Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

“අදිටනට” අදිටනින් එක්වූ ගම්පහ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයින්

-Colombo, January 06, 2024-

විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයේ ගම්පහ දිස්ත්‍රික් සමුළුව පසුගිය ඊයේ (06)දා නයිවල සණස ශාලාවේදී පැවැත්වූණි. මෙම අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සහෝදරයා, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් සහෝදරයා, විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, ගුවන් හමුදා විශ්‍රාමික එයා(ර්) වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා, විශ්‍රාමික රියර් අද්මිරාල් ෆ්‍රෙඩ් සෙනවිරත්න, විශ්‍රාමික යුධ හමුදා බලයලත් නිළධාරී පුෂ්පමාලි රාමනායක ඇතුළු ආරාධිතයන් රැසක් සහභාගී වූහ. විශාල ජන සහභාගීත්වයකින් පැවති මෙම සමුළුව ඉතා සාර්ථක අයුරින් අවසන් විය.