Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

NPP News

“ආණ්ඩුව වැඩ කරන්නේ කිසි ම එල්ලයක් නැතිවයි” – ජාතික ජන බලවේගයේ විධායක සභික මහින්ද රත්නායක

වර්තමාන ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය අභියෝගයට ලක් කරමින්, පෞද්ගලික, සංවිධානාත්මක අර්ධ මිලිටරි කණ්ඩායම් යොදවා විපක්‍ෂයට ප්‍රහාර එල්ල කරන බව අද (06දා) පැවැති එම මාධ්‍ය හමුවේ දී ජාතික ජන බලවේගයේ විධායක සභික මහින්ද රත්නායක පැවසී ය. තුනෙන් දෙකක බහුතර බලයක් සහිතව පිහිටුවා තිබෙන ආණ්ඩුව ක්‍රියා කරමින් සිටින්නේ, විසිවැනි ආණ්ඩුක්‍රම සංශෝධනය තුළින් ප්‍රජාතන්ත්‍රවාදය සීමා කර ලබා ගත් බලතලවලට අනුව […]

වර්තමාන ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය අභියෝගයට ලක් කරමින්, පෞද්ගලික, සංවිධානාත්මක අර්ධ මිලිටරි කණ්ඩායම් යොදවා විපක්‍ෂයට ප්‍රහාර එල්ල කරන බව අද (06දා) පැවැති එම මාධ්‍ය හමුවේ දී ජාතික ජන බලවේගයේ විධායක සභික මහින්ද රත්නායක පැවසී ය.

තුනෙන් දෙකක බහුතර බලයක් සහිතව පිහිටුවා තිබෙන ආණ්ඩුව ක්‍රියා කරමින් සිටින්නේ, විසිවැනි ආණ්ඩුක්‍රම සංශෝධනය තුළින් ප්‍රජාතන්ත්‍රවාදය සීමා කර ලබා ගත් බලතලවලට අනුව බව පෙන්වා දුන්නේ ය. එමෙන් ම ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ක්‍රියා කරමින් සිටින්නේ, ප්‍රජාතන්ත්‍රවාදය දඬුකඳේ ගසමින්, කිසි ම එල්ලයක් නැතිව යැයි චෝදනා නැඟී ය.

Show More

“ජනතාව ධනාත්මකව සිතීම අවශ්‍යයි කියන බොළඳ කතාවලින් ප්‍රශ්න විසඳන්න බැහැ” – ආචාර්ය හරිනි අමරසූරිය

ජනාධිපතිවරයා විසින් හැත්තෑහතර වැනි නිදහස් දින උලෙළේ දී රට හමුවේ පවතින ප්‍රශ්න විසැඳීමේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව කරුණු ඉදිරිපත් කරනු ඇතැයි අපේක්‍ෂා කළ ද, එවැනි කිසිදු සඳහනක් නොකළ අතර, ධනාත්මක චින්තනයට අනුව ජනතාව කටයුතු කළ යුතු බව සඳහන් කිරීම ප්‍රශ්න විසඳන ආකාරයක් නොවන බොළඳ කතාවක් යැයි අවධාරණය කෙරේ. මේ බව අවධාරණය කරනු ලැබුවේ ජාතික ජන බලවේගය […]

ජනාධිපතිවරයා විසින් හැත්තෑහතර වැනි නිදහස් දින උලෙළේ දී රට හමුවේ පවතින ප්‍රශ්න විසැඳීමේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව කරුණු ඉදිරිපත් කරනු ඇතැයි අපේක්‍ෂා කළ ද, එවැනි කිසිදු සඳහනක් නොකළ අතර, ධනාත්මක චින්තනයට අනුව ජනතාව කටයුතු කළ යුතු බව සඳහන් කිරීම ප්‍රශ්න විසඳන ආකාරයක් නොවන බොළඳ කතාවක් යැයි අවධාරණය කෙරේ.

මේ බව අවධාරණය කරනු ලැබුවේ ජාතික ජන බලවේගය අද (6දා) පැවැත්වූ මාධ්‍ය හමුවක දී ය. එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි, ආචාර්ය හරිනි අමරසූරිය මේ බව පැවසුවා ය. මෙම මාධ්‍ය හමුවට එම පක්‍ෂයේ විධායක සභිකයන් වන ආචාර්ය අනුර කරුණාතිලක සහ මහින්ද රත්නායක යන දෙදෙනා ද එක් වී සිටියහ.

මාධ්‍ය හමුව පවත්වමින් මන්ත්‍රීවරිය වැඩි දුරටත් සඳහන් කළේ ඉතිහාසයේ කවරදාවත් නොතිබූ තරමට මෙරට ප්‍රශ්න උග්‍ර වී ඇති බවයි. මෙවැනි අවස්ථාවක ආණ්ඩුවේ ඇමැතිවරුන් මෙන් ම මහ බැංකුවේ අධිපතිවරයා ද එකිනෙකාට වෙනස් ප්‍රකාශ කරමින්, වගකීම් විරහිතව ක්‍රියා කරන බවට චෝදනා කළා ය.

විශේෂයෙන් මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ පසුගිය සති අන්තයේ පුවත් පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින්, මෙරට කළු ආර්ථිකය සමඟ රජය ගනුදෙනු කළ බවත්, එමෙන් ම යුද්ධය පැවැති සමයේ දීත් උතුරු කොරියාවෙන් ආයුධ මිල දී ගැනීමට අවශ්‍ය ඩොලර් කළු ආර්ථිකයෙන් ලබා ගත් බවත් සඳහන් කිරීම අතිශය බරපතළ බව පෙන්වා දුන්නා ය. ජාත්‍යන්තර වශයෙන් සම්බාධක පනවා තිබෙන රටක් සමඟ යුද අවි ගනුදෙනු සිදු කළ බව ප්‍රකාශ කිරීම මුදල් ඇමැතිවරයාගේ වගකීම් විරහිත අතිශය රටට හානිකර ප්‍රකාශයක් බව ද මන්ත්‍රීවරිය අවධාරණය කළා ය.

Show More

“වෙනසකට බය නොවී ජන බලවේගයට අවුරුදු පහකට රට දීලා බලන්න”

දශක හතක් පුරා අපේ ජනතාව යහපත් චේතනාවෙන් පාලකයන් බලයට පත් කළද පාලකයන්ට යහපත් චේතනා නොතිබුණු නිසා රට අද බියකරු ඉරණමකට මුහුණදී සිටින බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පවසයි. හෙතෙම මේ අදහස් පළ කළේ බණ්ඩාරගම රයිගම පැවැති ජනහමුවකදීය. මන්ත්‍රිවරයා එහිදී මෙසේද කීය. “මේ ආණ්ඩුවත් දැන් විකිණීම පටන් අරන්. චීනෙට පෝට්සිටිය […]

දශක හතක් පුරා අපේ ජනතාව යහපත් චේතනාවෙන් පාලකයන් බලයට පත් කළද පාලකයන්ට යහපත් චේතනා නොතිබුණු නිසා රට අද බියකරු ඉරණමකට මුහුණදී සිටින බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පවසයි.

හෙතෙම මේ අදහස් පළ කළේ බණ්ඩාරගම රයිගම පැවැති ජනහමුවකදීය.

මන්ත්‍රිවරයා එහිදී මෙසේද කීය.

“මේ ආණ්ඩුවත් දැන් විකිණීම පටන් අරන්. චීනෙට පෝට්සිටිය වික්කා. ඉන්දියාවට තෙල් ටැංකි දුන්නා. හිල්ටන්, ග්‍රෑන්ඩ් ඔරියන්ටල්, වැලිකඩ, කෙරවලපිටියේ විකුණන්න දාලා. හිටිහැටියේ ගෑස් ටැංකි පුපුරනවා. කුස්සියට ගියාම ආර්ථිකයේ තත්ත්වය පේනවා. කඩේට ගියාම වෙලා තියෙන දේ තේරෙනවා. අපිටත් දැන් කියලා ඇතිවෙලා. දැන් අවශ්‍ය මේකෙන් ගොඩඑන විදිහක් හොයන එක. ජනතාව අහනවා කවදද ආයේ ඡන්දේ එන්නේ කියලා. ව්‍යවස්ථානුකූලව නම් තව අවුරුදු තුනක් බලන් ඉන්න වෙනවා.

මේකට කරන්න කරුණු දෙකක් තියෙනවා. එකක් අපි බලය ගන්න ඕන. අනෙක බලය අරගෙන රට හදන එක. රට හදන්න කියලා ජනතාව මෑත ඉතිහාසයේදී විහාරමහාදේවි, දුටුගැමුණු, පොළොන්නරුවෙ ගොවියා, මොළ හතා, රණවිරුවා ගෙනාවා වැඩක් වුණේ නෑ. රණවිරුවා ගෙනාවේ ඇමෙරිකන් මොළෙන් වැඩේ තිතටම කරයි කියලා. එයා තමයි හොඳටම කළේ. කොච්චර හොඳට කළාද කියතොත් කට්ටිය රට දාලා යන්න පෝලිමේ.

අපි වෙන රටකට ගියත් වැඩක් නෑ. අපි ඒ රටේ දෙවැනි පන්තියේ අය විදිහට ඉන්න වෙන්නෙ. අපි සියලුදෙනා එක්වී වැඩ කර මහන්සි වී මේ රට හදමු. දරුවන්ගේ අනාගතය හදමු. හැමදෙනාම අහන්නේ අපේ දරුවන්ට මොකද වෙන්නේ කියලා. ඒ වුණාට මේ ප්‍රශ්න එකක්වත් අපිට ස්වභාව ධර්මේ දුන්නේ නෑ. අපි විහින් හදාගත්තු ඒවා. මේක අපේ රටේ පාලක පන්තිය ඇති කළ අර්බුදයක්.

දීර්ඝ කාලයක් නොගැළපෙන දේශපාලන _ ආර්ථික ප්‍රතිපත්ති වැරැදි විධියට ක්‍රියාත්මක කළ නිසා අපේ රට කඩා වැටී තියෙනවා. ළිං කටින් වැටුණු මිනිහා ළිං කටෙන්ම ගොඩ එන්න ඕනෑ. සියලුදෙනාම ගොඩඑන ක්‍රමයක් අවශ්‍යයි.

නව පාලනයක් හදන්න ඕනෑ. කිසිකෙනෙක් අබමල් රේණුවක සැකයක් තියාගන්න එපා. ජාතික ජන බලවේගයට ඒක කරන්න පුළුවන්. අපේ රටේ මිනිස්සු බහුතරය වෙනසට බයයි. එහෙත් මේ ලෝකේ වෙනස්වුණේ වෙනසට බය නොවන මිනිස්සු නිසයි. වෙනස්වීම තුළින් තමයි ලෝකේ ඉස්සරහට ගිහින් තියෙන්නේ. ජනතාව ළඟ තියෙන බලය තාවකාලිකව පාලන කණ්ඩායමකට භාරදෙන එක තමයි අපි මැතිවරණයකදී කරන්නෙ. වසර කිහිපයකට දෙන්නෙ තාවකාලිකව. ජාතික ජන බලවේගයට දුන්නත් වසර පහකින් යළි අවශ්‍ය නම් ගන්න පුළුවන්.

අපිට වැදගත් ඊළඟ මැතිවරණයදී බලය ගන්නේ කොහොමද කියන එකයි. අපේ අරමුණ හුදු ආණ්ඩුවක් හැදීම නොවෙයි. කඩා වැටී ඇති රට ගොඩනඟන්න ජනතා ව්‍යාපාරයක් ඇති කළ යුතුයි. යළි නූතන නිදහස් අරගලයක් කරන්න ඕනෑ. පතුලට හිඳිච්ච ආර්ථිකයක් අපේ රටේ තියෙන්නේ. බොරු නොකියා ජනතාවට ඇත්ත තත්ත්වය කියන්න ඕනෑ. මේ ආර්ථිකය ගොඩනඟන්න කෙටි කාලයක් හැමෝම එක්වෙලා මහන්සි වෙමු.

ආර්ථිකය විනාශ වෙන්න ප්‍රධානම වශයෙන් බලපාන්නේ රටක පාලකයා. රටක පාලකයා හොරෙක් වුණොත් රට ඉවරයි. මම මහින්ද රාජපක්ෂ මහත්තයාට පාර්ලිමේන්තුවේදී කිව්වා ඔබතුමාගේ ඡන්දෙට චීනෙන් දුන්න චෙක්පත් අංක මා ළඟ තියෙනවා කියලා. එතුමා ‘හ්ම්’ කියලා ඔළුව වැනුවා. පාලකයන්, දූෂිතයන් නොවන ආණ්ඩුවක් අපි හදන්න ඕනෑ. මම අවුරුදු 21ක් පාර්ලිමේන්තුවේ හිටියා. ඇමැති ධුරයක් දැරුවා. ඒත් සතයක් සොරකම් කරලා නෑ. දූෂණ වංචා චෝදනා නෑ.

සාමූහිකව වැඩ කළ යුතුයි. දේශපාලකයා ආදර්ශවත් වෙන්න ඕනෑ. පාලකයාට වැරැදි කරන්න බෑ. මන්ත්‍රිවරුන්ට වාහන බලපත් ලබාදීම නතර කළ යුතුයි.  පෙන්ෂන් අවශ්‍ය නෑ. පාර්ලිමේන්තු මන්ත්‍රිට අවුරුදු පහටම එක වාහනයක් දුන්නම ඇති. ඇමැතිවරුන්ගේ නිල නිවාස නැති කළ යුතුයි. හිටපු ජනාධිපතිවරුන් නඩත්තු කිරීම නතර කළ යුතුයි. දේශපාලකයා නීතියට යටත් කරන්න ඕනෑ. දේශපාලකයා පිළිබඳ දැන් තියෙන්නේ කැත චිත්‍රයක්. පුරවැසියන්ට ආර්ථිකයේ ප්‍රතිලාභ ගලායන්න ඕනෑ. ග්‍රාමීය ජනතාවගේ දුප්පත්භාවය නැති කරන්න ඕනෑ.”

ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස,

“රට කරවන අය ගොඩගන්න බැරිවෙන්න රටේ ආර්ථික සම්පත් විකුණනවා. අපිව ණය උගුල් ඇතුළේ හිරකරනවා. මේ රට ඉදිරියේදී ඇති අභියෝගය තේරුම් අරගෙන හැමදෙනාම එකතු වෙලා එකමිටට වැඩකරමු. ශක්තිමත් කොඳුනාරටියක් නැතිව පුළුල් බහුජන දේශපාලන බලවේගයක් ඉදිරියට ගෙනියන්න බෑ. මේ  රට ගොඩනැඟීමේදී එවැනි ශක්තිමත් දේශපාලන ව්‍යාපාරයක් වුවමනා කර තියෙනවා. ඒ නිසා අපිට විවේක ගන්න කාලයක් නෑ. නිකං ඉන්න කාලයක් නෑ. හැම තත්පරයක්ම වැදගත්. අපි ප්‍රමාද වෙන්න ප්‍රමාද වෙන්න මේ පාලකයන් ආර්ථික දේශපාලන අර්බුදයකට රට හෙළනවා.”

-මව්බිම පුවත්පතෙන්

Show More

முட்டைத் தாக்குதலின் பின்னால் அரசாங்கம் இருப்பது தெளிவாகின்றது…..

சட்டத்தரணி சுனில் வட்டகல தேசிய மக்கள் சக்தியின் கம்பஹா மாநாட்டுக்கு முட்டைத் தாக்குதல் மேற்கொள்ளப்பட்ட சம்பவத்திற்கு பொறுப்புக்கூறவேண்டிய இருவர் கைதுசெய்யப்பட்டுள்ளார்கள். அந்த இருவரதும் வெளிப்படுத்தல்கள் ஊடாக விடயங்களை ஆராய்கையில் இந்த சம்பவத்தின் பின்னால் பொறுப்புவாய்ந்த ஒருவர் அல்லது குழுவொன்று இருப்பது தெளிவாகின்றது. இது ஒரு குற்றவியல் தவறாகும். குற்றவியல் சட்டத்தின் அடிப்படைச் சித்தாந்தங்கள் நிறைவுசெய்யப்பட்டுள்ளன. பொலிஸ் மா அதிபர் இற்றைவரை மேற்கொண்டுள்ள நடவடிக்கை என்ன? சரியாக வாக்குமூலமொன்றைக்கூட பதிவுசெய்யவில்லை.  இலங்கைப் பொலிஸ்  இது சம்பந்தமான சான்றுத் தொடர்களைத் […]

சட்டத்தரணி சுனில் வட்டகல

தேசிய மக்கள் சக்தியின் கம்பஹா மாநாட்டுக்கு முட்டைத் தாக்குதல் மேற்கொள்ளப்பட்ட சம்பவத்திற்கு பொறுப்புக்கூறவேண்டிய இருவர் கைதுசெய்யப்பட்டுள்ளார்கள். அந்த இருவரதும் வெளிப்படுத்தல்கள் ஊடாக விடயங்களை ஆராய்கையில் இந்த சம்பவத்தின் பின்னால் பொறுப்புவாய்ந்த ஒருவர் அல்லது குழுவொன்று இருப்பது தெளிவாகின்றது. இது ஒரு குற்றவியல் தவறாகும். குற்றவியல் சட்டத்தின் அடிப்படைச் சித்தாந்தங்கள் நிறைவுசெய்யப்பட்டுள்ளன. பொலிஸ் மா அதிபர் இற்றைவரை மேற்கொண்டுள்ள நடவடிக்கை என்ன? சரியாக வாக்குமூலமொன்றைக்கூட பதிவுசெய்யவில்லை.  இலங்கைப் பொலிஸ்  இது சம்பந்தமான சான்றுத் தொடர்களைத் தேடிக்கொள்ளவேண்டும். இந்த சங்கிலித் தொடரின் ஒவ்வொரு கணுவையும் தேடிக்கொள்ளும் ஆற்றல் பொலீசுக்கு உண்டு.  ஆனால் அவற்றைப் பாவனைக்கு எடுக்கின்ற சாயல் தென்படவில்லை.

சனாதிபதிக்கும் பொலிஸ் மா அதிபருக்கும் உடனடியாக விசாரணையொன்றை மேற்கொள்ளுமாறு பிரசன்ன ரணதுங்கவினால் இரண்டு கடிதங்கள் சமர்ப்பிக்கப்பட்டுள்ளன.  அதனைப் பார்த்ததும் கள்வனைப் பிடியுங்கள் என்று கள்வனே ஓடுவதுபோன்ற ஒரு வேலைபோல் எனக்குத் தோன்றியது. எவ்வாறாயினும் கபினற் அமைச்சரொருவர் சனாதிபதியர்களிடம் வேண்டுகோள் விடுத்தும் இன்னமும் வாக்குமூலம் பெறப்படவில்லை என்பது பற்றி எமக்குப் பிரச்சினையொன்று இருக்கின்றது.  அதனோடு தொடர்புடைய ஆட்களின் புகைப்படங்கள் வெளியிடப்பட்டன. அதற்காக வந்த ஒருவர்  மஹகெதர விஜயஆரச்சிகே ரன்மல் அசித்த குமார விஜேரத்ன ( முன்னைய பெயர் : கேப்ரியல் ரத்மல் அசித்த குமார) இரண்டாவமர் ஆனந்த பண்டார, கம்பொல. ஒருவர் அவன்ற்காட் கம்பெனியுடன் தொடர்புடைய புகைப்படங்களில் இருக்கிறார். இந்த ஒழுங்கமைந்த அமைப்பு அவன்காட் கம்பெனியுடன் நேரடியாக தொடர்புடையதாகும்.  அவன்காட் கம்பெனியின் தலைவர் சனாதிபதிக்கு மிகவும் நெருக்கமான    ஒருவராவார்.

இன்று அமைச்சர் ரமேஷ் பத்திரண இந்த அரசாங்கத்தை சிரமத்திற்குள்ளாக்க மேற்கொள்ளப்பட்ட செய்த ஒரு வேலை எனக் கூறுகிறார்.  சனாதிபதிக்கு நெருக்கமானவரின் பிரத்தியேக பாதுகாப்பு நிறுவனத்தின் ஒரு குழுவினர்தான் இந்த தாக்குதலில் தொடர்புபட்டார்களென நாங்கள் கூறகிறோம். எனவே அரசாங்கம் நேரடியாக தொடர்புட்டுள்ளதென நாங்கள் கூறகிறோம். இது சம்பந்தமாக சனாதிபதி விசாரணையொன்றை மேற்கொள்ள வேண்டும். எமக்கு அரசியலமைப்பினால் வழங்கப்பட்டுள்ள கருத்து வெளிப்பாட்டுச் சுதந்திரம் உள்ளது. மக்கள் மத்தியில் தேசிய மக்கள் சக்திக்கு இருக்கின்ற கவர்ச்சியை  தாங்கிக்கொள்ள முடியாமல் மேற்கொண்ட தாக்குதலே இது. சந்தேகநபர்கள் கைதுசெய்யப்பட்டுள்ளார்கள். பொலீசாரால் விசாரணைகளை முன்னெடுத்துச்செல்ல முடியும்.  அம்பேபிட்டிய படுகொலை சம்பவம் எமக்கு ஞாபகம் இருக்கின்றது. துப்பாக்கிப் பிரயோகம் செய்தவர் வேறோர் ஆள். இறுதியில் ஒத்தாசை புரிந்தமைக்காக பொட்ட நௌபரே மரண தண்டனைக்கு இலக்கானார்.  எனவே இந்த முட்டைத் தாக்குதல் சம்பவத்தின் பிரதிவாதி ரூபா 5000 வாங்கிக்கொண்டு வந்தவர் அல்ல. இந்த சம்பவத்திற்கு ஒத்தாசை புரிந்தவர்தான் உண்மையான பிரதிவாதி. சனாதிபதி இதில் இடையீடுசெய்ய வேண்டும். உண்மையான பிரதிவாதி வெளிப்படுத்தப்படாவிட்டால் இதன் பின்னால் அரசாங்கம் இருக்கின்றது என்பதில் சந்தேகமே கிடையாது. அதைப்போலவே நாங்கள் இந்த விசாரண தொடர்பில் கவனத்துடன் இருக்கிறோம்.

முட்டை ஓர் ஆரம்பம் மாத்திரமே. இதன் பின்னர் என்ன வேண்டுமானாலும் நடைபெறலாம். அனைத்திற்குமான பொறுப்பினை சனாதிபதி உள்ளிட்ட இந்த குழுவினர் ஏற்றுக்கொள்ள வேண்டும்….

சட்டத்தரணி உபுல் குமரப்பெரும

 இந்த சம்பவம் ஒரு சாதாரணமான முட்டைத் தாக்குதல் அல்ல. எதிரியொருவர்மீது முட்டை, தக்காளி வீசுவதைப் போலன்று. அதன் பின்னால் பாரதூரமான நிலைமையொன்று உள்ளது. அதனை நெறிப்படுத்தியவர் பிரசன்ன ரணதுங்கவே என கைதுசெய்யப்பட்டவர்கள் கூறியுள்ளார்கள். அதைப்போலவே சம்பவத்துடன் தொடர்புடைய ஒருவர் அவன்காட் கம்பெனியுடன் தொடர்புடையவரென்பது பூர்வாங்க விசாரணைகள் மூலமாக வெளிப்பட்டுள்ளது. இந்த அவன்காட் நிறுவனம் என்றால் என்ன? இந்த நாட்டில் முப்படையினதும் பொலீசினதும் ஆயுதங்களை வாடகைக்குப் பெற்று  பேணிவரப்படுகின்ற கூலிப்படையாகும். இந்த நிறுவனத்தில் இலங்கை இராணுவத்திற்குச் சொந்தமான ரீ 56,  ஏ.கே. 47, ரீ 81  மெஷின் கன், சப் மெஷின் கன் போன்ற அனைத்து ரகங்களையும் சேர்ந்த ஆயுதங்கள் இருக்கின்றன. அதைப்போலவே இது ஓர் ஒட்டுப்படையாகும். இந்த ஒட்டுப்படை சம்பந்தமாக பலவிதமான விமர்சனங்கள் நிலவின. அதனால் அந்த கம்பெனிக்குச் சொந்தமானதாக நிலவிய வணிகச் செயற்பாடுகள் கடற்படையினரிடம் கையளிக்கப்பட்டன. இந்த கம்பெனியில் இராணுவத்திலிருந்து இளைப்பாறிய மேஜர் ஜெனரல்மார்கள், கடற்படைத் தளபதிகள், சிப்பாய்கள்  அனைவரும் இருக்கிறார்கள்.   மிகவும் சிறந்த பயிற்சியைப்பெற்ற ஓர் இராணுவமாகும். இதனால் இருக்கின்ற பயங்கரமான நிலைமை என்ன? இந்த சம்பவத்தைப் பிடித்துக்கொள்ள இயலாமல் போயிருந்தால் அடுத்ததாக என்ன நடக்கக்கூடும்.   

இது ஒரு சாதாரணமான சிக்கியுரிட்டி பர்ம் அல்ல. ஆயதங்களை கைவசம் வைத்துள்ள ஒட்டுப்படையாகும். இராணுவத்தை ஒத்த அல்லது அதைவிட அதிகமான ஒழுக்கம் நிலவவேண்டும். இராணுவம் அரசாங்கத்திற்கு பொறுப்புக் கூறுகின்றது. இந்த ஒட்டுப் படைக்கு பொறுப்புக் கூறுவது யார்? இந்த நிறுவனத்தின் தலைவரே தேசிய மக்கள் சக்தியின் தலைவர் திரு. அநுர திசாநாயக்கவிற்கு, மக்கள் விடுதலை முன்னணிக்கு பல பாரிய குற்றச்சாட்டுகளை முன்வைத்துள்ளார். சவால்களை விடுத்துள்ளார்.  அவதூறான கூற்றுகளை வெளியிட்டுள்ளார்.  இப்படிப்பட்ட ஆளொருவர் தலைமை வகிக்கின்ற ஒட்டுப்படைக்குப் பொறுப்புக் கூறுபவர் யார்?  இத்தகைய ஒட்டுப்படைக்கு ஆயுதம் தரித்திட அனுமதிப் பத்திரம் வழங்குவது பாதுகாப்பு அமைச்சாகும். பாதுகாப்பு வழங்குகின்ற நிறுவனமாயினும் அனுமதிப்பத்திரம் வழங்குவது பாதுகாப்பு அமைச்சாகும். அவன்காட் நிறுவனத்தின் ஆட்கள் ஒரு கட்சி மாநாடுமீது தாக்குதல் நடாத்துவார்களாயின் அவர்கள் மேற்கொள்வது சம்பந்தப்பட்ட அனுமதிப்பத்திரம்பெற்ற கம்பெனியின் அலுவலையா? அது பற்றி இந்நாட்டு மக்கள், ஊடகங்கள் போன்றே பாதுகாப்பு அமைச்சும் நன்றாக சிந்தித்துப் பார்க்க வேண்டும்.   

நிஸ்ஸங்க சேனாதிபதி ரஞ்சன் ராமநாயக்கவை விடுதலை செய்வித்துக் கொள்வதற்கான தூதராக விளங்குகிறார். பாராளுமன்ற உறுப்பினர் கீதா குமாரசிங்கவும் நிஸ்ஸங்க சேனாதியிடமே சனாதிபதிக்கு செய்திகளை எடுத்துச் செல்லுமாறு கூறுவார். நிஸ்ஸங்க சேனாதிபதிக்கும் சனாதிபதிக்கும் இடையிலான தொடர்பு என்னெவென்பது  இதிலிருந்து விளங்குகின்றதல்லவா? அப்படியானல் சனாதிபதி இது சம்பந்தமாக விசாரணையைக் கட்டாயமாக மேற்கொள்ளவேண்டும்.  இதன் பின்னர் வருவது குண்டுதானா என்ற விடயமே  இதில் உள்ள பாரதூரமான விடயமாகும். கடந்த காலத்தில் இடம்பெற்ற  சம்பவங்கள் மக்களுக்கு ஞாபகமிருக்கும். அரசியல் கட்சிகளுக்கே இவ்வாறு செய்வார்களாயின்  சாதாரண மக்களுக்கு செய்வது என்னவாக அமையும்?  எனவே பொலீசார் இந்த புலனாய்வுகளை முறைப்படி செய்யவேண்டும். தொலைபேசி அழைப்புகளின் விபரங்கள் பெறப்படல் வேண்டும். சீசீரீவீ காட்சிகள் புலனாய்வு செய்யப்படல் வேண்டும்.  தொலைபேசிக் கம்பெனிகளிடமிருந்து விபரங்களை பெற்றுக்கொள்ளுங்கள். இந்த சந்தேகிக்கப்படுகின்ற ஆட்கள் தொடர்புகொண்ட  ஆட்கள் பற்றி விசாரித்தறியுங்கள்.  இவற்றை புலனாய்வு செய்வதற்கான ஆற்றல் பொலீசாரிடம் இருக்கின்றது. அதற்கிணங்கவே சரியாக குற்றஞ்சாட்டப்பட்டவர் இனங்காணப்படுவார்.  குற்றச்செயல்கள் சம்பந்தமான புலனாய்வுகள் பற்றி தேவையான அளவில் உதாரணங்கள் நிலவுகின்றன.

 வாக்குமூலத்தைப் பதிவுசெய்யாமல் பொலீசார் உறக்கநிலையில் இருக்கிறார்கள் என்பதே பொலீசார்மீது அழுத்தம் நிலவுகின்றது என்பதை பறைசாற்றுகின்றது. பொலிஸ் மா அதிபரும் பொலீசின் ஏனைய உத்தியோகத்தர்களும் அவர்கள் சம்பளம் பெறுவது பொதுப் பணத்திலிருந்தே என்ற விடயத்தை ஞாபகத்தில் வைத்துக்கொள்ள வேண்டும். அரசாங்கம் சதாகாலமும் நிலவமாட்டாதென்பதை பொலிசார் ஞாபகத்தில் வைத்துக்கொள்ள வேண்டும். அவ்வாறு இல்லாவிட்டால் பொலீசார் நீதின்றங்கள்தோறும் அலைந்துதிரிய வேண்டி நேரிடுமென்பதையும் ஞாபகத்தில் வைத்துக்கொள்ள வேண்டும். முட்டை என்பது ஆரம்பம் மாத்திரமே. இதற்கு அப்பால் என்னவேண்டுமானாலும் நேரிடலாம். இதன் பின்னர் நடைபெறுகின்ற அனைத்தச் சம்பவங்களுக்கும் இந்த குழுக்கள் பொறுப்புக்கூற வேண்டும். அவன்காட் முதலாளி எவ்வளவுதான் தனக்கு நெருக்கமானவராக இருந்தாலும் சனாதிபதி இதுசம்பந்தமாக பக்கச்சார்பற்ற விசாரணையொன்றை நடாத்தவேண்டும்.  

அரசாங்கம் தனது குப்பை வேலைகளை செய்துகொள்வதற்காக ஒட்டுப்படையொன்றை பேணிவருகின்றது.

சட்டத்தரணி சரித் கல்ஹேன

பொலிசார் தரப்பில் நீதி கிடைக்குமென்ற நம்பிக்கை கிடையாது.  இலங்கை அரசியலில் காடையர்களை பாவிப்பதென்பது வரலாற்றுக் காலந்தொட்டே இடம்பெற்று வந்துள்ளது. நிறைவேற்று சனாதிபதி பதவியின் உருவாக்கத்துடன் பாதாள உலகம் ஈடுபடுத்தப்பட்டது.  ஜேஆர் தொடக்கம் அது இடம்பெற்றது. இராணுவ அதிகாரிகள் ஈடுபடுத்தப்பட்டார்கள், கலைஞர்கள், புத்திஜீவிகள், சிவில் சமூக செயற்பாட்டாளர்கள், ஊடகவியலாளர்கள் காடையர்களின் தாக்குதலுக்கு இலக்காகினார்கள். நிகழ்காலத்தில் வித்தியாசமான நிலைமையொன்றே உருவாகி இருக்கின்றது. பொலீஸ் அல்லது இராணுவத்தைப் பாவிக்காமல் அரசியல்வாதிகளின் கைகளில் அழுக்குப்படியாமல் அரசியல்வாதிகளுக்கு அவசியமான அனைத்துவிதமான குப்பை வேலைகளையும் புரியச் செய்வதற்காக ஒட்டுப்படையொன்று உருவாக்கப்பட்டுள்ளது. இது பயங்கரமான ஒரு நவீன ஆயுதங்களைத் தரித்த,  ஆயுதங்கள் பற்றிய புள்ளிவிபரங்கள்கூட இல்லாமல்  அயுதப்படையொன்றை ஒரு தமிழ் மனிதனால் அல்லது முஸ்லிம் மனிதனால் பேணிவர இயலுமா? இத்தகைய தொழில் முயற்சியொன்றை ஆரம்பித்தால்  ராஜபக்ஷமார்கள் ஆட்சியில் இல்லாத சந்தர்ப்பத்தில் அத்தகைய லயிசன் ஒன்றைக் கொடுத்தால் எத்தகைய எதிர்ப்பு தோன்றியிருக்கும்?  இராணுவத்திலென்றால் சிப்பாய்க்கு ஆயுதமொன்றைக் கொடுத்தால் அந்த ஆயதத்திற்காக பாவிக்கின்ற ஒவ்வொரு தோட்டாவுக்கும் அவனுக்கு பொறுப்பு உண்டு. சம்பந்தப்பட்ட சிப்பாயிடம் இருந்த ஆயுதத்தின் இலக்கம்கூட இருக்கின்றது. மக்களுக்கு நாட்டுக்கு பொறுப்புக்கூற கடப்பாடு கொண்டிராத ஒழுக்கமற்ற ஒரு கும்பலுக்கு ஆயுதங்களைக்கொடுத்து   காடைத்தனமான ஒட்டுப் படையொன்றை பேணிவருகின்ற நிலைமை தற்போது உருவாகி இருக்கின்றது. அது பயங்கரமானது.  முட்டையிலிருந்து ஆரம்பித்தாலும் இலக்கு நாமாக அமையக்கூடும். எனினும் இது எங்கே போய் நிற்கும்? 

முன்னர் பாராளுமன்ற உறுப்பினர்களும் அமைச்சர்களுமே காடையர்களை பராமரித்து வந்தார்கள்.  சனாதிபதிக்கு பிரதமருக்கு தேவையான எந்தவொரு காடைத்தனமான வேலையையும் செய்விக்க அமைச்சர்களும் பாராளுமன்ற உறுப்பினர்களும் காடையர்களை பராமரித்து வந்தார்கள். இன்று அந்த நிலைமை மாறி சனாதிபதியைச் சுற்றியுள்ள ஒருசில வணிகத் தொழில்முயற்சியாளர்கள்  இந்த வேலையைச் செய்துகொள்கிறார்கள். சனாதிபதிக்கு எல்லையற்ற அதிகாரங்களைப் பெற்றுக்கொடுத்து பாராளுமன்றத்தில் 2/3 ஐப் பெற்றுக்கொடுத்து ஒருசில வணிகத்தொழில் முயற்சியாளர்களுக்கு நாட்டை ஆட்சிசெய்வதற்கான வாய்ப்பு  உருவாகி உள்ளது. அதில் ஒரு தொழில் முயற்சியாளர்  ஒட்டுப்படையொன்றைப் பராமரித்து வருகிறார். இது நாட்டின் சனநாயத்தின் வழியுரிமைக்கு அச்சுறுத்தலாகும். எனவே தேசிய மக்கள் சக்திக்கு எதிராக மேற்கொள்ளப்பட்ட ஒரு தாக்குதலாகவன்றி மக்கள் மீது மேற்கொள்ளப்பட்ட ஒரு தாக்குதல் என்பதாலேயே இந்த சம்பவம் தொடர்பான விசாரணைகள் மேற்கொள்ளப்படல் வேண்டும். அதைப்போலவே இந்த ஆட்களைப் பற்றி அறிந்து கொள்வதற்காதன உரிமை மக்களுக்கு உண்டு.

Show More

බිත්තර ප්‍රහාරය පසුපස සිටින්නේ ආණ්ඩුවයි

ජාතික ජන බලවේගයේ ගම්පහ සමුළුවට බිත්තර ප්‍රහාරයක් එල්ල කළ සිදුවීමට වගකිව යුතු දෙදෙනෙක් අත්අඩංගුවේ පසුවෙනවා. ඔවුන් දෙදෙනා විසින් කරන ලද හෙළදරව් කිරීම් ඔස්සේ කරුණු සොයා බැලීමේදී මේ සිදුවීම පිටුපස වගකිව යුතු පුද්ගලයෙක් හෝ කණ්ඩායම් සිටින බව පැහැදිලියි. මෙය අපරාධමය වරදක්. අපරාධ නීතියේ මූලික සිද්ධාන්ත සම්පූර්ණ කර තිබෙනවා. සංවිධානාත්මක කල්ලියක ප්‍රහාරයක්. පොලිස්පතිවරයා මේ දක්වා ගෙන ඇති […]

ජාතික ජන බලවේගයේ ගම්පහ සමුළුවට බිත්තර ප්‍රහාරයක් එල්ල කළ සිදුවීමට වගකිව යුතු දෙදෙනෙක් අත්අඩංගුවේ පසුවෙනවා. ඔවුන් දෙදෙනා විසින් කරන ලද හෙළදරව් කිරීම් ඔස්සේ කරුණු සොයා බැලීමේදී මේ සිදුවීම පිටුපස වගකිව යුතු පුද්ගලයෙක් හෝ කණ්ඩායම් සිටින බව පැහැදිලියි. මෙය අපරාධමය වරදක්. අපරාධ නීතියේ මූලික සිද්ධාන්ත සම්පූර්ණ කර තිබෙනවා. සංවිධානාත්මක කල්ලියක ප්‍රහාරයක්. පොලිස්පතිවරයා මේ දක්වා ගෙන ඇති පියවර මොනවද? හරිහමන් කට උත්තරයක්වත් අරගෙන නැහැ. ශ්‍රී ලංකා පොලිසිය මේ සම්බන්ධයෙන් සාක්ෂි දාමය සොයාගත යුතුයි. මේ දම්වැලේ පුරුකෙන් පුරුකට යන්න හැකියාව පොලිසියට තිබෙනවා. දුරකතන පරීක්ෂා කරන්න සීසීටීවී දර්ශන බලන්න හැකියාව තිබෙනවා. නමුත් ඒවා පාවිච්චි කර ගන්න පාටක් පේන්නේ නැහැ.

ප්‍රසන්න රණතුංග විසින් ලිපි දෙකක් ඉදිරිපත් කළා ජනාධිපතිට සහ පොලිස්පතිට වහාම පරීක්ෂණයක් කරන්න කියලා. ඒක දැක්කම මට නම් හිතුනේ හොරාම දුවනවා හොරා අල්ලපියෝ කියලා වගේ වැඩක් කියලා. කෙසේ නමුත් කැබිනට් ඇමතිවරයෙක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලලත් තවමත් කටඋත්තරයක් ගෙන නැති එක ගැන අපිට ප්‍රශ්නයක් තිබෙනවා. මේකට සම්බන්ද පුද්ගලයින්ගේ ඡායාරූප ප්‍රසිද්ධ වුනා. මේකට ආපු එක් අයෙක් මහගෙදර විජයආරච්චිගේ රන්මල් අසිත කුමාර විජේරත්න (පෙර නම – ගේබි්‍රයල් රත්මල් අසිත කුමාර) දෙවැන්නා ආනන්ද බණ්ඩාර, ගම්පොල. එක් පුද්ගලයෙක් ඇවන්ට්ගාඩ් සමාගමට සම්බන්ධ ඡායාරූපවල සිටිනවා. මේ සංවිධානාත්මක කල්ලිය ඇවන්ගාඩ් සමාගමට සෘජුවම සම්බන්ධයි. ජනාධිපතිවරයාගේ කිට්ටුවන්තම පුද්ගලයෙක් තමයි ඇවන්ගාඩ් සමාගමේ සභාපතිවරයා. 

අද රමේෂ් පතිවරණ ඇමතිවරයා කියනවා මේක ආණ්ඩුව අපහසුතාවයට පත්කරන්න කරපු වැඩක් කියලා. අපි කියනවා ජනාධිපතිවරයාගේ සමීපතමයාගේ පුද්ගලික ආරක්ෂක ආයතනයේ පිරිසක් තමයි මේ ප්‍රහාරයට සම්බන්ධ වෙලා තිබෙන්නේ. ඒ නිසා අපි කියනවා ආණ්ඩුව සෘජුවම සම්බන්ධයි කියලා. මේ ගැන ජනාධිපතිවරයා පරීක්ෂණයක් කළ යුතුයි. අපිට ව්‍යවස්ථාවෙන් ලබාදී ඇති අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් තිබෙනවා. ජාතික ජන බලවේගයට තිබෙන ජනතා ආකර්ෂණය දරාගන්න බැරිව කරන ලද ප්‍රහාරයක් මේක. සැකකරුවන් අත්අඩංගුවේ ඉන්නවා. පරීක්ෂණ ඉදිරියට කරගෙන යන්න පොලිසියට පුළුවන්. අඹේපිටිය ඝාතන සිදුවීම අපිට මතකයි. වෙඩි තැබුවේ වෙනත් පුද්ගලයෙක්. අන්තිමට පොට්ට නවුෆර් තමයි මරණ දඩුවමට ලක්වුනේ අනුබල දීම නිසා. ඒ නිසා මේ බිත්තර ප්‍රහාර සිදුවීමට ඇත්ත වගඋත්තරකරුවන් වන්නේ රුපියල් 5000 අරගෙන ආපු අය නෙවෙයි. මේ සිදුවීමට අනුබල දුන්න පුද්ගලයා තමයි ඇත්ත වගඋත්තරකරු වෙන්නේ. ජනාධිපතිවරයා මීට මැදිහත්වීමක් කළ යුතුයි. ඇත්ත වගඋත්තරකරු හෙළිකරන්නේ නැතිනම් මේක පිටුපස ආණ්ඩුව සිටින බවට සැකයක් නැහැ. ඒ වගේම අපි මේ පරීක්ෂණ ගැන අවධානයෙන් ඉන්නවා. 

බිත්තරය ආරම්භයක් පමණයි. මින් පසු ඕනෑම දෙයක් සිදුවිය හැකියි. සියලු දේ වගකීම ජනාධිපතිවරයා ඇතුළු මේ කණ්ඩායම බාරගත යුතුයි…

නීතිඥ උපුල් කුමරප්පෙරුම

මේ සිදුවීම සාමාන්‍ය බිත්තර ප්‍රහාරයක් නෙවෙයි. විරුද්ධවාදියෙක්ට බිත්තර, තක්කාලි ගහනවා වගේ සාමාන්‍ය දෙයක් නෙවෙයි. මේ පිටුපස බරපතල තත්වයක් තිබෙනවා. අත්අඩංගුවට ගත් අය කියලා තිබෙනවා මෙය මෙහෙයවූයේ ප්‍රසන්න රණතුංග කියලා. ඒ වගේම සිදුවීමට සම්බන්ධ එක් පුද්ගලයෙක් ඇවන්ගාඩ් සමාගමට සම්බන්ධයි කියලා මූලික පරීක්ෂණවලදී හෙළිවෙලා තිබෙනවා. මොකක්ද මේ ඇවන්ගාඩ් ආයතනය කියන්නේ. මේ රටේ ත්‍රීවිධ හමුදාවේ සහ පොලිසියේ ආයුධ කුලියට අරගෙන පවත්වාගෙන යන කුලී හමුදාවක්. මේ ආයතනයේ ලංකාවේ හමුදාවල් සතුව තියෙන ටී56, ඒකේ47 ටී81 මැෂින්ගන් සබ් මැෂින්ගන් ආදී සියලුම වර්ගයේ ආයුධ තිබෙනවා. ඒ වගේම මේක අතුරු හමුදාවක්. මේ අතුරු හමුදාව සම්බන්ධයෙන් නොයෙකුත් විවේචන තිබුණා. ඒ නිසා එම සමාගම සතුව තිබුණ ව්‍යාපාර කටයුතු නාවික හමුදාවට බාරදුන්නා. මේ සමාගමේ හමුදාවෙන් විශ්‍රාම ගිය මේජර් ජනරල්ලා, නාවික හමුදාපතිලා සෙබලු සියල්ල ඉන්නවා. ඉතාම හොඳ පුහුණුවක් ලත් හමුදාවක්. එතකොට තිබෙන භයානකත්වය මොකක්ද? මේ සිදුවීම අල්ලගන්න බැරි වුනානම් මොකක්ද ඊළඟ වෙන්න පුළුවන්. 

මේක සාමාන්‍ය සිකියුරිටි ෆර්ම් එකක් නෙවෙයි. ආයුධ අතේ තිබෙන අතුරු හමුදාවක්. හමුදාවට සමාන හෝ වැඩි විනයක් තිබිය යුතුයි. හමුදාව රජයට වගකියනවා. මේ අතුරු හමුදාවට වගකියන්නේ කවුද? මේ ආයතනයේ සභාපතිවරයාම ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතාට, ජනතා විමුක්ති පෙරමුණට විශාල චෝදනා රාශියක් එල්ල කරල තිබෙනවා. අභියෝග එල්ල කරලා තියෙනවා. අපහාසාත්මක ප්‍රකාශ කරලා තිබෙනවා. මේ වගේ පුද්ගලයෙක් නායකත්වය දෙන අතුරු හමුදාවකට වගකියන්නේ කවුද? මේවැනි අතුරු හමුදාවකට ආයුධ දරන්න බලපත්‍රය දෙන්නේ ආරක්ෂක අමාත්‍යංශයයි. ආරක්ෂාව සපයන ආයාතනයක් වුනත් බලපත්‍රය දෙන්නේ ආරක්ෂක අමාත්‍යංශයයි. ඇවන්ගාඩ් ආයතනයේ පුද්ගලයින් පක්ෂ සමුළුවකට ප්‍රහාරයක් එල්ල කරනවානම් ඔවුන් කරන්නේ අදාල බලපත්‍රලාබී සමාගමේ කටයුත්තක්ද? ඒ ගැන මේ රටේ ජනතාව මාධ්‍ය වගේම ආරක්ෂක අමාත්‍යංශයත් හොඳට කල්පනා කරල බලන්න ඕනෑ. 

නිශ්ශංක සේනාධිපති රන්ජන් රාමනායක නිදහස් කර ගැනීමේ පණිවිඩකරු වෙනවා. ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරියත් ජනාධිපතිට පණිවිඩ ගෙනියන්න කියන්නේ සේනාධිපතිටයි. ඒකෙන් තේරෙනවා නේද නිශ්ශංක සේනාධිපති සහ ජනාධිපති අතර සම්බන්ධය මොකක්ද කියලා. එසේ නම් ජනාධිපතිවරයා මේ ගැන පරීක්ෂණයක් අනිවාර්යෙන් කළ යුතුයි. මෙහි බරපතල කාරණය වන්නේ මින් පස්සේ එන්නේ බෝම්බද කියන කරුණයි. පහුගිය කාලේ සිදුවුණු සිදුවීම් ජනතාවට මතකයි. දේශපාලන පක්ෂවලට මෙහෙම කරනවානම් සාමාන්‍ය ජනාතාවට කරන දේ මොකක් වෙයිද? ඒ නිසා පොලිසිය මේ විමර්ශන නිසිආකාරය කළ යුතුයි. දුරකතන ඇමතුම් විස්තර ලබාගන්න. සීසීටීවී දර්ශන විමර්ශනය කරන්න. දුරකතන සමාගම්වලින් විස්තර ලබාගන්න. මේ සැකකාර පුද්ගලයින් ගනුදෙනු කළ පුද්ගලයින් ගැන සොයන්න. මේවා විමර්ශනය කරන්න පොලිසියට හැකියාව තිබෙනවා. ඒ අනුව තමයි නියම චූදිතයා හඳුනාගත හැක්කේ. අපරාධ සම්බන්ධයෙන් විමර්ශණ ගැන ඕනෑ තරම් උදාහරණ තිබෙනවා. 

කටඋත්තරයක්වත් නොගෙන පොලිසිය නිද්‍රාශීලීව ඉන්නවා කියන්නේම පොලිසියට බලපෑමක් තිබෙනවා කියන කරුණයි. පොලිස්පතිතුමාත් පොලිසියේ අනෙකුත් නිලධාරීන් මතක තබාගත යුතු කරුණ වන්නේ ඔවුන් පඩි ලබන්නේ මහජන මුදලින් බව. ආණ්ඩු සදාකාලික පවතින්නේ නැහැ කියලත් පොලිසිය මතක තබාගත යුතුයි. එසේ නොමැතිනම් පොලිසියට උසාවි ගානේ රස්තියාදු වෙන්නත් සිදුවන බව මතක තබාගත යුතුයි. බිත්තරය කියන්නේ ආරම්භයක් විතරයි. මීට එහා ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. මින් පසු සිදුවන සියලුම සිදුවීම්වලට මේ කණ්ඩායම් වගකිව යුතුයි. ඇවන්ගාඩ් මුදලාලි කොතරම් තමන්ට සමීප වුවත් ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කළ යුතුයි.

ආණ්ඩුව තමන්ගේ කුණු වැඩ ටික කරගන්න අතුරු හමුදාවක් පවත්වාගෙන යනවා

නීතිඥ චරිත් ගල්හේන

පොලිසිය පැත්තෙන් සාදාරණයක් ඉටු වෙයි කියලා විශ්වාසයක් නැහැ. ලංකාවේ දේශපාලනයේ මැරයෝ යොදාගන්න එක ඉතිහාසයේ සිටම තිබුණා. විධායක ජනාධිපති ධුරය නිර්මාණය වීමත් සමඟ පාතාලය යොදා ගත්තා. ජේ ආර්ගේ සිට එය සිදු වුනා. හමුදා නිලධාරීන් යොදාගත්තා. ඔබට මත ඇති කලාකරුවන්, විද්වතුන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන් මාධ්‍යවේදීන් මැරයින්ගේ ප්‍රහාරයට ලක්වුනා. වර්තමානයේ උදා වෙලා තියෙන්නේ වෙනස්ම තත්වයක්. පොලිසිය හෝ හමුදාව පාවිච්චි කරන්නේ නැතුව දේශපාලකයින්ගේ අතේ කුණු ගාගන්නේ නැතුව දේශපාලකයින්ට අවශ්‍ය සියලුම ආකාරයේ කුණු වැඩ කරගන්න අතුරු හමුදාවක් නිර්මාණය කරගෙන තිබෙනවා. මේක භයානක තත්වයක්. මේක ජාතික ආරක්ෂාවටත් තර්ජනයක්. 

නවීන ආයුද සන්නද්ධ, ආයුධ ගැන සංඛ්‍යාලේඛන පවා නැතිව අතුරු හමුදාවක් දෙමළ මනුස්සයෙකුට හෝ මුස්ලිම් මනුස්සයෙකුට නඩත්තු කරගෙන යන්න පුළුවන්ද? මෙවැනි ව්‍යාපාරයක් ආරම්භ කළොත් රාජපක්ෂවරයෙකු පාලනයේ නොසිටින මොහොතක එවැනි ලයිසන් එකක් දුන්නොත් කොහොම විරෝධයක් එයිද? හමුදාවක නම් සෙබලෙකුට ආයුදයක් දුන්නොත් එම ආයුදයට භාවිතා කරන උණ්ඩයෙන් උණ්ඩයට වගකීමක් ඔහුට තිබෙනවා. අදාල සෙබලාට තිබුණ ආයුදයේ අංකයක් පවා තිබෙනවා. ජනතාවට රටට වගකියන්න බැදිලා නැති විනයක් නැති පිරිසකට ආයුධ ලබාදීලා අතුරු මැර හමුදාවක් පවත්වාගෙන යෑමේ තත්වයක් අද උදාවෙලා තිබෙනා. එය භයානකයි. පටන් ගන්නේ බිත්තරයකින් වෙන්න පුළුවන් ඉලක්කය අපි වෙන්න පුළුවන්. නමුත් මේක නතර වෙන්නේ කොහෙන්ද? 

ඉස්සර මැරයෝ නඩත්තු කළේ මන්ත්‍රීවරු ඇමතිවරු. ජනාධිපතිට අගමැතිට ඕන මැර වැඩ කරගන්න ඇමතිලා මන්ත්‍රීලා මැරයෝ නඩත්තු කරගෙන ගියා. අද ඒ තත්වය වෙනස් වෙලා ජනාධිපති වටේ ඉන්න ව්‍යාපාරිකයෝ කිහිප දෙනෙක් මේ වැඩේ කරගෙන යනවා. ජනාධිපතිට අතිශය ලබාදීලා පාර්ලිමේන්තුවේ 2/3ක් ලබාදීලා රට පාලනය කරන්න ව්‍යාපාරිකයෝ කිහිපදෙනෙක්ට අවස්ථාව උදාවෙලා. ඉන් එක් ව්‍යාපාරිකයෙක් අතුරු හමුදාවක් නඩත්තු කරනවා. මේක රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට තර්ජනයක්. විකල්ප මතයක් දැරීමට ජනාතාවට තියෙන අයිතියට තර්ජනයක්. ඒ නිසා මේ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ කළ යුත්තේ ජාතික ජන බලවේගයට එල්ල කළ ප්‍රහාරයක් නිසා නොව ජනතාවට එල්ල කළ ප්‍රහාරයක් නිසයි. ඒ වගේම ජනතාවට මේ පුද්ගලයින් ගැන දැන ගැනීමේ අයිතියක් තිබෙනවා. 

Show More

ඇමැතිවරු 25ක් හා නියෝජ්‍ය ඇමැතිවරු 25ක් පමණයි

රනිල් වික්‍රමසිංහ මහතා ඔහුගේ පාලන කාලයේදී රාජපක්ෂ කල්ලිය ආරක්ෂා කළේ  මහ බැංකු හොරකමෙන් බේරීමට බවත් කිසිදු දිනෙක දූෂිතයකු දූෂිතයකුට දඬුවම් දෙන්නේ නැති බවත් ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පවසයි. ජාතික ජන බලවේගයේ කළුතර දිසා සමුළුව අමතමින් අනුර කුමාර දිසානායක මහතා මේ අදහස් ප්‍රකාශ කළේය.  කළුතර නගර ශාලාවේදි පැවැති මේ සමුළුවේදී මන්ත්‍රිවරයා […]

රනිල් වික්‍රමසිංහ මහතා ඔහුගේ පාලන කාලයේදී රාජපක්ෂ කල්ලිය ආරක්ෂා කළේ  මහ බැංකු හොරකමෙන් බේරීමට බවත් කිසිදු දිනෙක දූෂිතයකු දූෂිතයකුට දඬුවම් දෙන්නේ නැති බවත් ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පවසයි.

ජාතික ජන බලවේගයේ කළුතර දිසා සමුළුව අමතමින් අනුර කුමාර දිසානායක මහතා මේ අදහස් ප්‍රකාශ කළේය. 

කළුතර නගර ශාලාවේදි පැවැති මේ සමුළුවේදී මන්ත්‍රිවරයා මෙසේද කීය.

ඔබලා බලයට ආවම දූෂිතයන්ට දඬුවම් දෙනවද. මීට කලින් ආව අයත් ඔහොම කිව්වා. නමුත් කියපු විදිහට කළේ නැහැ කියලා ජනතාව අපෙන් අහනවා. දූෂිතයකුට දඬුවම් දියහැකි වන්නේ අදූෂිත දේශපාලන බලවේගයකට පමණයි. ඒක පරම සත්‍යයක් බව අමතක නොකළ යුතුයි. එක් දූෂිතයකු තව දූෂිතයකු ආරක්ෂා කිරීම යනු එම දූෂිතයාට අපේක්ෂිත ඇප ලබා ගැනීමයි.

 යහපාලන ආණ්ඩු කාලයේ දඬුවම් දීමේ බලයක් මට තිබුණා කියලා පසුගිය දවසක ජොන්ස්ටන් ඇමැතිතුමා පාර්ලිමේන්තුවේදී හයියෙන් කෑගහලා කිව්වා. එහෙම බලයක් එදා මට තිබුණා නම් පාර්ලිමේන්තුවේ ඉස්සරහ පේළියෙ අද  ඔය කවුරුවත් නැහැ කියලා මම ඊට පිළිතුරු දුන්නා. එහෙම කියන්න පුළුවන් අදූෂිත ව්‍යාපාරයකට හෝ අදූෂිත පුද්ගලයකුට පමණයි. එහෙම නැති නම් පහුවැනිදා ඇතුළට යන්න වෙනවා. ඒක රාජිත, සජිත් නැතිනම්  කිරිඇල්ල හරි කිව්වොත් පහුවැනිදට නඩු පිට නඩු වැටෙනවා.

අපේ රටේ දූෂණය කියන්නෙ පොලිසියෙ නිලධාරියකු, ග්‍රාමසේවක නිලධාරියකු නෙමෙයි. දූෂණය රටකට ප්‍රශ්නයක් වෙන්නෙ පාලකයා දූෂිතයකු, හොරකු වුණාමයි. අපේ රටේ පාලකයා හොරෙක්. ඒ වගේම පාලනය හොර කල්ලියකට භාරවෙලා තියෙනවා. අමාත්‍යාංශයේ මහ පුටුවෙ වාඩිවෙන්නෙ අද ගිහිල්ලා කීයක් හොයනවද කියලයි. අපේ රටේ මෙතෙක් බිහිවෙලා තියෙන්නෙ දූෂිත ආණ්ඩු නම් අපි අදූෂිත ආණ්ඩුවක් හදනවා. ඒ වගේම අපේ රටේ මහජන දේපළ හොරාකන සුපිරි චෞර වළල්ල නීතිය හමුවට පමුණුවනවා. විශේෂයෙන් ඔවුන් හොරා කෑ මහජන දේපළ යළි අත්පත් කරගන්නවා.

“පාර්ලිමේන්තුව කේන්ද්‍රකරගත් පාලන ක්‍රමයත් විධායකය කේන්ද්‍ර කරගත්ත පාලන ක්‍රමයත් යන මේ දෙකම ලෝකයේ රටවල තියෙනවා. අවුරුදු 29ක් අපේ රට පාර්ලිමේන්තුව කේන්ද්‍ර කරගෙන පාලනය කළා. අවුරුදු 44  විධායක ජනාධිපති ධුරය  කේන්ද්‍ර කරගන පාලනය කර තිබෙනවා. අපේ ජීවිතවල වැඩිම කාලයක් ගෙවිලා තියෙන්නෙ මේ විධායක ජනාධිපති ක්‍රමයේ පාලනයත් සමඟයි. මේ විධායක ජනාධිපති ක්‍රමය අපේ රටේ සංස්ථා, සමාගම්, මණ්ඩල, ව්‍යුහයන්වල ප්‍රජාතන්ත්‍රවාදය මුළුමනින්ම බිඳ වට්ටලා තියෙනවා. 

විධායක ජනාධිපති ක්‍රමය කියන්නෙ නරකම ක්‍රමයකුත් නෙමෙයි. නමුත් අපේ රටේ මේ පුටුවෙ වාඩිවෙන්න තරම් මේ මිනිසුන්ගෙ මනස දියුණු නැහැ. මේ පුටුවෙ පිස්සෙක් වාඩිවුණොත් මොකක් වෙයිද කියල මේ ක්‍රමය ආරම්භයෙදීම ප්‍රශ්න කළා. දැං වෙලා තියෙන්නෙ ඒක තමයි. මේ විධායකය කේන්ද්‍ර කරගත්ත පාලන ක්‍රමය වෙනුවට පාර්ලිමේන්තුව කේන්ද්‍ර කර ගත්ත ප්‍රජාතන්ත්‍රවාදය  ශක්තිමත් කරන නවතම පාලන ක්‍රමයක් අපි  මේ  රටේ ස්ථාපිත කරනවා.

තමන්ගෙ දැනුමෙන්, තමන්ගෙ ධනයෙන් මේ රටට ධනය උත්පාදනය කරන මේ රටේ ව්‍යවසායකයන්ට අපි හරිම ආදරෙයි. අපි ඔවුන්ට ගෞරව කරනවා. හැබැයි මහජන දේපළ එක්රැස් කරලා පොදි බැඳගන ඉන්න අය සමඟ නම් අපේ කැමැත්තක් නැහැ. ඒ අය සමඟ නම් තරහයි. ආණ්ඩුව හදන රටේ සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමේදී රාජ්‍ය අංශයට සහ පෞද්ගලික අංශයට සාමූහික වැඩක් තියෙනවා. ඒ සඳහා පෞද්ගලික අංශයට ආරාධනා කරනවා. ආණ්ඩුවෙන් ආර්ථික ඉලක්ක සැපයිය යුතුයි. ඒ අනුව ආයෝජකයන් කැඳවිය යුතුයි. නමුත් එවැන්නක් අපේ රටේ සිදුවෙන්නෙ නැහැ. උත්සාහවන්ත, බලාපොරොත්තු සහිත, දියුණුවන  ව්‍යවසායකයන් අපේ ආර්ථිකයේ ප්‍රධාන  එන්ජිම බවට  පරිවර්තනය කරනවා. මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට විදේශ වෙළෙඳපොළ සොයාදීමට අපේ තානාපති සේවය  මුළුමනින්ම යොදවා ගන්නවා.

මෙතෙක් මේ රටේ ගොඩනැඟුණු සෑම අමාත්‍යාංශයකටම වඩා අවංක, අදූෂිත, කැපකිරීම් කරන, එම ක්‍ෂේත්‍රය පිළිබද දැනුම  අපේ ආණ්ඩුවක් යටතේ පත්කර ගන්නවා.

ඇමැතිවරු 25ක් හා නියෝජ්‍ය ඇමැතිවරු 25ක් පමණයි අනිවාර්යයෙන් අපි තෝරා ගන්නේ.

සීතල යුද්ධයක් තිබෙන කාලයකත්  කඳවුරු දෙකක කණ්ඩායම් ගෙනැල්ලා නොබැඳි ජාතීන්ගේ සමුළුව තියන්න පුළුවන් විදිහේ හොඳ විදේශ ප්‍රතිපත්තියක් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට තිබුණා. ඇයට මා ඒ  ගැන ස්තුතිවන්ත වෙනවා. නමුත් ඉන්පසු අපට විදේශ ප්‍රතිපත්තියක් තිබුණෙ නැහැ. අද ලෝකයේ බල කඳවුරු රාශියක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා මේ කිසිවෙක්ගේ කරට අත නොදා ගන්නා නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් අප ක්‍රියාත්මක කරනවා. 

පසුගියදා පාර්ලිමේන්තුවට පැමිණි  ජනාධිපතිතුමාට  රාජාසන කතාවේදී කියන්න තිබුණෙ “මා කෘෂිකර්මාන්තය පිළිබඳ යහපත්  සංකල්පයක් ගෙනාවා, ආපසු හැරී බලද්දි ඒ සංකල්පය වැරැදී ඇති බව පෙණුනා. ඒ නිසා නිහතමානීව වැරැද්ද පිළිගෙන ඒක නිවැරදි කරන්න සූදානම්  කියලයි. මම බලා හිටියා ජනාධිපතිවරයා එහෙමවත් කියාවි කියලා. සැබෑ නායකයො  එහෙමයි.  නමුත් මෙයා කියන්නෙ මේක මම අත් අරින්නෙ නැහැ. මරාගන මැරෙන්න හදනවා. අපි සියල්ල දත් අය නෙමෙයි. නමුත් දැනුම් සම්භාර සමාජයේ තියෙනවා. ඒ පිළිබඳ දැනුමක්, අධ්‍යයනයක් කළ පරිචයක් තියෙන  විශාල සමාජ කණ්ඩායමක්  සිටිනවා. ඒ අයව  පිටමං කර තිබෙනවා. ඒ නිසා දඩබ්බර හිතුවක්කාරි, ආඩම්බරකාර, ඔළුව උදුම්මා ගත් උද්දච්ච පාලනයක් වෙනුවට මිනිසුන්ට සැබැවින්ම ඇහුම්කන් දෙන පාලනයක්, පාලකයකු අවශ්‍යයි. මේක පවුලක එක පුද්ගලයෙක්ට අයත් දේපළක්, පරවේනි බූදලයක් නෙමෙයි. මේක අපි සියලු දෙනා උපන් මාතෘ භූමිය බව අමතක නොකළ යුතුයි.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස 

 

මේ වෙලාවෙ ආණ්ඩුවෙ තියෙන අර්බුදය පාවිච්චි කරලා එතැනින් කොටසක් කඩාගෙන ඇමැති තනතුරු පොරොන්දු වෙලා, විවිධ වරදාන, වරප්‍රසාද දෙන්න පොරොන්දු වෙලා, සංස්ථා සභාපතිකම්  ලැයිස්තුවක් පෙන්නලා ආණ්ඩුවක් අටව ගන්න සජිත් ප්‍රේමදාසයේ කට්ටිය මාන බලමින් සිටිනවා. ඒක හරි පහසු වැඩක්. ඒකට වුවමනා සල්ලි  සහ පොරොන්දු විතරයි. නමුත් එවැනි වර්ගයේ ඔළුගෙඩි මාරු කරල අටවා ගන්න ආණ්ඩුවලින් මේ රටේ ප්‍රශ්නවලට උත්තර නැහැ කියන එක දැන් ඕනෑවටත් වඩා ඔප්පු වෙලා තියෙනවා.

  මේ රටේ ආණ්ඩු බලයක්  ගන්නත් ඒ හරහා මේ රට ගොඩනඟන්න පුළුල් මහජන ව්‍යාපාරයක් අවශ්‍ය වෙනවා. දේශපාලන පක්ෂ, දේශපාලන ව්‍යාපාරවලින්  ඔබ්බට ගිය දැවැන්ත මහජන ව්‍යාපාරයක් අවශ්‍යව තියෙනවා. නිදහසින් පසු ගතවූ අවුරුදු 74ක කාලය  තුළ එවැනි රට   ගොඩනැඟිය හැකි  මහජන ව්‍යාපාරයක් බිහිවෙලා නැහැ. ජවිපෙ මුල්වෙලා ජාතික ජන බලවේගය නමින් ගොඩනඟමින් තිබෙන්නේ ඒ මහජන ව්‍යාපාරයයි.

හිටපු අමාත්‍යාංශ ලේකම්, ග්‍රන්ථ කර්තෘ, නීතිඥ – ඒ. පී.ඒ.  ගුණසේකර

“රට බිඳවැටෙන විට රාජ්‍ය සේවයේ බිඳ වැටීම ගැන අමුතුවෙන් කිවයුතු නැහැ. මේ රටේ රාජ්‍ය සේවය මේ වැටිලා තියෙන නරාවළෙන් ගොඩගැනීමට ජාතික ජන බලවේගයට ඉහළම වගකීමක් පැවරෙනවා. ඒ කටයුත්ත වෙනුවෙන් උරදී තිබෙන්නෙ ජාතික ජන බලවේගය පමණයි. අනෙක් සෑම පක්ෂයක්ම, සෑම ආණ්ඩුවක්ම රාජ්‍ය සේවය පරිහානියට  පත්වන ආකාරයට කටයුතු සිදුකර තිබෙනවා.

අපේ රටේ මන්නාරම් ද්‍රෝණියේ ස්වාභාවික ගෑස් නිධි තියෙනවා. ස්ථීර දර්ශනයක් තියෙන පාලකයො හිටියා නම්, කොන්ද කෙළින් තියාගන වැඩ කරන්න නිලධාරීන්ට ඉඩක් තිබුණා නම් අද අපට පිටරටින් ගෑස් නැවක් එනතුරු පෝලිමේ බලා ඉන්න වෙන්නෙ නැහැ. අපි මේ ප්‍රපාතයට වැටිල තියෙන්නෙ නිදහසින් පසු මේ රට පාලනය කළ දේශපාලනඥයන්ගේ අමන මරි මෝඩකම් නිසයි.

 

කැලණිය විශ්වවිද්‍යාලයේ ක්‍රිස්තියානි අධ්‍යයන අංශයේ ජේ‍යෂ්ඨ කථිකාචාර්ය, ජාතික ජන බලවේගයේ  විධායක සභික ආචාර්ය විජිත් රොහාන් ප්‍රනාන්දු

“මේ පවතින පාලන ක්‍රමය තුළ අපේ මානව උදාරත්වය පවා නැතිවෙමින් යනවා. මේ රටේ සියල්ලන්ට සම අධ්‍යාපනයක් පිළිබඳ සිහිනය හැමදාමක් සිහිනයක් වෙමින් තිබෙනවා. මේ රටේ අසමාන අධ්‍යාපන පහසුකම් හේතුවෙන් අපේ රටේ   නැති බැරි අසරණ  මිනිසුන් විශාල පිරිසක් අසරණභාවයට ලක්වෙනවා. මේ තත්ත්වය නැති කිරීමට කැපවුණු රාජ්‍යතාන්ත්‍රික නායකත්වයක් අපට අවශ්‍ය වෙනවා.

 මේ කාරණය වෙනුවෙන් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන බලවේගයක් බවට පත්කළ යුතුයි. මේක සාමූහික ප්‍රයත්නයක්.  ආඩම්බරයෙන් වැජඹෙන නායකයො, එහෙම  නැති නම් ඔටුනු පලඳවන රජවරු, අප අතර නැහැ. අප අතර ඉන්නෙ සේවක නායකත්වයකින් යුතුව කිසිම පෞද්ගලික දෙයක්  බලාපොරොත්තු නැති දේශපාලනය කරන්නට කැමැති පිරිසක්. එවැනි බලවේගයක් ඔබ ජයග්‍රහණය කළහොත් මේ රටේ මේ දූෂිත දේශපාලනය නැති කළ හැකි වෙනවා.”

එංගලන්තයේ නොටිංහැන් විශ්වවිද්‍යාලයේ සහ මොරටුව විශ්වවිද්‍යාලයේ ජේ‍යෂ්ඨ කථිකාචාර්ය ව්‍යවසායිකා වජිරා ප්‍රියදර්ශනි පීරිස් මහත්මියද මෙහිදී අදහස් දැක්වූවාය.

ප්‍රදේශයේ ආගමික නායකයන්, විවිධ වෘත්තිකයන්, විද්වතුන්, ප්‍රවීණ කලාකරුවන්  ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

මතුගම _ වසන්ත කුමාර (මව්බිම)

Show More