Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X
ජාතික ජන බලවේගය

ආර්ථීක

Econ

ගැටලුව ඉදිරිපත් කරන්න

ගැටලුව විමසන්න
Amantha Kavishka

මගේ ගැටළුව මම ලංකාව තුල ප්‍රසිද්ද සහා මහ බැංකුවේ ලියාපදිංචි බැන්කු නොවන මුල්‍ය ආයතනයක දැනට සේවය කරනවා.මගේ තනතුර(microfinance) කියන ජොබ් රෝල් එක තමයි අරන්නේ මා ගොඩාක් ගණු දෙනු වෙන්නේ කාන්තාවන් සමග (microfinance) නිසා කන්තාවන් දුක් විදිනවා ඔහුන් ගන්නන් වාලේ ලෝන් අරන් දැනටමත් අමාරුවේ වැටි තිබෙනවා මේ නිසා ඔහුන්ට පව්ල් ජීවිතය දරුවන් පවා අහිමි වීමේ සම්භාවිතාව ඉතා විශාලයි..පෙලක් කාන්තාවන් මේ (microfinance) නිසා ඔහුන්ගේ වටිනා දේ පවා විකුණා මෙම ලෝන් ගෙවනවා.ඒ විතරක් නෙවේ මේ (microfinance)කරන මාර්කටින් ඔෆිසර් පවා මෙම ජොබ් එක නිවැරදිව කිරිමට අපොසත් වී තිබෙනවා එම නිසා ඔහුන්ට මෙම රැකියාව සතුටින් කිරිමට අපොසත් වි තිබෙනවා මාගේ ප්‍රශ්ණය(microfinance) ජොබ් රෝල් එක නිසා මේ පිඩාවට පත්වි තිබෙන අයට සහන ලැබෙනවද?(microfinance) කියන එක ලංකාවෙන් අයින් කරනවද මන් ජොබ් එක කරත් මාත් එකට කැමති අයින් වෙනවනම් npp රජයක් තුල මේවට විසදුම් තියනවද?

Admin

ඔබ විසින් යොමු කරන ලද පැනයට අපගේ ස්තූතිය පළමුව පිරිනමමු. අපේ රටේ කම්කරුවන් සහ විවිධ ආයතන වල සේවය කරන සේවකයින් මුහුණ දෙන ගැටළු පිළිබදව ජාතික ජනබලවේගයට ඉතා හොඳ අවබෝධයක් තිබේ. ඒමෙන්ම ඔබ පෙන්වා දෙන ණය ලබා දෙන ශුද්‍ර මූල්‍ය ආයතන වල ක්‍රියාකාරිත්වය පිළිබදව ද අප සතුව අවබෝධයක් ඇත. ග්‍රාමීය ජනතා‌ව මුහුණ දෙන ණය ගැටළු මෙන්ම මෙම ආයතන වල සේවය කරන සේවකයින්ගේ ගැටළුව පිළිබදව ද අපට හොද අවබෝධයක් තිබේ. එබැවින් ජාතික ජනබලවේගය ආණ්ඩුවක් යටතේ මෙම ගැටළු කඩිනමින් විසදීමට අප මැදිහත් වෙන බව කාරුණිකව දන්වා සිටිමු. ඒමෙන්ම ඔබ විසින් පෙන්වා දි ඇති ගැටළුව අප අපගේ ජාතික විධායක කමිටුව වෙත ද යොමු කරන ලද බව දන්වා සිටිමු. ඔබ අප සමඟ සම්බන්ධ විම පිළිබඳව නැවතත් අපගේ ස්තූතිය පිරිණනමු.

සරත් හෙට්ටිආරච්චි

කුඩා පරිමාණ ගෘහස්ථ කර්මාන්ත 1.දැනට සාර්ථක මට්ටමේ පවතින කර්මාන්ත 2.හදුනාගෙන ලියාපදිංචි කිරීම 3.වර්ගීකරණය 4.පවතින තත්වය විෂ්ලේසනය 5.ගැටලු* *කාර්මික දැනුම *තාක්ෂණය * අමුද්‍රව්‍ය * ලියාපදිංචිය * ගබඩාකරණය * අදාල ක්ෂෙත්‍රයේ රජ්‍ය / පෞද්ගලික ආයතන හා සම්බන්දතා. * මූල්‍ය පහසුකම් * වෙළදපොල / අලෙවිය වැනි සියලු කරුණු ඔස්සේ අද්‍යයනය කර සංගණනය කිරීම සහ එම මොඩලයේ ගෘහස්ථ කර්මාන්ත ප්‍රවර්ධනය සහ හදුන්වා දීම දැනට සිටින ආර්ථික සංවර්ධන නිළධාරීන් වෙත පවරා සමෘද්ධි /අස්වැසුම ආදී ප්‍රතිලාභී පවුල් සදහා ජීවනෝපාය මාර්ග හදුන්වදී ඔවුන් සමාජබලගැන්වීම( මේ සදහා ඉන්දීය ගෘහස්ථ කර්මාන්ත ක්ෂේත්‍රය අධ්‍යයනය කිරීම තුලින් වඩාත් පුලුල් අවබෝධයක් ලබාගත හැකිය. මා දැනට විරංජනකාරක නිෂ්පාදනය කරමි . * තාක්ෂණ දැනුම ලබාගැනීම * අදාල ආයතන සම්බන්දීකරණය * අත්‍යාවශ්‍ය අමුද්‍රව්‍ය (රසායනික) වෙළදපොලේ නොමැතිවීම * ප්‍රාග්ධනය වැනි මූලික ගැටලු හෙතූවෙන් මන්දගාමීව පවතී

Admin

ඔබ විසින් අදහසක් යොමු කරමින් අප සමඟ සම්බන්ධ වීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව පිරිනමමු. ශ්‍රී ලංකාවේ ශුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත පිළිබඳව ඔබ විසින් පෙන්වා දී ඇති කරුණු පිළිබඳව අපගේ විශේෂ අවධානය යොමු කරන බව කාරුණිකව දන්වා සිටිමු. ඒසේම ඔබ විසින් පෙන්වා දී ඇති මෙම කරුණු ජාතික ජනබලවේගයේ විධායක කමිටුව වෙත යොමු කරන බව ද දන්වා සිටිමු. ඔබ අප සමඟ සම්බන්ධ විම පිළිබඳව නැවතත් අපගේ ස්තූතිය පිරිණනමු.

Sandarenu

රැකියා විරහිත උපාධිධාරීන් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ ආර්ථිකයට දායක කර ගන්නේ කෙසේද

Admin

ඔබ විසින් යොමු කරන ලද පැනයට අපගේ ස්තූතිය පළමුව පිරිනමමු. අපේ රටේ රැකියා විරහිත උපාධිධාරින් මුහුණ දෙන ගැටළු පිළිබදව ජාතික ජනබලවේගයට ඉතා හොඳ අවබෝධයක් තිබේ. පොහොසත් රටක්...ලස්සන ජිවිතයක්... අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශණයේ පිට අංක 69 සිට කාර්යක්ෂම ශ්‍රම සම්පතක්...ගෞරවනිය වාත්තීය ජිවිතයක් ...යන තේමාව යටතේ අපගේ කම්කරු ප්‍රතිපත්තිය ඉදිරිපත් කර ඇති අතර ඒහි අවසන් කොටසේ රැකියා විරහිත උපාධිධාරින් සම්බන්ධයෙන් කඩිනමින් ගන්නා පියවර දක්වා ඇත. එහි ඔබ මතු කරන ගැටළු වලට අපගේ විසදුම් යෝජනා කර ඇත. මේ පිළිබදව ඔබගේ අවධානය යොමු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය බාගත කිරීම සදහා පහත සබැදිය භාවිතා කරන්න.

https://www.npp.lk/si/policies/npppolicystatement

https://www.npp.lk/ta/policies/npppolicystatement

https://www.npp.lk/en/policies/npppolicystatement

ඔබ අප සමඟ සම්බන්ධ විම පිළිබඳව නැවතත් අපගේ ස්තූතිය පිරිණනමු.

P B Palansooriya

වාහන ගෙන්වීම ගැන සහ තියෙන පරණ වාහන වල මිල ගණන් ගැන ඔබලාගේ අදහස දැනගන්න පුලුවන්ද. තරුණයන් විදියට හැමෝම කැමති තමන්ගේම කියල වහනයක් පදින්න. ඔබලාගේ ආණ්ඩුවක් යටතේ ඒ වෙනුවෙන් දෙයක් කිරීමට බලාපොරොත්තු වෙනවද?

Admin

ඔබ විසින් යොමු කරන ලද පැනයට අපගේ ස්තූතිය පළමුව පිරිනමමු. මෝටර් රථ ආනයනය සහ ඊට අනුශංගික කරුණු පිළිබදව ජාතික ජනබලවේගය සිය අවධානය යොමු කර තිබේ. සෑම පුරවැසියෙකුටම සිය ප්‍රවාහන පහසුකම් සාධාරණ මිල ක්‍රමයක් යටතේ සපුරා ගැනීමට ඇති අයිතිය අපි පිළිගනිමු. ඒ් අනුව ඔබ පෙන්වා දි ඇති වාහන ආනයනය සහ ඒහි මිල ගණන් පිළිබදව අපි අපගේ අවධානය යොමු කර තිබේ. නුදුරේදීම බිහිකරන ජාතික ජනබලවේගය ආණ්ඩුවක් යටතේ ඔබ විසින් පෙන්වා දි ඇති මෙම කරුණු පිළිබදව අපි අපගේ මැදිහත් වීම සිදු කරන බව කාරුණිකව දන්වා සිටිමු. ඔබ විසින් අප වෙත යොමු කරන ලද පැනය පිළිබඳව නැවතත් අපගේ ස්තූතිය පිරිණනමු.

P k සුගත් ප්‍රියාන් සදකැලුම්

අපේ දරුවන්ගෙ අනාගතේ ගැන හිතල මං npp රට හදන වැඩ පිලිවෙලට ඉතාමත් කැමැත්තෙන් දායක වීමට ඉස්තීර තීරණයක ඉන්නව. නමුත් මට සහය වෙන්න පුලුවන් කොහොමද? අද 2024/06/19 වෙනිද. Youtube එකේ වීඩියෝ එකක් දැක්ක අද අනුර කුමාර මහත්තයගේ. එතුමාගෙ අදහස් ඇත්තටම සුපිරි ඒකෙන් මං තෝර ගත්ත කෘෂිකාර්මයට අදාල වැඩ පිලිවෙල. එතුමා කියනව උත්සහවන්ත තරුනයන්ට වගාකටයුතු කරන්න පහසුකම් සපයනව කියල. මං අවුරුදු 35 දරුවො දෙන්නෙක් ඉන්න තාත්ත කෙනෙක්. මං ජීවත් වෙන්නෙ පර්චස් 12ක ඉඩමක. දවසෙ පඩියට නැහිල ගන්න සල්ලි කියකින් හරි තමයි දරුවො දෙන්නට උගන්නගෙන කන්න පුලුවන් විදියට කාල ජීවත් වෙන්නෙ. හිතේ තියෙන ආසාවල් බලාපොරොත්තු ඉලක්ක හිතේම මැරෙනව. දුකයි ඇත්තටම අසාධාරණකම් හැමතැනම. ඉතින් අනුර මහත්තය කියුව ලංකාවෙ රජයට අයිති ඉඩම් වගාවට උනන්දු තරුන උත්සහවන්ත මිනිස්සුන්ට කොන්දේසි සහිතව ලබාදෙන වැඩපිළිවෙළක් තියෙනව කියල. මට කඩිසර ශරීරයක් එක්කම, වගා කරන්න උනන්දුවක් තියෙනව. මගේ පදිංචිය ගාල්ල වදුරඹ කොකාවල ග්‍රාමසේවා වසමෙ. මෙහේ මහ විශාල වතුයායවල් තියෙනව හැබැයි 3/1 තුනෙක් එකකවත් ආධායමක් ගන්නෙ නෑ. අපි දකින දේවල් තමයි මේ මේ ඉඩම් වල පස හරිම සරු සාරයි. ගමේ තරුන මිනිස්සු ඉන්නව ගොඩක් උත්සහවන්ත. ඉල්ලීම මේකයි අපි කැමතියි හිස් ඉඩම් සම්පූර්ණයෙන් වගා කරන්න. අපේ ශ්‍රමයෙන් රටේ සංවර්ධනයට දායක වෙන්න අපි ලෑස්තියි. අපනයනය කරන්න පුලුවන් පලතුරු වර්ගයකට මෙහේ දේශගුනය හා පස ගැලපෙනව කියල විශ්වාස කරනව. එක් අයෙක් අක්කර 2ක් වෙනුවෙන් මහන්සි වෙනවානම් අනිවාර්යයෙන් සෑහෙන ආධායමක් උපයන්න පුලුවන් වෙනව. හීන හැබෑවෙන බලාපොරොත්තු ඉටුවෙන ලංකාව ගැන ආඩම්බර වෙන හෙට දවසක් ප්‍රාර්ථනා කරනව. ස්තුතියි.. rply එකක් එවි කියල බලාපොරොත්තු වෙනව.

Admin

ඔබගේ ගැටළුව සහ අදහස අප වෙත යොමු කිරීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ජාතික ජනබලවේගය විසින් එළි දක්වන ලද පොහොසත් රටක්...ලස්සන ජිවිතයක් ...ප්‍රතිපත්ති ප්‍රකාශණයේ 110 වැනි පිටුවේ ඉහළ ඵලදායිතාවයක්...ආහාර සුරක්ෂිත රටක්... මැයෙන් කෘෂිකර්මාන්තයට අදාල අපගේ වැඩපිළිවෙළ ඉදිරිපත් කර තිබේ. එහි ඉඩම් පරිහරණය කාර්යක්ෂම සහ ඵලදායි කිරිම පිළිබඳව වන අපගේ ප්‍රතිපත්තිය දක්වා ඇත. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු අපගේ වෙබ් අඩවිය වන www.npp.lk වෙබ් අඩවියට පිවිස ඔබට බාගත කළ හැකිය. ඒ සඳහා පහත සබැඳියන් භාවිතා කරන්න. 
https://www.npp.lk/si/policies/npppolicystatement
https://www.npp.lk/ta/policies/npppolicystatement
https://www.npp.lk/en/policies/npppolicystatement ඔබගේ ගැටළු අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.