Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
“ඇත්ත නිදහස ලබාගන්න නව පන්නයේ නිදහස් අරගලයක් අවශ්‍යයි” -ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා- රුසියාවත් මාලිමාව හමු වෙයි යුරෝපා සංගමයේ තානාපති සහ ජාතික ජන බලවේගයේ නායකයන් අතර හමුවක් “පාලකයින් අනාගත පරම්පරාව විනාශ කරද්දී ගැහැනුන්ට තවත් ඉවසිය නොහැකියි” -ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කේ.ඩී. ලාල් කාන්ත- “කලාපීය සහයෝගීතාවයේ වර්ධනය වෙනුවෙන් ඉන්දියාව සමඟ අවබෝධය ඉතා වැදගත්” -ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්-
X

ලංකා වාණිජ මණ්ඩලය ජාතික ජන බලවේගය හමුවෙයි

-Colombo, January 31, 2024-

අද (31) පෙරවරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී ලංකා වාණිජ මණ්ඩලයේ නියෝජිත පිරිසක් සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා ඇතුළු ජාතික ජන බලවේගයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් සිදු විය.

මෙහිදී ආර්ථික හා දේශපාලන අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රය මුහුණ පා ඇති ගැටලු සහ ආර්ථික අර්බුදය විසඳීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිමය ප්‍රවේශයන් පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන් විය.

ලංකා වාණිජ මණ්ඩලය වෙනුවෙන් මෙම හමුව සඳහා එහි සභාපති අර්නස්ට් ඇන්ඩ් යන්ග් ආයතනයේ දේශීය කළමනාකාර හවුල්කරු දුමින්ද හුලංගමුව, ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවේ බිඟුමාල් තෙවරතන්ත්‍රී, ඩයලෝග් ආසියාටාහි ප්‍රධාන විධායක නිලධාරි සුපුන් වීරසිංහ, ඇඩ්වකාටා ආයතනයේ සභාපති මුටාසා ජැෆර්ජි යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටි අතර ජාතික ජන බලවේගය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත, ජාතික විධායක සභික චතුරංග අබේසිංහ, ජාතික විධායක සභික විජිත හේරත්, ජාතික විධායක සභික ඉංජිනේරු කුමාර ජයකොඩි යන සහෝදරවරු ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.