(-Colombo, April 10, 2025-)
ජපාපනයේ ශ්‍රී ලංකා තානාපති අකියො ඉසමාටා, දේශපාලන අංශයේ ප්‍රධානී සිනිචි මුරාටා ඇතුළු පිරිසක් ඊයේ (10) දින ප්‍රධාන කාර්යාලයේදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා හමුවිය.
ජාතික ජන බලවේගය ලෙස ලබාගෙන ඇති ඇති විශාල ජයග්‍රහණය සම්බන්ධයෙන් පළමුවෙන්ම තානාපතිවරයා සුභ පැතුම් එකතු කළ අතර දූෂණ විරෝධී වැඩසටහන සහ ඒ ක්‍රියාකාරී සැලැස්ම එළිදැක්වීම සම්බන්ධයෙනුත් අදහස් ප්‍රකාශ කළේය. දූෂණ විරෝධී වැඩසටහන් වෙනුවෙන් නව ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ මැදිහත් වීම ඉතා සතුටුදායක බවත් රට නිවැරදි ගමන් මාර්ගයක ගමන් කරමින් ඇති බව පෙනෙන බවත් තානාපතිවරයා ප්‍රකාශ කළේය. අතීතයේදී ජපන් ආයෝජකයින් ශ්‍රී ලංකාව තුළ මුහුණ දුන් යම් යම් අභියෝග සහ බාධක අපහසුතා සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර ඉදිරියේදී නෛතික රාමුව තුළ කටයුතු කරමින් පහසුවෙන් ආයෝජන ශ්‍රී ලංකාව තුළට ලබාදීමට අවශ්‍ය ඉඩකඩ සැලසීමටත් එකඟතාවය පළ කළේය.
ජපානයේ අධ්‍යාපන අවස්ථාවන්ට සහ රැකියා සඳහා යාමට ශ්‍රී ලාංකික තරුණ පරපුර තුළ ඇති උනන්දුව සම්බන්ධයෙනුත් ජපානය විසින් ඔවුන් වෙත ලබාදෙන පුහුණුව මගින් පෙරළා ලංකාවට තම දායකත්වය උපරිමයෙන් සැලසීමට කුසලතාවය වර්ධනය වන බවත් තානාපතිතුමා විසින් ප්‍රධාන ලේකම්වරයාගේ අවධානයට ලක් කෙරිණි.
තවද අතීතයේ සිටම ජපානය ශ්‍රී ලංකාවේ මිත්‍රයෙකු වශයෙන් ශ්‍රී ලංකාවට තාක්ෂණික දැනුම ලබාදීම සම්බන්ධයෙන් ප්‍රධාන ලේකම්වරයා අගය කිරීමක් සිදුකළ අතර ඉදිරියේදීත් ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් තාක්ෂණික දැනුම ලබා ගැනීමට දෙරට අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීමට අපේක්ෂා කරන බවත් පවසා සිටියේය.