Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මහකොමසාරිස් හා ජාතික ජන බලවේගයේ නායකයින් අතර හමුවක්….

(-2025.06.26 – Colombo-)

Tilvin Silva and the team with High Commissioner of the United Nations Commission on Human Rights

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසමේ මහකොමසාරිස් Mr. Volker Turk මහතා ප්‍රමුඛ එම සංවිධානයේ නියෝජිතයින් පිරිසක් අද (26) පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී ජාතික ජන බලවේගයේ නායකයින් පිරිසක් හමුවයි. මෙම හමුවට ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් යන අය සහභාගී විය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය නියෝජන කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මහකොමසාරිස් Mr. Volker Turk මහතා, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක Mr. Marc Andre Franche මහතා, ආසියා පැසිෆික් කලාපයේ ප්‍රධානී (OHCHR) Mr. Rory Mungoven මහතා, මානව හිමිකම් නිලධාරී (OHCHR) Ms. Elaine Chan මහත්මිය, ජ්‍යෙෂ්ඨ මානව හිමිකම් උපදේශක (Sri lanka) Ms. Laila Nazarili මහත්මිය සහභාගි විය.

High Commissioner of the United Nations Commission on Human Rights with Tilvin Silva

ජාතික ජන බලවේග ආණ්ඩුව බිහි වීමත් සමග ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීම හා ජාතිවාදයෙන් තොරව පාලනය කිරීම පිළිබඳව ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මහකොමසාරිස්වරයා සිය සතුට සහ විශ්වාසය ජාතික ජන බලවේගයේ නායකයින් වෙත පළකරනු ලැබීය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම, මානව හිමිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් ගනු ලබන ඉදිරි පියවරයන් පිළිබඳව, අතුරුදහන් වූවන් පිළිබඳව සොයා බැලීම යන කරුණු සම්බන්ධයෙන් ඔවුන්ගේ විශේෂ අවධානය යොමු විය.

ජාතික ජන බලවේගය ආණ්ඩුවක් ලෙස නැවතත් ශ්‍රීලංකාව තුළ ජාතිවාදය හෝ පීඩාකාරී මානව හිමිකම් කඩවීමේ සිදුවීම් ඇතිවීමට ඉඩකඩ නොතබන අතර එය ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බව ජාතික ජන බලවේගයේ නායකයින් අවධාරණය කරනු ලැබීය. විශේෂයෙන්ම අතුරුදහන් වූවන් පිළිබඳව සොයා බැලීමත් ශ්‍රී ලාංකීය ජාතියක් ලෙස කටයුතු කිරීම වෙනුවෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ගයන් පිළිබඳවත් මෙම හමුවේදී ජාතික ජන බලවේගයේ නායකයින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ නියෝජිතයින් වෙත අවධාරණය කරනු ලැබීය.