Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

ජවිපෙ ප්‍රධාන ලේකම් සහ චීනයේ හූජෝ නගරයේ ද චිං ප්‍රාදේශිකයේ වුස ගම්මානයේ නියෝජිතයින් අතර හමුවක්…

(-2025.06.11 – China-)

JVP General Secretary and representatives at Wusa Village

චීන කොමියුනිස් පක්ෂයේ ආරාධනයක් අනුව මේ දිනවල චීනයේ සංචාරයක නිතර ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා ඇතුළු පිරිස ඊයේ (10) ද චිං ප්‍රාදේශිකයේ වුස ගම්මානයේ ජාත්‍යන්තර භූගෝලීය තොරතුරු මධ්‍යස්ථානයක සහ ද චිං ප්‍රාදේශිකයේ වෙට් වයිප්ස් (Wet wipes) නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් නැරඹීමට එක් වූ අතර වූස ගමේ ප්‍රධානීන් සහ හූ ජෝ නගරයේ උප නගරාධිපති ඇතුළු නියෝජිතයින් සමග සාකච්ඡාවක්ද සිදු කරන ලදී.

විශේෂයෙන් නවීන තාක්ෂණයද යොදා ගනිමින් වූසූ ගමේ කසළ ප්‍රශ්නය විසඳා ඇති ආකාරය පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු කරන ලදී. එමෙන්ම ගමේ සංවර්ධනය සඳහා කාන්තාවන් විශේෂ දායකත්වයක් ලබා දෙන බව මෙම සාකච්ඡාවේදී විශේෂයෙන් අවධාරණය කෙරිණි.

JVP General Secretary and representatives visiting wet wipes manufacturing factory

වගාවන් සඳහා රසායනික පොහොර සහ කෘමිනාශක ද්‍රව්‍ය භාවිතයේදී චීන මධ්‍යම රජය හඳුන්වා දී ඇති ප්‍රමිනීත් අනුගමණය කිරීම අනිවාර්ය බවද ගමේ ජනතාව එම පරාමිනීත් නිසි ලෙස අනුගමණය කරමින් වගා කටයුතු කරන බවද එහිදි අනාවරණය විය.

වුස ගම පිළිබඳ කරන ලද මෙම අධ්‍යනයේදී ගමක් ලෙස ඉතා දියුනු සංවර්ධනයක් අත්පත් ඇති බවත් විනය, පිළිවෙල පවත්වාගෙන යාමට සමත් වී ඇති බවත් එය චින කොමියුනිස්ට් පක්ෂය ලද ජයග්‍රහනයක් බවත් එහි අත්දැකීම් ශ්‍රී ලංකාවේ ග්‍රමීය සංවර්ධනය සඳහා යොදා ගත හැකි බවත් මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා සඳහන් කළේය.

මෙම අවස්ථාව සඳහා තරුණ කටයුතු නියෝජ්‍ය ඇමති එරංග ගුණසේකර, ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය ඇමති මුනීර් මුලෆ්ෆර් ඇතුළු පිරිසක් එක් වී සිටි අතර හූ ජෝ නගරයේ උප නගරාධිපති ජන් ශින්යු, හූ ජෝ නගරයේ ද චිං ප්‍රාදෙශිකයේ උප ගරාධිපතිනිය වන ෂී මින්ලී, වුස ගම්මානයේ චීන කොමියුනිස්ට් පක්ෂ ලේකම් සහෝදරයා ඇතුළු නියෝජිත පිරිසක් එක්ව සිටියහ.