The science and technology policy serves as a guideline for enriching scientific and technological knowledge, allocating resources, and establishing regulatory framework for research and development. It reflects the government's motivation and commitment to using science and technology to drive industrial development and economic growth, while also achieving the overall human development within society.
මා විසින් සකස්කල කෙසෙල් ගසෙන් රෙදි ඇතුළු බොහෝ සුඛෝපභෝගී භාණ්ඩ නිෂ්පාදනය කිරීමෙන් රටට විදේශ විනිමය ගෙනෙන ව්‍යපෘතිය අපේ ජනයාගේ යහපත වෙනුවෙන් NPP රජයක් යටතේ ක්‍රියාත්මක කිරීමට හැකි බව ජනතාව වෙතට පණිවිඩයක් දීමට අවස්ථාව ලබා දෙන්න.ක්‍රියාකාරී නියෝජිත සහෝදරයෙක් සම්බන්ධ කරන්න. මම පොලොන්නරුව පදිංචි යුහ සාමාජිකයෙකි.
ඔබ විසින් යොමු කරන ලද අදහසට අපගේ ස්තූතිය පළමුව පිරිනමමු. ජාතික ජනබලවේගය විසින් මේ වන විට රට පුරා කොට්ඨාශ මට්ටමින් ජාතික ජනබලවේගයේ කොට්ඨාශ සභා පිහිටුවා තිබේ. ඔබ නියෝජනය කරන ඡන්ද කොට්ටාශයේ ජාතික ජනබලවේගයේ කොට්ඨාශ සභාවේ නියෝජිතයෙකු හමු වි ඔබගේ අවශ්‍යතාවය පෙන්වා දෙන්න. ඔවුන් ඔබට නිසි මග පෙන්වීම සිදු කරනු ඇත. නැවතත් ඔබ විසින් අප වෙත යොමු කරන ලස පැනය පිළිබඳව අපගේ ස්තුතිය පිරිණනමු
Freelancer කෙනෙක් සහ webstore එකක් කරන්න බලාපොරොත්තු වන කෙනෙක් විදිහට paypal වගේ Payment Getway එකක් නැති එක ලොකු දුෂ්කරතාවයක් වෙනවා ,මාලිමා ආණ්ඩුවක් තුලින් හැකි ඉක්මනින් මේ ප්‍රශ්ණය විසදලා දෙනවනම් ගොඩක් වටිනවා සහ තවත් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ අන්තර්ජාල සම්බන්ධතාවල ඇති විශාල ගැටලු එනම් අධික මිල ගනන් අයන්කිරීම සහ කිසි ලෙසකවත් සෑහිමකට පත් නොවියහැකි අකාර්යක්ෂම අන්තර්ජාල සැපයුමක් පැවතීම,මාලිමා ආණ්ඩුවක් යටතේ මෙන ප්‍රශ්ණ දෙකට කඩිනම් විසදුමක් ලබා දීමට හැකි වේ යැයි මේ ශේෂ්ත්‍රය ආශ්‍රීතව වැඩ කටයුතු කරන කෙනෙක් ලෙස මා ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා....මාලිමාවට ජය. ...
ඔබගේ ගැටළුව සහ අදහස අප වෙත යොමු කිරීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ඔබ විසින් පෙන්වා දි ඇති ගෙවිම් ද්වාර ප්‍රශ්නය සහ අන්තර්ජාල වේගය සහ අධික මිල පිළිබදව වන ගැටළු වෙත අපගේ විශේෂ අවධානයක් යොමුව තිබේ. අපගේ ආණ්ඩුවක් යටතේ ඉතා කඩිනමින් මෙම ගැටළු විසදීමට අපේක්ෂා කරන බව ඔබ වෙත කාරුණිකව දන්වා සිටිමු. එමෙන්ම ඔබ විසින් පෙන්වා දි ඇති මෙම ගැටළු දෙක ජාතික ජනබලවේගයේ විධායක කමිටුව වෙත යොමු කළ බව ද කාරුණිකව දන්වා සිටිමු. ඔබගේ ගැටළු අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.
වර්තමානයෙ බලශක්ති අර්බුදයට පිළියමක් ලෙස සූර්ය පැනලයක් මිලදී ගැනීමට නැති තරම්(සාධාරණ මිලකට හා ප්‍රමිතියකින් යුතු). මේ සදහා ඔබ රජයක් යටතේ ජනතාව වෙනූවෙන් ගනු ලඛන ක්‍රියා මාර්ග හා පිලියම් මෙන්ම, සහන මොනවාද? මෙලෙස බලශක්තිය ප්‍රවර්ධනය ලෙහෙසියෙන් වර්ධනය කල හැකි සුර්ය පැනල හා ඒ ආශ්‍රිත භාණ්ඩ සදහා සහන සැලසීම හා සුලබ කිරීම ගැන සදහන් නොකරන්නේ එමගින් ජාතික ආර්ථිකය ශක්තිමත් නොවනවා යැයි සිතන නිසාද? පැහැදිලිව නිවැරදි පිලිතුරක් බලාපොරොත්තු වෙමි.. 🙂👍❤️
ඔබගේ ගැටළුව සහ අදහස අප වෙත යොමු කිරීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ජාතික ජනබලවේගය විසින් එළි දක්වන ලද පොහොසත් රටක්...ලස්සන ජිවිතයක් ...ප්‍රතිපත්ති ප්‍රකාශණයේ 162 වැනි පිටුවේ සුරක්ෂිත බලශක්ති කේන්ද්‍රයක්...තිරසර විනිමය ප්‍රභවයක්... මැයෙන් බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳව අපගේ වැඩපිළිවෙළ ඉදිරිපත් කර තිබේ. එම ප්‍රකාශණයේම 165 වැනි පිටුව තුළ පුණර්ජනණිය බලශක්ති ක්ෂේත්‍රය තුළ අපේක්ෂිත අපගේ වැඩපිළිවෙළ දක්වා ඇත. සුර්ය බලය මගින් මෙගාවොට් 2000 ක විදුලි බලයක් ක්‍රමිකව ජාතික විදුලි බල පද්ධතියට එක් කිරිමට අප අදහස් කර තිබෙන අතර එහිදි ගෘහස්ථ සූර්ය බල උපාදනය සඳහා ඉහළ බර තැබීමක් සිදු කරනු ඇත. සාමාන්‍ය ජනතාවට මෙම උපකරණ ලබාගැනීම සඳහා සහනදායී වැඩපිළිවෙළක් අපගේ ආණුඩුවක් යටතේ සකස්කරනු ඇත. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු අපගේ වෙබ් අඩවිය වන www.npp.lk වෙබ් අඩවියට පිවිස ඔබට බාගත කළ හැකිය. ඒ සඳහා පහත සබැඳියන් භාවිතා කරන්න.
https://www.npp.lk/si/policies
https://www.npp.lk/ta/policies
https://www.npp.lk/en/policies
ඔබගේ ගැටළු අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.
අධ්‍යාපන ක්ෂේත්‍රය තුල සිදු කිරීමට නියමිත අ.පො.ස සාමාන්‍ය පෙළ GPA මට්ටමක් මත පදනම්ව පැවැත්වීම තොරතුරු සන්නවේදන තාක්ෂණ විෂය ඉවත් කිරීම සෞන්දර්ව විෂය විෂය ඉවත් කිරීම යන ඉහත සංශෝධන පිළබඳ ඔබ පක්ෂයේ වැඩපිළිවල කෙසේ ද ?
ඔබගේ ගැටළුව අප වෙත යොමු කිරීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ජාතික ජනබලවේගය විසින් එළි දක්වන ලද පොහොසත් රටක්...ලස්සන ජිවිතයක් ...ප්‍රතිපත්ති ප්‍රකාශණයේ 184 වැනි පිටුවේ සිට ඉදිරියට පරිසමාප්ත ජීවිතයක්.....සුවපහසු රටක්... මැයෙන් අපගේ අධ්‍යාපන ප්‍රතිපත්තිය ඉදිරිපත් කර තිබේ. එහි රටේ අධ්‍යාපනය සහ එම පද්ධතිය කාර්යක්ෂම සහ ඵලදායි කිරිම පිළිබඳව වන අපගේ ප්‍රතිපත්ති සහ යෝජනා පැහැදිළිව දක්වා ඇත. සැමට අධ්‍යාපන අයිතිය සහතික කෙරෙන වැඩපිළිවෙළ මෙම ප්‍රතිපත්තිය තුළ දක්වා ඇත. එමෙන්ම ජාතික ජනබලවේගය සිය පාලන තන්ත්‍රයක් යටතේ අධ්‍යාපනයට ප්‍රමුඛතාවය දී කටයුතු කරනු ඇත. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු අපගේ වෙබ් අඩවිය වන www.npp.lk වෙබ් අඩවියට පිවිස ඔබට බාගත කළ හැකිය. ඒ සඳහා පහත සබැඳියන් භාවිතා කරන්න.
https://www.npp.lk/si/policies
https://www.npp.lk/ta/policies
https://www.npp.lk/en/policies ඔබගේ අදහස් අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.
අපගේ නිවෙස් වලට සූර්යාලෝකයෙන් විදුලිය ලබාගැනීමට අවශ්‍ය උපාංග මිලදී ගැනීමේදී ඉතා අධික මුදලක් වැය කිරීමට සිදුවේ. මේ සදහා සාමාන්‍ය ජනතාවට ඒවා ලබාගැනීම සඳහා සහනදායී වැඩපිළිවෙළක් තිබේද? ඒ මොනවාද
ඔබගේ ගැටළුව සහ අදහස අප වෙත යොමු කිරීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ජාතික ජනබලවේගය විසින් එළි දක්වන ලද පොහොසත් රටක්...ලස්සන ජිවිතයක් ...ප්‍රතිපත්ති ප්‍රකාශණයේ 162 වැනි පිටුවේ සුරක්ෂිත බලශක්ති කේන්ද්‍රයක්...තිරසර විනිමය ප්‍රභවයක්... මැයෙන් බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳව අපගේ වැඩපිළිවෙළ ඉදිරිපත් කර තිබේ. එම ප්‍රකාශණයේම 165 වැනි පිටුව තුළ පුණර්ජනණිය බලශක්ති ක්ෂේත්‍රය තුළ අපේක්ෂිත අපගේ වැඩපිළිවෙළ දක්වා ඇත. සුර්ය බලය මගින් මෙගාවොට් 2000 ක විදුලි බලයක් ක්‍රමිකව ජාතික විදුලි බල පද්ධතියට එක් කිරිමට අප අදහස් කර තිබෙන අතර එහිදි ගෘහස්ථ සූර්ය බල උපාදනය සඳහා ඉහළ බර තැබීමක් සිදු කරනු ඇත. සාමාන්‍ය ජනතාවට මෙම උපකරණ ලබාගැනීම සඳහා සහනදායී වැඩපිළිවෙළක් අපගේ ආණුඩුවක් යටතේ සකස්කරනු ඇත. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු අපගේ වෙබ් අඩවිය වන www.npp.lk වෙබ් අඩවියට පිවිස ඔබට බාගත කළ හැකිය. අපගේ වැඩපිළිවෙළ භාගත කිරීම සඳහා පහත සබැඳියන් භාවිතා කරන්න.
https://www.npp.lk/si/policies/npppolicystatement
https://www.npp.lk/ta/policies/npppolicystatement
https://www.npp.lk/en/policies/npppolicystatement.ඔබගේ ගැටළු අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.