manpower ayathana nethi karanna ona. sewakayan huragena kanawa
ඔබගේ අදහස අප වෙත යොමු කිරිම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ඔබ විසින් පෙන්වා දි ඇති කරුණූ පිළිබදව අපගේ අවධානය යොමු කරන අතර මෙම අදහස මේ වන විටත් අපගේ ජාතික විධායක කමිටුව වෙත යොමු කර ඇති බව කාරුණිකව දන්වා සිටිමු. එමෙන්ම මෙවැනි ආයතන වඩාත් ප්‍රශස්ථ වන ආකාරයට නියාමනය කිරිම සඳහා අපගේ ආණ්ඩුවක් යටතේ කටයුතු කරනු ඇත. ඔබගේ අදහස අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.
වාහන තදබදයට නිවැරදිම විසඳුමක්! කොළඹ දිස්ත්‍රිකය පුරා පාරවල් වසමින් "මහා වාහන තදබදයක්" ඇතිකරන "කැලණිවැලි දුම්රිය මාර්ගයට" තවත් දුම්රිය කීපයක් අලුතින් එකතු කරන්න යන යෝජනාව දැක වාහන තදබදයෙන් සැමදා දුක් විඳින මගියා වෙනුවෙන් මෙය ටයිප් කරන්නට මට සිතුණා. මාගේ අදහස නම් දැනට පවතින කැලණිවැලි දුම්රිය මාර්ගය, "කොළඹ සිට රත්නපුර දක්වා" වාහන ගමන් කරන "වන් වේ" මහා මාර්ගයක් බවට පරිවර්තනය කිරීම වඩා සුදුසු බවයි. එසේ බිහිවන මාර්ගය දෙපස නව ව්‍යාපාරික ස්ථාන දහස් ගණනක් ඉඳීවි, ජීවන මාර්ග බොහොමයක්ද ඇති කළ හැකියි. දැනට දුම්රිය මග දෙපස පාළුවට ගිය ඉඩම්වල කර්මාන්ත බිහිකළ හැකියි. එසේම අනෙක් පස "වන් වේ" එක ලෙස දැනට පවතින හයිලෙවල් මාර්ගය භාවිතා කළ හැකියි. ඒ මන්ද දැනට කුඩා දුම්රිය ධාවනය වන්නේ අවිස්සාවේල්ලට පමණයි. නමුත් මීට කාලයකට පෙර රත්නපුර (ඕපනායක) දක්වා මෙහි දුම්රිය ගමන් කළා. අදටත් ඒ මාර්ග කොටස රජයට අයිතියි. මෙය ක්‍රියාත්මක කළහොත්, මෙයින් ඉවත්කරන දුම්රිය සහ අනෙකුත් දේ භාවිතා කර නැඟෙනහිර හෝ වයඹ වැනි පළාතක මාර්ග අවහිර නොවන සේ මුහුදුබඩ දුම්රිය මාර්ගයක් ඉඳිකළ හැකියි. එසේත් නැත්නම් මේ රේල් පීලි භාවිතා කර ගම්බද ප්‍රදේශවල ලොකු දියපාරවල් හරහා කුඩා පාලම් ලෙස යොදවන්න පුළුවන්. මෙම කැලණිවැලි දුම්රිය මාර්ගය, උදෑසන සහ සවස් කාලයේ පමණක් දුම්රිය කීපයක් එහා මෙහා ධාවනය කෙරේ, නමුත් කොළඹ දිස්ත්‍රික්කය පුරා පාරවල් ගණනාවක් එවිට වසා දැමෙන නිසා ඉතා "අධික වාහන තදබදයක්" ඒ නිසාම නිර්මාණය වෙනවා. (දවල්ට මගීන් 15 ක් පමණ දාගත්තු "විහිළු සපයන" රේල් බසයක් කොටුවට එහා මෙහා යනවා, දිස්ත්‍රික්කය පුරා පාරවල් වහගෙන). දිනකට මෙම මාර්ගයේ දුම්රිය මගීන් කොපමණ ප්‍රමාණයක් ගමන් කරනවාද කියා සමීක්ෂණයක් කළ යුතුයි. (මට හිතෙන්නේ බස් රථ 50 ක පටවන මගීන් ප්‍රමාණයක් විය හැකියි) නමුත් පැය 24 පුරාම වාහන දහස් ගණනක් ගමන් කරන ලෙස, රත්නපුර - කොළඹ "වන් වේ" මහා මාර්ගයක් කළහොත් කොපමණ ප්‍රයෝජනවත්ද? වර්තමානයේ අනෙක් වාහන, "බස් රථ පසුපස" පෙරහරක්සේ අවිස්සාවේල්ල සහ කොළඹ දෙසට පේලියට ගමන් කරනවා හැර ඉක්මන් ගමනක් නැත. ඉස්සර කළ හැකි තැනක් ආවොත් එතනදී ඉරි කැපීමට සිදුවන නිසා ගමන එසේම යාමට සිදුවේ. මෙයට විරුද්ධවන එකම පිරිස මෙහි කුඩා කාලයක් තුළ කොළඹ කාර්යාලවලට යාමට සහ ඒමට කාලයක් පුරා ඇබ්බැහිවී සිටින සුළුතරයක් පමණයි, අනෙක් සාමාන්‍ය ජනතාවට මෙම දුම්රිය මාර්ගය හිසරදයක්ම පමණයි. දැන් කණු උඩ දුම්රිය මාර්ග කොළඹට යන්න හදන්න සැලසුම් කරනවා. ඒවා කොළඹ දැනට පවතින තදබදය තුළ කරන්න පුළුවන් දේවල්ද? රාජගිරිය "පෙර සවි පාලම" හදන්න වසර තුනක් ගියා. දුම්රිය පාරකින් කීදෙනාද යන්නේ, වෙනත් කිසිම වාහනයකට යන්නත් බැහැ. මේ වෙනුවට "මහා මාර්ග" හතරක් හැදුව නම්. මේ තීරණ ගන්න ඇමතිලා ඉන්නේ පාරේ වද විඳින දුප්පත් අපි අතර නොවෙයිනේ , රටේ සහ අපේ කරුමේ. මේ තද බදෙ අස්සේ කණු උඩ මේවා අටවනකොට කොහෙන්ද අපි රැකියාවට යන්නේ. රාජගිරියේ ඒ සුළු වැඩේටත් අවුරුදු තුනක් එක මන්තීරුවක් වහලා තිබුණා. මේ දුම්රිය පාරවල් හතර හදන්න වසර පනහක්වත් යයි. මේවා අපේ රටට ගැළපෙන සිහින නොවෙයි. ඉතින් කුමන ගුවන් දුම්රිය මාර්ගද? දුක් වින්දත් හිත හදාගන්න තිබුණා මේවා “මහා මාර්ග”වත් වුණා නම්. දුම්රියක ජනතාව ගමන් කරන්නේ එයටම හුරුවූ පිරිසක් පමණයි. ඒත් උදේ සහ සවස කාර්යාලීය වෙලාවල්වල පමණයි. ඒ වෙනුවට මේවා පැය 24 ම සාමාන්‍ය වාහන ගමන් කළ හැකි මහා මාර්ග 4 ක් වූවානම් කොතරම් ප්‍රායෝගිකද? තව වසර 25 කින් "පෝට් සිටි" එක ක්‍රියාත්මක වෙනවා. ඒවාට සේවයට යන දහස් ගණන් පිරිස ගුවනින්ද ගෙනියන්නේ? මේවා කැකිල්ලේ රජ්ජුරුවන්ගේ විහිළු වැඩ වගේ ඒවා. රටක වාහන සහ ජනගහනය වැඩිවන විට අලුතින් පාරවල් හැදෙන්න ඕන. "වන්වේ පාරවල්" වැඩි පුර භාවිතාවෙන විධියට සකස් වෙනවා නම් මෙහෙම “මුහුණට මුහුණ” වාහන ඇවිල්ලා, අපරාදේ අහිංසක මිනිස්සු මැරෙන්නේ නැහැ. දැනට මෙම යෝජනාව ගණන් නොගැණුනත්, අනාගතයේදී මේ වෙනස අනිවාර්යයෙන් කිරීමට සිදුවෙන දෙයක්! නමුත් වර්තමානයේ එය ක්‍රියාත්මක කළොත් කොපමණ වටිනවාද? එසේ නම් ගොඩගම-බොරැල්ල මාර්ගයේ සහ අවිස්සාවේල්ල-කොටුව "ලෝ ලෙවල්" මාර්ගයේද වාහන තදබදය විශාල වශයෙන් අඩුවීම සිදුවෙනවා. එයට උදාහරණයක් ලෙස පන්නිපිටිය - මහරගම අතර හයිලෙවල් මාර්ගය කන්ද මැද්දෙන් හාරා මන් තීරු දෙකක් ලෙස පටු ලෙස පාර සකසා තිබු නිසා අධික තදබදයක් බොහෝ කාලයක සිට තිබුණා. වර්තමානයේ ඒ කන්ද "තිබු ලෙසම පුරවා" නැවත මන් තීරු හතරක් ලෙස පාර හැදුවා. මේ යෝජනාව මා ප්‍රකාශ කළේ දැනට වසර 15 කට පමණ සිට. නමුත් බොහෝ කාලයක් මෙය පළාතේ දේශපාලකයන්ට පෙනුනේ නැහැ, මගියා දුක් වින්දා. කොළඹ තදබදය මුළු රටේම ජනතාවට සහ ආර්ථිකයට අයහපත්ලෙස බලපාන නිසා මෙය රටේම යහපත වෙනුවෙන් සිදුකළ යුතු පරිවර්තනයක් ලෙස මා දකින්නෙමි. අලුත් රජයෙන් දැන්වත් රටට යහපතක් සිදුවේවි කියා සිතන නිසායි කාලය වැය කර මෙය ටයිප් කළේ. ස්තුතියි! (මෙය වග කිව යුත්තන්ට ඇස ගැටේවී කියා සිතන්නෙමි. එසේම මෙය ක්‍රියාත්මක වුවහොත් “මෙය කියවන ඔබත්” මෙහි ඵලය "ජීවිතය පුරාවට" ලබන්නෙක් වෙනවා) මුහුණට මුහුණ දෙපැත්තටම වාහන ගමන්කරන මාර්ග වෙනුවට “වන වේ මාර්ග” බිහිකර රටේ ජනතාව “මහ මඟ මරා දමන” මේ මාර්ග පද්ධති ක්‍රමය වෙනස් කිරීම “රටේ පාලක පන්තියේ” ප්‍රධානතම වගකීමකි.මේ දිග කිලෝමීටර් 435 ක් සහ පළල කිලෝමීටර් 240 ක් වන කුඩා රටට අවශ්‍ය වන්නේ පය 24 ම එහා මෙහා වාහන ගමන් කරවිය හැකි මහා මාර්ගද, නැතිනම් සීමිත වෙලාවකට පමණක් භාවිතා වන දුම්රිය මාර්ගද? !
ඔබගේ අදහස අප වෙත යොමු කිරිම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ඔබ විසින් පෙන්වා දි ඇති දීර්ග කරුණූ දැක්වීම පිළිබදව අපගේ අවධානය යොමු කරන බව කාරුණිව දන්වමු. එමෙන්ම මෙම අදහස මේ වන විටත් අපගේ ජාතික විධායක කමිටුව සහ ප්‍රතිපත්ති සම්පාදන කමිටුව වෙත යොමු කර ඇති බව කාරුණිකව දන්වා සිටිමු. ඔබගේ අදහස අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.
වර්තමානයේ අධ්‍යාපනය සදහා පරිගණක ආදී උපකරණ ඉතා වැදගත් වේ. නමුත් අද තිබෙන තත්වය නිසාවෙන් මෙවැනි උපකරණ වල මිල අධිකය. ලමයින් ඉතාමත් අසීරු තත්වයන්ට මුහුණ දී ඇත.
ඔබගේ අදහස අප වෙත යොමු කිරිම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ඔබ විසින් පෙන්වා දි ඇති තත්වය පිළිබදව අපගේ අවධානය යොමු කර ඇති බව කාරුණිව දන්වමු. ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් යටතේ සියළුම අධ්‍යාපන උපකරණ බදුවළින් නිදහස් කරන බව අප මේ වන විටත් ප්‍රකාශ කර තිබේ. ඒ අනුව අප කටයුතු කරනු ඇත. ඔබගේ අදහස අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.
සංවිධානයේ අධ්‍යාපන හා තාක්ෂණ කටයුතු පිළිබඳ සම්මුතීන් ගැන දැනුවත්වීම අවශ්‍යයි. පුරා අවුරුදු තිහක කාලයක් තාක්ෂණ අධ්‍යාපන කටයුතුවල ශක්‍රීයව නිරතවෙමින් සිට දැනට විශ්‍රාමිකව සිටින මම දෙස් විදෙස් පුහුණුවලින් ලත් අත්දැකීම්මත පදනම්ව තවදුරටත් ජාතික මෙහෙවරෙහි යෙදීමට අපේක්ශාවෙන් සිටිමි.
ඔබගේ අදහස අප වෙත යොමු කිරිම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ඔබ විසින් පෙන්වා දි ඇති තත්වය පිළිබදව අපගේ අවධානය යොමු කර ඇති බව කාරුණිව දන්වමු. ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් යටතේ තාක්ෂණය සහ අධ්‍යාපන පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන අතර එළඹෙන 26 වැනිදා එළි දක්වන අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පරිශිලනය කිරීමෙන් මේ පිළිබදව ඔබට වැඩි අවබෝධයක් ලබා ගත හැකිය. ඔබගේ අදහස අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.
අධි සංවේදී පරිසර කලාප වල සංචාරය කරන ඇතැම් සංචාරකයින් ඒ කලාප අපවිත්‍ර කර දමමින් සිටී.ඒවනි සුන්දර ස්ථාන අනාගත පරම්පරාවට පිරිසිදුව ඉතිරි කිරීමට ඔබ ගන්නා ක්‍රියාමාර්ග මොනවාද? කෙබඳු නීතීන් සම්පාදනය කිරීමට බලාපොරත්තු වනවාද?
ඔබගේ පැනය අප වෙත යොමු කිරිම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. වත්මන් පරිසරය හා ස්වාභාවික සම්පත් ආශ්‍රිතව පවතින ප්‍රායෝගික ක්‍රියාකාරිත්වය පිළිබඳව හොඳ අවබෝධයක් අප සතුව ඇත. ඔබ මතු කර පෙන්වන මෙම ගැටළුව ඇතුළු පරිසරය හා සම්බන්ධව පවතින විවිධ ප්‍රශ්න විසඳිමට ජාතික ජනබලවේගය ආණ්ඩුවක් යටතේ ප්‍රමුඛතාවය දි කටයුතු කරනු ඇත. එමෙන්ම එළඹෙන 26 දා එළි දක්වන අපගේ ප්‍රතිපත්ති මාලාව තුළ ඇති පරිසර ප්‍රතිපත්තිය පිළිබඳව අවධානය යොමු කරන ලෙස ද කාරුණිකව ඉල්ලා සිටිමු. ඔබගේ ප්‍රශ්නය අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.