Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X
ජාතික ජන බලවේගය

ගැටළු සහ විසදුම්

ක්ෂේත්‍ර

ගැටලුව ඉදිරිපත් කරන්න

ගැටලුව විමසන්න
Newton koswatte

ආදරණීය ජනාධිපතිතුමනි, අපේ රට සෞභාගය කරා ගමන් කරන්ට ඔබට සාක්‍ය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරන අතර ඔබට දීර්ඝායුෂ ද පවත්නා කරමි Newton koswatte Milano italy

Admin

ඔබගේ ප්‍රාර්ථනාව සහ අදහස අප වෙත යොමු කිරීම පිළිබඳව අපගේ ස්තූතිය ප්‍රකාශ කරමු.

තිලිනි කුලසේකර

ගැටලුව තමයි රටට උගුලාගත නොහැකි රාජ්‍ය සේවය. අනවශ්‍ය රාජ්‍ය සේවය කප්පාදු කල යුතුයි සහ කාර්‍යක්ශම රාජ්‍ය සේවයක් අවශ්‍යයි.

Admin

ඔබගේ ගැටළුව සහ අදහස අප වෙත යොමු කිරීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ජාතික ජනබලවේගය විසින් එළි දක්වන ලද පොහොසත් රටක්...ලස්සන ජිවිතයක් ...ප්‍රතිපත්ති ප්‍රකාශණයේ 195 වැනි පිටුවේ කාර්යක්ෂම රාජ්‍ය සේවයක්...කුසළතා කේන්ද්‍රීය වෘත්තිකභාවයක්... මැයෙන් රාජ්‍ය සේවය පිළිබඳව අපගේ වැඩපිළිවෙළ ඉදිරිපත් කර තිබේ. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු අපගේ වෙබ් අඩවිය වන www.npp.lk වෙබ් අඩවියට පිවිස ඔබට බාගත කළ හැකිය. ඒ සඳහා පහත සබැඳියන් භාවිතා කරන්න. 
https://www.npp.lk/si/policies/npppolicystatement
https://www.npp.lk/ta/policies/npppolicystatement
https://www.npp.lk/en/policies/npppolicystatement ඔබගේ ගැටළු අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.

Alboruge priyantha mervyn Dabare

ගරැ මහත්මයා/මහත්මිය, ඹබෙග් රජට යටෙත් වාහන ආනයනය සහ වාහන මිල සදහා වන සියලු කාරනා දැන ගැනිමට කැමැත්ෙතමි. ස්තුතියි, ජයෙවිවා!🙏♥️✊🫡🇱🇰

Admin

ඔබගේ ගැටළුව සහ අදහස අප වෙත යොමු කිරීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ජාතික ජනබලවේගයේ පාලනයක් යටතේ විද්‍යානුකූල පදනමක් මත පිහිටා රථ වාහන ආනයනට අවශ්‍ය කටයුතු සිදු කරනු ඇත. එමෙන්ම ඊට අදාල බදු ප්‍රතිපත්තිය ප්‍රති සමාලෝචනයට ලක් කරන අතර අවශ්‍යතාවය අනුව අඩු මිලට වාහනයක් මිලදී ගැනීමට ජනතාවට ඇති අයිතිය ක්‍රමිකව තහවුරු කරනු ඇත. ඔබගේ ගැටළු අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.

කිලාන් මධුවංශ

ජාතික ජන බලවේගය තුල සක්‍රීය ව දේශපාලන ට සම්බන්ධ වෙමින් පාර්ලිමේන්තු ව සදහා ගොස් රටට සේවයක් කරන්නෙ කෙසේද?

Admin

ඔබගේ ගැටළුව සහ අදහස අප වෙත යොමු කිරීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ඔබට ලඟම පිහිටුවා ඇති ජාතික ජනබලවේගයේ කොට්ඨාශ සභාවේ විධායක කමිටු සාමාජිකයෙකු හමුව ඔබගේ අවශ්‍යතාවය සහ ජාතික ජනබලවේගය වෙනුවෙන් වැඩ කළ හැකි ස්වභාවය දන්වන්න. ඔවුන් අවශ්‍ය මගපෙන්විම සිදු කරනු ඇත. 
ඔබගේ ගැටළු අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.

ජිනසෝම විජේසූරිය

අපගේ නිවෙස් වලට සූර්යාලෝකයෙන් විදුලිය ලබාගැනීමට අවශ්‍ය උපාංග මිලදී ගැනීමේදී ඉතා අධික මුදලක් වැය කිරීමට සිදුවේ. මේ සදහා සාමාන්‍ය ජනතාවට ඒවා ලබාගැනීම සඳහා සහනදායී වැඩපිළිවෙළක් තිබේද? ඒ මොනවාද

Admin

ඔබගේ ගැටළුව සහ අදහස අප වෙත යොමු කිරීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ජාතික ජනබලවේගය විසින් එළි දක්වන ලද පොහොසත් රටක්...ලස්සන ජිවිතයක් ...ප්‍රතිපත්ති ප්‍රකාශණයේ 162 වැනි පිටුවේ සුරක්ෂිත බලශක්ති කේන්ද්‍රයක්...තිරසර විනිමය ප්‍රභවයක්... මැයෙන් බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳව අපගේ වැඩපිළිවෙළ ඉදිරිපත් කර තිබේ. එම ප්‍රකාශණයේම 165 වැනි පිටුව තුළ පුණර්ජනණිය බලශක්ති ක්ෂේත්‍රය තුළ අපේක්ෂිත අපගේ වැඩපිළිවෙළ දක්වා ඇත. සුර්ය බලය මගින් මෙගාවොට් 2000 ක විදුලි බලයක් ක්‍රමිකව ජාතික විදුලි බල පද්ධතියට එක් කිරිමට අප අදහස් කර තිබෙන අතර එහිදි ගෘහස්ථ සූර්ය බල උපාදනය සඳහා ඉහළ බර තැබීමක් සිදු කරනු ඇත. සාමාන්‍ය ජනතාවට මෙම උපකරණ ලබාගැනීම සඳහා සහනදායී වැඩපිළිවෙළක් අපගේ ආණුඩුවක් යටතේ සකස්කරනු ඇත. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු අපගේ වෙබ් අඩවිය වන www.npp.lk වෙබ් අඩවියට පිවිස ඔබට බාගත කළ හැකිය. අපගේ වැඩපිළිවෙළ භාගත කිරීම සඳහා පහත සබැඳියන් භාවිතා කරන්න. 
https://www.npp.lk/si/policies/npppolicystatement
https://www.npp.lk/ta/policies/npppolicystatement
https://www.npp.lk/en/policies/npppolicystatement.ඔබගේ ගැටළු අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.