Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

NPP News

මේ විදිහට ගියොත් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා

ජාතික ජන බලවේගයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව එකමුතුව හැටියට මේ මාධ්‍ය හමුවේදී පවතින ගැටලු හා විසඳුම් සාකච්ඡා කර ගැනීමට අපේක්ෂා කරනවා. අපේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත නොසලකා හරින තත්වයක තිබුණත් ලෝක පරිමාණයෙන් සහ අපේ රට තුළිනුත් ඔවුන්ගෙන් ආර්ථිකයකට ලැබෙන දායකත්වය ප්‍රබලයි. ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ 80%කට වැඩි ප්‍රමාණයක් නියෝජනය කරන්නේ මේ ක්ෂේත්‍රයෙන්. සේවා […]

ජාතික ජන බලවේගයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව එකමුතුව හැටියට මේ මාධ්‍ය හමුවේදී පවතින ගැටලු හා විසඳුම් සාකච්ඡා කර ගැනීමට අපේක්ෂා කරනවා. අපේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත නොසලකා හරින තත්වයක තිබුණත් ලෝක පරිමාණයෙන් සහ අපේ රට තුළිනුත් ඔවුන්ගෙන් ආර්ථිකයකට ලැබෙන දායකත්වය ප්‍රබලයි. ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ 80%කට වැඩි ප්‍රමාණයක් නියෝජනය කරන්නේ මේ ක්ෂේත්‍රයෙන්. සේවා නියුක්තියෙන් 50%ක් පමණ පවතින්නේ මේ ක්ෂේත්‍රයේයි. නමුත් මේ මොහොතේ පවතින විශාල අර්බුදය හමුවේ ආණ්ඩුව මේ සඳහා මැදිහත් වන්නේ නැහැ. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් තනි තනි පුද්ගලයන් හැටියට ගත්තාම නොසලකා හරිනවා. ආණ්ඩුව සමග ළඟින් ඉන්න ජාවාරම්කාරී කොටස්වලට පමණක් උපකාර කරන තත්වයක් පවතින්නේ. ඉදිරිපත් කර තිබෙන අතුරු අයවැයේ අංග විශ්ලේෂණය කර බැලුවාම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාකයන් සම්බන්ධයෙන් කිසිම සඳහනක් නැහැ. ඒ වෙනුවට ආරක්ෂක වියදම් සහ මහජනතාවට සොච්චම් ගෙවීමක් කරමින් දේශපාලන ව්‍යාපෘති පවත්වාගෙන යාමට කටයුතු කර තිබෙනවා. මේ තත්වය දිගටම ගියහොත් සුළු මධ්‍ය පරිමාණ කර්මාන්ත සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා. එයින් ආර්ථිකයට මීට වඩා බරපතළ අනතුරු සිදුවෙනවා.

ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්ති කමිටු සභාපති – මහාචාර්ය අනිල් ජයන්ත


මෙම කර්මාන්තකරුවන්ට තවදුරටත් ක්ෂේත්‍රයේ නියැලෙන්න බැරි තත්වයක් තිබෙනවා. අපනයන නිෂ්පාදනය කරන අයට අමුද්‍රව්‍ය ආනයනය කර ගන්න බැහැ. ආනයනය අමුද්‍රව්‍ය මිල ගණන් ඉහළයි. නිෂ්පාදන පිරිවැය අසීමාන්තිකව ඉහළ ගිහිල්ලා. වෙළඳපොළ ප්‍රශ්නය ඇතිවී තිබෙනවා. මේ ක්ෂේත්‍රයට බලපාන ප්‍රධාන අංශ දෙකක් වන මූල්‍ය ශක්තිය ලබාදීම ඉතාමත් අඩු මට්ටමක පවතින්නේ. මේ ව්‍යවසායන් තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර සහ සමාගම් හැටියට ව්‍යාප්ත වුණත් ව්‍යවසායක පහසුවක් නිර්මාණය කර දී නැහැ. අරගල කරමින් පවත්වාගෙන යාමක් තිබෙන්නේ. ස්වකැමැත්ත සහ හැකියාව මත ක්ෂේත්‍රයේ හිටියත් පවත්වාගෙන යාමේ බරපතළ දුෂ්කරතාවයක ඉන්නවා. මේ තත්වය තුළ ආණ්ඩුව මැදිහත් නොවුණොත් ව්‍යවසායන් වසාදමා ඒ තුළ පවතින සේවා නියුක්තිය වියුක්තියක් බවට පත්වෙනවා. මේ නිසා ව්‍යවසායකයන් රජයේ ආයතනවලට කතාකරමින් ආණ්ඩුව සමග සාකච්ඡා කරමින් විසඳුම් ඉල්ලා තිබෙනවා. නමුත් තනි තනිව මේ ප්‍රශ්නයට විසඳුම් ලැබී නැහැ. සමස්ත ආර්ථිකයේ කොඳුනාරටිය බවට පත්වී සිටියත් තනි තනි පුද්ගලයන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදුන්නත් රටේ සමස්ත ආර්ථිකය ඉහළ යන්නේ නැහැ. මේ නිසා රටේ ආර්ථිකය දියුණු කරන්න ජාතික ජන බලවේගයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක එකතුව හැටියට අපි අවධාරණය කරන්නේ පොදු හා සාමූහික ප්‍රයත්නයකට පැමිණිය යුතු බවයි. මේ එකතු කර ගන්නා අය අපේ සාමාජිකයන් හෝ ඡන්දදායකයින් බවට පත්කිරීමේ අරමුණක් නැහැ. නිශ්චිත වැඩපිළිවෙළක් යටතේ එය මෙහෙයවන්න අපිට බලය දෙන්න කියන පණිවිඩය ලබාදෙනවා. දේශපාලනිකව හෝ වෙනත් බැඳීම් පැත්තක තියලා අපේ නායකත්වය යටතේ ඍජුවම සම්බන්ධ වී අපේ ආර්ථිකය ගොඩගැනීමේ තිරසාර ප්‍රතිපත්තියකට එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.


අමුද්‍ර්‍ය සහ මිල ගණන් දිනපතා වෙනස්වීම අපනයන වෙළඳපොළේදීී බරපතළ ප්‍රශ්නයක්…

අපනයන ව්‍යවසායිකා – ලසංගි විමලරත්න

අපනයන ක්ෂේත්‍රයේ සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නියෝජනය කරමින් මම කරුණු දක්වන්නේ. ඔවුන්ගේ නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳපොළට ලබාදීමට මම කටයුතු කරනවා. ඔවුන් මේ මොහොතේ මුහුණ දී තිබෙන ප්‍රධාන ගැටලු කිහිපය අතර අමුද්‍රව්‍ය හිඟය ඉතා බරපතළයි. මේ වන විට විශාල වශයෙන් ඔවුන් ව්‍යාපාර වසා දමමින් සොයා ගන්නත් බැරි තත්වයකට පත්වී සිටිනවා. ප්‍රාග්ධන ප්‍රශ්න, අමු ද්‍රව්‍ය හිඟය, අමු ද්‍රව්‍ය මිල විශාලවශයෙන් වැඩි වෙමින් පවතිනවා. මීට අවුරුද්දකට කලින් සිටි ව්‍යවසායකයින් ගණනාවක් තමන්ගේ ව්‍යාපාර සම්පූර්ණයෙන්ම වහලා දාලා. උදාහරණයක් හැටියට බතික් කර්මාන්තයේ ඩයි වර්ගවල ඉහළ මිල ගණන් ඔරොත්තු දෙන්නේ නැහැ. අත්කම් නිර්මාණවල අමුද්‍රව්‍යවලට යොදා ගන්නා නියමිත ප්‍රමිතියේ භාණ්ඩ ලංකාවට ගෙන්වා ගන්න බැරි තත්වයක් තියෙන්නේ. චීනයෙන්, ඉන්දියාවෙන් ගෙන්වා ගත් අමුද්‍රව්‍ය සීමිත ප්‍රමාණයක් අතිවිශාල මිලකට අලෙවි කෙරෙනවා. සුළු ව්‍යවසායකයින්ට මේ තත්වය දරා ගන්න බැහැ. ප්‍රමිතියෙන් අඩු නිෂ්පාදනවලට ඔවුන් දැන් පෙළඹී සිටිනවා. නමුත් ඉතාමත් තරගකාරී ජාත්‍යන්තර වෙළඳපොළට මේවා ගෙනයන්න බැහැ. අනික් පැත්තෙන් විජලනය කරන ලද එළවළු සහ පලතුරු අපනයනය සම්පූර්ණයෙන්ම ඇනහිටලා. භූමිතෙල් ප්‍රශ්නය පවා කුඩා පරිමාණ ව්‍යවසායකයන්ට අතිශය බරපතළ බලපෑම් සිදුකර තිබෙනවා.
සුළු නිෂ්පාදකයින්ට අවශ්‍ය ඇසුරුම් පහසුකම් දැන් තිබෙන්නේ ඉතා විශාල මිල ගණන්වලටයි. ජාත්‍යන්තර වෙළඳපොළේ විකිණිය නොහැකි තරම් ඉහළ මිලක් ඇසුරුම් වෙනුවෙන් වැය කරන්න සිදුවෙනවා. ඉන්දියාව, වියට්නාමය, තායිලන්තය, චීනය වගේ රටවල් එක්ක ඉතා විශාල තරගයක් මැද හොඳ ගුණත්වයෙන් යුතු නිෂ්පාදන ලෝක වෙළඳපොළට අපි ඉදිරිපත් කරනවා. අපේ ගැනුම්කරුවෙකුට භාණ්ඩ අලෙවි කිරීමේදී මිල ගණන් දවසින් දවස වෙනස් වීම විශාල වශයෙන් බලපානවා. අමුද්‍රව්‍ය හිඟය සහ මිල ගණන් දවස ගානේ වෙනස් වීම අපනයන වෙළඳපොළේදී බරපතළ ප්‍රශ්නයක්. බිත්තර යොදාගෙන කරන ආහාර නිෂ්පාදන උදාහරණයක්. ජාත්‍යන්තර වෙළඳපොළේ නිශ්චිත මිලක් අඩුම වශයෙන් මාස තුනක්වත් තිබිය යුතුයි.  එවැනි තත්වයක් පවත්වාගෙන යන්න බැරි තත්වයක් අද තිබෙන්නේ. ඒ වගේම බහාලුම් හිඟය, නැව් පැමිණීම අඩුවීම, ගුවන් ප්‍රවාහනයේදී ඉතා ඉහළ අයකිරීමක් සහ ගුවන් ගමන් සීමිතවීමත් අතිශය බරපතළයි. ආහාර වර්ග අපනයනයේදී නරක් වෙනවා. මේ නිසා දැඩි මානසික පීඩනයක් යටතේ දැන් පවතින තත්වය පවා අපි පවත්වාගෙන යන්නේ. සියලුම අපනයනකරුවන්ට මේ තත්වයන් බලපා තිබෙනවා. ලංකාවට ඩොලර් අවශ්‍ය නිසා, අපේ අපනයන ජාත්‍යන්තරයට ගෙන යා යුතු නිසා, සියලු බාධක මැද්දේත් අපි කටයුතු කරනවා. නමුත් ආණ්ඩුවලට ප්‍රතිපත්තියක් නැතිකම ලොකුම ප්‍රශ්නයක් වෙලා. මේ තත්වයන් දිගුකාලීනව විසඳා ගත හැකි හරි තැනක හිටගන්න කියලා මම හැමෝටම කියනවා.

ව්‍යවසායකයින් ශක්තිමත් එකමුතුවක් හදාගන්න ඕනෑ…

ප්‍රවීණ ව්‍යවසායකත්ව උපදේශක – කිත්සිරි ජයවර්ධන


ලංකාවේ ව්‍යවසායකයන් කෘෂිකාර්මික, කාර්මික සහ සේවා වශයෙන් ප්‍රධාන ක්ෂේත්‍ර තුනක් යටතේ හඳුනා ගන්නවා. විශේෂයෙන්ම කෘෂිකාර්මික සහ කාර්මික ක්ෂේත්‍රයේ යෙදවුම්, අන්තර් භාණ්ඩ සහ අමතර කොටස් සහ මෙවලම් 100%ක්ම ආනයනය මත රඳා පවතිනවා. උදාහරණයක් හැටියට මෝටර් රථ ක්ෂේත්‍රයේ අලුත් වැඩියා සහ නඩත්තු සේවා වෙනුවෙන් කිසිදු ද්‍රව්‍යයක් අපේ රටේ නිෂ්පාදනය කරන්නේ නැහැ. ඉදිකිරීමේ ක්ෂේත්‍රයේ ඇලුමිනියම්, අනෙකුත් උපාංග, යකඩ, ඇතුළු සියල්ල ආනයනය කරනවා. මේ වටපිටාව තුළ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ හැටියට නම් කර, ආනයන සීමාවන් පනවා තිබෙනවා. කාර්මික ක්ෂේත්‍රයේ අර්ධ නිමි, නිමි සහ සේවා එකලස් කිරීම්, අලුත්වැඩියා කිරීම් සහ නඩත්තු කරන ව්‍යවසායන් විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ ආයතනවල සේවකයින්ට වැටුප් ගෙවීම විශාල ප්‍රශ්නයක් වී තිබෙනවා.

ඔවුන්ට අපි යෝජනා කරන්නේ තනි තනිව තමන්ගේ ජයග්‍රහණය සහ  දියුණුව වෙනුවෙන් කටයුතු කරනවා වෙනුවට අපි ශක්තිමත් එකමුතුවක් ව්‍යවසායකයන් හැටියට හදාගන්න ඕනෑ. ඒක අත්‍යවශ්‍යයි. මේ ව්‍යාපාර බලගැන්වීම ජාතික වැඩපිළිවෙළක් යටතට අරගෙන නැහැ. සුළු පරිමාණ ව්‍යාපාරවල සේවකයන් එක – දහය දක්වාත් සුළු පරිමාණ සේවකයන් 50ට අඩු සහ මධ්‍ය පරිමාණ 200ට අඩු වශයෙන් කතා කරනවා. ඔවුන් ගැන සැලකීමේදී රටේ මුළු සේවා නියුක්තියෙන් 53%ක් පමණ යෙදී සිටීම අමුද්‍රව්‍ය හිඟය නිසා රැකියා අහිමි වීමක් සිදුවෙනවා. අනික් පැත්තෙන් මේ අමුද්‍රව්‍යවල මිල ගණන් කොළඹ පාරිභෝගික මිල දර්ශකයින් කතා කරන 60% – 65% මට්ටමේ නොවෙයි පවතින්නේ. අධි උද්ධමනකාරී තත්වයක ඒ අමුද්‍රව්‍ය පවතින්නේ. මේ නිසාම මේ අමුද්‍රව්‍යවලට ඒකාධිකාරී තත්වයක් නිර්මාණය වී ගුණත්වය සහ මිල සම්බන්ධයෙන් විශාල ගැටලු ඇතිවී තිබෙනවා. කෘත්‍රිමව නිර්මාණය වුණු මිලක් තිබෙනවා. උදාහරණයක් හැටියට නානකාමර උපාංග, ගෙබිම අලංකරණ, ඇලුමිනියම් සම්බන්ධයෙන් ඒකාධිකාරයක් පවතින්නේ. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට මේක ඉතාමත්ම අනර්ථකාරී තත්වයක්. ඔවුන් සමාජයට, ආර්ථිකයට හෝ රජයට බරක් වූ අය නොවෙයි. ස්වෝත්සාහයෙන් කටයුතු කරන කණ්ඩායමක්. මේ නිසා මේ සියලු දෙනා අපිටම අනන්‍ය වූ ආකාරයකට එකතු කරන්න ඕනෑ. මේ අභියෝග ජයග්‍රහණ කරන්න ශක්තිමත් එකමුතුවක් අවශ්‍යයි. එහෙම නොවුණොත් ආයෝජනය කළ ප්‍රාග්ධනයක් අහිමි වී සියල්ල බිඳ වැටෙනවා.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් ජාත්‍යන්තරයට ගෙනයාම රජයක වගකීමක්…

ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික – දත්ත විශ්ලේෂක චතුරංග අබේසිංහ


අද අපි මුහුණ දී තිබෙන ප්‍රධාන ගැටලුව, පැවති ආණ්ඩු අපේ නිෂ්පාදන වර්ධනය කර ගන්න සැලසුම් ඉදිරිපත් නොකිරීමයි. මේ නිසා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කඩා වැටෙමින් තිබෙනවා. අපනයන ආදේශන කර්මාන්ත වර්ධනය කර ගත්තෙත් නැහැ. අපනයන කර්මාන්තවලට අත දුන්නෙත් නැහැ. සාමූහික දායකත්වයක් ලබාදෙන අපනයන නිෂ්පාදන ජාතික සැලැස්මක් අපි සකස් කර තිබුණේ නැහැ. එහෙම නොතිබුණු තත්වයක සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් තමන්ගේ ධෛර්යයෙන් සහ කැපවීමෙන් මේ රට මෙතැනට ගෙනත් තිබෙනවා. මෑතක සිට එතනින් අගාධයට වැටෙන්න ආණ්ඩුවල අත්තනෝමතික තීරණ හේතු වී තිබෙනවා. රටක එන්ජිම ව්‍යවසාකයන්. ඔවුන් නැති වුණොත් රටේ නිෂ්පාදන ඇති වෙන්නේ නැහැ. රැකියා අවස්ථා ඇති වෙන්නේ නැහැ. ව්‍යවසායකත්වය ජාත්‍යන්තර තලයට ගෙනයාම රජයක වගකීමක්. නමුත් විශේෂ මහා පරිමාණ ව්‍යවසායකයන්ට නැති ප්‍රශ්න ගණනාවක් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට තිබෙනවා. උද්ධමනය නිසා මිනිසුන්ගේ ක්‍රය ශක්තිය අඩු වෙලා වෙළඳපොළ සංකෝචනය වෙමින් ඉල්ලුම අඩු වී තිබෙනවා. මේ තුළ තම ව්‍යාපාර වසා දැමීමට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සිදුවී තිබෙනවා. මෙය දේශපාලනික සහ ආර්ථික පැත්තෙන් සලකා බැලිය යුතු බරපතළ ප්‍රශ්නයක්.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් මේ දක්වා අත්පත් කරගෙන තිබුණු වෙළඳපොළ මහා පරිමාණ ප්‍රාග්ධනයට යටවීමේ ප්‍රවණතාවක් ඇති වී තිබෙනවා. වෙළඳපොළ තරගකාරිත්වය නැතිවීමෙන් ගුණාත්මකභාවය, පාරිභෝගික ආරක්ෂණය නැතිවී යනවා. මෑතකදී පැනවූ ආනයන තහංචි නිසා පාරිභෝගික භාණ්ඩ වගේම කර්මාන්තවල යෙදවුම් සහ අමුද්‍රව්‍යවලටත් බරපතළ හිඟයක් ඇති වී තිබෙනවා. මේ නිසා ආර්ථිකයේ සිදුවන ව්‍යුහාත්මක වෙනස රටේ හෝ පාරිභෝගිකයාගේ යහපතට හේතු වෙන්නේ නැහැ. පසුගිය කාලයේ තිබුණු නවෝත්පාදන රැල්ල දැන් කඩා වැටෙමින් යනවා. ඔවුන් සම්බන්ධයෙන් පැවති ආණ්ඩුවලට හෝ පවතින ආණ්ඩුවට අවබෝධයක්වත් නැහැ. ඉදිරිපත් කළ අයවැයෙන්වත් ඔවුන් සම්බන්ධයෙන් අවධානයක් යොමු නොකර එදා වේල සොයා ගැනීමට විවිධ පැලැස්තර අලවමින් තිබෙනවා. පාරිභෝගික අවශ්‍යතා ඉෂ්ට කිරීමට අනිවාර්යයෙන්ම විශාල වශයෙන් ආනයන සිදුකරන්න වෙනවා. අපේ රටේ සහල් නිෂ්පාදනය බිඳවැටීමෙන් ඇති වී තිබෙන්නේ ඒ තත්වයයි. බිත්තර නිෂ්පාදනය, බෝග වගාව, අත්කම් කර්මාන්ත සහ යෙදවුම් කර්මාන්ත බිඳවැටී අපනයන ඉහළ දමන්නේ කොහොමද කියලා ප්‍රශ්න කරන්න වෙනවා. පවතින මේ තත්වයන් යටතේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් ජාතික සැලැස්මක් අවශ්‍යයි. ඒ නිසා අපේ ජවය, සාමූහිකව ක්‍රියාත්මක වීම, තුළින් බැංකු පද්ධති, අධ්‍යාපන ආයතන සහ රජයේ අනෙකුත් ආයතනවලින් ඉටුකර ගත යුතු කාර්යයන් වෙනුවෙන් එකමුතු වෙන්න ඕනෑ. අපේ දේ ගමු කියලා එක යුගයක හැදූ සහයෝගීතාවය දැන් යළිත් අවශ්‍ය වී තිබෙනවා. ව්‍යවසායකයන්ට අපි ආරාධනා කරන්නේ මේ ප්‍රශ්නයට සාමූහිකව මුහුණ දෙමු කියලයි. පාරිභෝගිකයන්ට ආරාධනා කරන්නේ දේශීය ව්‍යවසාකයින්ගේ ප්‍රශ්නවලට විසඳුම් නොදෙන රජයට ඇඟිල්ල දිගුකරන්න කියලයි.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු :-

ප්‍රශ්නය:- සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාකයින් කඩා වැටීම රටේ ආර්ථිකයට බලපාන්නේ කොහොමද?


පිළිතුර:-
මේ බලපෑම සරලව ගන්න බැහැ. අයි.එම්.එෆ්. එකෙන් බිලියන තුනක් ආවාම ප්‍රශ්නය විසඳෙනවා කියලා සමහර අය කතා කරනවා. ඊට වැඩිය ගැඹුරු අර්බුදයක අපි ඉන්නේ. මේ එන්ජිම දුවන්නේම සුළු මධ්‍ය පරිමාණ ව්‍යවසාකයන්ගෙන්. මහා පරිමාණ ව්‍යවසායකයන්ට මූල්‍ය ආයතනවලින් තිබෙන සහයෝගයෙන් සහ යම් කාලයක් ඔවුන්ට රඳා පවතින්න පුළුවන්. පාස්කු ප්‍රහාරය, කෝවිඩ් සහ දැන් පවතින ආර්ථික කඩා වැටීමත් එක්ක සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යසායකයන්ට තවදුරටත් දරාගෙන ඉන්න අමාරුයි. රජය වහාම නිසි පිළියම් නොයෙදුවහොත් පවතින ආර්ථික අර්බුදයට වඩා භයානක තත්වයක් ඇතිවේවි කියලා අපි අනතුරු අඟවනවා.

ප්‍රශ්නය:- අයි.එම්.එෆ්. එක ඩොලර් මිලියන 2.9ක විස්තීරණ ණය පහසුකම් ලබාදෙන්නත් එකඟ වී තිබෙනවා. මේකෙන් රටේ ආර්ථිකය ඔසවා ගත හැකි යැයි සිතනවාද?


පිළිතුර:-
විස්තීරණ අරමුදල් පහසුකම ලබාදෙන්නේ ගෙවුම් ශේෂ දුෂ්කරතා හෝ ණය ගෙවා ගැනීමේ දුෂ්කරතා මඟහරවා ගන්න. ණය ප්‍රතිව්‍යගත කිරීමේදී යම් එකඟතාවලට පැමිණීම මූලික කොන්දේසියක් වී තිබෙනවා. කෙසේ හෝ අපේ රට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදයේ ස්වභාවය අනුව එයින් ගොඩයන්න මේ තුළින් බැහැ. නමුත් කෙටිකාලීනව ණය අර්බුදයේ පීඩනය යම් ප්‍රමාණයකින් අවම කර ගන්න පුළුවන්. අවුරුද්දකින් ගෙවන්න තිබෙන ණය අවුරුදු කිහිපයකින් ගෙවන්න ප්‍රතිව්‍යුහගතකර ගැනීමෙන් අත්‍යවශ්‍ය ආනයන ද්‍රව්‍ය ලබාගැනීම වෙනුවෙන් යොදවා ගත හැකියි. නමුත් මේ සියල්ලක්ම රඳා පවතින්නේ ණය ආපසු ගෙවීමේ තිරසාර සැලැස්මක් සකස් කර එයට අනුව ක්‍රියාකිරීමෙන් පමණයි. මේ ණය අරගෙන ආපසු ගෙවන්න ඕනෑ. මේ ණය යොදාගෙන තිබෙන ණය ආපසු ගෙවීම හෝ වෙනත් අනවශ්‍ය දේවල්වලට යොදවා ගත හොත් ඩොලර් ඉපැයීමේ කාර්යයට යොදවන්න ආයේජන ගලා එන්නෙත් නැහැ. ඩොලර් බිලියන තුනක් අනුමත කළත් අපිට එය එකවර ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ ණය ලබාදෙන අසාර්ථික දේවලට යෙදවුවහොත් ඉන් ආර්ථිකය කඩා වැටීමෙන් වන්දි ගෙවන්න සිදුවෙන්නේ මේ රටේ දුක්ිඳින සාමාන්‍ය ජනතාවටයි. ඒ වගේම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාකයන්ට. එහෙම වුණොත් ආණ්ඩුව තවත් බදු පිට බදු ගහමින් පවත්වාගෙන යන්න උත්සාහ කරයි. අපේ රටේ දැන් පවතින්නේ සුවිශේෂී තත්වයක්. සාමාන්‍යයෙන් ලෝකයේ  ආර්ථිකයක් සංකෝචනය වන විට උද්ධමනය අඩු වෙන්න ඕනෑ. නමුත් අපේ ආර්ථිකය සංකෝචනය වී උද්ධමනය වැඩිවෙනවා. මේ නිසා මිනිසුන්ට ජීවත් වීම අතිශය ගැටලුවක් වී කුමන දිසාවකට කැරකේවිදැයි අපිට කියන්න බැහැ. අන්ත ගැටුම්කාරී සමාජයක් නිර්මාණය වුවහොත් ප්‍රචණ්ඩත්වය පමණක් ඉදිරියට යන්න පුළුවන්. ඒ නිසාම අපි මහජනතාවට අවධාරණය කරනවා දැනුවත්භාවයෙන් ක්‍රියාකරන්න කියලා.

Show More

“ස්ථාවර ආණ්ඩුවක් නැතිව අයවැය යෝජනා ක්‍රියාත්මක කරන්න බැහැ”

ස්ථාවර ආණ්ඩුවක් නොමැතිව අයවැය යෝජනා ක්‍රියාත්මක කළ නොහැකි බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. ඇය මෙසේ පැවසුවේ ආණ්ඩුවේ අතුරු අයවැය සම්බන්ධයෙන් මාධ්‍යවෙත අදහස් දක්වමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය, “මාස හයකට පෙර ගත් තීරණ ආණ්ඩුව දැන් වෙනස් කරනවා. යෝජනා ක්‍රියාවට නැංවීමට ස්ථාවර ආණ්ඩුවක් තිබිය යුතුයි. මේක අටවා […]

ස්ථාවර ආණ්ඩුවක් නොමැතිව අයවැය යෝජනා ක්‍රියාත්මක කළ නොහැකි බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

ඇය මෙසේ පැවසුවේ ආණ්ඩුවේ අතුරු අයවැය සම්බන්ධයෙන් මාධ්‍යවෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය,

“මාස හයකට පෙර ගත් තීරණ ආණ්ඩුව දැන් වෙනස් කරනවා. යෝජනා ක්‍රියාවට නැංවීමට ස්ථාවර ආණ්ඩුවක් තිබිය යුතුයි. මේක අටවා ගත්තු ආණ්ඩුවක්. ආණ්ඩුවේ අයවැය කතාවට ඉදිරිපත්වී ඇත්තේ සීතල ප්‍රතිචාර.

ආර්ථික අර්බුදයට ප්‍රධාන වශයෙන් බලපාන්නේ ස්ථාවර ආණ්ඩුවක් නොමැතිවීමයි. පසුගිය ආණ්ඩුව සුපුරුදු පරිදි ඉදිරිපත් කළ දේවල් තමයි මේ පාරත් ඉදිරිපත් කරලා තියෙන්නේ.

අධ්‍යාපනය පැත්තෙන් වැඩි අවධානයක් යොමුකරලා තිබෙනවා. විදේශික සිසුන්ට මෙරටට පැමිණ අධ්‍යාපනය කිරීමට අවස්ථාව උදා කර තිබෙනවා. ඒකට අපි විරුද්ධ වෙන්නේ නැහැ. විදේශීය සිසුන්ට පහසුකම් සැපයීමට පෙර මෙරට සිසුන්ට අවශ්‍ය පහසුකම් සපයා දිය යුතුයි.”

-ලංකා ටෘත්

Show More

අරගලය මතින් ජනපති පුටුවට පැනගත් රනිල් නොම්මර එකේ ත්‍රස්තවාදියා

ගෝල්ෆේස් ප්‍රමුඛව රට පුරා විරෝධතා දියත් කළ ගිහි _ පැවිදි තරුණ අරගලකරුවන්ට ‘ත්‍රස්තවාදීන්’ කියනවා නම් ඒ විරෝධතාව මතින් ජනාධිපති පුටුවට පැනගත් රනිල් වික්‍රමසිංහ නොම්මර එකේ ත්‍රස්තවාදියා බව ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් නායක වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි. හෙතෙම මේ අදහස් පළ කළේ ඉකුත්දා වාද්දුවේ පැවැති ජන හමුවකදීය. වැඩිදුරටත් අදහස් දැක්වූ නලින්ද […]

ගෝල්ෆේස් ප්‍රමුඛව රට පුරා විරෝධතා දියත් කළ ගිහි _ පැවිදි තරුණ අරගලකරුවන්ට ‘ත්‍රස්තවාදීන්’ කියනවා නම් ඒ විරෝධතාව මතින් ජනාධිපති පුටුවට පැනගත් රනිල් වික්‍රමසිංහ නොම්මර එකේ ත්‍රස්තවාදියා බව ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් නායක වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි. හෙතෙම මේ අදහස් පළ කළේ ඉකුත්දා වාද්දුවේ පැවැති ජන හමුවකදීය. වැඩිදුරටත් අදහස් දැක්වූ නලින්ද ජයතිස්ස මහතා මෙසේද කීය.

“ඔය රනිල් වික්‍රමසිංහ අද කරන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගි කරගෙන විරෝධතාවලදී ක්‍රියාකාරීව කටයුතු කළ තරුණ පිරිස් දින 90කට බන්ධනාගාර ගතකරන එක. මේ වෙනකොට ඇමරිකාව ප්‍රමුඛ තානාපති කාර්යාල විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල ඇතුළු ලෝකයේ මානව හිමිකම් සංවිධාන ගණනාවක් රනිල් වික්‍රමසිංහට කියලා තියෙනවා මේ වැඩේ කරන්න එපා කියලා. ලෝක ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ උප සභාපති කියන ඒවා රනිල් වික්‍රමසිංහ තුට්ටුවකට නොතකා අද මර්දනය ක්‍රියාත්මක කරනවා. පොලිසියට ගෙනත් කට උත්තර අරන් යවන්න ඕන දේවල්වලට රැඳවුම් නියෝග ගහලා දින 90ක් රඳවා ගන්නවා. මේ රාජපක්ෂලා සතුටු කරන්න කරන වැඩෙන් අපේ රට තවත් කබලෙන් ළිපට වැටෙනවා.

සර්වපාක්ෂික ආණ්ඩුව කියන්නේ ප්‍රෝ්ඩාවක්. මිථ්‍යාවක්. පසුගිය දිනවල එක වෙලාවක සර්වපාක්ෂික ආණ්ඩුවකට ඉඩක් තිබුණා. ඒ තමයි ජනාධිපති අගමැති ඉවත් වෙලා කථානායක වැඩබලන ජනාධිපති ලෙස පත්කරලා සියලු පක්ෂවල විශ්වාසය තියෙන අගමැතිවරයෙක් පත්කරගෙන පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල නියෝජනයෙන් සර්වපාක්ෂික ආණ්ඩුව පත්කරන එක. හැබැයි පොහොට්ටු මන්ත්‍රිලා ඡන්දෙ දීල රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරලා දිනේෂ් ගුණවර්ධන අගමැති කරපු සර්වපාක්ෂික ආණ්ඩුවට රටේ ජනතාවවත් ජාත්‍යන්තරයවත් කැමැති නෑ.

දැන් කරන්න හදන්නේ සර්වපාක්ෂිකයි කියලා පෙන්නගෙන අර කලින් ඇමැතිකම් දරපු පරණ සෙට් එකට ඇමැතිකම් ගන්නයි මේ උත්සාහ කරන්නේ. ඕකට සර්වපාක්ෂික කියන්න බෑ. අර පරණ චෞරයෝ ටික එකතු වෙන්න හදන අටමගලයක් විතරයි. ඒ නිසා මේ රට ගොඩනඟන්න කැමැති කෙනෙක් මේකට සම්බන්ධ වෙන්නේ නෑ.

ජාත්‍යන්තරයට තේරෙන භාෂාව දන්නා එකම නායකයා රනිල් වික්‍රමසිංහය, රනිල් නිසා ණය ලැබෙනවාය, රනිල් ආවාම ණය ප්‍රතිව්‍යුහගත කරගත හැකිය කියන මිථ්‍යාවක් මවලා මේ අය හදන්නේ ජනතාව නැවත වරක් රවට්ටන්න. මේ අයට ජනතාව ගැන අබමල් රොනක තරම්වත් කැක්කුමක් නෑ. පසුගිය කාලේ එක එක ව්‍යාපෘති ගෙනල්ලා ලක්ෂ ගණන් කොමිස් ගහද්දි නිහඬව ඉඳපු අය දැන් එක එක නූල් සූත්තර අමුණලා හදන්නේ ජනතව රවටන උප්පරවැට්ටියකටයි.”

පොතුපිටිය – සුමිත් රණවක (මව්බිම)

Show More

“පාරට එන්නේ ත්‍රස්තවාදීන් නොවෙයි, හෘදය සාක්ෂියක් තියෙන පුරවැසියන්”

ආණ්ඩුව ජනතාව බිය වැද්දීම පිණිස නීතිය අවභාවිතා කරමින් සාමකාමීව අරගල කළ, පුද්ගලයන් අත්අඩංගුවට ගන්න සහ බියවැද්දීමට ලක්කිරීමේ කටයුතු කරමින් ඉන්නවා. අපි ජාතික ජන බලවේගය විදිහටත් රටේ පුරවැසියන් හැටියටත් මේ තත්වය හෙළා දකිනවා. 1979 හඳුන්වාදුන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගෙන මෙතෙක් පැවැති ආණ්ඩුව ප්‍රතිවාදීන් දඩයම් කිරීමේ නියැලුණා. රනිල් වික්‍රමසිංහ සාමකාමී අරගලකරුවන් සහ ත්‍රස්තවාදීන් හැටියට අරගලකරුවන් කොටස් දෙකකට […]

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික නීතිඥ හර්ෂණ නානායක්කාර

ආණ්ඩුව ජනතාව බිය වැද්දීම පිණිස නීතිය අවභාවිතා කරමින් සාමකාමීව අරගල කළ, පුද්ගලයන් අත්අඩංගුවට ගන්න සහ බියවැද්දීමට ලක්කිරීමේ කටයුතු කරමින් ඉන්නවා. අපි ජාතික ජන බලවේගය විදිහටත් රටේ පුරවැසියන් හැටියටත් මේ තත්වය හෙළා දකිනවා. 1979 හඳුන්වාදුන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගෙන මෙතෙක් පැවැති ආණ්ඩුව ප්‍රතිවාදීන් දඩයම් කිරීමේ නියැලුණා. රනිල් වික්‍රමසිංහ සාමකාමී අරගලකරුවන් සහ ත්‍රස්තවාදීන් හැටියට අරගලකරුවන් කොටස් දෙකකට බෙදුවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පාවිච්චි කිරීමේ අරමුණින්ම මේ බෙදීම කළා. ඔහු ත්‍රස්තවාදීන් හැටියට හඳුන්වන්නේ ජනාධිපති මන්දිරයේ ෆ්‍රිජ්එකේ තිබුණු ගස්ලබු බෑය කෑව කෙනා. පිහිනුම් තටාකයේ සබන් ගාලා නෑව කෙනා. ජනාධිපති කොඩිය ඇඟේ ඔතාගෙන සිටිය කෙනා. රනිල් වික්‍රමසිංහගේ ත්‍රස්තවාදී නිර්ණායක පෙළ ගස්වා තිබෙන්නේ මේ විදිහට.

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු පිරිසක් දින 90ක රැඳවුම් නියෝග මත හිරකර තබාගෙන ඉන්නවා. ඕනෑම කෙනෙකුට වරදක් කළා කියලා චෝදනා එල්ලකර, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අධිකරණයට ඉදිරිපත් නොකර රැඳවුම් නියෝග මත රඳවාගෙන ඉන්නත් පුළුවන්. නීතිඥවරුන්ට ඒ අය සම්බන්ධයෙන් මැදිහත් වෙන්න ඉතාමත්ම සීමිත ඉඩකඩක් ලැබෙන්නේ. මහේස්ත්‍රාත්වරුන්ට ඔවුන්ව අධීක්ෂණය කිරීමේ හැකියාවක් නැහැ. නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ සාමකාමී පාගමනක නියැලෙමින් එකදු නීතියක්වත් නොකැඩූ ශිෂ්‍යයන්ට පොලිසිය යොදවා පන්න පන්නා පහර දුන්නා.

රටේ ආර්ථික අර්බුදය එක්ක රජයේ පාඩු ලබනවා යැයි කියන ආයතන විකුණා දමන්න ආණ්ඩුව ක්‍රියාකරනවා. ඒ වාට විරුද්ධව සිදුකෙරන ජනතා නැගිටීම් මර්දනය කිරීමේ පෙරහුරුවක් මේ තියෙන්නේ. මේ උත්සාහ කරන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කිරීමේ බිය ගැන්වීමකට. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගෙන මේ කරන ක්‍රෑර මර්දනයට අපි එරෙහි විය යුතුමයි. තරුණයෝ පාරට එන්නේ ප්‍රශ්නයක් තියෙන නිසා. ඔවුන් ගැටෙන්නේ ශිෂ්ට සම්පන්නව අදහස් සමග ගැටෙන්න. ජීවන වියදම සහ වෙනත් ආර්ථික ගැටලු විසඳා ගන්න මේ රටේ පාරට එන්නේ ත්‍රස්තවාදීන් නොවෙයි, හෘදය සාක්ෂියක් තියෙන පුරවැසියන්. ඔවුන්ව අනීතික ලෙස, ම්ලේච්ඡ ලෙස මර්දනය කරනවා නම්, ඔලුව පහත් කරගෙන ඉඳී කියලා හිතන්න එපා. මේ රටේ ජනතාවගේ කොන්ද කැඩීමයි මේ කරන්නේ. ගෝල්ෆේස් එකට හෝ වෙන කිසිම තැනක පටු දේවල් ඉල්ලා ගෙන කිසිකෙනක් අරගල කළේ නැහැ. ඒ නිසා මේ මර්දනය දිගටම ගෙන ගියහොත් කිනම් මොහොතක හරි පුපුරා යන්න පුළුවන් කියලා රනිල් වික්‍රමසිංහ පාලනයට අපි අවධාරණය කරනවා. එවැනි විනාශයන්ගේ පාඩම් ඉතිහාසයේ ඇති තරම් කියාදී තිබෙනවා. මම මෙතනට ආවේ කොටුව උසාවියේ ඉඳලා. අරගලකරුවන් හැමෝටම මහේස්ත්‍රාත්තුමා ඇප ලබාදුන්නා. පොලිසියෙන් අධිකරණයට ඉදිරිපත් කළ, කරුණු එකක් වත් අපරාධ චෝදනා නොවෙයි. බය කරන්න ඉදිරිපත් කළ චෝදනා. රටක් වෙනුවෙන් කැපකිරීම් කළ පුද්ගලයන් ලෙස ඔබ හෘදය සාක්ෂියට අනුව කෙලින් කටයුතු කරන්න. පොලිස් නිලධාරීන්ට පාලකයන් ලබාදෙන නීති විරෝධී නියෝග පිළිපදින අයට දඬුවම් විඳීමට සිදුවන බව මතකයේ තියා ගන්නා ලෙස අවධාරණය කරනවා. ජාතික ජන බලවේගයේ අපි අනීතික ක්‍රියාමාර්ගවලට එරෙහිව දිගටම පෙනී සිටිනවා.

අපේ රටේ ජාත්‍යන්තර ප්‍රතිරූපයට හානි වෙන්නේ පූල් එකේ නාපු කෙනාද කියලා කමල් ගුණරත්නගෙන් අහනවා.

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනී අමරසූරිය

විවිධ චෝදනා මත රටපුරා තුන්දාහකට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර තිබෙනවා. ඊට අමතරව අන්තරයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු පිරිසකට ත්‍රස්ත විරෝධී පනත යටතේ ක්‍රියාමාර්ග අරගෙන තිබෙන බව මාධ්‍ය වාර්තා කළා. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කමල් ගුණරත්න ප්‍රකාශ කර තිබුණේ ජනාධිපති මන්දිරයේ පූල් එකේ නාපු දේවල් මාධ්‍යයේ ප්‍රචාරය කිරීමෙන් අපේ රටේ ජාත්‍යන්තර ප්‍රතිරූපයට විශාල හානියක් වුණා කියලා. කමල් ගුණරත්න මහත්මයාගෙන් අපි අහන්නේ අපේ ජාත්‍යන්තර ප්‍රතිරූපයට හානි වෙන්නේ පූල් එකේ නාපු කෙනෙක්ද, ආණ්ඩුව විසින් කරන වැඩවලින්ද කියලයි. ජාත්‍යන්තර සංවිධානයක්, තානාපතිවරයෙක්, හෝ මාධ්‍ය ආයතනයක් පූල් එකේ ලාංකිකයන් නෑම හෙළාදැකීම කර ඇති බවත් අපි දැක්කේ නැහැ. නමුත් පසුගිය දවස් කිහිපය තුළ ජාත්‍යන්තර ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය ඇතුළු සංවිධාන රැසක් වගේම යුරෝපා සංගමයත් ඇමෙරිකානු තානාපතිවරියත් මේ සිදුකරන මර්දනය ගැන විවිධ ප්‍රකාශ නිකුත් කර තිබුණා. ඉතාමත් භයානක නීතියක් වන ත්‍රස්තවිරෝධී පනත භාවිතා කිරීමෙන් වැළකී සිටින ලෙස ඔවුන් ඉල්ලා තිබුණා. ඇත්තටම ජාත්‍යන්තර ප්‍රතිරූපයට හානියක් වෙන්නේ කොතනින්ද කියන එක මොළේ තිබෙන ඕනෑම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්.

ලංකාව බංකොලාත් රාජ්‍යයක් හැටියට විතරක් නොවෙයි, මානව හිමිකම් ආරක්ෂා නොකරන, ප්‍රජාතන්ත්‍ර විරෝධී ආණ්ඩුවක් තිබෙන රටක් හැටියටයි ජාත්‍යන්තරය හඳුන්වන්නේ. අරගලකරුවන්ගේ හැසිරීම, පුරවැසියන්ගේ හැසිරීම නිසා නොවෙයි අවනීතිය භාවිතා කරන ආණ්ඩු නිසයි ප්‍රතිරූපයට හානි වෙන්නේ. ඒ වගේම මේ රටේ පාලකයන් කොතරම් දූෂිතද කියලත් ජාත්‍යන්තරයේ සාකච්ඡාවට ලක්වෙනවා. ත්‍රස්ත විරෝධී පනත පුද්ගලයන්ගෙන් පළිගන්න කොතරම් යොදා ගත්තාද කියලා අපි දන්නවා. සියලුම ජාත්‍යන්තර සංවිධාන විසින් හෙළාදැකීමට පෙර ලංකාව තුළ දීර්ඝකාලීනව මේ පනතට විරුද්ධව අරගලයක් දියත් කර තිබෙනවා. ඒ වගේම මර්දන නීති තුළින් රටේ ප්‍රශ්න නොවිසිඳෙන බව ආණ්ඩුවට අවධාරණය කරනවා. පටු න්‍යාය පත්‍රයක් වෙනුවෙන් ආණ්ඩුව ක්‍රියාකිරීම ඉතාමත්ම ලැජ්ජා සහගත දෙයක්. අපි ජනතාවට කියන්නේ 69 ලක්ෂකගේ ඡන්දයෙන් පත්වුණු ජනාධිපතිට සිද්ධ වුණු දේ දිහා බැලුවාම රනිල් වික්‍රමසිංහ කියන්නේ ජනවරමක් නැති අටවාගත් ජනාධිපතිවරයෙක් කියලයි. ලෝකය ඉදිරියේ විහිළුවක් වී සිටින මේ ජනාධිපතිත් ආණ්ඩුවත් ගැන බයවිය යුතු නැහැ. ජාතික ජන බලවේගයත් අපේ නීතිඥ කණ්ඩායමත් මේ සිදුවන දේවල් දිහා ඉතාමත් විමසිල්ලෙන් සිටිමන් මැදිහත් වෙනවා. ඒ නිසා කිසිසේත් බයවිය යුතු නැහැ. අපේ ප්‍රශ්න වෙනුවෙන් උද්ඝෝෂණ කරන්නත් අරගල කරන්නත් තිබෙන අයිතිය කිසිසේත්ම නවත්වන්න බැහැ කියලා අවධාරණය කරනවා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගෙන ඉන්න ඕන කෙනා දැන් ජනාධිපති වෙලා

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා


සාමකාමී අරගලයේ නියැලුණු පිරිස් දඩයම් කිරීමට රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත දිගටම යොදා ගන්නවා. එහි වඩාත් ගැඹුරු පියවරක් තබමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු තව දෙදෙනෙක් මේ පනත යටතේ දින 90ක් රඳවා ගැනිමේ නියෝග ලබාදී තිබෙනවා. මේක ඉතාම බරපතළ කාරණයක්. මේ විදිහට අත්අඩංගුවට ගත් බොහෝ දෙනෙකුට අධිකරණය ඇප දුන්නා. සමාජවාදී ශිෂ්‍ය සංගමයේ රංගල දේවප්‍රිය සහෝදරයාටත් ඇප දෙන්නේ මේ නිසයි. ඒ නිසාම අධිකරණයට ඉදිරිපත් නොකිරීමටම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගන්නවා. රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු පිරිසක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීමට ගෙන තිබෙන තීන්දුව වහාම හකුලා ගන්නා ලෙස ජාතික ජන බලවේගයේ අපි බලකරනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හකුලා ගන්නා ලෙසත් අත්අඩංගුවට ගෙන සිටින සියලුදෙනා වහාම නිදහස් කරන ලෙසත් ආණ්ඩුවට බල කරනවා.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිකම දාලා ගිය පසු රනිල් වික්‍රමසිංහ ටෙම්පරියක් අදින්නේ. මේ ටෙම්පරි ජනාධිපති කඹේ කඩාගත් ගොනා වගේ හතර අතේ අනින්න පටන්ගෙන තිබෙනවා. ජන බලය ගැන, ව්‍යවස්ථාවේ අයිතිය ගැන, මේ නීති රීති පාවිච්චි කිරීමේ හැකියාව ගැන, ජාත්‍යන්තරව එන අප්‍රසාදය ගැන කිසිම හැඟීමක් නැතිව හතර අතේ අනින්න පටන්ගෙන තිබෙනවා. මේක හොඳටම ඇති දැන්. වහාම නවත්වන්න කියලා බලකරනවා. එසේ නොකළොත් ඉක්මනින්ම රනිල් වික්‍රමසිංහටත් ගෝඨාභය රාජපක්ෂ ගිය පාරේම යන්න වෙනවා. බොරු චෝදනා මත, පොලිසිය සොයාගත් නාමලේඛන මත, පින්තූරය පත්තරේ දමා රටවටේ තුන්දහසක් පමණ අත්අඩංගුවට ගත්තා. අතිශය බහුතරයකට අධිකරණයේ ඇප දුන්නා. ඇප නොදුන් පිරිසකුත් ඉන්නවා. තිස්සමහාරාම ප්‍රදේශයේ 22නෙක් පමණ ඇප නොදී රඳවාගෙන ඉන්නවා. පොදු දේපළ පනත යටතේ බොරු චෝදනා මත ඔවුන් රඳවාගෙන ඉන්නේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගත යුත්තේ රනිල් වික්‍රමසිංහවයි. විශාල ජනතාවක් මිය ගිය පාස්කු ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ල කරන විට රනිල් වික්‍රමසිංහ අගමැති. එය වළක්වා ගැනීමේ වගකීම ඔහුටත් තිබුණා. මේ ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම පිළිබඳව රනිල් වික්‍රමසිංහගෙන් ප්‍රශ්න කරන්න ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගත යුතු වෙනවා. හරිනම් රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන ඉන්න ඕනෑ රනිල් වික්‍රමසිංහව. මහ බැංකු බැඳුම්කර වංචාව සිදුකිරීමත් ත්‍රස්තවාදී ක්‍රියාවක්. ඒකෙ මහ මොළකරු රනිල් වික්‍රමසිංහ බව හෙළි වී තිබෙනවා. එහෙම නම් ඒ සම්බන්ධයෙනුත් රඳවාගෙන ප්‍රශ්න කරන්න ඕනෑ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ඉන්න ඕන මිනිහා ජනාධිපති වෙලා අයිතිවාසිකම් වෙනුවෙන් උද්ඝෝෂණය කරන ජනතාව මර්දනය කරනවා. මෙය වහාම නැවැත් විය යුතුයි.

රනිල් වික්‍රමසිංහ අගමැති වෙනකොට කීව කතා ගොඩක් තිබෙනවා. ජාත්‍යන්තරය දිනාගන්න පුළුවන් කෙනා බව කීවා. දැන් සිදුවී තිබෙන්නේ ලෝකයේ තානාපතිවරුන් මානව හිමිකම් සංවිධාන හැම එකකින්ම ඔහුගේ ක්‍රියාකාරකම් ගැන කනස්සල්ල පළකරමින් ඉන්නේ. එයා රට වට්ටනවා. සැප්තැම්බර් මාසයේ රැස්වන ජිනීවා මානව හිමිකම් කොමිෂමට විශාල ඉඩක් හදනවා අපේ රටට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න. මේ බව රනිල්ට තේරෙන්නේ නැත්නම් තේරෙන අය නතර කරන්න කියලා උපදෙස් දෙන්න ඕනෑ. එහෙම නැත්නම් ජනතාව ලැහැස්ති වෙන්න ඕනෑ ඉක්මනින්ම පාරට බැහැලා රනිල්වයි රනිල්ව පත්කළ පාර්ලිමේන්තුවයි පළවා හැර ජනතාවගේ අයිතිවාසිකම් රකින ආණ්ඩුවක් හදන්න. ජාත්‍යන්තරය දිනාගන්නවා කිවූ කෙනා රට විනාශ කිරීම සම්බන්ධයෙන් වෙන උත්තරයක් නැහැ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මානව විරෝධී කියලා ලෝකය පුරාමත් විශාල සංවාදයක් තිබෙනවා. මේක හඳුන්වා දුන් කාලයේ ඉඳලාම ජනතා විමුක්ති පෙරමුණේ අපිත් ප්‍රගතිශීලී සංවිධානත් විරුද්ධ වුණා. අද ජාතික ජන බලවේගය බල කරන්නේ මේක අහෝසි කරන්න.

රනිල්ගේ යහපාලන ආණ්ඩුව කාලයේ මේක වෙනස් කර, වෙනත් පනතක් ගේන බවට ප්‍රචාරය කළා. අද මේ පනත පුද්ගලික පළිගැනීම් සඳහා යොදා ගන්නවා. රනිල්ට පුළුවන්නම් ත්‍රස්තවාදය කියන්නේ මොකක්ද කියලා ප්‍රසිද්ධියේ අර්ථකථනය කරන්න කියලා අභියෝග කරනවා. ආණ්ඩු විරෝධී මර්දනය කිරීම සඳහාම ගෙන ආ මේ පනතින් එක්දහස් නවසිය අසූ ගණන්වල අපි හොඳටම බැටකෑවා. රනිල් වික්‍රමසිංහලා උත්සාහ කරන්නේ රාජපක්ෂලා සන්තෝෂ කර ජනතාවගෙන් පළි ගන්න. පරණ ඇමති මණ්ඩලයම පත්කරගෙන ඒ ගොල්ලෝ එකතුවෙලා පරණ ගමනම යන්න උත්සාහ කරන්නේ. ජනතාව දී තිබෙන පුංචි විරාමය තුළ ඔයගොල්ලෝ ඔය තරම් දේවල් කරන්න උත්සාහ කරනවා නම්, ජනතාව ඉක්මනින්ම ඔයගොල්ලන්ට උත්තර දෙනවා. නීතිඥ සංගම්, ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන, සහ මේ රටේ ජනතාව රනිල්ලාට මේ අපරාධ කරන්න ඉඩදී මේ ගමන යනතුරු ඇස් පියාගෙන ඉන්නේ නැහැ. මේ ගමන නතර කරන්න ජාතික ජන බලවේගය හැටියට කළ හැකි උපරිම දේ කරන බවට සහතිකයක් අපි ජනතාවට දෙනවා.

අවුරුදු ගණනාවක් අවස්ථා කිහිපයකදී අගමැතිකමවත් හරියට කරන්න බැරි පුද්ගලයෙකුට ජනාධිපතිකම ලැබුණාම අශ්වයන්ට අං ආවා වගේ වෙලා. අපේ ගුරුවරයෙක් වන වී. අයි. ලෙනින් මර්දනයේ අයට පැහැදිලි දෙයක් කියා තිබෙනවා. “බයිනෙත්තු බොහෝ දේවල් සඳහා ප්‍රයෝජනවත් විය හැකි නමුත් ඒ මත ඉඳගැනීම සඳහා නොවේ” කියලා. රනිල් හදන්නේ බයිනෙත්තු උඩ ඉඳගන්න. මිනිසුන්ගේ ඇත්ත ප්‍රශ්න වෙනුවෙන් අරගල කරන අවස්ථාවක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගෙන බිය වැද්දීමෙන් නවත් වන්න බැහැ. ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් දෙනවා වෙනුවට අරගල කළ අයගේ පිටුපස පන්නනවා. නමුත් ජනතාවට නැගී සිටීම හැර වෙනත් විකල්පයක් නැහැ. ජනතාවගේ සහයෝගය වත් නැති ටෙම්පරියක් අදින ජනාධිපති මේ දේවල් කරලා ඉතිහාසයේ නරකම තත්වයට මුහුණ දෙන්න වන බව මතක් කරනවා. අපි ජනතාවට කියන්නේ ඔවුන්ගේ ප්‍රශ්න විසඳිය හැකි පාලනයක් රනිල් වික්‍රමසිංහත් ඔහුව පත්කළ පාර්ලිමේන්තුවත් ඉවත් කර ගොඩනඟා ගත යුතු බවයි. ජනතාව පීඩාවට පත් කළ හොරු ටික අධිකරණය ගෙන ආ හැටි පාලනයක් පිහිටුවා ගන්න, මර්දනයට එරෙහි පාලනයක් පිහිටුවා ගන්න අත්වැල් බඳගමු කියලා ඉල්ලා සිටිනවා. වසන්ත මුදලිගේ ඇතුළු සියලු දෙනා වහාම නිදහස් කරන ලෙසත්, අපි නැවත වරක් බලකරනවා.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු:

ප්‍රශ්නය:- පොල්දූව හන්දියේ උද්ඝෝෂණය කළේ ඔබලාගේ පක්ෂයෙන්. නමුත් ඔබේ පක්ෂයෙන් කිසිවෙකුත් තවම අත්අඩංගුවට ගෙන නැහැ. ඒ ඇයි?
පිළිතුර:- අපි කළේ ඉතාමත් සාමකාමී උද්ඝෝෂණයක්. ඒ ගොල්ලෝ හිතනවා නම් ඒක එහෙම නොවෙයි කියලා අපිත් බලාගෙන ඉන්නේ ඒ ගැන අපෙන් අහන්න එනකම්. රනිල් වික්‍රමසිංහලා බය වද්දන්න පුළුවන් අය හොය හොයා බය වද්දනවා මිස හරියට උත්තර දෙන්න පුළුවන් අය හොයාගෙන එන්නේ නැහැ. අපිව හොයාගෙන ආවොත් ලුණු ඇඹුල් ඇතිව කියලා දෙනවා. මර්දනය කරන්නවත් හයියක් නැති අය එකිනෙකා බය කරනවා. මහා දැවැන්ත මහජන නැගිටීමක් සිදුවුණු වෙලාවක කිහිප දෙනෙකුට වගකියන්න පුළුවන්ද? ඒක මහා විකාරයක්. දැන් කරන්න ඕනෑ මහජන නැගිටීමට හේතු වුණු කරුණු සොයා බලලා පිළියම් යෙදීමයි.

ප්‍රශ්නය:- ඔබලා පසුගිය කාලයේ චන්ද්‍රිකා කුමාරතුංග එක්ක පාලනයකට සහභාගි වුණා. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයාට පොඞ්ඩක් උදවු කරන්නේ නැත්තේ ඇයි?
පිළිතුර:- රනිල්ට උදවු කරන්නේ මොකටද?

ප්‍රශ්නය:- ඔබලා චන්ද්‍රිකා කුමාරතුංගත් එක්ක ගිවිසුම් ගහලා පාලනයක් ගෙන ගියේ ඇයි?


පිළිතුර:- මම හිතන්නේ ඔබතුමා ළඟදි මාධ්‍ය ක්ෂේත්‍රයට ආවේ කියලා. අපි චන්ද්‍රිකා කුමාරතුංග එක්ක ගිවිසුමක් ගැහුවේ රනිල් වික්‍රමසිංහ ගිවිසුම් අත්සන් කරලා රට බෙදන්න යන වෙලාවක. රට බෙදීම වැළැක්වීමට. චන්ද්‍රිකා ඒ අවස්ථාවේ ජනවරමකින් ජනාධිපති වුණු කෙනෙක්. රනිල් වික්‍රමසිංහ කියන්නේ කවුද? ජනවරමක් නැති මන්ත්‍රීකමත් අහිමි කළ කෙනෙක්. රාජපක්ෂවරුන්ගෙන් ජනාධිපතිකම ලැබුණු කෙනෙක්. එයාට සර්වපාක්ෂික නොවෙයි මොනම ආණ්ඩුවක්වත් හදාගෙන යන්න අයිතියක් නැහැ. එයාට ජනාධිපතිකම දරන්න අයිතියක් නැහැ. එයා ජනාධිපති හැටියට මේ රටේ ජනතාව පිළිගත යුතු නැහැ. එයා ව්‍යවස්ථාවෙන් ජනාධිපති වුණාට ජනතාවගේ ජනාධිපති නොවෙයි. අනිත් පැත්තෙන් එයා ඇවිත් මාස තුනකට කිට්ටුයි. මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා කිසිදු සැලැස්මක් ඉදිරිපත් කරලත් නැහැ. ඒ වෙනුවට රාජපක්ෂලා සන්තෝෂ කරන්න මර්දනය කරමින් ඉන්නවා. එයා ළඟට ගිහින් අපිට කරන්න දෙයක් නැහැ. අපිට තියෙන්නේ එයාට යන්න කියලා, නැති නම් එළවා දාලා, ජනතාවාදී පාලනයක් හදන්න. එහෙම නැතිව පිනට ලැබුණු ජනාධිපතිකම තහවුරු කරන්න නොවෙයි. එයා හදන අටමගල්වලට කවුරු යන්න ලැහැස්ති වුණත් ජාතික ජන බලවේගයේ අපි යන්න ලැහැස්ති නැති බව කිහිපවරක් පැහැදිලිව කියා තිබෙනවා.

ප්‍රශ්නය:- කොහොම වුණත් ව්‍යවස්ථාවට අනුවනේ යන්න වෙන්නේ. නැවත ඡන්දයක් ඉල්ලන්නේ කොහොමද?


පිළිතුරු:- රටේ ජනතාවට අලුත් ආණ්ඩුවක් හදන්න තියෙන්නේ ඡන්දයෙන්. අපි ඡන්ද විශ්වාස කරනවා. ජනතාව විශ්වාස කරනවා. ජනතාවට ඒ අවස්ථාව දෙන්න ඕනෑ. ඒකතමයි ප්‍රජාතන්ත්‍රවාදය. ඒගොල්ලෝ මීට කලින් කාලයට පෙර ඡන්ද නොතැබුව අය නොවෙයි. ඒ නිසා වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැර මහා මැතිවරණයක් තියන්න ඕනෑ. ඇයි ඒ? මේ පාර්ලිමේන්තුවට ජනවරමක් නැහැ. ජනවරමට පයින් ගහලා තිබෙන්නේ. ජනතාවගේ කැමැත්ත පාවාදීපු පාර්ලිමේන්තුවක්. රනිල් වික්‍රමසිංහට ජනාධිපතිකම දුන් පාර්ලිමේන්තුවක්. ඒක තවදුරටත් ජනමතය නියෝජනය කරන්නේ නැහැ. ඉක්මනින් ජනවරමක් නොගත්තොත් පිං ජනාධිපතිකම පාවිච්චි කර ජනතාව මර්දනය කරලා රාජපක්ෂවරු තහවුරු කරනවා. ඒක වළක්වන්න නම්, ජනතාවගේ ප්‍රශ්න විසඳලා රට ගොඩනගන්න පාර්ලිමේන්තුවක් පිහිටුවා ගන්න ඕනෑ.

Show More

“රනිල් ඉන්නේ අපායේ ඉන්ටර්වල් එකක”

“රනිල්ගෙ ආණ්ඩුව ඉන්නේ අපායේ ඉන්ටර්වල් එකක,” යැයි ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පැවසීය. “ඒ අපායේ ඉන්ටර්වල් එක අපි ඉක්මනින් ඉවර කරනවා,” යැයි ද ඔහු කීය. නුගේගොඩ පැවති රැලියකදී ටිල්වින් සිල්වා මහතා මෙසේ ද කීය. “ගෝඨාභය ගිහින් රනිල් ආවාට පස්සේ අරගලයට යම් විරාමයක් ආවා. ඒ විරාමය තුළ පොලිසිය පොලු ඔසවන්න පටන්ගෙන තිබෙනවා. මර්දනය දියත් කරන්න පටන්ගෙන […]

“රනිල්ගෙ ආණ්ඩුව ඉන්නේ අපායේ ඉන්ටර්වල් එකක,” යැයි ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පැවසීය.

“ඒ අපායේ ඉන්ටර්වල් එක අපි ඉක්මනින් ඉවර කරනවා,” යැයි ද ඔහු කීය.

නුගේගොඩ පැවති රැලියකදී ටිල්වින් සිල්වා මහතා මෙසේ ද කීය.

“ගෝඨාභය ගිහින් රනිල් ආවාට පස්සේ අරගලයට යම් විරාමයක් ආවා. ඒ විරාමය තුළ පොලිසිය පොලු ඔසවන්න පටන්ගෙන තිබෙනවා. මර්දනය දියත් කරන්න පටන්ගෙන තිබෙනවා. ඒ අයට අපිට කියන්න තිබෙන්නේ ඔබ අපායේ ඉන්ටර්වල් එකක ඉන්න බවයි. වැඩි වෙලාවක් මේ ඉන්ටර්වල් එක තියෙන්නේ නැහැ. ජාතික ජන බලවේගයේ නායකත්වයෙන් මේ ඉන්ටර්වල් එක ඉතා ඉක්මනින් අවසන් කර ජනතාවාදී පාලනයක් පිහිටුවනවා.

රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දිහා බලාගෙන සින්දු කිය කියා ඉන්නවා. ඒ නිසා උත්තරයක් නැහැ. මේ ප්‍රශ්න විසඳන්න මොකක්වත් ක්‍රමයක් නැහැ. සැලැස්මක් නැහැ. රාජපක්ෂවරුන්ගේ ඡන්දෙන් ජනාධිපති වෙච්ච රනිල් වික්‍රමසිංහ හදනවා මේ අවුරුදු තුන ම අරගෙන යන්න. මේ හොරු රැළත් එක්ක, මේ අපරාධකාරයෝ එක්ක, මේ ප්‍රශ්න මෙහෙම්මම තියෙද්දි තව අවුරුදු තුනක් පාර්ලිමේන්තුව අරගෙන යනකොට මොකද සිද්ධ වෙන්නේ? අපි අහනවා ඔබෙන් මේ ප්‍රශ්න ටිකත් එක්ක තව අවුරුදු තුනක් බලාගෙන ඉන්න පුළුවන් ද? බැහැ.

අපි ලෑස්ති ද ඒකට? නැහැ. තව අවුරුදු තුනක් නෙවෙයි තව මාස තුනක් හතරක්වත් බලන් ඉන්න බැහැ. අපි ලෑස්ති නැහැ. ඒ නිසා අපි සූදානම් වෙනවා හරියට කෙළින් රනිල්ට කියන්න. දැන් බඩුමුට්ටු අකුළගෙන කණ්ඩායමත් එක්ක බැහැලා යන්න. පාර්ලිමේන්තුව විසුරුවා හැරලා ඡන්දයක් තියලා ජනතාවට ජනවරමකට අවස්ථාව දෙන්න කියලා අපි කියනවා.”

Show More

පාර්ලිමේන්තුව විසුරුවනු! නව ජනවරමකට ඉඩදෙනු! අරගලයේ ජන බලය – නුගේගොඩ රැලිය – 2022.08.20

හොරාකාපු සල්ලි නැවත අත්පත්කර ගැනීමට බලකිරීම රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක්ද?ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික එරංග ගුණසේකර මර්දනය විතරක් තමන්ගේ දේශපාලන උපක්‍රමය බවට පත්කර ගෙන සිටින රනිල් රාජපක්ෂට මතක් කර දෙන්න කරුණු කිහිපයක් තිබෙනවා. ගෝල්ෆේස් අරගලකරුවන්ට පහරදීල, ජන බලය ආපසු හරවන්න පුළුවන් කියලා හිතනවා නම්, නුගේගොඩ ජන බල රැලිය දිහා බලපල්ලා. 74 වසරක සාපය ඉවත් කරන […]

හොරාකාපු සල්ලි නැවත අත්පත්කර ගැනීමට බලකිරීම රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක්ද?
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික එරංග ගුණසේකර


මර්දනය විතරක් තමන්ගේ දේශපාලන උපක්‍රමය බවට පත්කර ගෙන සිටින රනිල් රාජපක්ෂට මතක් කර දෙන්න කරුණු කිහිපයක් තිබෙනවා. ගෝල්ෆේස් අරගලකරුවන්ට පහරදීල, ජන බලය ආපසු හරවන්න පුළුවන් කියලා හිතනවා නම්, නුගේගොඩ ජන බල රැලිය දිහා බලපල්ලා. 74 වසරක සාපය ඉවත් කරන රැලිය නුගේගොඩින් ආරම්භ වෙලා තියෙන්නේ. අරගලයේ ජන බලය නැවත තහවුරු කරන්න උත්සාහ කරන්නේ ගෝල්ෆේස් අරගල භූමියේ මාස හතකර අත්දැකීම් සහ අඩුපාඩුකම් පිළිබඳව අවබෝධයෙන් යුතුවයි. අප්‍රේල් මාසයේ තුන්වැනිදා ලංකාව පුරා සිටින අරගලයේ කෙල්ලෝ කොල්ලෝ නිර්මාණශීලීව ඉදිරියට ආවා. ඒ බොහෝ දෙනෙකුට මොකක්ද කරන්නේ කියලා හිතාගන්න බැරි වුණා. නමුත් සංවිධානාත්මක ව්‍යාපාරයක් හැටියට සෑමදාමත් ක්‍රියාකරන ජනතා විමුක්ති පෙරමුණ අප්‍රේල් 03වැනිදා උදේ 9.00ට අරගලය මහපාරට ගෙනත් පෙන්නුවා. ගෝටත් එක්ක හැප්පෙන්න සූදානම් බව අවධාරණය කළා. සවස් වෙද්දී මුළුමහත් ජනතාවම පාරට එන්න මඟපෙන්වීම කළා. සංවිධානාත්මක ව්‍යාපාර අවශ්‍ය වෙන්නේ ඒකට.

ගෝඨාභය රාජපක්ෂ දාන ඇඳිරිනීතිය වගේ කියලා අලුත් ප්‍රස්ථා පිරුළක් එකතු වුණේ ඒ සංවිධානාත්මක ක්‍රියාමාර්ග නිසයි. මැයි 09 වැනිදා සාමකාමී අරගලයට ප්‍රහාර එල්ල කිරීමෙන් පස්සේ සමහර අය ටිකක් ඉමු කියන සංවාදයකට ආවා. නමුත් ජාතික ජන බලවේගය රට පුරාම ජනතාව ඒකරාශී කරගෙන අරගලය ඉස්සරහට ගෙනියන්න අවශ්‍ය බලය පෙන්නුවා. අවසානයේ ජූලි 09වැනිදා ගෝඨාභය රාජපක්ෂ ගෙදර යන තැනට ජනතාව පෙළ ගැස්සුවා. අරගලකරුවෝ හැටියට අපි භූමිය අත්පත් කර ගැනීමේ උපක්‍රමය වෙනස් කර, නව බලයක් ගොඩනැගීම වෙනුවෙන් පෙළ ගැසෙමින් සිටිනවා. එය කළ හැක්කේ සංවිධානාත්මක, උපක්‍රමශීලී ජාතික ජන බලයට විතරයි කියලා නැවත වරක් ඔප්පුකර තිබෙනවා. අද මුල පුරන්නේ නව පන්නයේ ජාතික විමුක්ති අරගලයකට. එයට එකතුවී සිටින ඔබ සැම ඓතිහාසිකයි. මර්දනය ගැනම බලාපොරොත්තු තියන රනිල් රාජපක්ෂට කළ හැකිව තිබෙන්නේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ වසන්ත මුදලි, චින්තක ඇතුළු සහෝදර සහෝදරියන් අත්අඩංගුවට ගැනීම පමණයි. රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ චෝදනාවලින් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමක් විතරයි. හොරාකාපු සල්ලි නැවත අත්පත්කර ගැනීමට බලකිරීම රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක්ද කියලා අපි රනිල් රාජපක්ෂ කල්ලියෙන් අහනවා. එහෙම නම් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඒ කුමන්ත්‍රණයේ හවුල්කරුවන් බව ප්‍රකාශ කරවා. ඒ සියලු ජනතාව එකතු කර, ගෝඨාට එහා ගිය පාඩමක් රනිල් රාජපක්ෂට උගන්වන්න අපි සූදානම් බව අවධාරණය කරනවා.



පිං ජනාධිපති ධුරයට පත්වුණු රනිල් රාජපක්ෂ ආර්ථිකය හදනවා කියන එක බොරුවක්
ජාතික ජන බලවේගයේ ජාතික විධාය සභික නීතිඥ කෞෂල්‍යා ආරියරත්න



රනිල් රාජපක්ෂ දැන් කරමින් ඉන්නේ තාවකාලික පැලැස්තර ටිකක් දැමීමයි. අපි ලෝකය ඉස්සරහා හිඟන්නෝ බවට පත්කර ඉවරයි. ලංකාවේ දරුවන්ගේ මන්දපෝෂණය ඉතියෝපියාව, සුඩානය සහ යේමනය යන රටවල්වල දරුවන් සමග සංසන්දනය කරනවා. ලෝකය ඉදිරියේ වගේම දකුණු ආසියාවේ ඉහළම මන්දපෝෂණයක් තිබෙන රට හැටියට හඳුනාගෙන තිබෙනවා. රනිල් රාජපක්ෂ මේ කරුණු ගැන සොයන්නේ නැහැ. ඔහුව බලයට පත් කළ අයගේ උවමනා එපාකම් ඉටුකරමින් ජනතාවගෙන් පළිගන්න කොන්ත්‍රාත්තුව ඉටුකරමින් ඉන්නවා. අමානුෂික සහ අවමන් සහගත ලෙස පළිගැනීම දිවුරුම්දීලා පළවෙනි දවසේම ක්‍රියාත්මක කළා. අත්අඩංගුවට ගැනීම් කළේ සිවිල් ඇඳුමින්ය ගිය පොලීසියෙන්. හඹාගෙන ගිහින් අත්අඩංගුවට ගැනිම් සිදුකළා. නීතිඥවරුන්ට පවා අත්අඩංගුවට ගත් අය බලන්න දුන්නේ නැහැ. දැන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තෝරාගත් අය අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ මාස තුනක් රඳවා ගැනීමට කටයුතු කර තිබෙනවා. මේවා කරලා ජන මතය යටපත් කරන්න රනිල් රාජපක්ෂ හිතනවා නම්, එයාට හොඳටම වැරදිලා. රනිල්ගේ පොහොට්ටු කණ්ඩායමට පාරටවත් බහින්න බැහැ. ඔවුන්ව ඉදිරි අවුරුදු දෙකහමාරට රැකගැනීමයි රනිල්ගේ ඊළඟ කොන්ත්‍රාත්තුව. පිං ජනාධිපති ධුරයට පත්වුණු රනිල් රාජපක්ෂ ආර්ථිකය හදනවා කියන එක බොරු. ලංකා ඉතිහාසයේ පත්වුණු බියගුලු සහ නිවටම ජනාධිපති බව ගෙවුණු කාලය තුළ ඔප්පුකර තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂගේ හැටනව ලක්ෂයේ බලයත් තුනෙන් දෙකේ බලයත් ව්‍යවස්ථා සංශෝධනයෙන් ලබාගත් බලයත් තිබෙද්දී මහජන බලයෙන් පළවා හැරියා නම්, රනිල්ට සිදුවන දේ හිතාගන්නවත් බැරිවෙන බව අවධාරණය කරනවා.


මාලිමාව ලකුණින් මැච් දෙකම ගහන්න ජාතික ජන බලවේගය සූදානම්..
ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් විධායක සභික විමල් කැටිපේආරච්චි



අපේ රටේ දේශපාලනය සම්බන්ධයෙන් එක පුද්ගලයෙක් කියනවා ඔන්චිල්ලාව ඒ පැත්තේ ඉඳලා මේ පැත්තටත් එන බව. නමුත් ජාතික ජන බලවේගය ඒ ඉතිහාසය වෙනස් කරලා ඔන්චිල්ලාව දෙපැත්තට පද්ද, පද්දා හිටි කාලය අවසන් කරනවා. මේ සමාජය වෙනස් කරන්න ජාතික ජන බලවේගය සූදානම්. මේ සමාජයත් වෙනස් වෙන්න සූදානම්. ඒ නිසා රනිල් රාජපක්ෂට ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙස අනතුරු හඟවනවා. පරණ සෙල්ලම් ඉවරයි. දැන් තියෙන්නේ ඉතිහාසය අලුත් කරන වැඩ දෙකක්. ජාතික ජන බලවේගයට ඒ අභියෝගය තිබෙනවා. එකක් මහපාරේත් අනෙක මැතිසබයේත්. මේ දෙකෙන් එකක්වත් අත්නොහැර ඒ මැච් දෙකම මාලිමාව ලකුණින් ගහන්න ජාතික ජන බලවේගය සූදානම්.

ඒ නිසා ආදරණීය අම්මා, තාත්තාට, සොයුරු සොයුරියන්ට මේ පණිවිඩය ගමක් ගමක් ගානේ ගෙනයාමේ කාර්යභාරය තිබෙනවා. අපි දැන් ඉන්නේ නිද්‍රාශීලී වූ රටක නොවෙයි, ඉතාම හොඳින් අවදිවූ රටක. රටක් හැටියට, සමාජයක් හැටියට නැගිටින්න පුළුවන් කොහොමද කියලා ජූලි 09වැනිදා පෙන්නුවා. ඒ නිසා රනිල් රාජපක්ෂට අපි කියන්නේ දිනය දැන්ම කියන්න බැරි වුණත් වේදිකාවෙන් බැහැලා යන්න ලැහැස්තිවෙලා ඉන්න කියලයි. විකෘති පාර්ලිමේන්තුව වෙනුවට නව ජන වරමකින් මේ රට වෙනස් කරන්න අපි සූදානම් බව අවධාරණය කරනවා.

රනිල් රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව ජන වරමක් ඉල්ලා අපි පෙළ ගැසෙනවා.
ජාතිතක ජන බලවේගයේ ජාතික විධායක සභික ව්‍රායි බල්තසාර්



රට දැන් පත්වෙලා තියෙන්නේ දරුවන්ට පෝෂණය ලබාදෙන්න බැරි තත්වයකට. පෝෂණ මල්ලක් දෙනවා කියලා බලයට පැමිණි ආණ්ඩු ගෙනයන ක්‍රියාමාර්ග නිසා හිතනවාට වඩා භයානක තත්වයක් ගෙදර ඇතිවී තිබෙනවා. පවුලේ ආරාවුල්, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, හොඳටම වැඩිවෙලා. දරුවාට පෝෂණීය ආහාර වේලක් ලබාදෙන්න කිසිසේත්ම බැරිවෙලා තියෙන්නේ. අපේ ජීවිතවලට නිදහස සහ සැනසීමක් නැහැ. උදේ 4.00ට නැගිටින සහෝදරියන් කොපමණ දුක් වින්දත් සැනසීමක් ලැබෙනවාද? එහෙම වෙලා තියෙන්නේ මේ පාලකයන් ගෙනයන සිස්ටම් එක නිසයි. මේ සිස්ටම් එක වෙනස් කරන්න අප්‍රේල් 09වැනිදා තරුණ පරම්පරාව පාරට බැස්සා. දින 120ට වැඩි කාලයක් ගෝල්ෆේස් පිටියේ රට වටේමත් අරගල දියත් කළා.

අප්‍රේල් අවුරුදු කාලා අරගලය අවසන් කරයි කියලා සමහරු කිව්වා. තව සමහර අය මැයිවලදී ඉවර වෙයි කීවා. මැයි 09 පාලකයන් මුදාහැරි මර්දනය නිසා එතනින් ඉවරවෙයි කියලා තවත් සමහර අය කීවා. ඒ ගොල්ලෝ අරගලය අවතක්සේරු කළා. නමුත් ජූලි 09වැනිදා මහජන නැගිටීමෙන් විධායක ජනාධිපතිවරයා ගෙදර යවන්න හැකි වුණා. ගෝඨාභය රාජපක්ෂ පැන්නුවාට පස්සේ දූෂිත නියෝජිතයා 134දෙනෙකුගෙන් අසාර්ථක පාලකයෙක් පත්කරගෙන තිබෙනවා. නමුත් මේ මොහොතේ පවා ඔහුගේ අසාර්ථක පාලනය අවසන් කරන්න රට පුරාම ජනතාව පෙළගැසෙමින් සිටිනවා. රනිල් වික්‍රමසිංහ ඒ ජනතාව බය කරන්න අසාර්ථක උත්සාහයක යෙදෙනවා. අපි ඒවාට බයවෙන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂට අපි බය නැති බව කීවා. රනිල් රාජපක්ෂට කියන්නේත් අපි බය නැහැ කියලයි. රනිල් රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව ජනවරමක් ඉල්ලා අපි පෙළ ගැසෙනවා. කුස්සියේ හිරවී ඉන්න අම්මලාත් ගෙවල්වල සිරවී ඉන්න තරුණ තරුණියනුත් මේ අරගලයේ කොටස්කරුවෝ වී ජනතාවාදී පාලනයක් ගොඩනැඟිය යුතුයි. ඒ අරගලය දිනන තුරු අපි සටන් කරනවා.

පසුගිය ජනතා නැගිටීම බාග ජයග්‍රහණයකින් කෙළවර වීම අපේ හදවත් කම්පා කරවන්නක්.
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක

මහජන අරගලවලින් රාජපක්ෂ කඳවුරේ හිස ඉවත් කරන්න සමත් වුණා. කඳ පාර්ලිමේන්තුවේ ඉතිරිවී තිබෙනවා. ඒ කඳ විසින් රනිල් රාජපක්ෂ හිසක් නිර්මාණය කළා. දැන් රටේ නිශ්චිත වශයෙන් කඳවුරු දෙකක් බෙදී තිබෙනවා. එකක් රනිල් රාජපක්ෂ කඳවුර. ඒ කඳවුර රනිල්, රාජපක්ෂලා, අපරාධකාරයින්, වංචනිකයින් ඇතුළු කණ්ඩායමකින් සමන්විතයි. ඒ වගේ හොරගල් අහුලන කණ්ඩායමකුත් ඉන්නවා. ස්වාධීන වූවා කියන පිරිස හොරගල් අහුලනවා. සජිත්ගේ කණ්ඩායමේ බොහෝ අයත් හොරගල් අහුලමින් ඉන්නවා. මේ කඳවුර පවතින්නේ පාර්ලිමේන්තුවේ 134කින්. මහජනයාගේ කැමැත්ත මත නොවෙයි. අනික් පැත්තෙන් මේ ව්‍යවස්ථාව ඇතුලේ බලයක් නිර්මාණය කර ගන්න මේ කඳවුරට හැකිවී තිබෙනවා. අනික් කඳවුරට විවිධ වරදාන, වරප්‍රසාද ලබාදීමෙන් රඳාපැවැත්ම තහවුරු කරගෙන තිබෙනවා. ලබන සතියේ තවත් ඇමතිවරු රොත්තක් දිවුරුම් දීමට නියමිතයි. ආණ්ඩු පක්ෂයේ මේ කණ්ඩායම් මෙහෙයවන අයට විවිධ වරදාන වරප්‍රසාද ලබාදී අලුතින් නියෝජ්‍ය සංවිධායකලාත් පත්කර සිටිනවා. මහජන ධනය කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරමින් ඔවුන්ගේ පැවැත්ම තහවුරු කරගෙන තිබෙනවා.

රනිල්ගේ උපදේශකලා හැටියට හිටපු ඇමතිවරුන් පත්කරගෙන. ඊට අමතරව විවිධ අධ්‍යක්ෂ ජනරාල්වරු පත්කරගෙන. විවිධ වරදාන, වරප්‍රසාද ලබාදී තමන්ගේ හිතවතුන් සනසනවාට අමතරව ඒවාට විරුද්ධ වෙන අයට මර්දනය දියත් කර තමන්ගේ පැවැත්ම තහවරු කරගන්න රනිල් වික්‍රමසිංහ කල්පනා කරනවා. ඒ ඉතිහාසය අවසන්වී දශක ගණනාවක් ගෙවී ඇති බව අපි මතක් කරනවා.

අරගලය සාමකාමී අය සහ ත්‍රස්තවාදීන් සිටි බව පාර්ලිමේන්තුවේදී රනිල් වික්‍රමසිංහ කිව්වා. ඔහු කියන ඒ ත්‍රස්තවාදීන් කවුද කියලා අපි බලාගෙන සිටියා. පූල් එකේ සබන් ගාලා නාපු කෙනා එක ත්‍රස්තවාදියෙක්. ජනාධිපතිගේ වැසිකිළිය පාවිච්චි කළ කෙනා තව ත්‍රස්තවාදියෙක්. ජනාධිපතිගේ කොඩිය නිදාගත් කෙනා තව ත්‍රස්තවාදියෙක්. ෆ්‍රිජ් එකේ තිබුණු ගස්ලබු කෑල්ල කෑව කෙනා තව ත්‍රස්තවාදියෙක්. ජනාධිපති මන්දිරයේ තිබුණු සල්ලි ගණන් කළ කෙනත් ත්‍රස්තවාදියෙක්. ජනාධිපති මන්දිරයට පළමුවෙන්ම ඇතුළුවූ කෙනත් ත්‍රස්තවාදියෙක්. මෙහෙම බැලුවාම රනිල් 134 රූට් එකේමයි යවන්න ඕනෑ. අරගලයට මැදිහත් වුණු අය මර්දනය කරලා තමන්ගේ පාලනය ගෙනියන්න හැකිවෙයි කියලා රනිල් වික්‍රමසිංහ හිතනවා. 18වැනිදා අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයෙන් පෙළපාළියක් ගියා. ටවුන් හෝල්වලින් පටන්ගෙන කොටුවේ රැස්වීමක් තියන්න ගියේ. යුනියන් ප්ලේස්වල මඟරැකලා සිටි පොලිසිය පහර පිට පහර දුන්නා. අරලියගහ මන්දිරයට, ජනාධිපතිමන්දිරයට යන්න ගිය පා ගමනක් නොවෙයි. රනිල් මංපහරන්නෙක් වගේ මඟ රැකලා ඉඳලා පහර දුන්නා.

මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, උද්ඝෝෂණය කරන්න තිබෙන අයිතිය බිඳවැට්ටීම සඳහා රනිල් වික්‍රමසිංහ දරන සෑම ප්‍රයන්තනයක්ම පරාජය කරන්න අපි සූදානම් බව අවධාරණය කරනවා. අපි දෙල්කඳ සිට නුගේගොඩට උද්ඝෝෂණ පෙළපාළියෙන් ආවා. මඟ රැකලා ඉඳලා අපිට පහර දෙන්න ආවා නම්, අපි නුගේගොඩින් නතර නොවෙන බව රනිල් වික්‍රමසිංහට කියනවා. ජනතාවගේ අයිතිවාසිකම් මර්දනය කරන්න බලයක් රනිල් වික්‍රමසිංහට නැහැ. මේ රටේ ජනතාව රනිල්ට පාර්ලිමේන්තුවේ වාඩිවෙන්න වත් අනුමැතිය දී නැහැ. 1977 සිට රනිල් වික්‍රමසිංහ ඇමති, අගමැති, විපක්ෂ නායක, හැටියට අවුරුදු 43ක් හිටියත්, පසුගිය මහ ඡන්දයේදී පසුපෙළ මන්ත්‍රී කෙනෙක් වෙන්න වත් මහජනතාව ඉඩ දුන්නේ නැහැ. ඒත් රනිල් දැන් 134කගේ නායකයා. ඔහු මර්දනය දියත් කර, රාජපක්ෂ කඳවුර සතුටු කරන්න ක්‍රියා කරනවා. මැයි 09 පහරදීමට විරුද්ධව රනිල් වික්‍රමසිංහගේ උපදේශක රුවන් විජේවර්ධන නිවේදනයකුත් දැම්මා. අන්තරයේ කැඳවුම්කරු වසන්තව අත්අඩංගුවට ගෙන පැය 72ක් ප්‍රශ්න කරලා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ඉන්නවා. නමුත් මම කියන්නේ රනිල් අපිව බිය වද්දන්න මහළු වැඩි බවයි. රනිල්ගේ කඳවුර අද රඳා පවතින්නේ 134 දෙනෙක් මතයි. දැන් මේ රටේ ජනතාව පාලකයන් කිසිකෙනෙක් අනුමත කරන්නේ නැහැ.

මේ කඳවුරට විරුද්ධව ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පෙළගැසී ඉන්නවා. ගමන්කරමින් තිබෙන ආර්ථික දේශපාන මාවත වෙනස් කරන්න ඔවුන් පෙළ ගැසෙනවා. ගෝල්ෆේස් පිටියෙත් රට පුරාත් පෙළ ගැසී සිටිනවා. ජාතික ජන බලවේගය සමස්ත ජනතාවගේ අරමුණු වෙනුවෙන් අරගල කරමින් ඉන්නවා. මේ අරගලයෙන් රනිල් රාජපක්ෂ කඳවුර විතරක් නොවෙයි සජිත් ප්‍රේමදාස ඇතුළු සිඟිති කඳවුරත් අභියෝගයට ලක්වෙනවා. ඔවුන් ජනතාවත් එක්ක දේශපාලනය කරනවා වෙනුවට තමන්ගේ පිරිස ආරක්ෂා කර ගන්න අරගලයක ඉන්නවා. රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කර තිබෙන්නේ සජිත්ලාගේ වැඩපිළිවෙළලු. මේ නිසා ඔවුන් දේශපාලනයේ නන්නත්තාර වූ කණ්ඩායමක් බවට පත්වී සිටිනවා. ඒ වගේම රාජපක්ෂ කඳවුරට විරුද්ධව ඩලස් අලහප්පෙරුම ඡන්දය ඉල්ලලා ආණ්ඩු පක්ෂයේ වාඩිවී ඉන්නවා. තව කණ්ඩායමක් ජනාධිපති තෝරන ඡන්දයේදී රනිල් වික්‍රමසිංහට ඡන්දය දීලා විපක්ෂයේ වාඩිවී ඉන්නවා. අද පාර්ලිමේන්තුවේත් එළියේත් ඔවුන්ගේ කඳවුර සුනුවිසුනු වෙලා තිබෙන්නේ. නිශ්චිත මතවාදයක්, ඉලක්කයක් සහිතව සාමූහිකව වැඩකරන, ඉතාමත් දුෂ්කර තත්වයක් යටතේත් නුගේගොඩ මහා හිස්ගොඩක් බවට පත්කළ හැකි වූයේ ජාතික ජන බලවේගයට පමණයි.
ගෝඨාභය 69ලක්ෂයකින් ජනාධිපති වුණා. මහින්ද අගමැති කරන 2/3කේ පාර්ලිමේන්තු බලයක් දුන්නා. නමුත් අද ඒ ජනමතය නියෝජනය කරන්න කිසිම බලයක් මේ අයට නැහැ. ව්‍යවස්ථාව ඇතුලේ වංගු ගහලා බලයක් හදාගෙන තිබෙන්නේ. රනිල් ගෙදර යවන්න ඡන්දය දීලා රනිල්ගේ ආණ්ඩුව යටතේ ඉන්නේ කොහොමද කියලා හිතාගන්න වත් බැහැ. ජනමතයට ගරු කරනවා නම්, මේ පාර්ලිමේන්තුව විසුරුවා හැර නව ජනවරමකට ඉඩ ලබාදිය යුතුයි. මහා පරිමාණ වංචා-දූෂණවලට විරුද්ධව ජනතාව පාරට බැස්සා.

බැසිල් රාජපක්ෂ ලංකාවෙන් යන්න හදනකොට ගුවන් තොටුපළවලින් යන්න නොදුන්නේ මහජනයාගේ දේපොළ හොරකම් කළ අයට යන්න දෙන්න බැහැ කියලයි. රනිල් මේ අයට දඬුවම් කරන්නේ නැහැ. රනිල් නාමිකව හරි එහෙම කරන්න සූදානම් නම්, රතු වරෙන්තු නිකුත් කර තිබෙන අර්ජුන් මහේන්ද්‍රන්ව ගේන්න කියලා අභියෝග කරනවා. ජපානයෙන් ගුවන් තොටුපළ ව්‍යාපෘතියකට කොමිස් ඉල්ලූ බවට චෝදනා ලැබූ නිමල් සිරිපාල ඇමතිකමෙන් ඉල්ලා අස්කර තිබියදී, රනිල් වික්‍රමසිංහ කොමිසමක් පත්කර ඔහු නිර්දෝෂියෙක් කරලා ඒ අමාත්‍යාංශයම නැවත ලබාදෙනවා. ඒ වගේම කප්පම් ගත් බව ඔප්පු වුණු ප්‍රසන්න රණතුංගට කෝටි දෙකහමාරක දඩයක් අධිකරණයෙන් නියම කළා. අවුරුදු 4ක අත්හිටවූ සිරදඬුවමක් දුන්නා. ඒ ප්‍රසන්න රණතුංගත් රනිල් වික්‍රමසිංහගේ කැබිනට් ඇමති කෙනෙක්. ඒ වගේම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක හැටියටත් පත්කරලා.

මේ නිසා වංචනිකයන්ට දූෂිතයන්ට දඬුවම් දෙන නව ජනවරමකට අවස්ථාව ලබාදෙන්න ඕනෑ. හොරු රකින පාලනයක් වෙනුවට හොරු අල්ලා දඬුවම් දෙන පාලනයක් වෙනුවෙන් නව ජනවරමක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් අපට අරගලයක් තිබෙනවා. ඒ වගේම යල් පැන ගිය ජනතාවගේ අපේක්ෂාවන් ඉටුනොකරන ව්‍යවස්ථාව වෙනුවට  නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් ජනවරමක් ඕනෑ. ඊළඟ ජනවරම අපි ඉල්ලන්නේ මේ රටට ජනතාවාදී ව්‍යවස්ථාවක් ලබාදීම වෙනුවෙනුයි. ජනතාවගේ ඇත්ත අපේක්ෂාවන් නියෝජනය කරන ව්‍යවස්ථාවක් ගෙන එන්න අවශ්‍යයි. ජනතා කැමැත්තෙන් තොරව පාර්ලිමේන්තුවේ අටවා ගන්නා ජනාධිපති පත්කරන ව්‍යවස්ථාව වෙනස් කළ යුතුයි.

ඒ වගේම ජීවිත කාලයක් අනුගමනය කළ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කර, නව ආර්ථිකයක් ගොඩනඟන්න ජනවරමක් අවශ්‍යයි. අප්‍රේල් මාසයේ 08වැනිදා සිට විදේශ ණය නොගෙවන බංකොලොත් රාජ්‍යයක් බවට අපේ රට පත්කර තිබෙනවා. දැන් ලංකාව ලෝක පොලුකාරයෙක්ගේ තත්වයට පත්කරලා තිබෙන්නේ. නොගෙවා සිටින ණය නීත්‍යාණුකූලව පස්සට දාගන්න දැන් උත්සාහ කරමින් ඉන්නවා. කඩා වැට්ටූ මේ ආර්ථිකය ගොඩගන්න නව ආර්ථික උපාය මාර්ගයක් ක්‍රියාවට නැගීමේ නව ජන බලයක් අවශ්‍යයි. මේ සඳහා රට තුළ ඉන්න ජනතාව පමණක් නොවෙයි, ලෝකය පුරාම ඉන්න ශ්‍රී ලාංකිකයන් අපි පෙළ ගස්වනවා. ජාතික ජන බලවේගයේ නායකත්වය යටතේ දැනටමත් ලොව පුරා සිටින ශ්‍රී ලාංකිකයන් අරගල කරමින් සිටිනවා. පසුගිය ජනතා නැගිටීම බාග ජයග්‍රහණයකින් කෙළවර වීම අපේ හදවත් කම්පා කරවන්නක්. ඒ නිසා තවදුරටත් භාග ජයග්‍රහණ නොවෙයි, අවසන් ජයග්‍රහණ ලබාගන්නත් සටන් පෙරමුණු ජාතික ජන බලවේගයෙන් ගොඩනඟා ජයග්‍රහණය දක්වා ගෙනයනවා. 74වසරක සාපලත් පාලනය නිමාකර, ජනතා ජයග්‍රහණ ලබාගන්නත් පාලනයක් අපි පිහිටුවනවා. ඒ වෙනුවෙන් අපි සෑමදෙනෙක්ම පෙළ ගැසෙමු කියා ආරාධනා කරනවා.

ගෝල්ෆේස් අරගලය අපරාධයක් නෙවෙයි. යහපත් ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටීම අපරාධයක් වෙන්නේ කොහොමද?
ජාතික ජන බලවේගයේ  ජාතික විධායක සභික නීතිඥ උපුල් කුමරප්පෙරුම


මාර්තු 31වැනිදා මිරිහානේ ගෝඨාභය රාජපක්ෂගේ නිවස ඉදිරිපිට ඇති වූ සිද්ධියෙන් පසුව ඇති වුණු සිද්ධිදාමය ක්‍රමයෙන් රටේ සියලුම ජනතාවට ඇතිවී තිබුණු පීඩනයට විරුද්ධව ඉදිරියට ඇදුණා. මේ සමස්ත ක්‍රියාවලිය ඇතුලේ මහින්ද රාජපක්ෂ අගමැති, ඊට පස්සේ පත්කර ගත් ගෝඨාභයගේ කැබිනට්ටුව, ඊට පස්සේ හතරදෙනෙකුගෙන් යුත් කුඩා කැබිනට්ටුව ඉවත් කර, ගෝඨාභයටත් ඉවත්ව යන්න සිදුවුණා. ගෝඨාභය රනිල් වික්‍රමසිංහ යටතේ අන්තිමට පත් කළ කැබිනට්ටුව අද දක්වා පවත්වාගෙන එනවා. මර්දනය ඉදිරියට ගෙනයන්න රනිල් වික්‍රමසිංහ ශක්තිය ලබාගත් දිනය ජූලි 09වැනිදායි. ජූලි 09වැනිදා දක්වා ක්‍රියාදාමය සිදුවන්නේ අරගලයේ ප්‍රතිඵලයක් හැටියට. ගෝඨාභය රාජපක්ෂ පලායාමෙන් පසුව ඔහු එවූ ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයා පිළිගැනීමෙන් පසුව රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස පත්වෙනවා. ඔහු ජනාධිපති වූ දිනයේ සිට අරගලයේ ක්‍රියාකාරීන් සහ නායකයන් දංගෙඩියට ගෙනයන ව්‍යාපෘතියක් ගෙනයනවා. රනිල් වික්‍රමසිංහ දැන් කියනවා නම්, අරගලකරුවන් නීති විරෝධී කියලා එහෙම නම්, ගෝඨාභය රාජපක්ෂ ඉවත් වීමත් නීති විරෝධියි. ගෝඨාභය රාජපක්ෂ ඉවත්වීම නීති විරෝධී නම් රනිල් වික්‍රමසිංහගේ පත්වීමත් නීති විරෝධියි. ඒ අනුව දිනේෂ් ගුණවර්ධන අගමැති සහ කැබිනට් මණ්ඩලයත් නීති විරෝධියි.

නමුත් රනිල් වික්‍රමසිංහ ජූලි 09ට කලින් අරගලය නීති විරෝධී නොවන සහ ඊට පසුව නීති විරෝධී ලෙස කොටස් කරනවා නම් අපිට කියන්න තියෙන්නේ ඔහුගේ පත්වීමත් නීති විරෝධියි කියන එකයි. උතුරේ හෝ දකුණේ ඇති වුණු කැරළිවලදී ලක්ෂ ගණනක තරුණ පිරිසක් ඉවත් කලේ වැරැද්ද වැරැද්ද හැටියට දකින, වැරැද්දට විරුද්ධව බය නැතිව කතා කරන පිරිසක්. ඔවුන්ගෙන් ඉතිරි වුණු තරුණ පිරිසක් පෙර ආකාරයෙන්ම මර්දනය කරන්න ආණ්ඩුව කටයුතු කරනවා. තරුණයන්ට තිබෙන නිදහස් චින්තනය, රට වෙනුවෙන් වැඩ කළ හැකි ශක්තිය, රට වෙනුවෙන් නැගී සිටිය හැකි ශක්තිය, මර්දනය කරන්න බැහැ. ගෝල්ෆේස් අරගලය අපේ රටේ තරුණයන්ගෙන් කොටසක් විසින් මෙහෙය වූවා. ඒක අපරාධයක් නොවෙයි. දේශපාලන ක්‍රියාවලියක්. එහෙම නම් උත්තර සොයන්න ඕනෑ දේශපාලන ක්‍රියාවලියකින්. මෙයට පෙර අවස්ථාවල නැගී සිටි තරුණයන් විනාශ කර, ඔවුන් මතු කළ ප්‍රශ්නය සමාජයේ ඉතිරි කළා. මේ රටේ පුරවැසියන් අරගලයට සම්බන්ධ වෙන්නේ සමාජය වෙනස් කර ගන්න. නමුත් සෑමදාම දේශපාලන ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටි අය අපරාධකරුවන් හැටියට හඳුන්වද්දී සමාජයක් හැටියට අපට ඒ දිහා නිහඬව බලාගෙන ඉන්න පුළුවන්ද? ඒ නිසා මේ සුජාතභාවයක් නැති පාර්ලිමේන්තුව ඉවත් කිරීමට ආණ්ඩුවට බල කරන්න ඕනෑ. ඒ තුළින් නිවැරදි මාවතට මේ රට ගෙනියන්න අපි කවුරුත් පෙළ ගැසෙමු.

අරගල මර්දනය කිරීම වගේම අරගලය වැරදි පැත්තට පීලි පන්නන එකත් අපරාධයක්
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

අපි අද නුගේගොඩට ආවේ පැහැදිලි පණිවිඩයක් අරගෙන. මේ ආණ්ඩුව, මේ ජනාධිපති අපි පිළිගන්නේ නැහැ. ඒ නිසා ජනතාව කැමති අලුත් ආණ්ඩුවක් හදාගන්න ජනවරමක් ලබාගන්න පාර්ලිමේන්තුව විසුරුවා බැහැලා යන්න කියන පණිවිඩය දෙන්නයි අපි ආවේ. මේ ආණ්ඩුවේ ඉන්න අයට මේ පණිවිඩය ඇහෙන්න ඕනෙ කියලා අපි හිතනවා. පසුගිය මාර්තු මාසයේ ගෝඨාභය රාජපක්ෂට පණිවිඩයක් දෙන්න අපි මෙතනටම ආවා. අවසානයේ ගෝඨාභය රාජපක්ෂට බලය දාලා යන්න සිද්ධ වුණා. දැන් අරගලය අවසන් නැහැ. කවුරු නැතත් ජාතික ජන බලවේගයේ අපි ගෝඨාභයගෙන් පස්සේ ජනාධිපති වී ඉන්න රනිල් වික්‍රමසිංහත් ඔහුගේ පාර්ලිමේන්තුවත් ගෙදර යවලා අලුත් ජනවරමක් ගන්න සටන් කරන්න ලැහැස්තියි කියන පණිවිඩය ලබාදෙනවා. ගෝඨාභය ගිහින් රනිල් ආවාට පස්සේ අරගලයට යම් විරාමයක් ආවා. ඒ විරාමය තුළ පොලිසිය පොලු ඔසවන්න පටන්ගෙන තිබෙනවා. මර්දනය දියත් කරන්න පටන්ගෙන තිබෙනවා. ඒ අයට අපිට කියන්න තිබෙන්නේ ඔබලා අපායේ ඉන්ටර්වල් එකක ඉන්න බවයි. වැඩි වෙලාවක් මේ ඉන්ටර්වල් එක තියෙන්නේ නැහැ. ජාතික ජන බලවේගයේ නායකත්වයෙන් මේ ඉන්ටර්වල් එක ඉතා ඉක්මනින් අවසන් කර, ජනතාවාදී පාලනයක් පිහිටුවනවා.
අපේ රටේ ජනතාව මුහුණදී සිටින බරපතළ ප්‍රශ්න ගණනාවක් නිසා ඔවුන් පාරට බැස්සා. ඒ වෙනුවෙන් හේතු වුණු ආර්ථික සහ දේශපාලන ගැටලු තාමත් තිබෙනවා. ඇත්ත ගත්තොත් මේ විරාමය කියන්නේ දෙවෙනි සටනට සූදානම් වීමයි. පළවෙනි අරගලයේ අඩුලුහඬුකම් සියල්ල තේරුම් ගෙන දෙවැනි අරගලය ජයග්‍රහණයෙන් කෙළවර කිරීමට සූදානම් වීමයි මේ තියෙන්නේ. ඒ අරගලය අයාලයේ යන අරගලයක් නොවෙයි. මේ නිසා අරගලය කළ අය බියවද්දන්න, මර්දනය කරන්න උත්සාහ කළත් අපි බය නැහැ. බය වෙන්න ඕනෑ ඕගොල්ලෝ. මේ ගොල්ලන්ගේ මර්දනයට කවුරු බය වුණත් ජාතික ජන බලවේගයේ අපි කවුරුවත් බය නැහැ. ජනතාව පාලකයන්ට බයේ ජීවත් විය යුතු නැහැ. වැරදි කළ ඒගොල්ලොයි ජනතාවට බයේ ඉන්න ඕනෑ. අද තෙල් පෝලිම් නැත්තේ ප්‍රශ්නය විසඳූ නිසා නොවෙයි. තෙල් නැති නිසා, සලාකයක් හදලා තිබෙන නිසයි. රටේ සියල්ල බිඳ වැටිලා තිබෙන්නේ. අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය බිඳවැටිලා. බඩුමිල වැඩිවෙලා. අර්බුදය යන්නේ රටේ සමස්ත නිෂ්පාදනයම කඩා වට්ටමින්. නමුත් රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දිහා බලාගෙන සින්දු කියනවා.

පාර්ලිමේන්තුව අමතලා රනිල් වික්‍රමසිංහ කිව්වේ 2048දී අපේ රට ගොඩගන්නවා කියලයි. පිනට හම්බවුණු ජනාධිපතිකම අරගෙන රාජපක්ෂවරුන්ට වගකියමින් ජනතාවට වගනොකියමින් ඉන්නවා. ඒ නිසා රාජපක්ෂලා පත්කළ ජනතා ද්‍රේහී පාලනයක් වෙනුවට මේ පාර්ලිමේන්තුව අයින් කර, ජනතාවගේ කැමැත්තෙන් අලුත් පාර්ලිමේන්තුවක් පත්කර ගන්න ඕනෑ. රනිල් වික්‍රමසිංහ බලන්නේ මේ අපරාධකාරයන් එක්ක තව අවුරුදු තුනක් පාලනය ගෙන යන්නයි. එතෙක් බලාගෙන ඉන්න අපි සූදානම් නැහැ. ඒ නිසා බඩු මුට්ටු පොදි බැඳගෙන බැහැලා යන්න සූදානම් වෙන්න කියලා අනතුරු හඟවනවා.
රනිල් වික්‍රමසිංහ පරණ නාඩගම් නැවත පටන්ගෙන පරණ හොරු ගේන්න හදනවා. ගෝඨාභය රාජපක්ෂත් නැවත ගේන්න හදනවා. මේ තත්වයන්ට එරෙහිව ජනතාවගේ අරගලයක් තිබෙනවා. අරගලයට එරෙහිව ආණ්ඩුව කරන බාධාවලට අමතරව කුඩා කණ්ඩායම් කරන බාධාවනුත් තිබෙනවා. අරගලය මර්දනය කිරීම අපරාධයක් වගේම අරගලය වැරදි පැත්තට පීලි පන්නන එකත් අපරාධයක්. අරගලය නිවැරදි මාවතකට ගෙන යන්නේ නැතිව කැළෑ වැද්දුවොත් මහජනතාවගේ ශක්තිය අපතේ යනවා. එය අපතේ නොයන්න නම්, නිවැරදි දේශපාලන නායකත්වයක් තියෙන්න ඕනෑ. එවැනි නායකත්වයක් දෙන්න හැකියාව තියෙන්නේ ජාතික ජන බලවේගයට විතරයි.

නිෂ්පාදනය නොකර, වත්කම් උපයන්නේ නැතිව පසුගිය කාලයේ ණයට කෑවා. මත්තල විකුණන්න දැනටමත් සූදානම්. කෑලි කෑලි විකුණන ආර්ථිකයකින් ඉස්සරහට යන්න බැහැ. ලෝක වෙළඳපොළට භාණ්ඩ සහ පුහුණු ශ්‍රමය යවන ආර්ථිකයක් අපට ඕනෑ. ආර්ථිකයේ ප්‍රතිලාභ සාධාරණ ලෙස සෑමදෙනාටම බෙදීයන ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදයක් ඕනෑ. එහෙම ආර්ථිකයක් හදන්න අපි ලැහැස්තියි. එවැනි ගමනක් අපි යා යුතුයි. ඒ වෙනුවෙන් ආණ්ඩුවක් පිහිටුවන්න පාර්ලිමේන්තු මැතිවරණයක් ලබාගන්න තව අවුරුදු තුන හතරක් බලාඉන්න ජනතාව සූදානම් නැහැ. ලිබරල් නායකයෙක්, මහා ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්, විදිහට පෙනී සිටින රනිල්, රාජපක්ෂලාගේ කොන්ත්‍රාත්තුවක් කරන්නේ. වංචා, දූෂණ සිදුකළ නායකයන් උස් පුටුවල සිටිද්දී රටක් හදන්න බැහැ. නඩු අහලා හොරා කාපු හැම සතයක්ම රට වෙනුවෙන් නැවත පවරා ගන්න ඕනෑ.

අපිට ඉක්මන් ඡන්දයක් ඕනෑ. ආසාවකට නොවෙයි. මේ රට හදන්න. රනිල් මර්දනය ගේන්න හැදුවත් එයාට එහෙම කරන්න බැහැ කියලා අපි කියනවා. පසුගිය කාලයේ මර්දනයක් දියත් කරන විට ඒ ආණ්ඩු එක්ක කිසියම් ජනතාවක් හිටියා. අද රනිල්ටත් ජනතාවක් නැහැ, ආණ්ඩුවක් නැහැ, පක්ෂයකුත් නැහැ. ඒ නිසා අපි බය වෙන්න උවමනා නැහැ. එයා පැනවූ හදිසි නීතිය ඉවත් කර ගන්න යන්නෙත් ඒ නිසයි.

සටන නැවත පටන් ගන්න ඕනෑ. දැවැන්ත අමාරුකම් මැද්දේ දස දහස් ගණන් ජනතාවක් නුගේගොඩට ඇවිත් සටන පටන් ගත්තේ ඒ නිසයි. බස්වලට විතරක් රුපියල් ලක්ෂය ඉක්මවා අය කරන අසීරු තත්වයක් තිබෙන්නේ. ඒ මැද්දෙත් මේ අරගලය කරන්නේ සතුරාට ශක්තිමත් වෙන්න, අවස්ථාව නොදෙන්නයි. මේ රටේ දේශපාලන බිමේ වාසිදායකම තත්වය තිබෙන්නේ ජාතික ජන බලවේගයටයි. සම්ප්‍රදායික ධනපති දේශපාලන පක්ෂ කැඩිලා බිඳිලා තිබෙන්නේ. මොළ හතක් තිබෙනවා කීව බැසිල් රාජපක්ෂගේ පක්ෂය අම්බලමක් වෙලා තිබෙන්නේ. එක්සත් ජාතික පක්ෂයෙන් බෙදී ගිය සමගි ජන බලවේගයත් එකට නැහැ. රනිල් වික්‍රමසිංහගෙ ආණ්ඩුවට රිංගන්න බොහෝ දෙනෙක් උත්සාහ කරනවා. සර්වපාක්ෂික ලේබලයේ අටමගලට අපි එන්නේ නැහැ. අපි සූදානම් වෙන්නේ ආණ්ඩුවක් හදන්නයි. පොදු ජනයා සතුටින් තියන ජනතාවාදී පාලනයක් පිහිටුවන්නයි, අපි සූදානම් වෙන්නේ.  ඊනියා දේශප්‍රේමී නායකයෝ කැලේ. ජාතික ජන බලවේගය විතරයි දෙපයින් නැගී සිටින්නේ. ජනතාව දෙපයින් සිටුවිය හැක්කේ ජාතික ජන බලවේගයට විතරයි. ජනතාවට අභිමානය, ගෞරවය දෙන්න පුළුවන් එකම පක්ෂය ජාතික ජන බලවේගය විතරයි.

පසුගිය කාලයේ නිකුත් වුණු සමීක්ෂණ ප්‍රතිඵල දැක්කාම රනිල්ලා හොඳටෝම බයයි. මහින්ද රාජපක්ෂලා පසුගිය කාලයේ ඡන්ද සොය සොයා පැවැත්වූවා. ජනාධිපතිවරණයත් කලින් තිබ්බා. දැන් ඒ හැමෝම ඡන්දවලට බයයි. ජාතික ජන බලවේගයත්, එහි නායක අනුර කුමාර දිසානායක සහෝදරයත් රට හදන්න පුළුවන් පක්ෂය සහ නායකයා ලෙස දැනටමත් ජනතාව පිළිගෙන ඉවරයි. දැන් තිබෙන්නේ ජනතාවගේ ඒ කැමැත්ත බලයක් බවට පත්කර ගන්න අවස්ථාවක් ලබා ගැනීමයි.

පරණ මඩ බලකායවල් දැන් නැවත වැඩ පටන්ගෙන තිබෙන්නේ. ඒ අවලාද පිළිගන්න මිනිස්සු මේ රටේ නැහැ. දැන් තිබෙන්නේ ජනතාවගේ යුගයක්. ඒ යුගයේ අවලාද ගහලා රැකෙන්න බලන්නේ නැතිව බැහැලා යන්න කියලා අපි අවධාරණය කරනවා. රනිල් වික්‍රමසිංහට අපි කියන්නේ ඔයාගේ පිං ජනාධිපතිකම අරගෙන පාර්ලිමේන්තුවත් එක්ක බැහැලා යන්න කියලයි. ජනතාව දැන් පෙළ ගැසෙන්නේ ආණ්ඩු එලවන්න විතරක් නොවෙයි. පරණ පාලනය නිමා කොට, අලුත් රටක්, නව සමාජයක්, නිර්මාණය කරන්නයි. ඒ වෙනුවෙන් සටන් පෙරමුණේ අත්වැල් බැඳගෙන සහෝදරත්වයෙන් අපි සටන් කරමු. ඒ සටන පීලි පන්නන්න ඉඩනොදී නිවැරදි ඉලක්කයට ගෙන යමු. මහා මැතිවරණයක් ඉක්මනින් දිනාගෙන අපේ රටේ ඉතිහාසයේ පළමු වතාවට ඇත්ත ජනතාවාදී පාලනයක් නිර්මාණය කර ගනිමු. අලුත් රටක්, අලුත් බිමක්, අලුත් හෙටක් හදමු. ඒ වෙනුවෙන් සෑමදෙනාටම ධෛර්යයෙන් පෙරට එන ලෙස ආරාධනා කරනවා.

Show More