Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X
ජාතික ජන බලවේගය

සංචාරක

සහභාගිත්ව සංචාරක ආර්ථිකයක් කරා

ගැටලුව ඉදිරිපත් කරන්න

ගැටලුව විමසන්න
Daham

වැලිගම Surfing සඳහා අතිශය ප්‍රසිද්ද නගරයක්. නගරය ආසන්නයේ වෙරළ සීමාවේ දැනටමත් Surf point , surf school යන අන්වර්ත නාමයන්ගෙන් වෙලඳ ස්තාන ගණනාවක් , පුද්ගලයන් පවත්වාගෙන යයි. ඒවා නීත්‍යානූකූල tender ක්‍රමයක් යටතේ නොව, ඔවුනොවුන්ට ඇති හැකි ආකාරයෙන් වෙරළ ඉඩ යොදාගනිමින් පවත්වාගෙන යයි. NPP රජයක් යටතේ මේ ගැටළුව සාදාරණව විසදන්නේ කෙසේද?

Admin

ඔබ විසින් ගැටළුවක් යොමු කරමින් අප සමඟ සම්බන්ධ වීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව පිරිනමමු. ජාතික ජනබලවේගය ආණ්ඩුවක් යටතේ දංචාරක කර්මාන්තයේ සංවර්ධනයට ප්‍රමුඛතාවය ලබා දෙන බව අප මේ වන විටත් ප්‍රකාශ කර තිබේ. ඒ් පිළිබඳව පොහොසත් රටක්...ලස්සන ජිවිතයක් නමින් ඒළි දක්වන ලද අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශණයේ 142 වැනි පිටුවේ සිට ඉදිරියට මේ පිළිබදව අන්තර් ගත කොට තිබේ.

අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පහත සබැදි වලින් බාගතකළ හැක.

https://www.npp.lk/si/policies/npppolicystatement

https://www.npp.lk/ta/policies/npppolicystatement

https://www.npp.lk/en/policies/npppolicystatement

ඔබ විසින් පෙන්වා දි ඇති වෙරළ ආශ්‍රීත සංචාරක ක්‍රියාකාරකම් සහ ශුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් අපි යොමු කරමු. කෙසේ වෙතත් ඔබ විසින් පෙන්වා දි ඇති මේ කරුණු ජාතික ජනබලවේගයේ ජාතික විධායක කමිටුව වෙත ද යොමු කරන ලද බව කාරුණිකව දන්වා සිටිමු. එමෙන්ම ඔබගේ මේ අදහස් අප තවදුරටත් දිරිගන්වන සුළු බව ද කාරුණිකව දන්වා සිටිමු. ඔබ අප සමඟ සම්බන්ධ විම පිළිබඳව නැවතත් අපගේ ස්තූතිය පිරිණනමු.

H.A.I.M.සුබසිංහ

මෙය ගැටළුවක් නොවේ...යෝජනාවකි.. මා සේවය කරන්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කටුනායක ගුවන් තොටුපල කාර්යාලයේ.. කටුනායක ගුවන් තොටුපලේ සිට කටුනායක-කොළඹ අධිවේගී මාර්ග ප්‍රවේශය දක්වා දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කොට ඇති අතර එම දැන්වීම් සියල්ල ඇත්තේ කැසිනෝ ව්‍යාපාර විසිනි.. සංචාරකයින් මෙරටට පැමිණෙන්නේ ලංකාවේ ඇති ස්භාසෞන්දාරය, ඓතිහාසික ලෝක උරුමයන් වැනි දෑ නැරඹීමට බව මාගේ මතයයි... නමුත් මෙම දැන්වීම් මගින් අප රට කැසිනෝ සූදුපලක් මෙන් පිළිඹිබු වේ... NPP බලයට පැමිණීම පිළිබඳ මා තරයේ විශ්වාස කරන අතර, බලයට පැමිණි වහාම එම දැන්වීම් පුවරු කැසිනෝ ප්‍රවර්ධනට භාවිතා කිරීම නවතා දමන ලෙස ඉල්ලා සිටිමි. තවද එම දැන්වීම් පුවරු මගින් ආදායමක් ඉපයීමට නම් සංචාරක නිකේතන හෝ ඒ හා සම්බන්ධ ආයතන සදහා ටෙන්ඩර් පටිපාටියට ලබා දී ශ්‍රී ලංකාවේ සෞන්දර්ය පිළිඹිබු වන දැන්වීම් ප්‍රදර්ශනයට පමණක් අනුමැතිය ලබා දිය හැක... එමගින් සංචාරකයින්ගේ ලංකාව පිලිබඳ ආකල්ප වෙනස්වනු ඇත... ඔබට ස්තූතියි...

Admin

ඔබ විසින් යොමු කරන ලද අදහසට අපගේ ස්තූතිය පළමුව පිරිනමමු. ඔබගේ මෙම අදහස ජාතික ජනබලවේගයේ ජාතික විධායක කිමිටුව වෙත යොමු කර ඇති බව කාරුණිකව දන්වා සිටිමු. ඔබ අප සමඟ සම්බන්ධ විම පිළිබඳව නැවතත් අපගේ ස්තූතිය පිරිණනමු.

Ranil Wickramasinghe

අද කොට්ටාවේ රැස්වීම පැවැත්වෙන්නේ කොහේද?

Admin

ඔබගේ පැනයට ස්තූතියි. මහරගම විජයග්රාහී ජන රැලිය අගෝස්තු 30වන දින පස්වරු 3.30ට කොට්ටාව මංස්න්දියේ පැවැත්වේ.