Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
“ඡන්දෙට බඩු බෙදන්න ප්‍රසම්පාදන ක්‍රියාවලිය මඟහැර ආණ්ඩුව හොර පාරක් හදාගෙන” -විශ්‍රාමික ප්‍රධාන ගණකාධිකාරී ඇන්ටන් පෙරේරා- ජපානයේ වෙසෙන ශ්‍රී ලංකා වෘත්තීයවේදීන්ගේ හමුව ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා සහ ජාතික ජන බලවේගයේ නායකයා අතර හමුවක් “රනිල් වික්‍රමසිංහ තරම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවභාවිත කළ නායකයෙක් ලක් ඉතිහාසයේ නැහැ” -නීතිඥ සුනිල් වටගල- “මාලිමාවේ අපේක්ෂාව ලෝකයේ ඕනෑම රටක් සමග කරට කර යා හැකි රටක් නිර්මාණය කිරීමයි” -ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක-
X

රුසියාවත් මාලිමාව හමු වෙයි

-Colombo, February 13, 2024-

මෙරට සිටින රුසියානු නියෝජ්‍ය තානාපති Alexander Dyagilev අද (13) ජාතික ජන බලවේගයේ නියෝජිතයන් හමුවී තිබෙනවා. ඒ අංක 404, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 දරන තැන පිහිටි සිය තානාපති කාර්යාලයේ දී යි. මෙම හමුව සඳහා ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සලයේ සභාපති මහාචාර්ය අනිල් ජයන්ත සමඟ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභිකයින් වන චමින්ද ජයසූරිය සහ මුදිත නානායක්කාර එක්ව තිබුණා. රුසියානු තානාපති කාර්යාලයේ උපදේශක German Fedorov ද එක්ව තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය, දෙරට අතර වන දීර්ඝ කාලීන මිත්‍රත්වය, දෙරට අතර සහයෝගය සහ මෙරටේ මෙන්ම ජාත්‍යන්තර දේශපාලන තත්වය පිළිබඳවද මෙම හමුවේ දී සාකච්ඡා වී ඇත. එමෙන්ම ඉදිරි මැතිවරණයන් පිළිබඳවද තානාපති නිලධාරීන්ට කරුණු පැහැදිලි කළ බව වාර්තා වේ
“දුෂණයෙන් තොර රාජ්‍ය පාළනයක් ගැන ඔවුන් විශ්වාසය තබමින් සාකච්ඡා කළා. ඒ වගේම මෙරට තේ සඳහා රුසියානු වෙළඳපල තව තවත් පුළුල් කිරීම සම්බන්ධව ඔවුන් අපට සහය දැක්වීමට කැමැත්ත ප්‍රකාශ කළා. ඒ වගේම රුසියානු සංචාරකයින් ශ්‍රී ලංකාව වෙත එවීමට හැකි උපරිම දායකත්වය ලබා දෙන්නත් ඔවුන් කැමැත්තෙන් පසුවෙනවා. මෙරට බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳවත් අපි සාකච්ඡා කළා.

දේශපාලන ව්‍යාපාරයක් ලෙස ජාතික ජන බලවේගය මේ රටේ වර්ධනයවීම මෙන්ම එහි ජනප්‍රියත්වය පිළිබඳව ඔවුන් නිරීක්ෂණය කරන බව පවසුවා. අපගේ ඉන්දීය සංචාරය පිළිබඳවත් ඔවුන් සතුට පළකලා”යි මෙම හමුවට එක්වූ ජාතික ජන බලවේගයේ නියෝජිතයින් සඳහන් කරනවා.