(-Colombo, July 05, 2024-)
ජනාධිපතිවරණය පැවැත්වීම වළක්වාලමින් වාරණ නියෝගයක් ඉල්ලා ගොනුකර ඇති පෙත්සමට අතරමැදි පාර්ශවයක් ලෙස ජාතික ජන බලවේගය සම්බන්ධවීමට අවසර ඉල්ලා අද (05) දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට විජිත හේරත්, හරිනි අමරසූරිය සහ එරංග ගුණසේකර යන අය විසින් පෙත්සම් තුනක් ගොනුකිරීම.
මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සහ ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ නීතිඥ සුනිල් වටගල ඇතුළු නීතිඥවරුන් පිරිසක් එක්විය.