"නිදහසින් පසු සමාජ මනස මෙහෙය වූද අතීතය උත්කර්ෂයට නැංවූද ආඛ්‍යානය විසින් නූතන ශ්‍රී ලාංකේය රාජ්‍යයක් බිහි කිරීමේ පදනම් තම ක්ෂේත්‍රයන් තුළ විසිවන සියවසේදී සකස් කළ සැබෑ වීරයන් සහ වීරවරියන් යටපත් කර දමනු ලැබ ඇති අතර දූෂිත ප්‍රභූ පංතියේ ව්‍යාජ වීරයන් ඉස්මතු කරනු ලැබ ඇත. නිදහසෙන් දශක හතකට පසුව කෘෂිකර්මය හා කාර්මීකරණය සංකලනය කළ ශක්තිමත් නිෂ්පාදන ආර්ථිකයක් සහිත නූතන ශ්‍රී ලාංකේය රාජ්‍යයක් තැනීමේ වගකීම භාර ගැනීමට නියමිත ජාතික ජන බලවේගය, ඉතිහාස ආඛ්‍යානයේ විසිවන සියවස ගැන සිදු වූ වැරැද්ද නිවැරදි කිරීම කාලෝචිත මැදිහත් වීමක් ලෙස හඳුනාගනී. තවද විසිවන සියවසේ සැබෑ වීරයන් හා වීරවරියන්ගේ නම් ඉතිහාස ලේඛනයේ සටහන් කිරීම සහ ඔවුන්ගේ සාධනීය පරමාර්ථ මෙන්ම ගෙවුණු සියවස තුළ මිනිස් සමාජය උකහාගත් නව්‍ය ආර්ථික, සමාජීය, සංස්කෘතික වර්ධනයන් නූතන තත්වයන්ට සේම ලංකාවට ගැලපෙන ලෙස සකස් කර ගැනීම මේ දේශපාලන මොහොත තුළ කළ යුතු වැදගත් කාර්යයක් ලෙසට ජාතික ජන බලවේගය යෝජනා කරයි."
ගරු අනුර කුමාර මහතා, ඔබ 2024 ජනාධිපති වුවහොත්, ලංකාවෙ මේ අසීමිත ලෙස වැඩි වී ඇති වාහන මිල පාලනය කිරීමට ඔබ තුමා ගන්න වැඩ පිළිවෙල කුමක්ද? දැනට ජපානයේ රුපියල් ලක්ෂ 25ක් පමණ වන 2015 වර්ෂයේ පරණ වාහනයක්, මෙහි රුපියල් ලක්ෂ 90ක් පමණ වේ. මෙම මිල විශාල තරම් වැඩිවීම හේතුවෙන් සාමාන්‍ය ජනතාවට වාහන මිලදී ගැනීම අපහසු වී ඇත. නවක තරුණයන් වන අප ඉමහත් මානසික පීඩනයෙන් සිටිමු.
ඔබ විසින් යොමු කරන ලද පැනයට අපගේ ස්තූතිය පළමුව පිරිනමමු. මෝටර් රථ ආනයනය සහ ඊට අනුශංගික කරුණු පිළිබදව ජාතික ජනබලවේගය සිය අවධානය යොමු කර තිබේ. සෑම පුරවැසියෙකුටම සිය ප්‍රවාහන පහසුකම් සාධාරණ මිල ක්‍රමයක් යටතේ සපුරා ගැනීමට ඇති අයිතිය අපි පිළිගනිමු. ඒ් අනුව ඔබ පෙන්වා දි ඇති වාහන ආනයනය සහ ඒහි මිල ගණන් පිළිබදව අපි අපගේ අවධානය යොමු කර තිබේ. නුදුරේදීම බිහිකරන ජාතික ජනබලවේගය ආණ්ඩුවක් යටතේ ඔබ විසින් පෙන්වා දි ඇති මෙම කරුණු පිළිබදව අපි අපගේ මැදිහත් වීම සිදු කරන බව කාරුණිකව දන්වා සිටිමු. ඔබ විසින් අප වෙත යොමු කරන ලද පැනය පිළිබඳව නැවතත් අපගේ ස්තූතිය පිරිණනමු.