Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

ඉරානයේ අමානුෂික ප්‍රහාරයෙන් මියගිය ජනතාව වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණෙන් ශෝක පණිවිඩයක්

-Colombo, January 05, 2024-

100 කට ආසන්න පිරිසක් මරණයට පත් කරමින්, තවත් විශාල පිරිසකට තුවාල සිදු කරමින් ඉරානයේ ක(ර්)මන් නගරයේ සිදු වූ අමානුෂික ප්‍රහාරයෙන් මියගිය ජනතාව වෙනුවෙන් ඊයේ දින (5) ජනතා විමුක්ති පෙරමුණ විසින් ශෝක ප්‍රකාශයක් නිකුත් කරන ලදී. සැමරුම් උළෙලකට සහභාගී වෙමින් සිටි සිවිල් පුරවැසියන් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ලද එම බිහිසුණු ත්‍රස්තවාදී ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකින බව එහි සඳහන් කර තිබේ.

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, ජාතික ජන බලවේගයේ විධායක සභික සුනිල් හදුන්නෙත්ති සහෝදරයා කොළඹ පිහිටි ඉරාන තානාපති කාර්යාලයේ තබා ඇති නිල සටහන් පොතේ එම ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූ පිරිසගේ ඥාතීන් වෙත කණගාටුව පළ කරමින් සටහනක් තබන ලදී.