Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
“ඡන්දෙට බඩු බෙදන්න ප්‍රසම්පාදන ක්‍රියාවලිය මඟහැර ආණ්ඩුව හොර පාරක් හදාගෙන” -විශ්‍රාමික ප්‍රධාන ගණකාධිකාරී ඇන්ටන් පෙරේරා- ජපානයේ වෙසෙන ශ්‍රී ලංකා වෘත්තීයවේදීන්ගේ හමුව ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා සහ ජාතික ජන බලවේගයේ නායකයා අතර හමුවක් “රනිල් වික්‍රමසිංහ තරම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවභාවිත කළ නායකයෙක් ලක් ඉතිහාසයේ නැහැ” -නීතිඥ සුනිල් වටගල- “මාලිමාවේ අපේක්ෂාව ලෝකයේ ඕනෑම රටක් සමග කරට කර යා හැකි රටක් නිර්මාණය කිරීමයි” -ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක-
X

ජාතික ජන බලවේගයේ නායක කැනඩා සංචාරයක

(-Colombo, March 20, 2024-)

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද (20) සවස කැනඩාව බලා පිටත්වීමට නියමිතය.

ඒ, කැනඩාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයින් අමතන ජන හමු කිහිපයකට සහභාගි වීම සඳහාය.

ජාතික ජන බලවේගයේ කැනඩා කමිටුව විසින් සංවිධානය කරනු ලැබ ඇති ප්‍රධාන ජන හමු දෙකෙන් පළමුවැන්න 23 වැනි සෙනසුරාදා දින පස්වරු 3.00ට කැනඩාවේ ටොරොන්ටෝ අගනුවරදීද දෙවැන්න 24 වැනි ඉරිදා දින පස්වරු 2.30ට වැන්කුවර් නගරයේදීද පැවැත්වෙනු ඇත.

මෙම ප්‍රධාන ජනහමුවලට අමතරව කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකේය දෙමළ හා මුස්ලිම් ප්‍රජාව මුණගැසෙන සුහද හමු කිහිපයකටද සහභාගිවීමට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක කටයුතු කරනු ඇත.

AKD-Canada-Tour-Thumbnail