Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
“ඡන්දෙට බඩු බෙදන්න ප්‍රසම්පාදන ක්‍රියාවලිය මඟහැර ආණ්ඩුව හොර පාරක් හදාගෙන” -විශ්‍රාමික ප්‍රධාන ගණකාධිකාරී ඇන්ටන් පෙරේරා- ජපානයේ වෙසෙන ශ්‍රී ලංකා වෘත්තීයවේදීන්ගේ හමුව ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා සහ ජාතික ජන බලවේගයේ නායකයා අතර හමුවක් “රනිල් වික්‍රමසිංහ තරම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවභාවිත කළ නායකයෙක් ලක් ඉතිහාසයේ නැහැ” -නීතිඥ සුනිල් වටගල- “මාලිමාවේ අපේක්ෂාව ලෝකයේ ඕනෑම රටක් සමග කරට කර යා හැකි රටක් නිර්මාණය කිරීමයි” -ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක-
X
ජාතික ජන බලවේගය

කෘෂිකර්ම

තිරසාර සංවර්ධනයක් සඳහා ඉඩම් ජලය සහ පශු සම්පත් ප්‍රශස්තව සහ පරිසර හිතකාමී ලෙස යොදා ගනිමින් ප්‍රමාණාත්මකවත්" ගුණාත්මකවත් සහ පාරිභෝගිකයන්ට දැරිය හැකි මිලකට දේශීය ආහාර අවශ්‍යතාවය සපුරාලීමටත් යැපුම් මට්ටමේ කෘෂිකර්මාන්තයේ යෙදී සිටින ගොවීන් එයින් මුදාගෙන අර්ධ වාණිජ සහ පූර්ණ වාණිජ කෘෂිකර්මාන්තයක් බවට පරිවර්තනය කිරීමටත් කටයුතු කරන පාලනයක්...

ගැටලුව ඉදිරිපත් කරන්න

ගැටලුව විමසන්න
K.R.N.KOTHALAWALA

මා හට ඔබ පක්ෂය සමග සම්බන්දවී ඉදිරි රටේ අනාගතය වෙනුවෙන් වැඩකිරීමට සහ පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනීමට අවස්ථාවක් සලසා දෙනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

Admin

ඔබගේ අදහස අප වෙත යොමු කිරීම පිළිබදව අපගේ ස්තූතිය පළමුව පළ කරමු. ඔබ සක්‍රිය ලෙස ජාතික ජනබලවේගය සමඟ කටයුතු කිරීමට කැමැත්තක් දක්වන්නේ නම් ඔබට ලඟම පිහිටි ජාතික ජනබලවේගය විසින් පිහිටුවා ඇති කොට්ඨාශ සභාවේ නියෝජිතයෙකු හමුවන්න. එම කොට්ඨාශ සභාවේ විධායක සභාව ඔබට අවශ්‍ය මග පෙන්විම සිදු කරනු ඇත. ඔබගේ අදහස් අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.

දිනේෂ් රාජපක්ෂ

මන් කැමති නිදහසේ තමන්ගේ මනස චින්තනය හසුරුවන්න පුලුවන් ජිවිතයකට, විශේෂයෙන්ම බුදුරජුන්ගේ ධර්මයට අනුව ජිවත්වෙන්න. එ නිසාමයි පසුගිය කාලෙ ඔබව තොරනොගත්තෙ,නමුත් මගේ තාත්තා ඔබගේ පක්ශය වෙනුවෙන් මුලු ජිවිතයම කැපකරපු අවුරුදු 79 කෙනෙක් එයා අපි හතරදෙනෙක් ගැන නොසිතා jvp එක වෙනුවෙන් කැපවුනා අම්මා තමයි අපිව දුක් විදලා ජිවත් කෙරුවේ. මට මතකයි එකාලේ 89 /90 කලේ ගෙදර 10 /20 ජන්ද කාලේට වැටිලා හිටියා මගේ අම්මා තාත්ත අත්නොහැර එ කරපු කැපකිරිමේ ප්‍රරතිපල අද මුලු රටටම ලැබෙන්නෙ එ ගැන ලොකු සතුටක් තියෙනවා. මන් පැවිදි ජිවිතයක් කාලයක් ගතකරපු කෙනෙක් මන් ජිවිතයට හරිම ආදරය කරපු ආස කරපු කෙනෙක් එත් මගේ ආවාසනාවකට එ ජිවිතය නැතිවුනා. නමුත් මන් තවම ගිහි ගෙදර ඉදන් ධර්මයට අනුව ජිවත්වෙනවා ඔබලා ගැන ලොකු විස්වාසයකින් නැවත ඔබව තොරගත්තෙ,මට දැනට ඉස්තිර රස්සාවක් නැ ,මේ කාලය පුරාවට ඔබේ ජයක්ග්‍රරාහානය වෙනුවෙන් කැපවෙනවා..මගේ තාත්තා බන්දු රාජපක්ෂ බලන්ගොඩ..මන් දැන් ඉන්නෙ ගම්පහ .ඔබට ජය.....

Admin

අප වෙත යොමු කර ඇති ඔබගේ අදහස් වලට ස්තූතියි. ඔබගේ කැපවීම ප්‍රශංශණිය වන අතරම අපව වඩාත් දිරි ගන්වන සුළුය. ඔබගේ කොට්ඨාශයට අයත් ජාතික ජනබලවේගයේ කොට්ඨාශ සභාව සමඟ සම්බන්ධ වී කටයුතු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

අරවින්ද වික්‍රමසිංහ

කුරුඳු කර්මාන්තය සහ එහි උන්නතිය පිළිබඳ ඔබ ගැනීමට බලාපොරොත්තුවන ක්‍රියාමාර්ග මොනවාද? ගාලු දිස්ත්‍රික් කුරුදු සංගමයේ ආරම්භක සාමාජිකයකු හා වගකීම් දැරූ සාමාජිකයකු වශයෙන් කුරුඳු කර්මාන්තයේ විවිධ පාර්ශවකරුවන්ගේ ගැටලු සහ සංවර්ධනය කලයුතු කරුනු පිළිබඳ අප ලද අත්දැකීම් ඔබ හා බෙදා ගැනීමට අවස්ථාවක් තිබේද? කුරුඳු සමිති සංකල්පය අනුර දිසානායක සහෝදරයා ඇතිව සිටි අවදියේ බිහිවූ ඉතා වටිනා සංකල්පයකි. නමුත් පසුකලෙක එය නිළධාරිවාදය සහ දේශපාලනයටත් අවස්ථාවාදීන්ටත් යටව ගියා අප දුටුවා. ලංකීය ආර්ථිකය ගොඩනැගීමට විශාල දායකත්වයක් සැපයිය හැකි මෙම කර්මාන්තය නැවත යථාවත් කර සංවිධානය කල හැකි යැයි අපගේ අදහසයි. ගොවීන්සිගෙන්ය යට 70 කට වැඩි ප්‍රමානයක්මෙ අක්යකර 5ට අඩු සුළු සහ මධ්‍ය ප්‍රමානයේ ගොවීන් සිටින මෙම කර්මාන්තය සමූපකාර ක්‍රමයට විශාල ඉදිරි ගමනක් යා හැකි ක්ෂේත්‍රයක් වශයෙන් අප දකින අතර ලංකාවේ ජරාජීරනවූ සමූපකාර ව්‍යාපාරය නිසි මගට ගැනීමටද මේ හරහා අදර්ශයක් සැපයිය හැකියැයි අපගේ විස්වාසයයි. ස්තූතියි!

Admin

ඔබගෙ පැනය අප වෙත යොමු කිරීම පිළිබදව පළමුව අපගේ ස්තූතිය. කුරුඳු කර්මාන්තය නගා සිටුවිමේ පොදු ජාතික වැඩපිළිවෙළක් අපගේ කෘෂිකාර්මික ප්‍රතිපත්තිය යටතේ මේ වන විටත් සකස් කර ඇත. එය මැතිවරණයක් ප්‍රකාශයට පත්වු පසු ජනගත කිරිමට මේ වන විට සැළසුම් කර තිබේ. එමෙන්ම NPP ආණ්ඩුවක් යටතේ රට ගොඩනගන පැහැදිළි වැඩපිලිවල ඇතුලත් දේශයේ අපේක්ෂාව නමින් ප්‍රතිපත්ති ප්‍රකාශයක් අප විසින් 2019 වසරේ දී ඉදරිපත් කර ඇත. එය ඔබට අපගේ වෙබ් අඩවියට පිවිස බාගත කළ හැකිය. ඒ තුළ අපගේ කෘෂිකාර්මික ප්‍රතිපත්තිවයට අදාල ප්‍රතිපත්ති රාමුවක් (Policy Framework) සඳහන් කර ඇත. ඔබට එය පරිශිලනය කළ හැකිය. එමෙන්ම කුරුඳු කර්මාන්තය නගා සිටුවිම පිළිබඳව අනුර සහෝදරයා විසින් එවකට ඇති කරන ලද සාධනිය පියවරයන් යළි ශක්තිමත් ලෙස ක්‍රියාත්මක කිරීමටත්, ඔබ යෝජනා කරන විද්‍යාත්මක සමූපකාර ක්‍රමවේදය හඳුන්වා දිමටත් අපගේ ආණ්ඩුවක් යටතේ කටයුතු කරනු ලබන බව කාරුණිකව දන්වා සිටිමු.

Vimukthi Ranjeewa

I am a young person who is eager to contribute to the country through agriculture. What are the opportunities and agricultural programs available to young farmers under a government of the National People's Power?

Admin

Thank you for your inquiry. In the NPP agriculture policy, there will be many proposals to modernize the sector whereby the maximum output is obtained from the limited land resources. The government's responsibility is to provide capital, technology, incentives, and inputs and create a conducive environment for market access. Under an NPP government, youths will have a bigger opportunity in Agriculture. Regards

Anandaraj Vivekumar

I’m workless graduate sir Please help us to get a job sir And I wish to joint your party also sir

Admin

Thank you . Please let us know where you live so that we can introduce you to our kottasa sabha (grassroot level organization) in your area. Regards