(-2025.06.02 – Colombo-)
වියට්නාම් රජයේ ඉහළම දූත පිරිසක් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා ඇතුළු නියෝජිතයින් අතර හමුවක් ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ දී ඊයේ (02) පස්වරුවේ සිදු කෙරිණි.
ජාතික ජන බලවේගය පසුගිය මැතිවරණවලින් ලබාගත් ජයග්‍රහණය පිළිබඳව වියට්නාම් රජයේ සුබ පැතුම් පිරිනැමූ වියට්නාම් දූත පිරිස දෙරට අතර මිත්‍රත්වය ශක්තිමත් කර ගැනීම පිළිබඳවද විශේෂ අවධානයක් යොමු වී ඇති බව ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව ගොඩනැගීමේදී වියට්නාම් කොමියුනිස්ට් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර දිගු කාලීනව පවතින මිත්‍රත්වය ප්‍රයෝජනවත් වනු ඇති බවට විශ්වාසය පළ කළ දූත පිරිස වියට්නාමය ලබා ඇති ආර්ථික ජයග්‍රහණ පිළිබඳ අත්දැකීම් ශ්‍රී ලංකාවට ලබාදෙන බව අවධාරණය කළේය.
මෙම අවස්ථාවට වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික, ජනමාධ්‍ය, අධ්‍යාපන අංශ ප්‍රධානී Nguyan Trong Nghia, ශ්‍රී ලංකාවේ වියට්නාම් තානාපති Trinh Thi Tam වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ උප සභාපති, Ngo Dong Hai ඇතුළු නියෝජිතයින් 7 දෙනෙක් සහභාගී වූ අතර ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, ජවිපෙ ජාතික සංවිධායක, අමාත්‍ය බිමල් රත්නායක, අමාත්‍ය, වෛද්‍ය ධම්මික පටබැඳි සහ ජවිපෙ ජාත්‍යන්තර අංශයේ කමිටු සාමාජිකා, නීතිඥ මධු කල්පනා සහෝදරියද සහභාගි වූහ.