(-2025.09.26 – Colombo-)

ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව හා මාලදිවයින නියෝජිත ගෙවොග් සාග්සියන් (Gevorg Sargsyan) මහතා, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා ඊයේ (25) බත්තරමුල්ල පැලවත්ත, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී හමු විය.
එහිදී මේ වනවිට රට ආර්ථික ස්ථාවරත්වයකට ගෙනඒම සඳහා ශ්‍රී ලංකා රජයේ කැපව්ම සම්බන්ධයෙන් ඉතා ප්‍රසාදයෙන් අදහස් දැක්වූ ගෙවොග් සාග්සියන් මහතා, වංචා දූෂණ නතර කිරීමට ආර්ථිකය සංවර්ධනයට ඍජුව බලපාන ආකාරය පෙන්වා දුන්නේය.
ලෝක බැංකුව සම්බන්ධ ඉතිහාස පැහැදිලි කළ ඒ මහතා ශ්‍රී ලංකා රජය රටේ සංවර්ධනය වෙනුවෙන් ඉල්ලා සිටින ඕනෑම අංශයකින් සහයෝගය දැක්වීමට සූදානම් බව ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව ඉදිරියට කරගෙන යන වැඩකටයුතු සම්බන්ධයෙන් සහ මූල්‍යමය ඇතුළු අනිකුත් අභියෝග සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වූ අතර රාජ්‍ය ආයතන නගා සිටුවීමේ වැදගත්කම සහ පෞද්ගලික අංශය දායක කරගැනීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කරන ලදී.

රටේ ජනතාව වෙනුවෙන් ගනු ලබන වගකීම් සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කරන ලද අතර ශ්‍රී ලංකාව පැවති තත්වයේ සිට ඉදිරියට ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ පවතින කැපවීම සම්බන්ධයෙන් ලෝක බැංකුවේ ශ්‍රී ලංකා හා මාලදිවයින් නියෝජිත ගෙවොග් සාග්සියන් මහතා සිය විශේෂ ප්‍රසාදය පළ කළේය.
මෙහිදී මෙරට පැවති පැරණි දේශපාලන අවසන් කරමින් නව දේශපාලන සංස්කෘතියක් තුළ රට ගමන් කරන ආකාරයත් වංචා දූෂණ තුරන් කිරීම සඳහා ශ්‍රී ලංකාව දරන උත්සාහය සහ කැපවීම සම්බන්ධයෙනුත් දුප්පත් කිරීමේ තුරන් කිරීම සඳහා ක්‍රියාත්මක කරමින් පවතින `ප්‍රජා ශක්ති’ වැඩසටහන සම්බන්ධයෙනුත් මෙහෙදී විශේෂයෙන් සාකච්ඡා කරන ලදී.
එමෙන්ම මේ වනවිටත් ලෝක බැංකුව විවිධ අමාත්‍යාංශ සමග සිදුකරගෙන යන වැඩ කටයුතු සම්බන්ධයෙනුත් ඩිජිටල් ව්‍යාපෘතිය සම්බන්ධයෙනුත් මෙහිදී සාකච්ඡා කෙරිණි.