර්යේෂණ කිරීමේ අවශ්‍යතාවය තවදුරටත් පවතී.

එනමුදු, අදාළ ප‍්‍රදේශවල වකුගඩු රෝගවලට ප‍්‍රතිකාර කිරීම සඳහා පවතින පහසුකම් තවමත් ප‍්‍රමාණවත් නැත. එම ප‍්‍රදේශවල සෞඛ්‍ය සහ සමාජ සේවා ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය යටිතල පහසුකම්ද ප‍්‍රමාණවත් නොවේ. වකුගඩු රෝගවලට ප‍්‍රතිකාර කිරීමේ ක‍්‍රමවේදයන් අතරද වෙනස්කම් තිබෙන අතර සෞඛ්‍ය සේවා පද්ධතියේ ඇති සියලු ගැටලු මෙම රෝගයට ප‍්‍රතිකාර කිරීමේදීත් එලෙසම පවතී. අදාළ සෞඛ්‍ය සේවක හිඟය පියවීමට, කාර්ය මණ්ඩලයට ක‍්‍රමවත් පුහුණුවක් ලබා දීමට, දැනුම යාවත්කාලීන කිරීමට, පර්යේෂණ ප‍්‍රවර්ධනය කිරීමට, සමාජ සත්කාර ක‍්‍රියා ක‍්‍රමවත්ව සැපයීමට, රෝගීන්ට සහ අදාළ පවුල්වල මුලික අවශ්‍යතා නිවැරදිව හඳුනාගෙන ඔවුන්ට සහන සැලසීමට වෙන්කර ඇති ප‍්‍රතිපාදන නිවැරදිව යොදාගැනීමට සුදුසු යාන්ත‍්‍රණයක අවශ්‍යතාව තවමත් හඳුනාගෙන නැත.

සෞඛ්‍ය ප‍්‍රතිපත්තිය

අරමුණ – සංතෘප්ත ශ‍්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා අත්‍යවශයෙන් තිබිය යුතු නිරෝගී මානව සම්පතක් අරමුණු කරගත් බල ගැන්වුණු සෞඛ්‍යමත් පුරවැසියන් නිර්මාණය කිරීම සඳහා සමාන ප‍්‍රවේශයන් සහිතව, ගුණාත්මකභාවයෙන් සහ උපරිම කාර්යක්ෂමතාවෙන් යුත් පරිපුර්ණ සෞඛ්‍ය සේවාවක් ස්ථාපිත කිරීම

 

ජාතික සෞඛ්‍ය ප‍්‍රතිපත්ති ගොඩනැගීම සඳහා පාදක කරගත් මුලධර්ම

x රෝගවලට ප‍්‍රතිකාර කිරීමට වඩා රෝග වැළැක්වීමට සහ සිය ̈ පුරවැසියනට යහපත් දිවි පැවැත්මක් ලබා දීම සඳහා අවශ්‍ය ක‍්‍රියාමාර්ගවලට ප‍්‍රමුඛතාවය ලබාදීම

x සියලු ආකාරයේ භූගෝලීය සහ සමාජමය බෙදීම් (ස්ත‍්‍රී පුරුෂභාවය, අදායම් තත්වය, රැකියාවේ ස්වභාවය, පෞද්ගලික හිතවත්කම්) නිසා ඇතිවී ඇති අසමානකම් තුරන් කිරීම රජය සතු වගකීමක් ලෙස සැලකීම. අසමානතාවයන් දුරු කිරීමට අදාළව රෝග පීඩාවන්ගෙන් ඇතිවන දුෂ්කරතා ඉවත් කර සියලු ජනතාවගේ සෞඛ්‍ය අවශ්‍යතා සුරැකීම රජයේ ප‍්‍රමුඛතම වගකීම ලෙස සැලකීම සහ ඒ සඳහා අත්‍යවශ්‍ය ප‍්‍රතිපාදන සැපයීම

x සෞඛ්‍ය සේවාවන් ලබාගැනීම සඳහා කිසියම් පවුල් ඒකකයක් පවුලේ අදායමෙන් වෙන්කරන ප‍්‍රතිශතය සැලසුම්සහගතව අවම කිරීම සඳහා දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් සකස් කිරීමට ප‍්‍රමුඛතාවය ලබාදීම

x සෞඛ්‍ය සේවාවන්වල ගුණාත්මකභාවය සහ ප‍්‍රමාණාත්මක තත්වයන් උසස් කිරීම මගින් රාජ්‍ය සෞඛ්‍ය සේවාව පිළිබඳව බිඳී ඇති විශ්වාසය යළි තහවුරු කිරීම

x ජනතාවගේ බදු මුදල් පරිහරණය සහ සෞඛ්‍ය සේවාවන්හි කාර්යක්ෂමතාවය පිළිබඳ වගකීම් විනිවිදභාවයකින් යුතුව ඉටු කිරීම සහ සෞඛ්‍යයට වෙන්කරනු ලබන ප‍්‍රතිපාදන අවභාවිතය වැළක්වීම

x උසස් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීම සඳහා සියලු උසස් අධ්‍යාපනික ආයතන, රාජ්‍ය නොවන සේවා ආයතන සහ ලාභ නොලබන සේවා ආයතනවල දායකත්වය ලබා ගැනීම සහ සම්බන්ධීකරණය රාජ්‍ය වගකීමක් ලෙස සැලකීම

x ජනතාවට තම කැමැත්ත පරිදි විවිධ සෞඛ්‍ය විධි ක‍්‍රමවලින් (බටහිර, ආයුර්වේද, සිද්ධ, යුනානි, හෝමියෝපති) අවශ්‍ය සේවාවන් තෝරා ගැනීමට සහ ප‍්‍රයෝජනයට ගැනීමට ඇති අයිතිය පිළිගැනීම, ඒ සඳහා පහසුකම් සැලසීම, සියලු සෞඛ්‍ය විධික‍්‍රම නියාමනය කිරීම, අවශ්‍ය විද්‍යාත්මක පර්යේෂණ සඳහා පහසුකම් සැලසීම සහ අධීක්ෂණය

x සෞඛ්‍ය සේවාවන් කාර්යක්ෂමව පවත්වාගෙන යාම, නඩත්තු කිරීම, වැඩි දියුණු කිරීම සියලු සේවා දායකයින්ගේ සහ ප‍්‍රතිලාභීන්ගේ වගකීමක් ලෙස සහ යුතුකමක් ලෙස සලකා සෞඛ්‍ය සේවාවන් පිළිබඳ තීරණ ගැනීම සහ ක‍්‍රියාත්මක කිරීම පුළුල් ජන සහභාගිත්වයකින් යුතුව පවත්වාගෙන යාම රාජ්‍ය වගකීමක් ලෙස සැලකීම

x තමනට සැපයෙන සෞඛ්‍ය සේවාවන් පිළිබඳව තීරණ ගැනීමට මහජනතාවට ඇති අයිතිය පිළිගැනීම සහ එම අයිතිය ලබා ගැනීමට ඉඩ සැලසෙන සුදුසු යාන්ත‍්‍රණයක් සෞඛ්‍ය කොට්ඨාස මට්ටමින් සැලසීම

x නිරන්තරව යාවත්කාලීන වන ජාත්‍යන්තර සහ ජාතික සෞඛ්‍ය පිළිබඳ නව දැනුම සක‍්‍රියව අප රටේ සෞඛ්‍ය සැලසුම් සඳහා කඩිනමින් භාවිතයට ගැනීමට හැකි විශේෂඥයන්ගෙන් සමන්විත ජාතික කමිටුවක් ස්ථාපනය කිරීම සහ එය ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය රාජ්‍ය අනුග‍්‍රහය ලබාදීම

x නිවැරදි ඖෂධ භාවිතය ප‍්‍රචලිත කිරීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීම සහ රෝග විනිශ්චයට අවශ්‍ය සියලුම පරීක්ෂණ සඳහා කරනු ලබන වැය කිරීම් රජය මගින් දැරීම

x රෝග සඳහා ලබාදෙන ප‍්‍රතිකාර සඳහා සෞඛ්‍ය සේවකයින්ට සහ මහජනතාවට අවශ්‍ය විෂය මුලික සෞඛ්‍ය අධ්‍යාපනික දැනුම ලබාදීමට ප‍්‍රමුඛත්වය ලබාදීම – සෞඛ්‍ය ගැටලු සඳහා උපදේශනයේදී සහ සෞඛ්‍ය සේවාව සහ ප‍්‍රතිලාභියා අතර අන්තර්සම්බන්ධනය සඳහා නව තාක්ෂණය යොදා ගැනීම (E-health System)

x ප‍්‍රශස්ත මානසික හා කායික සෞඛ්‍ය තත්වයක් පවත්වාගෙන යාම ප‍්‍රවර්ධනය සඳහා දිරි ගැන්වීම (Rewarding Healthy Behavior)

x රෝගවලට ප‍්‍රතිකාර කිරීමේදී සෞඛ්‍ය සේවයේ සියලු ආයතනවලට/සෞඛ්‍ය කණ්ඩායම්වලට සායනික මගපෙන්වීම ලබාදීම සඳහා විද්වත් වෘත්තික ආයතනවල උපදෙස් සහ විද්‍යාත්මක සාක්ෂි මත පදනම් වූ සායනික මාර්ගෝපදේශයක් සකස් කිරීම. වෛද්‍ය ආචාර ධර්ම පද්ධතියක්ද සහිතව එය ක‍්‍රියාත්මක කරවීම ප‍්‍රමුඛතාවයක් ලෙස සැලකීම

 

මූලික ක‍්‍රියාමාර්ග

x සෑම පුරවැසියෙකුටම නීරෝගීව සිටීමට අත්‍යවශ්‍ය සාධක වන බෝ වන සහ බෝ නොවන රෝග වළක්වා ගැනීමට අවශ්‍ය රෝග නිවාරණ උපදෙස් ලබාගැනීමට, අනතුරක් හෝ රෝගාබාධයක් ඇතිවූ විට නොපමාව අත්‍යවශ්‍ය ප‍්‍රතිකාර ගැනීමට, එවැන්නකින් පසු අවශ්‍ය ගුණාත්මක පුනරුත්ථාපන සේවා ලබා ගැනීමට ඇති අයිතිය සැමට සමානව රජයේ වියදමින් නොමිලේ ලබා ගැනීම සහතික කිරීමට එම අයිතීන් මුලික මිනිස් අයිතිවාසිකමක් ලෙස ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම

x සෞඛ්‍යය සඳහා දළ ජාතික නිෂ්පාදනයෙන් 5%ක් ආයෝජනය කිරීම ඉලක්ක කර ගනිමින් ඉදිරි වසර පහ තුළ එය 3% දක්වා වැඩි කිරීම

x සියලු රාජ්‍ය ප‍්‍රතිපත්තීන්හි ජනතාවගේ සෞඛ්‍ය අවශ්‍යතා තහවුරු කර ආරක්ෂා කිරීමටත්, සෞඛ්‍ය ප‍්‍රවර්ධනය සඳහාත් සියලු අදාළ අමාත්‍යංශ සම්බන්ධීකරණය කෙරෙන ජාතික සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශයක් පිහිටුවනු ලැබීම (National Health Promotion Bureau)

x ප‍්‍රාථමික රෝහල්, ප‍්‍රාදේශීය, මුලික, පළාත් මහ රෝහල් සහ ශික්ෂණ රෝහල් අතර මනා සම්බන්ධීකරණයක් පවතින සේ සහ ප‍්‍රතිකාර සේවාවන් සඳහා යොමු කිරීම් වඩා ක‍්‍රමවත් කිරීමට සහ විශේෂඥ සේවාවන් ලබා දීමට යාන්ත‍්‍රණයක් සකස් කිරීම (Satellite Specialized Services)

x රෝහල් අතර තාක්ෂණික දැනුම හුවමාරු කරගැනීමට (Tele Medicine) වැනි තාක්ෂණයක් හඳුන්වා දෙනු ලැබේ. හඳුනාගත් ප‍්‍රාථමික ද්වීතීයික සහ තෘතියික රෝහල් එකිනෙකට සම්බන්ධකර ඒවායෙහි ඇති පහසුකම් සහ විශේෂඥ සේවාවන්වලින් වඩා කාර්යක්ෂම සේවාවක් ලැබ ගැනීමට හුවමාරු ක‍්‍රමයක් ස්ථාපිත කිරීම (Shared Care Cluster System)

x ප‍්‍රාථමික රෝහල්වල සිට ද්විතියික සහ තෘතියක රෝහල්වලට රෝගීන් යොමුකිරීමට සහ සුවවීමෙන් පසු රෝගීන් ආපසු මුල් රෝහල් දක්වා ප‍්‍රවාහනයට සුදුසු ගිලන්රිය සේවාවක්ද හදිසි අවස්ථාවල රෝගීන් නිවෙස්හි සිට ප‍්‍රවාහනයට සුදුසු සේවාවක්ද ලෙස පවතින ගිලන් රිය සේවාවන් වැඩි දියුණු කිරීම. (Efficient Referral System) ගිලන්රථ සේවාව සඳහා (හදිසි අනතුරු කළමනාකරණය සඳහා තාක්ෂණ නිලධාරියෙකු සහිත කණ්ඩායමක් පත් කිරීම – (Emergency Medical Technician)

x අවශ්‍යතාව අනුව සෑම පුද්ගලයෙකුටම රජය වෙනුවෙන් වගකියන පවුලේ වෛද්‍යවරයෙකුගේ ආවරණය ලබා දීමට දීර්ඝකාලීන වැඩපිළිවෙළක් සැලසුම් කිරීම. අදාළ සියලු පුද්ගලයින්/පවුල් ලියාපදිංචි කිරීම (Community Doctor with a Supporting Team) පළමු වටයේදී සෑම පළාතක්ම ආවරණය වනසේ තෝරාගත් ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා පවුල් 1000ක් සඳහා එක පවුලේ වෛද්‍යවරයෙකු සහිත කණ්ඩායමක් පත්කිරීම. බෝ නොවන රෝග වැළැක්වීම සහ අවශ්‍ය ප‍්‍රතිකාර ලබාදීම අවශ්‍ය ස්ථානවලට යොමුකිරීම පසු විපරම් කිරීම එම කණ්ඩායමේ වගකීමක් බවට පත්කිරීම

x සියලු සෞඛ්‍ය නිලධාරීන්ගේ කාර්ය සාධනය ඇගයීමට වැඩපිළිවෙළක් – රෝග පාලනයට සාපේක්ෂව දිරි දීමනා/උසස් වීම්/ප‍්‍රතිලාභ (Appraisal System and Rewarding Mechanism)

x සායනික මර්ගෝපදේශනය (Clinical Guidelines) සකස් කිරීමට, සියලු රෝහල්වලට ඒවා හඳුන්වාදීමට සහ නියාමනයට ජාතික මට්ටමේ කමිටුවක් ස්ථාපිත කිරීම

x රෝගී පුද්ගලයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ ප‍්‍රඥප්තියක් සකස් කර පාර්ලිමේන්තු පනතක් ලෙස සම්මත කරවා ගැනීම (Patient Charter)

x රෝහල් සේවා නියාමනයට ස්වාධීන මණ්ඩලයක් පත්කිරීම (External Accreditation Council)

x කර්මාන්තශාලාවල සහ සේවා ස්ථානවල සිදුවන රැකියාවට සම්බන්ධ අනතුරු සහ සෞඛ්‍ය ගැටලු නියාමනයට සහ වැළැක්වීම සඳහා ක‍්‍රියාමාර්ග ගැනීමට අධිකාරියක් ස්ථාපිත කිරීම (Occupational Health Authority)

x මහජන සෞඛ්‍ය සේවාවන්ට අදාළ සියලු අණපනත් යාවත්කාලීන කිරීම

x සෞඛ්‍යාරක්ෂිත ජන සමාජයක් පවත්වාගනු වස් සෞඛ්‍ය වැඩි දියුණු කිරීමට අදාළ පර්යේෂණ සම්බන්ධීකරණය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයට සම්බන්ධව වෙනම පර්යේෂණ ඒකකයක් බිහිකර සියලු විද්‍යාත්මක පර්යේෂණ ආයතන සම්බන්ධීකරණය කර එමගින් වඩා සුදුසු ප‍්‍රතිකර්ම-රෝග වැළක්වීමේ ක‍්‍රම ප‍්‍රචලිත කිරීමට සහ වැඩි දියුණු කරලීමට දිරි දීම

x බටහිර, ආයුර්වේද, හෝමියෝපති, සිද්ධ, යුනානි හා දේශීය වැනි විවිධ වෛද්‍ය ක‍්‍රම විද්‍යාත්මක පදනමක් මත ඒකාබද්ධ සේවාවන් ලෙස ජනතාවට ලබා දීමේ හැකියාව එම ක්ෂේත‍්‍රවල විශේෂඥයින්ගේ සහායයෙන් සොයා බැලේ. දැනට ප‍්‍රමිතියෙන් තොර සියලු ප‍්‍රතිකාර සේවාවන් සහ ඖෂධ වර්ග ප‍්‍රමිතිගත කිරීම

x දේශීය පාරම්පරික වෛද්‍ය ක‍්‍රම පිළිබඳව පුළුල් අධ්‍යයනයක් කර එම දැනුම සංරක්ෂණය කිරීමට අවශ්‍ය සියලු ක‍්‍රියාමාර්ග ගැනීම

x බටහිර සහ ආයුර්වේද, හෝමියෝපති, සිද්ධ, යුනානි හා දේශීය සෞඛ්‍ය සේවාවන් පාලනය එක් අමාත්‍යංශයක් යටතට පත් කෙරේ. අදාළ අමාත්‍යංශ ඒකාබද්ධ කිරීම මගින් මහජන සෞඛ්‍ය සේවාවන් සහ පළාත් පාලන ආයතන මගින් සපයනු ලබන සෞඛ්‍ය සේවාවන් ඒකාබද්ධ කර වඩා හොඳ කාර්යක්ෂම සේවාවක් බිම් මට්ටමේදී ලබාදීම සහතික කිරීම

x ඖෂධ පනත වඩාත් ජනතා හිතවාදීව සංශෝධනය කර බලාත්මක කිරීම

ප‍්‍රාථමික සෞඛ්‍ය සේවාවන් වැඩි දියුණු කිරීම

x සියලු රෝහල්/සෞඛ්‍ය ආයතනවලින් ලබා ගත හැකි සේවාවන් පිළිබඳ තොරතුරු ප‍්‍රදර්ශනය කිරීම – අන්තර්ජාලයෙන් – දුරකථනය මගින් සේවාවන් පිළිබඳව දැන ගැනීමට පහසුකම් සැලසීම

x වැඩකරන ජනතාවට බාහිර රෝගී සහ සායන ප‍්‍රතිකාර ලබා ගැනීම පහසුවන සේ සතියේ දිනවල උදෑසන 8.00 සිට රාත‍්‍රී 8.00 දක්වා සහ ඉරිදා දිනයන්ද ආවරණය වන සේ එම සේවාවන් දීර්ඝ කිරීමට පියවර ගැනීම

x සේවාවන් ලබාගැනීමේදී කාලසටහනකට අනුව දෙනු ලබන අවස්ථා උදා: 8.30 -9.30ත් අතර එක් වෛද්‍යවරයෙක් සඳහා රෝගීන් නිශ්චිත ප‍්‍රමාණයක් යොමු කිරීම

x පිළිගැනීමේ නිලධාරිනියක් විසින් සියලු සේවාවන් සඳහා යොමු කිරීම් – දිශා සලකුණු – ඖෂධ ශාලාවට/රසායනා ගාරයට/පානීය ජලය/වැසිකිළි සඳහා යොමු කිරීම

x බාහිර අංශයෙන් සැපයෙන ප‍්‍රතිකාර සේවාව – පැය 12ක අවමය – දුරකතනයෙන් සම්බන්ධ කරගැනීමේ හැකියාව

x රෝහලට රෝගියෙකු ඇතුල් කිරීමේදී රෝගියාට ඇඳක් සැපයීම තහවුරු කිරීම සඳහා වගකියන නිලධාරියෙකු පත් කිරීම, අදාළ වාට්ටුවේ ඇති ඇඳන් සංඛ්‍යාව නොව රෝහලේ ඇති ඇඳන් සංඛ්‍යාව සැලකිල්ලට ගැනීම

x රෝගියෙකු පරීක්ෂා කළයුතු ආකාරය පිළිබඳ ආචාරධර්ම පද්ධතියක් සකස් කිරීම -එය රෝගීන්ගේ දැනගැනීම සඳහා ප‍්‍රදර්ශනය කිරීම – රෝගියෙකුට සැලකිය යුතු ආකාරය ලිඛිතව ප‍්‍රදර්ශනය කිරීම – රෝගීන්ගේ ගැටලුවලට නිසි ප‍්‍රතිචාර ලැබ දීමට සැලැස්වීම – ඇහුම්කන්දීමට සැලැස්වීම

x අදාළ දිනට සේවා කාලසීමාව තුළ සේවයේ යෙදී සිටින සෞඛ්‍ය සේවකයින්ගේ නම් ලැයිස්තුව ප‍්‍රදර්ශනය කිරීම

x රෝගයට ප‍්‍රතිකාර කරනු ලබන සැලැස්ම රෝගියාට වෛද්‍යවරයා විසින් හෝ හෙද නිලධාරිනිය විසින් පැහැදිලි කිරීම – නැවත පැමිණිය යුතු දිනය – සුව නොවී රෝගය උත්සන්න වුවහොත් කළ යුතු දේ- සුව වීමෙන් පසු කළ යුතු දේ- අවශ්‍ය නම් පරීක්ෂණවලට යොමු කිරීම් වෙනත් වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීම / ඖෂධ නිකුත් කරන්නාගේ ඖෂධ භාවිතය පිළිබඳ උපදෙස් / ආයතනයේ නොමැති සේවාවන් / පරීක්ෂණ / ඖෂධ පිළිබඳව එම සේවාවන් ලැබ ගන්නා ආකාරය පිළිබඳ උපදෙස්

x රෝග විනිශ්චය සඳහා කරනු ලබන පරීක්ෂණ ඉහළම තාක්ෂණය යොදා නවීකරණය කරනු ලබන අතර පරීක්ෂණ ප‍්‍රතිඵල පැහැදිලි කිරීමට වෛද්‍යවරයෙකු හෝ හෙදියකගේ සේවය පැය 24 තුළම ලබාදීම

x සියලු රෝහල් රසායනාගාර සඳහා අන්තර් ජාතික වර්ගීකරණ ක‍්‍රමයක් හඳුන්වාදීම (ISO Standards)

x සියලු රෝහල් සෞඛ්‍ය සේවාවල ගුණාත්මකභාවය නියාමනය සඳහා සක‍්‍රිය අභ්‍යන්තර කමිටුවක් පත්කිරීම (Active Internal Quality Assurance Unit)

x රෝගියෙකු රෝහලකට පැමිණ ඖෂධ ලබාගෙන පිටව යාම දක්වා සියලු පියවර, රෝග ඉතිහාසය,

පරීක්ෂණ, රෝග විනිශ්චය, ප‍්‍රතිකාර සහ පසු විපරම් සැලසුම අනුක‍්‍රමික අංකයක් ලබාදී පරිගණකගත කිරීම (E-health System)

x පිරිසිදු ප‍්‍රසන්න පරිසරයක් – කියවීමට පොත් සඟරා – ළමුන්ට දුව පැන ඇවිදීමට ස්ථානයක් – වැදගත් සෞඛ්‍ය තොරතුරු දැනගැනීමට ඉඩකඩ/වීඩියෝ දර්ශන

x ද්විතියික තෘතීක රෝහල්වලට හදිසි රෝගීන් යොමු කිරීම් සඳහා ගිලන් රියක් – ගිලන් රිය රෝහලින් බැහැරව සිටින කාලය අවම කිරීම සඳහා ක‍්‍රියාමාර්ග, ප‍්‍රාථමික රෝහල්වල සිට යොමුකිරීමට සහ සුවවීමෙන් පසු රෝගීන් ආපසු මුල් රෝහල් දක්වා ප‍්‍රවාහනය

x පැමිණිලි- යෝජනා සඳහා බහාලුමක් – පැමිණිලි සඳහා ඉක්මනින් ක‍්‍රියාමාර්ග ගැනීම අදාළ ආයතනික ප‍්‍රධානියාගේ වගකීම ලෙස සැලකීම. අධීක්ෂණය සඳහා අදාළ ප‍්‍රදේශයේ විද්වත් සාමාජිකයින් ඇතුළත් රෝහල් කමිටුවක් පත් කිරීම

x රෝගීන්ට වගකියනු ලබන රෝහල් කළමනාකරණ සේවාවක් ඇති කිරීම. සියලු රෝහල්වල කෙරෙන ප‍්‍රතිකාර සේවාවන් ඒවායේ සාර්ථකත්වය මැනීම සඳහා නියාමනය කිරීම

x ආචාරශීලී සුහද කාර්යක්ෂම සේවාවන් සඳහා සේවකයින් ඇගයීමේ වැඩපිළිවෙළක් සකස් කිරීම

හදිසි ප‍්‍රතිකාර

x හදිසි සෞඛ්‍ය අවශ්‍යතා සඳහා විශේෂයෙන් වෙන්වූ පැය 24 පුරා ක‍්‍රියාත්මක දුරකථන අංකයක් සියලු දිස්ත‍්‍රික්ක, මූලික සහ පළාත්බද රෝහල් සඳහා හඳුන්වා දෙන අතර ඒ ඒ ආයතනවලින් සැපයෙන සෞඛ්‍ය සේවාවන් පිළිබඳ තොරතුරු ලබාදීමේ මධ්‍යස්ථානයක් සියලුම රෝහල්වල ස්ථාපිත කිරීම

x සියලු රෝහල්, සෞඛ්‍ය ආයතන. පාසල්, කා3⁄4යාල, වැඩබිම් සහ මහජනයා වැඩිපුර ගැවසෙන ස්ථානවලට ප‍්‍රථමාධාර /හදිසි ප‍්‍රතිකාර සේවාවන් ව්‍යාප්ත කිරීම

x හදිසි ආපදාවකදී මරණ සංඛ්‍යාව සහ සංකූලතා අවම කිරීම සඳහා සෑම රෝහලකම ඒ සම්බන්ධ සැලැස්මක් සකස් කිරීම සහ පහසුකම් වැඩිදියුණු කිරීම

ඖෂධ සහ පරීක්ෂණ

x රාජ්‍ය අංශයේ අත්‍යවශ්‍ය ඖෂධ උපකරණ සහ පරීක්ෂණ පහසුකම් හිඟය සහ ප‍්‍රමිතියක් නොමැති වීමේ තත්වය අවම කිරීමට කටයුතු කරන අතර එම සියලු අංශ සඳහා පෞද්ගලික අංශයටද බලපාන පරිදි ජාතික ප‍්‍රතිපත්ති සකස් කිරීම

x ඖෂධ පනත වඩාත් ජනතා හිතවාදීව සංශෝධනය කර බලාත්මක කිරීම. සියලුම රෝහල් ආවරණය වන සේ අත්‍යවශ්‍ය ඖෂධ ලැයිස්තුවක් හඳුන්වා දීම

x නියමිත ප‍්‍රමිතියෙන් යුත් ඖෂධ පමණක් වෙළඳපොළට නිකුත් කරන අතර ඖෂධවල අන්තර්ගතය සහ ඒවායින් ඇතිවිය හැකි අතුරු ආබාධ පිළිබඳ දැනුවත් කිරීම් විධිමත් කිරීම. ඖෂධවල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමට ප‍්‍රමාණවත් රසායනාගාර පහසුකම් ඇති කිරීම

x පහසු මිලට ගුණාත්මක ඖෂධ ජනතාවට ලබාගත හැකිවන පරිදි රාජ්‍ය ඔසුසැල් ප‍්‍රමාණය වැඩි කරනු ලබන අතර දැනට ප‍්‍රමාණවත් වෙළඳසැල් නොමැති ප‍්‍රදේශවලට ප‍්‍රමුඛස්ථානයක් ලබා දීම

x ඖෂධ හා උපකරණ දේශීයව නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා රාජ්‍ය හා රාජ්‍ය නොවන සහ පෞද්ගලික හවුල් ව්‍යාපාරවලට දිරි දීම. ඒ වෙනුවෙන් එම නිෂ්පාදනයන් කරනු ලබන ආයතන සඳහා බදු සහන ලබා දීම

නිදන්ගත රෝග සඳහා ප‍්‍රතිකාර

බෝ නොවන රෝග ව්‍යාප්තිය අවම කිරීමට ඉලක්කගත කණ්ඩායම් සඳහා පරීක්ෂා කිරීම් හඳුන්වා දීම. දැනට ලබාදෙන සේවාවන් ප‍්‍රතිසංවිධානය කිරීම. සියලු නිදන්ගත රෝග සඳහා ප‍්‍රශස්ත ප‍්‍රතිඵල ලබා ගැනීමට අදාළ ප‍්‍රතිකාර සේවාවන් නියාමනය කිරීම.

(1) වයස අවුරුදු 40 ට වැඩි සියලුම පුද්ගලයින් අවම වශයෙන් වසරකට වරක් පූර්ණ වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීම

(2) බෝ නොවන රෝග (හෘද රෝග, අධි රුධිර පීඩනය, දියවැඩියාව, කොලෙස්ටෙරෝල් වැඩිවීම) නිසා

සිදුවන සංකුලතා අවම කිරීමට ප‍්‍රජා මුලික වැඩපිළිවෙළක් හඳුන්වා දීම

(3) වකුගඩු සහ පිළිකා රෝගවලට ගොදුරු වී ඇති රෝගීන් සඳහා ප‍්‍රජා සත්කාර සේවාවන් හඳුන්වා දීම. එම රෝග වළක්වා ගැනීමට අදාළ පර්යේෂණවලට ප‍්‍රමුඛත්වය ලබා දීම. මේ සඳහා ජාත්‍යන්තර පර්යේෂණ කණ්ඩායම්වල සහයෝගය ලබාගෙන එම කටයුතු කඩිනම් කිරීම

(4) හදිසි අනතුරු, මාර්ග අනතුරු නිසා සිදුවන ආබාධ, මරණ අවම කිරීමට අදාළ ආයතන සම්බන්ධීකරණය

කර ස්ථිරසාර වැඩපිළිවෙළක් සකස් කිරීම

(5) අක්ෂි රෝග වැළැක්වීම සහ ප‍්‍රතිකාර සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකය තුළ

වෙනම අංශයක් ස්ථාපනය කිරීම

රෝග වැළැක්වීම

x මාතෘ, ළමා සහ නිවාරණ සෞඛ්‍ය සේවාවන්ට මූලිකත්වය ලබා දෙන අතර පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහ සෑම පුරවැසියකුටම වර්තමානයේ බහුලව දක්නට ලැබෙන රෝගාබාධයන්ට ගැලපෙන මූලික සෞඛ්‍ය අධ්‍යාපනයක් ලබා දීම

x පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේදී එක් එක් සිසුවාට අදාළ වෛද්‍ය වාර්තාවක් සැකසීම හා ආබාධිත හෝ සෞඛ්‍ය අවදානමක් ඇති සිසුන් සඳහා නිරන්තර පරික්ෂාවට ලක් කිරීම

x ප‍්‍රජනක සෞඛ්‍ය ප‍්‍රවර්ධනය සඳහා තරුණ තරුණියන්ට පහසුවෙන් ළඟා විය හැකි සෞඛ්‍ය සේවා පද්ධතියක් ඇති කිරීම

x පළාත්පාලන, වෙළඳ, ආහාර, කෘෂි, ධීවර, පශු සම්පත්, අධ්‍යාපන, ජනමාධ්‍ය, රාජ්‍ය මුල්‍ය, ජල, පාරිසරික, තාක්ෂණ සහ පර්යේෂණ ඇතුළු විවිධ ක්ෂේත‍්‍රයන්හි රාජ්‍ය ආයතන මෙන්ම සිවිල් සමාජ සංවිධානවලද, පොදු මහජනතාවගේද දේශීය සහ විදේශීය විශේෂඥයින්ගේ සහ සංවිධානවලද සහභාගිත්වයෙන් සහ සහයෝගයෙන් දැනට බහුලව ව්‍යාප්ත වෙමින් තිබෙන රෝගාබාධ සහ අනතුරු කඩිනමින් පාලනය කිරීම සඳහා ඉලක්කගත වැඩසටහන් ක‍්‍රියාත්මක කරනු ලබන අතර ඒ යටතේ ඩෙංගු රෝගය, මී උණ, ජලභීතිකාව වැනි රෝග මහජන සෞඛ්‍ය ගැටලුවක් නොවන මට්ටමට පාලනය කිරීමට පියවර ගැනේ. දැනට පාලනය කරනු ලැබ ඇති මැලේරියාව, බරවා වැනි රෝග නැවත හිස එසවීමට නොහැකි වනසේ දීර්ඝකාලීන පියවර ගැනීම

x ඩෙංගු රෝගය පාලනය කිරීමට ප‍්‍රමුඛත්වය ලබාදෙන අතර ප‍්‍රජාමූලික ව්‍යාපෘති මගින් මදුරු ඝනත්වය අවම කර තබා ගැනීම පළාත්පාලන ආයතනවල ප‍්‍රමුඛ කාර්යයක් බවට පත්කර එය නියාමනය කිරීම සෞඛ්‍ය අමාත්‍යංශයේ මුලිකත්වයෙන් සිදු කිරීම

x මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්වීම පාලනය කිරීමට දැඩි නීති රීති පද්ධතියක් හඳුන්වාදෙනු ලබන අතර එම නඩු විභාග කිරීම කඩිනම් කිරීමෙන් එම ක‍්‍රියාවන්හි නැවත නැවත යෙදෙන්නන් අවම කිරීමට වගබලා ගැනීම

x මහජන සෞඛ්‍යයට අදාළව පාරිසරික සනීපාරක්ෂක සහ ආහාර ස්වස්ථතාව සඳහා පනවා ඇති නීති රීති බල ගන්වා ජනතාවගේ මුලික සෞඛ්‍ය අයිතීන් සුරැුකීම

x ප‍්‍රමිතියෙන් යුත් වැසිකිළි නොමැති සියලු පවුල් ඒකකවලට පළාත් පාලන ආයතන මගින් නොමිලේ වැසිකිළි ඉදිකර දීම. ජනතාව වැඩිපුර ගැවසෙන ස්ථානවල පොදු වැසිකිළි පද්ධති ඉදිකිරීම

x සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් සඳහා ළමුන් හුරු කිරීමට අදාළ ජාතික වැඩපිළිවෙළක් හා අධ්‍යාපන වැඩසටහන් සකස් කොට ක‍්‍රියාත්මක කිරීම. මෙහිදී අදාළ සියලු අමාත්‍යංශ නිසි පරිදි සම්බන්ධීකරණය කිරීම

බෝ නොවන රෝග වැළැක්වීම

වර්තමානය වන විට හදවත් රෝග (කොලෙස්ටරෝල්, අධි රුධිර පීඩනය වැනි කලින් හදුනාගත හැකි අවදානම් සාධක සහිත), දියවැඩියාව, නිදන්ගත ශ්වසන රෝග, නිදන්ගත වකුගඩු රෝග, ආඝාතය, පිළිකා හා මානසික රෝග අප රටේ ජනතාව මුහුණ දෙන ප‍්‍රධාන බෝ නොවන රෝග බවට පත් වී ඇත. වයස්ගත ජනගහනය වැඩි වීම, සැලැස්මක් නොමැති නාගරීකරණය හා ජීවන රටාවේ සිදුවී ඇති වෙනස් වීම් බෝ නොවන රෝග වැඩිවීම සඳහා ප‍්‍රධාන වශයෙන් බලපා ඇත. දුම් පානය, මත්පැන් පානය, ස්ථුලතාවය හා සෞඛ්‍යාරක්ෂිත නොවන ආහාර හා ක‍්‍රියාශීලී නොවන දිවි පෙවෙත බෝ නොවන රෝග සඳහා හේතු වන වෙනස් කළ හැකි අවදානම් සාධක වේ.

බෝ නොවන රෝග සෑදීම වැළැක්වීම සඳහා වෙනස් කළ හැකි අවදානම් සාධක අවම කිරීම සඳහා ක‍්‍රියාමාර්ග ගනු ලැබේ.

x මෙහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ (Framework for Convention of Tobacco Control) අනුව කටයුතු කරනු ලබන අතර ජාතික දුම්කොළ හා මධ්‍යසාර අධිකාරි පනත තවදුරටත් ශක්තිමත් කිරීම

x සෞඛ්‍යාරක්ෂිත ආහාර ප‍්‍රවර්ධනය කිරීම අධ්‍යාපන, කෘෂිකාර්මික හා වෙළඳ ප‍්‍රතිපත්තීන්වල ප‍්‍රධාන අරමුණක් බවට තහවුරු කරන අතර ඒ සඳහා අවශ්‍ය කරනු ලබන නිවැරදි ලේබල් කිරීම, චර්යා ධර්මයන්ට අනුකූල ප‍්‍රචාරණය, නිවැරදි තොරතුරු පාරිභෝගිකයින්ට ලබා දීම, වගකීම් සහගත වෙළඳාම ශක්තිමත් කිරීම

x අධ්‍යාපන, ක‍්‍රීඩා හා ප‍්‍රවාහන ප‍්‍රතිපත්තීන් තුළ ශාරීරික ක‍්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය ක‍්‍රියාමාර්ගයන් ඇතුළත් කරන අතර පළාත් පාලන ආයතන හා රැකියා ස්ථාන වල සහයෝගය ඇතිව ඇවීදීම, බයිසිකල් පැදීම හා විවිධ ක‍්‍රීඩා සඳහා පහසුකම් හඳුන්වා දීම

මානසික සෞඛ්‍යය

ජාතික මානසික සෞඛ්‍ය දත්තවලට අනුව සෑම දහ දෙනෙකුගෙන් එක් අයෙකු කුමන හෝ මානසික රෝගයකින් පෙළන අතර ප‍්‍රතිකාර ලැබෙන්නේ ඉන් 20% කට පමණි.

x මානසික සෞඛ්‍ය ප‍්‍රවර්ධනය හා මානසික රෝග වැළැක්වීම සඳහා ක‍්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කිරීම

x මානසික රෝගීන්ගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගනු ලැබීම

x මානසික රෝගවලට ප‍්‍රතිකාර කිරීමේදී ප‍්‍රජා මූලික ප‍්‍රතිකාර සඳහා ප‍්‍රමුඛතාවය ලබා දීම

ආහාර සහ පෝෂණය

මවු කුස සිට මරණය දක්වාම මනා පෝෂණයක් ලැබීම සෞඛ්‍යමත් ජීවිතයක් ගත කිරීමේ මූලික අවශ්‍යතාවයකි. මෙය සෞඛ්‍ය, කෘෂිකර්ම, වෙළඳ හා ආර්ථික අංශ සමඟ බැඳී ඇත. සෞඛ්‍ය සම්පන්න ආහාර සුරක්ෂිතතාවය ජීවන චක‍්‍රය පුරාම සහතික කිරීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගනු ලැබේ.

x පලතුරු සහ එළවළු නිෂ්පාදනයේදී, බෙදාහැරීමේදී සහ අලෙවියේදී සෞඛ්‍යාරක්ෂිත බව සහ නියමිත ප‍්‍රමිතීන් ආරක්ෂා කිරීම

x ආහාරපාන සකස් කිරීමේදී හා අලෙවියේදී ඊට වස විෂ එකතු කරන හා ප‍්‍රමිතියෙන් තොරව ආහාරපාන නිෂ්පාදනය කරන හා වෙළඳාමේ යෙදෙන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩි ලෙස ක‍්‍රියාත්මක කිරීම. එම ක‍්‍රියා බරපතළ අපරාධ ගණයට ඇතුළත් කිරීම

x පිරිසිදුව සහ ඉහළ ප‍්‍රමිතියකින් යුතුව ආපනශාලා පවත්වාගන යාම සහතික කිරීම

x වෙළඳපොළේ සහ ගෘහාශ‍්‍රිත සියලුම ආහාර සහ ජලයේ සුරක්ෂිතතාව සහතික කිරීම සඳහා අවශ්‍ය ක්ෂේත‍්‍රගත නිලධාරින් සහ පර්යේෂණාගාර ඇතුළු වෙනත් පහසුකම් වැඩි දියුණු කර ක‍්‍රමානුකුලව කරනු ලබන අධීක්ෂණ යාන්ත‍්‍රණයක් මගින් නියාමනය කිරීම

x විවිධ වයස් කාණ්ඩවල පුද්ගලයින්ට අහිතකර විය හැකි බෝ නොවන රෝගවලට ගොදුරුවීමේ ප‍්‍රවණතාවය වැඩි කරන ආහාර/දියර පිළිබඳ වෙළඳ ප‍්‍රචාරය සපුරා තහනම් කිරීම

x කෙටි හා දිගු කාලීන මන්ද පෝෂණයෙන් ස්ථුලභාවයෙන් පෙළෙන දරුවන් /පුද්ගලයින් හඳුනාගෙන ඔවුන් සඳහා ප‍්‍රජාමුලිකව සහ පෙර පාසල් සහ පාසල් මුලිකව විශේෂ වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම

x අදාළ සිය ̈ ආයතන සම්බන්ධීකරණය කර ප‍්‍රමිතියෙන් තොර සහ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ආනයනය බෙදාහැරීම, විකිණීම සහ පරිභෝජනයට ඇති ඉඩ සම්පුර්ණයෙන් ඇහිරීම.

වයස්ගතවීම නිසා මුහුණදෙන ගැටලු

x ක‍්‍රියාශීලී, කායික හා මානසික සමබරතාවයකින් යුත් සෞඛ්‍යමත් වැඩිහිටි අවධියක් ගත කිරීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීම

x වැඩිහිටි ජනගහනය සඳහා අවශ්‍ය විශේෂ පහසුකම් සෑම රාජ්‍ය ආයතනයකම කඩිනම්න් ස්ථාපිත කිරීම

x විශ‍්‍රාමික දිවිය අර්ථවත්ව ගත කිරීම සඳහා පූර්ව විශ‍්‍රාමික උපදේශන සේවාවන් ආරම්භ කිරීම

x ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා දිවා සුරැකුම් වැඩපිළිවෙළක් සහ රෝගී දුබල වූ වැඩිහිටියන්ට නේවාසික පහසුකම් සැලසිය හැකි ප‍්‍රජා මුලික ව්‍යාපෘති හඳුන්වා දීම

වෘත්තීය සෞඛ්‍යය සහ ආරක්ෂාව

x සේවා ස්ථානවල සිදුවන රැකියාවට සම්බන්ධ අනතුරු සහ සෞඛ්‍ය ගැටලු නියාමනයට සහ වැළැක්වීම සඳහා ක‍්‍රියාමාර්ග ගැනීමට අධිකාරියක් ස්ථාපිත කිරීම

x සියලුම වැඩ කරන ජනතාව වසරකට වරක් පූර්ණ වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීම

x සියලුම කර්මාන්තශාලා තුළ සෞඛ්‍ය සායන අනිවාර්ය කිරීම

x රැකියාව නිසා සිදුවන හදිසි අනතුරු අවම කිරීමට දැඩි කි‍්‍රයාමාර්ග ගැනීම. ඒ සඳහා අණ පනත් යාවත්කාලීන කිරීම

x පිටරට රැකියා සඳහා යන එන පිරිස සහ සංක‍්‍රමණිකයන් සඳහා විශේෂ සෞඛ්‍ය සායන පැවැත්වීම

සෞඛ්‍ය කාර්ය මණ්ඩලය

x සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ වෘත්තීය තෘප්තිමත්භාවය සහ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම පිණිස දැනුම සහ කුසලතා යාවත්කාලීන කිරීමටත් ඔවුන් මුහුණ දෙන වැටුප්, දීමනා, නිල නිවාස හිඟය, ප‍්‍රවාහන දුෂ්කරතා සුභ සාධන දුර්වලතා ඇතුළු වෘත්තීය ගැටලුවලට සාධාරණ විසඳුම් ලබා දීමට උපරිම පියවර ගැනීම

x වෛද්‍ය අධ්‍යාපනය ඇතුළු සියලු සෞඛ්‍ය වෘත්තීය අධ්‍යාපනය රාජ්‍ය විශ්වවිද්‍යාල හා රාජ්‍ය ආයතන මගින් ක‍්‍රමවත්ව සහ වඩා පුළුල්ව සිදු කිරීම. මෙමගින් විශ්ව විද්‍යාල ප‍්‍රවේශය සමත්වන ශිෂ්‍ය ප‍්‍රජාවට මෙම වෘත්තීන් සඳහා යොමුවීමට වැඩි ඉඩ ප‍්‍රස්ථාවක් සැලසීම. ප‍්‍රමිතිගත අධ්‍යාපනයක් සහතික කිරීමෙන් මෙම ක්ෂේත‍්‍රයන්හි අධ්‍යාපන අවස්ථා පුළුල් කර රජය මැදිහත්වීමෙන් විදේශ රැකියා ලබාදීමට කටයුතු කිරීම

x වෛද්‍ය, හෙද සභාවන්හි ස්වාධීනත්වය, බලතල සහ පහසුකම් පුළුල් කර රට තුළ සේවයේ නියුතු සියලු සෞඛ්‍ය වෘත්තිකයින් උසස් දැනුමෙන්, කුසලතාවෙන් සහ විනයෙන් යුත් බව ජනතාවට සහතික කිරීම

x පශ්චාත් වෛද්‍ය සහ සෞඛ්‍යයට අදාළ අනෙකුත් තාක්ෂණික/උසස් අධ්‍යාපන ආයතනවල පාඨමාලා ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවන් සැපයීම සඳහා වඩාත් උචිත ලෙස සංවර්ධනය කිරීම. විවිධ විෂයන් සඳහා පවත්වාගන යනු ලබන වෛද්‍ය වෘත්තික සභා සමග සාකච්ඡු කර අවශ්‍ය වෙනස්කම් කිරීම

x සියලුම සෞඛ්‍ය සේවකයිනට විධිමත් පශ්චාත් අධ්‍යාපන වැඩපිළිවෙළක් සකස් කිරීම

x සෞඛ්‍ය සේවයේ බඳවාගැනීම් සහ උසස්වීම් සෘජු විනිවිද පෙනෙන කලින් හඳුනාගෙන එකඟ වූ නිර්ණායක අනුව සිදු කිරීම

සෞඛ්‍ය පහසුකම් සඳහා මුදල් වෙන්කිරීම් සහ

වියදම් කිරීම

 

x සෑම වසරක් සඳහාම සියලුම සෞඛ්‍ය ආයතන මගින් කරනු ලබන කටයුතු පිළිබඳව වැයවන මුදල සහ අවශ්‍ය සම්පත් ඇස්තමේන්තු කර පුර්ණ සැලැස්මක් සකස් කිරීම

 

x මෙම සැලැස්ම සෑම කාර්තුවකම නියාමනය කිරීම

x වාර්ෂිකව පසු විපරමක් කරනු ලැබීම. ප‍්‍රමාදවීම් අතපසුවීම් නොසලකා හැරීම්වල වගකීම අදාළ ආයතන ප‍්‍රධානියාට වගකීම පැවරෙන යාන්ත‍්‍රණයක් සකස් කිරීම

පෞද්ගලික සෞඛ්‍ය සේවය සෑම පුරවැසියෙකු සඳහාම නිරෝගී සුවය සහතික කිරීම රජයේ වගකීමක් ලෙස සලකන අතර පොදු ජාතික සෞඛ්‍ය සැලැස්මක් අනුව පෞද්ගලික සෞඛ්‍ය සේවාවන්හි සියලු ක‍්‍රියාකාරකම් නියාමනය කරනු ලැබේ. සෞඛ්‍ය සේවාවන් වෙළඳ භාණඩ ලෙස සැලකීම තුළින් සෞඛ්‍යයේ සැබෑ අරමුණ ඉටුකරගත නොහැකි යැයි විශ්වාස කරන අතර මෙම යෝජිත වැඩපිළිවෙළ මගින් පෞද්ගලික සෞඛ්‍ය සේවයේ අවශ්‍යතාව ක‍්‍රමයෙන් අඩුවී යනු ඇත. එම කාලය තුළ පෞද්ගලික සෞඛ්‍ය සේවය නියාමනය අන්තර්කාලීන ක‍්‍රියාමාර්ගයක් ලෙස යෝජනා කරනු ලැබේ.

 

නිවාස පහසුකම්

 

වාසයට සුදුසු වාසස්ථානයක් ලබාගැනීම මිනිසෙකුගේ මූලික අයිතිවාසිකමකි. එමෙන්ම ඕනෑම ප‍්‍රජාවකගේ සමාජ ආර්ථික පසුබිම නිරූපණය වන දර්ශකයක් ලෙස ඔවුන් ජීවත්වන නිවාසවල තත්වය සැලකිය හැක.

2016 වර්ෂයේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය නිකුත් කළ සමීක්ෂණ වාර්තාවකට අනුව ශ‍්‍රී ලංකාවේ ජනගහනයෙන් පවුල් 789,242කට ස්ථීර නිවසක් නොමැත. සෑම නිවාස 3න් එකක්ම අර්ධ වශයෙන් නිමවූ (කපරාරු නොකළ) නිවාස වේ. තාවකාලික නිවාසවල පදිංචි පවුල් ගණන 278,192 කි. ඉඩමක් හා තමන්ගේම නිවසක් නොමැති පවුල් ගණන 166,841 කි. පොල් අතු හෝ තල් අතුවලින් සෙවිලි කළ නිවාස 44,419 කි.

 

අරමුණු

 

x සෑම පවුලකටම පිරිසුදු ජලය විදුලිය හා පිරිසිදු වාතාශ‍්‍රය, සනීපාරක්ෂක පහසුකම්, ප‍්‍රමාණවත් අවකාශයක් සහ නිසි ප‍්‍රවේශ මාර්ග සහිත ස්ථිර නිවාසයක ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම

x පාරිසරික පැවැත්මට හිතකර මනා භූමි කළමනාකරණයෙන් යුත් නිවාස වැඩපිළිවෙළක් සකස් කිරීම

ක‍්‍රියාකාරකම්

x අවුරුදු 5ක් තුළ සෑම පවුලකටම සියලු පහසුකම් සහිත නිවාසයක් ලබා දීම ඉලක්ක කරගත් ජාතික සැලැස්මක්

 

 

x නිවාස සංවර්ධනය සඳහා වෙන් කරන රාජ්‍ය වියදම 2% සිට 4% දක්වා වැඩිකිරීම

x දැනට දේශපාලනීකරණය වී ඇති නිවාස වැඩපිළිවෙළ වෙනුවට අවශ්‍යතාවයන් සඳහා ප‍්‍රමුඛතා දෙන වැඩපිළිවෙළක්

x දැනට ඇති පොල් අතු හා තල් අතු සෙවිලිකළ නිවෙස් 45,000 ස්ථිර නිවාස බවට පත්කිරීම සඳහා කඩිනම් වැඩසටහනක්

x සියලු වතු කම්කරුවන් සඳහා ස්ථිර, පහසුකම් සහ අයිතිය සහිත මහල් නිවාස පද්ධතියක්

x යුද්ධය නිසා පූර්ණ හා අර්ධ ලෙස හානියට පත්වී ඇති නිවාස දෙලක්ෂ විසිදහසක් ඉක්මනින් ප‍්‍රතිසංස්කරණය කිරීමට වැඩසටහනක්

x නාගරික හා අර්ධ නාගරික ප‍්‍රදේශවල වතු හා මුඩුක්කු නිවාසවල ජීවත් වන ජනයාගේ ජනජීවිතය සංස්කෘතික හා සමාජ සම්බන්ධතාවලට මෙන්ම නාගරික සැලසුම්වලට හානි නොවන පරිදි ඔවුන් සඳහා විශේෂ මහල් නිවාස යෝජනා ක‍්‍රමයක්

x ප‍්‍රවාහන දුර හා කාලය අවම කරමින් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන්ගේ නිවාස අවශ්‍යතාවය ඉටු කිරීම සඳහා සෑම නගරයකටම බහුවිධ අවශ්‍යතාවන්ගෙන් සපිරි මහල් නිවාස යෝජනා ක‍්‍රමයක්

x තරුණ අඩු අදායම්ලාභී හා වැඩ කරන ජනතා කොටස්වලට මිලදී ගත හැකි නිවාස යෝජනා ක‍්‍රම සඳහා පෞද්ගලික අංශයට විශේෂ බදු සහන ලබාදීම

x නිවාස අහිමි විදේශගත ශ‍්‍රමිකයන් සඳහා නිවාස සැපයීම රජයේ වගකීමක් ලෙස පිළිගනිමින් ඔවුන්ට සහනදායී ගෙවීම් ක‍්‍රමයකට (උපයන විදේශ මුදලින් වාරික ගෙවන) නිවාස ලබාදෙන වැඩපිළිවෙළක්

x අඩු ආදායම්ලාභී ජනතාවට පොලී රහිත දිගුකාලීන ණය පදනම යටතේ නිවාස ලබාදෙන වැඩපිළිවෙළක්

x නිවාස මිල හා කුලිය නියාමනය නියාමනය කිරීමේ වැඩ පිළිවෙළක් හා එයට අවශ්‍ය නෛතික බලගැන්වීම්

ක‍්‍රීඩා

ක‍්‍රීඩාව හා ශාරීරික අධ්‍යාපනය හා බැඳුණු මානව ක‍්‍රියාකාරකම් සමෘද්ධිමත් දේශයක් ගොඩනැගීමට අවශ්‍ය වන්නා වූ පදනම් විෂයන් අතුරින් ප‍්‍රධානතම විෂයක් බව හඳුනාගෙන ඇත. රටක් දේශයක් ගොඩනැගෙ න්නේ, ශාරීරික,මානසික හා අධ්‍යාත්මික නිරෝගිමත් සක‍්‍රීය ජන සමාජයක් තුළිනි. ඒ නිසාම ක‍්‍රීඩාව ගොඩනැගීම, දියුණු කිරීම, ක‍්‍රීඩාවේ නිරත වීම ජනතාවගේ මූලික අවශ්‍යතාවයකි. මෙම මූලික අවශ්‍යතාවයන් ඉටු කර ගැනීම සඳහා රටකට ක‍්‍රීඩා සංස්කෘතියක් ගොඩනැගීම අත්‍යවශ්‍ය සාධකයකි. ඒ සඳහා විද්‍යාත්මක වූද, විධිමත් වූද තිරසාර ක‍්‍රීඩා ප‍්‍රතිපත්තියක් ඇති කිරීම හා ක‍්‍රියාවට නැංවීම රජයක වගකීමක් හා යුතුකමක් වන්නේය.

ක‍්‍රීඩාව හා තරුණ ප‍්‍රජාව තෘප්තිමත් කිරීමට හා ඔවුන්ගේ අභිලාෂයන් මුදුන්පත් කර ගැනීමටත්, ජාතික අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීමටත්, ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයෙන් අනිසි දේශපාලන මැදිහත් වීම් ඉවත් කොට තිරසාර ප‍්‍රතිපත්ති රාමුවක් ඔස්සේ විද්‍යාත්මක සංවර්ධන සැලසුම් තුළ ක‍්‍රීඩාව ගොඩනැගීම යුගයේ කාර්ය භාර්යය වේ.

අරමුණු

x සෞඛ්‍ය සම්පන්න හා විනයගරුක පුරවැසියෙක් බිහිකිරීම අරමුණ කරගත් ප‍්‍රජාව සඳහා ක‍්‍රීඩාව සංවර්ධනය

x ලෝකය තුළ ශ‍්‍රී ලාංකික නාමය ඔසවා තැබීම ඉලක්ක කරගනිමින් ජාතික හා ජාත්‍යන්තර තරගකාරී ක‍්‍රීඩා සංවර්ධනය

x සංස්කෘතික වටිනාකම් ආරක්ෂා කරගැනීම අරමුණ කරගත් දේශීය ජන ක‍්‍රීඩා සංවර්ධනය

x ක‍්‍රීඩා ක්‍ෂෙත‍්‍රය ආර්ථිකයේ සැලකිය යුතු දායකත්වය දක්වන අංශයක් බවට පත් කිරීම

x ජාත්‍යන්තර සබඳතාවයන් ගොඩ නැඟීම සඳහා ක‍්‍රීඩාව සන්නාම තානාපතියකු ලෙස යොදා ගැනීම

x කී‍්‍රඩාව තුළ සිදුවී ඇති බරපතළ වානිජකරණය අඩු කිරීමට කටයුතු කිරීම

ක‍්‍රියාමාර්ග

x ක‍්‍රීඩා අධ්‍යාපනය, ක‍්‍රීඩා පර්යේෂණ හා විද්‍යාත්මක ක‍්‍රීඩා පුහුණුවට හා ක‍්‍රීඩා ක්ෂේත්‍රය සඳහා ආචාර ධර්මපද්ධතියක් ඇති කිරීමට අවශ්‍ය නීති හා ප‍්‍රතිපත්ති සම්පාදනය

x වාර්ෂික ක‍්‍රීඩා තරග සැලැස්මක් හා ක‍්‍රීඩා දින දර්ශනයක්

x ජන ක‍්‍රීඩා හා සංස්කෘතික ක‍්‍රීඩා සංවර්ධනය හා සංරක්ෂණය කිරීමට සෑම පළාතකටම මධ්‍යස්ථානයක්

x ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්, පුහුණුකරුවන්, ක‍්‍රීඩා ගුරුවරුන්, ක‍්‍රීඩා නිලධාරීන් හා තාක්‍ෂණ නිලධාරීන්, ක‍්‍රීඩා කළමනාකරුවන්, ක‍්‍රීඩා අනුග‍්‍රහයකයන් ඇගයීම දිරිගැන්වීමට හා රැක බලා ගැනීමට රාජ්‍ය මැදිහත්වීම සහිත වැඩපිළිවෙළක්

x ක‍්‍රීඩා සාහිත්‍යයක්, ක‍්‍රීඩා දත්ත රැස් කිරීමේ ඒකකයක් හා ක‍්‍රීඩා කෞතුකාගාරයක්

x අංගසම්පූර්ණ ක‍්‍රීඩා පර්යේෂණ ඒකකයක්

x ස්වාධීන ජාතික ක‍්‍රීඩා කොමිසමක් හා පරිපාලත ව්‍යුහයක්

x ග‍්‍රාමීය මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා දිවෙන ඒකාබද්ධ ක‍්‍රීඩා පුහුණු සැලැස්මක්

x සෑම පළාතකටම නේවාසික පහසුකම් සහිත නවීන ක‍්‍රීඩා සංකීර්ණයක්

x සෑම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම අංග සම්පූර්ණ ක‍්‍රීඩාංගණයක්

x එක් ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට 03 බැගින් ප‍්‍රජා ශාරීරික සුවතා මධ්‍යස්ථාන 1000ක්

x සෑම පාසලකටම ක‍්‍රීඩා ගුරුවරුන් හා පුහුණුකරුවන්

x සෑම පාසල් දරුවකුටම කිසියම් ක‍්‍රීඩාවක් අනිවාර්යයි

x ජාතික ක‍්‍රීඩා පුහුණු පාසලක් කේන්ද්‍ර කරගත් පළාත් ක‍්‍රීඩා පුහුණු පාසල් ජාලයක්

x ජාතික ක‍්‍රීඩා සංගම් නියාමන අධිකාරියක්

x ජාතික ක‍්‍රීඩා සංචිතයට ඇතුළත් සිය ̈ම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් හා තාක්‍ෂණ නිලධාරීන් සඳහා විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයක් හා රක්ෂණ ක‍්‍රමයක්

කලාව හා සංස්කෘතිය

බහුභාෂීසහෘද වැඩබිමක්- නව සංස්කෘතික මිනිසෙක්

 

ප‍්‍රාදේශීය සහ ජාතික සංස්කෘතික උරුමය විචාරාත්මකව ආරක්ෂා කොට උකහා ගන්නා අතර ම, ලෝකයේ කොතැනක වුවත් පහළ වන විශිෂ්ට සංස්කෘතික ජයග‍්‍රහණ විචාරාත්මක ව ස්වසන්තක කරගැනීමේ බුද්ධිය සහ නිර්මාණශීලිත්වය සහිත වූද, තම සංස්කෘතික උරුමය පිළිබඳ ගෞරවයක් ඇති නමුත් අනෙක් මනුෂ්‍යයන්ගේ සංස්කෘතික අයිතිය ආරක්ෂා කිරීමේ සුඛනම්‍යතාව ඇත්තා වූ ද, පොදු මනුෂ්‍ය ගැටලු ගැන අන්තවාදී ද ප‍්‍රාදේශීයවාදී ද නොවූ පෘථුල දෘෂ්ටියකින් වටහා ගැනීමේ විශිෂ්ටත්වය සහිත වූද, සංස්කෘතිය යනු මනුෂ්‍ය සමාජය බාහිර වශයෙන් ද මනුෂ්‍ය විඥානය අභ්‍යන්තර වශයෙන්ද වගා කිරීමේ මෙවලමක් බව දන්නා වූද පොදු මානව විමුක්තිය පිණිස සංස්කෘතිය අලුතින් නිර්මාණය කිරීම උදෙසා ආවේශය සහ නිර්මාණ ශක්තිය ඇත්තා වූද සංස්කෘතිකවත් පුරවැසියෙකු නිර්මාණය කිරීම මගින් චිරපවත්නා වූද ධරණීය වූද සංවර්ධනය මගින් සෑම මනුෂ්‍යයෙකුගේ ම අයිතීන් සහ අභිමානය සුරකින සාමකාමී සහජීවනීය රටක් නිර්මාණය කිරීමට දායක වීම අපගේ සංස්කෘතික ප‍්‍රතිපත්තියේ කේන්ද්‍රීය තේමාව වේ.

 

සංස්කෘතිය පිළිබඳ සංකල්පීය ප‍්‍රවේශය

සංවර්ධිත වූද සමෘද්ධිමත් වූද සැබෑ අර්ථයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී වූද සමාජයක් ගොඩනැගීමේ කාර්යයේදී කලා සංස්කෘතික ක්ෂේත‍්‍රයට විශාල කාර්යභාරයක් පැවරේ. හුදෙක් කලා සහ සංස්කෘතික ක්ෂේත‍්‍රයෙහි පවතින වියුක්ත අභිවර්ධනයක් පැවතිය හැකියැයි අපි නොසිතමු. මානව සමාජයේ අනෙකුත් ක්ෂේත‍්‍රවලින් වියුක්ත වූ කලා-සංස්කෘතික වර්ධනයක් පිළිබඳ රොමෑන්තික වූද භාවාතිශය වූද විශ්වාසයක අප පිහිටා නැත. මූලික මනුෂ්‍ය අවශ්‍යතාවලින් සම්පූර්ණ වූ, සාපේක්ෂ වශයෙන්වත් සමානත්වයෙන් සහ සාධාරණයෙන් යුක්ත වූ සමාජයක් ගොඩනැගීමෙහිලා ආර්ථික වර්ධනයද, මූලික මනුෂ්‍ය අවශ්‍යතා ඉක්ම වූ කායික, බුද්ධිමය හා ඥානමය සංවර්ධනය උදෙසා අධ්‍යාපනය සහ සෞඛ්‍ය වැනි ක්ෂේත‍්‍රවල සිදුවන වර්ධනයද අපි ඉත සිතින් පතමු. එහෙයින් ජාතික විද්වත් සංවිධානයෙහි කලා සහ සංස්කෘතික අනුකමිටුවෙහි අපි අනෙකුත් කමිටුවල ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන සමග ඌනපූරණීය වශයෙන් සම්බන්ධ වෙමින් මෙම ප‍්‍රතිපත්ති මාලාව සකසමු. මනුෂ්‍ය සමාජය සංවර්ධනයේදී හුදෙක් ආර්ථික මානය පමණක් නොසලකන සාකල්‍යවාදී සංවර්ධන ප‍්‍රවේශයකදී සංස්කෘතිය සහ සංස්කෘතිකවත්භාවය වර්ධනය කිරීමද අත්‍යවශ්‍ය බව අපි අවධාරණය කරමු.

එසේ වුවද කලා සහ සංස්කෘතික ක්ෂේත‍්‍රයට නියම ලෙස ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් ගොඩනැගීමෙහිලා සුවිශේෂ කාර්යක් තිබේ. එය අන් කිසි ලෙසකින් කළ නොහැකි මනුෂ්‍ය විඥානයෙහි වර්ධනයක් කිරීමට කලා සංස්කෘතික ක්ෂේත‍්‍රයට හැකියාව තිබේ.

සංස්කෘතිය යනු මිනිසා ලෝකය තුළ පෙනී සිටීමේ විධියක් වේ. එනම් මිනිසාගේ පැවැත්ම සංස්කෘතිය තුළ සිදු වේ. ඒ නිසාම යම් ප‍්‍රජාවක අනන්‍යතාවේ, ලෝකය හමුවේ පෙනී සිටීමේ ‘මුහුණුවර’ සංස්කෘතික ස්වභාවයක් ගනියි. අප රට වසන සියලු ප‍්‍රජාවන්ගේ පැවැත්මේ මුහුණුවර, විලාසය, සහ අනන්‍යතාව ලෙස අපි ඒ සංස්කෘතිය ආරක්ෂා කරගැනීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටිමු. වේගයෙන් ගෝලීයකරණය වන ලෝකයක යම් අධිපති සංස්කෘති නිසා යම් යම් ප‍්‍රජාවන්ගේ සංස්කෘතික අනන්‍යතා අතුරුදන්වීම වැළැක්වීමට අපි කැපවෙමු. එය ලෝක පරිමාණවද, ජාතික වශයෙන්ද අපගේ ප‍්‍රතිපත්තියෙහි කොටසකි.

එහෙත් සංස්කෘතිය යනු අනන්‍යතාව පමණක් නොවේ. එසේම සංස්කෘතික අනන්‍යතාව යනු සදා නොවෙනස් අයෝමය දවටනයක් නොව ඉතා ගතිකවත් වූවකි. දේශීය වශයෙන්ද, ගෝලීය වශයෙන්ද සෑම ප‍්‍රජාවකගෙ ්ම සංස්කෘතික අනන්‍යතා විකාශනය වෙමින් පවතින්නකි. එහෙයින් අපි සෑම ප‍්‍රජාවකගේම සංස්කෘතික අනන්‍යතාව සංරක්ෂණයේද පරිණාමයේද අයිතිය පිළිගනිමු. මෙම කාරණා දෙකෙහිදීම ඒ ඒ ප‍්‍රජා තුළින්ම පැනනගින සංවාදය ඔස්සේ එම සංරක්ෂණය සහ පරිණාමය පිළිබඳ තීරණ ගැනීමේ අයිතියද අපි පිළිගනිමු. එසේම අනන්‍යතාවේ මුහුණුවරක් සේ සංස්කෘතියට ඇති වැදගත්කම පිළිගන්නා අතරම සංස්කෘතිකවත්භාවය ගොඩනැගීම යනුද සංස්කෘතියෙහි එක් වැදගත් අංගයක් බව අපි පිළිගනිමු. එනම්, යම් ප‍්‍රජාවකට දැනටමත් උරුම යැයි සැලකෙන සංස්කෘතියෙහි ඇති සීමා පිළිබඳ එම ප‍්‍රජාව සවිඥානික වන විට එම සීමාවලින් නිදහස සහ විමුක්තිය වෙත වර්ධනය වීමට සෑම ප‍්‍රජාවකටම සහ ඒකපුද්ගල මිනිසාට ඇති අයිතිය අපි පිළිගනිමු. එනම්, මානව නිදහස සහ සංස්කෘතිය අතර ඇතැම් අවස්ථාවල ගැටුම් පවතින බව අපි දනිමු. එසේ ගැටුම් ඇතිවීමම සංස්කෘතියෙහි කොටසක්ය යන අවබෝධය අපගේ ප‍්‍රතිපත්තියෙහි කොටසකි. මිනිසා ඇතැම් සංස්කෘතික සිපිරිගෙවලින් නිදහස් කිරීම වූ කලී සංස්කෘතියෙහිම කොටසක් වන කලාවට පැවරෙන එක් කාර්යක් බවද අපි පිළිගනිමු.

එපමණක් නොව සංස්කෘතිය යන්නෙන් ‘වගා කිරීම’, ‘ශික්ෂණය කිරීම’ යන අර්ථ අදහස් වන බව දන්නා අපි මනුෂ්‍යයාගේ බාහිර සමාජයද මනුෂ්‍ය අභ්‍යන්තරද වගා කළ යුතු බවත්, ශික්ෂණය කළ යුතු බවත් විශ්වාස කරන අතර සංස්කෘතිකවත් මිනිසෙකු ගොඩනැගීමෙහිලා සුවිශාල කාර්යභාරයක් ඇති බව දනිමු. එහිලා කලාවට කළ හැකි කාර්ය අපමණ බවද අද්විතීය බවද දනිමු.

දේශීය සේම විදේශීය සංස්කෘතික ඥානය අත්පත් කරගෙන ශිෂ්ට පුරවැසි ජීවිතයක් ගත කළ හැකි, දැනුම්වත්, සබුද්ධික, භාවමය ධාරිතාවෙන්, වින්දන ශක්තියෙන්ද සමබර මනසින්ද, සුහදශීලීත්වයෙන්ද යුතු ප‍්‍රතිපත්තිගරුක මිනිසෙකු ගොඩනැගීම අපගේ කාර්යයි. මෙහිදී අපගේ ‘මුදිතා ගුණය’, ‘මෛති‍්‍රය’, ‘කරුණාව’ ආදී දේශීය සංස්කෘතිවලට අයත් ගැඹුරු සංකල්පවලින්ද සංස්කෘතිකවත්භාවය පිළිබඳ ජාත්‍යන්තර කතිකාවෙහි තැනෙන සංකල්පවලින්ද එළිය ලබමු. කලා රසඥතාව නමැති සංස්කෘතික උරුමය අප රට පුරවැසියන් වෙත අත්පත් කරදීමේදීද දේශීය සහ විදේශීය කලා සිද්ධාන්ත සහ න්‍යාය වෙත අවධානය යොමු කළ යුතු බව විශ්වාස කරමු.

මනුෂ්‍යත්වය වගා කිරීම පිළිබඳ අදහසද අපේ කලා-සංස්කෘතික ප‍්‍රතිපත්තියෙහි කොටසක් විය යුතුය. එනම්, මනුෂ්‍ය අභ්‍යන්තරය වල්බිහි වන්නට ඉඩ නොදී යහපත් පරමාදර්ශවලින් වගා කිරීම කලාවෙහි කොටසකි. සංස්කෘතිකවත්භාවය ඇති වන්නේ එවිටය.

සංස්කෘතිය යන සංකල්පය තුළ ආත්ම පරීක්ෂාව නම් මානයද පවතී. යම් අවස්ථාවක යම් ප‍්‍රජාවක සංස්කෘතියෙහි තිබිය යුතු අංගයක් වන්නේ ආත්ම පරීක්ෂාවය. ඉන් අදහස් වෙන්නේ අදාළ පුරවැසියන්ට යුක්තිය, සාධාරණය, සහ සදාචාරසම්පන්භාවය පිළිබඳ මූලික සම්ප‍්‍රදායවලටවත් ගරු කරන ප‍්‍රජාවක්ද යන්න පිළිබඳ නිරන්තර අවධානයකින් පසුවීමය. සංස්කෘතියෙහි කොටසක් ලෙස කලාව වූ කලී මෙකී ආත්ම පරීක්ෂාවේ මෙවලමකි.

සංස්කෘතිකවත් මිනිසා තුළ සංස්කෘතික අභිමානයක් පැවතිය යුතුය. තම සංස්කෘතිය පිළිබඳ විචාරාත්මක ගෞරවය සහ ලෝක මානව සංස්කෘතියෙහි උත්තමාංග අත්පත් කරගැනීමේ විවෘතභාවය යන දෙකින්ම යුක්තවීම යථෝක්ත නව සංස්කෘතික මිනිසාගේ ප‍්‍රමුඛ තත්වයකි.

සංස්කෘතිය යනු අධිරාජ්‍යවාදී බලවේග විසින් තම බල ව්‍යාපෘති පිණිස භාවිත කරන අඩවියක්ය යන කාරණය ගැනද, යටත්විජිතවාදය සහ සංස්කෘතිය අතර පැවති සම්බන්ධය ගැනද බෙහෙවින් සවිඥානක අපි ගෝලීය ධනවාදය විසින් සංස්කෘතිය නම් අඩවිය ලාබ ඉපයීමේ තර්කයට යටත් කරන අවස්ථා කෙරෙහි විචාරාත්මක පුරවැසියෙකු ගොඩනගන්නට කැපවෙමු. එහෙත්, විදේශීය සංස්කෘතික ජයග‍්‍රහණ සියල්ලම අධිරාජ්‍යවාදයේ හෝ විදේශිකත්වයේ නාමයෙන් ප‍්‍රතික්ෂේප කිරීම අපගේ ප‍්‍රතිපත්තිය නොවේ. ලෝකයේ කවර තැනක පහළ වුවත් මනුෂ්‍යයාගේ සංස්කෘතික ජයග‍්‍රහණ අපගේ ජයග‍්‍රහණ සේ අපි සලකමු. එහෙයින්ම, කලාව නම් අඩවියේදී ඇති වන ලෝක පරිමාණ ආභාශය ලැබීම්, අලුත් සාහිත්‍ය කලා මාධ්‍ය අපගේ ජාතික සංස්කෘතියට එක්වීම ආදී අන්තර් සංස්කෘතික සුපෝෂණය අත්‍යවශ්‍ය දෙයක් සේ අපි දකිමු.

එහෙයින්ම විදේශික සංස්කෘතික අංග ‘විදේශික’ වන නිසාම ඒවා සැක නොකරන, ඒවා නිසා තර්ජනයට ලක් නොවන සුඛනම්‍ය විඥානයෙන් යුතු පුරවැසියෙකු නිර්මාණය කිරීමට සහ එවැනි පුරවැසි සංස්කෘතියක් නිර්මාණය කිරීමට කැපවෙමු. එපමණක් නොව අපගේ ජාතික සංස්කෘතිවල එන විශිෂ්ටාංග ලෝකය සමග බෙදා ගැනීමේ ආවේශය සහ කුසලතාව ඇති පුරවැසි සංස්කෘතියක් ගොඩගැනීමටද අපි කැපවෙමු.

සංස්කෘතිය යන්න නොවනස් වූද ස්ථිතික වූ ද දෙයක් නොවන බෙහෙවින් ගතිකවත් වූද විකාශනීය වූද ගම්‍යතාවෙන් යුතු වූද දෙයක් සේ ගන්නා අපි සංස්කෘතික පරිණාමය ආරක්ෂා කරමු. එය යම් සංස්කෘතියක අභ්‍යන්තරයෙන් පැන නගින සංවාදශීලි විකාශනයක් ලෙස සිදු වන පරිණාමයක් සේ සිදු වන්නට අවශ්‍ය අවකාශය නිර්මාණය කරන්නට කැප විය යුතු බව අපි පිළිගනිමු. එහිලා රාජ්‍යයට යම් කාර්යක් ඇති අතර සංස්කෘතික නිදහස සහිත සමාජයක් පැවතිය යුතු බවද අපි විශ්වාස කරමු.

අපගේ ජාතික රාජ්‍යය තුළ වසන සිය ̈ මනුෂ්‍යයන්ගේ සංස්කෘතික අනන්‍යතාවලට සමාන පිළිග ැනීමක් ලැබෙන, සංස්කෘතික බහුවිධභාවය අගය කරන සමාජයක් ගොඩනැගීම අවශ්‍ය වේ. එහිලා අවශ්‍ය සංස්කෘතිකවත්භාවය ගොඩනගා පවත්වාගෙන යාමට රාජ්‍ය ආයතනවලටද ජනමාධ්‍ය ආයතනවලට ද සුවිශේෂ වගකීමක් තිබේ.

මෙහිදී අපගේ රාජ්‍යය තුළ වසන ඉතා කුඩා ජන කණ්ඩායම්වල සංස්කෘති අතුරුදන්ව යාමේ තර්ජනයට ලක් වී ඇති නම් ඒවා ආරක්ෂා කරගැනීමට ඔවුන්ට ඇති අයිතිය පිළිගන්නා අතරම ඔවුන්ට තමන්ගේ ඇතැම් සංස්කෘතිකාංග අත්හැරීමට අවශ්‍ය නම් එහිලා ඇති අයිතියද පිළිගනිමු. එනම්, කිසියම් ජන කණ්ඩායමක් ‘‘ජීවමාන සංස්කෘතික කෞතුකාගාරයක්’’ සේ පවත්වාගෙන යාමට රාජ්‍ය හෝ වෙනත් බලකේන්ද්‍ර මැදිහත් නොවිය යුතු බව අපි විශ්වාස කරමු.

ඒ ඒ ජනවාර්ගික කණ්ඩායම් අතර පමණක් නොව අභ්‍යන්තරයෙහිද සංස්කෘතික විවිධතාවට ඇති ඉඩ ආරක්ෂා කරන සංස්කෘතික සුඛනම්‍යතාවක් පැවතිය යුතුය. නිදර්ශනයක් මෙසේය: සිංහල ජනවාර්ගික කණ්ඩායම තුළ පවා සංස්කෘතික විවිධතාවක් ඇතැයි පිළිගන්නා අපි, ඒ විවිධතාව වටිනාකමක් සේ දකිමු. මේ තත්වය සෑම ජන කණ්ඩායමක ම පවතින බව අපි පිළිගනිමු.

සංස්කෘතික සුඛනම්‍යතාව මෙකල සෑම ප‍්‍රජාවක් තුළම පැතිරෙමින් පවත්නා ආගමික අන්තවාදයට මුහුණ දීමේදී අවශ්‍ය වන්නකි. අපගේ සංස්කෘතික ප‍්‍රතිපත්තිය මෙම කාරණය කෙරෙහිද අවධානය යොමු කර ඇත.  ́නෑම ප‍්‍රජාවකගේ ආගමික අනන්‍යතාව පිළිගත්තද ජීවිතයේ සෑම අඩවියක් වෙතම ආගමික අන්තවාදය පැතිරීම වැලැක්වීම සඳහා උචිත වන සංස්කෘතික වැඩ පිළිවෙළක් අවශ්‍ය වේ.

එමෙන්ම, එක් ජන පිරිසකගේ සංස්කෘතික ජයග‍්‍රහණවලට තවත් ජන පිරිස් දායක වී තිබිය හැකි බව නියම සංස්කෘතිකවත් මිනිසාගේ අවබෝධයෙහි කොටසක් විය යුතුය. නිදර්ශනයක් ලෙස, සිංහල ජනයාගේ සංස්කෘතික ජයග‍්‍රහණවලට සිංහල නොවන මනුෂ්‍යයන් දායක වී ඇත්තේ කෙසේද? දෙමළ ජනයාගේ සංස්කෘතික ජයග‍්‍රහණවලට සිංහල ජනයා දායක වී ඇත්තේ කෙසේද? යනාදී වශයෙන් මනුෂ්‍ය සංස්කෘතිය නි3⁄4මාණය කිරීමේ කතාව වඩා සාකල්‍යවාදී ලෙස අවබෝධ කරගැනීමට අපි තැත් කරමු.

එසේම, ඒ ඒ සංස්කෘතියෙහි ඇති වටිනා ඥාන පද්ධති, ජීවන දෘෂ්ටි අභාවයට යා නොදී ඒවා ඇසුරෙන් අපගේ වර්තමාන ඥානය පෝෂණය කරගත හැකිද යන්න පරීක්ෂා කිරීම අවශ්‍ය බව අපි පිළිගනිමු. ස්වභාව ධර්මය සහ මනුෂ්‍ය ලෝකය පිළිබඳ නූතන මිනිසාට අමතකව ගිය ඥාන පද්ධති අපගේ ඉපැරණි සංස්කෘති තුළ නිධන්ගතව තිබිය හැකි බව අපගේ විශ්වාසයයි. විශේෂයෙන්, පරිසරය සහ මිනිසා අතර තිබිය යුතු සුසංවාදී සම්බන්ධය ගැන එවන් ඉපැරණි ඥාන පද්ධති අපගේ උරුමයක් විය යුතු බව අපි සිතමු.

සංස්කෘතිය නම් අඩවිය තුළ සංස්කෘතියෙහි නාමයෙන්ම විවිධ හිංසන, වෙනස් කොට සැලකීම් සහ කොන් කිරීම් වැනි අගතීන් පවතින බව අපි දනිමු. එවන් අගතීන් සංස්කෘතියෙහි නාමයෙන්ම ඉවසීම සංස්කෘතිකවත් සමාජයක ලක්ෂණය නොවේ. එහෙයින් නිරන්තර සංස්කෘතික විචාරය අවශ්‍ය වේ. කලාව සහ අධ්‍යාපනය ඒ සංස්කෘතික විචාරයෙහි කොටසකි.

මෙහිදී ස්ත‍්‍රීන් වෙත සංස්කෘතිය නාමයෙන් යම් යම් හිංසන එල්ල වන්නේද යන්න විශේෂ අවධානයට ලක් විය යුතුය. සංස්කෘතිය නාමයෙන් ස්ත‍්‍රිය වෙත එල්ල වන හිංසන වැළැක්වීම පිළිබඳ ලෝක පරිමාණ කතිකාවක් තිබේ. ලෝක ජනගහනය තුළ සිදු වන පළමු බෙදීම වන ස්ත‍්‍රී-පුරුෂ බෙදීමෙහිදී ඉන් කොටසක් තමන්ගේ ලිංගික අනන්‍යතාව නිසාම හිංසනයට ලක්වන්නේද යන්න ගැන නිරන්තර සුපරික්ෂාවෙන් පසුවීම සංස්කෘතිකවත් සමාජයක ලක්ෂණයකි. අනෙකුත් ලිංගික අනන්‍යතා සහිත මනුෂ්‍යයන්ට හෙවත් ලිංගික සුළුතර මනුෂ්‍යයන්ටද සම්පූර්ණ මනුෂ්‍යයන් සේ අභිමානයෙන් සැලකීම අපගේ සංස්කෘතික ප‍්‍රතිපත්තියෙහි කොටසකි. එවන් තේමා සහිත කලා කෘතිවලින් මනුෂ්‍ය විඥානයෙහි වර්ධනයට දායක විය හැකි බව අපි විශ්වාස කරමු.

සංස්කෘතිය යන්නෙන් හුදෙක් ආගමික චාරිත‍්‍ර විධි සහ ආගමික ඇදහිලි පමණක් අදහස් කිරීම සංස්කෘතිය යන්න ඉතා පටු අර්ථයකින් භාවිත කිරීමක් බව අපි විශ්වාස කරමු. සංස්කෘතිය යන්නෙහි ඇති ගැඹුරු ලෞකික අර්ථය හොඳින් දන්නා අපි විවිධ ලෞකික සංස්කෘතික අංග, සංස්කෘතික අවස්ථා, සංස්කෘතික ඇවතුම් පැවතුම් යනාදියෙහි පැවැත්මේ අයිතිය පිළිගනිමු.

එසේම එක් සමාජ පන්තියක, කණ්ඩායමක හෝ ප‍්‍රදේශයක සංස්කෘතිය යැයි ගැනෙන දේ අනෙකුත් සංස්කෘතිවලට සාපේක්ෂව ආධිපත්‍යයට පත්වීම වැළැක්වීමත්, සියලු පසුබිම්වලට අයත් ජනපිරිස් සතුව අර්ථවත් සංස්කෘතික පැවතුම් ඇති බව තහවුරු කිරීමත් අපගේ අපේක්ෂාවය. සංස්කෘතික කාරණා සම්බන්ධයෙන් එක් පිරිසක් අධිමානයෙන් යුක්ත වීමත්, තව පිරිසක් හීනමානයෙන් යුක්තවීමත් අර්ථවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක නොපැවතිය යුතු යැයි අපි විශ්වාස කරමු.

කලාව වැනි ඇතැම් සංස්කෘතික ප‍්‍රකාශන කලාත්මක විශිෂ්ටත්වය සහ සෞන්දර්යමය ගුණය අතින් තවත් සමහර කලා කෘතිවලට වඩා උසස් විය හැකි බව වටහා ගන්නා සෞන්දර්ය විනිශ්චය අධ්‍යාපනයෙහි කොටසක් විය යුතු බව අප විශ්වාස කළද ඇතැම් සංස්කෘතික ප‍්‍රකාශන පමණක් ‘ප‍්‍රබුද්ධ’ හෝ ‘විශිෂ්ට’ යැයි සලකා අධිනිශ්චය කිරීමත් ඇතැම් කලාත්මක ප‍්‍රකාශන ‘අප‍්‍රබුද්ධ’ යැයි සලකා අවතක්සේරු කිරීමත් අපගේ ප‍්‍රවේශය නොවේ. සියලු සංස්කෘතික ප‍්‍රකාශනවල සාපේක්ෂ අගය අවබෝධ කරගන්නා සුඛනම්‍ය විඥානය දියුණු මිනිස් සමාජයක පැවතිය යුතු යැයි අපි දකිමු. එහෙයින්, ‘විදග්ධ සංස්කෘතිය’ යැයි සලකා යම් සංස්කෘති උත්කර්ෂණය කිරීමත් ‘ජනප‍්‍රිය සංස්කෘතිය’ යැයි සලකා යම් සංස්කෘති අවමානයට ලක් කිරීමත් අපගේ ප‍්‍රතිපත්තිය නොවේ.

ජනප‍්‍රිය සංස්කෘතිය යනුවෙන් හැඳින්වෙන අඩවිය තුළ ප‍්‍රකාශයට පත්වන මනුෂ්‍ය නිර්මාණ ශක්තියට ගරු කරන අපි ඇතැම් නිර්-ප‍්‍රභූ කලා ප‍්‍රකාශන ජනප‍්‍රිය සංස්කෘතිය තුළ පවතින බවත්, ඒ නිර්-ප‍්‍රභූ ජනපිරිස්වල නිර්මාණ ශක්තිය සහ නිර්මාණ ශ‍්‍රමය වෙත නිසි ඇගයීම ලැබිය යුතු යැයි අපි සිතමු. එසේම, ‘ජනප‍්‍රිය සංස්කෘතිය’ සහ ‘වාණිජ සංස්කෘතිය’ යන දෙක අතර ඇති වෙනස පැහැදිලි කරගත යුතු යැයි විශ්වාස කරමු. ජනප‍්‍රිය සංස්කෘතිය යන්න යම් ජන පිරිසකගේ ජීවිතය සමග යම් ඓන්ද්‍රීය සම්බන්ධයක් ඇත්තක් බව ද, වාණිජ සංස්කෘතිය යන්න ලාභ ඉපයීම පිණිස බැහැරින් කරන ආගන්තුක උත්තරාරෝපණයක් බවද අපි සලකමු. එහෙයින්ම, සංස්කෘතිය නම් අඩවිය වෙත සිදු වන වාණිජ ආක‍්‍රමණය සම්බන්ධයෙන් විචාරාත්මක විය යුතුය යන්න අපගේ ප‍්‍රතිපත්තිය වේ.

සංස්කෘතිය යනු වෙළඳපොළ විසින් ආක‍්‍රමණය කරන ලද ක්ෂේත‍්‍රයකි. එහෙයින් ලාභ ඉපයීම පිණිස පවතින සංස්කෘතික නිෂ්පාදන විශිෂ්ට සංස්කෘතික නිෂ්පාදනවලින් වෙන් කොට හඳුනා ගත හැකි සංස්කෘතික සාක්ෂරතාව වර්ධනය කිරීම අපගේ ප‍්‍රතිපත්තියෙහි කොටසකි.

එසේම වර්තමාන ජනමාධ්‍ය මගින් ඉතා සියුම් ලෙසද, ආක‍්‍රමණශීලී ලෙසද සුඛපරමවාදය සහ පුද්ගලවාදය කේන්ද්‍රකරගත් පරිභෝජනවාදයක් පතුරුවා පවත්වාගෙන යයි. සාමූහිකත්වයේ සංස්කෘතියක් වෙනුවට දෘඩතර පුද්ගලවාදයක් පැතිර පවතී. එහෙයින් ශිෂ්ට මනුෂ්‍ය හර පද්ධති වටා සාමූහිකත්වයේ සංස්කෘතියක් යළි ගොඩනැගීමට සංස්කෘතිය නම් අඩවිය භාවිත කළ යුතුය යන්න අපගේ ප‍්‍රතිපත්තියයි.

බිම් මට්ටමේ මනුෂ්‍ය සම්බන්ධතා අද පවතින්නේ ශ‍්‍රම සම්බන්ධතා, ආර්ථික සම්බන්ධතා හෝ පක්ෂ දේශපාලන සම්බන්ධතා ලෙස පමණක් නම් අප මනුෂ්‍යයන් අතර එවැනි උපකරණීය සම්බන්ධතාවලට ශිෂ්ටත්වය එක් කොට ඒවා මනුෂ්‍ය-මනුෂ්‍ය සම්බන්ධතා බවට ඔසවන්නේ කෙසේද? ඒ සම්බන්ධතාවලට ආචාරධාර්මික සහ ප‍්‍රතිපත්තිමය පදනමක් ගොඩනගන්නේ කෙසේද? මෙයද ජාතික කලා-සංස්කෘතික ප‍්‍රතිපත්තියක අංගයක් වීම අවශ්‍ය වේ.

එසේම සංස්කෘතික ධනය හෙවත් සංස්කෘතික නිෂ්පාදිතය සාපේක්ෂ සාධාරණත්වයකින් බෙදී යා යුතු යැයි අපි විශ්වාස කරමු. විවිධ භාෂා, දැනුම් පද්ධති, කලාත්මක උරුමය ආදී දේ සමාජයක වසන සෑම දෙනාටම ළ`ගා විය හැකි මට්ටමකින් පැවතිය යුතුය. එනම්, ලංකාවේ  ́නෑම ගමක, නගරයක හෝ ප‍්‍රදේශයක වසන දරුවෙකුට යම් ජාත්‍යන්තර භාෂාවක් ඉගෙනීමට අවශ්‍ය නම් ඒ අවස්ථාව පැවතිය යුතුය. යම් සංගීත සම්ප‍්‍රදායක් හෝ නර්තන සම්ප‍්‍රදායක් ඉගෙනීමට අවශ්‍ය නම් ඒ සඳහා අවස්ථාව තිබිය යුතුය. එවන් අවස්ථා නිර්මාණය කිරීම පිළිබඳ වැඩපිළිවෙළ අපේ ප‍්‍රතිපත්තියෙහි අඩංගු වේ.

සංස්කෘතික සංවර්ධනය උදෙසා රාජ්‍යයට සුවිශාල වැඩකොටසක් පැවරෙන නමුදු සංස්කෘතිය නම් අඩවිය රාජ්‍යයෙන් සාපේක්ෂ වශයෙන් නිදහස් වීම අවශ්‍ය යැයි අපි සිතමු. එනම්, සංස්කෘතිය යනු රාජ්‍යයෙහි දේශපාලන හෝ දෘෂ්ටිවාදී ආධිපත්‍යයට යටත් වූවක් නොවේ. සංස්කෘතික ක්ෂේත‍්‍රයෙහි මනුෂ්‍ය නිර්මාණක ශක්තිය ඵලදායක ලෙස ප‍්‍රකාශ වන්නට නම් එය රාජ්‍යයෙන් නිදහස් වූ අඩවියක් විය යුතුය. කලාවෙහි වර්ධනය උදෙසාද එම නිදහස අත්‍යවශ්‍ය බව සලකන අපි ඒ නිදහස අපගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයෙහි දැඩි වගකීමෙන් යුතුව ලියා තබමු.

අවසාන වශයෙන්, සාරවත් මනුෂ්‍ය ජීවිතය පිණිස අර්ථවත් සංස්කෘතික ජීවිතයක්ද තිබිය යුතු යැයි විශ්වාස කරන අපි මනුෂ්‍යයන්ගේ භාවමය, බුද්ධිමය සහ රස වින්දනමය ධාරිතාව වර්ධනය කිරීමෙහි වැදගත්කම අවධාරණය කරමු. මනුෂ්‍යයන් තම තම වෘත්තීන්වල ශ‍්‍රමය වගුරමින් කරන ආර්ථික කාර්ය වෙත නිසි වටිනාකම දෙන අප නිසි අයුරින් සංවර්ධනය වූ රටක මනුෂ්‍යයාට අර්ථවත් විවේකයක්ද තිබිය යුතු යැයි විශ්වාස කරමු. අප දකින හැටියට අර්ථවත් විවේකය සහ විශ‍්‍රාමය සැපයීමෙහිලා සංස්කෘතිය නම් අඩවියට, ඉනුත් කලාව නම් අඩවියට කළ හැකි දේ බොහෝය.

අප මෙතෙක් දැක් වූ කරුණු සංස්කෘතිය සම්බන්ධයෙන් රටක ජාතික, සංස්කෘතික ප‍්‍රතිපත්තිය කෙසේ විය යුතුද යන්න පිළිබඳ යම් න්‍යායික සාකච්ඡුාවක් තිබිය යුතුය. ඒ සාකච්ඡුාව නිරන්තරයෙන් අ ̈ත්වීම අවශ්‍ය වේ. එහිදී අප රට සංස්කෘතික ඉතිහාසය ගැන සේම පොදුවේ මනුෂ්‍ය සමාජය අත්පත් කරගෙන ඇති සංස්කෘතික ජයග‍්‍රහණ ගැනද අවධානය තිබීම අවශ්‍ය වේ.

රටෙහි මූලික නීති පද්ධතියට ගරු කිරීම, ඒවා විචාරාත්මකව පරීක්ෂා කොට සංශෝධනය, ව්‍යවස්ථාමය සදාචාරය යනාදියෙන් සැදි ප‍්‍රතිපත්ති ගරුකභාවය සංස්කෘතික මිනිසාගේ ලක්ෂණයක් බව දන්නා අපි ඒ සංස්කෘතික විඥානය වර්ධනය කරන්නට ප‍්‍රයත්න දරමු.

සුන්දරත්වය නිර්මාණය කිරීම, සුන්දරත්වය අගය කිරීම, අර්ථ ගැන්වීම සංස්කෘතියෙහිත්, සංස්කෘතියෙහි කොටසක් ලෙස කලාවෙහිත් කාර්යක් වන අතර සුන්දරත්වය මනුෂ්‍ය ශිෂ්ටාචාරයෙහි අනිවාර්ය අංගයක් ලෙස පවත්වාගෙන යාම සංස්කෘතිකවත්භාවයෙහිම කොටසකි.

එසේම, සමාජයක යුක්තිය, සාධාරණය, මූලික ප‍්‍රජාතන්ත‍්‍රවාදී හර පද්ධති, මනුෂ්‍ය ගෞරවය සහ අභිමානය සහිතව ජීවත්වීමේ අයිතිය ආදිය පිළිගන්නා පුරවැසියෙකු බවට වර්ධනය වීම සංස්කෘතිකවත්භාවයෙහි කොටසක් වන අතර එවන් පුරවැසි ජීවිතයකට තුඩු දෙන සමාජයක් සැකසීමද සංස්කෘතිකවත්භාවයෙහි කොටසක් වේ. එහෙයින්ම, සංස්කෘතිකවත් පුරවැසියෙකු නිර්මාණය කිරීම යනු දේශපාලන අරගලයක්ය යන කාරණය ගැන බෙහෙවින්ම සවිඥානක අපි ඒ වෙනුවෙන් කැපවෙමු; එසේ කැප වෙන මෙන් සිය ̈ දෙනාට ආරාධනා කරමු.

 

සංස්කෘතියෙහි එක් ප‍්‍රධාන අංගයක් ලෙස කලාව

‘සංස්කෘතිය’ යන්නෙන් කලාව පමණක් අදහස් නොවුණත් අපගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයෙන් පරිකල්පනය කරනු ලබන නව සංස්කෘතික මිනිසා ගොඩනැගීමේදී කලාව තීරණාත්මක අඩවියක් වන හෙයින් සියලු කලා ක්ෂේත‍්‍ර අළලා සවිස්තර වැඩපිළිවෙළක් සකස් කෙරිණ. පහතින් එන්නේ, ඒ සවිස්තර වැඩපිළිවෙළෙහි සංක්ෂිප්තයකි.

පොදුවේ කලා-සංස්කෘතික ක්ෂේත‍්‍රවල සිදු කරන ක‍්‍රියාකාරකම්

x අධ්‍යාපන ක්ෂේත‍්‍රය යනු සංස්කෘතික පුරවැසියා ගොඩගැනීමේ පදනම දැමීමේ මූලික අවස්ථාව සේ දකින අපි පාසල්, ගුරු විද්‍යාල සහ විශ්වවිද්‍යාල ඇසුරු කරගෙන සංස්කෘතිකවත්භාවය වර්ධනය කිරීමෙහිලා වැඩසටහන් මාලාවක් දියත් කරන්නටද ඒවා සක‍්‍රීයව පවත්වා ගැනීමටද කැපවීම

x ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ජාලා භාවිත කර පොත පත කියවීම, කලා රසවින්දනය පිළිබඳ මහජන අවකාශයෙහි කතිකාව තීව‍්‍ර කරමින් විසි එක් වෙනි සියවසෙහි සංස්කෘතිකවත් පුරවැසියා නිර්මාණය කිරීමට කැපවීම

x සංස්කෘතික යෞවනයා වෙත සමීප වන උපක‍්‍රම පරිකල්පනය කිරීම සහ පාසල් පද්ධතිය සමග කළ හැකි ක‍්‍රියාකාරකම් සැලසුම් කරමින් ක්ෂණික පරිභෝජනීය ප‍්‍රීතිය ජීවන පරමාදර්ශය බවට පත් කරගනිමින් සිටින බව පෙනෙන යෞවන ජනයා වෙතද සමීප වී නව සංස්කෘතික පුරවැසියා ගොඩනැගීමට ප‍්‍රයත්න දැරීම

x නිල අධ්‍යාපන පද්ධතිය තුළ කලා-සංස්කෘතික විෂයයන් ඉගැන්වීම ආකර්ෂණීය වූ ද, බුද්ධි ප‍්‍රබෝධයට තුඩු දෙන්නා වූ ද ආකාරයට ඉගැන්වීම පිළිබඳ ක‍්‍රමවත් පුහුණුවක් ගුරුවරුන්ට ලබා දීම උදෙසා වැඩමුළු සහ සම්මන්ත‍්‍රණ මාලා නිරන්තරයෙන් සජීවීව පවත්වාගෙන යාමට ආයතන ආරම්භ කිරීම

x සංස්කෘතික මනුෂ්‍යයා බිහි කිරීමේ විභවතාව ඇති භාෂා-සාහිත්‍ය ගුරුවරුන්ගේ අවබෝධය, දැනුම සහ පුහුණුව වර්ධනය කිරීම වෙනුවෙන් ක‍්‍රියාකාරකම් සංවිධානය කිරීම

x සංස්කෘතිය යන්න ආගමට පමණක් සීමා නොවන බවත්, එය ලෞකික අඩවියක් බවත් පෙන්වා දෙන අධ්‍යාපන ප‍්‍රතිපත්තියක් පෙර පාසල්වල සිටම ඇති කිරීමට අවශ්‍ය විෂය නිර්දේශ ප‍්‍රසාරණය කිරීම

x සෞන්දර්ය විෂය ආශ‍්‍රිත අවිධිමත් අධ්‍යාපන අවස්ථා සෑම නගරයකම ඇති කිරීම මගින් පාසල් ගුරුවරුන් වැනි අයට අමතර දැනුම් අවස්ථා බිහි කිරීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීම

x කලා-සංස්කෘතික ක්ෂේත‍්‍රයෙහි රාජ්‍ය ආයතන ගන්නා තීරණ, ඒ ආයතනවල ප‍්‍රතිපත්තිමය එළඹුම් ගැටලුකාරී වන අවස්ථාවල වහාම විකල්ප අදහස් ඉදිරිපත් කොට ඒ ආශ‍්‍රිත කතිකාව ඇති කිරීම

x විවිධ පළාත්වල ඉදිරිපත් කළ හැකි කලා-සංස්කෘතික වැඩසටහනක් වහාම ගොඩනගා එය ගමින් ගම ගෙන යෑමට යාන්ත‍්‍රණයක් ඇති කිරීම

x සෑම ප‍්‍රධාන නගරයකම කලා-සංස්කෘතික කටයුතු පිණිස ආයතන පිහිටි කලාපයක් ගොඩනගා එම කලාපය වෙත පුරවැසියන් නිරන්තරයෙන් ආකර්ෂණය කර ගන්නා වැඩසටහන් දියත් කිරීම

x භාෂා දැනුම සංස්කෘතික මිනිසා ගොඩනැගීමේදීත්, කලා රසිකත්වය ගොඩනැංවීමේදීත් අත්‍යවශ්‍ය වන්නකි. සෑම නගරයකම ජාතික භාෂා සහ ජාත්‍යන්තර භාෂා ඉගෙනීමේ අවස්ථා ඇති කිරීම අවශ්‍ය බව අපට ඒත්තු ගොස් තිබේ. ‘‘රාත‍්‍රී භාෂා පාසල්’’ පද්ධතියක් ඇති කිරීමෙන් වැඩිහිටි ප‍්‍රජාවටද භාෂා ඉගෙනීමේ අවස්ථා ඇති කිරීම

x ශක්තිමත් බුද්ධිමය දේපළ පනතක් ඇති කොට කලාකරුවාගේ නිර්මාණ අයිතිය තහවුරු කිරීම.

x සියලු කලා ක්ෂේත‍්‍ර අළලා ජාතික විද්වත් සම්මාන උත්සවයක් සංවිධානය කරමින් සියලු කලා වෙත ආකර්ෂණය දිනා දීම.

x සියලු ලලිත කලාවලට අවශ්‍ය උපකරණ ආදිය වෙත පනවන බදු අවම කරමින් රාජ්‍යයේ ආධාර ඒ කලාවන් වෙත ලබාදීම.

x සියලු කලා ක්ෂේත‍්‍රවල ප‍්‍රවීණයන් සහ විශ‍්‍රාමිකයන්ගේ සුබසාධනය පිණිස ස්ථිරසාර වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කිරීම.

ඒ ඒ කලා ක්ෂේත‍්‍රවල වර්ධනයට ගන්නා පියවර

සාහිත්‍ය ක්ෂේත‍්‍රය

x සාහිත්‍යයෙහි වර්ධනයට අවශ්‍ය ද්‍රව්‍යමය පහසුකම් සපයාදීම – කඩදාසි සහ අනෙකුත් මුද්‍රණ අමුද්‍රව්‍ය සාහිත්‍ය ග‍්‍රන්ථ නිෂ්පාදනයෙහිදී බදුවලින් නිදහස් කිරීම

x වාර්ෂිකව පළ වන සාහිත්‍ය කෘතිවලින් කලාත්මක වශයෙන් උසස් කෘති මිල දී ගෙන පාසල් පුස්තකාල සහ මහජන පුස්තකාල වෙත බෙදා හැරීම

x සෑම නගරයකම හෝ උපනගරයකම පාහේ දියුණු පුස්තකාල ඇති කොට සක‍්‍රීය පාඨක සමාජ පිහිටුවීම

x සෑම නගරයකම වාර්ෂික හෝ අර්ධ වාර්ෂික සාහිත්‍ය දින සංවිධානය කොට ඒ අවට සාහිත්‍ය කලා රසිකයන්ගේ සාහිත්‍ය කලා රසිකත්වය වර්ධනය කිරීම

x දරුවන් ඉලක්ක කරගත් සාහිත්‍ය රුචි අභිවර්ධන වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීම

x සාහිත්‍ය විචාරය සහ රස වින්දනය සඳහාම වෙන් වූ සඟරා සංස්කෘතියක් යළි ඇති කිරීම

x පාසල් ගුරුවරුන් සහ ශිෂ්‍යයන් ඉලක්ක කරගත් සාහිත්‍ය රසවින්දන වැඩසටහන් සංවිධානය මගින් අලුත් රසික පිරිසක් ගොඩනැගීම

x ළමා මනස සත්‍ය හඳුනාගන්නට විවෘත කරන්නා වූද මිථ්‍යාවේ ග‍්‍රහණයට හසු නොවන්නට තුඩු දෙන්නා වූද විශ්ව සාහිත්‍ය කෘති තෝරා සිංහල සහ දෙමළ භාෂාවලට පරිවර්තනය කිරීම.

x සාහිත්‍ය ගුරුකුලවල සහ මතවාදවලට ඵලදායක ලෙස ගැටෙන්නට අවශ්‍ය අවකාශය නිර්මාණය කිරීම.

x ලෝක පරිමාණ පළ වෙන විශිෂ්ට සාහිත්‍ය කෘති සිංහල සහ දෙමළ භාෂාවලට නැගීමේ වැඩසටහන් ඇති කිරීම සහ එවන් පරිවර්තනවල යෙදෙන අයට දිරි දීම.

x දිස්ත‍්‍රික් සහ ජාතික ලේඛක නාමාවලියක් විධිමත්ව පවත්වා ගනිමින් ඔවුන්ගේ සහභාගිත්වය ඇති සාහිත්‍ය කලා සංවාද ආදිය ඇති කිරීම.

නාට්‍ය ක්ෂේත‍්‍රය

x නාට්‍ය නිෂ්පාදනය සහ ප‍්‍රදර්ශනය සඳහා මූල්‍යාධාර ලබාදීම

x සෑම ප‍්‍රධාන නගරයකම පූර්ණ පහසුකම් සහිත නාට්‍ය රංගශාලා ඇති කිරීම සහ පවතින රංග ශාලාවලට යන වියදම ආවරණය කරගැනීමට සහන සැපයීම. ආරම්භයක් වශයෙන් දිස්ත‍්‍රික් රංගශාලා පද්ධතියක් ඇති කිරීම

x නාට්‍ය පුහුණුවීමේ අවස්ථා පහසු මිලකට ලබා ගත හැකි ආකාරයෙන් ප‍්‍රධාන නගරවල හෝ වැඩි වශයෙන් නාට්‍ය නිෂ්පාදනය වන කොළඹ ඇති කිරීම

x මෑත කාලීන ලෝක නාට්‍ය පරිවර්තනය සහ නිෂ්පාදනයට දිරි දීම

x නාට්‍ය කලා රසිකත්වය වර්ධනය කිරීමේ වැඩසටහන් සෑම නගරයකම ඇති කිරීම

x නාට්‍ය නිෂ්පාදනය සහ ප‍්‍රදර්ශනය ආශ‍්‍රිත බදු අඩු කිරීම

x සමකාලීන නාට්‍ය කලාව පිළිබඳ ජාතික පර්යේෂණ හා පුහුණු ආයතනයක් ස්ථාපිත කිරීම

x ශ‍්‍රී ලංකාව පුරා විසිර ඇති සංස්කෘතික මධ්‍යස්ථාන ජාලය ප‍්‍රතිව්‍යුහගත කිරීම

x ජාත්‍යන්තර සංස්කෘතික සම්බන්ධතා වැඩි දියුණු කිරීම විදේශ සංචාර හා පුහුණුවීම් සඳහා වැඩි අවස්ථා නිර්මාණය කිරීම

 

සිනමා සහ ටෙලි නාට්‍ය ක්ෂේත‍්‍රය

x සෑම සිනමා කෘතියක්ම බෙදා හැරීමේදී සාධාරණ අනුපිළිවෙළ අනුගමනය කිරීම හා සංවිධිත ලෙස ප‍්‍රමුඛතාකරණය කිරීම

x සියලුම ආකාරවල වාරණ ප‍්‍රතිපත්ති ඉවත් කරමින් සිනමා කෘති වර්ගීකරණ මණ්ඩලයක් මඟින් ප‍්‍රමිතිගත කිරීම

x සිනමා ශාලා තාක්ෂණය සහ සුවපහසුව අතින් වැඩි දියුණු කිරීමට ප‍්‍රතිපාදන සැලසීම සහ සංවර්ධනය

x වාර්ෂික අන්තර්ජාතික සිනමා උළෙලක් පැවැත්වීම

x විශිෂ්ට සිනමා කෘති ප‍්‍රදර්ශනය කිරීමේ මධ්‍යස්ථාන ග‍්‍රාමීය මට්ටමෙන් ඇති කොට ඒ ඇසුරින් නිරන්තර සිනමා-කලා සංවාද ඇති කිරීම

x ආධුනික සිනමාකරුවන් වෙනුවෙන් ජාතික සිනමා අධ්‍යයන ආයතනයක් ස්ථාපිත කිරීම සහ ජාතික සිනමා සංරක්ෂණාගාරයක් පිහිටුවීම

x ටෙලි නාට්‍ය ක්ෂේත‍්‍රය ප‍්‍රමිතිගත කිරීමට ආයතන ඇති කිරීම- ඒ සඳහා කලාකරුවන් පිරිසක් විසින් දැනටමත් සකසනු ලැබ ඇති ටෙලි නාට්‍ය ප‍්‍රමිතිකරණ හා සංවර්ධන ආයතනය පිළිබඳ පනත බලගැන්වීමට අවශ්‍ය කටයුතු කිරීම

නර්තන ක්ෂේත‍්‍රය

x සාම්ප‍්‍රදායික නර්තනය සුරැකීම හා ප‍්‍රවර්ධනය මූලික කරගත් ආයතනයක් ස්ථාපිත කිරීම

x ලංකේය ජන නර්තන පර්යේෂණ ප‍්‍රවර්ධනය කිරීම

x වාර්ගික අනන්‍යතාවක් සහිත නර්තන සම්ප‍්‍රදායන් ප‍්‍රවර්ධනය කිරීම

x රජයේ ලියාපදිංචි නර්තන කලායතන ජාලය ගොඩනැගීම සඳහා විශේෂ මෙහෙයුම් කාර්යාලයක් පළාත් මට්ටමින් ස්ථාපිත කිරීම හා වාර්ෂික ආධාර ලබා දීම

x අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ අවස්ථාවලදී නර්තන අධ්‍යාපන සම්බන්ධ ආයතන හා ප‍්‍රවීණයන් සම්බන්ධ කරගැනීමේ යාන්ත‍්‍රණයක් නිර්මාණය කිරීම.

x නව නර්තන ප‍්‍රවණතා පිළිබඳව අධ්‍යයන හා සංරක්ෂණ ඒකකයක් පිහිටුවීම

x නර්තනය පිළිබඳ ජාත්‍යන්තර අධ්‍යයන අවකාශ සලසා දීම

x නර්තන විෂය පිළිබඳ ත්‍රෛභාෂා ශාස්ත‍්‍රීය ග‍්‍රන්ථ මුද්‍රණයට දිරි දීම

දෘශ්‍ය, මූර්ති සහ ඡුායාරූප කලා ක්ෂේත‍්‍රය

x චිත‍්‍ර සහ දෘශ්‍ය කලාවේ නූතන ප‍්‍රවණතා අධ්‍යයනය කිරීම සඳහා ආයතනයක් ස්ථාපිත කිරීම

x විවිධ ක්ෂේත‍්‍ර තුළ ප‍්‍රචළිත දෘශ්‍ය කලා ක්ෂේත‍්‍ර හඳුනා ගැනීම හා ප‍්‍රවර්ධනය

x පළාත්බද කලාගාර ස්ථාපිත කිරීම හා නිර්මාණ ප‍්‍රදර්ශනය සඳහා සහන මිලකට කලාගාර ලබා දීම

x ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ හා ප‍්‍රදර්ශන සඳහා නිර්මාණකරුවන් යොමු කොට ආධාර සැපයීම

x වාර්ෂිකව නිර්මාණකරුවන් සඳහා ‘ජාතික විද්වත් ඇගයීම් මණ්ඩල සම්මානය’ පිරිනැමීම

x පළාත් කේන්ද්‍රීය පුහුණු ආයතන ස්ථාපිත කිරීම

x දෘශ්‍ය කලා නිර්මාණ අලෙවිය සඳහා ජාතික හා ජාත්‍යන්තර නිර්මාණ වෙළඳපොළ වර්ධනය.

x සංස්කෘතික මධ්‍යස්ථාන ජාලය විධිමත්ව ක‍්‍රියාත්මක කිරීම

x සමකාලීන නිර්මාණකරුවන්ගේ පර්යේෂණ සඳහා නූතන කලාගාරයක් නිර්මාණය කිරීම

සංගීත සහ ගීත නිර්මාණ ක්ෂේත‍්‍රය

x සංගීත සම්ප‍්‍රදායන් සුරැකීම හා ප‍්‍රවර්ධනය සඳහා ජාතික ගුවන් විදුලි සංස්ථාව මූලික වූ ආයතනයක් ස්ථාපිත කිරීම

x ලාංකේය ජනසංගීත පර්යේෂණ ප‍්‍රවර්ධනය කිරීම සහ සංරක්ෂණය කිරීම

x රජයේ ලියාපදිංචි කලායතන ජාලය ගොඩනැගීම සඳහා විශේෂ මෙහෙයුම් කාර්යාලයක් ස්ථාපිත කිරීම

 

 

x අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ අවස්ථාවලදී සංගීත අධ්‍යාපන සම්බන්ධ ආයතන හා ප‍්‍රවීණයන් සම්බන්ධ කරගැනීමේ යාන්ත‍්‍රණයක් ඇති කිරීම

x නව සංගීත ප‍්‍රවණතා පිළිබඳව අධ්‍යයන හා සංරක්ෂණ ඒකකයක් පිහිටුවීම

x ගීත හා සංගීතය පිළිබඳ බුද්ධිමය දේපල නීතිරීති සංවර්ධනය කිරීම

x ජාත්‍යන්තර අධ්‍යයන සඳහා අවකාශය සලසා දීම

x රාජ්‍ය සංගීත කණ්ඩායම සංගීත ක්ෂේත‍්‍රයේ නව පර්යේෂණාත්මක නිර්මාණ සඳහා යොමු කිරීම

x දෛනිකව පටිගත කෙරෙන සෑම ගීත සහ සංගීත නිර්මාණයකම මුල් පිටපත සංරක්ෂණය කෙරෙන පරිගණක තොරතුරු ඒකකයක් රාජ්‍ය කේන්ද්‍රීයව පවත්වාගෙන යාම

රූපවාහිනිය, ගුවන්විදුලිය, පුවත්පත්, සමාජ මාධ්‍ය ඇතුළු ජනමාධ්‍ය ක්ෂේත‍්‍රය

x රාජ්‍ය කේන්ද්‍රීය ප‍්‍රධාන ජනමාධ්‍ය ජාලයක් පවත්වා ගැනීම සහ විධිමත් හා නෛතික භාවයෙන් යුක්ත පෞද්ගලික ව්‍යවසායකත්වයට ද අවකාශ සැලසීම

x සිය ̈ම ජනමාධ්‍ය සිය ප‍්‍රකාශනයේදී සම්මත හා ව්‍යක්ත භාෂාව භාවිතා කිරීම

x කිසියම් ජනවර්ගයකට, පුද්ගලයකුට, ආගමික විශ්වාසයකට හෝ රුචියකට අපහාස වන දෑ ප‍්‍රචාරණය නොකර සිටීම හා සමස්ත මනුෂ්‍ය ගෞරවය සුරැුකෙන සේ මාධ්‍යකරණයෙහි නිරතවීම

x සියලුම ජනමාධ්‍ය රටෙහි සම්මත නීතියට අවනතවීම

x සමාජ මාධ්‍ය තුළ ප‍්‍රකාශනයේ නිදහස, නිර්මාණශීලීත්වය හා දියුණු පරිකල්පනය සහිත භාවිතයකට අවකාශ ඇති අතර ඒ සියලු අවස්ථා දැඩි වගවීම හා ස්වයං විනය මගින් සඵලදායක බවට පත් කිරීම

x ජනමාධ්‍යකරුවා කිසියම් දේශපාලන පක්ෂයක කාර්යභාරයක් ඉටුකරන දේශපාලනික භූමිකාවක් නොව සමබර හා සාධාරණ මාධ්‍ය භූමිකාවක් නියෝජනය කිරීම

x ලාභය, ජනප‍්‍රියතාව, ක්ෂණික තෘප්තිය හෝ විනෝදය පිණිස ජනමාධ්‍ය වෘත්තිය භාවිත නොකර සිටීම

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

03

සුරක්ෂිත දේශයක්

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ගාමක බලවේගයක්ලෙස ස්ත‍්‍රිය

ස්ත‍්‍රීන් යනු සමස්ත සමාජ දේහය පුරාම විහිදී පැතිරී පවතින ප‍්‍රධාන බලවේගයක් ලෙස අපි සලකමු. මේ මොහොතේ සමාජය තුළ ක‍්‍රියාත්මක වන අර්බුදය තේරුම් ගැනීමේදී සමාජමය, ආර්ථික-දේශපාලනික, හා සංස්කෘතිකමය වශයෙන් විහිදී පවතින විවිධ ගැටලු ගණනාවක් අපි හඳුනා ගනිමු. ඒවා විනිවිද යන අයුරින් අන්තර් සබඳතාවයන්ගෙන් මෙන්ම වෙනස්වීම්වලින් යුක්තව ද එනම් ස්වාධීනව මෙන්ම ස්වායක්තවද පවතියි. අප මේ දෙස ස්ත‍්‍රීවාදී දෘෂ්ටි කෝණයකින් බැලීමේදී පෙනී යන්නේ සමාජය තුළ ස්ත‍්‍රිය එම ප‍්‍රධාන සමාජ-ආර්ථික, සංස්කෘතික, සහ දේශපාලනික ක‍්‍රියාවලියෙන් ආන්තීකකරණය වී පැවතීම හේතු කොට ගෙන ඇය නිරතුරුවම අසාධාරණයට, අයුක්ති සහගතභාවයට සහ අසමාන තත්වයකට ඇද දමා නොසලකාහැර තිබෙන බවයි.

එහෙයින් ගැඹුරු අසමානතා සහිත මෙම සමාජ තත්වය ප‍්‍රතික්ෂේප කරමින් සියල්ලන්ටම නිදහස සහ සමානාත්මතාව තහවුරු වූ, හිංසනයෙන් හා පීඩාවන්ගෙන් තොරව ජීවත් විය හැකි සමාජයක් ඇති කිරීම සඳහා ස්ත‍්‍රී සහභාගිත්වය තහවුරු කිරීමට කටයුතු කළ යුතුය.

අරමුණු

x අවදානම් සහගත ආර්ථික කණ්ඩායම් හා අවිධිමත් ආර්ථික ක්ෂේත‍්‍රය මත පදනම් වූ ආර්ථිකයට තිරසාර විසඳුම් ලබාදීම

x ශ‍්‍රම බලකායට ස්ත‍්‍රීන්ගේ දායකත්වය ලබා ගැනීමට පවතින බාධා ඉවත් කිරීම සහ ප‍්‍රජනන කාර්යයන් හා සම්බන්ධ භූමිකා සමාජ වගකීමක් ලෙස සලකා ඒ අනුව එම අදාළ භූමිකා පවත්වාගෙන යාමට පහසුකම් සැලසීම

x රැුකියා සඳහා විදේශගතවීමේදී එම ශ‍්‍රමිකයන්ට අදාළ පුහුණුව විදේශගත වීමට පෙර ලබා දීම සහ රටට විදේශ විනිමය සපයා දෙන්නවුන් ලෙස ඔවුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට අවශ්‍ය රැකවරණය සහ පහසුකම් සැලසීමේ ක‍්‍රමවේද සකස් කිරීම

x සිය ශරීරය සහ දරුවන් වැදීම පිළිබඳ අයිතිය ස්ත‍්‍රිය සතු අයිතියක් ලෙස පිළිගෙන ඒ අනුව අදාළ නීති සංශෝධනය කිරීම

x විවාහ සහ දික්කසාද නීති පුද්ගල අයිතිවාසිකම් තහවුරු වන අයුරින් සංශෝධනය කිරීම

x නීති පද්ධතිය යොදාගෙන සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් කප්පාදු කිරීමට විරුද්ධ වීම

x දෑවැද්ද, කාන්තා සහ පිරිමි ලිංගේන්ද්‍ර අංග ෙඡ්දනය වැනි පාරම්පරික පරිචයන් නිසා පීඩාවට සහ හිංසනයට ලක් වීම නැවැත්වීම සඳහා නීති සකස් කිරීම

x ලිංගික අපයෝජන සම්බන්ධව පවතින පුනරුත්ථාපන හා ආරක්ෂණ සේවාවන්හි අඩු ලුහුඬුතා ඉවත් කර කාර්යක්ෂම ලෙස නීතිය ක‍්‍රියාත්මක කිරීම

x ලිංගික දිශානතිය සහ සමාජභාවී අනන්‍යතාව අපරාධකරණයට ලක් කරන නීති ප‍්‍රතිශෝධනය කිරීම සහ තෝරා ගත් රැකියාව කුමක් වුවත් එයට අවශ්‍ය සමාජ රැකවරණය සැලසීම

x අයාල ආඥා පනත අහෝසි කිරීම

x ස්ත‍්‍රී ගෘහමූලිකයන්ගේ ඉඩම් අයිතිය තහවුරු වන ලෙස නීති සංශෝධනය කිරීම

x ළමයෙකු යනු වයස අවුරුදු 18ට අඩු තැනැත්තකු ලෙස සලකමින් ඒ අනුව සියලු නීති සම්පාදනය කිරීම

x ස්ත‍්‍රීන්ගේ දේශපාලනික නියෝජනය, සහභාගීත්වය, හා භූමිකාව මූලප‍්‍රවාහයේ සාකච්ඡුාවට ලක් කිරීමට දේශපාලනික සහයෝගය ලබා දීම

x ස්ත‍්‍රීන් දේශපාලන පක්ෂ තුළ තීරණ ගැනීමේ භූමිකාවන්ට අවතීර්ණ කර ගැනීම සඳහා දේශපාලන පක්ෂ තුළ සක‍්‍රිය ක‍්‍රමවේද සකස් කිරීම

x ප‍්‍රචණ්ඩත්වය සහ හිංසනය ප‍්‍රමුඛ කර ගත් දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම තුළින් ස්ත‍්‍රිය දේශපාලනික ප‍්‍රවාහයට ඇද ගැනීමට සහාය වීම

x සියලු මැතිවරණවලදී කාන්තා අපේක්ෂකයන්ට 50%ක කෝටාවක් ක‍්‍රියාත්මක කිරීම

x රටේ ප‍්‍රධාන තීන්දු සහ තීරණ ගන්නා ආයතන තුළ කාන්තා නියෝජනය අනිවාර්ය කිරීම

x ආයතනගත හිංසන ව්‍යූහයන් ඇතුළුව සියලු ආකාරයේ හිංසනයන්ට විරුද්ධ වීම සහ ලිංගික හිංසනය, ගෘහස්ථ හිංසනය, නවක වධය, සේවා ස්ථානයේදී හා ප‍්‍රවාහනයේදී සිදුවන හිංසනයන්ට එරෙහිව නීති යාවත්කාලීන කිරීම

x අධ්‍යාපනය, ආගම්, ජනමාධ්‍ය යනාදී විවිධ ආයතන විසින් ප‍්‍රතිනිෂ්පානය කොට පවත්වාගෙන යනු ලබන ස්ත‍්‍රීපුරුෂභාවය පිළිබ`ද ඒකාකෘතීන්ගේ අගතිගාමී ස්වරූපයන්ට එරෙහි වීම සහ විකල්ප මතවාද ගොඩ නැංවීම සහ ස්ත‍්‍රීන් සහ පුරුෂයන් විසින් කරපින්නාගෙන යනු ලබන අගතිගාමී සහ ගතානුගතික විශ්වාස, ආකල්ප සහ මිථ්‍යා මතයන්හි වාහකයන් වැළැක්වීමට අවශ්‍ය මැදිහත් වීම් සිදු කිරීම

x උත්සන්න වෙමින් පවතින ආගමික සහ වාර්ගික ජාතිවාදයන් පරාජය කිරීම සඳහා විවිධ ජනවර්ග අතර අවබෝධය වර්ධනය වන වැඩපිළිවෙළක් සකස් කිරීම සහ එවැනි ප‍්‍රවණතාවයන්ට විරුද්ධ වන ස්ත‍්‍රීන් බලගැන්වීම

දේශයේ අනාගතය සහ ළමා පරපුර

ඕනෑම සමාජයක අනාගතය රඳාපවතින්නේ ළමා පරපුරෙහි ගුණාත්මක සංවර්ධනය මතයි. අධ්‍යාපන වැනි සමාජ සුරක්ෂිත ව්‍යූහයන් පිළිබඳ බලාපොරොත්තු බිඳවැටීම නිසා ළමා පරපුර සහ තාරුණ්‍යය තමන්ගේ අනාගතය සහ සමාජ ආයතන ගැන ඇති විශ්වාසය අහිමි කර ගනිමින් විනාශකාරී භාවිතයන්ට පෙළඹේ. සමාජ සුරක්ෂිතභාවය සහ ආධාරක පද්ධති කඩා වැටීම නිසා හිංසනයට සූරාකෑමට, ප‍්‍රචණ්ඩත්වයට සහ නොසලකා හැරීමට ලක් වෙති. වැඩිහිටි ලෝකයට පිවිසීමට අවශ්‍ය දැනුම ආකල්ප සහ ආත්ම විශ්වාසය නොලබති. මෙම තත්වය වළක්වා ගැනීම සඳහා අධ්‍යාපන, සෞඛ්‍ය ආර්ථික පද්ධති තුළ මෙන්ම ඔවුන්ගේ රැකවරණය සඳහා සාධනීය පොදු වෙනස්කම්ද ඇතිවිය යුතුය.

x ළමා සහ යෞවනයන් පිළිබඳ රාජ්‍ය ආයතන තුළ වගකීම සහ කාර්යභාරය වෙන් වෙන් වශයෙන් හඳුනාගෙන ප‍්‍රතිසංවිධානය කර ශක්තිමත් කිරීම

x හිංසනය, නොසලකා හැරීම, ප‍්‍රචණ්ඩත්වය සහ නීතිය සමග ගැටීමට හසුවන ළමුන් සහ යෞවනයන් පවුල සහ ප‍්‍රජාව තුළ රැක ගැනීමට හා පුනරුත්ථාපනය කිරීමට ප‍්‍රමුඛතාවය දෙමින් පවුල සහ ප‍්‍රජාව තුළ රැුක බලා ගැනීමේ ව්‍යූහයන් ශක්තිමත් කිරීමට පියවර ගැනීම

x අත්‍යවශ්‍ය හේතූන් මත පමණක් පවුල හෝ ප‍්‍රජාව තුළින් වෙන් කරන ළමුන් ආයතනගත කිරීමට සිදු වුවහොත් එම ආයතන තුළ තිබිය යුතු අවම ප‍්‍රමිතීන් හඳුනාගෙන නීතිගත කර එම ප‍්‍රමිතීන් පවත්වා ගෙන යාමට අවශ්‍ය සහය තහවුරු කරමින් එම ආයතන තුළ එම ප‍්‍රමිතීන් නිරන්තර අධීක්ෂණයට භාජනය කිරීම

x විවිධ හේතූන් මත නීතිය සමග ගැටෙන හෝ නීතිය ඉදිරියට එන ළමුන් සහ යෞවනයන් සඳහා නීතිමය රැකවරණය ලබා දීම

x වීදි දරුවන්ට අධ්‍යාපන හා සෞඛ්‍ය හා අනෙකුත් සේවාවන්වල සමාන ප‍්‍රවේශ අවස්ථාවන් ලබා දෙමින් ඔවුන් සමාජගත කිරීම සඳහා විශේෂ වැඩසටහන් සකස් කිරීම

x ළමුන්ට එරෙහි හිංසන කි‍්‍රයා පිළිබඳ යුක්තිය පසිඳලීමට විශේෂ මහාධිකරණ පද්ධතියක් ස්ථාපිත කිරීම

x මානව හිමිකම් කොමිසම තුළ ළමා මානව හිමිකම කොමසාරිස් ධුරයක් ඇති කිරීම

x ළමුන්ට අදාළ දැනට ඇති අණ පනත් වසර 04ක් තුළ සංශෝධනය කිරීම

x ළමුන්ට අදාළ මාධ්‍ය නියාමන පද්ධතියක් සැකසීම

ශ‍්‍රමයේ ගෞරවය

සමාජ සංවර්ධනයේ ගාමක බලය ශ‍්‍රමයයි. නමුත් වත්මන් අර්ථක‍්‍රමය තුළ ශ‍්‍රමිකයාට හිමිවිය යුතු සමාජීය ස්ථානය හා වැදගත්භාවය පිළිබඳ පවතින්නේ අවතක්සේරුවකි. මෙරට ප‍්‍රධාන පෙළේ කර්මාන්ත සියල්ලක්ම අතිශය ලාභ ශ‍්‍රමය මත පදනම් වෙයි. නමුත් බහුතරයක් වන ශ‍්‍රමික ජනයාට ඔවුන්ගේ ආර්ථික, සමාජීය හා සංස්කෘතික ජීවිතය පිළිබඳ පවතින්නේ කඨෝර අත්දැකීමකි. එහෙයින් ශ‍්‍රමයට නිසි ගෞරවය හා පිළිගැනීම ලැබෙන ලෙසත් සියලුම ශ්‍රේණින්ගේ ශ‍්‍රමිකයන්ට සමානාත්මතා මූලධර්මය මත සැලකීමටත් හැකිවන ආකාරයේ ප‍්‍රතිමාන ව්‍යූහයක් නිර්මාණය කොට සේව්‍යයා හා සේවකයාද, රජය හා ශ‍්‍රම බලකායද, සමාජය හා ශ‍්‍රමිකයාද අතර වන සම්බන්ධතා ජාලය මානුෂීයකරණය කිරීමට කි‍්‍රයා කිරීම අතිශය වැදගත් වෙයි.

x සියලුම ස්වරූපයේ ශ‍්‍රමයයන්, කායික හා මානසික අතර වන සමාජීය විභේදනයන් හා වෙනස් කොට සැලකීම් අහෝසි කිරීම සඳහා අධ්‍යාපන යාන්ත‍්‍රණය මගින් ශ‍්‍රමයේ සමානාත්මතාව පිළිබඳ දර්ශනය ජනතාවට ලබාදීමේ කි‍්‍රයාවලියක් නිර්මාණය කිරීම

x නෛතික ප‍්‍රතිමානයන් මගින් ශ‍්‍රමයට සිදුකරන වෙනස්කොට සැලකීම, අයිතීන් කප්පාදුව හා මානව ගෞරවය හා අයිතිවාසිකම් ලබා නොදීමට එරෙහි නීති රාමුව ශක්තිමත් කොට නිර්මාණය කිරීම

x රාජ්‍යය මැදිහත් වී පෞද්ගලික අංශයේ ශ‍්‍රම බලකායට ලැබිය යුතු සුභසාධනය සහ වැටුප් මට්ටම් පිළිබඳව අවම ප‍්‍රමිතීන් තීරණය කිරීම

x ජාත්‍යන්තර කම්කරු ප‍්‍රඥප්තියට ගරු කරමින් එම ප‍්‍රතිමානයන් දේශීයව වැඩි වශයෙන් අනුගත කර ගනිමින් ශ‍්‍රමිකයාගේ අයිතීන් සුරැුකෙන වැඩබිමක් ඇති කිරීම

x ශ‍්‍රමිකයා හා සේව්‍යයා අතර පවතින කම්කරු ආරාවුල් විසඳීමේ යාන්ත‍්‍රණ ශක්තිමත් කිරීම හා කම්කරු ප‍්‍රඥප්තියක් නිර්මාණය කොට කි‍්‍රයාත්මක කිරීම

x ශ‍්‍රම අධ්‍යයන පිළිබඳ පාඨමාලා විශ්වවිද්‍යාල මට්ටමින් ඇති කිරීම හා කම්කරුවන්ට තම අධ්‍යාපනය ඉදිරියට ගෙනයාම සඳහා රාජ්‍ය අධ්‍යාපන ආයතන නොමිලේ ඇති කිරීම

x ශ‍්‍රමිකයාට නිෂ්පාදනයේ ප‍්‍රතිලාභ ලැබිය හැකි විය යුතුය යන මූලධර්මය පිළිගනිමින් සියලු සමාගම්වල අයිතියෙන් පංගුවක් ශ‍්‍රමිකයන්ට නොමිලේ පැවරෙන ක‍්‍රමවේදයක් ඇති කිරීම

 

යෞවනත්වය සහ සමාජ ප‍්‍රගමනය

තරුණ ගැටලුවලට ප‍්‍රතිචාර දැක්වීම සහ ඒවායේ මූල හේතු ආමන්ත‍්‍රණය කිරීම සමාජ ආර්ථික සංවර්ධනයේ අත්‍යවශ්‍ය අංගයකි. යෞවනයන් සමාජ-දේශපාලනික ක‍්‍රියාවලීන් තුළින් බැහැර කිරීමේ ගතානුගතික ප‍්‍රවේශයන්ගෙන් මිදී, සමාජ ඒකාබද්ධතාව හා සංවර්ධනය සඳහා වන ව්‍යුහාත්මක ප‍්‍රවේශයන් ශක්තිමත් කිරීම වෙනුවෙන්ද, එකී ක‍්‍රියාවලිය තුළට ඔවුන්ගේ ඵලදායී දායකත්වය ලබා ගැනීම සඳහාද පියවර ගැනීම අත්‍යවශ්‍ය වේ.

x තරුණ තරුණියන්ගේ ජාත්‍යන්තර භාෂා දැනුම හා තොරතුරු තාක්‍ෂණ දැනුම වර්ධනය කර ගත හැකි රාත‍්‍රී පාසල් ඇති කිරීම

x අධ්‍යාපන ක‍්‍රියාවලිය සම්පූර්ණ නොකළ තරුණ තරුණියන්ට වෘත්තීය පුහුණුවක් ලබා දීම සඳහා පස් අවුරුදු සැලැස්මක්

x සියලු රාජ්‍ය හා ලියාපදිංචි පෞද්ගලික හා ආයතන සඳහා ස්වාධීන හා විනිවිදභාවයෙන් යුත් බඳවා ගැනීමේ පටිපාටියක්

x තරුණ ව්‍යවසායකයන්ට ස්වයං රැකියා ව්‍යාපෘතීන්ට අවශ්‍ය මඟපෙන්වීම හා සහාය ලබාදෙන වෙනම තරුණ බැංකුවක් (Youth Development Bank)

x තරුණ ශිල්පීන් හා විශේෂිත අවශ්‍යතා සහිත තරුණ තරුණියන්ට ස්වයං රැකියා ව්‍යාපෘති, පහසු ණය යෝජනා ක‍්‍රම, පුහුණුව ලබා දීම හා නිෂ්පාදන අලෙවි මධ්‍යස්ථාන

x මහජන නියෝජිත ආයතනවල තරුණ නියෝජනය අනිවාර්ය කිරීම සඳහා කෝටාවක්

x තරුණ දේශපාලන ක‍්‍රියාකාරකම් ඉහළ නැංවීම වෙනුවෙන් රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන සමඟ එකාබද්ධව සවිබල ගැන්වීමේ වැඩසටහන්

x සාමය, සංහිඳියාව සහ යළි ගොඩනැංවීමේ උපායමාර්ග තුළට තරුණ ප‍්‍රජාව සක‍්‍රියව සම්බන්ධ කර ගැනීමේ ක‍්‍රමවේදයක්

x අධ්‍යාපන කටයුතු සයිබර් අවකාශය මගින් සිදුකිරීමට වසර 5ක ඩිජිටල් අධ්‍යාපන වැඩසටහන් (Digital Education programmes)

x සමස්ත රට පුරා සියලු දෙනාට අන්තර්ජාල පහසුකම් ලබාදීමට හැකිවන පරිදි යටිතල පහසුකම් දියුණු කිරීම

x සියලුම ක්ෂේත‍්‍රවල තරුණ නව නිර්මාණකරුවන් දිරිමත් කිරීමේ වැඩපිළිවෙළක්

x සෑම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ඇතිකරන ප‍්‍රජා අධ්‍යාපනික මධ්‍යස්ථාන තුළ තරුණ ප‍්‍රජාවට අවශ්‍ය දියුණු සංස්කෘතික ජීවිතයකට ඉඩ විවර කරන කලා සංස්කෘතික ආයතනයක්

x තරුණ නිර්මාණකරුවන් ඇගයීමට හා ඔවුන්ට අවස්ථා ලබාදීම සඳහා ලංකාවේ විවිධ ක්‍ෂේත‍්‍ර ආවරණය කරනු ලබන ජාතික තරුණ කුසලතා අගයන සම්මාන උළෙලක්

x තරුණ තරුණියන්ගේ සාමූහික ක‍්‍රියාකාරිත්වය සහ නිර්මාණශීලීත්වයට ආධාර සපයන අරමුදලක්

x තරුණ තරුණියන්ට ක‍්‍රීඩාව සඳහා ඇති ප‍්‍රවේශය සහතික කිරීමට සෑම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම ක‍්‍රීඩාගාර පහසුකම් ඇති කිරීම

x සෑම ප‍්‍රාදේශීය කොට්ඨාසයකටම රජය විසින් ශාරීරික යෝග්‍යතා සේවා සැපයීමට හැකි වන ආයතන 05 බැගින් ස්ථාපිත කිරීම හා එවැනි සේවා සපයන ආයතන ඇති කරන සංවිධාන හා පෞද්ගලික ආයතන සඳහා සහනදායී පොලියට ණය පහසුකම්

x ජාතික සහ ජාත්‍යන්තරව ක‍්‍රීඩාවෙහි නියැලෙන දක්ෂ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට ඔවුන්ගේ ක‍්‍රීඩා කටයුතු සඳහා රාජ්‍ය අනුග‍්‍රහය ලබා දෙන ක‍්‍රමවේදය විධිමත් සහ යාවත්කාලීන කිරීම

x තරුණ ප‍්‍රශ්න වෙනුවෙන් මැදිහත් වන දුග්ගන්නාරාළ (Ombudsman) කෙනෙකු පත් කිරීම

x දෑවැදි ක‍්‍රමය තහනම් කිරීම සහ දරුවන් වැදීම පිළිබඳ තීරණ ගැනීමේ පූර්ණ අයිතිය කාන්තාව සතු කිරීම

x ස්ත‍්‍රී පුරුෂ සමාජභාවී සමානාත්මතාව පිළිබඳ මතවාද මූලප‍්‍රවාහීකරණය කිරීම සහ යල් පැන ගිය යටත්විජිත නීති අහෝසි කිරීම

x පරිසරය සුරැකීම සඳහා තරුණ සහභාගිත්වය ඉලක්ක කරගත් අධ්‍යාපන වැඩසටහන් සහ ව්‍යාපෘති සකස් කිරීම

 

වැඩිහිටි ජනගහනය

සිය ජීවිතයේ වැඩි කාලයක් සිය පවුල ඇතුළු සමාජ ආර්ථික සංවර්ධනයට දායක වූ වැඩිහිටියන් ඔවුනගේ සැඳෑ සමය තුළ රැුක බලා ගැනීම සමාජ වගකීමකි. සමහර ප‍්‍රතිපත්ති සම්පාදකයන් සමස්ත ජනගහනය තුළ වැඩිහිටි ජනගහනය වැඩිවීම ගැටලුවක් ලෙස හඳුනා ගත්තද වගකීම් සහගතව එම තත්වය අවබෝධය කර ගනිමින් වැඩිහිටියන් වෙනුවෙන් විශේෂ අවධානයකින් කටයුතු කිරීම සමාජ වගකීමක් වේ. 2012 පැවති ජන සංගණනයේදී වැඩිහිටි ජනගහනය (වයස 60ට වැඩි) පමණක් මිලියන 2.5කි. එය වර්තමානයේ සමස්ත ජනගහනයෙන් 12.4%කි. ශී‍්‍ර ලංකාවේ ජන සමාජයේ පවතින සංස්කෘතික ලක්ෂණ අනුව වයස්ගත වැඩිහිටියන් රැක බලා ගැනීම පවුලේ  දරුවන් හා නෑදෑයන් විසින් විවිධ දුෂ්කරතා මැද සිදු කළද එම සංස්කෘතික වටිනාකම් පවත්වාගෙන යමින් එම වැඩිහිටියන් රැකබලා ගැනීම මුළුමහත් සමාජයේම වගකීමක් බව අපගේ විශ්වාසයයි.

කි‍්‍රයාමාර්ග

x නිවෙස් තුළ වැඩිහිටියන් රැක බලා ගැනීමේ කටයුතු කරන අවස්ථාවල ඊට අවශ්‍ය මූලික පහසුකම් නොමිලේ සැපයීම

x නිවෙස් තුළ සිටින වැඩිහිටියන්ගේ සෞඛ්‍ය කටයුතු මාසිකව සොයා බැලීම සඳහා සෞඛ්‍ය කණ්ඩායම් යෙදවීම

x වැඩිහිටි සුරැකීමේ මධ්‍යස්ථානවල තිබිය යුතු අවම පහසුකම් නිර්ණය කොට සෑම පළාත් පාලන බල ප‍්‍රදේශයකම ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුකූල සැකසුණු වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන 02ක්

x යහපත් මානසික තත්වයක් පවත්වාගෙන යාම සහ සමාජ සම්භාෂණය ඇති කිරීම සඳහා වැඩිහිටි අය නිර්මාණාත්මක ආර්ථික කටයුතුවලට සම්බන්ධ කරන වැඩසටහනක්

x දේශපාලන හෝ වෙනත් හිතවත්කම්වලින් තොරව වැඩිහිටි අයගේ අත්දැකීම් සහ දැනුම උපදේශාත්මක ලෙස ලබා ගැනීම සඳහා විධිමත් ක‍්‍රමවේදයක්

x අවිධිමත් රැකියා අංශවල නියුතු අය සඳහා සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළක්

x විශ‍්‍රාම වැටුප් නොලැබෙන සියලු රාජ්‍ය හා පුද්ගලික අංශයේ අයට දායක විශ‍්‍රාම වැටුපක්

x සියලු වැඩිහිටියන්ට රැකවරණය ලැබෙන රක්ෂණාවරණයක් කි‍්‍රයාත්මක කිරීම සඳහා අරමුදලක් ස්ථාපිත කිරීම

x වැඩිහිටියන්ගේ එදිනෙදා ජීවිතය නිදහස් පරිසරයක් තුළ සතුටින් ගත කිරීම සඳහා ඇවිදින මංතීරු, ආගමික සිද්ධස්ථාන අසල නිවාඩු නිකේතන ඇතිකිරීමට දිරිගැන්වීම සහ රජයේ මැදිහත්වීමෙන් ඉදි කිරීම

x වැඩිහිටි හා ආබාධිත පුද්ගලයන්ට පොදු ප‍්‍රවාහන සේවා නොමිලේ

x පොදු සේවා සපයන ස්ථානවල වැඩිහිටි අය වෙනුවෙන් ප‍්‍රමුඛතා වැඩසටහනක් ක‍්‍රියාත්මක කිරීම

x දුෂ්කරතා ඇති වැඩිහිටි අය සඳහා ජීවන අංකයට සරිලන මූල්‍ය දීමනාවක් ලබා දීම

x වැඩිහිටි හා ආබාධිත පුද්ගලයන් රැකබලා ගැනීම පිළිබඳ වෘත්තීය පාඨමාලා ඇතිකිරීම

x වැඩිහිටි ජනගහනයේ සුභසාධනය, රැකබලා ගැනීම යනාදිය වෙනුවෙන් රාජ්‍ය ආයතනයක් ස්ථාපිත කිරීම

 

 

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්

ශ‍්‍රී ලංකාවේ ජනගහනයෙන් 8%ක් පමණ ආබාධ සහිත පුද්ගලයන් වන අතර එයින් 57%ක් ආබාධ සහිත කාන්තාවෝ වෙති. මෙම පිරිසෙන් වයස අවුරුදු 15-19 අතර පසුවන පුද්ගලයෝ 30,308ක් කිසිදු අධ්‍යාපන කාර්යයක නිරත නොවෙති. වයස අවුරුදු 16 දක්වා වූ ළමයින්ට අනිවාර්ය අධ්‍යාපනය හිමි විය යුතු වුවත් මෙම පිරිස අතරින් වයස 5-9 අතර සිටින ළමයින් 31,545න් 6,404 (20%) ක් අධ්‍යාපනය නොලබති. කිසිදු ආර්ථික කටයුත්තක නොයෙදෙන ආබාධ සහිත පුද්ගල සංඛ්‍යාව 71%ක් වන තරම් විශාල ප‍්‍රමාණයකි. ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා සම්මත කරන ලද කොතෙකුත් නීති සහ රෙගුලාසි ඇතත් අප රට තුළ ආබාධ සහිත පුද්ගලයන් සඳහා අවශ්‍ය මූලික පහසුකම්වත් ගොඩනැගී නොමැත. ආබාධ සහිත පුද්ගලයන්ට තමන්ට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් ලබාගැනීම, අධ්‍යාපන අවස්ථා ලබාගැනීම මෙන්ම රැකියාවක් ලබාගැනීම ඇතුළු ස්වාධීන දිවි පැවැත්මක් ගත කිරීම සඳහා දරන උත්සාහයන්හිදී අනේකවිධ වූ ආකල්පමය, සංස්කෘතික, සමාජීය සහ දේශපාලන ගැටලු සහ අභියෝගවලට මුහුණ පෑමට සිදු වේ.

අරමුණු

x ආබාධ සහිත තැනැත්තන්ටද අනෙකුත් පුරවැසියන්ට හිමි අවස්ථා, වරප‍්‍රසාද සහ අයිතිවාසිකම් සමව භුක්ති විදීමට ඇති අයිතිය පිළිගැනීම

x සෞඛ්‍ය, අධ්‍යාපන, ප‍්‍රවාහන වැනි සේවාවන් සැපයීමේදී ආබාධ සහිත පුද්ගලයන්ගේ සුවිශේෂී අවශ්‍යතාවයන් අවධානයට යොමු කරමින් ඔවුන් සඳහා විශේෂ වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම

x ආබාධ සහිත පුද්ගලයන් සමාජයේ සුවිශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් ලෙස සලකා ඔවුන්ගේ සුබසාධනය ආරක්ෂාව සහ රැුකවරණය රජයේ වගකීමක් ලෙස සැලකීම

ක‍්‍රියාමාර්ග

x ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා කෙටුම්පත් කර ඇති පනත ආබාධ සහිත ප‍්‍රජාවට හිතකර ලෙස සහ ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් සුරැකෙන ලෙස යළි සකස් කර පාර්ලිමේන්තුවේ සම්මත කිරීම

x එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තියේ (UNCPRD)  33 වගන්තියේ (i) අනු වගන්තියට අනුකූලව රජයේ ඉහළම දේශපාලන නායකත්වයෙන් මෙහෙයවන සම්බන්ධීකරණ යාන්ත‍්‍රණයක් මෙන්ම එම ප‍්‍රඥප්තියේ (ii) අනු වගන්තියට අනුකූලව රජයේ මැදිහත්වීම්වලින් පරිබාහිර ස්වාධීන අධීක්ෂණ යාන්ත‍්‍රණයක් ස්ථාපිත කිරීම

x ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබදව අධිකරණ පද්ධතියේ සියලුම අංශ දැනුවත් කිරීමත් සමානාත්මතාවය නිසි අයුරින් ක‍්‍රියාත්මක වන බවට සහතික කිරීමත් ඒ සඳහා යෝග්‍ය ක‍්‍රියාමාර්ග ගැනීමත් එය අඛණ්ඩව අධීක්ෂණය කිරීමත් රජය විසින් සිදු කිරීම

x පාසල් යා යුතු වයසේ පසුවන සියලුම ආබාධ සහිත ළමුන්ට අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය පිළිගනිමින් අන්තර්කරණ අධ්‍යාපන විධික‍්‍රම පාසල් අධ්‍යාපනයට ඇතුළත් කිරීම

x තමන් කැමති ඕනෑම විෂය ධාරාවකින් උසස් අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව ආබාධ සහිත පුද්ගලයන්ටද ලබාදෙන අතර ඒ සඳහා පහසුකම් සැලසීමට විශේෂ ශිෂ්‍යත්ව ක‍්‍රමයක් හඳුන්වා දීම

x ආබාධ සහිත පුද්ගලයන්ට ඔවුන්ගේ ආබාධයේ ස්වභාවය අනුව නිරත විය හැකි රැකියා ක්ෂේත‍්‍ර හඳුනා ගනිමින් ඒ සඳහා අවශ්‍ය වන වෘත්තීය පුහුණු ලබාදීම සහ ඒ සඳහා විශේෂ පුහුණු මධ්‍යස්ථාන පිහිටුවීම

x ආබාධ සහිත ළමුන්ට අධ්‍යාපන අවස්ථා ලබා දෙන විශේෂ නේවාසික අධ්‍යාපන ආයතනවල ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීමට කටයුතු කිරීම

x රජයේ මෙන්ම පෞද්ගලික අංශයේද රැකියාවලට බඳවා ගැනීමේදී ආබාධ සහිත පුද්ගලයන්ට සම අවස්ථා ලබා දෙන අතර රාජ්‍ය අංශයේ රැකියා ලබාදීමේදී දැනට පවතින කෝටාව 3% සිට

5% දක්වා ඉහළ නංවන අතර එම කෝටා ක‍්‍රමය පෞද්ගලික අංශයටද හඳුන්වා දීම

x ආබාධ සහිත පුද්ගලයන්ට පොදු ස්ථානවලට සහ පොදු ගොඩනැගිලිවලට ප‍්‍රවේශ පහසුකම් ලබාදීම සඳහා පනවනු ලැබූ 2006 අංක 1 දරන ප‍්‍රවේශ පහසුකම් රෙගුලාසි බලාත්මක කරන අතර එම රෙගුලාසි ක‍්‍රියාත්මක කිරීම අනිවාර්ය කිරීම

x ආබාධ සහිත පුද්ගලයන්ගේ ඡුන්ද අයිතිය තහවුරු කිරීමට අවශ්‍ය පහසුකම් රජයේ මැදිහත්වීමෙන් ලබා දීම

x ආබාධ සහිත තැනැත්තන් හට රෝහල් තුළදී සිදුවන අපහසුතාවයන් අවම කිරීමටත් ඔවුන්ට අවශ්‍ය සේවාවන් ප‍්‍රමාදයකින් තොරව ලබාදීම සඳහා සෑම රෝහලකම කේන්ද්‍රීය ස්ථානයක් සහ/හෝ සහාය කවුළු හඳුන්වාදීම

x රජයේ රෝහල්වල සේවා පිළිබඳ ශ‍්‍රව්‍ය දෘෂ්‍ය සන්නිවේදන පුවරු පිහිටුවීමට මෙන්ම භෞතික ප‍්‍රවේශ පහසුකම් වැඩි දියුණු කිරීමටත් සංඥා භාෂා පරිවර්තකයන්ගේ සේවා ලබා දීමටත් කටයුතු කිරීම

x දෙමාපිය ඇවෑමෙන් පසු තම ආරක්ෂාව සහ රැකවරණය අහිමිවීම නිසා බුද්ධිමය ඌණතා සහ බහු ආබාධ සහිත තැනැත්තන්ට බරපතළ නීතිමය සහ වෙනත් ගැටලුකාරී තත්වයන්ට මුහුණ දීමට සිදුවන බැවින් ඔවුන් සඳහා විශේෂ සමාජ ආරක්ෂණ සහ විශේෂ සමාජ රක්ෂණ වැඩසටහන් ක‍්‍රියාත්මක කරන අතර විශේෂයෙන්ම දෙමාපියන්ගෙන් පසුව භාරකාරත්වය පැවරීමේ නීතිමය ප‍්‍රතිපාදන ඇති කිරීම

x විකල්ප මාධ්‍යවලින් සන්නිවේදනය කිරීමේ පහසුකම් අධිකරණ පද්ධතිය තුළ නොමැති නිසා ආබාධ සහිත තැනැත්තන් (විශේෂයෙන්ම බිහිරි තැනැත්තන් සහ බුද්ධිය ඌනතා සහිත තැනැත්තන්) වින්දිතයන් වූ විට මෙන්ම චූදිතයන් වූ විටද නීතියේ පිළිසරණ නොමැතිව නොයෙකුත් ආකාරයේ වෙනස්කොට සැලකීම්වලට මුහුණ දීම වැළැක්වීම සඳහා අධීකරණ පද්ධතියේ සියලුම අංශ දැනුම්වත් කිරීමත්, සමානාත්මතාවය නිසි අයුරින් ක‍්‍රියාත්මක වන බවට සහතික කිරීමත් ඒ සඳහා යෝග්‍ය ක‍්‍රියාමාර්ග ගැනීමත් එය අඛණ්ඩව අධීක්ෂණය කිරීමත් සිදු කිරීම

x ආබාධ සහිත කාන්තාවන් මුහුණ දෙන ගැටලුවලට විසඳුම් යෝජනා කිරීම සඳහා ආබාධ සහිත කාන්තාවන්ගේ නියෝජනයක් සහිත පූර්ණ බලැති කමිටුවක් පිහිටුවීම

සමරිසි ප‍්‍රජාව

ඇතැම් ගතානුගතික හා පසුගාමී සමාජ සංස්කෘතික ආකල්ප නිසා සමරිසි ප‍්‍රජාව වෙනස් කොට සැලකීමට ලක්වී ඇති අතර එම පිරිස් පීඩනයට ලක්කරන යටත්විජිත නෛතික රාමු තවදුරටත් පවත්වා ගෙන යාම මෙම තත්වය තවත් බරපතළ කරයි. මෙම ජන කොටස්වල ජීවවිද්‍යාත්මක වෙනස්කම් පිළිගනිමින් ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටත් ප‍්‍රධාන සමාජ ප‍්‍රවාහය තුළ ආන්තීකරණයට ලක් වීමට ඉඩ නොදී කටයුතු කිරීමත් අත්‍යවශ්‍ය වේ.

ක‍්‍රියාමාර්ග

x ලංකා දණ්ඩ නීති සංග‍්‍රහයේ 365 සහ 365A වගන්ති සමරිසි ප‍්‍රජාවට අදාළ නොවන පරිදි සංශෝධනය කොට ඒවා වැඩිහිටි තැනැත්තන් අතර ස්වකැමැත්තෙන් පෞද්ගලික අවකාශයේ සිදුවන ලිංගික කි‍්‍රයාවන් ලෙස පිළිගැනීම

x සමරිසි ප‍්‍රජාව වෙනස් කොට සලකා අත්තනෝමතිකව අත්අඩංගුවට ගෙන දඬුවම් පැනවීම වැළැක්වීම සඳහා අදාළ ආඥා පනත සංශෝධනය කිරීම

x සමරිසි ප‍්‍රජාව නීතිය ඉදිරියේ සමානව සැලකුම් ලැබීම තහවුරු කරන අතරම සමරිසි ප‍්‍රජාවට සුවිශේෂී වූ අයිතීන් හඳුනාගෙන ඒවා බලාත්මක කිරීමට කටයුතු කිරීම

x සමරිසි ප‍්‍රජාවට එරෙහි වෛරී ප‍්‍රකාශන සහ ප‍්‍රචණ්ඩත්වය වැළැක්වීම සඳහා විශේෂ පනතක් සම්මත කිරීම

x සමරිසි ප‍්‍රජාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට සහ එම ප‍්‍රජාවගේ දුක් ගැනවිලි ආමන්ත‍්‍රණය කළ හැකි නිසි බලය ලත් ලේකම් කාර්යාලයක් පිහිටුවීම

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

04

සදාහරිත දේශයක්

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

පරිසරය

සොබාමත් ශ‍්‍රීලංකාවක්

 

 

සදාරිත බව, සිසිල, සෞන්දර්ය පිරි ශාඛ හා සත්ව විවිධත්වයක් සහිත මෙම රාජ්‍යය පවිත‍්‍ර ආහාර, ග‍්‍රාමීය හා නාගරීක අලංකරණය, අකාශය සංවිධානය කිරීම ආදී අඩවි සියල්ලම මහා පවිත‍්‍ර හා ප‍්‍රශස්ත දර්ශකයක තබා නඩත්තු කිරීම අපගේ වගකීම වේ. පුරවැසියාට දිවි ගෙවීමට ඇති මෙම අවකාශීය මහපොළව හා ශාක ජීවිත සුරැුකීම තුළ ගෝලීය උණුසුම පිළිබඳ ගැටලුව අවම කරගත් සුන්දර වටපිටාවක් අපට ශේෂ වනු ඇත.

 

පිරිසිදු භූමියක නිල්වන් ජල පද්ධතියක් සුපවිත‍්‍ර වායු ගෝලයක් සහිත සුරක්ෂිත වූද, පිරිසිදු වූද, ආහාරපානවලින් සමන්විත මානව ජීවිතයක් ගෙවීමට අවශ්‍ය පවිත‍්‍ර වාසස්ථානයක් හා සේවා ස්ථානයක් නිර්මාණය කිරීමටත් රටක් ලෙස පිවිතුරු සුන්දර පරිසරයක් නිර්මාණය කිරීමත් අපගේ බලාපොරොත්තුවයි. මෙවන් තත්වයක් ගොඩනැගීමේදී රට මුහුණ දී තිබෙන අර්බුද හඳුනාගත යුතුය. අතීතයේදී මෙරටේ සංවර්ධන වැඩසටහන් සැලසුම් කිරීමේදී පාරිසරික සාධක සැලකිල්ලට ගනු ලැබුවද වර්තමානය වනවිට එය ක‍්‍රමානුකූලව වෙනස් වී භෞතික හා මූල්‍යමය සාධක මූලික සාධකයන් ලෙස සංවර්ධන වැඩසටහන් සැකසීමේදී සැලකිල්ලට ගැනීමත් සමග පාරිසරික අනාරක්ෂිත බව වේගවත් වී එය මානව හා ජීවි පැවැත්මට අභියෝග කරන මට්ටමට වර්ධනය වීමට ඉඩකඩ විවර කොට තිබේ.

සුපරික්ෂාවෙන් තොරව සිදුකළ ක‍්‍රියාදාමයන් සංවර්ධනය බවට වැරදි අර්ථකථනයකට ලක් කොට තිබෙන වටපිටාවක සමාජ ආර්ථික දියුණුව අත්‍යවශ්‍ය බව පිිළිගන්නා අප දීර්ඝ කාලීන වශයෙන් සංවර්ධනයට පාදක වන ස්වාභාවික සම්පත් ප‍්‍රතිස්ථාපනය කළ හැකි අයුරින් භාවිත කරමින් සංවර්ධනය ප‍්‍රශස්ත මට්ටමක රඳවා තබා ගැනීමටත් එහි තිරසාර බව සුරැකිනු වස් ජෛව ආධාරක පද්ධතිය සුරැකමින් පාරිසරික මිතුරු සංවර්ධන ක‍්‍රියාවලියකට රට යොමු කරනු ලැබේ.

ශ‍්‍රී ලංකාවේ පිහිටීමද, මෙහි භූ විද්‍යාත්මක නිර්මිතයන්, වසර පුරාවටම හොඳින් පතිත වන සූර්යාලෝකයත් සක‍්‍රීය සුළං ප‍්‍රවාහ දෙකකින්ද ඇතුළු මිලක් නියම කළ නොහැකි මහා වැසි සම්පතක උරුමයත්, ඉතා පිරිසිදු ඛනිජ සම්පත්ද ලොව විශිෂ්ටතම ජෛව විවිධත්වයකට උරුමකම් කීමද සැලකූ කළ එකිනෙකට අන්තර් සබඳකම්වලින් සමන්විත සුවිශේෂ පාරිසරික පද්ධතියක් උරුම වීමත්, ඉතා දියුණු හා ප‍්‍රබල සැබෑ සංවර්ධනයකට රට යොමු කිරීමේ හැකියාවක් පෙන්වාදීමකි.

පවිත‍්‍ර ශ‍්‍රී ලංකාවක් ගොඩනැගීම අරබයා අපගේ ප‍්‍රධාන අරමුණ වර්තමාන හා අනාගත මානව හා ජීවීන් පැවැත්ම උදෙසා පරිසර කළමනාකරණයට රජයේ කැපවීම අප ගොඩනගන ජාතික පාරිසරික ප‍්‍රතිපත්තියේ මූලික අවශ්‍යතාවය ලෙස සලකන අතර, තිරසාර සංවර්ධන රාමුවක් තුළ රටේ නිවැරදි පරිසර කළමනාකරණයක් සහතික කර ගැනීමට බලාපොරොත්තු වේ. සමස්ත පරිසර පද්ධතින් සුරැකීම හා කළමනාකරණයට මාර්ගෝපදේශයක් සැපයීමට අපේක්ෂා කරන අතර, සියලු රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනයන්ද පුද්ගලයන්ද මෙහි මූලික දැක්මට අනුව මෙහෙයවනු ලැබේ. ඒ සඳහා අප සකස් කළ සුවිශේෂී අරමුණු 05කි.

  1. ශ‍්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනය සහ පරිසරය අතර සමතුලිතතාව රැකෙන පරිදි ස්වභාවික

සම්පත් සහ පරිසර කළමනාකරණය වැඩිදියුණු කිරීම

  1. පරිසරය හා ස්වභාවික සම්පත් තිරසර ලෙස කළමනාකරණය කිරීමේ දී හා සැලසුම් කිරීමේදී ඒකාබද්ධ

ප‍්‍රවේශය (Intergraded Approach) භාවිතයට ගැනීම

  1. පරිසර සුරක්‍ෂිතතාව වෙනුවෙන් ආයතන අතර මනා සම්බන්ධීකරණය සහ යහපාලන මූලධර්ම

ක‍්‍රියාත්මක කිරීම තුළින් පාරිසරික නීතිමය සහ ආයතනික ව්‍යුහය ශක්තිමත් කිරීම

  1. පරිසර කළමනාකරණයේ දී වර්තමානයේ මුහුණ පා තිබෙන දිළිඳුකම තුරන් කිරීම හා දේශගුණික වෙනස්වීම්වල ප‍්‍රතිඵලයක් වශයෙන් වර්තමානයේ නිර්මාණය වී ඇති විවිධ වූ පාරිසරික අර්බුද අවම කිරීම සහතික කිරීම
  2. පරිසර සුරක්‍ෂිත බව තහවුරු කිරීම උදෙසා දැනුම ආකල්ප ගොඩනැගීම අරමුණ කරගත් මානව සංස්කෘතියක් ගොඩ නැගීම

පවිත‍්‍ර පරිසරයකින් හෙබි ශ‍්‍රී ලංකාවක් ගොඩනැගීමේ මූලධර්ම

පවිත‍්‍ර පරිසරයකින් හෙබි ශ‍්‍රී ලංකාවක් ගොඩනැගීමේ මූලධර්ම වර්තමාන මෙන්ම අනාගත ජීවයේ ගුණාත්මක තත්වය ඉහළ නැංවීම අරමුණු කරගත් අප ඒ අරමුණ සඵල කර ගැනීම සඳහා අනුගමනය කරන ක‍්‍රියාපිළිවෙත මූලධර්ම 11ක් ඔස්සේ සැලසුම් කෙරේ. මෙකී මූලධර්මවලට අනුරූපීව ඉදිරි ප‍්‍රතිපත්තිමය ක‍්‍රියාමාර්ග පෙළගස්වනු ඇත.

  1. පාරිසරික යුක්තිය: ශ‍්‍රී ලංකාවාසි සෑම පුරවැසියෙකුගේම වගකීමක් වනුයේ පරිසරය ආරක්ෂා කිරීම සහ පිරිපුන් පරිසරයක් ඇති කිරීමය. එහි ප‍්‍රතිලාභ ලෙස මානව හා ජීවීන්ගේ අනාගත පැවැත්ම තීරණය කරනු ඇත
  2. පරිසරය සහ සංවර්ධනය අතර සමබරතාව රැකගැනීමට ක‍්‍රියාකිරීම: සංවර්ධන ව්‍යාපෘතිවලදී පරිසරයට ඇති වන බලපෑම් අවම කිරීම සහ සම්පත් තිරසාර ලෙස සහ කාර්යක්ෂමව භාවිතයට ගැනීමට සහතික වීම
  3. පරිසර පද්ධතික ප‍්‍රවේශය: පාරිසරික සම්පත් සංවර්ධනය, කළමනාකරණය සහ සංරක්ෂණයේදී ඒකාබද්ධ පරිසර පද්ධති ප‍්‍රවේශය භාවිතයට ගැනීම
  4. තිරසර සම්පත් භාවිතය: පාරිසරික සම්පත් භාවිතා කිරීමේ දී ඒවායේ ගුණාත්මක තත්වය හා වටිනාකම අඩු නොවන සේ හා අනාගත මානව පැවැත්ම සුරක්‍ෂිත වන අයුරින් භාවිතයට ගැනිම
  5. සාධාරණත්වය: ස්වභාවික සම්පත් භුක්ති විඳීමේදී මානව තුළිතතාව පවත්වාගත යුතු අතරම සියලු ජීවීන්ගේ පැවැත්ම අවදානමකට ලක් නොකිරීම
  6. මහජන සහභාගිත්වය: පරිසර ආරක්ෂාව හා කළමනාකරණයේදී සහභාගිත්ව ප‍්‍රවේශය වැඩිදියුණු

කිරීම

  1. පූර්වාරක්ෂක ක‍්‍රමවේදය: කිසියම් ක‍්‍රියාකාරකමක් නිසා සම්පූර්ණ වශයෙන් තක්සේරු කළ නොහැකි පාරිසරික අවදානමක් පවතින විට එය විසඳීමට පෙර එම ක‍්‍රියාකාරකම තහනම් කිරීමට හෝ සීමා කිරීමට ක‍්‍රියාමාර්ග ගැනීම
  2. දූෂකයා ප‍්‍රතිපූර්ණය කළ යුතුය: (Polluter Pays Princle) පරිසරය අපිරිසිදු කරන කවරෙකු වුවද

එම අපවිත‍්‍රතාව ඉවත් කිරීමේ වගකීම ඔහු විසින් දැරීම

  1. පාරිසරික යහපාලනය: පරිසර නීති, පාරිසරික කළමනාකරණආයතන, විනිවිද බව, වගවීම, මානව අයිතීන්වලට ගරු කිරීම, ප‍්‍රජා සහභාගිත්වය යනාදිය පරිසර කළමනාකරණයේදී අන්තර්ග‍්‍රහණය කිරීම සහතික වීම
  2. ප‍්‍රජාව සවි බලගැන්වීම: පරිසර පද්ධති සමග ජීවත්වන ප‍්‍රජාවට අවශ්‍ය දැනුමත් ඒ සඳහා වන සංස්කෘතියක් ගොඩනගමින් තිරසාර පැවැත්ම තහවුරු කිරීම
  3. පාරිසරික ආරක්ෂාව: මානව කි‍්‍රයාකාරකම් හා ස්වභාවික කි‍්‍රයාවලින් පැන නගින පාරිසරික උවදුරුවලින් පරිසර පද්ධති ආරක්‍ෂා කිරීම

 

පවිත‍්‍ර ශී‍්‍ර ලංකාවක් ගොඩනැගීමට වටිනාම ප‍්‍රාග්ධනයක් ලෙස

  1. ශ‍්‍රී ලංකාව, වර්ග කිලෝමීටර් 65,612කින් සමන්විත විවිධ භූ විෂමතා සහිත ගොඩබිමක්ද, එමෙන් හත් ගුණයක් ඉක්මවූ සම්පත්වලින් අනූන සාගර කලාපයක්ද, ගොඩබිම හා සාගරය ඇතුළත විවිධාකාර වූ පාරිසරික පද්ධතීන්වලින් අන්තර් සම්බන්ධතාවයක් සහිත තනි පරිසර පද්ධතියක් ලෙස ශී‍්‍ර ලංකාව අප හඳුනාගන්නෙමු.
  2. රටේ සමස්ත භූමිය සැලකූවිට ගැඹුර මීටර් 4ක දළ ඝනකමකින් යුත් වටිනා පස් ස්ථරයක් රටට හිමිය. මෙම ස්ථරයේ වටිනාම කොටස ලෙස සලකනුයේ මතුපිට සිට 35ජප පමණ වන පාංශු ස්ථරයයි. මෙම ස්ථරය ලිහිල් කාබනික ද්‍රව්‍ය බහුල හියුමස් තට්ටුවකින් සමන්විත වන අතර, අභ්‍යන්තර පස් හා පාෂාණත්, මතුපිට ශාඛ හා සත්ව ප‍්‍රජාව අයත් ජෛව ගෝලයත්, වායු ගෝලයත්, ජල චක‍්‍රයත් සම්බන්ධ කරන වටිනාම ජීවී ස්ථරය වේ. මේ වනවිට මෙකී ස්ථරය ඇතුළු පස් ස්ථරය බලවත් අනතුරකට මුහුණදී තිබේ. අවිධිමත් ඉදිකිරීම් හා විද්‍යානුකූලව සැකසූ ජාතික භූමි පරිහරණ සැලැස්මක් කි‍්‍රයාවට නොනැඟීමේ වරදින් මීටර 4ක පමණ දළ ගනකමකින් යුත් සාරවත් පස් ස්ථරයක් මේ වනවිට බලවත් අනතුරකට මුහුණ පා තිබේ. දැඩි පාංශු ඛාදනයත්, අවිධිමත් ඉදිකිරීම් හා භූමියේ ඛනිජ සම්පත් අවභාවිතය තුළ නාය යාම් බහුල වීමත්, නිසරු පොළොවක් මෙන්ම කාන්තාරීකරණයේ මූලික ලක්ෂණ සමහර ප‍්‍රදේශවලින් මතුවීමත් බලවත් අභියෝගයක් ලෙස අපි හඳුනා ගනිමු.
  3. සකී‍්‍රය මෝසම් වැසි 2කින් හා අන්තර් මෝසම් වැසි දෙකකින් සමන්විත අප දිවයින වසරකට වර්ෂාපතනයෙන් දළ වශයෙන් ජල ඝන මීටර මිලියන 111,250කට උරුමකම් කියමින් ඒ මත ගංගා ද්‍රෝණි 103ක හා වෙරළ ආසන්නයට වත්ම වූ කුඩා ගංගා ද්‍රෝණින් 94ක උරුම ලද්දෝ වෙති. විටෙක දැඩි හානි පමුණු වන ගංවතුරටත්, තවත් විටෙක දැඩි නියඟයටත් ගොදුරුවීමත්, අගනා සම්පතක් වූ ජලය දූෂිත වී විපතක් ආකාරයට බලපෑම් එල්ල කිරීම දක්වා වර්ධනයවීමත් තවත් අභියෝගයක් ලෙස අප හඳුනා ගනිමු. එසේම රටේ ගංඟා ඇළදොළ අයත් ගංඟා ද්‍රෝණි මෑත කාලීන සංවර්ධනයේ නාමයෙන් ගෙන ආ ව්‍යාපෘති හේතුවෙන් දැඩි ලෙස හානි වලට ලක්ව රටට ප‍්‍රතිවිපාක ගෙන දෙමින් තිබේ. විශේෂයෙන් බලශක්ති උත්පාදනය හා වාරි ජල අවශ්‍යතාවය සඳහා යැයි පෙන්වමින් මධ්‍යම කඳුකරය තුළ සිදු කර ඇති කුඩා විදුලි බලාගාර බොහොමයක සිට මහා පරිමාණ ව්‍යාපෘති විසින් රටට ලබාදෙන ආර්ථික ලාභයට වඩා සිදුවී ඇති විනාශයේ වටිනාකම හා අනාගත අයහපත් බලපෑම් ගිනිය නොහැකි මට්ටමේ පවතින බවත් අපගේ විශ්වාසයයි. එබැවින් ඉදිරියේ එවන් හානි සඳහා ඉඩ නොතබන අතර, රටේ අවශ්‍යතාව සඳහා බලශක්ති උත්පාදනයට අඩු පිරිවැයක් යටතේ වැඩි ප‍්‍රතිලාභයක් ඉපැයිය හැකි සුළං හා සූර්ය බල ශක්තිය කෙරෙහි රට යොමු කරනු ඇත.
  4. මානව හා ජීවී පැවැත්මට මහත් පිටිවහලක් වන වායුගෝලය අවිධිමත් කාර්මීකරණයෙන් නිකුත් වන හරිතාගාර හා දූෂිත වායු හේතුවෙන්ද, අවිධිමත් ප‍්‍රවාහන පද්ධතියක ප‍්‍රතිඵලයෙන් නිකුත්වන දූෂිත වායු හේතුවෙන් ද, ගිනි තැබීම් මෙන්ම ගිනි ගැනීම් බහුල වීමෙන් සිදුවන බලපෑමෙන්ද ගෝලීය උෂ්ණත්වය ඉහළ දැමීමට අප ද දායකවී ඇත. එයට පාරිසරික ප‍්‍රතිචාර දැක්වීමටද, අප මුහුණදීමේ ප‍්‍රතිඵලයක් ලෙස දෛනික වාෂ්පීකරණය දෙගුණ වීම, පරිසර උෂ්ණත්වය ඉහළ යෑම, නියඟය නිර්මාණය වීම, ක්ෂණික විශාල වැසි කුඩා භූමි ප‍්‍රමාණයකට පතිත වීමද, ස්වාභාවික ආපදාවන් හා සෞඛ්‍යමය තර්ජනයන්ට ලක්වීමද පවිත‍්‍ර ශී‍්‍ර ලංකාවක් ගොඩ නැඟීමේදී අභියෝග ලෙස අප හඳුනා ගන්නෙමු.
  5. රට තුළ පවතින භූ විෂමතාවයත්, අපට හිමි වර්ෂාපතනයේ ව්‍යාප්තියත් අනුව සුවිශේෂ පරිසර පද්ධතීන් කිහිපයකට අපි උරුමලද්දෝ වෙමු. ඒ නිසාම විශාල ජෛව විවිධත්වයක් පැවැතීම මහා දායාදයක් කොට සැලකිය යුතුය. රට තුළ හඳුනාගත් සුපුෂ්පික ශාක විශේෂ 3,150ක්ද, ඉන් අපට ආවේණික වූ 894ක්ද, ශී‍්‍ර ලංකාව තුළ හඳුනාගත් සත්ව විශේෂ 972ක්ද, ඉන් අපට ආවේණික විශේෂ 330ක්ද අපට උරුම වේ.
  6. පවිත‍්‍ර ශී‍්‍ර ලංකාවක් ගොඩනැඟීමේදී මෙම ජෛව විවිධත්වය මහා ධනයක් ලෙස සලකන අප රට තුුළ සිදු කෙරෙමින් පවතින වන විනාශයත්, පවත්වාගෙන යන කොල්ලකාරී ආර්ථික ක‍්‍රමය තුළ සිදුවන ජාන මංකොල්ලයත්, අපගේ වන වැස්ම මෙන්ම ජීවීන්ගේ පැවැත්මට අයහපත් ලෙස බලපෑම් කරන ආක‍්‍රමණික ශාක හා සත්ව ව්‍යාප්තියත්, පාරිසරික අසමතුලිත තාවයන් නිර්මාණය කරමින්, පරිසරය තුළ සිදුවන විනාශය සමඟ වන සතුන් ගොවිබිම්, නගර දක්වා සංක‍්‍රමණය වීමත්, පරිසරික තුලිතතාවය බිඳ දැමීමෙන් විවිධ සත්ව ඛණ්ඩවල ගහනය අධිකවීමත් අභියෝගයක් ලෙස හඳුනා ගැනේ. මෙය පාරිසරි ආර්ථික, සමාජයීය අර්බුද මතුවීමටද බලවත් අභියෝගයක් ලෙස අප හඳුනා ගනිමු.
  7. අප සතු සාගර කලාපය හඳුනා ගැනීමේදී වර්ග කිලෝමීටර 18,060ක ප‍්‍රාදේශික සාගරයක්ද, වර්ග කිලෝමීටර 19,620ක යාබද සාගර කලාපයක්ද දැනට හඳුනාගෙන උරුමවී ඇති වර්ග කිලෝමීටර 437,400ක අනන්‍ය ආර්ථික සාගර කලාපයක් හිමි මෙම සමස්ත සාගර කලාපය හා ඉන් ඔබ්බට ඇති අතිමහත් ශාඛ හා සත්ව මෙන්ම අධි සාන්ද්‍ර ඛනිජ නිධි ද හිමි මුත්, ඒ පිළිබඳ නිසි අධ්‍යයනයක් මෙතෙක් සිදුකර නොමැත. නිධන්ගත මෙවැනි ධනයකට හිමිකම් කියන අප එය නිසි ලෙස සීමා නිර්ණය නොකිරීමත්, වෙරළ ආශි‍්‍රතව කි‍්‍රයාත්මක වන විවිධ වූ කාර්යයන්ද, සාගරය හා ගොඩබිම අතර විශාල අස්ථායිතාවක් නිර්මාණය කිරීම, මානව කි‍්‍රයාකාරීත්වය හේතුවෙන් සාගරයට මුදාහරින අපද්‍රව්‍ය හේතුවෙන් ද සාගර කලාපය විශාල ආපදාවකට මුහුණ පා ඇති බව අප හඳුනා ගනිමු.
  8. රටක් ලෙස අප මුහුණ දෙන අභියෝග අතර, පාලකයන් නිරුත්තර කළ කුණු කසළ බරපතළ අර්බුදයක් බවට පත්කර ඇත. අසංවිධිත සැලසුම් මහා නූතන ජීවන රටාවේ සංකීර්ණභාවයත්, ලාභ ඉපැයීම මූලික අරමුණ කරගත් ආර්ථික කි‍්‍රයාවලියත් හේතුවෙන් ලංකාවේ දෛනික කසළ ජනනය මෙටි‍්‍රක් ටොන් 7,000කට ආසන්නව පවතී. ජලය, වායුව, පස දූෂණය වී පාරිසරික, ආර්ථික, සෞඛ්‍යමය, සමාජයීය ගැටලු මේ තුළින් නිර්මාණය කිරීම පවිත‍්‍ර ශී‍්‍ර ලංකාවක් ගොඩනැඟීමේදී අභියෝගයක් ලෙස අප හඳුනා ගනිමු.
  9. ශී‍්‍ර ලංකාවට ආවේණික අලි විශේෂය පරිසරයට ආභරණයක් ලෙස ආර්ථිකයට ධනය උපයන උපායක් ලෙසද භාවිත කළ හැකිව තිබියදී අලින් අතින් එක් මිනිසෙකු ඝාතනය වන විට මිනිසුන් අතින් අලි තිදෙනෙකු ඝාතනය වීමේ අනුපාතය දක්වා ප‍්‍රශ්නය උග‍්‍රවී තිබීමත්, රට පුරා ගැටලුව ව්‍යාප්ත වීමත්, ඒ සඳහා ගනු ලබන කි‍්‍රයාමාර්ග පවතින අසාර්ථකභාවයත් අප පවිත‍්‍ර ශී‍්‍ර ලංකාවක් ගොඩනැඟීමේදී අභියෝග ලෙස හඳුනා ගනිමු.
  10. දීර්ඝ කාලයක් පරිසරයත් සමඟ ප‍්‍රතිවිරෝධාත්මක ගනුදෙනුවක නියැලීමේ වරද දසතින් පෙන්නුම් කරන මොහොතක් ලෙස වර්තමානය අප හඳුනාගන්නා අතර, රටේ ගොඩබිම සිසාරා පැතිරෙන මාරාන්තික වකුගඩු රෝගයත්, ඩෙංගු වසංගතයත්, පිළිකා, ශ්වසන ආදී රෝගත් හුදු සෞඛ්‍යමය ගැටලු අභිබවා ගිය, වැරදි පරිසර භාවිතයන් තුළ පැන නැඟුණු අභියෝග ලෙස අපි හඳුනා ගනිමු. එසේම ඉතිහාසයේ ස්වාභාවික විපත් ලෙස හැඳින්වූ ගංවතුර, නියඟය හා නායයාම් වැරදී පාරිසරික ප‍්‍රතිපත්තියක හා වැරදි සංවර්ධන උපායමාර්ගයන්ගේද නොදියුණු මිනිස් ක‍්‍රියාකාරකම් හමුවේ අද වනවිට උස්සන්නවූ ගැට ̈ ලෙස අප හඳුනාගනු ලැබේ.

පවිත‍්‍ර ශී‍්‍ර ලංකාවක් ගොඩනැගීම සඳහා

යෝජනා හා විසඳුම්

 

නෛතික අණ පනත් හා ප්‍රඥප්තීන්

පරිසර සුරක්ෂිතභාවය තහවුරු කිරීම උදෙසා දැනට පනවා ඇති පනත්හි දුර්වලකම්, අඩුපාඩු, ඌණතාවයන් ඉවත් කිරීම උදෙසාත්, අවශ්‍ය නව පනත් සම්පාදනය උදෙසාත් ඒ ඒ ක්ෂේත‍්‍රවල ප‍්‍රවීණයන්ගෙ න් සමන්විත මූලික කොමිසමක් ස්ථාපිත කෙරේ. කොමිසමේ ප‍්‍රධාන කි‍්‍රයාකාරකමක් ලෙස මහජන අදහස් හා යෝජනා එක්රැස් කිරීම ප‍්‍රධාන වගකීමක් වන අතර ඒ සඳහා සුදුසු වැඩ පිළිවෙළක්ද සකසනු ලැබේ. නව අණපනත් සකස් කිරීමේදී ජාත්‍යයන්තරය සමග එළඹ තිබූ ගිවිසුම් හා ප‍්‍රඥප්තීන් පිළිබඳ අවධානය යොමුකරනු ලබන අතර ඉන් ගත යුතු වැදගත් කරුණු රටේ පාරිසරික සුරක්‍ෂිතතාව වෙනුවෙන් අන්තර්ග‍්‍රහණය කරනු ලැබේ. මෙම ක‍්‍රියාවලිය සම්පූර්ණ කිරීම සඳහා උපරීම වසරක කාලයක් ඉලක්ක කරගනු ඇත. සම්මත කරගනු ලබන පාරිසරික අණපනත් හා ප‍්‍රඥප්තීන් අදාළ ආයතන හා සාමාන්‍ය ජනතාව නොදැන ගැනීම බරපතළ අඩුවක් ලෙස දකින අපි ඒවා සම්මත වීමෙන් මාස 3ක් ඇතුළත මහජනතාව ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සඳහා පාරිසරික අණපනත් හා ප‍්‍රඥප්තීන් පිළිබඳ පුළුල් අවධානයක් ලබාදීමේ වැඩසටහනක් ක‍්‍රියාවට නංවනු ඇත.

රටක් ලෙස ජාත්‍යන්තරයත් සමඟ එළැඹ ඇති ගිවිසුම් හා ප‍්‍රඥප්ති මඟින් පවිත‍්‍ර ශී‍්‍ර ලංකාවක් ගොඩනැගීම සඳහා සිදුවන බාධා ඉවත් කර ගැනීමටත්, පාරිසරික සුරක්ෂිතතාවය තහවුර කර ගැනීම උදෙසාත්, කරුණු සොයා බැලීම අරමුණු කර ගනිමින් ඒ සඳහා සුදුසුකම් සපුරන සභාවක් මඟින් සමාලෝචනයක් සිදු කරනු ඇත. එම වාර්තාව පදනම්ව පෙර අරමුණු සපුරාගැනීම වෙනුවෙන් කි‍්‍රයාමාර්ග ගනු ලැබේ.

සැලසුම්සහගත භූමි පරිහරණයක්

  1. කෘෂිකාර්මික කටයුතු හේතුවෙන් සිදුවන පාංශු ඛාදනය වැළැක්වීම අරමුණු කර ගනිමින් ගොවීන් සමඟ සම්බන්ධ වන විශේෂ ව්‍යාපෘතියකට එළැඹෙනු ලැබේ. මෙහිදී මධ්‍යම කඳුකරයේ ප‍්‍රධාන ගංඟා ද්‍රෝණි හා දළ බෑවුම්වල පිහිටි ගොවි බිම්වලින් සිදුවන පාංශු ඛාදනය වැළැක්වීම ප‍්‍රමුඛ කාර්යයක් ලෙස සලකා විශේෂ ව්‍යාපෘතියක් පළමු මාස 6 ගෙවීමට ප‍්‍රථම ආරම්භ කරන අතර, සමස්ත රටේම පාංශුඛාදනය වැළැක්වීම අරමුණු කරගත් විශේෂ ව්‍යාපෘතිය වෙනුවෙන් නව රාජ්‍ය ඒකකයක් ස්ථාපිත කරනු ලැබේ.
  2. සංවර්ධන ව්‍යාපෘති හා අනෙකුත් ඉදිකිරීම්වලදී සිදුවන පාංශු ඛාදනය වැළැක්වීමට එම ව්‍යාපෘති සැලසුම් කිරීමේදී ම නව රීතීන් හා කොන්දේසි පනවනු ඇත.
  3. වැලි, පස් හා ඛනිජ කැණීම්හිදී සිදුවන පාංශු ඛාදනය වැළැක්වීමට අරමුණු කර ගනිමින් කැණීමේ මූලික සැලසුම්වලදීම අදාළ නව නීති හා කොන්දේසි ඇතුළත් කරනු ලැබේ. සංවර්ධන කටයුතු හා ඉදිකිරීම් සඳහා ලොව නවීන තාක්ෂණික ක‍්‍රම උපායන් දිරිගන්වන අතර, විකල්ප සාධක හඳුන්වාදීම මගින් ගල්, වැලි, පස් කැණීම මගින් සිදුවන පාරිසරික හානිය අවම කිරීමට කටයුතු කරනු ලැබේ.
  4. මේවන විට පාංශු ඛාදනයවීම හේතුවෙන් හා අවිධිමත්ව හා අපරික්ෂාකාරීව සිදු කළ කැණීම් හා ඉදිකිරීම් හේතුවෙන් හානි වූ, නිසරු වූ හා විනාශ වූ බිම් නැවත ප‍්‍රතිස්ථාපනය කිරීම රජයේ මූලික වගකීමක් කොට කි‍්‍රයා කරනු ඇත.
  5. පාංශු ඛාදනය සඳහා දැඩි ලෙස බලපෑම් වන, රටට ආවේණික නොවන වගාවන් ක‍්‍රමානුකූලව ඉවත් කිරීමත්, එම බිම් තුළ ස්වාභාවික වන වැස්මක් ස්ථාපිත කිරීමට කටයුතු කිරීමට කි‍්‍රයා කෙරේ. මෙය පස්අවුරුදු සැලැස්මකට අනුව සැලැසුම් කරන අතර, මධ්‍යම කඳුකරයේ ස්වාභාවික වන වැස්මක් ස්ථාපිත කිරීම ප‍්‍රමුඛ කාර්යයක් ලෙස සලකමින් ක‍්‍රියාත්මක කරනු ලැබේ.
  6. ගංගා ද්‍රෝණි හා වාරිපෝෂිත ප‍්‍රදේශවල පාංශු ඛාදනය වැලැක්වීම අරමුණු කරමින්, රටට ආවේණික

ස්වභාවික වන වැස්මක් ඇති කිරීම උදෙසා කටයුතු කරනු ලැබේ.

  1. රටේ ඉදිරි ගොඩනැඟීම් අරමුණු කර ගනිමින්, පාෂාණ කලාප හා පසේ රසායනයන් විද්‍යාත්මක ලෙස හඳුනාගැනීමක් සිදුකරනු ඇත. එය පහත දැක්වෙන භූමි පරිහරණ සැලැස්මට ඉවහල් කර ගනු ලැබේ.
  2. රටේ සමස්ත භූමියම නිවැරදි, විද්‍යානුකූල භූමි පරිහරණ සැලැස්මක් අනුව කි‍්‍රයාත්මක කරනු ලැබේ. එහි ජනාවාස, නගර, ගොවිබිම්, කාර්මික බිම් සංරක්ෂිත භූමි ආදි ලෙස මූලික ලෙස කලාප සඳහා ගනිමින් කටයුතු කරන අතර, එම භූමි පරිහරණ සැලැස්මට අනුගතව රටේ ඉදිරි සංවර්ධන කටයුතු හා පැවැත්ම තීරණය කරනු ඇත. සමස්ත භූමි පරිහරණ සැකැස්ම වෙනුවෙන් විෂයන් ගණනාවක් ඒකාබද්ධ කරමින් භූමි පරිහරණ සැලසුම් යන්ත‍්‍රයක් ගොඩනගන අතර, අදියර 3ක් යටතේ (කෙටි, මැදි, දිගු) කාලීන ලෙස වසර 5ක් යනවිට අවසන් සැලසුම් සකස් කරනු ඇත.
  3. උග‍්‍ර පාංශු ඛාදනයට හා උග‍්‍ර නායයෑම්වලට ගොදුරුව ඇති රටේ වටිනාම භූ කලාපයක් වන මධ්‍යම කඳුකරයේ සුරක්ෂිතභාවය තහවුරු කිරීම උදෙසා දැනට සිදුකර ඇති පර්යේෂණ හා දත්ත උපයෝගීකොට නව විද්‍යාත්මක ගවේෂණයක් මඟින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව නව සංරක්ෂිත වනාන්තර ස්ථාපිත කරනු ලැබේ.

අනාගත පැවැත්ම වෙනුවෙන් ජලය

  1. මධ්‍යම කඳුකරයේ හා ගංඟා ද්‍රෝණිවල වර්ෂා ජලය ගබඩා කිරීමේ හැකියාව නිසි ප‍්‍රතිපත්තියක් හා කළමනාකාරිත්වයක් නොමැති වීමෙන් දැඩි ලෙස දුර්වල වී ඇත. එහි ප‍්‍රතිඵලයක් ලෙස විටක දැඩි නිය`ගයත් විටක දැවැන්ත ගංවතුරටත් මුහුණ දේ. ජීවිත හා ආර්ථික හානින්වලට මුහුණදීමේ ශීඝ‍්‍රතාව ක‍්‍රමයෙන් වැඩි දියුණු වී ඇත. මෙම තත්වය පාලනය හා කළමනාකරණය කර ගැනීමේ අරමුණින් ගංගා ද්‍රෝණි හා මධ්‍යම කඳුකරයේ වැසි ජලය ගබඩා කර ගත යුතු ජල ධර ප‍්‍රමාණය ගණනය කරන අතර, මතුපිට ඇති ජලධරයන් හා පාෂාණ තුළ ඇති ජල ධරයන් ප‍්‍රතිපූර්ණය කිරීම උදෙසා විද්‍යානුකූල ක‍්‍රමවේදයන් සකස්කරනු ලැබේ. ඒ සඳහා අවශ්‍ය වන සුදුසු වන ගහනයක් ස්ථාපිත කිරීමට කටයුතු කරනු ලැබේ.
  2. ශී‍්‍ර ලංකාවේ සියලුම ජල මූලාශ‍්‍ර අධ්‍යයනයකින් පසු මැනුම් කටයුතු කොට, ගැසට් කර වසර 2ක්

ඇතුළත සංරක්ෂණය කරනු ලැබේ.

  1. එල්ලංගායි පද්ධති සකි‍්‍රය කළ හැකි ගංගා ද්‍රෝණි, සකි‍්‍රය කිරීමෙන් ක්ෂණික ගංවතුරෙන් හා නියඟයෙන්

සිදුවන බලපෑම අවම කිරීමට කටයුතු කෙරේ.

  1. ශී‍්‍ර ලංකාවේ ආර්ථික, සමාජ ඉතිහාසය සැකැස්මේ සුවිශේෂීතාව වන වාරි ශිෂ්ටාචාරය අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කිරීම අරමුණු කරගෙන විධිමත් ජල හා වාරි කෞතුකාගාරයක් වසර 3ක් ඇතුළත නිර්මාණය කරනු ලැබේ.
  2. මතුපිට හා භූ අභ්‍යන්තර ජලය දූෂණයට ලක්වන සියලුම මූලාශ‍්‍ර හඳුනාගෙන විද්‍යානුකූල විධිමත් ක‍්‍රම මගින් ජලයේ පවිත‍්‍රතාව තහවුරු කිරීමට කටයුතු කරන අතරම ජල දූෂණයට හේතුකාරක වන සාධක නවතා දැමීමට හා ඉවත් කීරීමට සැලසුම් කෙරේ.
  3. කාර්මික කෘෂිකාර්මික හා සේවා ස්ථානවල භාවිත කර පරිසරයට මුදාහරිනු බලන ජලය නිවැරදි

විද්‍යානුකූල ක‍්‍රමයකින් පරිසරයට බැහැර කිරීම අනිවාර්ය වනු ඇත.

  1. ජල පරිහරණයේදී සිදුවන නාස්තිය හා දූෂණයත්, අධික ලෙස භූගත ජල පරිහරණය තුළින් මතුවිය හැකි අර්බුද කළමනාකරණය උදෙසාත් විද්‍යාත්මක, පාරිසරික ජල කළමනාකරණ සැලැස්මක් සකස් කොට කි‍්‍රයාවට නඟනු ලැබේ.

අසිරිමත් ජෛව විවිධත්වය සුරකිමු

  1. වන ජීවී හා වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තු විසින් අවසන් වරට ගැසට් කර ඇති භූමි කලාපයන්හි අවදානමකට ලක්වී ඇති ප‍්‍රදේශ නැවත එම කලාපයන් තුළට අන්තර්ග්‍රහණය කර සංරක්‍ෂණය කරනු ඇත.
  2. ජාත්‍යන්තර පරිසර ප‍්‍රඥප්තිවලට අනුගතව කාර්මික, නාගරික, ජනාවාස හා කඳුකර ප‍්‍රදේශවල වෙන් වෙන්ව පැවතිය යුතු වන ඝනත්වයන්ගේ ප‍්‍රතිශත පවත්වා ගැනීම වෙනුවෙන් නව වන බිම් ස්ථාපිත කොට සංරක්ෂණය කරනු ලැබේ.
  3. සමස්ත ලාංකේය පරිසර පද්තියේ ජීවී පැවැත්මට අනතුරුදායක තත්වයක් ගෙන එන ආක‍්‍රමණික ශාක හා සත්ව විශේෂයන් රට තුළට ඇතුළුවීම වැළැක්වීමට විද්‍යානුකූල විධිමත් නිරෝධායන ක‍්‍රියාවලියක් ක‍්‍රියාත්මක කරනු ඇත. ශ‍්‍රී ලංකාව තුළ සුවිශේෂි වටිනාකම් ගෙන එන ශාඛ හා සත්‍ව ජානයන් විවිධ පටු ආර්ථික අවශ්‍යතාවන් වෙනුවෙන් සුළු පිරිසකගේ අභිවෘද්ධිය තකා සිදුවන පැහැරගැනීම අහෝසි කිරීමට කටයුතු කරන අතර එය ජාතික වටිනාකමක් ලෙස තක්සේරු කරනු ඇත. රටේ පාරිසරික අවශ්‍යතාවයන් හා අනාගත පැවැත්ම තිර කිරීමේ අරමුණ සහිතව පළමු වසර 5 අවසන් වන විට රටේ සංරක්ෂිත වන ඝනත්වය, සමස්ත භූමි ප‍්‍රමාණයෙන් 35% දක්වා වර්ධනය කිරීමට කටයුතු කරන අතර, එහිදී මධ්‍යම කඳුකරයේ වැසි වනාන්තර පද්ධතිය වඩා සංක්ෂිප්ත කිරීමටත් ලාංකේය ජෛව විවිධත්වයේ අවශ්‍යතාවයට අනුකූල වන ශාඛ ප‍්‍රජාවක් සංරක්ෂිත භූමි තුළ ස්ථාපිත කිීමටත් කටයුතු කරනු ලැබේ. පාරිසරික සුරක්ෂිතභාවයත් මහජනතාවගේ ආර්ථික අභිවෘද්ධියත් අරමුණු කර ගනිමින් පාරිසරික වන හා ඖෂධ වගා ව්‍යාපෘතියක් පළමු වසර 05 තුළ අක්කර ලක්ෂ 5ක භූමි ප‍්‍රමාණයක සිදු කිරීමට සැලසුම් කරනු ලැබේ. මේ සඳහා රජය ජනතාවට මාර්ගෝපදේශනය, ආධාර ලබාදීම හා වෙළෙඳ පොළ සකස් කර දීමේ මූලික වගකීම රජය විසින් ඉටු කරනු ඇත.
  4. ශ‍්‍රී ලංකාවට ආවේණික සත්ව හා ශාක ප‍්‍රජාව මානව කි‍්‍රයාකාරකම් හේතුවෙන් පත්ව ඇති අවදානම අහෝසි කිරීමට සැලසුම් කරන අතර ස්වාභාවික පාරිසරික කි‍්‍රයාවලි හේතුවෙන් වඳ වීමේ තර්ජනයට මුහුණ දෙන ජීවීන් හඳුනාගෙන මතු පරපුර වෙනුවෙන් ආරක්‍ෂා කිරීමේ කි‍්‍රයාවලියක් කි‍්‍රයාත්මක කරනු ඇත.

 

  1. පාරිසරික සමතුලිතතාව බිඳහෙළමින් සත්ව විශේෂ කිහිපයක සිදුවන ඝනත්වයන්ගේ සීග‍්‍ර වැඩිවීම පාරිසරික උවදුරක් ලෙස හඳුනාගන්නා අතර එසේ වැඩිවීමේ ජීවවිද්‍යාත්මක හේතුන් අධ්‍යයනය කර ස්වාභාවික වරණ කි‍්‍රයාවලිය මගින් විද්‍යනුකූලව පාලනය කිරීමට සැලසුම් කි‍්‍රයාත්මක කරනු ඇත.
  2. මානව පැවැත්ම සහ පරිසරය තිර කිරීමේ අරමුණින් නව සංකල්පයක් ලෙස පාරිසරික ජනාවාසකරණයත්, පාරිසරික නාගරිකකරණයත් යන සංකල්ප හඳුන්වා දෙමින් පළමු වසර 05 තුළ තෝරාගන් නගර 10ක් විශේෂඥයින්ගේ සැලසුම්වලට අනුව ආදර්ශ හරිත නගර ලෙස ඉදිකර ජනතා අයිතියට පත්කරනු ලැබේ.
  3. සමස්ත ජීවී පැවැත්ම සඳහා පාංශු ගෝලය හා වායු ගෝලය තුළ ජෛව ජීර්ණ කි‍්‍රයාවලිය මනා ලෙස පවත්වා ගැනීමට අති වීශාල කර්යභාරයක් සපුරන ක්‍ෂුද්‍ර ජීවී ගහන විනාශ කරන මිනිස් කි‍්‍රයාකාරකමක් වූ මුදා හරින කෘති‍්‍රම රසායනිකයන් පරිසරයට බැහැර කිරීම විද්‍යානුකූල විධිමත් වැඩපිළිවෙළක් මගින් පාලනය කිරීමට සැලසුම් කරනු ලැඛේ.

සුපවිත‍්‍ර හුස්ම පොදක්

  1. ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් වායුගෝලයද බරපතළ දුෂණයකට ලක්ව ඇත. එහි ප‍්‍රතිවිපාක ලෙස

සෞඛ්‍ය ආර්ථිකමය ගැටලු වර්ධනය වෙමින් පවතී. එබැවින් සියලු මිනිස් කි‍්‍රයාකාරකම් නිසා වායු ගෝලයට විමෝචනය වන සියලු වායු වර්ගයන් හා ක්‍ෂුද්‍ර ඝන අංශු පිළිබඳව විගණනයක් සිදු කරනු ඇත. ඒ සඳහා අවශ්‍ය පාරිසරික විගණනය ඒකකයක් ස්ථාපිත කරනු ඇත. එකී විගණනය අනෙකුත් පාරිසරික සාධකයන්හි ගුණාත්මක බව තහවුරු කරගැනීම උදෙසා විගණනයේ යෙදෙනු ඇත.

  1. වායු ගෝලයට විමෝචනය වන දූෂකාරක වායු වර්ගවලින් එම ස්ථානයේදීම අතුරු නිෂ්පාදන බිහිකරලීම හෝ බැහැරකරලීමේ නව තාක්‍ෂණ හඳුන්වා දීම හෝ විමෝචනය සිදු නොවන ක‍්‍රමවේදවලට ප‍්‍රවිෂ්ට වීම සඳහා රාජ්‍ය අනුග‍්‍රහය ලබා දෙමින් පාලනය කිරීමට සැලසුම් කෙරේ.
  2. වායු ගෝලය තුළ ප‍්‍රකාශ රසායන දූමිකාව නිර්මාණය වෙමින් මිනිසාට ජීවත්වීම අභියෝගයට ලක් කරමින් වායු දූෂණය උච්ඡු අවස්ථාවකට ළඟා වී ඇති නගර හඳුනා ගෙන කඩිනමින් එම දූමිකාව ඉවත්කිරීම සඳහා නව තාක්‍ෂණික ජෛව ක‍්‍රම භාවිතා කරනු ඇත. මහනුවර වැනි දැඩි වායු දූෂණයට ලක්ව ඇති නගර 2ක් තෝරා නියමු ව්‍යාපෘතියක් ලෙස පිරිසිදු වාතය සහිත නගර බවට වසරක් ඇතුළත පත්කිරීමේ කි‍්‍රයාවලිය ආරම්භ කරනු ඇත.
  3. වායු ගෝලයේ හරිත වායු අවශෝෂණ හා විමෝචන ක‍්‍රියාවලිය සමතුලිතතාවයේ පවත්වා ගැනීම සඳහා කාබන් තිර කිරීමේ උපරිම හැකියාව ඇති ක්‍ෂණික වර්ධනයක් ඇති පාරිසරික යෝග්‍ය දැව වර්ගයන් හඳුන්වාදෙන අතර එමගින් වාණිජ නිෂ්පාදන කරන කර්මාන්ත සඳහා රාජ්‍ය අනුග‍්‍රහය ලබාදෙනු ඇත.

 

මනරම් වෙරළක් පිවිතුරු සයුරක්

  1. වෙරළ තීරයට හෝ සාගරයට සෘජුව හෝ වක‍්‍රව අපද්‍රව්‍ය බැහැර කිරීම පූර්ණ ලෙස නතර කරනු ලැබේ.
  2. වෙරළ කලාපයේ අධි සංවේදී පරිසර පද්ධති හඳුනා ගෙන එම පරිසර පද්ධති සුරක්‍ෂිත කිරීම සඳහා අවශ්‍ය අවම සීමාව තුළ මානව කි‍්‍රයාකාරකම් අත්හිටවනු ඇත.
  3. අනෙකුත් වෙරළ කලාපයන්හි වෙරළ සංරක්‍ෂණ අවම සීමාව විද්‍යානුකූලව තීරණය කරන අතර එය නිවැරදිව නිරවුල්ව මිණුම් කටයුතු කර සලකුණු කරනු ඇත. එම සීමාව තුළ නව ඉදිකිරිම් අත්හිටුවනු ලබන අතර පවතින ඉදිකිරිම් ක‍්‍රමනුකූලව විකල්ප හඳුන්වා දෙමින් ඉවත් කිරීමට කටයුතු කෙරේ. මෙම කර්තව්‍යය වසර 3ක කාලයකින් නිමකරනු ඇත.
  4. මත්ස්‍ය සම්පත ඇතුළු ගැඹුරු මුහුදේ පවතින ස්වභාවික සම්පත් භාවිතයට ගැනීමට හා එම සම්පත් සුරක්‍ෂිත කිරීම වෙනුවෙනුත් සාගර දූෂණය අවම කිරීම වෙනුවෙනුත් ජාත්‍යන්තර නීතිවලට සමගාමීව පාරිසරික නීති පද්ධතියක් සකසනු ඇත. මෙම කාර්යය වසරක කාලයකින් නිමකරනු ඇත.
  5. ශ‍්‍රී ලාංකේය ජනතාව සමග සංස්කෘතිකව බැදී ඇති මුහුදු වෙරළ කලාප කිහිපයක් හා සංචාරක ආකර්ෂණයට ලක්ව ඇති වෙරළ කලාප කිහිපයක් සියලු පහසුකම් සහිත සුන්දර පාරිසරික තීරයන් බවට වසර 03ක් ඇතුළත ගොඩනගනු ඇත.

නිකසළ රටක උරුමය

  1. මූලික කසළ කළමනාකරණය කසළ ජනනය වන ස්ථාන එනම් ගෘහ කර්මාන්ත, ව්‍යාපාරික ස්ථාන හා ආයතනවලින්ම ආරම්භ කිරීමට විධිමත් සැලැස්මක් සකස් කරනු ලැබේ.
  2. නිෂ්පාදකයා, ව්‍යාපාරිකයා, පාරිභෝගිකයා එක්ව පරිසරයට බැහැර කරන කසළ සමාජ වගකීමක් සහිතව බැහැර කරලීමේ ක‍්‍රමවේදයකට යටත් කරනු ඇත.
  3. ඉලෙක්ට්‍රෝනික හා විද්‍යුත් අපද්‍රව්‍ය ඇතුළත් ඝන අපද්‍රව්‍ය ප‍්‍රතිචක‍්‍රීයකරණය සඳහා තෝරා ගත් ස්ථාන කිහිපයකම මධ්‍යස්ථාන පිහිටවනු ලැබේ. මෙම කර්තව්‍යය කි‍්‍රයාවට නගා වසරක් තුළ අවසන් කරනු ඇත.
  4. රාජ්‍ය හා පෞද්ගලික අංශ දායක කර ගනිමින් ජෛව රසායනික කසළ කළමනාකරණ කර්මාන්තශාලා සෑම දිස්ත‍්‍රික්කයකටම එක බැගින් ස්ථාපිත කිරීම තුළින් කොම්පෝස්ට් පොහොර හා බලශක්ති නිෂ්පාදනයටද අවතීර්ණය වනු ඇත.

වැරදි භාවිතයෙන් නිර්මිත වූ පාරසරික ගැටලු දුරලමු

  1. රටේ පවතින ප‍්‍රධාන වන ජීවී හා වන සංරක්‍ෂණ කලාප ඒකාබද්ධ කළ හැකි ස්ථාන හඳුනාගෙන නවීන මංකඩවල් ස්ථාපිත කිිරීමට සැලසුම් කෙරේ. මේ යටතේ පළමු වසර 02 තුළ ප‍්‍රධාන වන කලාප 10 තුළ නව අලිමංකඩවල් ස්ථාපිත කිරීමට සැලසුම් කෙරේ.
  2. වන සතුන් ගම් වැදීම හා වගා බිම්වලට සිදුකරන හානීන් වළක්වා ගැනීමටත් වන සතුන්ගේ ආහාර අවශ්‍යතාවය සැපිරීමත් අරමුණු කර ගනිමින් වන අලින් හා වන සතුන් සඳහා වනාන්තරවල පවතින ආහාර අවශ්‍යතා සැපිරීම වෙනුවෙන් අදාළ පාරිසරික පද්ධති නිර්මාණය කිරීමට සැලසුම් කිරීම.
  3. අලි ඇතුන්ගේ ඇත් දළ, ගජමුතු, කෙඳි පිළිබඳව පවතින සමාජ මිථ්‍යාවන් හා වටිනාකම් අහෝසි කිරීම සඳහා අවබෝධය ලබාදීමට කටයුතු කෙරේ.
  4. වන අලින් ගම් නගරවලට පිවිසීම වැළැක්ම සඳහා විධිමත් විදුලි වැට පද්ධතියක් ස්ථාපිත කරන අතර ඒ සඳහා වු ඒකකයක් පිහිටවනු ලැබේ. එමෙන්ම ජීව විද්‍යාත්මක හා නව තාක්ෂණික ක‍්‍රමවේදයන් ජන සහභාගිත්ව වැඩසටහන් අලි මිනිස් ගැටුම් පාලනය කිරීම සඳහා භාවිත කෙරේ.
  5. පාරිසරික මිතුරු මානව පැවැත්මකට ක‍්‍රමානුකූලව සමාජය අනුගත කරගනිමින් පරිසරය විසින් මානවයාට එල්ල කර තිබෙන වකුගඩු, ඩෙංගු, පිළිකා, ශ්වසන රෝග ආදී සෞඛ්‍ය ගැටලු හුදු සෞඛ්‍ය ගැටලු ලෙස ලඝු නොකරන අතර වැරදි පාරිසරික භාවිතයක් සහ අවිධිමත් සංවර්ධන ක‍්‍රියාවලි හේතුවෙන් පැනනැගුන ගැටලු ලෙස හඳුනා ගන්නා අප එම ගැට ̈ තුරන් කිරීමට අධ්‍යාපනික මෙන්ම පාරිසරික සංස්කෘතියක් ගොඩ නැගීමට සැලසුම් කරන අතර එය ඇගයීමේ කි‍්‍රයාවලිකට වාර්ෂිකව භාවිතා කරනු ඇත.
  6. මානව වාසස්ථාන වන නිවාස හා වැඩ බිම් සෞඛ්‍ය ආරක්‍ෂිතව පරිසර හිතකාමී පි‍්‍රයමනාප ස්ථාන බවට පත් කිරීම සඳහා ප‍්‍රජා සහභාගිත්වයක් සහිත රාජ්‍ය මැදිහත්වීමක්ද ඇතුළත් සැලසුමකට ලක් කෙරේ.
  7. ජනතාවගේ පරිභෝජනය සඳහා පිරිසුදු ගුණාත්මක ආහාර මෙන්ම අනෙකුත් භෞතිකමය භාණ්ඩ හා ද්‍රව්‍යය පරිසර හිතකාමී පරිභෝජන රටාවකට ගෙන ඒමත් සඳහා දැනුම ලබාදීමත් ඒ සඳහා වූ සංස්කෘතියක් ගොඩනැගීමට සැලසුම් කිරීමත් රජයේ වගකීමක් කොට සලකා කටයුතු කෙරේ.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

05

සශ‍්‍රීක දේශයක්

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

නොසැලෙන ආර්ථිකයක්

ගුණාත්මක ජීවිතයක්

 

ආර්ථික ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නව තාක්‍ෂණය හා නව දැනුම පදනම් වූ ගුණාත්මක ජීවිතයක් හා නොසැලෙන ආර්ථිකයක් යන්න අපගේ ආර්ථික ප‍්‍රතිපත්තියේ තේමාව වන අතර එය පහත මූලික අනන්‍යතාව අනුව හඳුනා ගැනේ.

 

x ආර්ථික සංවර්ධනය වෙත ළඟාවීම සඳහා අඛණ්ඩ ආර්ථික වෘද්ධියක් පවත්වාගන්නා ශක්තිමත් නිෂ්පාදන ආර්ථිකයක්

x නිෂ්පාදන කි‍්‍රයාවලියට සෑම පුරවැසියෙකුම සම්බන්ධ වී වටිනාකම් එකතු කරන ජන සහභාගිත්ව ප‍්‍රජාමූල ආර්ථියක්

x ආදායම් අසමානතාව හා ප‍්‍රාදේශීය ආර්ථික විෂමතා අවම වූ දුප්පත්කම සහමුලින් තුරන් කරන ලද ආර්ථිකයක්.

x නවීන තාක්‍ෂණය සමගින් ආර්ථික කි‍්‍රයාකාරකම්වල ඵලදායිතාව හා කාර්යක්‍ෂමතාව උසස් මට්ටමක පවතින ආර්ථිකයක්

x ආර්ථිකයේ ප‍්‍රතිලාභ මහජනතාව අතර සාධාරණ ලෙස බෙදී යන ආර්ථිකයක්. අවශ්‍ය මූල්‍ය ප‍්‍රතිපත්ති, බදු ප‍්‍රතිපත්ති, ආයතන ව්‍යුහය හා නීතිමය ව්‍යුහය සකස් කිරීම

x නිසි කළමනාකරණයක් සහ සම අයිතිවාසිකම් යටතේ සැමට සහභාගි විය හැකි සංවිධිත මූල්‍ය ප‍්‍රතිපත්ති, බදු ප‍්‍රතිපත්ති, ආයතන ව්‍යූහයන් හා නීතිමය ව්‍යූහයන් සහිත වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආර්ථිකයක්

x සැලසුම්ගත ආර්ථික ඉලක්ක වෙත ළඟා වීමට අවශ්‍ය බහුවිධ නිපුණතාවන්ගෙන් පිරිපුන් උසස් මානව සම්පතක් සහිත දැනුම මූලික ආර්ථිකයක්

ආර්ථික වෘද්ධිය හා ස්ථායිකරණය

. පුද්ගලික අංශය ක‍්‍රියාකාරී පාර්ශ්වකරුවකු ලෙස ආර්ථික ක‍්‍රියාවලියට සම්බන්ධ වන නිෂ්පාදන ආර්ථිකයක් තුළින්, 2025 දී ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය දෙගුණයක් (එක්සත් ජනපද ඩොලර් 8000) කිරීම සඳහා වූ මඟ පෙන්වීම්, දිරිගැන්වීම්, ඇතුළු යටිතල පහසුකම් හා බදු සහන සහිත උපාය මාර්ගික ජාතික ආර්ථික සැලැස්මකට අනුව ආර්ථිකය මෙහෙයවීමට වෘත්තිකයන්ගෙන් සැදුම්ලත් ස්වාධීන ආයතනයක් පිහිටුවීම

. දේශීය අවශ්‍යතා හා විදේශ වෙළඳපොළ ඉලක්ක කරගනිමින් දේශීය යෙදවුම් උපයෝජනයට ප‍්‍රමුඛතාව ලබාදෙන සුළු, මධ්‍ය හා ක්ෂුද්‍ර පරිමාණ කර්මාන්ත ප‍්‍රවර්ධනය

x සුළු, මධ්‍ය හා ක්ෂුද්‍ර පරිමාණ කර්මාන්ත සම්බන්ධයෙන් කටයුතු කිරීමට වෙනමම අමාත්‍යාංශයක් පිහිටුවීම

x මෙම කර්මාන්ත සඳහා පෞද්ගලික අංශය යොමුකර ගැනීමට ව්‍යාපාරික ඥානය, මඟපෙන්වීම, යටිතල පහසුකම් හා මූල්‍ය පහසුකම් ලබාදීම

 

x රාජ්‍ය ආයෝජන සහිතව සැම දිස්ත‍්‍රික්කයක්ම ආවරණය වන පරිදි නිෂ්පාදන කර්මාන්තශාලා 100ක් පිහිටුවීම

x හිමිකාරිත්වයෙන් කොටසක් සේවකයින්ට ලබාදීම හා ව්‍යාපාර කළමනාකරණයට සේවකයන් සම්බන්ධ කරගැනීම දිරිගැන්වීම හා සේවකයන්ට එම සමාගම්වල කොටස් මිලදී ගැනීමට අවශ්‍ය මූල්‍ය පහසුකම් සැපයීම.

x ව්‍යාපාර කටයුතු සාර්ථකව කරගෙන යාමට උපදේශනය, මග පෙන්වීම, ආශ‍්‍රිත සේවා සැපයීම හා පසුවිපරම් කිරීම සඳහා ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් අමාත්‍යාංශයට අනුබද්ධ කළ වෙනමම ඒකක පිහිටුවීම

. ග‍්‍රාමීය ශක්‍යතාවන් හා සම්පත් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ක්‍ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ජාලය හා සම්බන්ධ වූ ග‍්‍රාමීය කර්මාන්ත ආරම්භ කිරීමට අවශ්‍ය දිරිගැන්වීම් හා පහසුකම් ලබා දෙමින් ‘පොහොසත් ගමක්’ ක‍්‍රමිකව ගොඩනැගීම

. දැනට පවතින ග‍්‍රාමීය බැංකු හා ප‍්‍රාදේශීය සංවර්ධන බැංකු සම්බන්ධ කරගනිමින් අවශ්‍ය මූල්‍ය පහසුකම් සැපයීමට විශේෂිත රාජ්‍ය බැංකුවක් පිහිටුවීම

. නවෝත්පාදන හා අංකුර නිෂ්පාදකයා සඳහා බදු සහන ලබා දීම හා ව්‍යවසායක මඟපෙන්වීම මඟින් නිෂ්පාදන දිරිගැන්වීම

. වෙළඳ භෝග හා කෘෂිකාර්මික නිෂ්පාදන ප‍්‍රාථමික නිෂ්පාදන ලෙස අපනයනය කරනු වෙනුවට වටිනාකම් එකතු කරන නිෂ්පාදන අපනයන විවිධාංගිකරණය පදනම් කරගත් කෘෂි නිෂ්පාදන ගම්මාන මගින් ජාලගත වූ කෘෂිපාදක කර්මාන්ත පද්ධතියක් (Agro Based Industries) පිහිටුවීමට ගොවියන්, සේවකයන් හා ආයෝජකයන් සම්බන්ධ කරගැනීම

. ධීවර කර්මාන්තයේ නියැලෙන ප‍්‍රජාව මූලික කරගනිමින් මසුන් ඇල්ලීම, මත්ස්‍ය වගාව, ධීවර උපකරණ හා යාත‍්‍රා, තාක්ෂණය, මසුන් ඇල්ලීමේ නවීන ක‍්‍රම, මත්ස්‍ය නිෂ්පාදන, කල් තබා ගැනීමේ ක‍්‍රම, ගබඩාකරණය, දේශීය වෙළඳපොළ තුළ බෙදාහැරීම හා විදේශීය වෙළඳපොළ ඉලඩිම හා අපනයන අවස්ථා සැලකිල්ලට ගනිමින් ක්ෂේත‍්‍රයට සම්බන්ධ සියලු පාර්ශ්ව එකට වැඩ කරන දිගුකාලීන සැලැස්මක් පිළියෙළ කිරීම

. සම්පත් පිහිටීම හා අමුද්‍රව්‍ය ලබාගැනීමේ ශක්‍යතාව මත හඳුනාගත් එක් ප‍්‍රදේශයකට එක් භාණ්ඩයක් (One Region One Product) යන තේමාව යටතේ භාණ්ඩ නිෂ්පාදනයට අවශ්‍ය පහසුකම් ලබාදීම. නිෂ්පාදනයේ ප‍්‍රාථමික අවස්ථාවේ සිට විදේශ වෙළෙඳපොළ තුළ භාණ්ඩ අලෙවි කිරීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණය හා මඟපෙන්වීම ලබාදීම

. කෘෂිකර්මාන්තය හා අනෙකුත් කර්මාන්ත සඳහා යොදාගැනෙන සුළු උපකරණ දේශීය වශයෙන් නිෂ්පාදනය දිරිගැන්වීම හා එවැනි ආයෝජකයන්ට අවශ්‍ය මූල්‍ය පහසුකම් සහ බදු සහන ලබාදීම

. දේශීය කර්මාන්ත, කෘෂිකර්මාන්තය හා ආහාර නිෂ්පාදනයට බාධා වන හා අත්‍යවශ්‍ය නොවන ආනයන සීමා කරන හා අපනයන හා ආයෝජන කර්මාන්ත සඳහා යෙදවුම් ලෙස භාවිත වන ආනයන සඳහා ප‍්‍රමුඛතාවය ලබා දෙන නව වරණ තීරුබදු හා ආනයන පරිපාලන උපක‍්‍රම හඳුන්වාදීම

. නවීන තාක්ෂණය හා උපාංග සහිතව කිළිනොච්චිය, අම්පාර හා හම්බන්තොට ප‍්‍රදේශවල කිරි නිෂ්පාදන කර්මාන්තශාලා 03ක් ආරම්භ කිරීම හා ගොවි සංවිධාන සැපයුම් දාමයේ ක‍්‍රියාකාරී පාර්ශ්වකරුවන් බවට පත්කිරීම

. පාවහන්, ගමන් මළු, ඇතුළු සම්භාණ්ඩ නිෂ්පාදනයට බලපාන අමුද්‍රව්‍ය ලබාගැනීමේ ගැටලු, ආනයනය හා ආශි‍්‍රත බදු ගැටලු ඉවත් කොට රජයේ මඟපෙන්වීම යටතේ හා යටිතල පහසුකම් ලබාදෙමින් විවිධ ක්‍ෂෙත්‍ර ජාලගත කරමින් කර්මාන්ත පද්ධතියක් තුළට ගෙනඒම

. කැල්සියම් කාබනේට් (හුණු) අමුද්‍රව්‍ය ලෙස භාවිතා කරමින් දන්තාලේප ඇතු විවිධ නිෂ්පාදනවල නියැලෙන කර්මාන්ත ජාලගත කරමින් හා බලංගොඩ ප‍්‍රදේශයේ පිහිටි කල්සයිට් නිධිය උපයෝගී කර ගනිමින් කැල්සියම් කාබනේට් කර්මාන්ත ශාලාවක් පිහිටුවීම

. නවීන තාක්‍ෂණික විධික‍්‍රම සහ ප‍්‍රතිචකී‍්‍රකරණය හා සම්බන්ධ ව්‍යවසාය සඳහා විශේෂ බදු සහන, මගපෙන්වීම් හා දිරිගැන්වීම් ලබාදීම. . නාවුක සේවා සැපයීමේ කේන්ද්‍රස්ථානයක් බවට ශ‍්‍රී ලංකාව පත්කිරීම

. අදාළ ඉලක්කය ළඟ කර ගැනීම සඳහා දිගු කාලීන උපායමාර්ගික සැලසුමක් සකස් කිරීම

. කොළඹ වරායට ප‍්‍රමුඛත්වය දෙමින් සියලු ප‍්‍රධාන වරායන් තාක්ෂණය මත ක‍්‍රියාත්මක පහසුකම් සපයන වරායන් ලෙස නවීකරණය කිරීම

. නැව් ඉදිකිරීම හා ප‍්‍රතිසංස්කරණය සඳහා යටිතල පහසුකම් ඇතිකිරීම

. නාවුක ආරක්ෂණ සේවා හා අනෙකුත් සේවා සැපයීම

. දැනට ලංකාව ආසන්නයෙන් ගමන් කරන 400කට අධික නැව් ප‍්‍රමාණය හා තායිලන්තය හරහා දැනට ඉදිවෙමින් පවතින “ක‍්‍රා” ඇල නිමවීමෙන් පසු මුහුදු මාර්ගය කෙටිවීමෙන් ඇතිවන වාසිදායක තත්වයන් සලකා බලා නැව් තෙල් වෙළදාම මඟින් ප‍්‍රධාන විදේශ විනිමය උපයන මාර්ගයක් නිර්මාණය කිරීම

. කොළඹ වරාය මුල් කරගනිමින් අවම පිරිවැයක් යටතේ ඉහළ කාර්යක්ෂමතාවකින් යුතු සේවා සපයන බහාලුම් මෙහෙයුම් මධ්‍යස්ථානයක් බවට ශ‍්‍රී ලංකාව පත් කිරීමට අවශ්‍ය සංවර්ධන ව්‍යාපෘති හඳුන්වාදීම හා යටිතල පහසුකම් ලබාදීම

. ත‍්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය නවීකරණය කොට අන්තර් ජාතික ඛනිජ තෙල් ගබඩා මධ්‍යස්ථානයක් බවට පත්කිරීම

. සපුගස්කන්ද තෙල් පිරිපහදුව නවීකරණය කිරීම හා නව පිරිපහදු අංගනයක් ඉදිකිරීම මඟින් ඛනිජතෙල් ආශ‍්‍රිත නිෂ්පාදන සඳහා කලාපයේ ප‍්‍රධාන සැපයුම්කරුවකු බවට පත්වීම

. ඵලදායීතාව හා පරිපාලන කාර්යක්ෂමතාව වැඩි කිරීම සඳහා ආයතනවලට සේවක සමූපකාර (Woker Coops), හා රාජ්‍ය, පෞද්ගලික හා මහජන හවුල් ව්‍යාපාර (PPPPs) යන ව්‍යුහයන් හඳුන්වාදීම

රාජ්‍ය ව්‍යවසාය

. පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය ලාභ ලබන තත්වයට පත් කිරීම සඳහා පහත අංශ ඇතුළත් ප‍්‍රමුඛතා පාදක උපායමාර්ගික වැඩපිළිවෙලක් ක‍්‍රියාවට නැංවීම

. විවිධ ආකෘතීන් යටතේ රාජ්‍ය, පෞද්ගලික හා ජනතා හිමිකාරීත්වය ඇති කිරීම

. වගවීමට යටත් වෘත්තීය සුදුසුකම් හා කුසලතා සහිත ස්වාධීන කළමණාකාරීත්වයක් යටතට පරිපාලනය පත් කිරීම

. තීරණ ගැනීමට පහසු වන පරිදි විනිවිදභාවයෙන් යුතු තොරතුරු වාර්තාකරණයක් පවත්වා ගැනීම

. ලංකා විදුලි බල මණ්ඩලය සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ අනුබද්ධ ආයතන ඒකාබද්ධ රාජ්‍ය ව්‍යවසායකත්වයක් පත්කිරීමෙන් ඒවායේ මෙහෙයුම් කටයුතු කාර්යක්ෂමතාව ඉහළ නැංවීම

. ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැනි ආයතන ඒකාබද්ධ රාජ්‍ය බැංකුවලින් ලබා ගෙන ඇති ණය පියවා දමා මෙහෙයුම් කටයුතු පහසු කිරීම සඳහා එම බැංකුවලට ඒ ඒ ආයතනවල කොටස් හිමිකාරිත්වය ලබාදීම

. දේශීය ආර්ථිකය අගාධයට හෙළන, රාජ්‍ය සම්පත් පෞද්ගලික ප‍්‍රතිලාභ සඳහා යොදාගැනීමට ඉඩ

සලසන කිසිම ආකාරයක දෙස් විදෙස් ආයෝජනයන් සඳහා රාජ්‍ය ව්‍යවසාය විවෘත නොකිරීම

. නව රාජ්‍ය ව්‍යවසාය ආරම්භ කිරීම හෝ පවතින ව්‍යාපාර ප‍්‍රතිව්‍යුහගත කිරීම යන නාමික ලේබල් යටතේ රාජ්‍ය දේපළ මංකොල්ලකෑම සඳහා යොදාගැනෙන අවස්ථාවාදී ව්‍යාපාර (Specific Purpose Enterprises) සඳහා අනුබල නොදීම හා ඒ වෙනුවට මහජන සුභසිද්ධිය ප‍්‍රමුඛ කොට ගත් ආයෝජන හිමිකාරිත්ව හා කළමනාකරණ ආකෘති යටතේ පමණක් රාජ්‍ය ව්‍යවසාය පවත්වා ගැනීම

. මිනිරන්, ඛනිජ වැලි, තිරුවාන, පොස්ෆෙට් හා රසායනික ද්‍රව්‍ය වැනි ස්වභාවික සම්පත් කාර්යක්ෂම හා තිරසාර ලෙස උපයෝජනය කරමින් අගය එකතු කරන භාණ්ඩ නිෂ්පාදනය ප‍්‍රවර්ධනය කිරීම සඳහා දැනට වසා දමා ඇති හා අකාර්යක්ෂමව ක‍්‍රියාත්මක වන රාජ්‍ය ව්‍යවසාය නව පරිපාලන ව්‍යුහයක් යටතේ නවීකරණය කොට පවත්වා ගැනීම හා නව නිෂ්පාදන කර්මාන්තශාලා ආරම්භ කිරීම. (මෙහිදී හිමිකාරිත්වය හා කළමනාකරණය සඳහා සේවකයන් සම්බන්ධ කරගැනීම මඟින් නිෂ්පාදන ඵලදාව හා කාර්යක්ෂමතාව වැඩි කිරීම අපේක්ෂා කෙරේ)

. උපායමාර්ගික භූගෝලීය පිහිටීම ප‍්‍රයෝජනයට ගනිමින් ඛනිජ තෙල් පිරිපහදුව හා ඛනිජ තෙල්

ආශ‍්‍රිත නිෂ්පාදනය හා වෙළඳපොළ සඳහා ආසියානු කේන්ද්‍රස්ථානය බවට ශ‍්‍රී ලංකාව පත් කිරීම

. පළමු අදියරේදී දැනට පවතින තෙල් පිරිපහදුව නවීකරණය කිරීමටත් නවීන අංගෝපාංග සහිතව නව ඛනිජ තෙල් ආශ‍්‍රිත නිෂ්පාදන සඳහා යන්ත‍්‍රාගාරයක් ඉදිකිරීම

. රාජ්‍ය ව්‍යවසාය සඳහා සේවකයන් බඳවා ගැනීම අනිසි දේශපාලන අතපෙවීම්වලින් තොරව වෘත්තීය සුදුසුකම් හා කුසලතා මත පමණක්ම සිදු කිරීම.

දුප්පත්කම තුරන්කිරීම

. සමෘද්ධිලාභීන් දුප්පත්කමින් මුදා ගැනීම

. දැනට ආධාර ලබන සියලුම සමෘද්ධිලාභීන් මුහුණ දෙන සැබෑ සමාජ ආර්ථික ප‍්‍රශ්න සොයා බලා විසදුම් ලබාදීමට වෘත්තිකයන්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත්කිරීම

. සමෘද්ධිලාභීන් සවිබලගන්වා ආර්ථිකමය ස්වාධීනත්වය අත්පත්කරගන්නා තුරු පහළම ආදායම් ලබන පවුල් ලක්ෂ හය සඳහා විශේෂ ව්‍යවසායකත්ව යෝජනා ක‍්‍රමයක් සමග සමෘද්ධි දීමනාව මසකට රුපියල් 10,000 දක්වා ඉහළ දැමීම

. මූලික පියවරක් ලෙස වසරක් තුළ සමෘධිලාභී පවුල් වල අ.පො.ස (උ/පෙළ) සමතුන්ට හා උපාධිධාරීන්ට රැකියා අවස්ථා ලබාදීම හෝ ව්‍යවසායකත්ව යෝජනා ක‍්‍රම මගින් ස්ථිර ආදායමක් තහවුරු කර දීම

. සහනාධාර මත සදාකාලිකව දුප්පත්කමේ හිරවී යැපෙන්නන් ලෙස ජීවත් වීම වෙනුවට තම ජීවන මට්ටම ක‍්‍රමිකව උසස් කර ගනිමින් තිරසර ආදායම් උපයනන්නන් බවට පත්කරන ව්‍යවසායකත්ව මඟපෙන්වීමක් ලබා දීම

. අවුරුදු පහක් ඇතුළත සියලු සමෘධිලාභීන් අභිමානයෙන් ජීවත්විය හැකි මූල්‍ය නිදහස සහිත පුරවැසියන් බවට පත්කිරීම

. කෘෂිකාර්මික කටයුතු හෝ ව්‍යාපාරික කටයුතු සඳහා රාජ්‍ය බැංකුවලින් ලබාගෙන ඇති සුළු පරිමාණ ණය ගෙවා ගැනීමේ ගැටලුවලට මුහුණදී සිටින පුද්ගලයන්ගේ ණය විධිමත් විමර්ශනයකින් පසු කපාහැර ඔවුන් නැවතත් නිෂ්පාදන ක‍්‍රියාවලියට ඵලදායී ලෙස සම්බන්ධ කරවීමට අවශ්‍ය උපදෙස් හා පහසුකම් ලබාදීම

. දළ වශයෙන් කාන්තාවන් 2,400,000ක් ඇතුළු 2,800,000ක් පමණ ණය ලබා ගෙන ඇති, එමෙන්ම 190 දෙනෙකු පමණ සියදිවි හානිකරගෙන ඇති ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලෙන් ජනතාව මුදවා ගැනීමට විධිමත් වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කිරීම

ඒ අනුව:

. මහ බැංකුවේ අනුමත පොලී අනුපාත ඉක්මවා අයකරනු ලබන සියලු අසාධාරණ පොලී කපා හැරීම

. මහා බැංකුවේ අනුමත පොලී අනුපාත යටතේ ගෙවිය යුතු එහෙත් ගෙවා දැමීමට නොහැකි වී ඇති ණය පොලී රජය විසින් ගෙවා දැමීම

. ණයලාභීන්ට ඵලදායී ව්‍යවසාය ඇරඹීමට අවශ්‍ය මඟ පෙන්වීම ලබාදී රාජ්‍ය හා පෞද්ගලික මුල්‍ය අංශ ඒකාබද්ධ වූ ප‍්‍රජාමූල ණය යෝජනා ක‍්‍රමයක් මඟින් නොගෙවූ ණය ප‍්‍රතිපූර්ණය කර ඔවුනට නව ව්‍යවසාය ආරම්භ කිරීම සඳහා ප‍්‍රාග්ධනය සම්පාදනය කර දීම

. ආරම්භ කරනු ලබන නව ව්‍යවසාය අපගේ කර්මාන්ත ප‍්‍රතිපත්තිය යටතේ යෝජනා කර ඇති ක්ෂුද්‍ර කර්මාන්ත හා ව්‍යවසාය ජාලයට සම්බන්ධ කිරීම

. ණය නොගෙවීම හේතුවෙන් දැනටමත් නඩු දමා ඇති පුද්ගලයින්ට එම නඩු නිරවුල් කර ගැනීමට අවශ්‍ය නීති ආධාර ලබා දීම

. ණය නොගෙවීම හේතුවෙන් ලිංගික හිංසනයන් ඇතුළු අනේකවිධ අඩම්තේට්ටම්වලට මුහුණ දීමට සිදුවී ඇති සියලු දෙනාට ඒ පිළිබඳ පැමිණිලි කිරීමට හා විධිමත් පරීක්ෂණයක් සිදුකිරීමට හැකි පූර්ණ බලය සහිත අධිකාරියක් පිහිටුවීම

. දැනට ඇති කෘෂි රක්ෂණ ක‍්‍රමයේ ගැටලු අධ්‍යයනය කොට, ගොවියා මුහුණ දෙන අවදානම සම්පූර්ණයේම ප‍්‍රතිපූර්ණය කිරීමට හැකිවන පරිදි හා ගොවියාට අනවශ්‍ය මූල්‍ය බරක් නොපැටවෙන පරිදි ගොවි රක්ෂණ ක‍්‍රමය පූර්ණ ප‍්‍රතිසංස්කරණයකට ලක් කිරීම

. කාන්තා ව්‍යවසායකත්වය ප‍්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය පුහුණුව හා ප‍්‍රාග්ධන පහසුකම් සහිතව ගම් මට්ටමින් ක්ෂුද්‍ර පොකුරු සමාගම් 15,000ක් ස්ථාපිත කර ඒවා අනෙකුත් කර්මාන්ත හා වෙළඳපොළ සමඟ සම්බන්ධ කිරීම

 

කෘෂිකර්මාන්තය හා පශු සම්පත්

. ආහාර සුරක්ෂිතභාවය තහවුරු කිරීම හා නිෂ්පාදන ඵලදායිතාව වැඩිකිරීම සඳහා ක‍්‍රමෝපාය හා නීතිරීති සකස් කිරීම

. සුහුරු පාලන පද්ධති උපයෝගී කරගෙන නිසි මඟ පෙන්වීම් සහිතව, වගා බිම් තෝරාගැනීම, භෝග තෝරාගැනීම, බීජ උත්පාදනය, පොහොර හා කෘමිනාශක භාවිතය, අස්වනු නෙළීම, පසු අස්වනු කළමනාකරණය, වෙළඳපොළ සම්බන්ධීකරණය, පිළිබඳ තොරතුරු සුහුරු පාලන පද්ධති ඇසුරින් ලබාදෙමින් කෘෂිකර්මය කාර්යක්ෂම හා ඵලදායී කර්මාන්තයක් බවට පත් කිරීම

. කුඩා වගා බිම් හිමිකරුවන්ගේ අයිතිය සුරැකෙන පරිදි පරිපාලනය හා වගා කටයුතු කාර්යක්‍ෂ කිරීම සඳහා විශාල පොදු සමාගම් ස්ථාපිත කිරීම

. අපනයනාභිමුක කෘෂි භෝග නිෂ්පාදනය විවිධාංගිකරණය කිරීම

. කෘෂි අස්වනු මූලික යෙදවුම් ලෙස යොදා ගැනෙන කෘෂි පාදක නිෂ්පාදන කර්මාන්ත පද්ධතියක් ස්ථාපිත කිරීම සහ ඒ සඳහා පෞද්ගලික ආයෝජකයන් දිරිමත් කිරීම

. කිරි ගොවීන් සඳහා අවශ්‍ය වන උසස් තත්වයේ පැටවුන් ලබා ගැනීම සඳහා ආනයන කරන ලද සතුන් සහිත න්‍යෂ්ටික ගොවිපොළ ඇති කිරීම

. උසස් ප‍්‍රමිතියෙන් යුත් මස් නිෂ්පාදනය කරන ආයතනවල අපනයන දිරිමත් කිරීම බදු සහන හා දිරිගැන්වීම් ලබාදීම හා මස් නිෂ්පාදනය සඳහා අවශ්‍ය යෙදවුම් අඩු මිලට ලබා ගැනීමට වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කිරීම

. පශු සම්පත් ක්ෂේත‍්‍රයේ සියලු ආයතන හා කර්මාන්ත එකිනෙකට සම්බන්ධ කරගනිමින් ගුණාත්මක මාංශ අහාර හා කිරි අහාර නිෂ්පාදන කර්මාන්ත පද්ධතියක් ස්ථාපිත කිරීම

 

ඩිජිටල් ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීම

 

. තාක්ෂණයේ නව ප‍්‍රවණතා හදුනාගනිමින් ජීවිතයේ ගුණත්වය වැඩිකිරීම හා ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා ඉදිරි අවුරුදු 30ක තාක්ෂණික මාර්ග සිතියමක් (Technological Road Map) පිළියෙළ කොට සමස්ත ආර්ථික ක‍්‍රියාවලිය ඒ හා සම්බන්ධ කිරීම

. මානව සම්පත වැඩිදියු කිරීමේ ප‍්‍රතිපලයක් ලෙස වර්ධනය වන මෘදුකාංග නිෂ්පාදනය, තාක්ෂණික විසදුම් සැපයීම හා තාක්ෂණ කුසලතා සහිත මානව සම්පත විදේශ රැකියා වෙළඳපොළට යොමුකිරීම තුළින් සමස්ත ආර්ථිකයේ ඩිජිටල් අංශයේ දායකත්වය වැඩි කිරීම

. තොරතුරු තාක්ෂණික ක්ෂෙත‍්‍රයේ ගුණාත්මක, විශ්වාසදායකම හා නවීනතම විසඳුම් සපයන සන්නාමය බවට ශ‍්‍රී ලංකාව පත්කිරීම

. සංවිධිත තොරතුරු තාක්ෂණ විසදුම් ලබා දියහැකි තොරතුරු තාක්ෂණ උද්‍යාන ස්ථානික භව්‍යයතාවය අනුව ඉදිකිරීම

. වසර පහක් ඇතුළත තොරතුරු තාක්ෂණ මෘදුකාංග හා ඉලෙක්ට්‍රොනික ක්ෂෙත‍්‍රයේ නව සමාගම් 2000ක් තිකිරීම සහ තොරතුරු තාක්ෂණ නගර 06ක් නිර්මාණය කිරීම මගින් සෘජු රැකියා ලක්ෂ 03ක්, වක‍්‍ර රැකියා ලක්ෂ 10ක් උත්පාදනය කිරීම හා රුපියල් බිලියන 3000ක වාර්ෂික ආදායමක් අපේක්ෂා කිරීම

. KPO (Knowledge Process Outsourcing) හා BPO (Business Process Outsourcing) සඳහා අවස්ථා නිර්මාණය කර දීම හා ඒවායේ යෙදීම සඳහා අවශ්‍ය දිරිගැන්වීම් සිදුකිරීම

. උපයෝගීතා සහ සේවා පහසුකම් සඳහා ගෙවීම් සිදු කිරීමට පෞද්ගලික හා රාජ්‍ය අංශ සම්බන්ධ කර ගනිමින් ජාලගත වූ ඩිජිටල් ගෙවීම් වේදිකා (Digital Paying Platforms) නිමාණය කිරීම

. පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා බදු සහන හා දිරි දීමනා ලබාදීම

. පේටන්ට් බලපත‍්‍ර ලබාගෙන නව නිපැයුම් කිරීමට ඉදිරිපත් වන ව්‍යවසායකයින් සඳහා විශේෂ බදු සහන ලබාදීම හා එම බලපත‍්‍ර ලබා ගැනීමට දරන ලද සියලු වියදම් ප‍්‍රතිපූරණය කිරීම

. දැනට 76 වන ස්ථානයේ පවතින ශ‍්‍රී ලංකාවේ ජාලගත තාක්ෂණ සූදානම් දර්ශකය (Technology Reading Index) හා 117 වන ස්ථානයේ පවතින ශ‍්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ සංවර්ධන දර්ශකය (ICT Development index) පළමු ස්ථාන 50 අතරට ගෙන ඒම

 

දේශීය වෙළඳාම හා සේවා

 

. ආහාර නිෂ්පාදන අලෙවි කිරීමට, බෙදාහැරීමට හා අපනයනය කිරීමට අවශ්‍ය බැංකු හා අනෙකුත් පහසුකම් සහිතව ගොවියා හා නිෂ්පාදකයා වෙළඳපොළ සමඟ ඍජුව සම්බන්ධ කරවන පැය 24 පුරාම විවෘතව තබන මහාපරිමාණ වෙළෙඳ මධ්‍යස්ථාන 24ක් දිස්ත‍්‍රික්කයකට එක බැගින් පිහිටුවීම

. වෙළඳ ස්ථාන ලබාගැනීම, බදු අයකිරීමේ ගැටළු, වෙළඳාම සඳහා අවශ්‍ය පහසුකම් ඇතුළුව සුළුපරිමාණ වෙළඳ ප‍්‍රජාව මුහුණදෙන ප‍්‍රශ්න විශ්ලේෂණය කර වෙළඳාමේ කාර්යක්ෂමතාව හා එම ප‍්‍රජාවේ දියුණුව අත්පත් කරගැනීමට හැකි ක‍්‍රමවේදයක් හඳුන්වාදීම

. මධ්‍යගත තොරතුරු පද්ධතියක් තුළින් ගුණාත්මක පොදු සේවා පහසුකම් සැපයීම අධීක්ෂණය හා නියාමනය කිරීමට සමායෝජන සුහුරු පාලන පද්ධතියක් (Intergreted Smart Governance System) ස්ථාපිත කිරීම

. හුදෙකලාව ඉදිවන තනි යටිතල පහසුකම් වෙනුවට ඒකාබද්ධ සංවර්ධන සැලසුමකට අනුව ප‍්‍රමුඛතා මත කාර්යක්ෂම සේවා සැපයීමට හැකි යටිතල පහසුකම් සංවර්ධනය කිරීම

. නිෂ්පාදනයට සහ වෙළඳාමට අවශ්‍ය මුල්‍ය, බැංකු, ප‍්‍රවාහනය, රක්ෂණය, පණිවිඩ හුවමාරුව, ඇසුරුම්කරණය, ගබඩාකරණය වැනි උපකාරක සේවා කාර්යක්ෂමව ලබා ගත හැකි ඒකාබද්ධ කළමනාකරණ වැඩසටහනක් නවීන තාක්‍ෂණය උපයෝගී කරගෙන ක‍්‍රියාත්මක කිරීම

. ජලය, විදුලිය, ඉන්ධන හා ගෑස් වැනි උපයෝගීතා සේවා අඛණ්ඩව, කාර්යක්ෂමව හා සාධාරණ මිල ගණන් යටතේ සැපයීම තහවුරු කිරීම

. වෙළඳ කාර්යක්‍ෂමතාව හා පහසුව වැඩි කිරීම, අන්තර්ජාල වෙළෙදාම හා එම් වාණිජ්‍ය (M Commerce) ප‍්‍රවර්ධනය කිරීම

. භාණ්ඩ නිෂ්පාදනයේ සිට බෙදාහැරීම දක්වා සිදුවන අනවශ්‍ය අතරමැදි ක‍්‍රියාකාරකම් ඉවත්කොට අතරමැදියා වටිනාකම් නිර්මාණය කරන්නකු බවට පරිවර්තනය කිරීම

. තරඟකාරී වෙළඳපොළ තුළ පාරිභෝගික අයිතීන් ආරක්ෂා වන අයුරින් නීති ක‍්‍රියාත්මකවීම අධීක්ෂණය සඳහා බලගන්වන ලද ශක්තිමත් යාන්ත‍්‍රණයක් ස්ථාපිත කිරීම

විදේශ වෙළඳාම

. දැනට 0.14‍%ක් වන ශ‍්‍රී ලංකාවේ ලෝක වෙළඳ පංගුව පළමු අදියරේදී 2‍% දක්වා වර්ධනය කරගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම්, බදු සහන, දිරිගැන්වීම් හා යටිතල පහසුකම් ලබාදීම සඳහා පහත අංශවල අපනයන ප‍්‍රවර්ධනය කිරීම.

. තෝරාගත් ගෝලීය සැපයුම් දාමයන් (Global Supply Chains) සඳහා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය.

. තොරතුරු තාක්ෂණ විසඳුම් හා මෘදුකාංග සංවර්ධනය

. සම්ප‍්‍රදායික නොවන වෙළඳ භෝග වගාව ප‍්‍රවර්ධනය

. ප‍්‍රාථමික නිෂ්පාදන යොදාගනිමින් වටිනාකම් එකතු කරන අපනයන භාණ්ඩ නිෂ්පාදනය

. වෙළඳ ගිණුමේ පවතින හිඟය අවුරුදු පහක් ඇතුළත අතිරික්තයක් බවට පත්කිරීම සඳහා අපනයන විවිධාංගිකරණය, නව වෙළඳපොළ සොයා ගැනීම, ගෝලීය සැපයුම් දාමයට අවශ්‍ය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය, ආනයන කළමනාකරණය ඇතුළත් උපායමාර්ගික සැලසුමක් සකස් කිරීම

 

. දේශීය නිෂ්පාදකයාගේ ආරක්ෂාව, ආහාර සුරක්ෂිතතාව, සාධාරණ වෙළදාම, අත්‍යවශ්‍ය පරිභෝජනය හා ආයෝජන භාණ්ඩ සඳහා ප‍්‍රමුඛත්වය, යන මූලධර්ම මත ආනයන වෙළඳ ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කිරීම

. ප‍්‍රපාතන විරෝධී (Anti Dumping) නීතිරීති ශක්තිමත් කිරීම සහ සාධාරණ වෙළෙදාම ආරක්‍ෂා කිරීම (Fair-Trading) පිළිබඳව නව නීති රීති හඳුන්වා දීම.

. ප‍්‍රතිඅපනයන හා අන්තරාල වෙළදාම  (Entrepot Trade)අරමුණු කරගත් ආනයන සම්බන්ධයෙන් දේශීය නිෂ්පාදනවල අනන්‍යතාව හා සන්නාමයට හානි නොවන පරිදි එම වෙළඳ කටයුතු තුළින් අතිරේක විදේශ විනිමය ඉපයීම

. ජාතික ආර්ථිකයට හානි නොවන පරිදි ජාත්‍යන්තර වෙළඳාමේ සංසන්දනාත්මක තුලන වාසි (Comparative Advantages) ලබාගැනීමට කටයුතු කිරීම.

. මහපරිමාණ දත්ත විශ්ලේෂණය (Big Dat Analytics) මගින් නව අපනයන වෙළඳපොළවල් සොයා ගැනීම, නව අපනයන භාණ්ඩ හඳුන්වා දීම, වෙළඳපොළ ප‍්‍රවණතා, පාරිභෝගික මනාපයන් හා සැඟවූ වෙළඳ රටාවන් හඳුනාගැනීම සහ ඒ සඳහා භාණ්ඩ නිෂ්පාදනය කිරීමට දේශීය ව්‍යවසායකයා දිරිගැන්වීම හා මඟපෙන්වීම.

. ඉල්ලුම් නම්‍යතාව හා විදේශ වෙළඳපොළ තුළ ඇති ඉලඩිම විශ්ලේෂණය කිරීම තුළින් උපායශීලී ලෙස අපනයන තීරු බදු අයකිරීම හා අවශ්‍ය බදු නිදහස් කිරීම් ලබාදීම.

ආයෝජන හා ව්‍යාපාර සිදුකිරීමේ පහසුව ඇතිකිරීම

. විදේශ වෙළඳ කටයුතු කාර්යක්‍ෂම කිරීම සඳහා ආනයන-අපනයන (EXIM) බැංකුවක් පිහිටුවීම

. අනිසි දේශපාලන මැදිහත්වීම්වලින් තොරව සංවර්ධන ඉලක්ක මත අවශ්‍ය ආයෝජන දිරිගැන්වීම

සඳහා ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ප‍්‍රතිසංස්කරණය කර ස්වාධීන කිරීම

. වසර 5 ක් තුළ උපායමාර්ගික වශයෙන් වැදගත් ක්ෂේත‍්‍ර සඳහා ප‍්‍රමුඛත්වය ලබාදෙමින්, විවිධ ආයෝජන හා හිමිකාරිත්ව ආකෘති යටතේ විදේශ ප‍්‍රාග්ධනය කැඳවා ගන්නා විදේශ ආයෝජන ප‍්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 10%ක් දක්වා වර්ධනය කිරීම

. ආයෝජන දිරිගැන්වීම හා ආර්ථික ස්ථායිකරණය ඉලක්ක කරගත් සාධාරණ හා සරල බදු ක‍්‍රමයක් හඳුන්වාදීම සඳහා ආදායම් බදු පනත සංශෝධනය කිරීම

. ප‍්‍රාග්ධන වෙළඳපොළ කටයුතු කාර්යක්ෂම කිරීම, හා මහජනතාව සාමුහික ආයෝජන සඳහා කැඳවීමට හැකිවන පරිදි ආයෝජකයන්ගේ විශ්වාසය තහවුරු කිරීමටත්, අයථා ගනුදෙනු හා වංචා වැළැක්වීමටත් හැකිවන පරිදි ආයතන පද්ධතිය ප‍්‍රතිව්‍යුහගත කිරීම හා සුරැකුම්පත් විනිමය නීති සංශෝධනය කිරීම

. ආයෝජකයන් ආකර්ෂණය කරගැනීම සඳහා ගෝලීය තරගකාරිත්ව දර්ශකය (Global Competitive Index) හා ආයෝජකයින් මුහුණ දෙන දුෂ්කරතාවන් අවම කිරීම සඳහා වඩාත් කාර්යක්ෂම හා ගුණාත්මකභාවය පිළිඹිබු කරන ව්‍යාපාර කිරීමේ පහසුවේ දර්ශකය (Ease of Doing Business Index) පළමු ස්ථාන 50 තුළට ගෙන ඒමට සැලසුම් සකස් කිරීම

. ග‍්‍රීන්ෆීල්ඞ් (Greenfield) හා බ‍්‍රවුන්ෆීල්ඞ් (Brownfield) ආයෝජන ආකෘති තුළින් තිරසර හා පරිසර හිතකාමී විදේශ ආයෝජන දිරිගැන්වීම

. තාක්ෂණ ජාලගත වීම් මඟින් උපතේදීම නිකුත් කරනු ලබන පුද්ගල ස්මාර්ට් අනන්‍යතා අංකයක් පදනම් කරගනිමින් සියලු පොදු සේවාවන් ලබා ගත හැකි වන පරිදි සුහුරු ආණ්ඩුකරණයක් (Smart Governance) හඳුන්වා දීම

. මිල විතැන් කිරීමේ උපක‍්‍රම (Transfer Pricing) මගින් විදේශ විනිමය ශී‍්‍ර ලංකාවෙන් පිටතට ගෙනයන අවස්ථාවාදී විදේශ ආයෝජන වැළැක්වීම හා දිගුකාලීන පදනම මත අන්‍යෝන්‍ය වශයෙන් ප‍්‍රතිලාභ සමසේ බෙදා ගැනීම සඳහා ඉදිරිපත් වන විදේශ ආයෝජන ප‍්‍රවර්ධනය සඳහා ප‍්‍රමුඛත්වය ලබාදීම

. උපායමාර්ගික වශයෙන් වැදගත් ක්ෂේත‍්‍ර සඳහා ප‍්‍රමුඛත්වය ලබා දෙමින් රාජ්‍ය, පෞද්ගලික හා මහජන හවුල් ව්‍යාපාර (PPPPs) ඇතුළු විවිධ ආයෝජන හිමිකාරිත්ව ආකෘතීන් යටතේ විදේශ ආයෝජන කැඳවීම

. සමාගම් කොටස්වල ආයෝජනය කිරීම සඳහා සේවකයින්ට අවස්ථාව ඇති විට එම කොටස් මිලදී ගැනීමට අවශ්‍ය ණය පහසුකම් ලබා දීම සඳහා විශේෂ ණය අරමුදලක් පිහිටුවීම

 

රාජ්‍ය මූල්‍ය හා බදු

. සාධාරණ හා සරල බවේ මූලධර්ම මත බදු ප‍්‍රතිපත්තියේ දැනට ඇති සංකීර්ණතා ඉවත්කොට බදු අයකිරීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා බදු ප‍්‍රතිපත්ති සමාලෝචනය කර අවශ්‍ය සංශෝධන සිදුකිරීම . දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස රජයේ ආදායම 20‍%-25‍% මට්ටමට ගෙන එම සඳහා විධිමත් සැලැස්මක් සකස් කොට ක‍්‍රියාත්මක කිරීම

. ආදායම් බෙදීයාමේ සාධාරණත්වය හා ආර්ථික වෘද්ධිය කෙරෙහි ඍජුව බලපාන වක‍්‍ර බදු හා ඍජු බදු අතර අනුපාතය දැනට පවතින 82-18 මට්ටමේ සිට 40-60 දක්වා ක‍්‍රමිකව ගෙන ඒමට දිගුකාලීන සැලසුමක් සකස්කොට කි‍්‍රයාත්මක කිරීම

. දැනට හඳුනාගත් ආදායම් බදු ගෙවන තැනැත්තන්ගෙන් අයකරන බදු වැඩි කරනවා වෙනුවට ක්ෂුද්‍ර සුළු, හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව දියුණුව හා එමගින් ඇතිවන ලාභ තුළින් බදු අයකිරීමේ පදනම පුළුල් කිරීම

. ආහාර, ඖෂධ, සෞඛ්‍ය සේවා ඇතුළු හඳුනාගත් අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා ඪ්ඔ බදුවලින් නිදහස් කිරීම.

. අයවැය හිඟය 5% සීමාවේ පවත්වා ගැනීම

. උපතේදීම නිකුත් කරනු ලබන පුද්ගල අනන්‍යතා අංකයක් පදනම් කරගනිමින් කාර්යක්ෂමව හා පිරිමැසුම්දායක ලෙස බදු අයකිරීම හා කළමනාකරණය කිරීම

. ආදායම් මට්ටම මත බදු බර (Tax Incidence) ගැලපීම, අනුක‍්‍රමික බදු අනුපාත යොදාගැනීම හා බදු සීමාවන් නිශ්චිත කාල පරාස තුළ විමර්ශනය කිරීම හා අවශ්‍ය සංශෝධන මඟින් බදු අයකිරීමේ සාධාරණ බව තහවුරු කිරීම

. පාරදෘශ්‍යභාවය හා මහජන වගවීම ආරක්ෂා වන ආකාරයෙන් දැනට ක‍්‍රියාත්මක මූල්‍ය අණ පනත් හා රෙගුලාසි, යාවත්කාලීන කිරීම හා නව ආර්ථික ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීමට පහසුවන අයුරින් නව මූල්‍ය නීති හඳුන්වාදීම මඟින් මූල්‍ය විනය ශක්තිමත් කිරීම

. පෞද්ගලික ඉතිරිකිරීම් දිරිගැන්වීම සඳහා මූල්‍ය තැන්පතුවල සුරක්ෂිතභාවය තහවුරු කිරීමට විශේෂ තැන්පත් ආරක්ෂණ ක‍්‍රමවේදයක් මහ බැංකුවේ ඍජු මැදිහත්වීම මත සිදුකිරීම

. උද්ධමනය කළමනාකරණය කිරීම හා මුදල් සැපයුම පාලනය කිරීමට පොලී අනුපාතයන් අඛණ්ඩව සමාලෝචනය කිරීම හා උචිත පරිදි ගැලපීම

. බැංකු ක‍්‍රමය තුළ ණය සඳහා අයකරන පොලී අනුපාතය හා තැන්පතු සඳහා ගෙවන පොලී අනුපාතය අතර පරතරය අවම මට්ටමක පවත්වාගැනීම සඳහා අඛණ්ඩව සමාලෝචනය කිරීම

. විනිමය අනුපාත අවදානම් අවම කිරීමට හා නව තාක්ෂණික වෙනස්වීම්වලට අනුකූල වන අයුරින් ක‍්‍රිප්ටෝ මුදල් වැනි අතත්‍ය (Vertual) ක‍්‍රමවේද හඳුන්වාදීමේ උචිත බව පිළිබඳව අධ්‍යයනය කිරීම හා උචිත ක‍්‍රියාමාර්ග ගැනීමට ශ‍්‍රී ලංකා මහා බැංකුවට අවශ්‍ය ස්වාධීනත්වය ලබාදීම

 

රාජ්‍ය ණය

. සංවර්ධන ඉලක්ක හා ආර්ථික සැලසුම් මූල්‍යනය කිරීම හා නව තාක්ෂණය අත්පත් කර ගැනීම සඳහා අවශ්‍ය ණය ලබා ගැනීම සඳහා මහ බැංකුව යටතේ ඇති රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව අනිසි දේශපාලන මැදිහත්වීම් වලින් තොරව ස්වාධීන කළමනාකරණ ඒකකයක් බවට පරිවර්තනය කිරීම.

. දැනට ලබා ගෙන ඇති විදේශ ණය ආපසු ගෙවීම් කාලය දීර්ඝ කරගත හැකිවන පරිදි, ණය නැවත ලේඛනගත කිරීමට හා සහන ලබා ගැනීමට ණය ලබාදුන් ආයතන සමඟ සාකච්ඡා කිරීම

. ආර්ථිකයේ සිදුවන ප‍්‍රසාරණයේ හා අපනයන ආදායමේ ප‍්‍රතිඵලයක් ලෙස විදේශ විනිමය ඉපයීම මඟින් ණය ගෙවීමේ පීඩනය අඩුකරගැනීම

. රාජ්‍ය ණය පිළිබඳ පාරදෘශ්‍ය භාවය සුරැකීම සඳහා අදාළ ඕනෑම තොරතුරක් මහජනතාවට ලබාගැනීම මූලික අයිතියක් ලෙස නීතිය මඟින් තහවුරු කිරීම.

. අපගේ ආර්ථික ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක වීම මත ජනනය වන විදේශ විනිමය ණය බේරුම් කිරීම සඳහා යොදා ගැනීම.

 

ඉදිකිරීම් ක්ෂේත‍්‍රය

. පරිසර හිතකාමී හා තිරසර මූලධර්ම අනුගමනය කරමින් ඉදිකිරීම් කර්මාන්තය සංවර්ධනය සඳහා අවශ්‍ය මඟපෙන්වීම් සඳහා උචිත ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වාදීම

. ආර්ථිකයේ සමස්ත සැලැස්මට සමගාමීව ඉදිකිරීම් ක්ෂේත‍්‍රය සැලසුම් කිරීම සඳහා ප‍්‍රමුඛතා හඳුනා ගැනීමට හා අදාළ තීරණ ගැනීමට ව්‍යවස්ථාපිත බලය සහිත ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් හා වෘත්තිකයන්ගෙන් සමන්විත අනවශ්‍ය දේශපාලන මැදිහත්වීම්වලින් තොර ස්වාධීන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම

. ඉඳිකිරීම් ක්ෂේත‍්‍රයේ රැකියා: වසර දෙකක් තුළ ඉඳිකිරීම් ක්ෂෙත‍්‍රයේ හඳුනාගත් රැකියා වර්ග 54 ක් යටතේ වෘත්තිකයින් 200,000 ක් පුහුණු කොට දේශීය හා විදේශීය රැකියා වෙළඳපොළ වෙත යොමු කිරීම

. ඉදිකිරීම් කර්මාන්තයට ආවේණික ගැටලු නිරාකරණය කිරීම සඳහා නව අධිකරණයක් පිහිටුවීම

. මේසන් කාර්මිකයින්, වඩු කාර්මිකයන්, විදුලි ශිල්පීන් හා ජලනල කාර්මිකයන් ඇතුළු ක්‍ෂෙත‍්‍රයට සම්බන්ධ වෘත්තිකයන්ට අවශ්‍ය පුහුණුව හා නිපුණතා NVQ පාඨමාලා මගින් ලබාදීමට වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කිරීම, දායක විශ‍්‍රාම වටුප් ක‍්‍රමයක් හඳුන්වා දීම හා නිපුණතාව මත වැඩි ආදායම් උපයා ගැනීමට හැකි වන පරිදි ඩිජිටල් සේවා නියුක්ති කාඞ්පත් හඳුන්වා දීම

. ඉදිකිරීම් ක‍්‍රියාවලියේ කාර්යක්ෂමතාව වැඩි කිරීම සඳහා ඒවාට සම්බන්ධවන රාජ්‍ය හා අනෙකුත් ආයතන ව්‍යුහය හා නීතිමය රාමුව ශක්තිමත් කිරීම

. ඉදිකිරීම් සඳහා වූ ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලිය තුළ Unsolicited ලන්සු තැබීම ක‍්‍රමය තහනම් කිරීම හා තරඟකාරීත්වයට බාධා නොවන පරිදි දේශීය කොන්ත‍්‍රාත්කරුවන්ට යම් ප‍්‍රමුඛත්වයක් ලබාදීමේ නිර්ණායක හදුන්වාදීම

. අල්ලස හා දූෂණය නතර කිරීමටත්, ඉදිකිරීම් කර්මාන්තයේ වැඩකටයුතු කාර්යක්ෂම කිරීමටත් උත්පේ‍්‍රරකයක් ලෙස රාජ්‍ය ඉදිකිරීම් සඳහා ඉලෙක්ට්‍රොනික් ප‍්‍රසම්පාදන ක‍්‍රමය (E-Procurement) හඳුන්වාදීම

. තාත්වික ඉංජිනේරු ඇස්තමේන්තු සකස් කිරීම හා පාරිසරික බලපෑම් අධ්‍යයනයන් වැනි කටයුතු කාර්යක්ෂමව හා තාත්වික ලෙස සිදුකිරීමට ක්ෂේත‍්‍රයේ සිටින නිලධාරීන්ට අවශ්‍ය පුහුණුව ලබාදීම හා නවීන තාක්ෂණික දැනුම ලබාදීම

. වෘත්තීය සුරක්ෂිතභාවය තහවුරු කිරීම, සේවක සුභසාධන කටයුතු විධිමත් කිරීම, මාර්ගෝපදේශන ලබා දීම හා පුහුණු ශ‍්‍රමිකයන් බිහිකිරීමට ආයතන ව්‍යුහයන් ස්ථාපිත කිරීම

 

සංචාරක කර්මාන්තය

. ප‍්‍රජා කේන්ද්‍ර සංචාරක ගම්මාන, පරිසර හිතකාමී සංචාරක ගමනාන්තයක් බවට ශ‍්‍රී ලංකාව පත් කිරීම සඳහා වෙරළ, කඳුකරය, වනෝද්‍යාන, පුරාවිද්‍යාත්මක හා සංස්කෘතිකමය වශයෙන් වැදගත් ස්ථාන ආශ‍්‍රිතව ප‍්‍රජා කේන්ද්‍ර සංචාරක ගම්මාන 200ක් ස්ථාපිත කිරීම

. ආර්ථික, සංස්කෘතික, පාරිසරික, හා සමාජීය ගැටලුවලින් තොර ආසියාවේ ආකර්ෂණීයම සංචාරක පාරාදීසය බවට ශ‍්‍රී ලංකාව පත්කිරීම

. ගමට ප‍්‍රතිලාභ ලැබෙන හා සංචාරකයන් ආකර්ෂණය කරගත හැකි ප‍්‍රජා කේන්ද්‍ර සංචාරක ව්‍යාපාරයක් නිර්මාණය කිරීම

. සංස්කෘතික, සමාජීය, පාරිසරික සහ පුරාවිද්‍යාත්මක පදනම් මත රට තුළ සංචාරක කලාප වර්ග කිරීම සහ වර්ධනය කිරීම

. සංචාරක මඟපෙන්වන්නන් ඇතුළු අනෙකුත් සේවා සපයන්නන් එකම ජාලයකට සම්බන්ධ කිරීම හා එම සේවා සැපයීම සඳහා පිළිගත් භාවිතයන් හා ආචාරධර්ම පද්ධතියක් මත සිදුකිරීම

. සාම්ප‍්‍රදායික වෛද්‍ය ක‍්‍රම, සම්භාහන ක‍්‍රම, දේශීය කලා නිර්මාණ හා දේශීය ආහාර හා ශ‍්‍රී ලංකාවට ආවේණික වූ අනෙකුත් ක්ෂේත‍්‍ර මත සංචාරකයින් අතර ජනප‍්‍රිය කරවීමට කටයුතු කිරීම

. පොලීසිය සහ ප‍්‍රජාව සම්බන්ධ කරගනිමින් හා සුහුරු පාලන පද්ධති උපයෝගී කරගනිමින් සියලු පාර්ශ්වකරුවන්ගේ ආරක්ෂාව තහවුරු වන වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කිරීම

රැකීරක්ෂා හා ශ‍්‍රම වෙළඳපොළ

. විද්‍යාත්මක පදනමක් මත පුර්ණ ශ‍්‍රම නියුක්තියට ළඟා වීම සඳහා දැනුම කුසලතා, ආකල්ප හා උසස් මානව ගුණාංග වලින් පරිපූර්ණ වූ දියුණු මානව සම්පතක් බිහි කිරීමට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කිරීම සඳහා අධ්‍යාපන ප‍්‍රතිපත්තිය හා සමායෝජනය වූ අඛණ්ඩ වෘත්තීය සංවර්ධන අවස්ථා ලබාදීම

. කාන්තාවන්ට විධායක හා කළමනාකරණ ක්‍ෂෙත‍්‍රවල ඵලදායී ලෙස රැකියාවේ නියැලීමට ඇති බාධා ඉවත් කොට ඔවුන්ගේ සේවය ඵලදායී ලෙස ආර්ථිකයට ලබාගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම හා දිරි ගැන්වීම

. විකෘතිතා හා විෂමතාවලින් ව්‍යාකූල වී ඇති වැටුප් ව්‍යුහයන් අධ්‍යයනය කර විද්වතුන් ඇතුළු ක්ෂේත‍්‍රයට සම්බන්ධ සියලු පාර්ශ්වකරුවන් නියෝජනය කරන කමිටුවක් මගින් සාධාරණ, වැටුප් විෂමතා අවම කරන හා සේවකයා දිරිගන්වන ජාතික වැටුප් ව්‍යුහයක් සකස් කිරීම

. රැකියා වෙළඳපොළට ප‍්‍රවේශ වීමට අපහසුතා ඇති හෝ ඒ සඳහා රුචිකත්වයක් නොදක්වන කාන්තාවන්, අර්ධ ආබාධ සහිත සමාජ කණ්ඩායම් ඔවුන්ගේ අභිමතය මත නිෂ්පාදන ක‍්‍රියාවලියට සම්බන්ධ වීමට අවශ්‍ය ඉඩ ප‍්‍රස්ථා පුළුල් කිරීම

. දත්ත විශ්ලේෂණය මගින් මහජනතාවගේ වැඩ කරන කාලය ක‍්‍රමිකව අඩුකිරීම හා නිවසේ සිට වැඩ කිරීමට ඇති අවස්ථා නිර්මාණය කර දීම තුළින් ඉතිරි වන කාලය වෙනත් සමාජ, සංස්කෘතික හා පොදු වැඩකටයුතු සඳහා යෙදවීමට අවකාශය ලබාදීම

. සුදුසුකම්, දක්ෂතා හා නිපුණතා පදනම් කරගෙන රාජ්‍ය සංස්ථා, සංස්ථාපිත ආයතන සහ අනෙකුත් රාජ්‍ය අංශයේ ආයතන සදහා දේශපාලන මැදිහත්වීම්වලින් තොරව සේවකයන් බඳවා ගැනීමේ ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කිරීම

. තාක්ෂණික දියුණුවත් සමඟ බහු-දක්ෂතා (Multi Skilled) මත වැඩි ඉලඩිමක් වර්ධනය වන ගෝලීය රැකියා අවස්ථා සඳහා මඟ පෙන්වීම අවශ්‍ය අධ්‍යාපනය හා නිපුනතා වර්ධනය සඳහා අවශ්‍ය මැදිහත්වීම පාසල් අධ්‍යාපනයේ සිටම ක‍්‍රියාත්මක කිරීම හා අන්තර්ජාතික වශයෙන් පිළිගැනෙන වෘත්තීය පුහුණුවක් ලබාදීම

. මැද පෙරදිග රටවලට යවන නුපුහුණු ශ‍්‍රමිකයන් වෙනුවට කුසලතා පිරි පුහුණු ශ‍්‍රමිකයන් යැවීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග හා රාජ්‍ය මැදිහත්වීම සිදුකිරීම

. රැකියා අවස්ථා සඳහා තෝරාගැනීමේදී වෙනස්කම් නොකිරීමේ හා සැමට සම අවස්ථා ලබාදීමේ මූලධර්මය අනුගමනය කිරීම

. විශේෂ හේතුන් මත තවමත් ශ‍්‍රම බලකායට ඇතුළත් කරගැනීමට නොහැකි වූ සෑම අයෙකුටම මූලික අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍ය දීමනාවක් ලබාදීම

. ශ‍්‍රමය කාර්යක්ෂමව ප‍්‍රයෝජනයට ගත හැකි පරිදි පවතින සියලු නීතිරීති හා අණපනත් යාවත්කාලීන කිරීම හා නව නීති හඳුන්වාදීම

. පෞද්ගලික අංශයේ සියලු ස්ථරවල ශ‍්‍රමිකයන් ආවරණය වන පරිදි සෞඛ්‍ය/ ජීවිත රක්ෂණ ක‍්‍රමයක් හඳුන්වා දීම

. සියලු ශ‍්‍රමිකයන් අවරණය වන පරිදි සමාජ ආරක්ෂණ අරමුදලක් පිහිටුවීම

. දැනට පවතින විශ‍්‍රාම වැටුප් යෝජනා ක‍්‍රමවල ඇති විෂමතාවන් ඉවත් කිරීම හා නව නීති හඳුන්වාදීම.

. විදේශ රැකියා කර නැවත සිය රට පැමිණෙන හා ඔවුන් උපයන මුදල් නිසි ලෙස කළමනාකරණය සඳහා ඔවුන්ගේද දායකත්වය ඇතිව වෙනම නිවාස යෝජනා ක‍්‍රමයක් හඳුන්වා දීම

. විදේශ ශ‍්‍රමිකයන් ශ‍්‍රී ලංකාවට මුදල් එවන විට අයකරන සියලු බදු ඉවත් කර දිරි දීමනා ලබාදීම

. අවුරුදු පහකට වඩා වැඩි කාලයක් විදේශ සේවයේ නියැලී නැවත ස්ථීර පදිංචියට ලංකාවට පැමිණ වාහනයක් මිලදී ගැනීමේදී තීරුබදු සහනයක් ලබාදීම

. විදේශ ශ‍්‍රමිකයන් උපයන මුදල් ආයෝජනය සඳහා විශේෂ ප‍්‍රතිලාභ සහිත ආයෝජන ක‍්‍රමයන් යෝජනා කිරීම හා ව්‍යවසාය ආරම්භ කිරීමට මූල්‍ය පහසුකම් ලබාදීම

කෘෂිකර්මය සංතෘප්ත ගොවි දිවියක් තිරසර කෘෂිකර්මාන්තයක්

 

ජලාශ‍්‍රිත ශිෂ්ටාචාරය පදනම් ව ගොඩනැගුණු අතීත ශී‍්‍ර ලංකාව ආහාර අතින් ස්වයංපෝෂිතව පෙරදිග ධාන්‍යාගාරය ලෙස ලොව ප‍්‍රකට වූයේ කෘෂිකර්මාන්තය හේතුකොට ගෙනය. උසස් වාරි තාක්ෂණයත් වැව වටා ගොඩනැගුණු දිවි පැවත්මත් විශිෂ්ට සංස්කෘතියක් බිහිවීමට ඉවහල් විය නමුත් ශ‍්‍රී ලංකාවේ වත්මන් කෘෂිකාර්මික ක්ෂේත‍්‍රය එහි මුඛ්‍ය අරමුණ සාක්ෂාත් කරගැනීමට හා එම කර්මාන්තයේ නියැලෙන ජනතාවගේ ජීවන තත්වය යහපත් මට්ටමකට ගෙන ඒමට අසමත් වී ඇත.

ශ‍්‍රී ලංකාව තවදුරටත් කෘෂිකාර්මික රටක් ලෙස සඳහන් කළ ද රටේ ආහාර අවශ්‍යතාවය ඉටු කර ගැනීම සඳහා වසරකට ඩොලර් බිලියන 1.8ක් එනම් සමස්ත ආනයන වියදමෙන් 10% පමණ වැය වේ. ආනයනය කරනු ලබන ඇතැම් ආහාර වර්ග එළවළු (වාර්ෂික වියදම ඩොලර් මිලියන 368) කිරි ආහාර (වාර්ෂික වියදම ඩොලර් මිලියන 315) වැනි දේශීයව නිපදවා ගත හැකි ඒවා වීම කෘෂිකර්මාන්තයේ අකාර්යක්ෂමතාව පෙන්නුම් කරයි.

වසර ගණනාවක සිට දළ දේශීය නිෂ්පාදනයට කෘෂිකර්මාන්තයේ දායකත්වය ඉතා සීග‍්‍රයෙන් පහළ බසිමින් පවතී. වර්ෂ 1977 දී මෙහි ප‍්‍රතිශතය 31%ක් වූ අතර 2017 වනවිට එය 7.2%ක් දක්වා පහත වැටී ඇත. වසර 1977දී කෘෂිකර්මාන්තය සමස්ත අපනයන ආදායමෙන් 74%ක් වූ අතර එය 2017 දී 15%ක් දක්වා පහත වැටී ඇත.

රටේ ශ‍්‍රම බලකායෙන් 28.4%ක් කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ නියැලී සිටියෙදීත් එම සේවා නියුක්තිය මගින් රටේ දළ ජාතික නිෂ්පාදනයට දායක වන්නේ 7%ක් පමණක් වීමෙන් එම ක්ෂේත‍්‍රයේ ඇති දුර්වල ඵලදායීතාව පෙන්නුම් කරයි. මෙම අඩු ඵලදායීතාව නිසා එම අංශයේ සේවයේ නියුතු ජනතාවගේ ජීවන තත්වය ඉතාමත් පහත් අඩියකට වැටී ඇත. ග‍්‍රාමීය දරිද්‍රතාවයේ අතිබහුතරය ගොවීන් වීමෙන් එය මනාවට තහවුරු වේ.

අරමුණු

x ගුණාත්මක ආහාර නිෂ්පාදනයක් මගින් සෞඛ්‍ය සම්පන්න ප‍්‍රජාවක්.

x ආහාර සුරක්ෂිතතාව තහවුරු වූ රටක්

x කෘෂි නිෂ්පාදන සදහා සාධාරණ මිලක් සහ ස්ථාවර වෙළදපොළක් මගින් ගොවි ජනතාවට උසස් ජීවන තත්වයක්

x පාරිභෝගිකයා අතට කෘෂි නිෂ්පාදන ස්ථාවර මිලකට

 

x කාර්යක්ෂම හා ඵලදායී කෘෂිකර්මාන්තයක් මගින් දළ දේශීය නිෂ්පාදිතයට ඉහළ දායකත්වයක්.

x ජනතාවට වස විසෙන් තොර ආහාර වේලක්

ප‍්‍රතිපත්ති රාමුව

කෘෂිකර්මාන්තය සහ පශු සම්පත් ක්ෂේත‍්‍රයේ තිරසාර සංවර්ධනයක් සඳහා ඉඩම් ජලය සහ පශු සම්පත් ප‍්‍රශස්තව සහ පරිසර හිතකාමී ලෙස යොදා ගනිමින් ප‍්‍රමාණාත්මකවත්, ගුණාත්මකවත් සහ පාරිභෝගිකයන්ට දැරිය හැකි මිලකට දේශීය ආහාර අවශ්‍යතාවය සපුරාලීමත් යැපුම් මට්ටමේ කෘෂිකර්මාන්තයේ යෙදී සිටින ගොවීන් එතුළින් මුදාගෙන අර්ධ වාණිජ සහ පූර්ණ වාණිජ කෘෂි කර්මාන්තයක් බවට පරිවර්තනය කිරීමටත් අවශ්‍ය කෘෂිකාර්මික ප‍්‍රතිපත්ති රාමුව සඳහා පහත සඳහන් ප‍්‍රධාන පියවරයන් අනුගමනය කරනු ලැබේ.

කි‍්‍රයාමාර්ග

x පස් අවුරුදු සංයුක්ත සැලැස්ම කි‍්‍රයාත්මක කරමින් කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ වෙනසක් (Green Revolution)

x වසරක් ඇතුළත චන්ද්‍රිකා තාක්ෂණය උපයෝගී කරගනිමින් ශ‍්‍රී ලංකාවේ සියලු ගොවි බිම් වර්ගීකරණය සහ සිතියම් ගත කිරීම

x එක් එක් කන්නය සඳහා ඒ ඒ ගොවියා වගා කළ යුතු භෝගය, ප‍්‍රභේදය, භූමි ප‍්‍රමාණය, පිරිවැය අපේක්ෂිත වෙළඳ මිල ආදිය ඇතුලත් ජාතික ඒකාබද්ධ කෘෂි සැලැස්මක්

x ඒකාබද්ධ කෘෂි සැලැස්මට අනුව කටයුතු කිරීම සහතික කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව යන දෙපාර්තමේන්තු ඇතුලත් ඒකාබද්ධ ජාතික නියාමන කමිටුවක්

x ඒකාබද්ධ ජාතික නියාමන කමිටුව, දිස්ති‍්‍රක් නියාමන කමිටුව, ප‍්‍රාදේශීය නියාමන කමිටුව, කොට්ඨාස නියාමන කමිටුව, ගොවි සංවිධාන නියාමන කමිටුව.

x නිෂ්පාදනය පදනම් වූ පොහොර සහනාධාර ක‍්‍රමයක්

x සෑම ගොවිජන සේවා ඒකකයකම රජය හා පෞද්ගලික යන්ත්‍රෝපකරණ හිමිකරුවන් ඒකාබද්ධව යන්ත්‍රෝපකරණ සංචිතයක්.

x සියලු කෘෂි යන්ත්‍රෝපකරණ බදුවලින් නිදහස්

x රුපියල් ලක්ෂ 05 ක උපරිමයකට යටත්ව 4% පොලී අනුපාතය යටතේ වසර 05ක උපරිම කාලයකට යටත්ව කෘෂිකාර්මික ණය හා අනෙකුත් මූල්‍ය සේවාවන් පහසුකම් සැලසීම සඳහා ශී‍්‍ර ලංකා කෘෂිකාර්මික බැංකුවක්

x පළමු වසර 05 තුළ ඒකාබද්ධ ගොවි බිම් සැකසීම හා අස්වනු නෙළීම සඳහා යන වියදමින් 50% රජය මගින්.

x දේශීය හා විදේශීය ගොවි ශ‍්‍රම වෙළඳපොළ ඉලක්ක කර ගනිමින් කෘෂි වෘත්තිකයන් 100,000ක් පුහුණු කිරීම සඳහා සිව් අවුරුදු සැලැස්මක්

x සම්බා වී කිලෝ එකක් සඳහා රුපියල් 60ක හා නාඩු වී සඳහා රු 50 ක සහතික මිලක්

x අක්කරයක වී බුසල් 120 ඉක්මවන සෑම අවස්ථාවකම වැඩි වූ සෑම වී බුසලක් සඳහාම රු.1000 ක දිරි දීමනාවක්

x පළමු වසර 03 ක කාලය තුළ කෘෂි අපනයන ආදායම 50% කින් ඉහළ දැමීම සඳහා අපනයන කෘෂි නිෂ්පාදන සඳහා අගය එකතු කිරීමේ කර්මාන්ත 50ක්

x පළමු වසර 03 ඇතුළත කුළුබඩු, මල්, බුලත්, විසිතුරු පැලෑටි සහ පලතුරු ආදී නිෂ්පාදන පදනම් වූ කෘෂි අපනයන ගම්මාන 200ක්

x දේශීය හා විදේශීය වෙළඳපොළ ඉලක්ක කර ගනිමින් වසරකට රුපියල් මිලියන 10000 අදායමක් ලබාගැනීමට කාබනික ගොවි නිෂ්පාදන ඒකක 1000 ක්

x ගෝලීය වෙළඳපොළ ඉලක්ක කර ගත් අගය එකතු කළ කෘෂි අපනයන නිෂ්පාදන අලෙවිකරණයට

ප‍්‍රවර්ධන වැඩපිළිවෙළක්

x කෘෂි ආහාර ආනයන වියදම් 50%කින් පහළ දැමීම සඳහා දේශීයව නිෂ්පාදනය කළ හැකි මස්, බිත්තර, මාලු, පලාවර්ග, ධාන්‍ය, එළවළු, පළතුරු ප‍්‍රවර්ධන කිරීමේ තුන් අවුරුදු සැලැස්මක්

x නවීන තාක්ෂණයෙන් යුත් වී මෝල් මිලදී ගැනීම සදහා සුළු හා මධ්‍ය ප‍්‍රමාණ වී මෝල් හිමියන්ට සහන පොලී මත බැංකු ණය

x ආරක්ෂිත ගෘහ තුළ බෝග වගාව දිරිමත් කිරීම සඳහා පොලී රහිත ණය යොජනා ක‍්‍රම

x කෘෂි පර්යේෂණ මධ්‍යස්ථාන සඳහා වාර්ෂික කාර්ය සාධන ඉලක්ක

x තෙත් කලාපය ආශ‍්‍රිතව කාබනික හා ඖෂධීය සහල් නිෂ්පාදනය සඳහා අක්කර 20000ක්

x තෙත් කලාපය ආශ‍්‍රිතව ඖෂධීය පැලෑටි වගා කිරීම සඳහා අක්කර 3000ක්

x විධිමත් හා ඵලදායි කෘෂි පර්යේෂණ සඳහා විශ්වවිද්‍යාල, කෘෂි විද්‍යා ආයතන, කෘෂි යන්ත්‍රෝපකරණ, පර්යේෂණ ආයතන හා කෘෂි පර්යේෂණ මධ්‍යස්ථාන ඒකාබද්ධ කල ජාතික සැලැස්මක්

x ගොවි සංවිධාන නීතිමය ඒකක ලෙස පිළිගැනීම සඳහා විශේෂ පාර්ලිමේන්තු පනතක්

x කෘෂිකාර්මික ජාන සම්පත් සඳහා පේටන්ට් බලපත‍්‍ර ලබාගැනීම විධිමත් කරන වැඩපිළිවෙලක්

x නව කෘෂි ආර්ථික මධ්‍යස්ථාන 15 ක්

x ගොවීන් සඳහා කාලගුණ අනාවැකි දක්වන ජංගම් යෙදුම් මෘදුකාංගයක්

බීජ හා රෝපණ ද්‍රව්‍ය

x වසර 05ක් ඇතුළත දේශීය බීජ අවශ්‍යතාවයෙන් 20% රජයේ බීජ ගොවිපොළ තුළින්ද 40% තෝරාගත් බීජ ගොවි ගම්මාන තුළින්ද, ඉතිරි 40% දේශීය පෞද්ගලික බීජ නිෂ්පාදකයින් මගින්ද ලබා ගැනීම සඳහා රජයේ බීජ ගොවිපල හා ගොවි ගම්මාන නවීකරණය කොට පුළුල් කිරීම

x ගොවීයාට පහසු මිලට ගුණාත්මක බීජ අවශ්‍ය මොහොතට ලබා ගැනීමට විධිමත් අලෙවි ඒකක

x දේශීය හා විදේශීය වෙළඳපොළ ඉලක්ක කර ගනිමින් දෙමුහුම් බීජ නිෂ්පාදනය සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශය ඒකාබද්ධ වූ බීජ පර්යේෂණාගාරයක් හා ප‍්‍රජා පාලක ගොවි නිෂ්පාදන ඒකක

x පාරම්පරික බීජ සංරක්ෂණ මධ්‍යස්ථාන පද්ධතියක්

පාංශු සංරක්ෂණය

x අධික රසායනික පොහොර භාවිතය හා වැරදි යෙදවුම් නිසා විනාශ වී ගිය කෘෂිකාර්මික පස නැවත සජීවී සාරවත් පසක් බවට පත් කිරීමට කෘෂි දේශගුණික කලාපවල සියලු ගොවිබිම් පාංශු පරීක්ෂණයට ලක් කිරීම සඳහා විශේෂ ඒකකයක් සහ එම පරීක්ෂණ ප‍්‍රතිඵල පදනම්ව යෙදිය යුතු කාබනික හා රසායනික පොහොර අනුපාතය නිර්දේශ කිරීම

x සෑම පළාත් පාලන ඒකකයකටම කොම්පෝස්ට් පොහොර නිෂ්පාදන ඒකකයක්

x පාංශු සංරක්ෂණ පනත සංශෝධනය කිරීම හා නීති සහ රෙගුලාසි සකස් කිරීම මගින් ජාතික පාංශු සංරක්ෂණ සැලැස්මක්

x කෘෂිකර්ම උපදේශක නිලධාරීන්ට පාංශු සංරක්ෂණ අධීක්ෂණය සඳහා බලය පැවරෙන නිති රීති.

x ඒ ඒ කෘෂිකර්ම කලාපවලට විශේෂ පාංශු සංරක්ෂණ සැලැස්මක්

x එප්පාවල පොස්පේට් නිධිය භාවිතයෙන් ඉහළ ද්‍රාව්‍යතාවයකින් යුත් පොහොර නිෂ්පාදනාගාරයක්

පැළෑටි සංරක්ෂණය

x යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (GAP) හා ඒකාබද්ධ පළිබෝධ පාලන ක‍්‍රම (IPM) ප‍්‍රචලිත කිරීම සඳහා ජාතික ප‍්‍රඥප්තියක්

x තාක්ෂණික නිර්දේශ මත පමණක් පළිබෝධ නාශක විකිණීම හා භාවිතය පිළිබඳ නීති.

x අලෙවියට පවතින ආහාර ද්‍රව්‍යවල රසායනික අවශේෂ මැන බැලීම (MRL) හා නුසුදුසු තොග ඉවත් කිරීමේ බලය ප‍්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ට

x රිලව්, මොනරුන්, ඌරන් වැනි පළිබෝධකයින් පාලනය කිරීම සඳහා කෙටිකාලීන හා දිගුකාලීන සැලසුම්

x එම පළිබෝධකයන්ගේ ධාරක ප‍්‍රදේශ සංරක්ෂණය කර ආහාර හා ජලය සුලබ කිරීම සඳහා සැලැස්මක්

කෘෂි ව්‍යාප්ති සේවාව

x කෘෂි ව්‍යාප්ති සේවාව විධිමත්ව ස්ථාපිත කිරීම සඳහා කෘෂිකර්ම ඩිප්ලෝමාධාරීන් සහ කෘෂිකර්ම උපාධිධාරීන් 2000ක්

x ගොවි නිෂ්පාදන ඒකකයක් හා ගොවි කණ්ඩායම් ව්‍යාප්තිකාරකයන් සඳහා කාර්ය සාධන ඉලක්ක

x කෘෂි ව්‍යාප්තිකාරකයන්ගේ වෘත්තීය නිපුණතාවය වැඩි කිරීම සඳහා වාර්ෂිකව ධාරිතා සංවර්ධන පුහුණුවක්

ජල කළමනාකරණය

x කන්න දෙකට අවශ්‍ය ජලය ප‍්‍රමාණවත් ලෙස සැපයීම සඳහා මෙතෙක් ප‍්‍රතිසංස්කරණය නොවූ මහා වාරිමාර්ග පද්ධතිය කඩිනමින් පිළිසකර කිරීම

x අංශක 60ට වඩා වැඩි බෑවුම් සහ හඳුනාගත් පරිසර සංවේදී ප‍්‍රදේශ තවදුරටත් ජනාකීර්ණ වීම වළක්වා රක්ෂිත වනාන්තර බවට

x වසර 03ක් තුල එල්ලංගා පද්ධතීන් හා කුඩා වැව් දසදහසක් ප‍්‍රතිසංස්කරණයට

x වසර 05ක් තුළ එළවළු හා පලතුරු බෝග වගා බිම්වලින් 90%ක්වත් ක්ෂුද්‍ර ජල සම්පාදන පද්ධති මගින් ආවරණය කිරීම

x සියලුම ජල පෝෂක ප‍්‍රදේශ සංරක්ෂණය කිරීම

x භූගත ජලපරිභෝජනය විධිමත් කිරීම හා භූගත ජල මට්ටම ප‍්‍රතිපෝෂණය කිරීමට විද්‍යානුකූල වැඩපිළිවෙලක්

කෘෂිකාර්මික ඉඩම්

x බහුජාතික සමාගම් වෙත ලබා දී ඇති කෘෂිකාර්මික ඉඩම් නැවත පවරාගෙන ගොවි ජනතාව අතට

x භූමියෙහි හිමිකාරිත්වය වෙනස් නොකොට නවීන තාක්ෂණය හා යන්ත‍්‍ර උපයෝගී කර ගැනීම පහසු කිරීම සඳහා ඒකාබද්ධ ගොවි බිම් ඇතිකිරීම

x ඒකාබද්ධ ගොවිබිම් ආසන්නයේ රජයේ වියදමින් තට්ටු නිවාස

x 11% වන කෘෂි වගා බිම් ප‍්‍රමාණය තවදුරටත් අඩු වීම වළක්වාලමින් ස්ථාවරව පවත්වාගෙන යාම

ඉඩම් අයිතිය සහ පරිහරණය

x ඉඩම් පරිහරණ භෞතික සැලැස්මක් සකස් කිරීමට පියවර ගැනීම

x ඉඩම් සඳහා නිකුත් කර ඇති බලපත‍්‍ර සහ දීමනා පත‍්‍රවල සියලු කොන්දේසි ඉවත්කර නිදහස් ඔප්පු බවට පත්කිරීමට කටයුතු කිරීම

x ඉඩම් ඔප්පු ලබා දීමේ සංකීර්ණතා ඉවත් කිරීම

x ඉඩම් විදේශිකයන්ට විකිණීම තහනම් කිරීම.

x ඉඩම් නොමැති ජනතාවට ඉඩම් කට්ටි ලක්ෂයක් බෙදා දීමේ දෑ අවුරුදු සැලැස්මක්

x අක්කරයට වඩා වැඩි වගා නොකළ ඉඩම් නාමික බද්දක් ලබා දී පවරාගෙන ප‍්‍රජා ගොවි සමාගම් යටතේ වගා කිරීම

පශු සම්පත් සංවර්ධනය

පශු සම්පත් ක්ෂේත‍්‍රය ලංකාවේ කෘෂි ආර්ථිකයේ ඉතා වැදගත් අංශයකි. කෘෂි භෝග සහ පශු සම්පත් අතර දැඩි සහසම්බන්ධතාවයක් පවතින අතර මෙම සහසම්බන්ධතාවය මනා ලෙස පවත්වා යෑම තුළින් කෘෂි භෝග වගාව සහ පශු සම්පත් ක්ෂේත‍්‍රයේ ඵලදායීතාවය දියුණු කර ගත හැකිවනවා පමණක් නොව දළ දේශීය ආදායමට ලබා දෙන දායකත්වය ඉහළ නංවා ගත හැක. ශී‍්‍ර ලංකාවේ ඒක පුද්ගල ආදායම ක‍්‍රමයෙන් වැඩිවෙමින් පවතින අතර එයට සමගාමීව ඒක පුද්ගල සත්ව නිෂ්පාදන පරිභෝජනයද ඉහළ යමින් පවතී. පශු සම්පත් ක්ෂේත‍්‍රයේ උන්නතිය රැකගනිමින් ජනතාවට අවශ්‍ය සත්ව නිෂ්පාදන ගුණාත්මකව සහ ප‍්‍රමාණාත්මකව සැපයීම සඳහා කි‍්‍රයාත්මක කිරීමට බලාපොරොත්තු වන සත්ව පාලන ප‍්‍රතිපත්ති මාලාව මේ සමග ඉදිරිපත් කරමු.

සත්ව අභිජනනය

ලංකාවේ පවතින දේශගුණික හා අනෙකුත් පාරිසරික සාධක, පශු සම්පත් සඳහා යොදා ගත හැකි අනෙකුත් භෞතික සම්පත්, සත්ව ආහාර සඳහා යොදාගත හැකි අමුද්‍රව්‍යවල ගුණාත්මක හා ප‍්‍රමාණත්මකභාවය යනාදිය සැලකිල්ලට ගත් විට ශී‍්‍රලංකාවට වඩාත් යෝග්‍ය වන්නේ ඉහළ නිෂ්පාදන ධාරිතාවයක් ඇති ප‍්‍රවේණිකව දියුණු කළ උසස් ආරයේ සතුන් නොවේ. ඒ සඳහා ඉතාම සුදුසු වන්නේ අහිතකර පාරිසරික තත්වවලට හොඳින් ඔරොත්තු දෙන්නාවූ දේශීය සතුන් පාදක කොට ගත් අභිජනන ප‍්‍රතිපත්තියක් මත දියුණු කර ගත් දෙමුහුම් සත්ව විශේෂ ප‍්‍රචලිත කිරීමයි.

x ජාතික සත්ව අභිජනන කමිටුව (NABCO) යළිත් ප‍්‍රතිස්ථාපනය කිරීම

x රජය සතුව ඇති සත්ව අභිජනන ගොවිපොළ අභිජනන සතුන් ගොවීන්ට ලබා දෙන මධ්‍යස්ථාන බවට

x සත්ව අභිජනන ක්ෂේත‍්‍රයේ ආයෝජන සඳහා පෞද්ගලික අංශය දිරි ගැන්වීම්

x ලංකාවට උචිත නවීන සත්ව අභිජනන ක‍්‍රමවේදයන් ප‍්‍රචලිත කිරීම

x අභිජනන ගොවිපලවල් හා උසස් තත්වයේ මව්පිය සතුන් පවත්වාගෙන යෑම සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය

සත්ව පෝෂණය

x කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා එක්ව දේශීය සත්ව ආහාර සඳහා අවශ්‍ය බඩඉරිඟු, සෝයා බෝංචි අවශ්‍යතාව වසර දෙකක් තුළ සියයට සියයක්ම දේශීයව නිපදවීම

x සත්ව ආහාර සඳහා යොදාගත හැකි කෘෂි අතුරු ඵල වඩාත් ක‍්‍රමවත්ව හා ඵලදායී ලෙස යොදා ගැනීම දිරිමත් කිරීම

x සත්ව ආහාර සංඝඨක හා ඛනිජ මිශ‍්‍රණ ආනයනය සීමා කොට ඒවා දේශීයව නිෂ්පාදනය දිරිගැන්වීම සඳහා නිෂ්පාදන කර්මාන්ත සඳහා තාක්ෂණික සහය සහ බදු සහන

x උසස් තත්වයේ ගවයන්ගේ ආහාර අවශ්‍යතාවය සඳහා පිදුරු, තෘණ වර්ග හා සයිලේජ් නිෂ්පාදනය දිරිගැන්වීම සඳහා තාක්ෂණික සහය හා ණය පහසුකම්.

x අතිරික්ත සත්ත්ව ආහාර ද්‍රව්‍ය තබා ගැනීම සඳහා නව තාක්ෂණ විධි

x වසර තුනක් තුළ වියලි කලාපයේ වැඩිදියුණු කරන ලද තණබිම් 15ක් ගොවි ජනතාවට

සත්ව සෞඛ්‍යය

කලාපයේ අනෙකුත් රටවල් හා සසඳන විට භෞමික පිහිටීම හේතුවෙන් ගෙන ශී‍්‍ර ලංකාව තුළ නීරෝගී සත්ව ගහනයක් සිටියි. එසේ වුවද නව රෝග ශී‍්‍ර ලංකාව තුළට පැමිණීමේ අවදානම බැහැර කළ යුතු නොවේ.

x ප‍්‍රදේශවලට අදාළ සුවිශේෂී තාක්ෂණික සේවාවන් ලබා දීම සඳහා හා වසංගත තත්වයන්ට මුහුණ දීම සඳහා පශු විමර්ශන මධ්‍යස්ථාන 25ක් සංවර්ධනය

x පශුවෛද්‍ය සේවය හා ව්‍යාප්ති සේවය කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා නවීන තාක්ෂණය

x ඖෂධ එන්නත් ජෛව විද්‍යාත්මක ද්‍රව්‍ය දේශීය නිෂ්පාදනය සඳහා වැඩපිළිවෙළක්.

x සතුන්ගෙන් මිනිසුන්ට වැළඳිය හැකි රෝගවලින් තොර සත්ව ගහනයක් සඳහා නිර්දේශිත ක‍්‍රමවේදයක්

x ගුවන් තොටුපොළ සහ වරාය ආශ‍්‍රිතව ඇති සත්ව නිරෝධායන සඳහා නවීන තාක්ෂණික පහසුකම් ලබා දීම

සත්ව නිෂ්පාදන අලෙවිය

x ගොවියා විසින් නිෂ්පාදනය කරනු ලබන කිරි සිය ̈ම ප‍්‍රමාණය මිල දී ගැනීමට හා ශීත කිරීමට අවශ්‍ය පහසුකම් ශී‍්‍ර ලංකාව පුරාම ස්ථාපිත කරනු ඇත

x කිරි සඳහා ගුණාත්මකභාවය පදනම් වූ මිල ක‍්‍රමයක් ස්ථාපිත කරනු ඇත. එක් එක් කිරි නිෂ්පාදකයා සපයන කිරිවල ගුණාත්මය මත ඔහුට රු. 80 දක්වා මිලකට කිරි අලෙවි කිරීමට අවස්ථාව

x කිරි එකතු කිරීම උදේ වරුවේ සහ සවස් වරුවේ සිදු කිරීමට ක‍්‍රමවත් වැඩපිළිවෙළක්

x කිරිපිටි ආනයනය නියාමනයකට යටත් කිරීම සිදු කරන අතර රටට අවශ්‍ය කිරිපිටි උපරිම ලෙස දේශියව නිෂ්පාදනය කරනු ලබන කිරිවලින් නිෂ්පාදනය

x නැගෙනහිර පළාත හා පොළොන්නරු ප‍්‍රදේශය ආශ‍්‍රිතව පිටිකිරි කර්මාන්ත ශාලාවක්

x මහා පරිමාණ සත්ව ගොවිපොළ සඳහා ආකර්ෂණීය බදු සහන, තාක්ෂණික දැනුම සහ ණය පහසුකම්

x ගොවියා ආරක්ෂා කර ගැනීම සඳහා කිරි, බිත්තර හා මස් සඳහා මිල නියාමනය කිරීමේ ක‍්‍රමවේදයක්

x කිරි මස් බිත්තර වැනි සත්ව නිෂ්පාදන සඳහා අගය එකතු කිරීමේ කර්මාන්තය සඳහා අවශ්‍ය තාක්ෂණය සහනදායී ණය සහ වෙළෙඳපොළ සකසා දීම

x අපනයන වෙළෙඳපොළ ඉලක්ක කර ගත් සත්ව නිෂ්පාදන සඳහා දීර්ඝකාලීන බදු සහන හා මූල්‍ය පහසුකම්

x කිරි ගොවින්, කුකුල් ගොවීන් සහ අනිකුත් සත්ව පාලන ගොවින් ඒකරාශි කිරීමට මෙන්ම ඔවුන්ට නව තාක්ෂණය හා ප‍්‍රාග්ධන පහසුකම් ලබා දීම සඳහා ගොවි සමිති / නිෂ්පාදන ඒකක ඇති කීරීම

පශු උපදේශන සේවාව දියුණු තාක්ෂණය පශු ගොවියා අතට පත්වීම මන්දගාමීව සිදුවන අතර සමහර විට එය කිසිසේත්ම සිදු නොවේ. මෙය මගහරවා ගැනීමට ඇති එකම ක‍්‍රමය දැනට පවතින පශු ව්‍යාප්ති සේවාව මීට වඩා කාර්යක්ෂම හා වෘත්තීය මට්ටමක සේවාවක් බවට පත් කිරීමයි. මේ සඳහා අවශ්‍ය ශ‍්‍රම බලකාය නොඅඩුව ලබා දීමට කි‍්‍රයා කරනු ලබන අතර ඔවුන් සඳහා අවශ්‍ය පුහුණුව, තාක්ෂණය හා අනෙකුත් භෞතික සම්පත් නොමදව ලබා දීමට කි‍්‍රයා කරනු ඇත. ඉහත සඳහන් කළ මූලික අංශවලට අමතරව පහත සඳහන් අංශ කෙරෙහිද අවධානය යොමු කරනු ලැබේ.

x පශු වෛද්‍යවරුන් හා සත්ව නිෂ්පාදන සහකරුවන් හා ව්‍යාප්ති නිලධාරීන් දහසක් වසර තුනක් තුළ දී සේවයට.

x සුළු පරිමාණයේ සහ නිදැලි ක‍්‍රමයට සත්ව පාලනයේ යෙදෙන ගොවියාට අවශ්‍ය සියලු පහසුකම් බාධාවකින් තොරව ලබා දීමට කටයුතු කරන අතර මධ්‍යම හා මහා පරිමාණයේ ගොවීන් තව තවත් දිරිමත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම

 

x පශු සම්පත් ක්‍ෂෙත‍්‍රයේ සංවර්ධනයට වක‍්‍ර ලෙස බලපාන නමුත් ඉතා අත්‍යාවශ්‍ය ආයතන වන්නා වූ වනජීවී/ වාරිමාර්ග/ගොවිජන සේවා/පරිසර/ධීවර/කෘෂිකර්ම/පළාත් පාලන යනාදී රාජ්‍ය ආයතන සඳහා ඒකාබද්ධ ව්‍යුහයක්

x සත්ව සුභසාධනය උපරිම මට්ටමින් පවත්වාගන යාමට අවශ්‍ය වන නීති රීති සම්පාදනයට පියවර

ධීවර හා ජලජ සම්පත් කර්මාන්තය

මානව සම්පතෙහි නිර්මාණාත්මක ධාරිතාව හා වර්ධනය රටක් වශයෙන් සංවර්ධනය වීම සඳහා අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා අවශ්‍ය මොළයේ ක‍්‍රියාකාරීත්වයට ඉවහල් වන අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල ලබාගත හැකි පහසුම මූලාශ‍්‍රය සත්ව ප්‍රෝටීන වේ. මෙරට සත්ව ප්‍රෝටීන අවශ්‍යතාවයෙන් 54%ක් ලබා දෙනු ලබන මත්ස්‍ය හා මත්ස්‍ය ආශ‍්‍රිත නිෂ්පාදන කර්මාන්තය ආහාර සුරක්ෂිතතාව, පෝෂණය හා ආර්ථික සංවර්ධනය යන කරුණු ත‍්‍රිත්වය කෙරෙහිම තදින් බලපායි.

ශ‍්‍රී ලංකාවේ ධීවර සම්පත් පදනම වර්ග කිලෝ මීටර් 517,500ක අනන්‍ය ආර්ථික කලාපයකින් යුක්තය. එමෙන්ම, වර්ග කිලෝ මීටර 21,500ක දේශීය ජල තීරයකින්ද, වර්ග කිලෝ මීටර 1,580ක කලපු හා ගං මෝයවල්වලින්ද, වර්ග කිලෝ මීටර 5,200ක මිනිසා විසින් සාදන ලද ජලාශවලින්ද සමන්විත වේ. බොකු, කලපු, ජලාශ සහ වෙරළබඩ මෙන්ම ජලාශ ආශ‍්‍රිතව පිහිටා ඇති ඉඩම්ද ජලජීවී වගා සංවර්ධනය සඳහා සම්පත් පදනමක් නිර්මාණය කරයි. වර්තමානයේ මෙරට කරදිය, කිවුල් දිය හා මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය පිළිවෙළින් මෙට්‍රික් ටොන් 267,980ක්, 177,950ක් හා 66,910ක් වේ. මෙරට ස්වභාවික ජලජ සම්පතට සාපේක්ෂව මෙම නිෂ්පාදනය පහළ අගයකි. ලංකාවේ ඒක පුද්ගල මත්ස්‍ය පරිභෝජනය වාර්ෂිකව කි.ග‍්‍රෑ. 22ත් – 24ත් අතර අගයක් ගනී. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව පුද්ගලයෙකු දෛනිකව පරිභෝජනය කළ යුතු අවම ප්‍රෝටීන ප‍්‍රමාණය ග‍්‍රෑම් 65ක් වත් විය යුතුය. එහෙත් මෙරට එම ප‍්‍රමාණය ග‍්‍රෑම් 38 – 45ත් පමණ ප‍්‍රමාණයක ඉතා පහළ අගයක් ගනී.

ධීවර හා ජලජීවී වගා ක්ෂේත‍්‍රය විසින් දළ දේශීය නිෂ්පාදිතයට ආසන්න වශයෙන් 1.4%ක දායකත්වයක් ලබා දෙයි. මෙමගින් පුද්ගලයන් 575,000කට (රටේ ශ‍්‍රම බලකායෙන් 3.7%) පමණ සෘජු හා වක‍්‍ර රැකියා අවස්ථා සපයනු ලැබේ. ඇ.ඩො.මි. 1,300කට වැඩි අගය එකතු කිරීමක් සහිත වර්තමාන (2017) වාර්ෂික මත්ස්‍ය නිෂ්පාදනය ටොන් 530,000කට අධික වේ. රටේ සමස්ත මත්ස්‍ය පරිභෝජන අවශ්‍යතාවයෙන් 65% ක් වර්තමානයේදී සපුරාලනු ලබන්නේ දේශීය මත්ස්‍ය සැපයුමෙන් වන අතර ඉතිරිය ආනයනය කරනු ලබන මසුන්ගෙන් සපයා ගනු ලැබේ.

ශ‍්‍රී ලංකාවේ ධීවර ක්ෂේත‍්‍රය මුහුණ දෙන ගැටලු

x සම්පත් අධික ලෙස නෙළා ගැනීම (Over Exploitation ) තිරසර ලෙස කළමනාකරණය නොකිරීම හේතුවෙන් මත්ස්‍ය සම්පත ශීඝ‍්‍රයෙන් ක්ෂය වීම ( Resource Depletion) සාගර දූෂණය පාලනය නොකිරීම

x පසු අස්වනු නාස්තිය (40% ඉක්මවයි)

x පර්යේෂණ හා සංවර්ධන ක්ෂේත‍්‍රයේ ගැටලු /දුර්වලතා

x ධීවර යටිතල පහසුකම් නොදියුණු මට්ටමේ පැවතීම

x ධීවර නොවන සාගර සම්පත් සම්බන්ධයෙන් වන අඩු අවධානය

x විදෙස් ධීවරයින් නීති විරෝධීව මෙරට මුහුදු සීමා උල්ලංඝනය හා සම්පත් විනාශ කිරීම

x ජලජ පරිසරය ශීඝ‍්‍රයෙන් දූෂණය වීම-ජලාශවලට කාබනික ද්‍රව්‍ය, රොන්මඩ, ලවණ එක්වීම, පොලිතීන්, කෘෂි හා වෙනත් රසායන ද්‍රව්‍ය ජලයට එකතුවීම, අකාබනික දේ ජලයට එකතුවීම, නොගැඹුරු ජලයේ අහිතකර ක‍්‍රියාකාරකම් හා ශබ්ද දූෂණය, ස්වභාවික විපත්

x ජලජ ජීව සම්පත් කර්මාන්තය පිළිබඳ ඇති නිෂේධනීය ආකල්ප හා මෙම කර්මාන්තයේ සංවර්ධනයට අහිතකර අන්දමින් බලපාන ආගමික හා සංස්කෘතික විශ්වාසයන්

78

x මෙරට නිෂ්පාදනය කෙරෙන ඇතැම් උසස් තත්වයේ ආහාරමය හා විසිතුරු මසුන් සමස්ත වර්ෂය පුරාම අඛණ්ඩ සැපැයුමකින් වෙළඳපොළ වෙත ලබාදීමට හැකියාවක් නොමැති වීම

අරමුණු

x ඒක පුද්ගල මත්ස්‍ය පරිභෝජනය ඉහළ නැංවීම තුළින් සෞඛ්‍ය සම්පන්න හා ඉහළ ඵලදායීතාවයකින් යුත් මානව සම්පතක් නිර්මාණය කිරීම

x සමුද්‍රීය ධීවර නිෂ්පාදනය, ජල ජීවි වගා සහ මිරිදිය ධීවර නිෂ්පාදනය ඉහළ නැංවීම

x ධීවර ආශ‍්‍රිත නිෂ්පාදනවල අපනයන ආදායම් ඉහළ නැංවීම තුළින් ජාතික ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් ලබාදීම

x ධීවර ප‍්‍රජාවගේ හා ඒ හා සම්බන්ධ සියලු පාර්ශ්වකරුවන්ගේ සමාජ – ආර්ථික ක‍්‍රියාකාරකම් වැඩිදියුණු කිරීම

x නවීන තොරතුරු තාක්ෂණය භාවිතා කරමින් ධීවර සම්පත තිරසර ලෙස කළමනාකරණය හා සංවර්ධනය කිරීම

x ඌණ උපයෝජනයට ලක්ව ඇති සාගර සම්පත් ගවේෂණය හා ආර්ථික සංවර්ධනය සඳහා උපරිම ඵලදායීතාවකින් යොදා ගැනීම

ක‍්‍රියාකාරකම්

නිෂ්පාදනය ඉහළ නැංවීම

x අක් වෙරළ හා ගැඹුරු මුහුදේ මත්ස්‍ය සම්පත් නෙළා ගැනීමට උසස් තාක්ෂණයෙන් යුත් යාත‍්‍රා යෙදවීම

x නව මත්ස්‍ය බිම් හඳුනා ගැනීම හා සලකුණු කිරීම

x මිරිදිය, කිවුල්දිය හා මුහුදු ජලජීවී වගා ප‍්‍රවර්ධනය

ජල ජීවී වගාව කෘෂිකර්මාන්තය හා ඒකාබද්ධ ප‍්‍රමුඛ කර්මාන්තයක් ලෙස හඳුනාගෙන වැඩිදියුණු කිරීම

වසර 05ක කාලයක් තුළ මිරිදිය ජලජීවී වගාව උපරිම ධාරිතාව තෙක් ඉහළ නැංවීම

කිවුල්දිය ජල ජීවී වගාව සඳහා කළපු හා මෝය ආශ‍්‍රිත ප‍්‍රදේශ ප‍්‍රශස්තව යොදා ගැනීම

ජල ජීවී වගාවට සුදුසු වගාබිම් හඳුනාගෙන ඒවාට උචිත ජලජ ජීවීන් වගා කිරීම (උපරිම උදම් කලාපය – ඉස්සන් වේක්කයන්, අන්තර් උදම් කලාපය – මුහුදු කූඩැල්ලන්, අන්තර් උදම් කලාපයට පහත ප‍්‍රදේශ – බෙල්ලන්, කොස්සන්, මොදා)

x වගා පාදක ධීවර කර්මාන්තය සංවර්ධනය කිරීම

උසස් තාක්ෂණයෙන් යුත් මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථාන ඉදිකිරීම

ප‍්‍රජාපාදක ජල ජීවී වගා සංවර්ධනය සඳහා කූඩු තුළ මත්ස්‍ය ඇඟිල්ලන් නිෂ්පාදන වැනි නවීන ක‍්‍රම භාවිත කරමින් ඇසිත්තන්-ඇඟිල්ලන් ඇතිකිරීමේ ව්‍යාපෘති ආරම්භ කිරීම

අභිජනනාගාර තුළ ඉහළ වටිනාකමක් සහිත මත්ස්‍ය ඇඟිල්ලන් නිෂ්පාදනය (මුහුදු කූඩැල්ලන්, මඩ කකුළුවන්, මොදා, කරදඬු අඬු ඉස්සා වැනි)

තිරසර ධීවර කළමනාකරණය හා සංවර්ධනය

x ධීවර නිෂ්පාදනය හා රැකියා නියුක්තිය පදනම්ව කළමනාකරණ කලාප හඳුන්වාදීම

x විද්‍යාත්මක දත්ත මත පදනම්ව මත්ස්‍ය සම්පත නෙළා ගැනීමේ කන්න ක‍්‍රමයක් හඳුන්වාදීම

79

x ශ‍්‍රී ලාංකේය මුහුදු සීමාව තුළ සාගර සම්පත් ප‍්‍රශස්තව කළමනාකරණය කිරීම

x ධීවර ප‍්‍රජා කමිටු ක‍්‍රමයක් හඳුන්වාදී කළමනාකරණය සඳහා ප‍්‍රජා දායකත්වය ලබා ගැනීම

x ආහාර පිණිස මත්ස්‍ය ආනයනය මෙරට සාගර කලාපය තුළ නොමැති මසුන් වර්ග හා සංචාරක කර්මාන්තය වැනි අත්‍යවශ්‍ය ක්ෂේත‍්‍ර සඳහා පමණක් සීමා කිරීම

x ඉන්දීය මුහුදු සීමා උල්ලංඝනය හා සාගර සම්පත් විනාශ කිරීම ශක්තිමත් රාජ්‍යතාන්ත‍්‍රික මැදිහත්වීමක් තුළින් ප‍්‍රශස්තව කළමනාකරණය කිරීම

x ජලජ පරිසරය දූෂණය වීම වැළැක්වීම හා සංරක්ෂණය

පසු අස්වනු හානිය අවම කිරීම

x යාත‍්‍රා මෙහෙයුම්, මසුන් ගබඩා කිරීම, වෙන්දේසි කිරීම, පිරි සැකසුම් කිරීම, ප‍්‍රවාහනය හා අලෙවිය යන කාර්යයන් සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය මධ්‍යගත හා ඒකාබද්ධ සැලසුම්කරණ ක‍්‍රමවේදය භාවිත කරමින් ප‍්‍රධාන සැලසුමකට අනුව සිදුකිරීම

x උසස් තාක්ෂණයෙන් යුත් ධීවර වරාය ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය

x මසුන් ගොඩබාන ප‍්‍රධාන ස්ථානවල ප‍්‍රමාණවත් තරම් ශීතාගාර ඉදිකිරීම

x සෑම ප‍්‍රධාන ධීවර වරායක් ආශ‍්‍රිතවම මත්ස්‍ය පසු අස්වනු සැකසුම් කර්මාන්ත පිහිටුවීම

x ශීතන පහසුකම් සහිත ප‍්‍රවාහන ජාලයක් ඇති කිරීම

x මාර්ගස්ථ ප‍්‍රවාහනය වෙනුවට ශීතන පහසුකම් සහිත වඩා කාර්යක්ෂම දුම්රිය හා මුහුදු ප‍්‍රවාහනය හඳුන්වා දීම

x උසස් මට්ටමේ අයිස් නිෂ්පාදන යන්ත‍්‍රාගාර ඉදිකිරීම හා දැරිය හැකි මිලකට අයිස් අලෙවි කිරීමේ වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම

මත්ස්‍ය නිෂ්පාදන සඳහා අගය එකතු කිරීම

x උසස් තාක්ෂණයෙන් යුත් යාත‍්‍රා මිලදී ගැනීමට ධීවරයන්ට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබාදීම

x යාත‍්‍රා තුළම ප‍්‍රාථමික මට්ටමේ පිරිසැකසුම් කාර්යයන් ප‍්‍රවර්ධනය

x මසුන් ඇල්ලීම, මෙහෙයුම් කටයුතු, ගබඩා කිරීම, ප‍්‍රවාහනය වැනි අගය දාමයේ හඳුනාගත් තීරණාත්මක අවස්ථාවලට අදාළ පුහුණුව, සංවර්ධනය හා තාක්ෂණික සහාය ලබාදීම

x තත්වයෙන් උසස් පසු අස්වනු නිෂ්පාදන සඳහා අවශ්‍ය දැනුම, කුසලතා (පුහුණුව තුළින්) හා තාක්ෂණය ලබාදීම

x ශ‍්‍රම සූක්ෂම මෙහෙයුම් කටයුතු (Manual Handling) වෙනුවට තාක්ෂණය ආදේශ කිරීම

ධීවර ප‍්‍රජාවගේ ජීවන තත්වය ඉහළ නැංවීම

x ධීවර ප‍්‍රජාව ඇතුළු නිෂ්පාදන කර්මාන්තයන්ට දායක වන ප‍්‍රජාව සඳහා ශක්තිමත් සමාජ ආරක්ෂණ ක‍්‍රමයක් හදුන්වා දීම

x ධීවර ගම්මාන ආශ‍්‍රිතව වෛද්‍ය මධ්‍යස්ථාන, සායන, පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන වැනි කායික හා මානසික සෞඛ්‍ය යහපැවැත්මට අවශ්‍ය පහසුකම් සැලසීම

x විදුලිය, ජලය, මාර්ග, පොදු විනෝදාත්මක කටයුතු වැනි යටිතල පහසුකම් ලබාදීම

x සෑම ධීවර පවුලක් සඳහාම පහසුකම් සහිත ධීවර නිවාස ලබාදීම

x අතිරේක ආදායම් උත්පාදන අවස්ථා ලෙස ඍජු ධීවර නොවන ආර්ථික ක‍්‍රියාකාරකම් සඳහා අවස්ථා සැලසීම

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

රැකියා අවස්ථා ඉහළ නැංවීම

x ප‍්‍රාථමික නිෂ්පාදනය වෙනුවට අගය එකතු කළ නිෂ්පාදන වැඩි දියුණු කිරීම

x ධීවර කර්මාන්තය සමාජයේ ගෞරවාන්විත රැකියාවක් ලෙස ප‍්‍රවර්ධනය කිරීම

x ධීවර කාර්මිකයින්ට නිරන්තරයෙන්ම නව දැනුම හා පුහුණුව ලබාදීම

විදේශ විනිමය ඉහළ නැංවීම

x අගය එකතු කළ ධීවර නිෂ්පාදන අපනයනය දිරිගැන්වීම

x මසුන් ආනයන පිරි සැකසුම් කර ප‍්‍රති-අපනයන කර්මාන්තයට සීමා කිරීම මඟින් වෙළඳ ශේෂයේ වාසිය ඉහළ නැංවීම

x ප‍්‍රාථමික නිෂ්පාදන වෙනුවට අගය එකතු කළ නිෂ්පාදන අපනයනය

x ධීවර කර්මාන්තය ආශ‍්‍රිත විදේශ ශ‍්‍රම වෙළඳපොළ සඳහා පුහුණු ශ‍්‍රමය අපනයනය

x ආනයන ආදේශක හඳුන්වාදීම තුළ ආනයනය අඩු කිරීම හා එමඟින් වෙළඳ වාසියක් ලබා ගැනීම

 

ඌන උපයෝජිත හෝ භාවිතයට නොගන්නා සාගර සම්පත් ප‍්‍රයෝජනයට ගැනීම

x සාගර සම්පත ප‍්‍රවාහන මාධ්‍යයක් ලෙස සංවර්ධනය කිරීම

x සංචාරක කර්මාන්තය හා විනෝදාස්වාදය සඳහා සාගරය හා ජලජ පරිසරය යොදා ගැනීම

x විකල්ප හා පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයන් (රළ, මුහුදු සුළඟ වැනි) වශයෙන් සංවර්ධනය කිරීම

x සමාජ හා සංස්කෘතික කාර්යයන් උදෙසා සාගර සම්පත යොදා ගැනීම

x මුහුදු පත්ල ගවේෂණය හා දුර්ලභ, ඉහළ වටිනාකමක් සහිත ඛනිජ සම්පත් ලබා ගැනීම

x සාගර සම්පත් සංවර්ධනය හා ප‍්‍රවර්ධනය සඳහා ජෛව තාක්ෂණය භාවිත කිරීම

 

ඌන උපයෝජිත හෝ භාවිතයට නොගන්නා සාගර සම්පත් ප‍්‍රයෝජනයට ගැනීම

x සාගර සම්පත ප‍්‍රවාහන මාධ්‍යයක් ලෙස සංවර්ධනය කිරීම

x සංචාරක කර්මාන්තය හා විනෝදාස්වාදය සඳහා සාගරය හා ජලජ පරිසරය යොදා ගැනීම

x විකල්ප හා පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයක් (රළ, මුහුදු සුළඟ වැනි) වශයෙන් සංවර්ධනය කිරීම

x සමාජ හා සංස්කෘතික කාර්යයන් උදෙසා සාගර සම්පත යොදා ගැනීම

x මුහුදු පත්ල ගවේෂණය හා දුර්ලභ, ඉහළ වටිනාකමක් සහිත ඛනිජ සම්පත් ලබා ගැනීම

x සාගර සම්පත් සංවර්ධනය හා ප‍්‍රවර්ධනය සඳහා ජෛව තාක්‍ෂණය භාවිත කිරීම

 

 

බලශක්තිය

ශ‍්‍රී ලංකාවෙහි සමස්ත බලශක්ති අවශ්‍යතාව 530 PJ (Petajoules) පමණ වේ. මෙයින් සියයට 39ක් පමණ නිවාසවල අවශ්‍යතාවනට භාවිත වන අතර සියයට 36ක් වැය වන්නේ ගමනාගමනය සඳහාය. ඉතිරි සියයට 24 කාර්මික අංශය සඳහා භාවිතා වේ. මෙම 530 PJ ක් වන බලශක්තිය අප නිපදවා ගන්නේ ප‍්‍රධානතම ප‍්‍රභවයන් හතරකිනි. ඒ ඛනිජ තෙල්වලින් සියයට 54ක්ද, විදුලියෙන් සියයට 10 ක්ද, දර වැනි ජෛව ප‍්‍රභවයන්ගෙන් සියයට 36ක්ද වශයෙනි.

අපගේ බලශක්ති අවශ්‍යතාවෙන් සියයට 54ක් වන ගමනාගමන අවශ්‍යතාව සම්පූර්ණයෙන්ම සැපිරෙන්නේ ඛනිජ තෙල්වලින් වීමයි. තවත් වැදගත් කරුණක් වන්නේ අපගේ බලශක්ති ක්ෂේත‍්‍රයෙන් විදුලි බලය සපයන්නේ සියයට 10 ක් පමණ සුළු ප‍්‍රමාණයක් වීමයි. නමුත්, අප සියලූ දෙනාට ම බලශක්තිය යන වචනයත් සමඟ ම සිතෙහි පැනනඟින්නේ විදුලිබල ක්ෂේත‍්‍රයයි. එසේ වුව ද, අප රටෙහි බලශක්තිය සැපයුමෙන් සියයට 36ක් පමණ දරවලින්ද, සියයට 54ක් පමණ ඛනිජ තෙල්වලින් සැපයේ.

මේ සංඛ්‍යාවලින් ගම්‍ය වන්නේ අපගේ බලශක්ති ක්ෂේත‍්‍රය ප‍්‍රධාන වශයෙන්ම අක්ෂ දෙකක් ඔස්සේ විහිදී යන බවයි. ඛනිජ තෙල්වලින් ක‍්‍රියාත්මකවන ගමනාගමනයත්, දරවලින් ක‍්‍රියාත්මක වන ගෘහස්ථ බලශක්ති භාවිතයත් ලංකාවෙහි බලශක්ති ක්ෂේත‍්‍රය මෙහෙයවනු ලබයි.

විදුලි බලය බලශක්ති ක්ෂේත‍්‍රයෙන් සියයට 10ක් පමණ වන අතර, එය ගෘහස්ථ අවශ්‍යතාවෙන් සියයට 18ක් පමණ ද, කර්මාන්ත ක්ෂේත‍්‍රයෙන් සියයට 13ක් පමණ ද සපුරාලයි.

ලංකාවෙහි බලශක්ති දර්ශකයන් ඉතාමත්ම ප‍්‍රාථමික, නොදියුණු රටක දර්ශකයකට සමාන වේ. අප කොතෙක් රටේ සංවර්ධනය ගැන උදම් ඇනුවද, අපේ රට තවමත් දරවලින් ක‍්‍රියාත්මක වන ගෙවල්වලින් ද, තෙල්වලින් දුවන ප‍්‍රවාහනයකින්ද, සියයට 10ක් පමණ වන විදුලිබල සැපයුමකින්ද සමන්විත රටකි.

අපගේ රටෙහි සමාජ-ආර්ථික වර්ධනයට සමානුපාතිකව අප බලශක්ති පරිසරය විකාශනය වී නැත. අප රටෙහි බලශක්තිය පිළිබඳ ප‍්‍රධානතම අර්බුදය මෙයයි. වඩාත් නවීන සහ ඉතාමත් ම ප‍්‍රසාරණය කළ හැකි විදුලිබලය තවමත් අප බලශක්ති පින්තූරයෙන් සියයට 10ක් පමණි.

නමුත්, අප සියලූම නිවෙස්වලට වාගේ විදුලිය ලබා දී ඇත. මේ ඔස්සේ අප කාලබෝම්බයක් නිර්මාණය කරගෙන ඇත. නුදුරු අනාගතයේදීම 167 PJ පමණ වන නිවාසවලට මුළුතැන්ගෙයි බලශක්ති භාවිතය විදුලියකරණය වනු ඇත. දැනට සමස්ත විදුලිබල පද්ධතිය රටට සපයනුයේ, 48 PJ පමණි. මෙය දැන් පවත්නා අවශ්‍යතාව තුන්ගුණයකින් පමණ වැඩි වීමකි. මෙය කෙසේ නම්, විදුලිබල පද්ධතියට උසුලා ගැනීමට හැකි වේද?

දෙවැනි විශාලතම අර්බුදය ඛනිජ තෙල් හා බැඳේ. අප රටෙහි වාහන සඳහා වැය වන ඛනිජ තෙල් වැය බර රටෙහි ආර්ථිකයට තව කොතෙක් කල් දැරිය හැකි වේද? ඒ සඳහා වන එක ම විසැඳුම මනා ප‍්‍රවාහන පද්ධතියක් ඔස්සේ රටෙහි පාරවල්වලින් වාහන විශාල ප‍්‍රමාණයක් ඉවත්කර ගැනීම පමණි. එවන් ව්‍යාපෘතියක් තුළින්ද සිදුවන්නේ ප‍්‍රවාහනය සඳහා වැය වන 154 PJ පමණ බලශක්ති ප‍්‍රමාණයේ සියයට 40ක (62 PJ) පමණ යළිත් දැනට 48 PJ පමණ වන විදුලි පද්ධතියට එකතු වීමයි. එය විදුලි පද්ධතිය දැනට පවතින තත්වයෙන් දෙගුණ වීමකි.

ඉහත අප විසින් සඳහන් කරන ලද බලශක්ති ක්ෂේත‍්‍රයෙහි අනාගත දෛශිකයක් සියල්ල යොමුවන්නේ විදුලි බල පද්ධතියේ ප‍්‍රසාරණයක්, අවසානයේදී ප‍්‍රධාන බලශක්ති ප‍්‍රවාහකයා බවට විදුලි බලය වර්ධනය වීමත්ය. එම පරිණාමනයන් තුළ විදුලි පද්ධතිය අද පවත්නා මට්ටමින් පස් ගුණයක පමණ වර්ධනයක් අත් කරගනු ඇත. රටක් ලෙස හෝ ක්ෂේත‍්‍රයක් ලෙස ලංකාව හා අප විදුලි බල ක්ෂේත‍්‍රය මෙම වර්ධනයට කෙතෙක් තරමින් සූදානම්ද? අප මනා ලෙස මෙම වර්ධනයන් පාලනය කර නොගතහොත් අපට විසඳීමට සිතීමටවත් නොහැකි සංකීර්ණ ප‍්‍රශ්නයක් අප නිර්මාණය කරගනු ඇත.

ශ‍්‍රී ලංකාවේ විදුලි බල පද්ධතිය ප‍්‍රධාන බලශක්ති ප‍්‍රවාහකයා බවට පත් කිරීම එතරම් සුළුපටු ක‍්‍රියාවක් නොවේ. විදුලිබල ක්ෂේත‍්‍රයේ ප‍්‍රධාන ඌනතා අතර කැපීපෙනෙන ඌනතාවය වනුයේ පද්ධතියේ පවතින දුර්වලතා නොවේ. ක්ෂේත‍්‍රයේ ප‍්‍රධාන ගැටලූව නම් එහි පවතින පරිපාලනමය සහ කළමනාකරණ දුර්වලතාවයන්ය. බලශක්ති ක්ෂේත‍්‍රයේ කාර්යක්ෂමතාවය සහ ඉහළ ඵලදායිතාවයක් සහිතව පරිපාලන විය යුතු සේම එය ජනතාවාදී පාරදෘශ්‍ය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් ද විය යුතුය. එය එසේ නොවන තාක්කල් ජනතාව විදුලි බලය තමන්ගේ ප‍්‍රධාන බලශක්තිය ලෙස හදවතින්ම පිළිනොගන්නා අතර එය පද්ධතියේ විකාශනය දුර්වල කරන ප‍්‍රධාන සාධකය වනු ඇත. රටේ බලශක්ති ප‍්‍රතිපත්තිය තුළ එම ක්ෂේත‍්‍රයේ යහපාලනය සඳහා වන ප‍්‍රතිපත්තීන් ප‍්‍රමුඛ ස්ථානයක තැබිය යුතුය.

මේ සඳහා අප ප‍්‍රතිපත්තිමය ස්ථාවරයන් කරා ජාතියක් ලෙස වහාම නාභිගත විය යුතුය. දරවලින් පිසෙන අපගේ ආහාර විදුලි උදුන් මතට සංක‍්‍රමණය වීම වළකා ගැනීමට ක‍්‍රමෝපායයන් දියත් කළ යුතුය. රජය ඒ සඳහා සක‍්‍රිය දායකත්වයක් නොදැක්වුවහොත් ලාභ විදුලි උපකරණ වෙළෙන්දන් විවිධ ණයක‍්‍රම හා පහසු ගෙවීම් ක‍්‍රම ඔස්සේ ගම් වලින් දර භාවිතය ඉවත්කර ඒ වෙනුවට විදුලි බලය හා ගෑස් ප‍්‍රචලිත කරනු ඇත. මෙය එක්කෝ විදුලි බල ක්ෂේත‍්‍රය තුළ සංකීර්ණතාවයක් ඇතිකරනු ලබන අතර නො එසේනම් රටෙහි ආර්ථිකය මහා විනාශයකට යොමු කරනු ඇත.

හඳුනාගත යුතු අංශ

ශ‍්‍රී ලංකාව රටක් ලෙස ආනයනය කරන සහ රට තුළ නිෂ්පාදනය කරන ද්‍රව්‍යයන්ද භාවිතයෙන් පසු ඉවත ලෑම අපගේ ප‍්‍රතිපත්තිය කරගතහොත් රට විශාල කුණුකන්දක් වීම වළක්වාගත නොහැකි වනු ඇත. සීමිත බිම් ප‍්‍රමාණයක් සහ සීමිත සම්පත් ප‍්‍රමාණයකින් සමන්විත වන අප රටට වඩාත් සුදුසු ක‍්‍රමය වනුයේ ප‍්‍රතිචක‍්‍රීකරණය මුල්කරගත් චක‍්‍රීය ආර්ථිකයක් මිස රේඛීය ආර්ථිකයක් නොවිය යුතුය. මෙම සංකල්පය බලශක්ති ක්ෂේත‍්‍රය තුළ අන්තර්ගත කරගෙන, බලශක්තීන් කිසියම් හෝ ප‍්‍රමාණයක් භාවිතයට නොගෙන ඉවත ලෑම නොකළ යුතුය. ඉවත ලන සියලූම ද්‍රව්‍ය තුළ පවතින අවසාන බලශක්ති බිඳුවද උකහා ගත යුතුය.

බලශක්ති ප‍්‍රභවයන් අතර විශේෂ ප‍්‍රභවයක් පවතී. අනිත් සියලූ බලශක්තියෙන් සූර්යාගේ සම්බන්ධයක් ඇති නමුත් මෙම ප‍්‍රභවය සූර්යා හා බැඳී නොපවතී. එය නම් න්‍යෂ්ටික බලයයි. පොළොවේ පවතින යුරේනියම් සහ ප්ලෝටොනියම් පරමාණු ස්වභාවිකව බිඳී ඊට වඩා බරින් අඩු පරමාණු බවට පත්වන න්‍යෂ්ටික ක‍්‍රියාවලිය තුළින් මෙම බල ශක්තිය නිපදවේ. ජනමතය කුමන ආකාරයක් වුවද න්‍යෂ්ටික ශක්තිය වඩාත් ලාභදායීම සහ වඩාත්ම ආරක්ෂාකාරී බලශක්තියයි. ඉතිහාසයේ සිදුවූ විවිධ අනතුරු නිසා මෙම ප‍්‍රභවය පිළිබඳ ජනතාව අතර බියක් ඇති අතර, ශක්තිමත් රාජ්‍ය ප‍්‍රතිපත්තියක් ඔස්සේ රට තුළ න්‍යෂ්ටික බලශක්තිය නිෂ්පාදනය සහ ප‍්‍රවර්ධනය කිරීම බලශක්ති මූලික ආර්ථිකයක් නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය සාධකය වේ.

ප‍්‍රතිපත්ති සහ අරමුණු

x සුහුරු ජාලකය ( Smart Grid) භාවිතයෙන් වඩා ඵලදායී පිරිසිදු අඛණ්ඩ බලශක්ති පද්ධතියක් ගොඩ නැගීම

x ගෘහස්ථ බලශක්ති අවශ්‍යතාව හැකි පමණ ජෛව මූලයන්ට කේන්ද්‍රගත කර තබා ගැනීම හා ඒ වෙනුවෙන් වඩාත් ජෛව මූල හා පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයන් නව්‍යකරණය කිරීම.

x ඛනිජ තෙල් මගින් ලබා ගන්නා ප‍්‍රවාහන බලශක්තිය ක‍්‍රමයෙන් විදුලිබලය මගින් ලබා ගැනීම

x ඉදිරි විදුලිබල අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් විදුලි ජනනය සඳහා සැලසුම් සකස් කිරීම

x සුළං බලය, සූර්ය බලය හා භූ තාපය වැනි පුනර්ජනනීය ප‍්‍රභවයන් උපරිම ලෙස විදුලිබල ජනනය සඳහා යොදා ගැනීම

x ප‍්‍රවාහන පද්ධතිය කාර්යක්ෂම කිරීම මගින් ඒ සඳහා වැය වන බල ශක්ති ප‍්‍රමාණය අවම කිරීම

x පිරිමැසුම් සහගත බලශක්ති පරිභෝජනයක් සඳහා නව තාක්‍ෂණය (සුහුරුකරණය) හා අනෙකුත් පහසුකම් සැපයීම සහ මහජන නියාමනය සහ වගවීම ප‍්‍රවර්ධනය කිරීම

x බල ශක්ති පරිභෝජනය සාධාරණ අය රටාවක් මත පවත්වාගෙන යාම

x බලශක්ති ක්‍ෂෙත්‍රයේ විනිවිදභාවය හා වගවීම තහවුරු වන පරිදි රාජ්‍ය මූලික නියාමනයක් ඇතිකිරීම.

x රජයේ අයිතිය තහවුරු කරමින් ඛනිජ තෙල් හා ස්වාභාවික වායු ඇතුළු ශ‍්‍රී ලංකාව සතු බලශක්ති නිධි පිළිබඳ පර්යේෂණ විධිමත් හා කාර්යක්ෂම කිරීම

ක‍්‍රියාමාර්ග

x වසර 3ක් තුළ සෑම නිවසකම ඉල්ලූම හා සැපයීම අනුව විදුලි මිල තීරණය කළ හැකි සුහුරු විදුලි මීටර ( Smart Meter) සවිකිරීම

x සියලූ සංවර්ධන ව්‍යපෘති සඳහා 5G Yd Smart Grid අනිවාර්ය කිරීම

x ජෛව මූල බලශක්ති ප‍්‍රභවයන් (දර, පොල්කටු අඟුරු) භාවිතය පිළිබඳ පර්යේෂණ දිරිගැන්වීම සහ එම ප‍්‍රභව භාවිතා වන උපකරණ නවීකරණය කර ප‍්‍රචලිත කිරීම

x කොළඹ ගාල්ල මාතර මහනුවර කුරුණෑගල වැනි ප‍්‍රධාන නගරයන්හි විදුලියෙන් දිවෙන පොදු ප‍්‍රවාහන පද්ධතියක් ඇති කිරීම

x සැහැල්ලූවිදුලි දුම්රිය පද්ධතියක් කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශවල ඇති කිරීම

x විකල්ප බලශක්ති ප‍්‍රභවයන් පිළිබඳ පර්යේෂණ සහ සංවර්ධන ආයතනයක් (RDAARE)ඇති කිරීම

x සෑම දිස්ත‍්‍රික්කයකම කසළ අපද්‍රව්‍ය භාවිතා කරන විදුලිය බලාගාරය බැගින් ඉඳි කිරීම සඳහා

රාජ්‍ය පෞද්ගලික හා මහජන හවුල්කාර සමාගම් (4p) ඇති කිරීම.

x ඉදිරි වසර පහ ඇතුළත ප‍්‍රධාන සහ උපනගරවල විදුලි බෙදාහැරීම් පද්ධතිය භූගතකරණය කිරීම (Underground Distribution system)

x විදුලි පරිභෝජනය ප‍්‍රතිශතයක් ලෙස අඩු කිරීමේදී පාරිභෝගිකයන්ට ඊට සමානුපාතික ලෙස වට්ටම් ලබා දීම

x සෑම වර්ෂ දෙකකට වරක් මෙගා වොට් එකකට වඩා වැඩියෙන් විදුලිය භාවිතා කරන කර්මාන්තශාලා තුළ බලශක්ති විගණනය කිරීම අනිවාර්ය කිරීම සහ බලශක්ති නාස්තිය වැළැක්වීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම

x විදුලි පිරිමැසුම් භාණ්ඩ සඳහා ආනයන බදු ඉවත් කිරීම

x සූර්ය විදුලි බලය ගබඩා කළ හැකි බැටරි ආනයනය දිරිමත් කිරීම සඳහා ආනයන බදු ඉවත් කිරීම

x සූර්ය විදුලි බල උත්පාදන තාපන හා ප‍්‍රකාශන පැනල් සහ විදුලි ගබඩා කළ හැකි බැටරි නිෂ්පාදනය සඳහා රාජ්‍ය පෞද්ගලික හා මහජන හවුල්කාර සමාගම් (4p) ඇති කිරීම

x ධීවර කර්මාන්තයට බාධාවක් නොවන පරිදි කලපු සහ වැව් ආශ‍්‍රිතව පාවෙන කුඩා සූර්ය බලඋත්පාදනාගාර ඇති කිරීම

x අධිවේගී මාර්ග දෙපස සූර්ය බල උත්පාදනාගාර ඇති කිරීම

x ඉදිකරන සෑම මහල් දෙකට වඩා වැඩි ගොඩනැගිල්ලකම සූර්ය බල උත්පාදනගාර අනිවාර්ය කිරීම

x ගොඩනැගිලි සැලසුම්කරණයේදී බලශක්ති පරිභෝජනය අවම කරන ක‍්‍රම අනීවාර්ය කිරීම

x දිනකට බැරල් 120,000 ක් පිරිපහදු කළ හැකි පරිදි සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසරක් ඇතුළත නවීකරණ හා පුලූල් කිරීම

x ලංකා විදුලි බලමණ්ඩලය හා ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ අනුබද්ධ ආයතන ඒකාබද්ධ රාජ්‍ය ව්‍යවසායක් බවට පත් කිරීම

x බලශක්ති අර්බුදයට කෙටි කාලීන පිළියමක් ලෙස වසර 2040 වනවිට සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමේ පදනම මත මෙගවොට් 500 ධාරිතාව ඇති ගල් අඟුරු බලාගාර දෙකක් ඇති කිරීම

x වසරක් ඇතුළත ජාත්‍යන්තර ආයතන සහභාගිත්වයෙන් මෙගවොට් 300 ධාරිතාව ඇති ඛභඨ (ස්වාභාවික ද්‍රව වායු) බලාගාර පහක් ඇති කිරීම

x වසර 5ක් ඇතුළත ඛනිජ තෙල් භාවිතා කරන තාප බලාගාර LNG (ස්වාභාවික ද්‍රව වායු) බලාගාර බවට පත් කිරීම

x වසරක් තුළ ත‍්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය නැවත පරිහරණය කිරීම ආරම්භ කොට මාස තුනකවත් රක්ෂිත තෙල් තොග පවත්වාගෙන යාමට අවශ්‍ය ගබඩා පහසුකම් ඇති කිරීම

 

 

 

ප‍්‍රවාහනය

පරිසර හිතකාමී කාර්යක්ෂම ප‍්‍රවාහන සේවාවක්

 

පොදු ජනයාගේ දෘෂ්ටිකෝණයෙන් විමසා බැලීමේ දී ශ‍්‍රී ලාංකේය ප‍්‍රවාහනය බහුමාන ගැටලූවකි. අවිධිමත් සහ අකාර්යක්ෂම ප‍්‍රවාහනය රටේ සාතිශය බහුතර ජනතාවකගේ ජීවිත කාලයෙන් සැලකිය යුතු ප‍්‍රමාණයක් අපතේ හැර ඇති අතර රටේ ජනතාව අභිමානවත් පුරවැසියන් ලෙස ගොඩනගනවා වෙනුවට සියල්ල ඉවසා සිටින, පීඩාවට සහ අසහනයට පත් ජනතාවක් බවට පත්කරනු ලැබ ඇත.

 

පොදුවේ සලකා බැලීමේදී නාගරික අතුරු මාර්ගවල පමණක් නොව නාගරික ප‍්‍රධාන මාර්ගවල පොදු ප‍්‍රවාහනයත්, ග‍්‍රාමීය සහ වතු ප‍්‍රදේශවල පොදු ප‍්‍රවාහනයත්, දුම්රිය සේවය සහ භාණ්ඩ ප‍්‍රවාහනයත් ඒවාට ම ආවේණික වූ අර්බුදවලින් ගහනය. අධික තදබදය, අධික කාලයක් ගත කිරීමට සිදුවීම, අනතුරුදායක සහ විනයක් නොමැති ධාවනය, රාත‍්‍රී කාලයේ ප‍්‍රවාහන සේවා ක‍්‍රියාත්මක නොවීම, මාර්ග අනතුරු සහ පොදු සේවාවන්හිදී කාන්තාවන් සහ ළමයින් මුහුණ දෙන ලිංගික සහ අනෙකුත් හිංසනයන් මගී ප‍්‍රවාහනයේදී දක්නට ලැබෙන සුලභ සිදුවීම්ය. වාර්ෂිකව මාර්ග අනතුරු 30,000 ක් පමණ වාර්තාවීම සහ එමගින් වසරකට මිනිස් ජීවිත 3,000 ක් පමණ අහිමිවීම ම ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයේ අනාරක්ෂිත භාවය සහ එහි තීව‍්‍රතාව පසක් කර දෙයි.

 

ශ‍්‍රී ලංකාවේ සමස්ත දුම්රිය මාර්ග පද්ධතිය කිලෝ මීටර් 1,450ක් පමණි. දුම්රිය නැවතුම් ස්ථාන 323කි. වර්ෂ 1965දී හඳුන්වා දුන් යල් පැනගිය සංඥා පද්ධතියක් මගින් ක‍්‍රියාත්මක වීම, ප‍්‍රමාණවත් දුම්රිය එන්ජින් සහ මැදිරි නොමැතිවීම, මන්දගාමී ධාවනය, දිනය පුරා ක‍්‍රියාත්මක විශ්වාසදායි සේවාවක් නොමැතිවීම, කාර්යාල වේලාවන්හිදී පවා ප‍්‍රමාණවත් වාර ගණනක් ධාවනය නොවීම, අධික තදබදය සහ දුම්රිය මාර්ග පද්ධතියේ නිරන්තර බිඳවැටීම දුම්රිය ප‍්‍රවාහනයට අදාළ මූලික ගැටලූ බවට පත්වී තිබේ. මෙහි අනිවාර්ය ප‍්‍රතිඵලය ලෙස ශ‍්‍රී ලංකාවේ ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයේ දුම්රිය සේවයේ දායකත්වය 05% ක පමණ ඉතා පහළ අගයක් ගනී.

 

රටේ ජනතාවගෙන් අඩකටත් වැඩි කාන්තාවන්, 14%ට ආසන්න වන වැඩිහිටි ජනගහනය මෙන්ම ජනගහනයෙන් 7%ක් පමණවන ආබාධ සහිත පුද්ගලයන්ද ඉහත කී ප‍්‍රධාන ගැටලූවලට අමතරව ඔවුන්ටම සුවිශේෂි වූ ගැටලූ රාශියක් පොදු ප‍්‍රවාහන සේවාවන්හිදී අත්විඳිමින් සිටී.

 

පොදු ප‍්‍රවාහනය බිඳවැටීම හේතුකොට ගෙන ජනතාවගෙන් 48%ක් පමණ පෞද්ගලික රථ වාහන මගින් ප‍්‍රවාහන අවශ්‍යතා ඉටුකර ගැනීමට යොමු වී ඇති අතර, ඔවුන්ට තම ආදායමෙන් විශාල කොටසක් ප‍්‍රවාහනය වෙනුවෙන් වැය කිරීමට සිදුව ඇත. එමගින් අධික මාර්ග තදබදයක් ද නිර්මාණය කර ඇත. බස් මගී සේවාවෙන් ලංකා ගමනාගමන මණ්ඩලයේ පංගුව 14%කට අඩුවී ඇති අතර, ධාවනය වන බස් ප‍්‍රමාණය 5,600ක් පමණ වේ. පෞද්ගලික අංශයේ බස් රථ 20,000කට අධිකය. එමෙන් ම ලංකාවේ පුද්ගලික මෝටර් වාහන සංඛ්‍යාව සීඝ‍්‍රයෙන් ඉහළ යමින් පවතින අතර, වර්තමානයේ එය ලක්ෂ 73ක තරම් ඉහළ අගයක් ගනී. මෙයට අමතරව පාපැදි මිලියන 1.7කි. 93%ක් පමණ මගී ප‍්‍රවාහනයට ද 97%ක් පමණ භාණ්ඩ ප‍්‍රවාහනයට ද දායක වන්නේ ගොඩබිම් මාර්ග පද්ධතියයි. ශ‍්‍රී ලංකාවේ කිලෝ මීටර් 100,000 ක පමණ මාර්ග ජාලයක් පැවතිය ද මහාමාර්ග අමාත්‍යංශයෙන් නඩත්තු කරනුයේ කිලෝ මීටර් 12,300ක් පමණි. මෙම මාර්ග ජාලයෙන් තවත් කිලෝ මීටර් 15,000ක් පමණ පළාත් සභා මගින් නඩත්තු වන අතර, ඉතිරි කිලෝ මීටර් 73,000ක පමණ ප‍්‍රමාණයම නඩත්තු කිරීමට සිදු ව ඇත්තේ පළාත් පාලන ආයතනවලට, වතු සමාගම් කිහිපයකට සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවටයි. එමෙන් ම දිනකට දහනය කරන රුපියල් කෝටි 140ක් (2019 ජනවාරි මිල ගණන් අනුව) පමණ වටිනා ඉන්ධනවලින් 90%ක පමණ විශාල පංගුවක් වැය වන්නේද ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයටයි. ඒ ඔස්සේ සමස්ත වායු ෂණයෙන් හරි අඩකට දායකත්වය සපයයි. අනාරක්ෂිත ප‍්‍රවාහනයේදී එළවළු සහ පලතුරු 40% ක් පමණ අපතේ යයි.

 

 

 

ජනතාවාදී ප‍්‍රවාහන ප‍්‍රතිපත්තියක අවශ්‍යතාව

මගී ප‍්‍රවාහනයේ මූලිකම හඳුනාගැනීම වන ප‍්‍රවාහනය කරන්නේ මගියා බවට වන සංකල්පය නොසලකා හරිමින් ප‍්‍රවාහන මාධ්‍ය සහ යටිතල පහසුකම් කෙරෙහි පමණක් අවධානය යොමු කෙරෙන ප‍්‍රවාහන සැලසුම්   සහ ක‍්‍රියාමාර්ග විසින් රටේ ජාතික ධනයෙන් විශාල පංගුවක් වැය කරයි. බහුමාන ගැටලූවලින් ගහන ශ‍්‍රී ලංකාවේ ප‍්‍රවාහන ක්ෂේත‍්‍රය කාර්යක්ෂමව සහ ඵලදායි ලෙසත් ජනතාවට ළඟා විය හැකි ලෙසත් සකස් කරමින් ගෞරවනීය ප‍්‍රවාහන සේවාවක් ජනතාව වෙත ලබා දීම සඳහා ජාතික ප‍්‍රවාහන ප‍්‍රතිපත්තියක අවශ්‍යතාව පැන නැඟී ඇත. ශ‍්‍රී ලංකාවේ මෙතෙක් බලයට පත් කිසිදු ආණ්ඩුවක් ජනතාවගේ දෘෂ්ටිකෝණයෙන් පිහිටා ජාතික ප‍්‍රවාහන ප‍්‍රතිපත්තියක් සකස් කර හෝ ක‍්‍රියාත්මක කර නොමැති අතර එය පවත්නා අර්බුදය තවදුරටත් තීව‍්‍ර කිරීමට හේතු වී තිබේ. මේ අනුව ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයේ ව්‍යුහාත්මක වෙනසකින් තොරව මෙරට ජනතාව මුහුණ දෙන ප‍්‍රවාහන අර්බුදයට විසඳුම් සෙවිය නොහැක.

දර්ශනය

අප විසින් හඳුන්වා දෙනු ලබන ජාතික ප‍්‍රවාහන ප‍්‍රතිපත්තියෙහි දර්ශනය වනුයේ “පොදු ජනතාවගේ ප‍්‍රවාහන අවශ්‍යතා සමස්තයක් ලෙස ඉලක්ක කරගත්, පරිසර හිතකාමී ප‍්‍රවාහන පද්ධතියක් දක්වා ක‍්‍රමිකව පරිවර්තනය වීමේ දැක්මක් සහිතව, රාජ්‍ය මැදිහත්වීම අවධාරණය කරන, කාර්යක්ෂම, විශ්වසනීය, ආරක්ෂාකාරී, ගෞරවාන්විත, ප‍්‍රවාහන සේවාවක් ස්ථාපනය කිරීමයි.”

ප‍්‍රතිපත්තිමය මූලධර්ම

x පරිසර හිතකාමී හා තිරසාර – ප‍්‍රවාහන සේවාවන් අනාගත මතුපරපුරටද එකසේ භුක්ති විඳීමට ඇති අයිතිය පිළිගනිමින් දිගු කාලීන පරිසර හිතකාමී හා තිරසාර ප‍්‍රවාහන ක‍්‍රමයක් සහ ප‍්‍රවාහන සේවාවක් වෙත යොමු වීම

x මහජන සේවාවක් – පොදු ප‍්‍රවාහනය හුදු ලාභ අපේක්ෂාවෙන් ක‍්‍රියාත්මක කරනු ලබන ව්‍යාපාරයකට වඩා මහජන සේවාවක් වශයෙන් පවත්වාගෙන යාම රජයේ වගකීමක් වීම

x මගී සංයුතිය – මගීන් යනු විවිධ ගමනාගමන අවශ්‍යතා ඇති කණ්ඩායම් ගණනාවක එකතුවක් වන බැවින් ස්ත‍්‍රී, පුරුෂ, වැඩිහිටියන්, ළමයින් සහ ආබාධ සහිත පුද්ගලයන් ආදී ලෙස වන මගී සංයුතියෙහි විවිධත්වයට අනුකූල ප‍්‍රවාහන සේවාවක් පවත්වාගෙන යාම

x ග‍්‍රාමීය ප‍්‍රවාහනය – නාගරික මෙන්ම ග‍්‍රාමීය ප‍්‍රවාහනයටද සමාන වැදගත්කමක් ලබාදී ප‍්‍රධාන නගරවල

පමණක් නොව ගම්වල සහ වතු ආශ‍්‍රිතව ජීවත්වන ජනතාවගේද ප‍්‍රවාහන අවශ්‍යතා සපිරෙන ප‍්‍රවාහන

සේවාවක් හඳුන්වාදීම

x ආර්ථික සංවර්ධනය – ජනතාවගේ ආර්ථික සංවර්ධනයේ දී ප‍්‍රවාහනය සුවිශේෂී ලෙස දායක කර

ගත යුතු වීම.

x භාණ්ඩ ප‍්‍රවාහනය – මගී ප‍්‍රවාහනයට මෙන්ම භාණ්ඩ ප‍්‍රවාහනය කෙරෙහිද විශේෂ අවධානයක්

යොමු කිරීම

x නියාමනය – ප‍්‍රවාහන මාධ්‍යයන් අතර අන්තර් සම්බන්ධීකරණයක් ඇති කිරීම සහ ඒවා නියාමනය

කිරීම.

x සැලසුම්කරණය – විධිමත් නගර සහ ජනාවාස සැලසුම්කරණයන් පළාත් මට්ටමින් ක‍්‍රියාත්මක කර

සේවා ස්ථාන පිහිටුවීම මඟින් ජනතාවගේ ප‍්‍රවාහන ඉල්ලූම අඩුවන අතර ප‍්‍රවාහන ගැටලූවට දිගුකාලීන

ව විසඳුම් ලබාදීමට එය දායක කර ගැනීම

ක‍්‍රියාමාර්ග

ඒකාබද්ධ ප‍්‍රවාහන කළමනාකරණ ව්‍යුහයක් හඳුන්වාදීම

කාර්යක්ෂම සහ ජනතාවාදී ප‍්‍රවාහන සේවාවක් සැපයීමට නම් ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයේ ආයතනික පුනරුදයක් අත්‍යවශ්‍යය. වගකීම් සහගත සහ කැපවීමෙන් යුතු කළමනාකරණ ව්‍යුහයක් ස්ථාපනය ගෞරවනීය සේවාවක් සඳහා මෙන්ම දූෂණයෙන් සහ වංචාවෙන් තොරව ආදායම් සහ වියදම් කළමනාකරණය කිරීමටද උපකාරී වනු ඇත. ඒ සඳහා පහත ක‍්‍රියාමාර්ග අනුගමනය කෙරේ.

x මගීන්ට ගෞරවනීය ලෙස සලකන විනිවිදභාවයකින් යුතු බඳවාගැනීමේ ප‍්‍රතිපත්තියක් සහිත සහ ඉහළ

සේවා ඵලදායීතාවකින් යුතු කළමනාකරණ ව්‍යුහයක් හඳුන්වාදීම

x ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයේ ඉහළ ගුණාත්මක මානව සම්පතක් බිහිකර ගැනීම අරමුණු කරගනිමින් සේවක

ඵලදායීතාව ඉහළ නැංවීම සඳහා අවශ්‍ය දැනුම සහ පුහුණුව අනිවාර්ය කිරීම

 

ප‍්‍රධාන පොදු ප‍්‍රවාහන මාධ්‍ය ශක්තිමත් කිරීම

කාර්යක්ෂම ප‍්‍රවාහන සේවාවක් ඔස්සේ කාර්යක්ෂම ශ‍්‍රී ලංකාවක් ගොඩ නැගීමේ ක‍්‍රියාවලියේදී පොදු ප‍්‍රවාහනය දියුණු කිරීම අපගේ ප‍්‍රධාන පරමාර්ථය යි. ඒ අනුව ජනතාවගේ ප‍්‍රවාහන අවශ්‍යතාවන්ගෙන් 80%ක් වසර 05ක කාලසීමාව තුළදී පොදු ප‍්‍රවාහන සේවා මගින් සැපයීම ඉලක්කයයි. මේ යටතේ පහත ක‍්‍රියාමාර්ග අනුගමනය කෙරේ.

දුම්රිය සේවය ශක්තිමත් කිරීම

රටේ අනාගත අවශ්‍යතා පදනම් කර ගනිමින් සමස්ත දුම්රිය පද්ධතියම නවීකරණයට ලක් කරමින් දුම්රිය සේවය ප‍්‍රධානතම පොදු ප‍්‍රවාහන මාධ්‍යක් ලෙස ඔසවා තැබීම අප ප‍්‍රවාහන ප‍්‍රතිපත්තියේ මූලික ඉලක්කයකි. ඒ අනුව දැනට 5%ක පමණ පවතින ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයේ දුම්රිය සේවයෙහි දායකත්වය පළමු වසර 05 තුළ 20%ක ඉලක්කයක් දක්වාත් දෙවන වසර 05 තුළ එය 50% දක්වාත් වර්ධනය කිරීම අපේක්ෂිතය. මෙමගින් මහාමාර්ග තදබදයටද සැලකිය යුතු විසඳුමක් ලැබේ යැයි අපේක්ෂා කෙරේ. මෙහිදී අනුගමනය කිරීමට අපේක්ෂිත මූලික ක‍්‍රියාමාර්ග කිහිපයකි. එනම්,

x දැනට අබලන් තත්ත්වයේ පවතින සියලූම දුම්රිය මාර්ග නවීකරණය කර දිගුකාලීනව නඩත්තු කරන

අතර ස්වයංක‍්‍රීය සංඥා පද්ධතියක්ද හඳුන්වා දීම.

x ප‍්‍රධාන දුම්රිය මාර්ග සියල්ල මංතීරු දෙකේ මාර්ග ලෙසටත්, ප‍්‍රධාන නගර ආශ‍්‍රිත ව මංතීරු තුනේ

මාර්ග ලෙසත් වැඩිදියුණු කිරීම

x දැනට දුම්රිය මාර්ග ජාලය මගින් ආවරණය නොවන ප‍්‍රදේශ දක්වා දුම්රිය මාර්ග දීර්ඝ කර එමගින්

ලංකාවේ සෑම නගරයකට ම දුම්රිය සේවා සැපයීම

x දුම්රිය මැදිරි වැඩිපුර යෙදවීම හා දුම්රිය ගමන් වාර වැඩිකිරීමෙන් උදෑසන සිට මධ්‍යම රාත‍්‍රිය දක්වා

කාර්යක්ෂම දුම්රිය සේවයක් පවත්වාගෙන යාම

x නගරාන්තර සීඝ‍්‍රගාමී දුම්රිය සේවා වාර ගණන සහ කාර්යාල වේලාවන්හිදී දුම්රිය සේවා වාර ගණන

වැඩි කිරීම

x තදාසන්න ප‍්‍රදේශවල ගමනාගමනය සඳහා විදුලි බලයෙන් ක‍්‍රියාත්මක කෙරෙන නගරාන්තර සැහැල්ලූ ගම්ගය සේවයක් හඳුන්වා දීම

x ඉන්ධන, සිමෙන්ති වැනි නිෂ්පාදන අමුද්‍රව්‍ය ද, පිටි වැනි පාරිභෝගික භාණ්ඩද, එළවළු, පලතුරු

සහ මාළු වැනි ගොවි සහ ධීවර නිෂ්පාදනයන්ද ආරක්ෂාකාරීව ප‍්‍රවාහනය සඳහා දුම්රිය සේවය

කාර්යක්ෂම ලෙස භාවිතයට ගෙන එම ක‍්‍රියාවලියේ ප‍්‍රතිඵලයක් ලෙස ඉතිරි වන ප‍්‍රවාහන පිරිවැයෙහි

වාසිය පාරිභෝගිකයාට ලබාදීම

x මගී ජනතාව භාවිත කරන පුද්ගලික වාහන නවතා තැබීම සඳහා දුම්රිය ස්ථාන ආසන්නයේ නැවතුම්

පහසුකම් ඇති කිරීම

 

බස් මගී සේවාව කාර්යක්ෂම කිරීම

x මගී ගමනාගමනය සඳහාම නිෂ්පාදිත පහසුකම් සහිත බස් රථ හඳුන්වා දීම සහ එම බස් රථ මිලදී ගැනීම සඳහා පහසු ණය යෝජනා ක‍්‍රමයක් ස්ථාපනය කිරීම මෙන්ම සියලූ ආනයන බදු ඉවත් කිරීම

x ප‍්‍රධාන මාර්ගවල හා වර්තමානයේ මගී බස් ප‍්‍රවාහනය බිඳ වැටී තිබෙන අර්ධ නාගරික හා ග‍්‍රාමීය මාර්ග යන්හි මෙන්ම රාත‍්‍රී කාලයේ ප‍්‍රවාහනයද විධිමත් කරණු පිණිස රාජ්‍ය අංශයේ බස් සේවාව ශක්තිමත් කරමින් මැදිහත් කරගැනීම.

x මගීන් ප‍්‍රමාණය අඩු කලාපයන් හි පොදු ප‍්‍රවාහනය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා බදු සහන සහ අවශ්‍ය අවස්ථාවන්හි දී දිරි දීමනා ලබා දීම.

x විනයානුකූල ධාවනයට රියදුරන් යොමු කරමින් මාර්ග නීති උල්ලංඝනය සම්පූර්ණයෙන්ම නවතාලීමට කටයුතු කිරීම.

x මගියාට ගෞරවධෑය ලෙස කිසිදු ආකාරයක හිංසනයකින් තොරව බස් රථයේ ගමන් කළ හැකි පසුබිමක් නිර්මාණය කිරීමට අවශ්‍ය ආකල්පමය වෙනසක් සඳහා මගීන් සහ සේවකයන් දැනුම්වත් කරන අතර ක්ෂණිකව තොරතුරු වාර්තා කිරීමේ ක‍්‍රමවේදයක් හඳුන්වා දීම සහ වාර්තාවන සිදුවීම් සඳහා කඩිනම් ක‍්‍රියාමාර්ග ගැනීමේ ඒකකයක්ද ස්ථාපනය කිරීම.

x මගී ජනතාව භාවිත කරන පුද්ගලික වාහන නවතා තැබීම සඳහා බස් නැවතුම් ආසන්නයේ නැවතුම් පහසුකම් ඇති කිරීම.

විධිමත් සහ අනිවාර්ය කාලසටහන් ක‍්‍රමයක්

හඳුන්වා දීම

x දුම්රිය සේවය සඳහා මෙන්ම බස් මගී සේවය සඳහාද අනිවාර්ය කාලසටහන් ක‍්‍රමයක් හඳුන්වා දීම.

x උදෑසන සිට මධ්‍යම රාත‍්‍රිය දක්වාම කාල සටහනකට අනුව ක‍්‍රියාත්මක වන පොදු ප‍්‍රවාහන සේවය අනිවාර්ය කිරීම

x දියුණු තොරතුරු තාක්ෂණය භාවිතා කොට සකස් කරනු ලබන කාලසටහන්  ඕනෑම අයෙකුට අන්තර්ජාලයේ පිරික්සිය හැකි දත්ත ගබඩාවක් ලෙස ස්ථාපනය කිරීම

x විශේෂයෙන්ම දුරගමන් සේවාවන්හිදී කල් ඇතිව ආසන වෙන් කර ගැනීමට මගී ජනතාවට අවස්ථාව උදාකර දීම

x සෑම දුම්රිය හා බස් නැවතුම්පොළක ම ධාවන කාලසටහන් ප‍්‍රදර්ශනය කර එම කාල සටහන්වලට අනුවම ධාවනය අනිවාර්ය කිරීම

පොදු ප‍්‍රවාහනය සම්බන්ධීකරණය

ප‍්‍රවාහන සම්බන්ධීකරණ ආයතනයක් පිහිටුවීම

 

x ප‍්‍රවාහනය මගියෙකුගේ ගමනාන්තය දක්වා සම්බන්ධිකරණය කළ යුතු සේවාවක් ලෙස සලකමින් ඒ වෙනුවෙන් සියලූ ප‍්‍රවාහන සේවා හා එම සේවාවන්ට අනුබද්ධ ආයතන සම්බන්ධීකරණය සඳහා නව ආයතනයක් පිහිටුවීම

 

x පිහිටුවනු ලබන මෙම නව ආයතනය යටතට සියලූ ජාතික හා ප‍්‍රාදේශීය ප‍්‍රවාහන ආයතන හා අදාළ යටිතල පහසුකම් සපයන ආයතන අනුයුක්ත කිරීම

x මෙම ආයතනය දුම්රිය හා බස්රිය ධාවන කාලසටහන් ගැලපීම හා ගමනාන්තයන්ට යා හැකි පරිදි දුම්රිය හා බස්රිය මාර්ග ජාලය නවීකරණය හා ප‍්‍රසාරණය සිදු කරනු ලැබේ

ග‍්‍රාමීය ප‍්‍රවාහනය

x ප‍්‍රජා කළමනාකාරීත්ව ක‍්‍රමයක් මගින් උචිත තාක්ෂණය භාවිත කරමින් දැනට අබලන් තත්වයේ පවතින සියලූම ග‍්‍රාමීය සහ වතු ආශ‍්‍රිත මාර්ග ප‍්‍රතිසංස්කරණය කර තිරසාරව නඩත්තු කිරීම

x ග‍්‍රාමීය ජනතාවගේ අත්‍යවශ්‍ය සේවාවන් වන පාසල්, රෝහල්, වෙළඳ මධ්‍යස්ථාන මෙන්ම රාජ්‍ය ආයතනද සැලසුම් සහගත ක‍්‍රමයක් තුළින් ජනතාව වෙත සමීප කිරීම

x ග‍්‍රාමීය මාර්ගවල බස් සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාමට, අවශ්‍ය අවස්ථාවලදී විශේෂ බදු සහන සහ දිරි ගැන්වීම් ලබා දීම.

x ග‍්‍රාමීය ජනතාවගේ නිෂ්පාදන ප‍්‍රවාහනය සඳහා භාණ්ඩ ප‍්‍රවාහන සේවාවන්, විශේෂයෙන්ම අස්වනු නෙළන කාලවලදී ක‍්‍රියාත්මක කිරීම.

පදික මංතීරු හා පාපැදි භාවිතය දිරිමත් කිරීම

නාගරික වාහන තදබදයට විසඳුමක් ලෙසත්, පරිසර හිතකාමී ප‍්‍රවාහන මාධ්‍යයක් ලෙසත් නිරෝගී මගී ජනතාවක් බිහිකිරීමත් අරමුණු කර ගනිමින් පාපැදි භාවිතය දිරිමත් කිරීම. ඒ සඳහා පහත ක‍්‍රියාමාර්ග අනුගමනය කෙරේ.

x මාර්ග තදබදය ඇති ප‍්‍රධාන නගර තුළ හා ප‍්‍රධාන නගර අවට ප‍්‍රදේශවල සිට එම ප‍්‍රධාන නගර දක්වා ආරක්ෂාකාරී පාපැදි මංතීරු ඉදි කිරීම

x අලූතින් ඉදිකරනු ලබන සෑම මාර්ගයකම පාපැදි මංතීරු අනිවාර්ය කිරීම

x පාපැදි භාවිතය සඳහා අවශ්‍ය වන යටිතල පහසුකම් නිර්මාණයද පාපැදි මංතීරු ඉදිකිරීමට සමගාමීව සිදුකිරීම (උදා: සියලූම දුම්රිය ස්ථාන – ප‍්‍රධාන බස් නැවතුම් හා ප‍්‍රධාන ආයතන අනුබද්ධව ඉදිකරන පාපැදි නැවතුම්පොළවල්)

x පාපැදි මිලදී ගැනීම සදහා සහනදායි ණය යෝජනා ක‍්‍රමයක් හඳුන්වා දීම

x දැනට ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක පාපැදි භාවිතය සීමා කෙරෙන සියලූ නීති රීති හා භාවිතාවන් ඉවත් කිරීම

 

පදික මංතීරු

x කෙටි දුර ගමනාගමනය සඳහා පයින් යෑම දිරිමත් කිරීම සඳහා ජනාකීර්ණ නගර මධ්‍යයේ මෙන්ම අනෙකුත් ප‍්‍රධාන හා අතුරු මාර්ගවලට යාව පදික මංතීරු සකස් කිරීම

x අවශ්‍ය සෑම ස්ථානයක ම ආරක්ෂාකාරී පදික මාරු ඉදි කිරීම

x හැකි සෑම ස්ථානයක ම මාර්ගය දෙපස සෙවණ ලබාදෙන වන රෝපණයක් හඳුන්වා දීම භාණ්ඩ හා මගී ප‍්‍රවාහනය සඳහා ජල මාර්ග භාවිතය

රට අභ්‍යන්තරයේ සහ රට වටා පිහිටා තිබෙන මුහුද, ඇළ මාර්ග සහ ගංගා භාවිත කරමින් කාර්යක්ෂම මගී සහ භාණ්ඩ ප‍්‍රවාහන සේවාවක් හඳුන්වා දීම. මෙහිදී විශේෂයෙන් ම පහත ක‍්‍රියාමාර්ග අනුගමනය කෙරේ

x ජල මාර්ග ප‍්‍රවාහනය පර්යේෂණ සහ ප‍්‍රවර්ධනය සඳහා තාක්ෂණික ඒකකයක් පිහිටුවීම

x කොළඹ ප‍්‍රදේශයේ නාගරික ප‍්‍රවාහන තදබදයට පිළියමක් ලෙස දැනට කොළඔ ආශ‍්‍රිතව තිබෙන ඇල මාර්ග මගී සහ භාණ්ඩ ප‍්‍රවාහනයට යොදා ගැනීම

x ශක්‍යතා අධ්‍යනයකින් හඳුනාගනු ලබන දිවයිනේ සෑම ස්ථානයක ම ජල මාර්ග ප‍්‍රවාහන සේවාවන් ක‍්‍රියාත්මක කිරීම

x ජල මාර්ග ප‍්‍රවාහනය පහසුකරණය සඳහා අවශ්‍ය යාත‍්‍රා හ`දුන්වාදීම සහ වරායන් පුළුල් කිරීම අභ්‍යන්තර ගුවන් ගමනාගමනය

x ජනතාවට අවශ්‍ය අවස්ථාවල දී ගුවනින් ප‍්‍රවාහන පහසුකම් සපුරා ගැනීමට පහසුකම් සලසාලීම සඳහා දිවයිනේ පළාත් 09ම ආවරණය වන පරිදි අභ්‍යන්තර ගුවන් තොටුපොළ සංවර්ධනය කර අභ්‍යන්තර ගුවන් ගමන් සේවා ස්ථාපනය කිරීම

කාන්තා – වැඩිහිටි හා ආබාධ සහිත මගීන්ගේ ආරක්ෂාව සහ යටිතල පහසුකම්

කාන්තාවන්ගේ, වැඩිහිටි සහ ආබාධ සහිත ප‍්‍රජාවගේ සුවිශේෂී ප‍්‍රවාහන අවශ්‍යතා සපුරාලනු වස් පහත ක‍්‍රියාමාර්ග අනුගමනය කෙරේ.

 

කාන්තාවන්ගේ ප‍්‍රවාහන අවශ්‍යතා

x කාන්තාවන්ට ආරක්ෂිත ව සහ ගෞරවාන්විතව පොදු ප‍්‍රවාහන සේවාවන් භාවිතා කිරීමේ ඇති අයිතිය පිළිගනිමින් පොදු ප‍්‍රවාහන සේවාවන්හිදී ඔවුන් මුහුණ දෙන විවිධ අතවර වෙනුවෙන් මැදිහත් වන විශේෂ ඒකකයක් හඳුන්වා දීම.

x ප‍්‍රවාහන සේවාවන්වල දී මුහුණ දෙන හිංසන සහ ගැටලූ ක්ෂණික ව දැනුවත් කිරීමට යෙදවුම් මෘදුකාංග යක් හඳුන්වා දීම.

x දුර ගමන්වලදී කාන්තාවන් මුහුණ දෙන ගැටලූ වන පිරිසිදු වැසිකිළි පහසුකම් හා පිරිසිදු ආහාර සපයන සේවාවන් නොමැතිකමට විසඳුම් ලෙස අදාළ පහසුකම් ඇති කිරීම

වැඩිහිටි සහ ආබාධ සහිත ප‍්‍රජාවගේ

ප‍්‍රවාහන අවශ්‍යතා

වැඩිහිටි සහ ආබාධ සහිත ප‍්‍රජාවට දුම්රියට සහ බස්රථවලට පහසුවෙන් ප‍්‍රවේශ විය හැකි සහ ඒවායේ පහසුවෙන් ගමන් කළ හැකි ප‍්‍රවාහන සේවාවක් ස්ථාපනය කිරීම අරමුණු කරගනිමින් විශේෂයෙන්ම පහත ක‍්‍රියාමාර්ග අනුගමනය කෙරේ

x දුම්රිය සහ බස් රථ වැනි පොදු ප‍්‍රවාහන රථවලට ආබාධ සහිත ප‍්‍රජාවට සහ වැඩිහිටි පුද්ගලයින්ට ප‍්‍රවේශ පහසුකම් ලබා දීම අනිවාර්ය කිරීම

x දුම්රිය සහ බස්රථ නැවතම්පොළවල්ද ආබාධ සහිත ප‍්‍රජාවට සහ වැඩිහිටි පුද්ගලයින්ට පහසුවෙන් ප්‍රවේශ විය හැකි වන පරිදි සකස් කිරීම

මගීන් සංවිධානය

යහපත් ප‍්‍රවාහන සේවාවක් ස්ථාපනය සහ පවත්වාගෙන යාම සඳහා වූ ප‍්‍රධාන කොන්දේසියක් වන්නේ සංවිධානය වූ මගී ජනතාවක් සිටීමයි අපගේ ප‍්‍රවාහන ප‍්‍රතිපත්තිය සියලූ ආකාරයේ මගීන් සංවිධානය වීමේ අවශ්‍යතාව පිළිගනී‘

x මගී ජනතාව ”දුම්රිය මගීන් බස් රිය මගීන් ත‍්‍රීරෝද රථ මගීන්” ”පදිකයන් පාපැදිකරුවන්” ලෙස සංවිධානය විය යුතු බව පිළිගනිමින් ඒ සඳහා ඔවුන් දිරිගැන්වීම

x රජය විසින් මගී සංවිධාන අදාළ ක්ෂේත‍්‍රයේ මගී නියෝජිතයින් ලෙස පිළිගන්නා අතර, ඔවුන් බලපෑම් කණ්ඩායම් ලෙස පමණක් නොව ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයේ තීරණ ගැනීමේ පාර්ශ්වකරුවන් ලෙසද සහභාගි කර ගැනීම

ප‍්‍රවාහන නොවන ක‍්‍රියාමාර්ග

නම්‍යශීලී කාර්යාල දින සහ වැඩ කරන වේලාවන් හඳුන්වා දීම, කාර්යාලයට නොපැමිණ සේවා සැපයීමේ අවස්ථා පුළුල් කිරීම

දිවයිනේ උප නගර ආශ‍්‍රිතව අන්තර්ජාල සහ අනෙකුත් පහසුකම් සහිත සේවා සපයන කලාප ඇති කිරීම.

ඒකාබද්ධ ජනාවාස සහ සේවා සැලසුම්කරණය

දිගුකාලීන ව සහ ධරධෑය ලෙස ජනතාවගේ ප‍්‍රවාහන අවශ්‍යතා විසඳීමට රටේ ආර්ථික සහ දේශපාලන ප‍්‍රතිපත්තීන්ට අනුකූලව ජනාවාස, සේවා සහ නාගරික සැලසුම් අනිවාර්ය වන අතර මෙම ප‍්‍රවාහන ප‍්‍රතිපත්තිය අපගේ අනෙකුත් ප‍්‍රතිපත්තීන් සමග ඒකාබද්ධව ක‍්‍රියාත්මක කෙරේ.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

06

නීතිගරුක දේශයක්

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක්

වසර 71 ක කාලයක් තිස්සේ වරින් වර ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා 3ක් හඳුන්වාදීමට හා වත්මන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව 19 වරක් සංශෝධනය කළද එම කිසිම ව්‍යවස්ථාවකින් හෝ සංශෝධනයකින් ශ‍්‍රී ලාංකේය ජාතිය ගොඩනැගීමට හෝ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස මූලික මිනිස් අයිතිවාසිකම් තහවුරු කිරීමට මානව හිමිකම් රැුකීමට අසමත් වී ඇත. එම නිසා ඉහත අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සැකසිය යුතු බවත් එහි පදනම විය යුත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මූලික අයිතිවාසිකම් සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම බවත් අපි විශ්වාස කරමු.

වත්මන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පූර්ණ වශයෙන් සංශෝධනය කළ යුතු බවට වන පොදු එකඟතාවක් පවතී. නව ව්‍යවස්ථාවක් මඟින් මූලිකවම ආමන්ත‍්‍රණය කළ යුතු ක්ෂේත‍්‍ර වශයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මූලික මිනිස් අයිතීන්, ජන කොටස් අතර සාමය, ආර්ථික සහ සමාජීය අයිතීන් තහවුරු කිරීමත් විවිධ ජාතිකත්වයන්හි අනන්‍යතාවයන් හා සමාන අයිතීන් තහවුරු වන පරිදි ශ‍්‍රී ලාංකේය ජාතිකත්වය නිර්මාණය කිරීම හඳුනාගෙන ඇත.

විධායක ජනාධිපති ක‍්‍රමය

x විධායක ජනාධිපති ආණ්ඩුක‍්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තුවට වගකියන කැබිනට් මණ්ඩලයක් සහිත පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රමයක් ස්ථාපිත කිරීම

x පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රිවරුන්ගෙන් ඡුන්දයෙන් ජනාධිපතිවරයා පත්කිරීම

x ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා හා සන්නද්ධ සේවාවන්හි ප‍්‍රධානියා වේ

x පළාත් සභාවක් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැණිව ක‍්‍රියාකරන අවස්ථාවක ඊට එරෙහිව

කටයුතු කිරීමේ බලය ජනාධිපතිවරයා සතුය

x විධායක බලය පාර්ලිමේන්තුවේ අධික්ෂණයට යටත් අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයට පැවරීම

x කැබිනට් මණ්ඩලය සාමාජිකයන් 25 දෙනෙකුට අමාත්‍ය මණ්ඩලය සීමා කරන අතර ඒ හා සමාන නියෝජ්‍ය ඇමතිවරු හැර වෙනත් කිසිදු ආකාරයේ අමාත්‍යවරු පත් නොකෙරේ

x අගමැති ආණ්ඩුවේ ප‍්‍රධානියා වන අතර ජනතාව සතු ව්‍යවස්ථාදායක, විධායක හා අධිකරණ  බලය සංවරණ තුලන මූලධර්මයට අනුව ක‍්‍රියාත්මක වීම

x අගමැති හා කැබිනට් මණ්ඩලය පාර්ලිමේන්තුවට වගකිව යුතු අතර පාර්ලිමේන්තුවේ විශ්වාසය තිබෙනතාක් කල් පමණක් ඔවුනට එම නිලයන් දැරිය හැකි වීම

ජාතික සමගිය හා දේශපාලන විසඳුම

x ශ‍්‍රී ලංකාව විවිධ ජාතිකත්වයන් හා ආගමික ජනකොටස් ජීවත් වන බහු සංස්කෘතියක් සහිත රටක් බව පිළිගැනීම

x ජාතිකත්වයන් අතර අසමගිය සහ ආගමික වෛරය ඇති නොකරන, ස්ත‍්‍රී පුරුෂභාවය හෝ වෙනත් කරුණු මත වෙනස් කොට නොසැලකීම යන කොන්දේසිවලට යටත්ව භාෂණයේ නිදහස තහවුරු කිරීම

x සෑම ජනකොටසකටම ඇති සංස්කෘතික අනන්‍යතාවය පිළිගනිමින් එම ජනකොටස්වලට තම සංස්කෘතීන් ආරක්ෂා කරගැනීමට මෙන්ම එය වර්ධනය කරගැනීමට නිදහස හා අයිතිය එක හා සමානව ඇති බව පිළිගැනීම

x සියලූ ජනකොටස්වල දේශපාලනමය අභිලාසයන් හා අභිමතාර්ථයන් නියෝජනය කරමින් පළාත් සභාවලින් තෝරාගන්නා නියෝජිතයන්ගෙන් හා පාර්ලිමේන්තුව විසින් තෝරා පත්කරනු ලබන කීර්තිමත් විද්වත් වෘත්තිකයන්ගෙන් සමන්විත දෙවන මන්ත‍්‍රණ සභාවක් ඇතිකිරීම

 

මැතිවරණ ක‍්‍රමය

x සෑම මැතිවරණ කොට්ඨාසයකටම මහජන නියෝජිතයෙක්ගේ සෘජු වගකීම සහතික කරන, සරල බහුතර නියෝජන ක‍්‍රමය හා දිස්ත‍්‍රික්කයේ අවසාන ප‍්‍රතිඵලයට සමානුපාතිකව නියෝජන ක‍්‍රමය ද ඇතුළත් මිශ‍්‍ර මැතිවරණ ක‍්‍රමයක් හඳුන්වාදීම

x ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීම සහතික කිරීම සඳහා වැඩිම ආසන සංඛ්‍යාවක් දිනාගන්නා පක්ෂයට නියමිත ප‍්‍රසාද ආසන සංඛ්‍යාවක් ලබා දීම

x ජනතා නියෝජිත ආයතනවල කාන්තා හා තරුණ නියෝජනය අවමය 25%ක් වීම සහතික කිරීම

x ඡුන්දය දීමේ වයස අවුරුදු 16ක් බවට පත් කිරීම

x මැතිවරණවලදී ජයගන්නා පක්‍ෂය හෝ අපේක්‍ෂකයා ඉදිරිපත් කළ වැඩපිළිවෙළ මැතිවරණවලදී ජයගන්නා පක්‍ෂය හෝ අපේක්‍ෂකයා ඉදිරිපත් කළ වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කිරීමට නීතිමය බලගැන්වීමක් කිරීම

රාජ්‍ය මූල්‍ය

x පාර්ලිමේන්තුවට යටත් විධායකයක් ඇතිකිරීම සඳහා සියලූ විෂයන් පිළිබඳව පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටු පත්කිරීම.

x පළාත් අතර මුදල් හා සම්පත් බෙදා හැරීම සඳහා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් ස්වාධින මුදල් කොමිසමක් පත්කිරීම

 

මූලික අයිතිවාසිකම්

x සමාජ හා ආර්ථික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිළිබඳ ජාත්‍යන්තර ප‍්‍රඥප්තිය අනුකූල අයිතීන් මූලික අයිතිවාසිකම් ලෙස පිළිගනිමින් බලාත්මක කිරීම ඒ අනුව පූර්ව ළමාවිය සංවර්ධනය,

අධ්‍යාපනය ලබා ගැනීම, පෞද්ගලික සෞඛ්‍යාරක්ෂාව, රැකියාවක් ලබා ගැනීම, නිවාස, පිරිසිදු ජලය, සනීපාරක්ෂාව, ප‍්‍රමාණවත් ආහාර සහ පෝෂණය මුලික අයිතීන් වශයෙන් පිළිගැනේ.

x ළමා, කාන්තා සහ විශේෂ අවශ්‍යතා සහිත ප‍්‍රජාවගේ අයිතිවාසිකම් පිළිබඳ ආණ්ඩුක‍්‍රම නීතිය ජාත්‍යන්තර ප‍්‍රඥප්තීන්ට අනුකූල වන ලෙස පුළුල් කිරීම

x රැකියා සඳහා රට තුළ සහ රටින් පිටත සංක‍්‍රමණික පුද්ගලයන්ගේ ඡුන්ද අයිතිය තහවුරු කිරීම

 

ස්වාධීන කොමිෂන් සභා

x දැනට ස්ථාපිත කොට ඇති කොමිෂන් සභාවලට අමතරව අධ්‍යාපනය, අර්ධ රාජ්‍ය සේවය, සහ ජනමාධ්‍ය යන ක්ෂේත‍්‍ර සඳහා ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කොට එම අංශයන් දේශපාලන බලපෑම්වලින් මුදා ගැනීම

 

මහජන නියෝජිතයන් විශේෂ වරප‍්‍රසාද රහිත

මහජන සේවකයකු බවට පත්කිරීම

ජනාධිපතිවරයා

x අධිකරණයක් විසින් හෝ වෙනත් ව්‍යවස්ථාපිත අධිකාරියක් මගින් නියමකරන දඬුවමක් ලිහිල් කිීමේ ජනාධිපතිවරයා සතු බලතල අහෝසි කිරීම

x රට පුරා ඇති ජනාධිපති නිල නිවාස අහෝසි කොට එක් නිල නිවසකට පමණක් සීමා කිරීම

x විශ‍්‍රාමික ජනාධිපතිවරුන්ට හා ඔවුන්ගේ කලත‍්‍රයන්ටදී ඇති විශ‍්‍රාම වැටුප් විශේෂ දීමනා හා සියලූ වරප‍්‍රසාද අහෝසි කිරීම

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු

x සිය වගකීම ඉටුනොකරන්නේ නම් හා ¥ෂණයේ යෙදෙන්නේ නම් ඔහුව නැවත කැඳවීමේ බලය සෑම වසරකටම වරක් ඡුන්දදායකයාට ලැබෙන විධිවිධාන ව්‍යවස්ථාවට එක් කිරීම

x පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ පුද්ගලික කාර්ය මණ්ඩලය සඳහා පවුලේ ඥාතීන් බඳවා ගැනීම තහනම් කරන අතර ඒ ඒ තනතුරු සඳහා මූලික අධ්‍යාපන සුදුසුකම් හඳුන්වාදීම

x පාර්ලිමේන්තු මනී‍්‍රවරුන්ට ලබාදෙන පූර්ණ බදු නිදහස සහිත වාහන බලපත‍්‍රය අහෝසි කිරීම

x පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට සැසිවාරයට සහභාගී වීම වෙනුවෙන් ගෙවන දීමනා අහෝසි කිරීම

x පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ට වසර 05කින් පසුව ලබාදෙන විශ‍්‍රාම වැටුප අහෝසි කිරීම

x පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයාට හෝ පවුලේ අයට සෘජු හෝ වක‍්‍ර ලෙස ව්‍යාපාර හෝ කොන්ත‍්‍රාත් කිරීම තහනම් කිරීම

x සෑම මන්තී‍්‍රධුර අපේක්ෂකයෙකුගේ සුදුසුකම් මහජනතාවට දැනගැනීම සඳහා නාමයෝජනා පත‍්‍රය සමග දිව්රුම් ප‍්‍රකාශයක් මගින් ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීම

x බාර් ලයිසන් හිමි පුද්ගලයන්ට හෝ ඔවුන්ගේ පවුල්වල අයට කුමන ආකාරයක හෝ මැතිවරණයක් සඳහා තරග කිරීමට ඉඩ ප‍්‍රස්ථා අහිමි කිරීම

x පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ට වාහන ලබාදීම සඳහා පොදු වාහන සංචිතයක් පිහිටුවීම

x පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සඳහා රක්ෂණ ක‍්‍රමයක් පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ කි‍්‍රයාත්මක වන බැවින් ජනාධිපති අරමුදලින් මුදල් ලබාදීම අත්හිටු වීම

අධිකරණය

වර්තමාන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ”අධිකරණයේ ස්වාධීනත්වය” යන අනුමාතෘකාව යටතේ වගන්ති කිහිපයක් අන්තරගත වුවද එම වගන්ති මූලික වශයෙන් අදාළ වනුයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ විනිසුරන් පත්කිරීම, ධූර කාලය, සේවයෙන් ඉවත් කිරීම, විශ‍්‍රාම ගනු ලබන වයස හා වැටුප් යනාදිය පිළිබඳව පමණි. අධිකරණ ක්ෂේත‍්‍රය තුළ රට මුහුණ පා ඇති අත්දැකිම් සැලකිල්ලට ගැනීමේ දී, අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ මූලධර්මය තහවුරු කිරීම සඳහා කිසියම් ප‍්‍රකාශිත විධිවිධාන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතුව ඇත.

අප රට පාලනය වන්නේ 1800 ගණන්වල බ්‍රිතාන්‍ය පාලකයන් විසින් ඇතිකරන ලද අධිකරණ පද්ධතියකින් හා නීති රීති වලිනි. එහෙයින් මෙරට අධිකරණ පද්ධතිය සම්පූර්ණයෙන්ම ප‍්‍රතිසංස්කරණයට ලක්කළ යුතුව ඇත. එම නිසා සාමාන්‍ය ජනතාවට අධිකරණයේ පිහිට ලබාගැනීම ඉතාමත්ම දුෂ්කර වී ඇත. අධිකරණය ඉදිරියට යෑම ඉතාමත්ම වියදම්කාරී වන බැවින් සාමාන්‍ය ජනතාවට අධිකරණයේ පිහිට අහිමි වී තිබේ.

 

අධිකරණය ඉදිරියේ ඇති ප‍්‍රමාදය අද සමාජ ප‍්‍රශ්නයක් බවට පත් වී ඇත. නව අධිකරණ ප‍්‍රතිසංස්කරණ තුළින් ජනතාවට අධිකරණය සමීප කරන අතර වියදම්කාරී නොවන අධිකරණ ක‍්‍රියා පිළිවෙතක් ඇති කෙරේ. එමෙන්ම අධිකරණයේ සහනයන් අප‍්‍රමාදව ලබාගත හැකි ප‍්‍රතිසංස්කරණ සිදුකරනු ඇත.

අධිකරණමය නොවන බේරුම්කාර මණ්ඩල ලෙස දැනට ක‍්‍රියාත්මක වන සමථ මණ්ඩල සංඛ්‍යාව වැඩිකරන අතර ජනතාව අතර ඇතිවන සාමාන්‍ය ආරවුල් ඒ තුළින් විසදා ගැනීමේ ක‍්‍රියාවලිය දිරි ගැන්වේ. තවද නඩු අප‍්‍රමාදව හා කාර්යක්ෂමව විසඳීම සඳහා නවීන තාක්‍ෂණය භාවිතා කරණ අතර ඒ සඳහා පහසුකම් අධිකරණවලට ලබාදෙනු ඇත.

x මූලික අයිතිවාසිකම් කඩ වූ අවස්ථාවලදී රටේ  ඕනෑම පුරවැසියෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට හැකිවන අයුරින් එහි කටයුතු විම්‍යගත කරන අතර ඊට අවශ්‍ය නීතිඥ සහය නොමිලේ ලබාදීමේ වැඩසටහනක් ක‍්‍රියාවට නැංවීම

x සියලූම ආකාරයේ අභියාචනා තීන්දු, මූලික අයිතිවාසිකම් නඩු මාස 6ක කාලයක් ඇතුළත අවසන් කිරීමට අදාළව අධිකරණ පද්ධතිය පුළුල් කිරීම

x සියලූ සිවිල් හා අපරාධ නඩු, දිසා සහ මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩු පැවරූ දින සිට මාස 12ක් ඇතුළත අවසන් කිරීමට පියවර

x ඉඩම්, අපරාධ, මත් ද්‍රව්‍ය, ස්ත‍්‍රීදූෂණ, බාලඅපරාධ ආදි විවිධ නඩු වර්ග අනුව විසඳීමට ගතවන කාලය අවම කිරීම සඳහා අවශ්‍ය වන නීතිමය සංශෝධන ගෙන එ්මට පියවර

x සාමාන්‍ය රථවාහන වැරදි, නව තාක්‍ෂණය යොදාගනිමින් හඳුනා ගැනීමට, ඒවා සම්බන්ධව අධිකරණයට නොගොස් දඩයක් පැනවීම මගින් විස\ ගැනීමට කටයුතු කිරීම

x අධිකරණවල නඩු විසඳීම සඳහා ජාතික භාෂාව යොදාගැනීම සහ නඩු තීන්දු තමන් කැමති භාෂාවකින් ලබාගැනීමට පාර්ශ්වකරුවන්නට අයිතිය ලබා දීම

x ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරු විශ‍්‍රාම යාමෙන් පසු රජයේ හෝ පෞද්ගලික අංශයේ කවරාකාර හෝ රැකියාවක නිරතවීම හෝ විදේශ තානාපතිවරු, ලෙස තෝරා පත් කරගනු ලැබීම තහනම් කිරීම

අල්ලස් හා දූෂණ

අල්ලස් හා දූෂණ පිළිබඳ අද ඇති නීතිය ප‍්‍රමාණවත් නොවේ. එහෙයින් එය වැඩිදියුණු කළ යුතුව ඇත. කොළඹට පමණක් සීමා වී ඇති අල්ලස් හා දූෂණ කොමිෂන් සභාව අවම වශයෙන් පළාත්බදව පිහිටුවීමට කටයුතු කරනු ඇත. ඒ අනුව ප‍්‍රාදේශීයව සිදුවන අල්ලස් හා දූෂණ පිළිබඳව පැමිණිලි කිරීමට ජනතාවට අවස්ථාව සලසාදෙනු ඇත. දූෂණ විරෝධි සංස්කෘතියක් ඇති කිරීම සඳහා පාසල් වියේ සිට ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරනු ඇත.

කි‍්‍රයාමාර්ග

x නාස්තිය, දූෂණ, අල්ලස, වංචාව, ඇතුළු සියලූ මූල්‍ය අපරාධ පිටුදැකීම සඳහා පාර්ලිමේන්තුවට පමණක් වගකියන සියලූ විමර්ශන ආයතන සම්බන්ධිකරණය කෙරෙන මධ්‍යම කාර්යාංශයක් ස්ථාපිත කිරීම

x සෑම දිස්ත‍්‍රික්කයකම අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභා කාර්යාල පිහිටුවීම

x අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභා වෙත ලැබෙන පැමිණිළි මාස හයක් ඇතුළත විමර්ශනය අවසන් කොට අදාළ නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීම

x දැනට පැමිණිලි ලැබී ඇති සියලූ වංචා, දූෂණ කඩිනමින් පරීක්ෂා කර චූදිතයන්ට වසරක් ඇතුළත තරාතිරම නොබලා දඬුවම් ලබාදීම සඳහා සහ රජයට වූ පාඩුව අයකරගැනීම සඳහා විමර්ශන හා අධිකරණ කි‍්‍රයාවලිය වඩාත් කාර්යක්ෂම කිරීම

 

x දැනට පවතින සියලූ විමර්ශන ආයතන ස්වාධීන ආයතන බවට පත් කිරීම

x චූදිතයන්ට දේශපාලන රැකවරණ ලබාදෙන්නන්ද අදාළ වැරැද්දට සම්බන්ධ අයෙකු ලෙස සලකා නීතිය ඉදිරියට ගෙන ඒම සඳහා අවශ්‍ය නීති සකස් කිරීම

x රාජ්‍ය සම්පත් අවභාවිත කිරීමෙන් රටට අහිමි වූ මහජන ධනය ආපසු අයකර ගැනීම සඳහා නීතිරීති සකස් කිරීම සහ ඒවා ක‍්‍රියාවේ යෙදවීම

x මූල්‍ය අවභාවිතාවන්, අල්ලස්, කොමිස් වැනි දූෂිත කි‍්‍රයාවන් වැළැක්වීම අරමුණු කරගනිමින් නීතිරීතී සම්පාදනය කිරීම ප‍්‍රමුඛ කාර්යයක් ලෙස සලකා කටයුතු කිරීම

x දූෂණ, වංචා, අල්ලස් වැනි දෑ පිළිබඳ මහජනතාව දැනුම්වත් කිරීමට හා ඒවාට එරෙහිව මහජනතාව බලගැන්වීමේ ව්‍යාපාරයක් රාජ්‍ය අනුග‍්‍රහයෙන් ස්ථාපිත කිරීම

 

රාජ්‍ය පරිපාලනය

x විද්‍යාත්මක පදනමින් නිර්මාණය කරනු ලබන අමාත්‍යාංශ 25කට සීමා කොට ගැසට් කිරීම

x අමාත්‍යාංශ ලේකම්වරුන් සහ ආයතන ප‍්‍රධානීන් අධ්‍යක්ෂක මණ්ඩල පත්කිරීම සඳහා පාර්ලිමේන්තුවට වග කියන පූර්ණ බලය ඇති කාර්යාංශයක්

x රාජ්‍ය සහ රාජ්‍ය අනුබද්ධ ආයතනවල සේවක සංඛ්‍යාව පිළිබඳව නැවත විගණනය කොට මාස වසරක කාලයක් තුළ රාජ්‍ය සේවය ප‍්‍රතිව්‍යුහගත කිරීම

x සියලූම අර්ධ රාජ්‍ය, රාජ්‍ය ව්‍යාපාර හා පෞද්ගලික අංශ සඳහා විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයක් සහිත සමාජ රක්ෂණ ක‍්‍රමයක් සකස් කිරීම

x මත්ද්‍රව්‍ය රට තුළට ගෙන ඒම වැළැක්වීම සඳහා රාජ්‍ය බුද්ධි අංශ, වෙරළ ආරක්ෂක සේවය වරාය සහ ගුවන්තොටුපළ ඒකාබද්ධ කෙරෙන ස්වාධින මෙහෙයුම් කාර්යාංශය (IOD) ස්ථාපිත කිරීම.

x සියලූම අර්ධ රාජ්‍ය ආයතනවල සියලූ බඳවා ගැනීම්, උසස් වීම් හා සේවා දීර්ඝ කිරීම් සඳහා ස්වාධීන කොමිෂන් සභාවක් පත් කිරීම

x සේවා නියුක්ත මව්වරුන්ගේ බාල වයස් දරුවන් වෙනුවෙන් දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටවීම.

x වාර්ෂික විගණන පරීක්ෂණ වාර්තා අනුව සියලූ රාජ්‍ය ආයතනවලට අල්ලස් දූෂණ හා වංචා පිළිබඳ දර්ශකයක් ලබා දීම

x අල්ලස දූෂණ හා වංචා පිළිබද චෝදනා නොලබා ඵලදායි ලෙස සේවයේ යෙදෙන රාජ්‍ය සේවකයන් සෑම වසර පහකට වරක් ඇගයීමට ලක්කොට දිරි දීමනා ලබා දීම

x රාජ්‍ය සේවයෙන් සිදුවන මූලික අයිතීන් උල්ලංඝනය වෙනුවෙන් කි‍්‍රයාත්මක වීම සඳහා වින්දිතයාට නීති ආධාර සහ සහාය ලබාදෙන ස්වාධීන ආයතනයක් ස්ථාපිත කිරීම

x රාජ්‍ය ආයතනයක් මගින් ඉටු කරන සෑම අත්‍යවශ්‍ය මහජන කාර්යයක් සඳහාම යන උපරිම දින ගණනක් නියම කිරීම

x හඳුනාගත් සේවාවන් 30ක කටයුතු නිවසේ සිටම ලබා ගැනීම සඳහා ‘දොරින් දොරට රාජ්‍ය සේවය’ වැඩපිළිවෙළ ආරම්භ කිරීම

x රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනවල වයස 05ට අඩු දරුවන් සිටින මවුවරුන් සඳහා බදදා දිනවල පැය 04 ක නිවාඩුවක් ලබා දීම

x රාජ්‍ය සේවයේ සියලූම ශ්‍රේණීන් සඳහා විධිමත් උසස්වීම් පටිපාටියක් හඳුන්වාදීම

x රජයේ වසර 05ක කාලය තුළ අගනගරයේ විසිරී ඇති සියලූ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන පරිපාලන අගනගරය ආශ‍්‍රිත ගොඩනැගිලි තුළට රැගෙන යාම

x සේවා මුර ක‍්‍රමයට සේවය කළ යුතු සියලූම රජයේ හා අර්ධ රාජ්‍ය ආයතනවල නිලධාරීන්ට නිල නිවාස/නවතැන් පහසුකම් ලබා දීම අනිවාර්ය කිරීම හා ලබාදීම

x පරිපාලන අගනගරය ආශ‍්‍රිතව රාජ්‍ය සේවකයන් සඳහා පෞද්ගලික අංශයේද දායකත්වයෙන් සියලූ පහසුකම් සහිත මහල් නිවාස ඉදිකිරීම හා තාවකාලික පදනමින් ලබාදීම

x රාජ්‍ය අංශයේ වැටුප් විෂමතා ඉවත් කිරීම හා විශේෂ හා වරප‍්‍රසාදලත් කණ්ඩායම්වල වැටුප් වරදාන/වරප‍්‍රසාද ලෙස ලබාදීම වැළැක්වීමට රාජ්‍ය අංශයේ වැටුප් ප‍්‍රතිපත්තියක් සකස් කර නීතිගත කිරීම

x ස්ත‍්‍රීන් හා මව්වරුන්ගේ අයිතිවාසිකම්/අවශ්‍යතා කෙරෙහි මූලිකත්වය ලබා දෙන වඩා නම්‍යශීලී හා විනිවිද පෙනෙන ආකාරයේ ස්ථාන මාරු ප‍්‍රතිපත්තියක් සකස් කිරීම

x ජනතාවට උසස් රාජ්‍ය සේවාවක් තහවුරු කරනු වස් වඩාත් තෘප්තිමත් රාජ්‍ය සේවකයෙක් බිහි කිරීම උදෙසා දුෂ්කර හා හඳුනාගත් ජනප‍්‍රිය නොවන සේවා ස්ථානවල සේවයේ යොදවන කාර්ය මණ්ඩලය සඳහා වැටුප මත පදනම් වූ දිරි දීමනාවක් ලබාදීම

x පුහුණුව හා සංවර්ධනය අනිවාර්ය අංගයක් බවට පත් කිරීම

x රාජ්‍ය අංශය සඳහා සේව්‍ය/සේවක දායකත්වයෙන් පූර්ණ සෞඛ්‍ය රක්ෂණ ක‍්‍රමයක් ක‍්‍රියාත්මක කිරීම

x රාජ්‍ය අංශයේ කාර්ය මණ්ඩලය සඳහා වසරකට පූර්ණ සෞඛ්‍ය පරීක්ෂණයක් ලබා දීම හා රාජ්‍ය අංශයේ නිලධාරීන්ගේ යහපත් කායික මානසික සෞඛ්‍යයක් පවත්වාගෙන යෑමේ නියාමනය ක‍්‍රමයක් රාජ්‍යය ආයතන තුළ ක‍්‍රියාත්මක කිරීම

x කාර්යක්ෂම රාජ්‍ය සේවයක් සහිත රටවල ක‍්‍රමවේදවලට අනුව රාජ්‍ය අංශයේ නිවාඩු ප‍්‍රතිව්‍යූහගතකරණයනට ලක් කිරීම

x සියලූම රාජ්‍ය සේවකයින්ට වසරකට එක් වරක් උපරිම දින 07ක නිවාඩුවක් ගත කිරීමට අවස්ථාව ලබා දීම හා පෙර වසරේ ඉතිරි කරගත් නිවාඩුවලට අනුව එම නිවාඩුව ගත කිරීමේ වියදම් කොටසක් රජය මඟින් දැරීම

x සාම්ප‍්‍රදායික කාර්යසාධන ඇගයුම වෙනුවට මූල්‍ය/වෙනත් ප‍්‍රතිලාභ සමග ඍජුව සම්බන්ධ කළ කාර්යසාධන ක‍්‍රමවේදයක් හඳුන්වා දීම

x විශේෂයෙන් ස්ත‍්‍රීන්ට හා දරුවන් සිටින මව්වරුන්ට නිවසේ සිට රාජකාරි ඉටු කිරීමට හැකි වන පරිදි රාජ්‍ය සේවයේ හඳුනාගත් කාර්යයන් නිවසේ සිට ඉටු කිරීමට හැකි වන ක‍්‍රමවේදයක් සකස් කිරීම

x ස්ත‍්‍රීන් සඳහා මසකට දිනක ඔසප් නිවාඩුවක් ලබා දීම

x රාජ්‍ය සේවයේ වසර 10ක සේවා කාලය සම්පූර්ණ කළ කාර්ය මණ්ඩල සාමාජිකයන්ට රාජ්‍ය සේවයෙන් ඉවත්ව පෞද්ගලික අංශ හෝ අර්ධ රාජ්‍ය අංශය හෝ රාජ්‍ය නොවන සංවිධාන අංශයේ හෝ විදේශ රැකියාවල නිරතවීමට හැකි වන පරිදි වෛකල්පිත විශ‍්‍රම වයසට එළඹීමේදී එම දිනයේ පවතින තත්වයට අනුරූපී විශ‍්‍රාම වැටුපක් ලබා ගැනීමේ හැකියාව තහවුරු කරමින් විශ‍්‍රාම ලබා ගැනීමට අවස්ථාව සලසා දීම

x රජයේ නිලධාරිනියන් විසින් ළමුන් හදා වඩා ගැනීමේදි දරුවා සහ දෙමාපියන් අතර මනා අනුගතවීමක් තහවුරු කිරීම සඳහා ළමයාගේ වයස් මට්ටම සැලකිල්ලට ගනිමින් ප‍්‍රසූත නිවාඩු හා සමාන ක‍්‍රමවේදයක් හඳුන්වා දීම

x රාජ්‍ය නිලධාරීන්ගේ විනයානුකුල හැසිරීම ප‍්‍රවර්ධනය කිරීමට විනය දර්ශකයක් හඳුන්වා දීම හා එය පදනම් කර ගත් දිරි දීමනා ක‍්‍රමයක් හඳුන්වා දීම

x රාජ්‍ය අංශය තුළ දැනට පවතින විෂමතාවයන් තුරන් කිරීමට හා වඩාත් කාර්යක්ෂම හා ඵලදායී සේවාවක් මහජනතාවට ලබා දීමට හැකි වන පරිදි සියලූම සේවාවන් සහ ශ්‍රේණීන් වඩාත් තාර්කික හා විද්‍යාත්මක පදනමක් මත සකසන සේවා ව්‍යවස්ථා කිහිපයක් තුළට සංගෘහිත කිරීම

x විවිධ කොන්දේසි යටතේ දැනට ක‍්‍රියාත්මක වන උපාධිධාරීන්ගෙන් සැදුම් ලත් ක්ෂේත‍්‍ර නිලධාරීන්/ දෙපාර්තමේන්තු හා අමාත්‍යංශවල සේවය කරන සංවර්ධන නිලධාරීන්, ආශ‍්‍රිත සේවාවල නිලධාරීන් යනාදීන් වඩාත් තාර්කික පදනමක් මත ක‍්‍රියාත්මක වන එක් සේවා ව්‍යවස්ථාවකට යටත් කිරීම ඔවුන්ගේ කාර්ය කොටස් වගකීම් පැහැදිලිව නිර්වචනය කිරීම

x කළමනාකරණ සේවය හා සෙසු සේවාවන් සඳහාද වඩාත් තාර්කික හා විද්‍යාත්මක කොන්දේසි යටතේ ක‍්‍රියාත්මක වන සේවා ව්‍යවස්ථාවක් හඳුන්වා දීම

x සෑම නිලධාරියෙකු තුළම ස්වාභිමානයෙන් යුතුව සේවය කිරීම සඳහා වන ආකල්ප ප‍්‍රවර්ධනය කිරීම සඳහා විශේෂිත වැඩසටහන් සංවිධානය කිරීම

පොලිස් සේවාව

නීතිය සහ සාමය පවත්වා ගෙනයාමේදී මහජනතාවට වඩාත් සමීප ආයතනයක් ලෙස පොලීසිය ඉතා වැදගත් කාර්යයක් ඉටුකරයි. එමෙන්ම සමාජයක නීතියේ ආධිපත්‍යය තහවුරු වී ඇත්ද යන්න නිරූපනය වීමේදී පොලිසියේ ස්වාධීන ක‍්‍රියාකාරිත්වය අතිශය වැදගත් වේ. නමුත් වර්තමානයේ ශී‍්‍ර ලංකා පොලිසියෙන් ඉටුවන සේවාවන් පිළිබඳ ඇත්තේ තියුණු විවේචනයකි. දේශපාලන හෝ වෙනත් සමාජ සම්බන්ධතාවයක් හෝ මුල්‍ය ප‍්‍රදානයක් නොමැතිව පොලිසිය තුළින් සේවය ලබා ගැනීම අපහසු යැයි සමාජය දරන මතය නිසා පොලිස් සේවයේ ගෞරවනීය බව ගිලිහී ගොස් ඇත. ශී‍්‍ර ලංකා පොලිස් සේවය වඩාත් මහජනතාවට සමීප සේවාවක් බවට පත්කිරීමට හා එහි කාර්යක්ෂමතාව ඉහළ දැමීම තුළින් මිත‍්‍රශීලී පොලිස් සේවයක් නිර්මාණය කිරීමට පියවර ගැනීම අත්‍යවශ්‍ය වේ.

x පොලිසිය මහජනතාව සමග සමීප සම්බන්ධතාවක් ඇතිකිරීම සඳහා ‘පොලිස් මහජන සබඳතා කමිටු’ පිහිටුවීම

x පොලිස් සේවයේ සියලූ පත්වීම්, උසස්කිරීම්, ස්ථාන මාරු දේශපාලනීකරණයෙන් තොරව සිදුකිරීම සඳහා පොලිස් කොමිසමට බලය පැවරීම

x සියලූ පැමිණිලි පරිගණක ගත කිරීම සහ පොලිස් වාර්තා විද්‍යුත් තැපෑලෙන් ලබා දීම සඳහා වසරක් තුළ අවශ්‍ය යටිතල පහසුකම් ඇති කිරීම

x පොලිසියට ලැබෙන සියලූ පැමිණිලි මාස 06කට පෙර විමර්ශනය කර අවසන් කිරීම සහ එසේ කළ නොහැකි ලිපිගොනු පිළිබඳව පොලිස් කොමිසමට වාර්තා කිරීම

x අපරාධ විමර්ශනය සඳහා විද්‍යාත්මක පුහුණුව, නව තාක්‍ෂණික මෙවලම් සහ තොරතුරු තාක්‍ෂණය උපයෝගී කර ගැනීම

x පොලිස් සේවාව වෘත්තීමය පොලිස් සේවාවක් බවට පත්කිරීම සඳහා අවශ්‍ය දැනුම හා පුහුණුව ලබාදීම සඳහා පොලිස් විශ්වවිද්‍යාලය කඩිනමින් ස්ථාපිත කොට අපරාධ විද්‍යාව සහ අපරාධ යුක්තිය, පොලිස් මහජන සම්බන්ධතාවයන්, උපදේශනය, මනෝ විද්‍යාව වැනි ක්ෂේත‍්‍ර පිළිබඳව උපාධි පුහුණු පාඨමාලා හැදෑරීමට ඉඩ ප‍්‍රස්ථාව සලසා දීම

x වැටුප් හා දීමනා සමස්ත රාජ්‍ය සේවයට සමානුපාතිකව ඉහළ දැමීමටත්, අල්ලස්, දූෂණ, වංචාවන් පොලිස් සේවය තුළින් ඉවත්කිරීම සඳහා විශේෂ විමර්ශන ඒකකය වඩාත් ශක්තිමත්ව පොලිස්, සිවිල්, නීති යන ක්ෂේත‍්‍ර නිලධාරීන්ගෙන් සමන්විතව පිහිටුවීම සඳහා නීති සම්පාදනය කිරීමටත් කටයුතු කිරීම

x අනීතික අයුරින් මහජනතාවට සිදුකරනු ලබන බලපෑම්, පහරදීම්, බොරු පැමිණිලි සකස් කොට සිරගත කිරීම්, සහ දේශපාලන අවශ්‍යතා මත ජනතාවට සිදුකරනු ලබන හිරිහැර කිරීම්වලදී ඊට එරෙහිව කි‍්‍රයාත්මක වීමට නව අයුරින් ස්ථාපිත කරනු ලබන පොලිස් කොමිසම යටතේ කි‍්‍රයාත්මක පොලිස් විශේෂ විමර්ශන ඒකකයට බලය ලබාදීම

x දක්ෂ පොලිස් නිලධාරීන් ඇගයීම, මුදල් ත්‍යාග හා සහතිකපත් ලබාදීමේ වැඩපිළිවෙළක්ද, ඔවුන් හට විදේශ පුහුණුව ලබාදීමේ වැඩසටහනක්ද කි‍්‍රයාවට නැංවීම

x නිවසක හිමිකමක් නොමැති සියලූ පොලිස් නිලධාරීන් හට නිවාස ලබාදීමේ වැඩසටහනක් කි‍්‍රයාවට නැංවීම

බන්ධනාගාරය

පසුගිය කාලයේ විවිධ බන්ධනාගාරවල සිරකරුවන් ඝාතනය කිරීම් සහ අමානුෂික ලෙස හිංසා කිරීම් පිළිබඳ සිදුවීම් වාර්තා වීමෙන් පෙනීයන්නේ, ‘සිරුකරුවෝද මනුෂ්‍යයෝය’ යන්න වර්තමානය වන විට හුදෙක් තේමා පාඨයකට පමණක් සීමා වෙමින් පවතින බවයි. තදබදය සහ සිරකරුවන්ට අවශ්‍ය මූලික පහසුකම් නොමැතිවීම බන්ධනාගාර මුහුණ දෙන බරපතළ ගැටලූ වේ. බන්ධනාගාරය සිරකරුවන් ප‍්‍රතිශෝධන කරන ස්ථානයකට වඩා ඔවුන්ට දඬුවම් දීම අරමුණ කරගත් ස්ථානයක් බවට පත් වී ඇත.

බන්ධනාගාර තුළ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාල ක‍්‍රියාකාරකම් නිසා වර්තමානය වන විට ඒවා අපරාධ ඉගෙනුම් මධ්‍යස්ථාන බවට පත්වී යහපත් කල් කි‍්‍රයාවෙන් සිර ජීවිතය ගෙවන පිරිස්වලට බාධා පමුණුවා ඇත. නීති කටයුතු අවසන් වීමට දීර්ඝ කාලයක් ගතවීම නිසා රිමාන්ඞ් සිරකරු ගහනය වැඩිවීම බන්ධනාගාර තදබදයට ප‍්‍රධාන හේතුවකි. 2017 වසරේ රිමාන්ඞ් සිරකරුවන් 99,036ක්ද (Unconvicted) වරදකරුවන් කරන ලද සිරකරුවන් (Convicted) 22,833ක්ද සිටි අතර ඔවුන් සියලූ දෙනා මනුෂ්‍යයන් ලෙස සලකමින් කටයුතු කිරීම සඳහා වූ ක‍්‍රමවේදයක් කෙරේ අවධානය යොමු කළ යුතුය.

කි‍්‍රයාමාර්ග

x බන්ධනාගාර තුළ සිදුවන සියලූම ආකාරයේ හිංසනයන් වැළැක්වීම සඳහා ක‍්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කිරීම

x මානසික මට්ටම් පිළිබඳව විශ්ලේෂණයක් කොට ඒ අනුව රැඳවියන් කාණ්ඩ ගත කොට රඳවා තැබීම

x ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුකූල වන පරිදි බන්ධනාගාරවල ඉඩ පහසුකම් ඇතුළු අනෙකුත් පහසුකම් පුළුල් කිරීම

x ප‍්‍රජා විශෝධන පනත විධිමත්ව ක‍්‍රියාත්මක කොට සුළු වැරදිවලට දඬුවම් ලබන අය බන්ධනාගාර ගත නොකොට ප‍්‍රජා වැඩසටහන් සඳහා යොමු කිරීම

x රැඳවියන් කුඩා කණ්ඩායම් වශයෙන් ගෙන ඔවුන් ප‍්‍රතිශෝධනය කිරීම සඳහා උපදේශන සහ අධ්‍යාපනික වැඩසටහන් කි‍්‍රයාවට නැංවීම

x රැඳවියන්ගේ ශාරීරික සෞඛ්‍යය පවත්වාගෙන යාම සඳහා විධිමත් අභ්‍යාස වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම

x දීර්ඝ කාලීනව සිරදඬුවම් විඳින සිරකරුවන් විවිධ නිෂ්පාදන හා සේවා සඳහා යොදා ගැනීමේ වැඩසටහනක් හඳුන්වා ගැනීම

x යහපත් කල් කි‍්‍රයාවෙන් යුත් සිරකරුවන් එළිමහන් සිරකඳවුරුවල රඳවා තැබීම හා බලපත‍්‍ර යටතේ නිවෙස් වෙත යාම සඳහා වූ ක‍්‍රමවේදය විධිමත් කොට ස්ථාපිත කිරීම

x සෑම බන්ධනාගාරයකම අධ්‍යාපනික හා වෘත්තීය පුහුණු මාර්ගෝපදේශන පාඨමාලා ක‍්‍රියාත්මක කිරීම

x රිමාන්ඞ් සිරකරුවන් ලෙස දීර්ඝකාලීනව රඳවා තැබීම වැළැක්වෙන පරිදි අපරාධ යුක්ති ක‍්‍රමයට සම්බන්ධ ආයතනවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම

x දැනට පවතින සියලූ විමර්ශන ආයතන ස්වාධීන ආයතන බවට පත් කිරීම

x චූදිතයන්ට දේශපාලන රැකවරණ ලබාදෙන්නන්ද අදාළ වැරැද්දට සම්බන්ධ අයෙකු ලෙස සලකා නීතිය ඉදිරියට ගෙන ඒම සඳහා අවශ්‍ය නීති සකස් කිරීම

x රාජ්‍ය සම්පත් අවභාවිත කිරීමෙන් රටට අහිමි වූ මහජන ධනය ආපසු අයකර ගැනීම සඳහා නීතිරීති සකස් කිරීම සහ ඒවා ක‍්‍රියාවේ යෙදවීම

x මූල්‍ය අවභාවිතාවන්, අල්ලස්, කොමිස් වැනි දූෂිත කි‍්‍රයාවන් වැළැක්වීම අරමුණු කරගනිමින් නීතිරීතී සම්පාදනය කිරීම ප‍්‍රමුඛ කාර්යයක් ලෙස සලකා කටයුතු කිරීම

x දූෂණ, වංචා, අල්ලස් වැනි දෑ පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමට හා ඒවාට එරෙහිව මහජනතාව බලගැන්වීමේ ව්‍යාපාරයක් රාජ්‍ය අනුග‍්‍රහයෙන් ස්ථාපිත කිරීම

මත්ද්‍රව්‍ය නිවාරණය

අද වන විට විෂ මත්ද්‍රව්‍ය භාවිතය විශාල සමාජ ව්‍යසනයක් බවට පත් වී ඇත. අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ 2017 වාර්තාවට අනුව විෂ මත්ද්‍රව්‍ය වැරදි සඳහා පුද්ගලයෝ 34,970ක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. ඒ අතර වයස අවුරුදු 20-24 වයස් කාණ්ඩයෙන් 24%ක්ද පිරිමි 97%ක් හා ගැහැණු 3% ක්ද වෙති. විවාහකයන් 53%ක් වන අතර 4,654ක් අවිවාහක අය වෙති. අධ්‍යාපනය අනුව ගත් විට 5-10 ශ්‍රේණිය අතර උගත් සංඛ්‍යාව 45% කි. 2018 වසරේ විෂ මත්ද්‍රව්‍ය වෙනුවෙන් අත් අඩංගුවට ගනු ලැබ ඇති සංඛ්‍යාව 95,679කි.

මෙලෙස සංඛ්‍යාත්මකව දැක්විය හැකි වුවද අත්අඩංගුවට පත් නොවූ විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෝ විශාල සංඛ්‍යාවක් සමාජයේ හැසිරෙති. මෑත කාලීනව පාසල් ළමුන් අතර විශාල වශයෙන් විවිධ විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනයක් ලෙස ව්‍යාප්ත වෙමින් පවතී.

වර්තමානය වන විට දේශපාලනික හා වෙනත් බලවේගවල ආරක්ෂාව යටතේ ශී‍්‍ර ලංකාව කලාපයේ මත්ද්‍රව්‍ය හුවමාරු මධ්‍යස්ථානයක් බවට පත්වී ඇති අතර එය සංවිධානාත්මක අපරාධ වර්ධනය වීම කෙරෙහිද බලපා ඇත.

අරමුණු

විෂ මත්ද්‍රව්‍ය භාවිතය අලෙවිය හා බෙදාහැරීම හා අනෙකුත් බලපෑම්වලින් තොර රටක් බවට පත් කිරීම හා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ගෙන් තොර රටක් නිර්මාණය කිරීම

ක‍්‍රියාමාර්ග

x මත්ද්‍රව්‍ය වැරදිවලට දඬුවම් දීම දැඩි කිරීමත්, ඒ සම්බන්ධ නඩු කටයුතු කඩිනම් කිරීමටත් අවශ්‍ය නීති සංශෝධනය කිරීම

x මත්ද්‍රව්‍ය රට තුළට පැමිණෙන ප‍්‍රධානම ක‍්‍රම දෙක වන ගුවන් හා නාවික යන මාර්ග පරීක්ෂා කිරීමට ඇති පහසුකම් වර්ධනය කිරීම, නවීන පරීක්ෂා කිරීමේ උපකරණ හඳුන්වා දීම හා නිලධාරීන් පුහුණු කිරීම

x අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ කාර්යයන් පුළුල් කරමින් පාසල ළමුන්, දෙමාපියන් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් අනවරතව සිදුකිරීමෙන් අලූතින් ඇබ්බැහි වන පිරිස් අවම කිරීම

x මත් උවදුර ගම තුළට එන ජාලය පිළිබඳ තොරතුරු එකතු කර විශ්ලේෂණය කර ඊට සම්බන්ධ පුද්ගලයන්ට සමාජයීය වශයෙන් බලපෑමක් කළ හැකි සංවිධානාත්මක ප‍්‍රජා මූල කණ්ඩායමක් ගම තුළ ඇතිකිරීම හා අවශ්‍ය පහසුකම් ලබා දෙමින් එය නිසි පරිදි මෙහෙය විය හැකි රාජ්‍ය යාන්ත‍්‍රණයක් ඇති කිරීම

x රට වටා ඇති මුහුදු බඩ ප‍්‍රදේශවල පොලීසිය හා ප‍්‍රජාව සම්බන්ධ කරමින් නිරීක්ෂණ කමිටු පිහිටුවීම

 

 

 

 

 

 

 

 

 

 

 

 

07

ආරක්ෂිත දේශයක්

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

විදේශ ප‍්‍රතිපත්තිය

වර්තමාන ලෝක දේශපාලනය සංක‍්‍රාන්තිමය අවධියකට අවතීර්ණ වෙමින් තිබේ. 1990න් පසු බිහිවූ ලෝක බල තුලනයට ආසියාතික රාජ්‍යන්ගේ නැගීම කිසියම් අභියෝගයක් එල්ල කරන ආකාරයක් පෙනී යන නමුත්, ලෝකයේ ආර්ථික හා දේශපාලන බලය මෙහෙය වන බලයන් අතර කිසියම් අසමතුලිතතාවයක් වර්තමානය වනවිට නිර්මාණය වී පවතීි. අනෙක් අතට ගෝලීය ආයතන තුළින් ආණ්ඩුකරණය හා ආර්ථික ක‍්‍රියාවලිය සම්බන්ධ විශාල ප‍්‍රතිමාන සමූහයක් නිර්මාණය වී තිබෙන අතර එහි බලපෑම ශක්‍යතාවයන් අතින් පහළ රාජ්‍යයක් වශයෙන් ශ‍්‍රී ලංකාවට ප‍්‍රබලව දැනෙයි. නිදහසින් පසු යුගය ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර පර්යාය තුළ දුබල රාජ්‍යයක් වශයෙන් මතුවීමට ප‍්‍රධානතම හේතුව මෙරට විදේශ දේශපාලන සහ ආර්ථික ප‍්‍රතිපත්තිය පරායත්ත ක්ෂේත‍්‍රයක් වශයෙන් වර්ධනය කිරීම හා රාජ්‍යතාන්ත‍්‍රික ක‍්‍රියාවලිය ජාතික අභිලාෂය වෙනුවට දේශපාලන රෙජීමයන්ගේ වුවමනාවන්ට යටත් කිරීමය.

ගෝලීයකරණය සහ ජාත්‍යන්තර ප‍්‍රාග්ධන හා දේශපාලන මැදිහත්වීම අතිශය තීව‍්‍ර යුගයකදී අපගේ විදේශ ප‍්‍රතිපත්තියේ පුළුල් අරමුණ වන්නේ ස්වාධීන වූ, ජාතික ජනතා අභිලාෂයෙන් මෙහෙය වෙන, ජාත්‍යන්තර සාමය හා සහජීවනයට අනුග‍්‍රහයක් වන සේම අපගේ රටේ ශක්‍යතා ඔප්නංවන හා ගෝලීය අවකාශය තුළ පිළිගැනීමට බඳුන් වන ලොව විශිෂ්ට රාජ්‍යයක් නිර්මාණය කර ගැනීමය.

ක‍්‍රියාමාර්ග

නොබැඳිභාවය

ගෝලීයව පවත්නා බල දේශපාලනයේ ගොදුරක් බවට පත්වීමේ අනතුර අප හමුවේ නිරන්තරව පවතී. කලාපීයව සහ ජාත්‍යන්තරව පවතින දේශපාලන අර්බුදයන් හමුවේ අප ගත යුත්තේ යුක්තියේ මඟය. ලෝකයේ සියලූ ප‍්‍රගතිශීලී රාජ්‍යයන් සමඟ බද්ධවෙමින් තරගය වෙනුවට සහයෝගය හා ජාත්‍යන්තර සමානාත්මතාවය ප‍්‍රවර්ධනය කරන, නිරවි ලෝකයක් උදාකරන නොබැඳි ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීම

අධීනත්වය

කුඩා රාජ්‍යයක් වුව අපගේ දේශපාලනික ස්වාධීනත්වය සහ නිවහල්භාවය ප‍්‍රමුඛ අගයන් කොට සලකමු. අධිරාජ්‍යවාදයේ නව ස්වරූපය ප‍්‍රවේශමෙන් හඳුනාගෙන ජනප‍්‍රියවාදී නොවන ආකෘතියකින් යුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉලක්ක කොටගත් ප‍්‍රතිපත්තියකින් එම නව අධිරාජ්‍ය යුගයට මුහුණ දීමට අවශ්‍ය ජාතික මනෝභාවය සහ ජාත්‍යන්තර ක‍්‍රියාමාර්ග නිර්මාණය කිරීම

ජාත්‍යන්තර සාමය, සහජීවනය සහ යුක්තිය

ජාත්‍යන්තර දේශපාලනය යනු මානව වර්ගයා අතර වන අවබෝධය හා ගෞරවය සුරැකෙන ක‍්‍රියාවලියක් බව පිළිගනිමින් අන්තර් ජාතික සාමය ප‍්‍රවර්ධනය කරමින්, ගෝලීය ගැටලූ සඳහා සහජීවනයෙන් යුක්තව ක‍්‍රියාත්මක වීමට ජාත්‍යන්තර සහ කලාපීය ආයතන තුළ අපගේ අනන්‍යතාව තහවුරු කිරීම

 

ගෝලීය දැක්ම සහ දේශීය ක‍්‍රියාමාර්ග

පටු ප‍්‍රාදේශීය චින්තනයකින් යුක්තව නව ලෝක රටාවට මුහුණ දිය නොහැකි බැවින් ගෝලීය ආර්ථික, සංස්කෘතික, හා තාක්ෂණික ප‍්‍රවණතා දේශීයව අනුවර්තනය කර ගනිමින් ගෝලීය ලෝකය තුළ ක‍්‍රියාත්මක වීම

 

අන්තර්-විෂයිකත්වය පිළිගන්නා ලෝක පර්යායක් වෙනුවෙන් පෙනී සිටීම

ලෝක දේශපාලනය බලවතුන්ගේ අරගලයක් හෝ කලාපීය අණසක ක‍්‍රියාත්මක විය යුතු භූමියක් නොවේ. නමුත් ගෝලීය හා කලාපීය වශයෙන් තීරණ ගැනීමේ ක‍්‍රියාවලිය අන්තර් විෂයික යථාර්ථයකි. එබැවින් ගෝලීය දේශපාලනය තුළ ප‍්‍රජාතාන්ත‍්‍රීය ප‍්‍රවාහය පුළුල් කිරීමට අවශ්‍ය ජාත්‍යන්තර සහයෝගය ගොඩනැගීමට කටයුතු කිරීම

විදේශ දූත මණ්ඩල

x සෑම තානාපති කාර්යලයක්ම සඳහා පහත කරුණු වෙනුවෙන් කාර්ය සාධක දර්ශකයක්

– ද්විපාර්ශික වෙළඳ ගිවිසුම්

– සමාජ ආර්ථික ප‍්‍රතිලාභ

– විදේශ සංචාරකයන් සංඛ්‍යාව

– විදේශ රැුකියා ප‍්‍රමාණය

– ගෝලීය දේශපාලනයේදි ශී‍්‍ර ලංකාවට ලබාදෙන ලද රාජතාන්ති‍්‍රකමය සහයෝගය

– අපනයන ප‍්‍රවර්ධනය සඳහා සිදුකළ දායකත්වය

x පරාජිත මහජන නියෝජිතයන් හා දේශපාලන පක්ෂවල නිලධාරීන් තානාපතිවරුන් ලෙස පත්කිරීම අහෝසිය කිරීම

x තානාපති තනතුර සඳහා වයස අවුරුදු 70ක උපරිම සීමාවක්.

x තානාපති සේවයට යාමට පෙර තානාපති ඇතුළු සියලූ නිලධාරීන් මාස 06ක පුහුණුවකට යටත්විය යුතු අතර ඉංගී‍්‍රසි ඇතුළුව ජර්මන්, ප‍්‍රංශ, චීන යන භාෂාවලින් එක් භාෂාවක් හා ජාත්‍යන්තර සබඳතා පිළිබඳ පුහුණුවක් ලබාදීම

x තානාපති කාර්යාලය විසින් ජාලගත තොරතුරු පද්ධතියක් මගින් ඒ රටේ වෙසෙන විදේශ රැකියාලාභීන් සම්බන්ධිකරණයට හා ඔවුන්ගේ සුභසාධනය, රැකියා ගැටලූ පිළිබඳ නිරන්තර අධීක්ෂණය කිරීමේ යාන්ත‍්‍රණයක් ඇතිකිරීම

x විදේශගතව අධ්‍යපනය ලබන සිසුන් සඳහා අවශ්‍ය සම්බන්ධීකරණය සහ තරුණ වැඩසටහන් කි‍්‍රයාවට නැංවීම මගින් සංචාරක ව්‍යාපාරය ප‍්‍රවර්ධනය කිරීම

x විධිමත් අධ්‍යයනයකින් පසු වැදගත් දූත මණ්ඩල කාර්යාල ශක්තිමත් කිරීමටත් අනවශ්‍ය කාර්යාල වසා දැමීමටත් පියවර ගැනීම

x විගණනයකින් පසු දූත මණ්ඩල කාර්යාලවල සේවක සංඛ්‍යාව ප‍්‍රතිව්‍යුහගතකරණයට ලක්කිරීම

x රටට වාසිදායක ද්වි හා බහු පාර්ශවික වෙළඳ ගිවිසුම් ඇතිකර ගැනීම

 

 

ජාතික ආරක්ෂාව

වසර 30ක යුද්ධය හා මෑත කාලයේ වරින් වර ඇති වූ ආගමික ගැටුම් නිසා ජාතික ආරක්ෂාව යනු ශක්තිමත් යුද යාන්ත‍්‍රණයක් ඇති කිරීම යන පටු නිර්වචනයට ලඝුවී ඇත. එම නිසා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් දැනට පවතින සීමිත හා පටු සංකල්පීයකරණය පෘථුල කරගැනීමේ අවශ්‍යතාවය අප හමුවේ පවතී.

ජාතික ආරක්ෂාව යනු බාහිර යුදමය හා අනෙකුත් උපාය මාර්ගික මැදිහත් වීම්වලට එරෙහිව පියවර ගනිමින් රටේ ස්වෛරීත්වය ආරක්ෂා කිරීමත් අභ්‍යන්තර ගැටුම්වලට ඉඩ නොතබමින් මහජනයා එහි ගොදුරු බවට පත්වීමට ඉඩ නොතබමින් පුරවැසියාගේ ආරක්ෂාව තහවුරු කිරීමත්ය.

අනෙක් අතින් මෑත කාලයේ ජාතික ආරක්ෂාව උපක‍්‍රමිකව භාවිතා කරනු ලැබුවේ ආණ්ඩුවේ දේශපාලන කණ්ඩායම්වල බලය තහවුරු කර ගැනීමටත් ඊට ප‍්‍රතිවිරුද්ධ කණ්ඩායම් දුර්වල කිරීමත් අරමුණු කරගෙනය. ඒ අතරම විරුද්ධ පක්ෂවල ඇතැම් කණ්ඩායම් ආණ්ඩුබලය ලබා ගැනීමේ කෙටි උපක‍්‍රමයක් ලෙස ජාතික ආරක්ෂාව යන සංකල්පය අවභාවිතා කිරීමද දක්නට ලැබිනි.

අරමුණු

x යුදමය ආර්ථීක හා අනෙකුත් උපක‍්‍රමික විදේශීය මැදිහත් වීම්වලට එරෙහිව කටයුතු කරමින් රටේ ස්වෛරීත්වය ආරක්ෂා කිරීම

x රෙටි සියලූම ජාතිකත්වයන් ආගමික හා වෙනත් විවිධත්වයන් සහිත ජනකොටස්වලට තම තමන්ගේ සංස්කෘතික අනන්‍යතාවයන් ආරක්ෂා කරගනිමින් එකිනෙකා අතර විශ්වාසය හා අවබෝධය සහිතව ශ‍්‍රී ලාංකේය ජාතියක් ලෙස කටයුතු කළ හැකි පරිසරයක් ගොඩ නැගීම

x ජාතික හා මහජන ආරක්ෂාවට අදාළ සියලූ රාජ්‍ය යාන්ත‍්‍රණයන් මහජනයාට වගකියන ආයතන බවට පරිවර්තනය කිරීම

ක‍්‍රියාමාර්ග

x ගෝලීය දේශපාලනයේ කිසිම බල කඳවුරුකට ගැති හෝ පක්ෂග‍්‍රාහී නොවී නොබැඳි විදේශ ප‍්‍රතිපත්තියක් පවත්වාගෙන යාම.

x රටේ ස්වාභාවික සම්පත් හෝ භූමිය කිසිදු අයුරකින් විදේශීය රටකට හෝ ආයතනයකට පැවරීමෙන් හෝ තනිව දීර්ඝකාලීන බදු දීමෙන් වැළකීම

x පොලිසිය හා සියලූම ආරක්ෂක හමුදා දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කිරීම වළක්වාලමින් ඒවයේ ස්වාධීනත්වය තහවුරු කිරීම

x රාජ්‍ය ආරක්ෂාවට එරෙහිව සිදුවන බාහිර හා අභ්‍යන්තර යුදමය, දේශපාලනමය, ආර්ථිකමය, සංස්කෘතිකමය තර්ජනයන් සහ පීඩනයන්ට මුහුණ දීමට හා ඒවා ජය ගැනීමට අවශ්‍ය රාජ්‍යතාන්ත‍්‍රික යාන්ත‍්‍රණයක් හා ගැටුම් නිරාකරණ ක‍්‍රියාවලියක් අඛණ්ඩව පවත්වා ගැනීම

x  ඕනෑම බාහිර හෝ අභ්‍යන්තර බලවේගයකින් එල්ල විය හැකි යුදමය තර්ජනයකට මුහුණ දිය හැකි වන පරිදි ආරක්ෂක හමුදා සහ අනුබද්ධ ආයතන ශක්තිමත් කිරීම

x මෙරට පුරවැසියන්ගේ නිදහස හා ජීවිත ආරක්ෂාව, ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාව, ස්වාධිපත්‍ය සහ අභිමානය ආරක්ෂා කළ හැකි යාන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක කිරීම

x ස්වභාවික ව්‍යසන, වසංගත රෝග, සහ සාගත සේම කාර්මික හා පරිසර දූෂණය නිසා ජනතාවගේ ආරක්ෂාවට සිදුවන තර්ජන කල් තබා හඳුනා ගැනීම, වැළැක්වීම සඳහා වන යාන්ත‍්‍රණයන් පිහිටුවීම හා නිසි පරිදි ක‍්‍රියාත්මක කිරීම

x විවිධ ජන කොටස් අතර ආගමික හා සංස්කෘතික ගැටුම් වැළැක්වීම සහ ජනතාව අතර සමාදානය ඇතිකිරීම තුළින් අභ්‍යන්තර සහජීවනය පිළිබඳ ස්ථායිතාවක් තහවුරු කිරීම

x ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම, මිනිස් ජාවාරම සහ අනෙකුත් නීතිවිරෝධි කටයුතු මැඩ පැවැත්වීමට අවශ්‍ය නීති පද්ධතිය ශක්තිමත් කිරීම

x කාන්තාවන්, ළමුන්, වැඩිහිටියන්, සහ ආබාධිත ජනගහනයට සිදුවන හිංසනයන් හා ප‍්‍රචණ්ඩත්වය වැළැක්වීම

x තාක්ෂණික තර්ජනයන්ගෙන් ජාතික ආරක්ෂාවට සිදුවන බලපෑම වැළැක්වීම, සයිබර් ආරක්ෂණය පුළුල් කිරීම හා තාක්ෂණික අනතුරු වැළැක්වීම

x රාජ්‍ය සම්පත් ආරක්ෂාව, දේශීය උරුමයන්ගේ සුරක්ෂිතභාවය සහ ධරධෑයභාවය තහවුරු කරමින් අනාගත පරපුරටද එම සම්පත් දායාද කිරීම

x ත‍්‍රිවිධ හමුදාව හා පොලීසිය නිර්දේශපාලනික කිරීම සහ ආරක්ෂක සේවය කාර්යක්ෂම කිරීමට අවශ්‍ය නව තාක්‍ෂණයන් හඳුන්වාදීම

x රාජ්‍ය ආරක්ෂාව සහ සාමය ආරක්ෂා කරන සියලූම සේවකයන් සහ ඔවුන්ගේ පවුල්වල ජීවන තත්වයන් උසස් කිරීමට අවශ්‍ය නිවාස, සෞඛ්‍ය සහ අනෙකුත් යටිතල පහසුකම් සම්පාදනය කිරීම

ජනමාධ්‍ය නිදහස සහ

තොරතුරු වෙත ප‍්‍රවේශවීම

ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක එහි යහපැවැත්ම උදෙසා ජනමාධ්‍යයට විශාල බලපෑමක් කළ හැක. එහෙත් පොදුවේ ලෝකය පුරාමත් ශී‍්‍ර ලංකාව තුළත් ජනමාධ්‍ය සතු මෙම බලය පොදුවේ සමාජයේ යහපත සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් භාවිතා කරනු වෙනුවට මාධ්‍ය ආයතන හිමි ප‍්‍රාග්ධනයේ හෝ රජයේ දේශපාලන අභිලාෂයන් වෙනුවෙන් භාවිතා වන බව දක්නට ලැබේ. එය වර්තමානයේ රට මුහුණදී ඇති සමාජ ආර්ථික හා දේශපාලන අර්බුද රැුසකට ඍජුව බලපායි. ජනමාධ්‍ය විසින් ජන විඥානය කෙරෙහි ඇතිකරන සදාචාර විරෝධී බලපෑම නිසි විමර්ශනයකට ලක්විය යුතුය. වඩා යහපත් මාධ්‍ය සංස්කෘතියක් රට තුළ නිර්මාණය කිරීම මගින් විකෘති කිරීමකින් තොරව ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කළ හැක.

දැක්ම

x රාජ්‍ය ජනමාධ්‍ය පොදු මහජන දේපළක් ලෙස සලකා කටයුතු කිරීම

x ගුවන්විදුලි සහ රූපවාහිනී සංඛ්‍යාත භාවිතා කරන රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ආයතන එම සංඛ්‍යාත පොදු දේපළ ලෙස සලකා කටයුතු කිරීම

x ජනමාධ්‍ය නිදහසට ගරු කරමින් හා ඒවායේ ස්වාධීන භාවිතයට ඉඩ සලසමින් ජනමාධ්‍ය ප‍්‍රකාශනයේ අයිතියත් ජනතාවගේ නිවැරදි තොරතුරු දැනගැනීමේ අයිතියත් සමාන ලෙස තහවුරු කිරීම

x මාධ්‍ය ආයතන හිමියන්ගෙන් හෝ වෙනත් බලපෑම්වලින් තොරව කටයුතු කළ හැකි වන පරිදි ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය අයිතීන් සහ නිදහස තහවුරු කිරීම

ක‍්‍රියාමාර්ග

x මාධ්‍ය ආයතනවලට අදාළ භාණ්ඩ සහ සේවා ආදායම් බද්දෙන් නිදහස් කිරීම

x මාධ්‍ය ආයතනවලට සහ මාධ්‍යවේදීන් සඳහා ආචාරධර්ම පද්ධතියක් හඳුන්වා දීම

x මාධ්‍යවේදීන් සඳහා රැකවරණය සැලසෙන රක්ෂණ ක‍්‍රමයක් හඳුන්වා දීම

x ජනමාධ්‍ය වෘත්තිකයන්ට උසස් අධ්‍යාපන කටයුතු කිරීම සඳහා ජනමාධ්‍ය විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීම

x ජනමාධ්‍ය අතර නිදහස් තරගකාරීත්වයට වඩා යහපත් මාධ්‍ය භාවිතයක් ප‍්‍රවර්ධනය කිරීමේ අරමුණින් ගුණාත්මක පුවත්පත්, රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකා, මාධ්‍යවේදීන්, වැඩසටහන්, ලිපි, ජයාරූප වැනි අංග ඇගයීමට ලක් කෙරෙන වැඩසටහන් හඳුන්වාදීම

x ජනමාධ්‍ය මගින් පුද්ගල නිදහසට සහ සමාජයේ යහපැවැත්මට එල්ල වන බලපෑම්වලට එරෙහිව අගතියට පත් පුරවැසියන්ට පැමිණිලි කිරීම සහ සාධාරණය ඉටුකර ගැනීම සඳහා ස්වාධීන මාධ්‍ය පැමිණිලි කොමිසමක් ස්ථාපිත කිරීම

x මාධ්‍ය ආයතනයක් කිසියම් දේශපාලන මතවාදයක් හෝ කණ්ඩායමක් වෙනුවෙන් සිය මාධ්‍යය භාවිතා කරන්නේ නම් ඒ බව මහජනයාට ප‍්‍රකාශ කිරීම අනිවාර්ය කිරීම

x ස්වාධීන මාධ්‍ය පැමිණිලි කොමිසම මගින් වරින්වර කෙරෙන මහජන මත විමසුම් මගින් සියලූ රාජ්‍ය හා පුද්ගලික මාධ්‍ය ආයතනවල භාවිතය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කිරීම

x මාධ්‍යය තුළින් ජාතීන් සහ ආගමික කණ්ඩායම් අතර වෛරය වැපිරීම වළක්වන නීති සම්පාදනය කිරීම

x මහජන නියෝජිතයන්ට සහ දේශපාලන පක්ෂවල නිලධාරීන්ට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ජනමාධ්‍ය ආයතනවල පූර්ණ හෝ කොටස් හිමිකාරිත්වය ලබා ගැනීම තහනම් කිරීම

x ඒ ඒ ජනමාධ්‍ය ආයතන සඳහා විවිධ රාජ්‍ය ආයතනවලින් ලබා දෙන වෙළඳ දැන්වීම් සහ අනෙකුත් මූල්‍ය ගනුදෙනු වාර්ෂිකව ප‍්‍රකාශයට පත් කිරීම

පුරවැසි වගකීම

දියුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් නිර්මාණය කිරීමේ කි‍්‍රයාවලියේදී පුරවැසියා සකී‍්‍රයව රාජ්‍ය කි‍්‍රයාවලිය හා සම්බන්ධවීම අත්‍යවශ්‍ය වේ. පුරවැසිභාවය අර්ථ දැක්වීමේදී රාජ්‍යය තුළ නෛතිකව පුරවැසි හිමිකම ලබන සියලූම දෙනා සමාන පුරවැසියන් වන්නේය යන කරුණ අවධාරණය කරනු ලැබ ඇති අතර, දෙවන මට්ටමේ පුරවැසියන් සිටින රාජ්‍යයක් තුළ මානව ගෞරවය ආරක්ෂා නොවිය හැකිය යන්නත් අවධාරණය කරනු ලැබ ඇත.

යෝජනා

x සෑම පුරවැසියෙක්ම තමන් සතුව පවත්නා විභවතාව සහ ශක්තීන් උපයෝගී කරගනිමින් ඒවා උද්දීපනය සහ ප‍්‍රවර්ධනය කර ගැනීම සඳහා අධ්‍යාපනයේ උපරිම ඵලය ලබාගත යුතුය. එබැවින් අධ්‍යාපනය ලැබීම හා දැනුමින් නිරන්තරයෙන් පොහොසත්වීම පුරවැසියාගේ යුතුකමක් හා වගකීමක් ලෙස පිළිගන්නා අතර ඒ සඳහා රාජ්‍ය නිදහස් අධ්‍යාපන කි‍්‍රයාවලිය භාවිත කිරීමට සෑම පුරවැසියෙකුටම ඇති අයිතිය තහවුරු කිරීම

x පුරවැසියාට සමාජයේ ගැටුම් අවම වන පරිදි හා ජාතීන් අතර සාමය ඇතිවන පරිදි කි‍්‍රයා කිරීමේ වගකීම හා යුතුකම පවතී. එම නිසා බහු සංස්කෘතික පරිසරයක වෙසෙන පුද්ගලයාගේ වගකීම සියලූ සංස්කෘතීන්ට ගරු කරමින් සමාජීය සංහිඳියාව තහවුරු වන පරිදි කටයුතු කිරීම

x පුරවැසියා හා දේශපාලන පද්ධතිය අතර පවතින්නේ අන්‍යෝන්‍ය සම්බන්ධයක් බැවින් දේශපාලන කි‍්‍රයාවලිය ප‍්‍රජාතන්තී‍්‍රයකරණයෙහිලා පුරවැසි වගකීම සුවිශේෂී වේ. දේශපාලන හා සමාජීය පද්ධතිය වඩාත් යහපත් කර ගැනීම සඳහා ප‍්‍රජාතන්ත‍්‍රවාදීව මැතිවරණ කි‍්‍රයාවලියට දායකවීම, නිවැරදි අපේක්ෂකයන් තෝරා පත්කිරීම, දේශපාලන පද්ධතියේ වංචාව, හා දූෂණයට එරෙහිව කටයුතු කිරීම ආදී කාර්යයන් පුරවැසියාගේ වගකීමක් වශයෙන් පිළිගනිමින් ඒ සඳහා ඔවුන් සක‍්‍රීය ලෙස දායක කර ගැනීම

x පුරවැසියා ධරණීය ආර්ථික හා පාරිසරික කි‍්‍රයාවලියට දායක කර ගැනීම; රාජ්‍යයේ සම්පත් හා ස්වභාවික පරිසරය අනාගත පුරවැසියන්ටද භාවිතයට ගැනීමට හැකි වන ආකාරයෙන් ප‍්‍රයෝජනයට ගැනීම හා පාරිසරික තුල්‍යතාව හා ආර්ථික යුක්තිය සැමට හිමිවන ආකාරයෙන් කි‍්‍රයාකිරීමේ වගකීමක් පුරවැසියන් සතුය

 

 

 

 

 

 

 

 

 

08.

එක රටක්

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

විවිධත්වයෙන් හා සමානාත්මතාවයෙන් බැඳුණු

ශ‍්‍රී ලාංකේය ජාතියක්

 

නිදහසින් පසු ගතවූ වසර 71 ක කාලය මෙරට පාලනය කළ ආණ්ඩු, ජාතීන් අතර සමගිය හා සංහිඳියාව වර්ධනය කිරීමට අසමත් වූ හෙයින් මෙරට සමාජය බරපතළ ඛේදවාචකයනට මුහුණ දී සිටී. විශේෂයෙන්ම 30 අවුරුදු සිවිල් යුද්ධයෙන් ඇති වූ ඵලවිපාක භුක්ති විඳීමට සියලූ ජනකොටස්වලට සිදුවූයේ එම අදූරදර්ශී පාලනයේ ප‍්‍රතිඵලයක් ලෙසිනි.

යුද්ධය නිමා වූ පසුවද සමාජය කෙරෙහි ඉන් ඇති වූ බලපෑම්වලට පිළියම් යෙදීමට හෝ නැවත එවැනි තත්වයන් වර්ධනය වීම වැළැක්වීමට ප‍්‍රමාණවත් පියවර ගෙන නොමැති බවද ඉතා පැහැදිලිව පෙනෙන්නට තිබේ. උගත් පාඩම් පිළිබඳ කොමිසමක් පත්කළද එහි නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමට පැවති හෝ පවතින ආණ්ඩු සාධාරණ ලෙස මැදිහත් වී නොමැත.

එබැවින් ඒ සියලූ තත්වයන් සැලකිල්ලට ගෙන සියලූ ජනකොටස්වල අනන්‍යතා පිළිගනිමින් සහජීවනය හා සංහිඳියාව මැනවින් පවතින ශ‍්‍රී ලාංකේය ජාතියක් ගොඩනැගීම සඳහා පහත යෝජනාවලිය ඉදිරිපත් කොට සිටිමු.

එම යෝජනාවලියෙහි අරමුණු

x සියලූ ජාතිකත්වයන්ගේ සමාජ, සංස්කෘතික, ආගමික, ආර්ථික, භාෂාමය හා දේශපාලනික විවිධත්වයන් හා ඔවුන්ගේ අයිතිවාසිකම් පිළිගනිමින් හා ඒවාට ගරු කරමින් ජීවත්වන ජන සමාජයක් ඇති කිරීම

x බෙදී වෙන්වීමේ මනෝභාවයෙන් තොරව ශ‍්‍රී ලාංකේය ජාතිය ගොඩනැගීම පිණිස සියලූ ජාතිකත්වයන් හා ආගමික කණ්ඩායම් අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ විශ්වාසය ඇතිකරමින් ඔවුනොවුන්ගේ ආරක්ෂාව සහ අයිතිවාසිකම් සහතික කිරීම

x ශී‍්‍ර ලාංකේය ජාතියක් ලෙස කටයුතු කරන අතරම සියලූ ජාතිකත්වයන්ගේ අනන්‍යතා තහවුරු වන හා ඔවුන්ගේ දේශපාලනමය අභිලාෂයන් හා අභිමතාර්ථයන් නියෝජනය කරමින් එම ජන කොටස්වල සක‍්‍රිය ප‍්‍රජා පාලන සහභාගිත්වය සහතික කිරීම

x සියලූ ආකාරයේ ජාතිවාදී, කුලවාදී හා ආගමික අන්තවාදී මතවාදවලින් තොරව සහජීවනයෙන් සහ සංහිඳියාවෙන් යුතුව කටයුතු කරන ජන සමාජයක් ඇති කිරීම

ක‍්‍රියාකාරකම්

නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය

x සියලූම දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම

x ඔවුන්ට නීතිමය හෝ වෙනත් බාධාවකින් තොරව නිදහසේ සමාජගත වීම සඳහා පූර්ණ රැකවරණය හා සහයෝගය ලබා දීම

x සියලූම පළාත්වල දේශපාලන මත දැක්වීම්වලට හා ක‍්‍රියාකාරකම්වලටද, රැස්වීමට හා සංවිධානය වීමටද ඇති නිදහස තහවුරු කිරීම

x උතුරු නැගෙනහිර මෙන්ම, රටේ අනෙකුත් සියලූම ප‍්‍රදේශවල ජනතාවගේ සිවිල් නිදහස තහවුරු වන ආකාරයට සිවිල් පරිපාලනය ස්ථාපිත කිරීම

x රටේ සියලූ පළාත්වල ජනතාවට ගමන් බිමන් යෑමට එදිනෙදා කටයුතුවල යෙදීමට හා නිදහසේ ජීවත්වීමට ඇති අයිතිය තහවුරු කිරීම

x ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇතුළු සියලූ මර්දනකාරී අණපනත් අහෝසි කර සියලූ ජනයින්ගේ සිවිල් නිදහස තහවුරු කිරීම

x උතුරු නැගෙනහිර ජනතාවගේ අධිකරණ හා අධිකරණ සේවා කටයුතු කඩිනම් කිරීම හා පහසු කිරීම හා නීති ආධාර සේවාවන් මැනවින් ක‍්‍රියාත්මක කිරීම

x උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල සිවිල් යුද්ධයෙන් පසු ආරම්භ වූ ආගමික ස්ථානවල නීත්‍යනුකූල බව සොයා බැලීමට ස්වාධීන කොමිසමක් පත්කිරීම

x ජාතික සමගියට බාධා වන අයුරින් සිදුවන ආගමිකකරණය නැවැත්වීම

යුද්ධයෙන් පීඩා විඳි ජනයාට සාධාරණය

x යුද සමයේ සියලූ පාර්ශ්වයන්ගෙන් සිදුවූ යුද අපරාධ ගැන සොයාබැලීමට සත්‍ය විමර්ශන කොමිසමක් ඇතිකිරීම

x අතුරුදහන්වූවන් පිළිබඳ කමිටුව ඒ ගැන සොයාබලා සාධාරණය ඉටු කළ යුතු ආකාරය නිර්දේශ කිරීමට හා නීතිමය කටයුතු කිරීමට බලය ඇති කොමිසමක් බවට පත් කිරීම.

x වැන්දඹුවන්, අනාථයන් හා ආබාධිතයන් සම්බන්ධයෙන් රාජ්‍ය මැදිහත්වී ඔවුන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීම

x යුද්ධයෙන් අහිමි වූ ජීවිත, නිවාස හා දේපළ වෙනුවෙන් වන්දි කොමිසමක් ස්ථාපිත කර නිර්දේශිත වන්දි ලබාදීම හා නිවාස හා දේපළ පුනරුත්ථාපනය කිරීම

x යුද්ධයේ විවිධ අවස්ථාවලදී අත්අඩංගුවට පත්ව පුනරුත්ථාපනය වී නිදහස් වූ හා නිදහස් කෙරෙන සියලූ දෙනා සඳහා සුදුසු ජීවනෝපායන් ඇති කිරීමට රජය මැදිහත් වී කටයුතු කිරීම

x යුද වකවානුව තුළ හා ඉන්පසුව වූ සිදුවීම් නිසා මානසික කම්පනයට,පීඩනයට, ආතතියට හා අසහනයට පත්වූවන්ට යථා තත්වයට පත්වීමට උදව් කරන්නාවූ මනෝ ප‍්‍රතිකාර ආයතන අදාළ පළාත්වල ඇති කිරීම.

ඉඩම් හා වාසස්ථාන

x යුද්ධයට පෙර ජනතාවට අයත්ව තිබූ සියලූ ඉඩකඩම් හා නිවාස ඒවායේ නියම අයිතිකරුවන් වෙත පැවරීම හා අත්පත්කර ගෙන සිටීම වෙනුවෙන් නාමික වන්දියක් ගෙවීම

x උතුර හා නැගෙනහිර දෙපළාතේ මතුව ඇති ඉඩම් හා වාසස්ථාන ප‍්‍රශ්නය ඉතා බරපතළ හා සංවේදී ප‍්‍රශ්නයක්ව පවතින බැවින් එම ගැටලූව හඳුනාගැනීම සඳහාත්, ඉඩම්වල මුල් අයිතිකරුවන් හඳුනාගැනීම සඳහාත්, දැනට පදිංචි වී සිටින අයට සාධාරණත්වය ඉටුවන පරිදිත් අදාළ ගැටලූවලට නිසි විසඳුම් කඩිනමින් ලබාදීම සඳහාත් ජනතා නියෝජිතයන්, දිස්ත‍්‍රික් ලේකම්වරුන් හා ඉඩම් අමාත්‍යාංශ නිලධාරින්ගෙන් සමන්විත පූර්ණ බලැති ඉඩම් හා දේපළ කොමිසමක් පිහිටුවීම.

x බහු ජාතික සමාගම්වලට සින්නක්කරව ඉඩම් හා දේපළ ලබාදීම නතර කිරීම.

x ජනතාවගේ ඉඩම් හා දේපළ දේශපාලන හිතවතුන්ට බලහත්කාරයෙන් ලබාදීම වහා නැවැත්වීම.

 

ජනපදකරණය

x රටේ  ඕනෑම තැනක ජන සංයුතිය වෙනස් කිරීමේ අරමුණින් කරන්නා වූ සැලසුම් සහගත ජනපදකරණය නැවැත්වීම

x මහවැලි අධිකාරි පනත යටතේ හා වෙනත් යෝජනා ක‍්‍රම යටතේ සිදුකළ ජනපදකරණය පිළිබඳ ගැටලූ නිරාකරණය කිරීමට විශේෂ යාන්ත‍්‍රණයක් සැකසීම

x ජනතාවට ඉඩම් හා වාසස්ථාන ලබාදීමේදී ප‍්‍රදේශයේ පදිංචි ඉඩම් හා වාසස්ථාන අහිමි ජනතාවට ප‍්‍රමුඛත්වය ලබාදීම

භාෂාව

x 16 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ 1988 වසරේ සිට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගත් ජාතික භාෂා ප‍්‍රතිපත්තිය නිසි පරිදි කි‍්‍රයාත්මක කිරීම

x භාෂාව මුල්කර ගනිමින් ඇතිවන පීඩාවන් අහෝසි කිරීම සඳහා ලංකාවේ පුරවැසියන් භාවිත කරන සිංහල, දෙමළ හා ඉංගී‍්‍රසි භාෂා ජාතික භාෂා ලෙස ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් ස්ථාපිත කර, එකී  ඕනෑම භාෂාවකින් කටයුතු කිරීමට පුරවැසියන්ට ඇති අයිතිය පිළිගනිමින් ඒ අනුව කටයුතු කිරීම සහ භාෂාව හේතුකොටගෙන දැනට පවතින දුෂ්කරතා මුළුමනින්ම අහෝසි කිරීම

x ශී‍්‍ර ලංකාවේ සියලූ ජාතිකත්වයන්ගේ සිවිල් පරිපාලනයට අදාළ අවශ්‍යතා තමන්ගේ මව් භාෂාවන්ගෙන් එනම් තමන්ට අදහස් ප‍්‍රකාශ කිරීමට හැකි පහසුම භාෂාවෙන් ඉටුකර ගැනීමට උපරිම පහසුකම් සැලසීම

x සිංහල, දෙමළ හා ඉංගී‍්‍රසි යන භාෂාවන් සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනීම අනිවාර්ය කිරීම හා ඒ සඳහා ප‍්‍රතිපාදන සැපයීම

x දෙමළ හා මුස්ලිම් ජනතාව වැඩි වශයෙන් ජීවත්වන උතුරු හා නැගෙනහිර ප‍්‍රදේශවල පවතින පොලිස් ස්ථාන, රජයේ කාර්යාල වැනි සිවිල් සේවාවල දෙමළ භාෂාවෙන් කටයුතු කළ හැකි පොලිස් නිලධාරින්, භාෂා පරිවර්තකයන් හා රජයේ සේවකයන් පත් කිරීමට පියවර ගැනීම

x පොලිසියේ, ආරක්ෂක හමුදා හා රාජ්‍ය අංශයේ සේවය කරන සියලූ දෙනාට මව් භාෂාවට අමතරව රාජ්‍ය භාෂා ඉගැන්වීම හා භාෂාවන් ඉගෙන ගැනීම දිරිමත් කරවීම

x නඩු විභාගවලදී කුමන අධිකරණයකදී වුවත් සියලූ චූදිතයන් සඳහා තමන්ගේ මව් භාෂාවෙන් කටයුතු කිරීමේ අයිතිය පිළිගනිමින් ඔවුන්ට මව් භාෂා පරිවර්තකයන් ලබා දීම

x උතුරු හා නැගෙනහිර සෑම පොලිස් ස්ථානයකටම දෙමළ භාෂාවෙන් අධ්‍යාපනය ලැබූ උපාධිධාරීන් ප‍්‍රමාණවත් සංඛ්‍යාවක් බඳවාගෙන බලතල සහිත මහජන සම්බන්ධීකරණ ඒකක පිහිටුවීමට පියවර ගැනීම

x එම ඒකක පොලිස් ස්ථාන යටතේ පැවතුණද මහජන සම්බන්ධතා ප‍්‍රවර්ධනය කරන ආයතන ලෙස කි‍්‍රයාත්මක කරවීම

x රටේ සියලූම දරුවන්ට සිංහල, දෙමළ හා ඉංගී‍්‍රසි යන භාෂා තුනම ඉගැන්වීම සඳහා දැනට පවතින තත්වයට වඩා ප‍්‍රායෝගික වැඩපිළිවෙළක් සකස් කළ යුතු අතර ඒ සඳහා අවශ්‍ය ගුරුවරු විධිමත්ව පුහුණු කිරීමේ ක‍්‍රමවේද ආරම්භ කිරීම

x සෑම විශ්වවිද්‍යාලයකම සිංහල, දෙමළ හා ඉංගී‍්‍රසි යන භාෂාවන් සඳහා භාෂා අධ්‍යයන අංශයන් ස්ථාපිත කිරීම

x දෙවැනි භාෂාවක් ඉගෙන ගැනීමට කැමති වැඩිහිටියන් සඳහා සිංහල හා දෙමළ භාෂා පුහුණුව ලබාදෙන වැඩිහිටි අධ්‍යාපන වැඩපිළිවෙළක් ආරම්භ කිරීම

x රැකියා අවස්ථා ලබාදීමේදී දේශපාලනික බලපෑම්වලින් තොරව සියලූ ජාතිකත්වයන්ට සාධාරණත්වය ඉටුවන පරිදි සුදුසුකම් අනුව කටයුතු කිරීම

x භාෂාව මුල්කරගනිමින් දැනට පවතින පීඩාවන් හා අපහසුතාවයන් අහෝසි වන ආකාරයට සිංහල, දෙමළ හා ඉංග‍්‍රීසි යන  ඕනෑම භාෂාවකින් පහසුවෙන් කටයුතු කර ගැනීමට හැකි වන ආකාරයට සියලූම රාජ්‍ය හා පරිපාලන ආයතන අවශ්‍ය මානව හා භෞතික සම්පත්වලින් සන්නද්ධ කිරීම

x හදිසි කටයුත්තක් සේ පිළිගෙන දෙමළ හා මුස්ලිම් ජනතාව වැඩි වශයෙන් ජීවත්වෙන උතුරු හා නැගෙනහිර ප‍්‍රදේශවල පවතින පොලිස් ස්ථාන, රජයේ කාර්යාල වැනි සිවිල් සේවාවල දෙමළ භාෂාවෙන් කටයුතු කළ හැකි නිලධාරීන්, සේවකයන් හා භාෂා පරිවර්තකයන් ලබාදීම

 

වතුකර ජනතාව

x වතුකරයේ දෙමළ ජනයා මේ රටේ සමාන පුරවැසියන් බවද, සෑම මනුෂ්‍යයෙකුටම ජන්මයෙන් හිමිවන මානව අභිමානය ඔවුන්ටද හිමි බව හා ඔවුන්ටම ආවේණික සමාජ සංස්කෘතික අනන්‍යතාවක් ඇති ජන කොටසක් බව පිළිගැනීම

x වැවිලි ක්ෂේත‍්‍රය තුළ අවම දෛනික වැටුප රු.1,000ට වැඩිවන අතර ඊට අතිරේකව අමතර දීමනා ලබා දීම

x වතු ක්ෂේත‍්‍රයේ වැඩකරන සියලූම කම්කරුවන්ට අභිමානයෙන් ජීවත් විය හැකිවන පරිදි ඔවුන් සඳහා විශේෂ වූ වාසස්ථාන හිමිකම් ලබාදෙන ජාතික ප‍්‍රතිපත්තියක් සඳහා විශේෂ කමිටුවක් ස්ථාපිත කිරීම

x වැවිලි ක්ෂේත‍්‍රයේ සියලූම පාර්ශ්වයන්ගේ ගැටලූ සම්බන්ධවන්නාවූ පොදු සාධකය ඵලදායිතාවය වන බැවින් රජය, වැවිලි කර්මාන්ත, පර්යේෂණ අංශ, අපනයන ප‍්‍රවර්ධන, විශ්වවිද්‍යාල, වතු කම්කරු සංවිධාන යනාදී අංශයන් හා එක්ව ඵලදායිතාව වැඩිකර ගැනීමේ ක‍්‍රියාදාමයක් සැකසීම

x වතු ක්ෂේත‍්‍රය තුළ දැනට පවතින අධ්‍යාපනික දුෂ්කරතා ඉවත් කර සියලූම දරුවන්ට සමාන අධ්‍යාපන අවස්ථා ඇති කිරීම

x වෛද්‍ය හා රෝහල් පහසුකම් සහතික කිරීම.

x උතුරු හා නැගෙනහිර පළාත් සඳහා නිර්දේශ කර ඇති ආකාරයටම භාෂා දුෂ්කරතා අහෝසි කරන්නට කටයුතු කිරීම.

x සියලූම ජාතිකත්වයනට අයත් පුරවැසියනට සමාන පුරවැසි අයිතියක් ඇති බව පිළිගැනීම

x ජාතිවාදය හා ආගමික අන්තවාදය හේතුකොට ගෙන සිදුවී ඇති ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සම්බන්ධයෙන් සොයාබැලීමට සත්‍යය හා ප‍්‍රතිසන්ධාන කොමිසමේ ක‍්‍රියාකාරීත්වය පුළුල් කිරීම

x තුලනාත්මක ආගමික අධ්‍යාපනික විෂයක් මගින් සියලූ ආගම්වල හරයන් හා සංස්කෘතීන් පිළිබඳ අවබෝධයක් ඇතිකිරීම

 

ජාතික සමගිය හා සංහිඳියාව

x නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් මගින් බෙදී වෙන් වී යාම වළක්වමින් සමානාත්මතාවය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය මත පදනම් වූ දේශපාලනමය හා පරිපාලනමය වශයෙන් බලය විමධ්‍යගත කරන විසඳුමක් මගින් ජාතික ප‍්‍රශ්නය සම්බන්ධයෙන් තිරසර විසඳුමක් සහතික කෙරෙන තෙක් පළාත් සභා විධිමත් හා කාර්යක්ෂම ආයතන බවට පත් කිරීම

x සියලූ ආගමික ප‍්‍රධානීන්ගෙන් හා සියලූ ආගම්වලට අයත් ආගමික උගතුන්ගෙන් සමන්විත අන්තර් ආගමික සභාවක් පිහිටුවීම හා එමගින් සියලූම ආගම්වලට අයත් පොදු වටිනාකම් ප‍්‍රවර්ධනය කිරීම හා අන්තර් ආගමික ගැටලූ නිරාකරණය කර ගැනීම

x ජාතිකත්වය, ආගම, කුලය, මව් භාෂාව මුල්කරගෙන කිසිදු පුද්ගලයකු හෝ ජන ප‍්‍රජාවක් නින්දාවට, අපහාසයට, අපහසුතාවයට ලක් කිරීම සපුරා තහනම් කෙරෙන අතර එවැනි තත්වයට පත්වන අයගේ පැමිණිලි භාර ගැනීමට, ඒවා පරීක්ෂණය කිරීමට හා ඒ පිළිබඳ චූදිතයන් අධිකරණයට ඉදිරිපත් කිරීමට බලය ඇති වෙනස්කම් වැළැක්වීමේ කොමිසම් සභාවක් (Commission against Discrimination) ස්ථාපිත කිරීම

x විවිධ ජන කොටස්වල සංස්කෘතික වෙනස්කම් පිළිගැනීමත්, ඒවා පවත්වාගෙන යෑමත්, ඒවා වර්ධනය කරගැනීම මෙන්ම, විවිධ සංස්කෘතීන් අගයකිරීම හා ඒවා අතර සහජීවනය අරමුණු කරගත් විශේෂ සංස්කෘතික හා කලා වැඩසටහන් සංස්කෘතික අමාත්‍යාංශය යටතේ ක‍්‍රියාත්මක කිරීම.

x උතුරු නැගෙනහිර ඇතුළු අනෙකුත් ප‍්‍රදේශවල ජනතා සහභාගිත්වයෙන් යුත් රජයේ ගොවිපළවල් ඇතිකර ක‍්‍රියාත්මක කිරීම

x ධීවර කර්මාන්තයට ඉන්දීය ධීවරයන්ගෙන් එල්ල වී ඇති අභියෝගය රාජ්‍යතාන්ත‍්‍රිකව ඉවත් කොට එම කටයුතු සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ඇතිකිරීම

x උතුරු පළාතේ සියලූ වැව් අමුණු ප‍්‍රතිසංස්කරණය කිරීම

x සෑම පාසලකම හා උසස් අධ්‍යාපන ආයතනයකම සියලූම ආගම්වල සිසු සිසුවියනට තමන්ගේ ආගමික යැදුම් කළ හැකි බෞද්ධ, කිතුනු, හින්දු හා ඉස්ලාම් වන්දනා ස්ථාන ඇති කර පවත්වාගෙන යෑම

x ශ‍්‍රී ලංකාව බහු ජාතික හා බහු ආගමික රටක් ලෙස පිළිගැනීම

x ජාතිකත්වය, ආගම, කුලය හා ලිංගිකත්වය මුල්කරගෙන කිසිදු පුරවැසියකු හෝ ජන ප‍්‍රජාවක් නින්දාවට, පීඩාවට, අපහසුතාවයට හෝ අසාධාරණයට ලක් නොවනු පිණිස සමානාත්මතාවයේ පදනම් නීතියෙන් ස්ථාපිත කිරීම

x ග‍්‍රාම සේවා කොට්ඨාස මාර්ගයෙන් සෑම දිස්ත‍්‍රික්කයකම ගොවියන්, ධීවරයන්, කම්කරුවන්, ගුරුවරුන්, රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්, කාන්තාවන්, විද්වතුන් හා වෙනත් ප‍්‍රජාවන් පිළිගත් අනන්‍යතාවයකින් යුතුව සංවිධානගත කිරීම හා එවන් සංවිධානවලට අවශ්‍ය පිළිගත් අවකාශ තැනීම

x එම ප‍්‍රජාවන් ප‍්‍රමාණවත්ව නියෝජනය වන ආකාරයට ජනතා සභා ඇතිකර ගැනීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නියෝජිතයන්ගෙන් හා පරිපාලන නිලධාරීන්ගෙන් සමන්විත වන විශේෂ ”ජනතා සභා නිර්ණය කිරීමේ කොමිසමක්” ස්ථාපිත කර එමගින් ජනතා සභා පරිපාලන ව්‍යුහය නිශ්චය කිරීම හා ඊට පාදක වන නිර්ණායක නිශ්චය කිරීම හා ඒ සඳහා ජනතා අදහස් ලබාගැනීම

 

ඉඩම් හා වාසස්ථාන

x ඉඩම් හා වාසස්ථාන පිළිබඳ ජාතික කොමිසමක් පිහිටුවා එමගින් ඉඩම් හා වාසස්ථාන පිළිබඳ ගැටලූ නිරාකරණය කිරීමටත්, ජාතික සමගියට බාධා නොවන ආකාරයට ඉඩම් හා වාසස්ථාන පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තියක් සැකසීමටත් කටයුතු කෙරේ

 

කර්මාන්ත හා කෘෂිකර්මාන්ත

x උතුරු හා නැගෙනහිර පළාත්වල කලක් තිස්සේ පැවති කර්මාන්ත නැවත ප‍්‍රතිස්ථාපනය කිරීම හා නව කර්මාන්ත ඇතිකිරීම

x එම පළාත්වල සිදුවන කෘෂිකාර්මික හා සත්ව පාලන කටයුතු සඳහා අවශ්‍ය උපදෙස් හා පහසුකම් සපයන ආයතන ඇතිකිරීම

x එම පළාත්වල ජනයාගේ සහභාගිත්වයෙන් යුත් රජයේ ගොවිපොළවල් ඇතිකර ක‍්‍රියාත්මක කිරීම

x සංහිඳියාවට බාධා නොවන ආකාරයට හා එය වර්ධනය වන ආකාරයට පාසල් ක‍්‍රමය ප‍්‍රතිස්ථාපනය කිරීම.

x සෑම පාසලකම ඉන්නා සිසු සිසුවියනට ඔවුන්ගේ ආගම එම පාසලේ ඉගැන්වීම අනිවාර්ය කිරීම හා ඒ සඳහා පහසුකම් සැපයීම.

x ආගම් පිළිබඳ තුලනාත්මක අධ්‍යයනයක් විෂය මාලාවට ඇතුළත් කිරීම

x සිංහල, දෙමළ හා ඉංගී‍්‍රසි දෙවන භාෂා ලෙස උසස් පෙළ දක්වාම ඉගැන්වීම. උසස් පෙළ අවධියේදී ප‍්‍රායෝගික භාෂා දැනීමට මුල් තැනක් දීම

x යම් පළාතක රජයේ සහ අර්ධ රාජ්‍ය ආයතනවල පුරප්පාඩු පිරවීමේදී එම පළාත්වල සුදුසුකම් සහිත අපේක්ෂකයන්ට ප‍්‍රමුඛතාවය දී කටයුතු කිරීම

x සිංහල සාහිත්‍ය දිනය, දෙමළ සාහිත්‍ය දිනය හා ඉංග‍්‍රීසි සාහිත්‍ය දිනය ලෙස සාහිත්‍ය උත්සව 3ක් සෑම අධ්‍යාපනික ආයතනයකම සියලූම ජාතිකත්වයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීම

x ජාතික සමගිය හා ආගමික සමගිය වෙනුවෙන් අවංකව කැපවුණු සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ හා වෙනත් ජාතික, ආගමික චරිත පිළිබඳ කතිකාවන් ආරම්භ කිරීම

x ප‍්‍රධාන ආගම් සියල්ලේම විමුක්ති දැක්ම පිළිබඳ කතිකාවක් ඇසුරෙන් ජාතික සමගියට ප‍්‍රායෝගික ක‍්‍රියාමාර්ගයක් සැකසීම

x විවිධ ජාතිකත්වයන්ගේ හැඟීම් හා සංස්කෘතීන් අවබෝධ කරගැනීමට හැකිවනු පිණිස immersion programmes ඇතිකිරීම හා විධිමත්, නොවිධිමත් හා වැඩිහිටි අධ්‍යාපනයට ඒවා බද්ධ කිරීම

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ප‍්‍රතිපත්ති සම්පාදක කමිටු

 

 

අධ්‍යාපන ප‍්‍රතිපත්ති සම්පාදක කමිටුව

 

මොරටුව විශ්වවිද්‍යාලයේ හිටපු නියෝජ්‍ය උපකුලපති හා

ශී‍්‍ර ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ පශ්චාත් උපාධි සහ පර්යේෂණ අධ්‍යයන පීඨයේ පීඨාධිපති

මහාචාර්ය රාහුල අතලගේ මහතා

ඇමරිකාවේ සෑම් හූස්ටන් විශ්වවිද්‍යාලයේ සංඛ්‍යානය පිළිබද

මහාචාර්ය ආනන්ද බන්දුලසිරි මහතා

ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති

මහාචාර්ය එස්.බී. හෙට්ටිආරචිචි මහතා

රුහුණු විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ පීඨාධිපති

මහාචාර්ය පී.ඒ. ජයන්ත මහතා

රුහුණු විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ රසායනික විද්‍යාව පිළිබද

මහාචාර්ය ජිනසේන හේවගේ මහතා

සියනෑ අධ්‍යාපන විද්‍යා පීඨයේ හිටපු පීඨාධිපති

සුනන්ද වර්ණකුලසූරිය මහතා

අග්නිදිග විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරී

අබ්දුල් සතාර් මහතා

අධ්‍යාපන අමාත්‍යාංශයේ ගණිත විෂය පිළිබදව හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂක

විජයදාස හේවාවිතාරණ මහතා

ශී‍්‍ර ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ දේශපාලනය හා ජාත්‍යන්තර අධ්‍යයන අංශයේ

ආචාර්ය අතුලසිරි සමරකෝන් මහතා

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ

ආචාර්ය විජේන්ද්‍ර බණ්ඩාර මහතා

කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා

ශී‍්‍ර ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ

ආචාර්ය හරිනි අමරසුරිය මහත්මිය

ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම්

මහින්ද ජයසිංහ මහතා

කැලණිය විශ්වවිද්‍යාලයේ ඉංගී‍්‍රසි භාෂා අධ්‍යයන අංශයේ

ආචාර්ය ප‍්‍රභා මනුරත්න මහත්මිය

කැලණිය විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ

මහාචාර්ය ජේ.ආර්.පී. ජයකොඩි මහතා

රුහුණු විශ්වවිද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයේ

ආචාර්ය අජිත් රවීන්ද්‍ර ද මෙල් මහතා

කැලණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අධ්‍යයන අංශයේ

මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා

පාර්ලිමේන්තු මන්තී‍්‍ර

බිමල් රත්නායක මහතා

ආචාර්ය මයිකල් ප‍්‍රනාන්දු මහතා

මහින්ද රත්නායක මහතා

රංගන ලක්මාල් දේවප‍්‍රිය මහතා

 

 

සෞඛ්‍ය ප‍්‍රතිපත්ති සම්පාදන කමිටුව

 

කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨයේ මහජන සෞඛ්‍ය අංශයේ

මහාචාර්ය, ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ කි‍්‍රෂාන්ත අබේසේන මහතා

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අධ්‍යක්ෂක (සැලසුම්)

ප‍්‍රජා දන්ත වෛද්‍ය විශේෂඥ සමන්ත විමලරත්න මහතා

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අධ්‍යක්ෂක, ඒඞ්ස් සහ ලිංගාශි‍්‍රත රෝග මර්දන අංශයේ

හිටපු අධ්‍යක්ෂක වෛද්‍ය නිමල් එදිරිසිංහ මහතා

බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු හෙද අධ්‍යක්ෂිකා,

විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී කේ. දිසානායක මහත්මිය

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය අධ්‍යාපන අංශයේ

හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ කේ.ජී.පී. බණ්ඩාර මහතා

බදුල්ල හිටපු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී පී.ආර්. ශාන්තලාල් මහතා

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ප‍්‍රධාන වසංගත රෝග විද්‍යාඥ ලෝක සෞඛ්‍ය සංවිධානයේ

හිටපු කලාපීය උපදේශක,

ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ නිහාල් අබේසිංහ මහතා

කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ

දේශීය චිකිත්සා අධ්‍යයන අංශ ප‍්‍රධානී

විශේෂඥ වෛද්‍ය එස්.එම්.එස්. සමරකෝන් මහතා

රුහුණු විශ්වවිද්‍යාලයේ කරාපිටිය වෛද්‍ය පීඨයේ

අධිකරණ වෛද්‍ය විද්‍යා අධ්‍යයන අංශයේ අංශ ප‍්‍රධානී

විශේෂඥ වෛද්‍ය ක්ලිෆර්ඞ් පෙරේරා මහතා

සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති හෙද නිලධාරී

එස්.බී. මැදිවත්ත මහතා

වකුගඩු සුරැකීමේ ජනතා ව්‍යාපාරයේ සභාපති සහ

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වකුගඩු නිවාරණ ඒකකයේ

වෛද්‍ය සුසිල් රණසිංහ මහතා

සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්

වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා

පාර්ලිමේන්තු මන්තී‍්‍ර වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා

වෛද්‍ය අසංග වික‍්‍රමසිංහ මහතා

ආචාර්ය මයිකල් ප‍්‍රනාන්දු මහතා

මහින්ද රත්නායක මහතා

 

 

 

 

 

 

 

 

 

 

ආර්ථික ප‍්‍රතිපත්ති සම්පාදන කමිටුව

 

ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගණකාධිකරණ අධ්‍යයන අංශයේ

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

ආචාර්ය අනිල් ජයන්ත මහතා

කැලණිය විශ්වවිද්‍යාලයේ වානිජ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

ආචාර්ය ශි‍්‍රයන්ත ප‍්‍රනාන්දු මහතා

ආර්ථික විශ්ලේෂක ගාමිණී වරුෂමාන මහතා

රජරට විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානවශාස්ත‍්‍ර පීඨයේ

ආචාර්ය ඉන්දික ප‍්‍රසන්න මහතා

ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන අංශයේ

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

ආචාර්ය දයානන්ද අම්බලන්ගොඩගේ මහතා

ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන අංශයේ

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

ආචාර්ය කිංස්ලි කරුණාරත්න මහතා

රුහුණු විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

ආචාර්ය ශාන්ත සුමනරත්න මහතා

පාර්ලිමේන්තුවේ කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්තී‍්‍ර

සුනිල් හඳුන්නෙත්ති මහතා

අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති,

වසන්ත සමරසිංහ මහතා

වරලත් ප‍්‍රමාණ සමීක්ෂක සහ ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ ආරවුල් විසදීමේ

විකල්ප ක‍්‍රමෝපායන් පිළිබඳ විශේෂඥ,

රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ,

මහාචාර්ය චන්දන ජයලත් මහතා

ලංකා ටයිල්ස්, කළමනාකරණ අධ්‍යක්ෂ

මහේන්ද්‍ර ජයසේකර මහතා

අනුරාධ සෙරමික් ප‍්‍රයිවට් ලිමිටඞ් සභාපති සහ කළමනාකරණ අධ්‍යක්ෂ

අජිත් පෙරේරා මහතා

ව්‍යාපාරික එස්.එම්.ඞී. සූරිය කුමාර් මහතා

කැලණි සියැට් ටයර් කර්මාන්ත ආයතනයේ සාමාන්‍යාධිකාරී

තුෂාර හෙට්ටිතන්ත‍්‍රි මහතා

මාධව පලිහපිටිය මහතා

Associate Director, Massachusetts Office of Public Collaboration, Lecturer, McCormack Graduate School of Policy and Global Studies, University of Massachusetts, Boston, USA

ආචාර්ය මයිකල් ප‍්‍රනාන්දු මහතා

වසන්ත දිසානායක මහතා

මහින්ද රත්නායක මහතා

 

කලා හා සංස්කෘතික ප‍්‍රතිපත්ති සම්පාදන කමිටුව

 

සාහිත්‍යවේදී පූජ්‍ය බටුවන්ගල රාහුල හිමි

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය,

සාහිත්‍යවේදී ලියනගේ අමරකීර්ති මහතා

සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශයේ හිටපු ලේකම්

ඒ.පී.ඒ. ගුණසේකර මහතා

සාහිත්‍යවේදී කීර්ති වැලිසරගේ මහතා

සාහිත්‍යවේදී කමල් පෙරේරා මහතා

රංගන ශිල්පිනී දීපානි සිල්වා මෙනෙවිය

සංගීතවේදී විශ්වනාදන් සදානන්දන් මහතා

ගිරාගම ගුරු විද්‍යාලයේ හිටපු විදුහල්පති, කථිකාචාර්ය

චිත‍්‍ර ශිල්පි චාල්ස් දයානන්ද මහතා

ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති

කේ.ඞී. ලාල් කාන්ත මහතා

සාහිත්‍යවේදිනී ශාන්ති දිසානායක මහත්මිය

කැලණිය විශ්වවිද්‍යාලයේ ලලිතකලා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර මහතා

සබරගමුව විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා

කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය රංග කලා හා ප‍්‍රතිබිම්බ කලා අධ්‍යයන අංශයේ

ඒකක ප‍්‍රධානී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,

රංගන ශිල්පි පි‍්‍රයංකර රත්නායක මහතා

චිත‍්‍රපට අධ්‍යක්ෂ සෙනේෂ් දිසානායක බණ්ඩාර මහතා

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නාට්‍ය, මුද්‍රා නාට්‍ය හා නූතන නර්තන අධ්‍යයන

අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,

රංගන ශිල්පි ප‍්‍රසන්නජිත් අබේසූරිය මහතා

කිවියර නිලාර් එම්. කාසිම් මහතා

චිත‍්‍රපට අධ්‍යක්ෂ අනුරුද්ධ ජයසිංහ මහතා

ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂ සහ රංගන ශිල්පී

නාමල් ජයසිංහ මහතා

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නාට්‍ය, මුද්‍රා නාට්‍ය හා නූතන නර්තන අධ්‍යයන

අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,

අසේල රංගදේව මහතා

සංගීතවේදී නදීක ගුරුගේ මහතා

චිත‍්‍රපට අධ්‍යක්ෂ පි‍්‍රයන්ත කළුආරච්චි මහතා

සාහිත්‍යවේදී කෞෂල්‍ය කුමාරසිංහ මහතා

සංගීතවේදී සුදන්ත මාධව මහතා

රංගන ශිල්පී ජගත් මනුවර්ණ මහතා

නාට්‍යවේදී පේ‍්‍රමරත්න තෙන්නකෝන් මහතා

ආචාර්ය මයිකල් ප‍්‍රනාන්දු මහතා

 

 

කෘෂිකර්මය, ධීවර හා පශු සම්පත්

ප‍්‍රතිපත්ති සම්පාදන කමිටුව

 

රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂි ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ

අංශ ප‍්‍රධානි

මහාචාර්ය එල්.එම්. අබේවික‍්‍රම මහතා

කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ

හිටපු ලේකම්

තිස්ස වර්ණසුරිය මහතා

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්

පශු වෛද්‍ය කුමාර ද සිල්වා මහතා

බතලගොඩ වී පර්යේෂණ ආයතනයේ

හිටපු අධ්‍යක්ෂ

ආචාර්ය සුමිත් අබේසිරිවර්ධන මහතා

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්

කමල් මාන්කෝට්ටේ මහතා

රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යාපීඨයේ

හිටපු මහාචාර්ය අශෝක ගුණවර්ධන මහතා

බතලගොඩ වී පර්යේෂණ ආයතනයේ හිටපු අධ්‍යක්ෂක

ආචාර්ය එම්.පී. ධනපාල මහතා

පොල් සංවර්ධන මණ්ඩලයේ හිටපු සභාපති

ආචාර්ය පරාක‍්‍රම වෛද්‍යනාථ මහතා

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති,

හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර

නාමල් කරුණාරත්න මහතා

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ලේකම්

ටී.බී. සරත් මහතා

ජලජීවී සංවර්ධන අධිකාරියේ හිටපු ජලජීවී වගා ව්‍යාප්ති නිලධාරී

පේ‍්‍රමසිරි ජාසිංආරච්චි මහතා

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ශ‍්‍රව්‍ය දෘශ්‍ය ඒකකයේ හිටපු අධ්‍යක්ෂ

ආර්.ඞී. සිරිපාල මහතා

පශු වෛද්‍ය පුබුදු සමරවීර මහතා

OPEX AGRI පෞද්ගලික සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී

හේමජීව ගෝඨාභය මහතා

කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති

කමල් ඔබේසේකර මහතා

 

 

 

 

 

 

ජාතික සමගිය ප‍්‍රතිපත්ති සම්පාදක කමිටුව

රාමඤ්ඤ නිකායේ අධිකරණ ලේඛකාධිකාරී,

ජාතික භික්ෂු පෙරමුණේ ප‍්‍රධාන අනුශාසක

මහාචාර්ය අත්තන්ගනේ රතනපාල හිමි

හිටපු අමාත්‍යාංශ ලේකම් සහ සීමා නිර්ණය අභියාචනා කමිටු සභාපති

අශෝක පීරිස් මහතා

වව්නියාව හිටපු මහ දිසාපති

තිල්ලේ නඩරාසා මහතා

නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන අමාත්‍යාංශයේ හිටපු ලේකම්

ඒ.සී.එම්. රාසික් මහතා

නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා

කැලණිය විශ්වවිද්‍යාලයේ

මහාචාර්ය එස්.ජේ. යෝගරාජා මහතා

යාපනය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,

ආචාර්ය සාමිනාදන් විමල් මහතා

කැලණිය විශ්වවිද්‍යාලයේ කි‍්‍රස්ති‍්‍රයානි සංස්කෘතිය පිළිබඳ අධ්‍යයන අංශයේ

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

ආචාර්ය විජිත් රෝහණ ප‍්‍රනාන්දු මහතා

කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජයීය විද්‍යා පීඨයේ පීඨාධිපති

මහාචාර්ය චන්දන අබේරත්න මහතා

පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත හේරත් මහතා

රුහුණු විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය

සරෝජා පෝල්රාජ් මහත්මිය

හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර, නියෝජ්‍ය කාරක සභා සභාපති

රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා

රුහුණු විශ්වවිද්‍යාලයේ ඉතිහාසය අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

දේවා මයිකල් ද සිල්වා මහතා

කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

ආචාර්ය පාරා හමීඞ් මහත්මිය

නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා

සමාජය හා සාමූහික කේන්ද්‍රය

අශෝක් ස්ටීවන් පියතුමා

ජනාවබෝධ කේන්ද්‍රයේ අධ්‍යක්ෂ

අජිත් හැඞ්ලි පෙරේරා මහතා

ආචාර්ය මයිකල් ප‍්‍රනාන්දු මහතා

මහින්ද රත්නායක මහතා

වසන්ත දිසානායක මහතා

 

 

 

 

 

ප‍්‍රවාහන ප‍්‍රතිපත්ති සම්පාදන කමිටුව

රුහුණු විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත‍්‍ර හා සමාජ විද්‍යා පීඨයේ පීඨාධිපති

ආචාර්ය උපාලි පන්නිලගේ මහතා

හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි

පි‍්‍රයාල් සිල්වා මහතා

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ යාන්ත‍්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ අධ්‍යයන අංශයේ

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පී‍්‍රමාල් ප‍්‍රනාන්දු මහතා

මොරටුව විශ්වවිද්‍යාලයේ ප‍්‍රවාහන හා සැපයුම් කළමනාකරණ අංශයේ

ආචාර්ය මහින්ද බණ්ඩාර මහතා

ශී‍්‍ර ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ යාන්ත‍්‍රික ඉංජිනේරු පීඨයේ හිටපු අංශාධිපති

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රවී ද මෙල් මහතා

සමස්ත ලංකා දුම්රිය සේවකයන්ගේ පොදු සේවක සංගමයේ ලේකම්

එස්.පී. විතානගේ මහතා

සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමයේ ලේකම්

සේපාල ලියනගේ මහතා

පළාත් සභා මන්තී‍්‍ර

නලින් හේවගේ මහතා

ශී‍්‍ර ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

ආචාර්ය දිලීප විතාරණ මහතා

මොරටුව විශ්වවිද්‍යාලයේ සමෝධානික නිර්මාණ අධ්‍යයන අංශයේ අංශාධිපති

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සිතුමිණ රත්නමලල මහතා

ස්කොට්ලන්තයේ ඩන්ඞී විශ්වවිද්‍යාලයේ

කෞෂල්‍ය හේරත් මහතා

 

 

පරිසර ප‍්‍රතිපත්ති සම්පාදන කමිටුව

පරිසරවේදී පූජ්‍ය වෑකන්දවල රාහුල හිමි

පරිසරවේදී ආචාර්ය එස්.ඞී. ගොඩිගමුව මහතා

ආචාර්ය අශෝක රංවල මහතා

රුහුණු විශ්වවිද්‍යාලයේ රාජ්‍ය ප‍්‍රතිපත්ති අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,

ආචාර්ය ඞී.එල්.ඒ.එච්. ශම්මික ලියනගේ මහතා

ජ්‍යෙෂ්ඨ පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා

ජ්‍යෙෂ්ඨ පරිසරවේදී, ලේඛක, සම්පත් ආරියසේන මහතා

විදුහල්පති එන්. විජයකුමාරන් මහතා

ජීවයේ අයිතිය කැඳවුම්කරු සහ බහු විනාශකාරී උමා ඔය ව්‍යාපෘතියට එරෙහි

ජනතා පෙරමුණේ කැඳවුම්කරු

සමන්ත විද්‍යාරත්න මහතා

රුහුණු විශ්වවිද්‍යාලයේ

මහාචාර්ය පේ‍්‍රමදාස ලියනාරච්චි මහතා

පරිසරවේදී, වාස්තු විද්‍යාඥ

උදුල බණ්ඩාර ඖසදහාමි මහතා

කැලණි ගං දියවර සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති

අසිත නිරෝෂන් මහතා

ටී.ඞී.එම්.එස්. සමරනායක මහතා