NPP strongly believes in the importance of stakeholder consultations and in-depth public discussions on national policies and strategies to gather opinions and feedback, ensuring their proper integration into a national mandate.
හැම ටවුන් එකකටම විදිමත් නාගරික සැලසුමක අවශ්‍යයි.විශේෂයෙන්ම ක්‍රමවත් කානු පද්ධතියක් අවශ්‍යයි.මන්ද යත් බහුතරයක් නගර එක වැස්සටත් ජලයෙන් යට වෙනව.ඒවගේම තමයි ප්‍රමාණවත් වාහන නැවත්වීමේ පසුකම්ද නැත.(මම පානදුර)
ඔබ විසින් යෝජනාවක් යොමු කරමින් අප සමඟ සම්බන්ධ වීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව පිරිනමමු. ජාතික ජනබලවේගය ආණ්ඩුවක් යටතේ විෂිමත් සංවර්ධනයට ප්‍රමුඛතාවය ලබා දෙන බව අප මේ වන විටත් ප්‍රකාශ කර තිබේ. ඒ් පිළිබඳව පොහොසත් රටක්...ලස්සන ජිවිතයක් නමින් ඒළි දක්වන ලද අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශණය තුළ ද අන්තර් ගතතිබේ. විශේෂයෙන් නාගරික සංවැ්ධනය පිළිබදව අප විශේෂ අවධානයක් යොමු කරන බව ද කාරුණිකව දන්වා සිටිමු.
අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පහත සබැදි වලින් බාගතකළ හැක.
https://www.npp.lk/si/policies/npppolicystatement
https://www.npp.lk/ta/policies/npppolicystatement
https://www.npp.lk/en/policies/npppolicystatement
කෙසේ වෙතත් ඔබ විසින් පෙන්වා දි ඇති මේ කරුණු ජාතික ජනබලවේගයේ ජාතික විධායක කමිටුව වෙත යොමු කරන ලද බව කාරුණිකව දන්වා සිටිමු. එමෙන්ම ඔබගේ මේ අදහස් අප තවදුරටත් දිරිගන්වන සුළු බව ද කාරුණිකව දන්වා සිටිමු. ඔබ අප සමඟ සම්බන්ධ විම පිළිබඳව නැවතත් අපගේ ස්තූතිය පිරිණනමු.
මම මාතර නිල්වලා පහල නිම්නයේ විශාලතම ගොවි බිම් ප්‍රදේශයක් නියෝජනය කරන ගොවි සංවිධානය වන උඩුව බටහිර ගොවි සංවිධානයේ සබාපති වනඅතර අපහට ඇති ප්‍රධාන ගැටළුව වන්නේ දැනට නිල්වලා ලවණ බාධකය පිළීබඳ ගොවිජනතාව මුහුණ දී ඇති ගැටළුවට ජා.ජ.බලවේග රජයක් යටතේ ගන්නා ක්‍රියාමාර්ගයක් කිසිම අවස්ථාවක ප්‍රකාශ නොකර මුණිවත රකින්නේ කුමණ පදනමකින්ද යන්නත්, එමෙන්ම පසුගිය පාර්ලිමේන්තු සැසිවලදී කිසිම අවස්ථාවක ජාතික ජන බල වේග නියොජිතයෙකු මේ ගැන මුනිවත රැකීම සිදුකලේ ඇයිද යන්නය රටේ ජාතික ප්‍රශ්න තිබෙන බව සැබෑ නමුත් මාතර ජනයාට මෙම ගැටළුවද ජාතික ප්‍රශ්ණයත් තරමටම ගැටළුවකි. මේ පිළීබඳ කඩිනම් පිළිතුරක් අපේක්ෂා කරමු එමෙන්ම මාතර දිස්ත්‍රික්කයේ කුඹුරු සංවර්ධනය පිළිබඳ සංවර්ධ සැලස්ම් සකස්කරනවිට අප ගොවි සංවිධාන නියෝජනයක්ද ලබා ගන්නා ලෙස ඉල්ලා සිටිමු.
ඔබගේ ගැටළුව සහ අදහස අප වෙත යොමු කිරීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්තිය වන්නේ රටේ ගොවි ජනතාවට ප්‍රමුඛතාවය ලබා දී ඔවුන් මුහුණ දෙන ගැටළු පිළිබදව අවධානය යොමු කර ඒවා කඩිනමින් විසඳිමයි. ඒ අනුව ඔබ විසින් පෙන්වා දී ඇති නිල්වලා ලවණ බාධකය පිළිබඳ ගොවිජනතාව මුහුණ දී ඇති ගැටළුව පිළිබඳව ද අපගේ විශේෂ අවධානයක් යොමු කරමු. එමෙන්ම ඔබ විසින් ඉල්ලා ඇති පරිදි මාතර දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික සංවර්ධනයට අදාල සැළසුම් සකස් කරන විට උඩුව බටහිර ගොවි සංවිධානයේ සහභාගීත්වය ද ලබා ගැනිමට අදහස් කරන බව කාරුණිකව දන්වා සිටිමු. එමෙන්ම මෙම ගැටළුව සහ යෝජනාව අප දැනටමත් මාතර දිස්ත්‍රික් ජාතික ජනබලවේගයේ විධායක කමිටුව වෙත යොමු කර තිබෙන බව ද දන්වා සිටිමු. ඔබගේ ගැටළු අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.