Leading in digital excellence
මම freelancer කෙනෙක්. freelancing කියන්නෙත් බොහෝ ඩොලර් උත්පාදනය කළ හැකි ක්ෂේත්‍රයකි. ශ්‍රී ලංකාවේද බොහෝ පිරිසක් මෙම ක්ෂේත්‍රය තුළ සිටියි. නමුත් අපට ඇති විශාලම ප්‍රශ්නය වන්නේ මෙම freelancing ඔස්සේ උපයන මුදල් ලංකාවට ගෙන්වා ගැනීමේදී අපට මුහුණ දීමට සිදුවන ගැටලුයි. ප්‍රධාන වශයෙන්ම මෙම freelancing ආයතන ක්‍රියාත්මක වන්නේ ඇමරිකාව හා බ්‍රිතාන්‍යය කේන්ද්‍ර කරගෙනයි. එහිදී මෙම freelancing ආයතන බොහෝමයක් මුදල් හුවමාරු කරනු ලබන්නේ paypal නම් ආයතනය හරහා වේ. මෙම සෑම freelancing ආයතනයකම ප්‍රධානම මුදල් සංසරණ සහකරු paypal වේ. නමුත් මෙම paypal සදහා ශ්‍රී ලංකාව තුළ සම්පූර්ණයෙන් අවසර දී නොමැති නිසා ශ්‍රී ලංකාවේ freelancing කරන බොහෝ අය එම ක්ෂ්‍රේත්‍රය තුළ සාර්ථකව කටයුතු කරත් මුදල් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට නොහැකි වීමෙන් මෙම ක්ෂේත්‍රයේ නියැලෙන බොහෝ අය දුෂ්කරතාවයට පත්වී ඇති බව මෙම ක්ෂේත්‍රයෙ නියැලෙන ඕනෑම පුද්ගලයකුගෙන් ඇසිවොත් පවසන සුලබ කාරණයක්. තවද බොහෝ පිරිසක් මෙම ක්ෂේත්‍රයට ඒමට උත්සාහ කළද මෙම මුදල් ලංකාවට ගෙන්වා ගැනීමේදී ඇති දුෂ්කරතාව ඔවුන්ට මග අවහිර කර ඇත. මෙපමණ කාලයක් මා වැනි බොහෝ freelancing ක්ෂේත්‍රයේ නියැලෙන අය මුදල් ගෙන්වා ගැනීමේදී භාවිතා කළ ක්‍රමවේදය නම් පිලිපීනයේ ලියාපදිංචි ගිණුමක් ඇරඹීමයි. මේ සඳහා භාවිතා කරන මෙම ක්‍රමය බොහෝ අවදානම් වන්නේ බොහෝ දෙනා සමාන පිලිපීන දත්ත යොදා( Google හි ඇති ව්‍යාජ පිලිපීන හැදුනුම්පත් අංක , පිලිපීන වාහන බලපත්‍ර අංක ) ගිණුම් ආරම්භ කිරීමෙන් කාලයක් ගතවන විට ගිණුම්වල සත්‍යතාව තහවුරු කිරීමට නොහැකිව ගිණුම් සදාකාලිකවම අවලංගු වී යාමයි. මේ නිසා මට හා මා මෙන් මෙම ක්ෂේත්‍රයේ නියැලෙන බොහෝ දෙනාට මුදල් අහිමී ඇත. එවිට එය ETF බැංකුවේ මුදල් තැන්පත් කර මුදල් අහිමී වූ ජනතාව හා සමාන වෙයි. මෙම තත්වය මත දැන් දැන් බොහෝ දෙනෙක් මෙම ක්ෂේත්‍රය අත හැර දමමින් පවතී. එය ශෝචනීය කරුණකි. ශ්‍රී ලංකාව තුළ සම්පූර්ණ අවසර සහිතව paypal හා සමානව ක්‍රියාත්මක වන ආයතනයක් පවතී. එය payooner නම් ආයතනයයි. නමුත් මෙහි ඇති ගැටලුව නම් payooner සදහා බොහෝ freelancing ආයතන සහය නොදැක්වීමයි. එවිට එක් එක් පුද්ගලයා වැඩ කරන freelancing ආයතන තුළ payooner සඳහා අවසර තිබීමට හැකි වුවත් බොහෝ අවස්ථාවල සිදු වන්නේ අවස්ථාව නොමැති වීමයි. මෙය මාද අත්දුටු දෙයකි. මේ නිසා මටද මෙම ක්ෂ්ත්‍රයෙ විවිධ අවස්ථාවන් අහිමී ඇත. මේ සියලු ගැටලු වලට විසදුම නම් ශ්‍රී ලංකාව තුළ paypal සඳහා සම්පූර්ණ අවසරය ලබා දීමයි. දැනට paypal හි ශ්‍රී ලංකාව තුළ අවසර දී ඇත්තේ ගෙවීම් සිදු කිරීමට පමණයි. එයින් සිදු වන්නේ මෙරට ඇති රුපියල් ද පිටරටට යෑම පමණි. මා ඇතුලු මෙම ක්ෂේත්‍රයෙ නියතු බොහෝ දෙනා ඉල්ලා සිටින්නේ paypal හරහා ගිණුමට මුදල් ලබා ගැනීමටද අවස්ථාව සලසා දෙන ලෙසයි. එනම් paypal සදහා ශ්‍රී ලංකාව තුළ සම්පූර්ණ අවසරය ලබා දෙන ලෙසයි. මෙම ඉල්ලීම මෙම ක්ෂේත්‍රයේ බොහෝ දෙනාට හිතකරව බලපාන බව නොඅනුමානයි. කරුණාකර මේ පිළිබඳව විධිමත්ව සොයා බලා අවශ්‍ය නිවැරදි ක්‍රියාමර්ග ගන්නා ලෙස ඉල්ලා සිටිමි. මෙය ඔබගෙන්ම ඉල්ලීමට සිතුනේ ඔබගේ ප්‍රතිපත්ති සහ ජනතාව කෙරෙහි ඔබ තුළ පවත්නා ලෙන්ගතුකම නිසයි. තවද ඔබ නියත ජනපති වන බව අනිවාර්යෙන් සහතිකයි. කරුණාකර එම නිසා අපගේ ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් ලබා දෙන්න. ස්තූතියි , තෙරුවන් සරණයි.
පළමුව ඔබ විසින් ජාතික ජනබලවේගය වෙත මෙවැනි ප්‍රශ්නයක් යොමු කිරීම පිළිබඳව අපගේ ස්තුතිය පුද කරමු. ඔබ විසින් ඉදිරිපත් කර ඇති දීර්ඝ කරුණු පැහැදිලි කිරීම පිළිබඳව අප අවබෝධයක සිටින බව කාරුණිකව දන්වමු. එමෙන්ම ගෙවීම් ක්‍රමවේදයන් පිළිබඳ පැහැදිලි තීරණයක් ජාතික ජනබලවේගය ආණ්ඩුවක් යටතේ ගැනීමට අදහස් කරමු. ඒ නිසා ඔබ විසින් මේ යොමු කරන ලද තොරතුරු අපගේ ජාතික විධායක සභාව වෙත ද යොමු කර ඇති බව කාරුණිකව දන්වමු. නැවතත් ඔබ අප සමඟ සම්බන්ධ වීම පිළිබඳව අපගේ ස්තුතිය පිරිනමමු.
2021 වර්ශයේදී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් අවසර දෙන ලද තමා දැනට භාවිතා කරන ජංගම දුරකථන අංකය වෙනස් නොකර සේවා සපයන්නා තමාට ඕනෑම සේවා සපයන්නෙකු තෝරා ගැනීමට ඇති පහසු කම(Mobile Number portability) දැනට ක්‍රියාත්මක නොවන අතර එය ඔබ රජයක් යටතේ එය ඉකඉක්මනින් ක්‍රියාත්මක වේයැයි බලාපොරොත්තු වෙමි.
ඔබ විසින් යොමු කරන ලද පැනයට අපගේ ස්තූතිය පළමුව පිරිනමමු. ඔබ විසින් පෙන්වා දී ඇති කරුණු පිළිබදව ජාතික ජනබලවේගය මේ වන විටත් අවධානය යොමු කර තිබේ. ඒමෙන්ම ඔබේ අදහස මේ වන විටත් ජාතික ජනබලවේගයේ විධායක කමිටුව වෙත යොමු කර ඇත. අපගේ පාලනයක් යටතේ මෙම ගැටළුව විසදීම සඳහා මැදිහත් වන බව ද කාරුණිකව දන්වා සිටිමු. ඔබ විසින් අප වෙත යොමු කරන ලද පැනය පිළිබඳව නැවතත් අපගේ ස්තූතිය පිරිණනමු.
කොරියන් විභාග ශාලාවක් දැන් අවුරුදු 8 තිස්සේ ඉදිකරමින් පවතී එය ඔබගේ ආණ්ඩුවකින් ඉදිකර අවසන් කිරීමට කටයුතු කරනවද?
ඔබගේ ගැටළුව අප වෙත යොමු කිරීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ඔබ විසින් පෙන්වා දි ඇති කොරියන් විභාග ශාලාව පිළිබඳව වන ගැටළුව කෙරෙහි අපගේ විශේෂ අවධානයක් යොමුව ඇත. අපගේ ආණ්ඩුවක් යටතේ ඉතා කඩිනමින් මෙම ගැටළුව විසදීමට අපේක්ෂා කරන බව ඔබ වෙත කාරුණිකව දන්වා සිටිමු. එමෙන්ම ඔබ විසින් පෙන්වා දි ඇති මෙම ගැටළු දෙක ජාතික ජනබලවේගයේ විධායක කමිටුව වෙත යොමු කළ බව ද කාරුණිකව දන්වා සිටිමු. ඔබගේ ගැටළු අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.
Hello Guys Good day to you Now NSB bank Also asking a Mobile number and OTP is not received in UAE number. Why cant they use email and mobile and authenticator app etc......??? විදෙස් ශ්‍රමිකයන්ගේ ප්‍රශ්ණ..?? ගල් යුගයෙන් AI යුගයට ලංකාව එන්න මෛත්‍රී බුදුරජාණන් වහන්සේ එනකම්ම ඉන්න වේවිද?? Why SL banks cannot implement BLOCKCHAIN. @Chathuranga Abeysinghe NPP EXPERTS @Ishara NPP @CAG @Niro @Waditha @Rohan අනුරට කියන්න ප්ලීස් .. මම Ask Anura එකේ මේ පිළිබදව යැව්වා. ස්තූතියි සුභ දවසක් හැමෝටම.- Udaya northern Emir
ඔබගේ ගැටළුව සහ අදහස අප වෙත යොමු කිරීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ඔබ විසින් පෙන්වා දි ඇති ගෙවිම් ද්වාර ප්‍රශ්නය සහ විදේශ ශ්‍රමිකයින් මුහුණ දෙන විවිධ ගැටළූ පිළිබඳව අපගේ විශේෂ අවධානයක් යොමුව තිබේ. අපගේ ආණ්ඩුවක් යටතේ ඉතා කඩිනමින් මෙම ගැටළු විසදීමට අපේක්ෂා කරන බව ඔබ වෙත කාරුණිකව දන්වා සිටිමු. එමෙන්ම ඔබ විසින් පෙන්වා දි ඇති මෙම ගැටළු දෙක ජාතික ජනබලවේගයේ විධායක කමිටුව වෙත යොමු කළ බව ද කාරුණිකව දන්වා සිටිමු. ඔබගේ ගැටළු අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.
අන්තාර්ජාලය හරහා සිදු කරන ව්‍යපරික කටයුතු සදහා ලබාදෙන දනාත්මක බලපෑම්ම කෙසේද?
ඔබගේ ගැටළුව අප වෙත යොමු කිරිම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ඔබ විසින් පෙන්වා දි ඇති අන්තර් ජාල වෙළඳාම පිළිබඳව අපගේ විශේෂ අවධානයක් යොමු කර තිබේ. එමෙන්ම පොහොසත් රටක්...ලස්සන ජිවිතයක්.... නමින් අපගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ද පසුගිය 26 වැනි දා රටට එළි දක්වන ලදි. එහිද ඔබ පෙන්වා දි ඇති ක්ෂේත්‍රය ආශ්‍රීත කරුණු දක්වා තිබේ. අපගේ වෙබි අඩවියට පිවිස ඔබට මෙම ප්‍රතිපත්ති පරිශිලනය කළ හැකිය. ඒ සඳහා පහත සබැඳිය භාවිතා කරන්න. https://www.npp.lk/si/policies ඔබගේ යෝජනා අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.