Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

චීන දූත පිරිසක් ජවිපෙ ප්‍රධාන ලේකම් හමුවෙයි.

(-2024.04.30 – Pelawatta-)

JVP team and CPC team

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර අංශයේ විශේෂ නියෝජිතයින් පිරිසක් සහ ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් අද (30) දින ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා හමුවීය.

එහිදී ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ජාතික ජන බලවේගය විසින් ලබාගත් මැතිවරණ ජයග්‍රහණය සම්බන්ධයෙන් සුභ පැතුම් එක්කළ දූත පිරිසේ ප්‍රධානියා පසුගිය සැප්තැම්බර් මාසයේදී ජනාධිපති ලෙස ජනතා ඡණ්දයෙන් පත්වූ අනුර කුමාර දිසානායක සහෝදරයා ඇතුළු ආණ්ඩුව සිදු කරන ලද දේශපාලන සංස්කෘතියේ වෙනස්කම් සහ ප්‍රගතිශීලී ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද සුභ පැතුම් එක් කරන ලදී.

එමෙන්ම ඉදිරි ඉදිරි කාලය තුළින් චීනය කමිනිස් පක්ෂයත් ජනතා විමුක්ති පෙරමුණත් අතර සම්බන්ධතා ශක්තිමත් කර ගැනීමත් එසේම ශ්‍රී ලංකාව සහ චීනය අතර ද්විපාර්ශවික සබඳතා තර කර ගැනීමත් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්වය නගා සිටුවීම සඳහා චීනය රජය විසින් ලබාදීමට අපේක්ෂා කරන සහයෝගය සම්බන්ධයෙන්ද සාකච්ඡා කරනන ලදී.

මෙම හමුවේදී චීන කොමියුන්ස්ට් පක්ෂය විසින් සම්පාදිත ග්‍රන්ථ ප්‍රමාණයක් ජනතා විමුක්ති පෙරමුණේ පුස්තකාලය වෙත පරිත්‍යාග කිරීම ද සිදු කෙරිනි.

මෙම අවස්ථාවට ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, ජවිපෙ මධ්‍යමකාරක සභික නීතිඥ ජානක අධිකාරී ඇතුලු පිරිසක් සහභාගී වූ අතර චීන දූත පිරිස නියෝජනය කරමින් Mr. Peng Xiubin, Director General, Bureau of South and Southeast Asia Affairs, International Department of the Central Committee of the Communist Party of China, Ms. Chen Xuanbo, Deputy Director, Mr. Chen Yongpei, staff member, Mr. Zhang Guyu, staff member, Mr. Xiao Yacheng, professor from Southwest University, Mr. Jin enze Third Secretary of the Embassy of China in Sri Lanka යන අය සහභාගි විය.

මෙම දූත පිරිස ජාතික ජන බලවේගය විසින් පවත්වනු ලබන මැයි දින සැමරැමටද සහභාගි වීමට නියමිතය.