(-2025.07.25 – Colombo-)
සහෝදරත්වය දිනය (ජූලි 23) වෙනුවෙන් යාල්දේවි දුම්රියෙන් යාපනය වෙත ගිය සමාජවාදී තරුණ සංගමය (SYU), තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර ඊයේ (24දා) කයිට්ස් හි පිහිටි එලුවතිව් දූපතට ගියහ. එහිදී වැඩසටහන් රැසක් සිදු කෙරුණු අතර, ගම් වැසියන්ට පොල් පැළ ලබාදීම ද සිදුවිය.
මේ සඳහා සහභාගී වූ තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර දූපත තුළ පවතින ගැටලු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළේය.
මෙම දූපතෙහි වෙසෙන ජනතාවට පවතින පානීය ජල ගැටලුව, ප්‍රදේශය තුළ පවතින පාසල්වල පවතින අඩුපාඩු සහ ධීවර ජනතාව මුහුණ දී සිටින ගැටලු හා තරුණ ප්‍රජාව මුහුණ පා සිටින ගැටලු පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරුණි. මෙම දූපත තුළ පවුල් 210ක් ජීවත් වන අතර, ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වන්නේ ධීවර කර්මාන්තයයි.
ප්‍රදේශවාසීන් සමඟ අදහස් හුවමාරු කරගත් එරංග ගුණසේකර පැවසුවේ ප්‍රදේශවාසීන්ට පවතින ගැටළු පිළිබඳව යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව, යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති රාමලිංගම් චන්ද්‍රසේකරන් දැනුවත් කිරීමට කටයුතු කරන බවයි.
උතුරට සංවර්ධන ව්‍යාපෘති රැගෙන ඒමට ආණ්ඩුව විසින් සැලසුම් කර ඇති බවත්, මේ වන විටත් බොහෝ ව්‍යාපෘති ආරම්භක අදියරයේ පවතින බවත් ඔහු ප්‍රකාශ කළේය. සංවර්ධන කටයුතු සිදුකිරීමේදී උතුර දකුණේ යැයි වෙනසක් නොකොට සමස්ත ශ්‍රී ලංකාව ලෙසම කටයුතු කරන බව ද ඔහු කීවේය.
මෙම අවස්ථාවට යාපනයේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණා නාදන් ඉලන්කුමරන් ද සම්බන්ධ විය.