Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
Media notification Meeting of Colombo District Doctors U.S. Assistant Secretary Donald Lu Engages with National People’s Power (NPP) Representatives… A meeting between the Indo-Pacific Regional Director of the UK and the leader of the NPP Norwegian Ambassador meets the leader of the NPP
X

NPP News

නිදහස් අධ්‍යාපනයේ පරමාර්ථ

“යම් සමාජයක ස්වරූපය මත එම සමාජය වෙනුවෙන් නිර්මාණය වන අධ්‍යාපන ක්‍රමයේ ස්වරූපය රඳා පවතී. ඒකාධිපති ක්‍රමයක් තුළ අධ්‍යාපන ක්‍රමය සැලසුම් කරන්නේ, එම කාලය තුල රටේ ඉරණම පාලනය කරන අයගේ අදහස් ජනගහනයේ සියලු කොටස් අතර ස්ථාපිත කිරීම සඳහා ය. අප උපකල්පනය කර ඇත්තේ අපට පැවරී තිබුණු රාජකාරිය නම් ප්‍රජාතන්ත්‍රවාදයට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් යෝජනා කිරීමට බව සහ […]

“යම් සමාජයක ස්වරූපය මත එම සමාජය වෙනුවෙන් නිර්මාණය වන අධ්‍යාපන ක්‍රමයේ ස්වරූපය රඳා පවතී. ඒකාධිපති ක්‍රමයක් තුළ අධ්‍යාපන ක්‍රමය සැලසුම් කරන්නේ, එම කාලය තුල රටේ ඉරණම පාලනය කරන අයගේ අදහස් ජනගහනයේ සියලු කොටස් අතර ස්ථාපිත කිරීම සඳහා ය. අප උපකල්පනය කර ඇත්තේ අපට පැවරී තිබුණු රාජකාරිය නම් ප්‍රජාතන්ත්‍රවාදයට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් යෝජනා කිරීමට බව සහ අපගේ මූලික වෑයම විය යුත්තේ සියලු පුරවැසියන්ට රටේ ජීවය වෙනුවෙන් තමන්ගේ පරිපූර්ණ මෙහෙවර ලබා දිය හැකි අධ්‍යාපන ක්‍රමයක් සැලසුම් කිරීමට බවය. මෙයින් අදහස් වන කාරණා දෙකකි. පළමුව, පුද්ගලයෙකුගේ ආර්ථිකමය සහ සමාජමය තත්වය කුමක් වුවත් ඔහුගේ හැකියාවට අනුව උපරිම ශාරීරික, මානසික, සහ සදාචාරාත්මක සංවර්ධනය සාක්ෂාත් කරගනීමට ඔහුට උදව් විය යුතුයි. දෙවනුව එයින් අදහස් වන්නේ, තම අධ්‍යාපනයේ ප්‍රතිඵලයක් ලෙස පුද්ගලයාට තම හැකියාවන් රටේ යහපත සඳහා උපරිම ලෙස යොදා ගැනීමට හැකි විය යුතු අතර රාජ්‍ය කටයුතු විනිශ්චය කිරීමටත්, රාජ්‍ය විසින් ඔහුට ලබා දී ඇති ඡන්ද බලය බුද්ධිමත්ව භාවිතා කිරීමටත් හැකි විය යුතු බවයි. වෙනත් වචන වලින් කිවහොත්, ප්‍රජාතන්ත්‍රවාදයකට මුල් කොටම අවම අධ්‍යාපන ප්‍රමිතියක් අවශ්‍ය වන අතර ඉන් ඔබ්බට සම අධ්‍යාපන අවස්ථා තිබිය යුතුයි.”

කන්නංගර වාර්තාව, 1943

Show More

“මේ ආණ්ඩුව කළු මර්දනීය ඉතිහාසයේ සෙවණැලි දියත් කරමින් සිටිනවා”

වත්මන් ආණ්ඩුව පැරණි කළු මර්දනීය ඉතිහාසයේ සෙවණැලි දියත් කරන ආණ්ඩුවක් බවට පත්ව ඇතැයි ජවිපෙ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක ඊයේ (7දා) පාර්ලිමේන්තුවේදී පැවැසීය. මන්ත්‍රිවරයා වැඩිදුරටත් දැක්වූ අදහස් මෙසේය. ආනයන අපනයන රෙගුලාසි පිළිබඳ විවාදය පැවැත්වුණත් මේ වෙලාවේ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳවත් ආණ්ඩුව ක්‍රමානුකූලව දියත් කරමින් තිබෙන මර්දන හස්තය පිළිබඳවත් යම් කරුණු කිහිපයක් ඉදිරිපත් කරන්න ඕනෑ […]

වත්මන් ආණ්ඩුව පැරණි කළු මර්දනීය ඉතිහාසයේ සෙවණැලි දියත් කරන ආණ්ඩුවක් බවට පත්ව ඇතැයි ජවිපෙ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක ඊයේ (7දා) පාර්ලිමේන්තුවේදී පැවැසීය.

මන්ත්‍රිවරයා වැඩිදුරටත් දැක්වූ අදහස් මෙසේය.

ආනයන අපනයන රෙගුලාසි පිළිබඳ විවාදය පැවැත්වුණත් මේ වෙලාවේ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳවත් ආණ්ඩුව ක්‍රමානුකූලව දියත් කරමින් තිබෙන මර්දන හස්තය පිළිබඳවත් යම් කරුණු කිහිපයක් ඉදිරිපත් කරන්න ඕනෑ කියලා මා කල්පනා කරනවා. මේ වනවිට අපේ පක්‍ෂයේ බදුල්ල දිස්ත්‍රික් සංවිධායක සමන්ත විද්‍යාරත්නත් අපේ ගොවි සංවිධානයේ නායකයා හැටියට කටයුතු කරන නාමල් කරුණාරත්නවත් අද උදෑසන අත්අඩංගුවට අරගෙන තිබෙනවා. මේ ආණ්ඩුව දියත් කරමින් තියෙන්නේ කුමක්ද? ගොවි ජනතාවට තමන්ගේ සාධාරණ දුක් ගැනවිල්ලක් තිබෙනවා. එය ඉදිරිපත් කිරීම සඳහා දරන ප‍්‍රයත්නයන් මර්දනය කිරීමට කටයුතු කරමින් තිබෙනවා. ඒ වගේම අපේ රටේ ධීවර ජනතාවට ප‍්‍රශ්නයක් තිබෙනවා. නැව මුහුදුබත්වීම හේතුවෙන් තමන්ගේ ජීවනෝපාය මාර්ග අහිමිවීමට විරුද්ධව ඒ ජනතාව පාරට බැහැලා තියෙනවා. ඒ වගේම රටේ වාණිජ අතින් වැදගත් යෝක් ගොඩනැඟිල්ල, මහ තැපැල් කාර්යාලය, විදේශ කටයුතු අමාත්‍යාංශය පිහිටි ගොඩනැඟිල්ල, ලංකා බැංකු මූලස්ථානය ආදී වටිනා වාණිජ සහ පෞරාණික උරුමයන් විකුණමින් තිබෙනවා. ඊට විරුද්ධව ජනතාවගේ නැඟිටීමක් තියෙනවා.

ඒ වගේම මුතුරාජවෙල වටිනා බිම්කඩවල් විනාශයට පත්කරමින් තිබෙනවා. ගොඩකෙරෙමින් තිබෙනවා. ඒකට එරෙහිව සටනක් තිබෙනවා. මේ රටේ අස්සක් මුල්ලක් නෑර ජීවත් වෙන සෑම පුරවැසියන්ගෙන්ම මෙම ආණ්ඩුවේ පීඩාවට එරෙහිව අරගලයක් කෙරෙමින් තිබෙනවා. ඒ සටනට එරෙහිව සියලු උද්ඝෝෂණ පෙළපාළි නතර කිරීම සඳහා ආණ්ඩුව නියෝගයක් නිකුත් කර තිබෙනවා. ගරු කථානායකතුමනි, ජනතාවගේ සාධාරණ උද්ඝෝෂණ මැඬපවත්වනවා. සම්බාහන මධ්‍යස්ථාන ඇඟේ ඇතිල්ලි ඇතිල්ලී පවත්වාගෙන යනවා. දුම්රිය සේවය ආරම්භ කර තිබෙනවා. පොදු මගී ප‍්‍රවාහන සේවා ආරම්භ කර තිබෙනවා. කාර්යාලවල 500, 600 එකට වැඩකරමින් තිබෙනවා. හැබැයි ජනතාවගේ උද්ඝෝෂණ මැඬපැවැත්වීම සඳහා නියෝග නිකුත් කර තිබෙනවා. ඒ නියෝගයේ ඊළඟ කෙළවර මොකක්ද? ජනතාවගේ පීඩාවන් ගැන හඬ නඟන දේශපාලන ව්‍යාපාර වගේම මාධ්‍ය ආයතන ජනතාව දැනුවත් කරමින් තිබෙනවා. ආණ්ඩුවේ විශාල වංචා-දූෂණ, සීනි බදු වංචාව පිළිබඳව මෙතන කතා කරනකොට ජනතාවට ගෙනියන්නේ මාධ්‍ය ආයතන. විශේෂයෙන්ම සිරස මාධ්‍ය ආයතනය ඒ පිළිබඳව කාර්යභාරයක් ඉටු කරනවා. ගොවි ජනතාවගේ අරගලය, ඒ භූමියට සීමාවූ අරගලයක් නෙවෙයි. රට පුරා ව්‍යාප්ත වූ අරගලයක්. එම අරගලය ගැන සමාජය දැනුවත් කිරීම සඳහා මාධ්‍ය ආයතන විශාල කාර්ය භාරයක් කරනවා.

ඒ වගේම සෙලෙන්දිවා ආයතනය ගොඩනඟලා රජයේ සම්පත් විකිණීමට එරෙහි සටනට දැනුවත් කිරීම් සිදු කෙරෙමින් තිබෙනවා. ආණ්ඩුව දැන් ජනතාවට මර්දනය දියත් කරමින් තිබෙනවා. අත්අඩංගුවට ගැනීම් සිදු කෙරෙමින් තිබෙනවා. ජනතාවගේ සාධාරණ උද්ඝෝෂණ මැඬපැවැත්වීම සඳහා ගැසට් නිවේදන නිකුත් කරලා නියෝග ලබා දෙමින් තිබෙනවා. එතැනින් නතර නොවී මාධ්‍ය වෙත හස්තයන් දිගු කරමින් තිබෙනවා. බන්දුල ගුණවර්ධන මහත්මයා තොරතුරු කොයිද කියලා අහනවා. මම අහන්නද? සිරසට ක්ලේමෝ ගහපු තොරතුරු කෝ? සියතට බෝම්බ ගහපු තොරතුරු කෝ? ගැසට් ගහලා නෙවෙයි සිරසට බෝම්බ ගැහුවේ. ගැසට් ගහල නිවේදන ගහල නෙවෙයි සියතට ගිනි තිබ්බේ. ගැසට් ගහල නියෝග දාලා නෙවෙයි ඉරුදින කාර්යාලයට ගිනි තිබ්බේ. ගැසට් ගහල නියෝග දාලා නෙවෙයි ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළේ. ගැසට් ගහල නියෝග දාල නෙවෙයි පොද්දල ජයන්තට පහර දුන්නේ. ගැසට් ගහල නියෝග දාල නෙවෙයි කීත් නොයාර්ට පහර දුන්නේ. ගැසට් ගහල නියෝග දාල නෙවෙයි ලංකා ඊ නිවුස් කාර්යාලයට ගිනි තිබ්බේ. ගැසට් ගහල නියෝග දාලා නෙවෙයි හලාවත වෙඩි තිබ්බේ. ඇන්තනීව ඝාතනය කළේ. ගැසට් ගහල නියෝග දාලා නෙවෙයි කටුනායකදී වෙඩි තියලා රොෂේන් චානකව ඝාතනය කළේ. ගැසට් නියෝග ගහල නෙවෙයි වැලිවේරියේ වෙඩි තිබ්බේ.

බන්දුල අහනවා කෝ ගැසට් නිවේදන කියලා? ගරු කතානායකතුමනි, ගැසට් නියෝගවලට වැඩ කරන ආණ්ඩුවක් නෙවෙයි මේක. මේකට පැරණි කළු මර්දනීය ඉතිහාසයක් තියෙනවා. ඒ පැරණි කළු, මර්දනීය ඉතිහාසයේ සෙවණැලි තමයි මේ දියත් කරමින් තිබෙන්නේ. තමුන්නාන්සේලා මේ පාර්ලිමේන්තුවේ අපේ රටේ නිදහස් අධ්‍යාපනයේ, විශේෂයෙන් අපේ රටේ උසස් අධ්‍යාපනයේ විශ්වවිද්‍යාල සඳහා පනත් සම්මත කරගන්න සූදානම් වෙනවා. උසස් අධ්‍යාපනයට නිර්ණායක හදන, අනුමත කරන විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවට අමතරව පිටස්තර හමුදා යාන්ත‍්‍රණයක් ගොඩනඟනවා අපේ රටේ අධ්‍යාපනයට. අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන්නත් මිලිටරීකරණය කරන්නත් සැලසුම් හදල තියෙනවා. ඒ සඳහා මතයක් ඉදිරිපත් කරන්න අයිතියක් නැද්ද? ඒ සඳහා විරෝධය පාන්න අයිතියක් නැද්ද? ඒ ඉදිරිපත් වන මතයන් මාධ්‍ය හරහා විකාශනය කරන්න අයිතියක් නැද්ද? කොතනටද මේ ගෙන යමින් තිබෙන්නේ?

විපක්‍ෂ නායකතුමා, පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායකවරයා හැටියට ඉතාමත් වගකීමෙන්, ඒ වගකීම භාර අර ගනිමින් එවැනි සැලසුමක් තිබෙන බවත් එවැනි සාකච්ඡාවක් සිදුකර තිබෙන බවත් ඒ සඳහා යම් නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීමට සූදානමක් තිබෙන බවත් පාර්ලිමේන්තුවේදී කිව්වා. ආණ්ඩුවේ වගකිව යුතු අමාත්‍යවරයෙක් මොකක්ද කළ යුතු වන්නේ? සිදුවෙමින් තිබෙන දේ පැහැදිලි කළ යුතුයි. බන්දුල ඔයා කියන ඒවා ගෙදර නෝනා ගණන් ගන්නෙත් නෑ දැන්. ඔයා මොනවාද නොකිව්වේ? බන්දුල ගුණවර්ධන 2,500න් කන්න පුළුවන් කියලා අපිට කිව්වා. 1,000 සහන මල්ලක් දෙනවා කීවා. සීනි 85ට දෙනවා කීවා. පොල් 80ට දෙනවා කීවා. සහල් 95ට දෙනවා කීවා. අපේ බන්දුල නොදුටු මොක්පුර: වාඩි වෙන්න.

ගරු කථානායකතුමනි, මෙතුම කියන්නේ ගැටුමක් තියෙන මතයන්ට තාම ඇවිල්ලා නැහැ කියලා. මා කියන්නේ ආණ්ඩුව ක්‍රමානුකූලව මෙරටේ ජනතාව බියට පත් කරමින් මාධ්‍ය ආයතන වහමින් මාධ්‍ය ආයතනවලට තර්ජනය කරමින් මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගනිමින්, ෆේස් බුක් එකේ සටහනක් ලිව්වා නම් ඒ අයත් අත්අඩංගුවට ගනිමින් යන්නේ. සාධාරණද ඒක? තමුන්නාන්සේලා එවැනි පාලනයක් අනුමත කරනවාද? පහුගිය ජනාධිපතිවරණයේදී, මහ මැතිවරණයේදීත් මේ රටේ ජනතාවට දෙන ලද සියලු පොරොන්දු අලුයම ලූ කෙළ පිඬක් සේ අද අවසන් කර තිබෙනවා. ඒ නිසා ජනතාවට මුහුණ දෙන්න බැහැ. ජනතාවගේ අරගලවලට මුහුණ දෙන්න බැහැ. ජනතාවගේ සටන්වලට මුහුණ දෙන්න බැහැ. ජනතාවගේ ඇත්ත පීඩාවලට උත්තර හොයන්න බැහැ. ජනතාවගේ ඇත්ත පීඩාවලට උත්තර නැහැ. එක එක මැජික්කාරයෝ පාර්ලිමේන්තුවට ගෙනත් පිළිතුරු හොයනවා කියලා වහසි බස් ‍ෙදාඩවනවා. ඒ නිසා ස්වභාවයෙන්ම ජනතාවගේ ප‍්‍රශ්නවලට උත්තර නැති පාලකයන් ඉතිහාසය පුරාවටම, ලෝකය පුරාවටම ක්‍රමානුකූලව මර්දනයේ දිසාවට පියවර තබන එක අත් දැකලා තිබෙනවා. ඒ මර්දන කි‍්‍රයාමාර්ග හැටියට තමයි අත් අඩංගුවට ගැනීම් සිදු කරන්නේග.

අපි තේරුම් ගන්න ඕනෑ, පැරණි මර්දනීය කළු ඉතිහාසයක් තියෙන නායකයෙක් ඉන්නෙ. ඔහුගේ නියෝග මත තමයි සුදු වෑන් සංකල්පයක් ඇතිවුණේ. ඔහුගේ නියෝග මත තමයි ලසන්ත වික්‍රමතුංගලා ඝාතනය වුණේ. ඔහුගේ නියෝග මත තමයි පෝද්දලලා අතපය කඩලා, පාරේ දාලා ගියේ. ඔහුගේ නියෝග මත තමයි කීත් නොයාර්ලාට පහර දුන්නේ. ඔහුගේ නියෝග මත තමයි ශිවරාම්ලා අතුරුදන් වුණේ. ඔහුගේ නියෝග මත තමයි එක්නැලිගොඩලා අතුරුදන් වුණේ. ඔහුගේ නියෝග මත තමයි ලලිත්ලා, කූගන්ලා අතුරුදන් වුණේ. ඔහුගේ නියෝග මත තමයි මර්දනය දියත් වුණේ. ඒක මටත් වඩා හොඳින් වෙල්ගම අමාත්‍යවරයා කාලයක් කිව්වා මට මතකයි. එවැනි මර්දන හස්තයක් තියෙන කෙනෙක් මහ පුටුවක වාඩි වෙලා ඉන්නවා. මේ රටේ ජනතාවට බියක්, සලිතයක්, සාධාරණව ඇති වෙන්නේ නැද්ද? පිරිසුදු ඉතිහාසයක් නෙවෙයි මර්දනීය ඉතිහාසයක් තියෙන නායකයෙක්, මේ රටේ සිහසුන දරනවා. සෘජුව සහ වක්‍රව ජනතාව බිය වද්දමින් තිබෙනවා. ජනතාවට නායකත්වය දෙන නායකයන් බිය වද්දමින් තිබෙනවා. මාධ්‍ය ආයතන බිය වද්දමින් තිබෙනවා.

මේ වෙලාව වෙනකොට සිරස මාධ්‍ය ආයතනයට විවිධාකාරයෙන් බෝම්බ ගැහුවා. පහරදීම් කළා. ජනතාවගේ තොරතුරු එළිදරව් කිරීම නවත්වන්න සියල්ල කළා. අපිට මාධ්‍ය පිළිබඳ විවිධ විවේචන තියෙනවා. සමහර මාධ්‍ය භාවිතාවන්ට අපි එකඟ නොවෙන්න පුළුවන්. සමහර මාධ්‍යවේදීන්ගේ හැසිරීම්වලට අපි එකඟ නොවෙන්න පුළුවන්. හැබැයි ශිෂ්ටසම්පන්න සමාජයක් පවතින්නේ ඒ හැමටම ඇහුම්කන් දීමත්, හැමටම නිදහස ස්ථාපිත කිරීමෙනුත් පමණයි. එහෙම නැතිව ශිෂ්ටසම්පන්න සමාජයක් පවතින්නේ නැහැ. තමන්ගේ හඬ බවට පත්වෙන හොරණෑවන්ට පමණක් නම් මේ රටේ මාධ්‍ය විවෘත වෙමින් තිබෙන්නේ, නයි වඩම්මන, පැණි බෙදන, ඇන්ටිජන් කිට් ජාවාරම් කරන, තමන්ගේ සුවච කීකරු ගෝලයන්ට පමණක් නම් මේ රටේ මාධ්‍ය නිදහස තිබෙන්නේ එය යුක්ති සහගතද? තමන්ගේ හොරණෑව විතරද මේ රටේ ජනතාවට ඇසීමට සලස්වන්නේ? මාධ්‍ය මර්දනය සඳහා මේ දියත් කරන්න උත්සාහ කරන ඉතාමත් කැත පන්නයේ කුමන්ත‍්‍රණය නතර කළ යුතුයි. මෙය කොතනකද දියත් වෙමින් තියෙන්නෙ?

මෙතනත් ඔය අප්පුඩි ගහන මහත්තුරු පව්. තව ටික දවසකින ගරු කථානායකතුමනි, ඒ ගොල්ලන්ට තමයි ඇඳන් යට, මේස යට ඉන්න වෙන්නේ. අපි ඉතිහාසය දන්නවා. ඒ නායකයන් ආරම්භයේදී කොතනට අත තිබ්බත් අවසානයේ තමන්ගේ කඳවුරටත් අත තියන්නයි එන්නේ. 18 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නකොට අපි එදා පෙන්වා දුන්නා ඒ බලවත් තනතුර විසින්, ඒ බලය විසින් විනාශයට පත් කරන්නේ ඉස්සරහ වාඩි වෙලා ඉන්න අය කියලා. ඒ වෙලාවේ රාජිත සේනාරත්න ඇමැතිතුමාට මතක ඇති මා ඔබගේ නම කියමින්, මෛත්‍රිපාල සිරිසේන මහත්මයාගේ නම කියමින් මේ පාර්ලිමේන්තුවේදී බරපතළකම පෙන්වා දෙනු ලැබුවා. 18 වැනි සංශෝධනය හරහා සම්මත කර ගන්නා ලද මර්දන නීතියට ගොදුරු බවට පත්වෙන්නේ එදා අත උස්සපු අය. අදත් එහෙමයි. 20 වැනි සංශෝධනයට ඔය විදිහටම අප්පුඩි ගහලා අත උස්සපු අය, ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුවට එන්න නීති සම්මත කළා. අද ඒ ද්විත්ත්ව පුරවැසියන් පාර්ලිමේන්තුවට එනකොට එදා අප්පුඩි ගහපු මහත්තුරුන්ට නගුට අකුළගෙන හැංගිලා ඉන්න සිද්ධ වෙලා තියෙනවා. පාර්ලිමේන්තුවේ සම්මත කරන මර්දන නීතියත් ආරම්භයේදී අපිට වෙන්න පුළුවන්. හැබැයි අවසන් වෙන්නේ තමුන්නාන්සේලාගේ හිස මතින් කියලා මතක තියාගන්න.

සුවච කීකරු සුනඛයන්ට ඒක වෙන්නේ නැහැ. ඒක වෙන්නේ යම් කොන්දක් තියෙන, ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ හැඟීමක් තියෙන, නිදහස පිළිබඳ චින්තනයක් තිබෙන, සමාජයේ අනාගතය ශිෂ්ටසම්පන්න විය යුතුයි කියලා හෘදය සාක්‍ෂියක් තිබෙන මිනිස්සුන් ආණ්ඩුවේ ඉන්නවා. අන්න ඒ අයට තමයි ප‍්‍රශ්නයක් වෙන්නේ. එසේ නැතිව දෙන දේ කාලා, වෙන දේ ඔහේ බලාගෙන ඉන්න කිසි කෙනකුට නපුරක් වෙන්නේ නැහැ. අවසන් වශයෙන් කියන්නේ විපක්‍ෂ නායකතුමා විසින් විශේෂ ප‍්‍රකාශයක් කරමින් විශේෂ ප‍්‍රශ්නයක් මේ පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කළා. මේ නිශ්චිත මොහොත වන විට සිරස ආයතනය විවිධ ආකාරයේ කුමන්ත‍්‍රණයන් හරහා තහනම් කිරීම සඳහා ප‍්‍රයත්නයන් දරමින් සිටිනවා කියලා. ඒ ප‍්‍රයත්නය අකුළා ගන්නා ලෙසත් ඒ සඳහා දරන සෑම ප‍්‍රයත්නයක්ම පරාජයට පත් කරන්න අපි සූදානම් බවත් අවසන් වශයෙන් ප‍්‍රකාශ කර සිටිනවා.”

– අනුරාධා හේරත් (www.mawbima.lk)

Show More

සෞඛ්‍ය අවදානම උද්ඝෝෂණ හා රැස්වීම්වලට පමණක් සීමා කිරීම ද්වේශසහගතයි… (වීඩියෝ)

ජ්‍යෙෂ්ඨ නීතිඥ ගසාලි හුසේන් මහතා

ජ්‍යෙෂ්ඨ නීතිඥ ගසාලි හුසේන් මහතා

Show More

கட்டளைகளுக்கு அடிபணிகின்ற இராணுவ கலாசாரத்திற்குள் கல்விச் சுதந்திரத்தை எவ்வாறு எதிர்பார்ப்பது?

இதற்கு முன்னர் இரண்டு ஊடகக் கலந்துரையாடல்களை நடாத்தி தேசிய மக்கள் சக்தி என்றவகையில் கொத்தலாவல பாதுகாப்பு பல்கலைக்கழக சட்டம் சம்பந்தமாக விடயங்களை எடுத்துரைத்தோம். யூலை 08 ஆந் திகதி இந்த சட்டத்தை பாராளுமன்றத்தில் சமர்ப்பித்து நிறைவேற்றிக்கொள்ள அரசாங்கம் தயாராகி வருகின்றது. சேர் ஜோன் கொத்தலாவலவின் இறுதி விருப்பத்தின்படியே கொத்தலாவ பாதுகாப்பு பீடம் நிறுவப்பட்டது. அவர் குடியமர்ந்திருந்த இடத்தில் 1981 இல் கொத்தலாவல பாதுகாப்பு பீடம் தொடங்கப்பட்டது. இராணுவ பயிலிளவல் உத்தியோகத்தர்களை பயிற்றுவித்தலுடன் தொடர்புடைய பாடங்களை போதிப்பதற்காகவே அது […]

இதற்கு முன்னர் இரண்டு ஊடகக் கலந்துரையாடல்களை நடாத்தி தேசிய மக்கள் சக்தி என்றவகையில் கொத்தலாவல பாதுகாப்பு பல்கலைக்கழக சட்டம் சம்பந்தமாக விடயங்களை எடுத்துரைத்தோம். யூலை 08 ஆந் திகதி இந்த சட்டத்தை பாராளுமன்றத்தில் சமர்ப்பித்து நிறைவேற்றிக்கொள்ள அரசாங்கம் தயாராகி வருகின்றது. சேர் ஜோன் கொத்தலாவலவின் இறுதி விருப்பத்தின்படியே கொத்தலாவ பாதுகாப்பு பீடம் நிறுவப்பட்டது. அவர் குடியமர்ந்திருந்த இடத்தில் 1981 இல் கொத்தலாவல பாதுகாப்பு பீடம் தொடங்கப்பட்டது. இராணுவ பயிலிளவல் உத்தியோகத்தர்களை பயிற்றுவித்தலுடன் தொடர்புடைய பாடங்களை போதிப்பதற்காகவே அது தொடங்கப்பட்டது. இராணுவத்திற்கு புறம்பானவர்களுக்காக இந்த நிறுவனம் திறந்துவிடுவதாக எந்தவொரு சந்தர்ப்பத்திலும் குறிப்பிடப்படுவதில்லை. ஆனால் கடந்த பல வருடங்களில் பல்வேறு காரணங்களின் நிமித்தம் சேர்த்துக்கொள்கின்ற முறையியலை மாற்றியமைத்து இராணுவத்துடன் தொடர்பற்றவர்கள் சேர்த்துக்கொள்ளப்பட்டுள்ளார்கள். அதைப்போலவே இராணுவத்துடன் தொடர்பற்ற பாடங்களைக் கற்பிக்கத் தொடங்கினார்கள். அதனோடு தொடர்புடைய முறையான சட்ட நடவடிக்கைகள் பூர்த்திசெய்யப்பட்டிருக்கவில்லை. எனவே ஏற்புடைய சட்ட நடவடிக்கைகளை முறைப்படி பூர்த்திசெய்து கொள்வதற்காக இந்த சட்டமூலம் கொண்டுவரப்பட்டுள்ளது.

இராணுவ அதிகாரிகளுக்காக தனிவேறான நிறுவனம் தாபிக்கப்படுவது உலகின் எந்தவொரு நாட்டிலும் இடம்பெறுகின்றது. எங்களுக்கும் அது தொடர்பில் எந்தவிதமான பிரச்சினையும் கிடையாது. ஆனால் இந்த சட்டத்தினால் இராணுவ அதிகாரிகளின் முன்னேற்றம் மற்றும் அவர்களை பலப்படுத்துவது எப்படி என்பது மேற்கொள்ளப்படுவதில்லை. இதன்மூலமாக முன்வைக்கப்படுகின்ற கட்டமைப்புகளால் இராணுவ அதிகாரிகள், அரசாங்க ஊழியர்கள் மற்றும் வேறு ஆட்களுக்கு கல்வி வழங்குதல் பற்றி சட்டத்தில் குறிப்பிடப்படுகின்றது. பாதுகாப்பு அமைச்சரால் நியமிக்கப்படுகின்ற ஆளுகைச் சபையொன்றினால் இந்த நிறுவனம் நெறிப்படுத்தப்படுகின்றது. பல்கலைக்கழக மானியங்கள் ஆணைக்குழுவுக்கு உள்ள அத்தனை அதிகாரங்களும் இந்த ஆளுகைச் சபைக்கு வழங்கப்படுகின்றது. அதன் மூலமாக கருதப்படுவது இந்த பல்கலைக்கழகங்களை பேணி வருவது மாத்திரமல்ல, அதற்குப் புறம்பாக இத்தகைய வேறு நிறுவனங்களை தாபிப்பதற்கான வாய்ப்பு வழங்குவதாகும். வேறு பட்டமளிப்புச் செய்கின்ற நிறுவனங்களுக்கு அங்கீகாரம் வழங்கும் இயலுமையும் இந்த ஆளுகைச் சபைக்கு வழங்கப்படுகின்றது. பாடசாலைகள் முதல் பல்கலைக்கழங்களை இதன் கீழ் தாபிக்க முடியும்.

இந்த ஆளுகைச் சபைக்கு நியமிக்கப்படுகின்ற ஒன்பதுபேரில் நால்வர் தவிர்ந்த ஏனைய அனைவரும் முப்படையின் அதிபதிகள். அத்துடன் கொத்தலாவல பல்கலைக்கழகத்தின் துணைவேந்தராக அமைபவர் ஓர் இராணுவ அதிகாரியாவார். உயர்கல்வி சம்பந்தமான விடயத்துறை பற்றி விழிப்புணர்வுகொண்ட தொழில்வாண்மையாளர்கள் அந்த உயர்கல்வி நிறுவனங்களுக்காக நியமிக்கப்பப்படுவார்கள். பல்கலைக்கழக மானியங்கள் ஆணைக்குழு இயங்குகின்ற விதம் பற்றிய பிரச்சினைகள் இருந்தாலும் சம்பந்தப்பட்ட பாடத்துறை வல்லுனர்களே அதற்காக நியமிக்கப்படுவர். பல்கலைக்கழகங்களுக்கும் அவ்விதத்திலேயே நியமிக்கப்படுகின்றனர். ஏதேனுமொரு பல்கலைக்கழகம் பற்றிய தீர்மானம் எடுப்பவர்கள் ஒவ்வொரு துறையும் பற்றிய நிபுணத்துவ அறிவு படைத்தவர்கள் ஆவர். ஆனால் இந்த சட்டத்தை நிறைவேற்றுவதால் உயர்கல்வி நிறுவனமொன்றில் நிலவவேண்டிய கலாசாரம் பற்றி தரம் பற்றி எந்தவிதமான அபிப்பிராயமுமற்றவர்கள் ஆளுகைச் சபைக்காக நியமிக்கப்படுவர். இந்த சட்டம் ஆரம்பத்தில் 2018 ரனில் – மைத்திரி அரசாங்க காலத்திலேயே சமர்ப்பிக்கப்படுகின்றது. அந்த காலத்தில் இடம்பெற்றவற்றை மாற்றியமைப்பதாக கூறி ஆட்சிக்கு வந்த இந்த அரசாங்கம் இந்த சட்டத்தை எந்தவிதமன மாற்றமுமின்றி சமர்ப்பித்துள்ளது.

இலவசக் கல்விச்சட்டம் 1943 இல் கொண்டுவரப்பட்டவேளையில் பாரிய உரையாடல் தோன்றியிருந்தது. இந்த சட்டத்தின் மூலமாக வெறுமனே இலவசமாக கல்வி வழங்குதல் மாத்திரம் இடம்பெறவில்லை. இந்த சட்டத்தை மையமகக்கொண்ட உரையாடல்களிலிருந்து இலவசக் கல்விச்சட்டத்தை நிறைவேற்றுவதன் வேறு பல குறிக்கோள்கள் நிலவியமை தெளிவாகின்றது. சமூக அந்தஸ்து, பணம், ஆற்றல், ஆங்கில மொழி பேசுபவர்கள் போன்ற பிரிவினருக்கு மட்டுப்படுத்தப்பட்டிருந்த சிறப்புரிமைகளை இந்நாட்டிலுள்ள அனைவருக்கும் வழங்கும் நோக்கத்துடன் இலவசக் கல்விச்சட்டம் நிறைவேற்றப்பட்டது. இந்த இடத்தில் ஏதேனுமொரு தூரநோக்கு இருந்தது. கல்வி ஒரு சிறப்புரிமையல்ல: உரிமை என்பது அதற்குள்ளே இருந்தது. அதைப்போலவே தரமான கல்விக்கான உரிமையை அனைவருக்கும் உறுதிசெய்வதற்கான அடிப்படை நோக்கு இருந்தது. இந்த நாட்டுக்கு அவசியமான சனநாயகம், இந்நாட்டின் கலாசாரத்தை விளங்கிக்கொண்ட பிரசைகளை உருவாக்குவதற்கான ஒரே பொறுப்பினை ஈடேற்றுவதற்கான நோக்கு இருந்தது. இந்த சட்டம் மூலமாக அந்த நோக்கு முற்றாகவே திரிபுபடுத்தப்பட்டுள்ளது. கல்வி அனைவரதும் உரிமை என நிலவிய நோக்கினை திரிபுடுத்துதல் இதன்மூலமாக இடம்பெறுகின்றது. ஏற்கெனவே உத்தியோகபூர்வமற்றதாக இடம்பெறுகின்ற கல்விச்சிறப்புரிமை என்கின்ற நிலைமை உத்தியோகபூர்வரீதியாக அரச அனுசரணையுடன் மேற்கொள்ளப்படப் போகின்றது.

உயர் கல்வி நிறுவகமொன்றில் கல்விக்கான சுதந்திரம் கட்டாயமாக இருத்தல் வேண்டும். இது உலகளாவிய உடன்பாடாகும். இலங்கையும் கைச்சாத்திட்டுள்ள உலகளாவிய உடன்பாடாகும். அறிவைத் தேடிச் செல்கையில் கேள்வி கேட்பதற்கான உரிமை இருத்தல் வேண்டும். புதிய அறிவு பிறப்பிக்கப்பட வேண்டுமெனில் இருக்கின்ற அறிவினை கேள்விக்குட்படுத்த வேண்டும். அதைப்போலவே அதிகார முறைமையை கேள்விக்குட்படுத்த வேண்டும். அத்தகைய கேள்விக்குட்படுத்தல் அதிகாரத்தில் இருப்பவர்களை மனம் நோகடிக்கின்ற கேள்விக்குட்படுத்தலாக அமைகின்றபோதிலும் அதனை மேற்கொள்வதற்கான சுதந்திரம் உயர்கல்வி நிறுவனங்களில் இருக்கவேண்டும். அவ்வாறு இடம்பெற்றால்தான் சமூகமொன்றை மாற்றக்கூடிய அறிவு உற்பத்தி செய்யப்படும். கல்விச்சுதந்திரம் பல்கலைக்கழகத்திற்கு அத்தியாவசியமான ஒன்றாகும். மாணவர்களுக்கு போன்றே ஆசிரியர்களுக்கும் அது சமமான முக்கியத்துவம் வகிக்கின்றது. ஆனால் அப்படிப்பட்ட கலாசாரமொன்று இராணுவங்களில் இல்லை. இராணுவம் இருப்பது எதையுமே கேள்விக்குட்படுத்துவதற்காக அல்ல. மேலிருந்து வருகின்ற கட்டளைகளை நிறைவேற்றுவதற்காகவே. அத்தகைய இராணுவ கலாசாரத்திற்குள் இருக்கின்ற உயர்கல்வி நிறுவகமொன்றிலிருந்து கல்விச் சுதந்திரத்தை எவ்வாறு எதிர்பார்ப்பது? கல்விச் சுதந்திரமற்ற உயர்கல்வியொன்றின் தரம் எத்தகையது? கல்விப் பாடநெறிகள் எப்படிப்பட்டவையாக அமையும்? அத்தகைய நிறுவனத்திற்கு எத்தகைய தேசிய மற்றும் சர்வதேச அங்கீகாரம் கிடைக்கும்?

இந்த சட்டத்தின் மூலமாக இடம்பெறுவது மற்றுமொரு கல்வி நிறுவகத்தை ஆரம்பிப்பதோ இராணுவத்திற்கு கல்வி வழங்குகின்ற நிறுவனமொன்றை ஆரம்பிப்பதோ அல்ல. அதற்கு அப்பால்சென்ற நோக்கங்கள் இருக்கின்றன. மிகவும் சிரமப்பட்டு இவ்வளவு காலமாக பாதுகாத்த கல்விச் சுதந்திரம், கல்வி நோக்கம் ஆகிய அனைத்தையும் திரிபுபடுத்துகின்ற சட்டமொன்றுதான் சமர்ப்பிக்கப்படுகின்றது. பாராளுமன்றத்தில் இருக்கின்ற ஏனைய உறுப்பினர்களிடம் நான் பேட்பது எமக்கு மரபுரிமையான கல்வித் திட்டத்தை அழிக்கின்ற இந்த சட்டத்திற்கு பாராளுமன்றத்தில் உடன்படப் போகிறீர்களா? கல்வியை அழிக்க பங்களிப்புச் செய்தவர்களாக வரலாற்றில் பெயர் பொறிக்க விரும்பினால் அதற்கு கையை உயர்த்துங்கள். மனச்சாட்சி இருந்தால் எவ்விதத்திலும் இந்த சட்டத்திற்கு ஆதரவாக கையை உயர்த்த இயலாது. கையை உயர்த்தவேண்டாமென்ற வேண்டுகோளினை விடுக்கிறேன். 

பாராளுமன்ற உறுப்பினர், கலாநிதி திருமதி ஹரினி அமரசூரிய

(ஊடக சந்திப்பு – தேசிய மக்கள் சக்தி – 2021 .07.06
பத்தரமுல்ல, மக்கள் விடுதலை முன்னணி தலைமையகத்தில்)

Show More

“වැඩ කරන මැෂින් බිහිකිරීම අධ්‍යාපනයේ අරමුණ නෙවෙයි…”

පාර්ලිමේන්තුව තුළ වගේම එයින් පිටතත් අපට විශාල වගකීමක් තියෙනවා ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් මැදිහත් වෙන්න. පොහොර ප්‍රශ්නය, පෝට් සිටි පනත, මෑත යුගයේ මූලික වශයෙන් මැදිහත් වුණු කටයුතු. මේ අවස්ථාවේ නිදහස් අධ්‍යාපනය රැකගන්න මැදිහත් වෙන්න සිදුවෙලා තිබෙනවා. අපේ මූලික ප්‍රතිපත්තිය අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් නෙවෙයි කියන එක. උපාධියක් ගැනීම හෝ විභාග පාස් කිරීම අධ්‍යාපනය නෙවෙයි. විභාග පාස් කිරීම […]

පාර්ලිමේන්තුව තුළ වගේම එයින් පිටතත් අපට විශාල වගකීමක් තියෙනවා ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් මැදිහත් වෙන්න. පොහොර ප්‍රශ්නය, පෝට් සිටි පනත, මෑත යුගයේ මූලික වශයෙන් මැදිහත් වුණු කටයුතු. මේ අවස්ථාවේ නිදහස් අධ්‍යාපනය රැකගන්න මැදිහත් වෙන්න සිදුවෙලා තිබෙනවා. අපේ මූලික ප්‍රතිපත්තිය අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් නෙවෙයි කියන එක. උපාධියක් ගැනීම හෝ විභාග පාස් කිරීම අධ්‍යාපනය නෙවෙයි. විභාග පාස් කිරීම එක අංගයක් විතරයි. රටකට අවශ්‍ය ශ්‍රම හමුදා නිර්මාණය කිරීම සහ යහපත් සෞන්දර්යාත්මක පුරවැසියෙක් බිහිකර ගැනීම යන මූලික අරමුණු දෙක අධ්‍යාපනයේ අඩංගුයි. යම් තෙතමනයක් ඇති පුරවැසියෝ බිහිකිරීම මේ තුළ ප්‍රධානම අරමුණක්. වැඩ කරන මැෂින් බිහිකිරීම අධ්‍යාපනයේ එකම අරමුණ නෙවෙයි. දැන් පවතින ඔන්ලයින් අධ්‍යාපනයෙන් සිද්ධ වෙන්නෙත් විභාග ටික පාස් වීම විතරයි. තෙතමනයක් සහිත පුද්ගලයෙක් බිහිවීමේ පසුබිම අහිමි වෙනවා.

උසස් අධ්‍යාපන ජීවිතය තුළින් ඉගෙන ගන්න දේවල් පුද්ගලයෙකුගේ පෞරුෂත්වය නිර්මාණය කර සමාජයට වැඩදායි පුද්ගලයෙක් බවට පත්වෙනවා. විභාගවලින් කරන එකම දේ අවශ්‍ය ශ්‍රමිකයා හැදීම. ආණ්ඩුව ඉදිරිපත් කර තිබෙන පනත හරහා මේ අරමුණු ඉටු වෙන්නේ නැහැ. හමුදා විනය හොඳයි හමුදාවට. සමාජයක් සිවිල් පුරවැසියෝ වශයෙන් විනය සම්පන්න වෙන්න ඕනෑ වෙනස් ආකාරයකින්. ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා බලයට ගෙන ආවේ විනය සම්පන්න රටක් හදන්න. ‘වන් කන්ටි්‍ර – වන් ලෝ’ කියලා ආවාට දැන්නම් තියෙන්නේ ‘වල් කන්ටි්‍ර – වල් ලෝ’. අධ්‍යාපනයේ එක කොටසක් වුණු ප්‍රශ්න කිරීමට ඉඩක් නැත්නම් අලුත් දෙයක් ඉගෙන ගන්නේ කොහොමද? අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, තමන් කැමති ආගමක් ඇදහීම, සංවිධානයකට එකතු වීම, භාෂණයේ නිදහස සහ දේශපාලනය කිරීමේ නිදහස උසස් අධ්‍යාපන ආයතනයකට ගොඩක් වැදගත්. අපි නිර්මාණය කරන්න ඕනෑ පවතින ක්‍රමය ප්‍රශ්න කරන අලුත් දේවල් හොයාගන්න පුරවැසියෝ මිස නියෝග පිළිපදින අය නෙවෙයි.

මේ වනවිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඇතුළු රජයේ ආයතන කීයකට හමුදා නිලධාරීන් පත්කර තිබෙනවාද? ඒ වගේම සියලුම දිස්ත්‍රික්කවලට සක්‍රීය හමුදා සේවයේ ඉන්න නිලධාරින් පත්කර තිබෙනවා. මිලිටරිකරණය වෙන්නෙ අධ්‍යාපනය විතරක් නෙවෙයි. අධ්‍යාපනය තුළින් කියන්නේ එක්තරා පියවරක් පමණයි. මේ තත්වය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් පවා සාකච්ඡා කරනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවටවත් මේ ආයතනය නියාමනය කරන්න බලයක් නැත්නම් වගකියන්නේ කාටද? එක පැත්තකික් නිදහස් අධ්‍යාපන සංකල්පය උල්ලංඝනය වෙනවා. අනෙක් පැත්තෙන් රජයේ අධ්‍යාපනයෙන් සම්පූර්ණයෙන් පෞද්ගලික අංශයට පැවරීම සිදුකෙරෙනවා. ඒ වගේම හමුදාවට කරන්න පුළුවන් දේවල් වගේම බැරි දේවලුත් තියෙනවා. මිනිහෙක්ගේ අතේ තියෙන්නේ මිටියක් නම් ඔහුට හැම දේම පේන්නේ ඇණයක් වගේ. ගෝඨාභය රාජපක්‍ෂගේ අතේ තියෙන්නේ මිටිය විතරයි. එයාට හැම ප්‍රශ්නයම පේන්නේ ඇණයක් වගේ. වෙන රටවල් කොරෝනා ප්‍රශ්නය වෙලාවේ ඉස්සරහට දැම්මේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රය. අපේ රටේ හමුදාව. හමුදාව කොරෝනා හොඳට මර්දනය කළාද? ෂවේන්ද්‍ර සිල්වා වගේ ඉහළ හමුදා නිලධාරීන් පවා දැන් විකටයෝ බයට පත්වෙලා තිබෙනවා. ඒ ගොල්ලන්ට කරන්න බැරි දේවල් බාරදීම නිසා. හමුදාවට අධ්‍යාපනය ලබාදීමට කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය යොදා ගත්තාට අපේ විරුද්ධත්වයක් නැහැ. නමුත් රටේ අධ්‍යාපනය සිවිල් පරිපාලනය යටතේ සිදුවිය යුතු දෙයක්. ඒ නිසා මේ පනත හකුළා ගන්නට අප සමස්ත ජනතාවක් වශයෙන් මේ ආණ්ඩුවට බල කළ යුතු වෙනවා.

නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්…

මේ පනත මගින් විශ්වවිද්‍යාල සම්බන්ධ පනත බල රහිත වෙන්නේ නැහැ. නමුත් මේ විශ්වවිද්‍යාලය සහ ඒ වටා ගොඩනැගෙන ආයතන 1978 උසස් අධ්‍යාපන පනතට යටත් නැහැ. කොතලාවල විශ්වවිද්‍යාල පනතේ ඉතාමත්ම පැහැදිලිව දක්වා තිබෙනවා, 1978 පනතට කිසිසේත්ම යටත් නොවන බව. මේ පනත ගේන්නේ 1981 කොතලාවල ආරක්‍ෂක පීඨය පිහිටුවීමේ පනතට සංශෝධනයක් හැටියටයි. නමුත් මේ සංශෝධන තුළ පුළුල් බලතල රාශියක් මේ ආයතනයට සහ ඒ යටතේ පිහිටුවන ආයතනවලට ලබා දෙනවා. 1978 උසස් අධ්‍යාපන පනතට පිටින් ක්‍රියාත්මක වන සාගර විශ්වවිද්‍යාලය ඇතුළු ආයතන කිහිපයක් තිබෙනවා. නමුත් ඒ ආයතනවලට වෙනත් ආයතන පිහිටුවීමේ බලතල හෝ වෙනත් විශ්වවිද්‍යාල සමග ඒකාබද්ධ වීමේ බලතල නැහැ. නිශ්චිත විෂයයක් සම්බන්ධයෙන් අධ්‍යාපනය දීමේ බලතල විතරයි තියෙන්නේ. නමුත් මේකේ පාලක මණ්ඩලයට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අදාළ බලතල සම්පූර්ණයෙන්ම ලැබෙනවා. විවෘත විශ්වවිද්‍යාලය වෙනස් ආකාරයකින් ක්‍රියාත්මක වුණත් 1978 පනතට යටත් වෙනවා. මේ පනතේ එහෙම තත්වයක් නැහැ.

Show More

“අණ පිළිපදින හමුදා සංස්කෘතිය තුළ අධ්‍යාපන නිදහස බලාපොරොත්තු වෙන්නේ කොහොමද?”

මීට කලින් මාධ්‍ය සාකච්ඡා දෙකක් පවත්වා ජාතික ජන බලවේගය හැටියට කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල පනත සම්බන්ධයෙන් කරුණු දැක්වූවා. ජූලි 08වැනිදා මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගන්න ආණ්ඩුව උත්සාහ කරනවා. කොතලාවල ආරක්‍ෂක පීඨය පිහිටවූයේ ශ්‍රීමත් ජෝන් කොතලාවලගේ අවසාන කැමැත්ත අනුව. ඔහු පදිංචිව සිටි ස්ථානයේ 1981 කොතලාවල ආරක්‍ෂක පීඨය පටන් ගත්තා. එය ආරම්භ කළේ හමුදා කැඩෙට් […]

මීට කලින් මාධ්‍ය සාකච්ඡා දෙකක් පවත්වා ජාතික ජන බලවේගය හැටියට කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල පනත සම්බන්ධයෙන් කරුණු දැක්වූවා. ජූලි 08වැනිදා මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගන්න ආණ්ඩුව උත්සාහ කරනවා. කොතලාවල ආරක්‍ෂක පීඨය පිහිටවූයේ ශ්‍රීමත් ජෝන් කොතලාවලගේ අවසාන කැමැත්ත අනුව. ඔහු පදිංචිව සිටි ස්ථානයේ 1981 කොතලාවල ආරක්‍ෂක පීඨය පටන් ගත්තා. එය ආරම්භ කළේ හමුදා කැඩෙට් නිලධාරීන් පුහුණු කරන්න අදාළ විෂයයන් ඉගැන්වීම වෙනුවෙන්. හමුදාවෙන් පිට අයට මෙම ආයතනය විවෘත කරන බව කිසිම අවස්ථාවක සඳහන් වෙන්නේ නැහැ. නමුත් පසුගිය අවුරුදු ගණනාව තුළ විවිධ හේතුන් මත ඇතුළත් කර ගැනීමේ ක්‍රමවේදය වෙනස් කරමින් හමුදාවලට සම්බන්ධ නැති අය ඇතුළත් කර ගන්නවා. ඒ වගේම හමුදාවට අදාළ නොවන විෂයයන් උගන්වන්න පටන් ගත්තා. ඊට අදාළ නිසි නීතිමය ක්‍රියාමාර්ග සම්පූර්ණ කර තිබුණේ නැහැ. ඒ නිසා අදාළ නීතිමය ක්‍රියාමාර්ග නිසි පරිදි සම්පූර්ණ කර ගැනීමට මෙම පනත් කෙටුම්පත ගෙනවිත් තිබෙනවා.

හමුදා නිලධාරීන් සඳහා වෙනම ආයතනයක් පිහිටුවා ගැනීම ලෝකයේ ඕනෑම රටවල සිදුකෙරනවා. අපිටත් ඒ ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ පනතෙන් කරන්නේ හමුදා නිලධාරීන්ගේ දියුණුව සහ ඔවුන් ශක්තිමත් කරන්නේ කොහොමද කියන එක නෙවෙයි. මෙයින් ඉදිරිපත් කරන ව්‍යූහයෙන් හමුදා නිලධාරීන්, රජයේ සේවකයන් සහ වෙනත් අයට අධ්‍යාපනය ලබාදීම ගැන පනතේ සඳහන් වෙනවා. ආරක්‍ෂක අමාත්‍යවරයා විසින් පත් කරන පාලක මණ්ඩලයක් මේ ආයතනය මෙහෙයවනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට තිබෙන සියලුම බලතල මේ පාලක මණ්ඩලයට ලබාදෙනවා. එයින් අදහස් කෙරෙන්නේ මේ විශ්වවිද්‍යාලය පවත්වාගෙන යාම පමණක් නොවෙයි, එයින් පරිබාහිරව මෙවැනි වෙනත් ආයතන පිහිටුවා ගැනීමේ අවස්ථාවක් ලබා දීමයි. වෙනත් උපාධි ප්‍රදානය කරන ආයතනවලට අනුමැතිය දීමේ හැකියාවත් මේ පාලක මණ්ඩලයට ලැබෙනවා. පාසැල්වල සිට විශ්වවිද්‍යාල දක්වා මේ යටතේ පිහිටුවන්න පුළුවන්.

මේ පාලක මණ්ඩලයට පත්කරන නව දෙනෙකුගෙන් හතර දෙනෙකු හැර අනෙක් සියලුම දෙනා ත්‍රිවිධ හමුදාවේ අධිපතිවරුන් සහ කොතලාවල විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා බවට පත්වන්නේ හමුදා නිලධාරියක්. උසස් අධ්‍යාපනය සම්බන්ධ විෂය ගැන දැනුවත් වෘත්තිකයන් ඒ උසස් අධ්‍යාපන ආයතනවලට පත් කෙරෙනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ක්‍රියාත්මක කෙරෙන ආකාරය පිළිබඳව ප්‍රශ්න තිබුණත් එයට පත්කරන්නේ අදාල විෂය ප්‍රාමාණිකයන්. විශ්වවිද්‍යාලවලට පත් කෙරෙන්නෙත් ඒ ආකාරයෙන්මයි. යම්කිසි විශ්වවිද්‍යාලයක් පිළිබඳ තීරණ ගන්නේ එක් එක් ක්‍ෂේත්‍ර පිළිබඳ විශේෂඥ දැනුමක් තිබෙන පුද්ගලයන්. නමුත් මේ පනත සම්මත කිරීමෙන් උසස් අධ්‍යාපන ආයතනයක තිබිය යුතු සංස්කෘතිය පිළිබඳව, ප්‍රමිතීන් පිළිබඳව කිසිම අදහසක් නැති අය පාලක සභාවලට පත් කෙරෙනවා. මේ පනත මුලින්ම ඉදිරිපත් කෙරෙන්නේ 2018 රනිල්-මෛත්‍රී ආණ්ඩුව කාලයේයි. ඒ කාලයේ සිදුකළ දේවල් වෙනස් කරනවා කියලා බලයට පත්වුණු මේ ආණ්ඩුව මේ පනත කිසිම වෙනසක් නැතිව ඉදිරිපත් කර තිබෙනවා.

නිදහස් අධ්‍යාපන පනත 1943 ගෙනෙන කොට විශාල සංවාදයක් ඇතිවී තිබුණා. මේ පනත මගින් නොමිලේ අධ්‍යාපනය ලබාදීම විතරක් සිදු කෙරුණා නෙවෙයි. මේ පනත වටා තිබුණු සංවාදවලින් පැහැදිලි වෙන්නේ නිදහස් අධ්‍යාපන පනත සම්මත කිරීමේ වෙනත් පරමාර්ථ ගණනාවක් තිබුණු බවයි. සමාජ තත්වයක්, මුදල්, හැකියාව, ඉංග්‍රීසි භාෂාව කථා කරන අය වැනි පිරිසකට සීමා වී තිබූ වරප්‍රසාදයක් මේ රටේ සියලුම දෙනාට ලබාදීමේ අරමුණින් නිදහස් අධ්‍යාපන පනත සම්මත කළා. එතන යම්කිසි දර්ශනයක් තිබුණා. ඒ තුළ තිබුණේ අධ්‍යාපනය වරප්‍රසාදයක් නෙවෙයි, අධ්‍යාපනය අයිතියක්. ඒ වගේම ගුණාත්මක අධ්‍යාපන අයිතිය සෑම පුරවැසියෙකුටම තහවුරු කිරීම මූලික දර්ශනය වුණා. මේ රටට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය, මේ රටේ සංස්කෘතිය තේරුම් ගෙන පුරවැසියන් බිහි කිරීමේ පරම වගකීම ඉටුකිරීම වෙනුවෙන් දර්ශනයක් තිබුණා. මේ පනත මගින් ඒ දර්ශනය සම්පූර්ණයෙන්ම විකෘති කරනවා. අධ්‍යාපනය සියලු දෙනාගේම අයිතියක් බවට තිබුණු දර්ශනය විකෘති කිරීම මෙයින් සිදුකෙරෙනවා. දැනටමත් නොනිලව සිදුවෙන අධ්‍යාපනය වරප්‍රසාදයක් කියන තත්වය නිල වශයෙන් රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු කරන්නයි යන්නේ.

උසස් අධ්‍යාපන ආයතනයක් තුළ අධ්‍යයන නිදහස අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. මෙය ගෝලීය එකඟතාවයක්. ශ්‍රී ලංකාවත් අත්සන් කළ ගෝලීය එකඟතාවයක්. දැනුම සොයාගෙන යනකොට දේවල් ප්‍රශ්න කිරීමේ නිදහස තියෙන්න ඕනෑ. අලුත් දැනුම නිෂ්පාදනය වෙන්න නම් තියෙන දැනුම ප්‍රශ්න කරන්න ඕනෑ. ඒ වගේම බල පද්ධතිය ප්‍රශ්න කරන්න ඕනෑ. ඒ ප්‍රශ්න කිරීම බලයේ ඉන්න අයට හිත රිදෙන ප්‍රශ්න කිරීම් වුණත් සිදුකිරීමේ නිදහස උසස් අධ්‍යාපන ආයතන තුළ තියෙන්න ඕනෑ. සමාජයක් වෙනස් කරන්න පුළුවන් දැනුම නිෂ්පාදනය කෙරෙන්නේ එහෙම වුණොත් විතරයි. අධ්‍යයන නිදහස විශ්වවිද්‍යාලයකට අත්‍යවශ්‍ය දෙයක්. ශිෂ්‍යයන්ට වගේම ගුරුවරුන්ටත් එක සේම වැදගත්. නමුත් එහෙම සංස්කෘතියක් හමුදාවල් තුළ නැහැ. හමුදාව තියෙන්නේ දේවල් ප්‍රශ්න කරන්න නෙවෙයි. උඩින් එන අණ පිළිපදින්න. එවැනි හමුදා සංස්කෘතියක් තුළ තියෙන උසස් අධ්‍යාපන ආයතනයකින් අධ්‍යයන නිදහස බලාපොරොත්තු වෙන්නේ කොහොමද? අධ්‍යයන නිදහස නැති උසස් අධ්‍යාපනයක තත්වය මොකක්ද? අධ්‍යාපන පාඨමාලා මොන වගේ වේවිද? මොන වගේ ජාතික හෝ ජාත්‍යන්තර පිළිගැනීමක් එවැනි ආයතනයකට ලැබෙයිද?

මේ පනතෙන් සිදුවෙන්නේ තවත් එක අධ්‍යාපන ආයතනයක් ආරම්භ කිරීමවත් හමුදාවලට අධ්‍යාපනය ලබාදෙන ආයනයක් පිහිටුවීමවත් නෙවෙයි. ඊට එහා ගිය අරමුණු තිබෙනවා. ඉතා අමාරුවෙන් මේ දක්වා ආරක්‍ෂා කෙරුණු අධ්‍යාපන නිදහස, අධ්‍යාපන දර්ශනය, යන සියල්ලම විකෘති කරන පනතක් මේ ඉදිරිපත් කරන්නේ. පාර්ලිමේන්තුවේ ඉන්න අනෙකුත් මන්ත්‍රීවරුන්ගෙන් අහන්නේ අපිට උරුම අධ්‍යාපන ක්‍රමය විනාශ කරන මේ පනතට පාර්ලිමේන්තුවේදී එකඟ වෙනවාද? අධ්‍යාපනය විනාශ කරන්න දායක වුණු අය හැටියට ඉතිහාසගත වෙන්න කැමති නම් මේකට අත උස්සන්න. හෘදය සාක්‍ෂියක් තිබෙනවා නම් කිසිසේත්ම මේ පනතට අත උස්සන්න බැහැ. අත උස්සන්න එපා කියන ඉල්ලීම කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීනි, ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය

Show More