Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
Media notification Meeting of Colombo District Doctors U.S. Assistant Secretary Donald Lu Engages with National People’s Power (NPP) Representatives… A meeting between the Indo-Pacific Regional Director of the UK and the leader of the NPP Norwegian Ambassador meets the leader of the NPP
X

NPP News

ජාතික ජන බලවේගයේ මැයි දින පණිවුඩය

මැයි දිනය යනු වැඩකරන ජනයාගේ ජාත්‍යන්තර දිනයයි. චිකාගෝ නගරයේ සටන්කාමී කම්කරුවන්ට විරුද්ධව දියත් කළ රුදුරු ඝාතනයෙන් පැනනැගී, පැය අටේ වැඩ මුරයක් වෙනුවෙන් ලෝකය පුරා පැතිරුණු ජාත්‍යන්තර කම්කරු සහයෝගිතා ව්‍යාපාරයක් නිර්මාණය වීම මැයි දින ඉතිහාසයයි. එම අරගලය, අයුක්තියට එරෙහිවත් වැඩකරන ජනයාගේ අයිතීන් ආරක්ෂා කරගැනීම වෙනුවෙනුත් සටන් වැදීම සඳහා කම්කරු පන්තිය සංවිධානය කිරීමේ අවශ්‍යතාව මූර්තිමත් කළේය. 2021 […]

මැයි දිනය යනු වැඩකරන ජනයාගේ ජාත්‍යන්තර දිනයයි. චිකාගෝ නගරයේ සටන්කාමී කම්කරුවන්ට විරුද්ධව දියත් කළ රුදුරු ඝාතනයෙන් පැනනැගී, පැය අටේ වැඩ මුරයක් වෙනුවෙන් ලෝකය පුරා පැතිරුණු ජාත්‍යන්තර කම්කරු සහයෝගිතා ව්‍යාපාරයක් නිර්මාණය වීම මැයි දින ඉතිහාසයයි. එම අරගලය, අයුක්තියට එරෙහිවත් වැඩකරන ජනයාගේ අයිතීන් ආරක්ෂා කරගැනීම වෙනුවෙනුත් සටන් වැදීම සඳහා කම්කරු පන්තිය සංවිධානය කිරීමේ අවශ්‍යතාව මූර්තිමත් කළේය.

2021 මැයි දිනය එළඹෙන්නේ ශ්‍රී ලංකාවේ වැඩකරන ජනයාටත් පොදුවේ රටටත් ඉතාමත් තීරණාත්මක අවස්ථාවකය. කම්කරු පන්තියේ සංවිධාන ශක්තිය ප්‍රදර්ශනය කිරීමටත් සටන් වැදීමේ අධිෂ්ඨානය මුවහත් කර ගැනීමටත් මැයි දිනයෙන් ලැබෙන අවස්ථාව මෙවර අහිමි වී ඇත.

නැගෙනහිර ජැටිය ඉන්දියාවට පවරාදීමට විරුද්ධ ව දියත් වූ විරෝධය මෑත කාලයේ මෙරට කම්කරු පන්තිය වෙතින් පැන නැගුණු ප්‍රබලම සටන් පෙරමුණ නිර්මාණය කළේ ය. එය ජයග්‍රහණයේ මායාව තුළ ගිල්වා ඊට වඩා බරපතළ පාවාදීමේ ගිවිසුමකට ආණ්ඩුව ගමන් කර ඇත. ඒ සඳහා සමහර සමිති නායකයන්ගේ සහයෝගය දිනා ගන්නටද ආණ්ඩුව සමත් ව සිටී. ඒ අතර වරාය නගර ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ආර්ථිකයේ මහා හැරවුම් ලක්ෂය යන මිත්‍යාව වපුරමින් චීන කොලනියක් නිර්මාණය කිරීමටත් කම්කරුවන් එහි වහලුන් බවට පත්කරවීමටත් පිඹුරුපත් සකස් කෙරෙමින් පවතී.

වනඅලින් සහ වෙනත් වන සතුන් සමග එදිනෙදා ගැටෙමින් වගාවකින් ලැබෙන සොච්චම් ආදායමකින් ජීවිතය ගැටගසා ගනිමින් සිටි ගොවි ජනයාට එම දුෂ්කර යැපුම් මාර්ගයද තම වගාබිම්ද අහිමි කරමින් දේශීය හා විදේශීය කොම්පැනිවලට ගොවි බිම්ද කැලෑ ඉඩම්ද පවරාදීමේ කුරිරු ජනතා ද්‍රෝහී පිළිවෙතට විරුද්ධව ගොවීහු දීර්ඝකාලීන අරගලයක නිරතව සිටිති.

වැඩකරන ජනයාගෙන් විශාල ප්‍රමාණයක් දිළිඳුභාවයට සහ තම ආදායමේ අනාරක්ෂිතභාවයට මුහුණදී සිටිති. ශ්‍රී ලංකාව කලාපයේ රටවල් අතර අඩුම වැටුප් සහිත රට බවට පත්ව ඇත. වැටුප්වල සැබෑ අගය වේගයෙන් පහත වැටෙමින් පවතී. පඩියට වැඩ කරන බොහෝ දෙනෙකුට ලැබෙන්නේ ජීවත්වීමට සරිලන වැටුපක් නොවේ. ශ්‍රමිකයන්ගේ නිෂ්පාදන ධාරිතාව වැඩිකිරීමෙන් ප්‍රාග්ධන ප්‍රතිලාභ ඉහළ දැමෙන නමුත් ඊට සාපේක්ෂව ශ්‍රමිකයන්ගේ ආදායම ඉහළ දැමෙන නීති රීති ස්ථාපිත නොවේ.

ස්ත්‍රී කම්කරුවන්ට රැකියා කිරීමේ දී විවිධාකාර ගැටලු සහ අසාධාරණයන්ට මුහුණදීමට සිදුවෙයි. අනිවාර්ය අතිකාල පැය ගණන ලෝකයේ පිළිගත් උපරිමයටත් වැඩිය. දීර්ඝ වැඩමුර සහ රෑ වැඩ කම්කරු ස්ත්‍රීන්ගේ සෞඛ්‍යයට සේම යහ පැවැත්මටද අහිතකර ලෙස බලපායි. ලිංගික අතවර සේම ස්ත්‍රීභාවය නිසා ම සිදුවන අසමාන සැලකිලි, පුද්ගලිකත්වය සහ මානව ගරුත්වය නොසලකා කෙරෙන තාක්ෂණික පරීක්ෂා කිරීම්වලින්ද කම්කරු ස්ත්‍රීහු පීඩා විඳිති. නිර්මාණය වී ඇත්තේ පෞද්ගලික අංශය ස්ත්‍රීන්ට රැකියා සඳහා යෝග්‍ය නොවන තත්වයකි.

රැකියා සැපයීම් කෙරෙන අස්ථිර, අවදානම් අඩමාන රක්ෂා මැවීම තුළ ‘සෙල්ලම් ආර්ථිකයේ’ රෝග ලක්ෂණ බෙහෙවින් විද්‍යමාන වේ. ප්‍රමිතියෙන් තොර, අවදානම් සහගත රැකියාවලින් කෙරෙන සූරාකෑම, වෘත්තීය සමිති අයිතිය වෙනුවෙන් සටන් වැදීමේ අවශ්‍යතාව ඉස්මතු කරයි. ගෘහ සේවක සේවිකාවන් සහ එවැනි එදිනෙදා රැකියාකරන ශ්‍රමිකයන්ට කිසිදු නීති රැකවරණයක් ඇත්තේ නැත. කොන්ත්‍රාත් පදනමේ සහ අනතුරුදායක වැඩවල යෙදෙන කම්කරුවන්ගේ ජීවිත ආරක්ෂාවට අවශ්‍ය පියවර ගැනීම නොසලකා හැරෙමින් පවතී. යහපත් සේවා කොන්දේසි, වැටුප් සහ දීමනා වැඩිකර ගැනීම, ආරක්ෂාව සහ සෞඛ්‍ය පහසුකම් ආදිය වෙනුවෙන් මැදිහත්වීම වෘත්තීය සමිතිවලට තීරණාත්මකය. මේ අතර කොරෝනා මගින් මහා ව්‍යාපාරයක් බවට පත්ව ඇති දරුවන්ගේ ඔන්ලයින් අධ්‍යාපනයට වියදම් දැරීමද සුළු වැටුප් ලබන කම්කරුවන්ට බරපතළ ගැටලුවකි. වසංගතයට පෙර රටට විශාල විදේශ විනිමයක් උපයා දුන් විදේශගත ශ්‍රී ලාංකේය ශ්‍රමිකයන් වර්තමානයේ ආණ්ඩුව සලකන්නේ කරදරකාරයන් පිරිසක් හැටියටය. දහසක් දුක් විඳ කෙසේ හෝ මව්බිමට එන අය නිර්දය ලෙස සූරා කන්නට ගජමිතුරන්ට මාර්ග පාදා දී තිබේ. මේ තත්වයන්ට විරුද්ධ ව සහ ඒ ශ්‍රමිකයන්ගේ ඡන්ද අයිතිය වෙනුවෙන් සටන් කිරීමද පැවරී ඇත්තේ මෙරට සංවිධිත කම්කරුවන්ටය.පවතික හා පැවති ධනේශ්වර ආණ්ඩු මගින් දියත් කළ හා දියත් කරන රට පාවාදීමේ ක්‍රියාවලියත් කම්කරුවන් වහලුන් බවට පත්කරවීමේ සහ මහා පරිමාණව රැකියා හා යැපුම් මාර්ග අහිමි කිරීමේ ක්‍රියාවලියත් මෙරට වැඩකරන ජනයා හමුවේ තබා ඇත්තේ පැවැත්ම පිළිබඳවම අභියෝගයකි.

මේ තත්වයන් තුළ ජාතික ජනබලවේගය මේ මැයි දිනයේදී සංවිධිත කම්කරුවන්ට අවධාරණය කරන්නේ, පාලකයන්ගේ සහ ධනපතීන්ගේ රැවටිලිකාර ඉච්චා බස්වලට නොරැවටී ඔවුන්ගේ නපුරු උපායන්ට ගොදුරු නොවී පංතිය අමාරුවෙන් දිනාගත් අයිතීන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් සටන් වදින අතරම රට පාවාදීමේ ද්‍රෝහී සැලසුම් පරාජය කිරීම සඳහා සෙසු පීඩිත සමාජ ස්ථරයන් හා එක්ව බහුජන අරගලයකට සූදානම් වීමේ අවශ්‍යතාවයි.

ජාතික ජන බලවේගය

2021 මැයි 01 දින

Show More

How Did We Get Here?

By Harini Amarasuriya The 21st of April 2021 marked two years since the tragic Easter bomb attacks. Two years down the line, we know little more than we did then as to how or why such an incident took place. Grieving families and communities still wait for answers and justice. The feeling of being badly […]

By Harini Amarasuriya

The 21st of April 2021 marked two years since the tragic Easter bomb attacks. Two years down the line, we know little more than we did then as to how or why such an incident took place. Grieving families and communities still wait for answers and justice. The feeling of being badly let down by a regime that came to power on the promise and assurance of serving justice to the victims of the attacks is palpable. Meanwhile, in Parliament, on a day of mourning, members of the Government and the main Opposition hurled insults and more at each other in a gross display of misplaced swagger. 

What was most despicable about those scenes in Parliament were the smirks and chuckles that accompanied the exchange of insults and blows. While victims were in mourning, their representatives were behaving like rowdy schoolboys at a big match brawl. The party leaders and seniors, while not participating in the brawl, sat back and watched are, in my view, equally culpable since their silence indicated acquiescence or at the very least indifference towards such behaviour. 

How did we get here? What has led us to a situation where people’s suffering matters so little that each and every misfortune experienced by people are regarded by their representatives as an opportunity for political grandstanding? How have we got to a point where not only are situations constructed and manipulated but exploited for political gain? Of course, politics is a battle for power and will always involve manipulation and grandstanding, but I think we can all agree that the ethical compass in politics has sunk today to an all-time low. 

The ‘quality’ of politicians 

Popular public perception is that the ‘quality’ of politicians has deteriorated. Quality is measured here in terms of education and socio-economic background. I have often heard it being said that the ‘class’ of current politicians is different, that we don’t have ‘decent’ politicians anymore. There have been calls for the ‘educated’ and the ‘professionals’ to enter politics; for there to be minimum educational qualifications for politicians. Yet, if we look at the current Parliament, it has one of the highest number of ‘professionals’ to enter Parliament; several PhDs, many medical doctors, Media personalities, lawyers etc. Most have been educated in prestigious schools and universities. Several come from families that have been in politics for generations. 

It is my contention that this search for ‘quality’ in individual politicians in terms of education, professional background etc. is simply a red herring. This is not about the characteristics or qualifications of individual politicians. Rather, it is a gradual transformation of the political space where what is enacted in public has become increasingly performative while the real decisions and negotiations are taking place somewhere else. Those who influence the decisions are also largely invisible. Politics, in a sense has become a spectator sport, another form of ‘reality television’ and the more dramatic the performance, higher the ratings. What you see has nothing to do with how decisions are made that actually affect your life. If in the process, citizens become increasingly cynical and disenchanted with political institutions and politics in general – so much the better. Because, weakening these institutions, mistrust in democracy and democratic processes, increasing cynicism, hopelessness and apathy makes it much easier for invisible forces to increase their power and influence. 

Neoliberalism 

This assault on democracy – especially on reducing representative democracy to electing those who have very little interest or influence on what happens – is a necessary characteristic of the current phase of capitalism. This phase of capitalism is most commonly described as neoliberal – but what it boils down to is a system of globalised financialisation. Exchange is through an increasing number of financial instruments as opposed to the production of goods as in earlier forms of capitalism. Hence, the increasing of financial services. Main features of financialisation is de-regulation of monetary and fiscal regulations and increasing debt. My interest here is however not the technicalities of globalised financialisation but rather its political effect. 

One of the main features of increasing financial services is the growth of a financial oligarchy. The last several decades have seen a proliferation on the one hand of the service sector and the other the consolidation of this sector within a small group of financial giants. A few big banks and big corporations control much of the financial sector and associated service sector. Their success has been largely dependent on the complicity of the political authority in their growth and expansion plans. This has been ensured by funding political campaigns and political lobbying. 

Of course, there has always been a relationship between business and politics – but today what you see is the almost total capture of the political space by those with vested interests through campaign financing and bribes. For example, one of the most notorious businessmen in Sri Lanka openly declared his intentions of ensuring that the Janatha Vimukthi Peramuna (JVP)’s representation erased if not drastically reduced at the last general election. He recently reiterated his commitment to this cause: openly and brazenly. This is simply one example and one who is open in his intentions. 

The more serious and influential are much more discreet. The general public would not even recognise their names. It is also noteworthy that these are no longer ‘local’ interests – but regional and global. It is certainly not only rupees that are funding political campaigns but other currencies. Apart from gaining control over politicians, these global financial powers also control the production and flow of knowledge and information. Whether it’s through capturing the media, establishment of supposedly ‘neutral’ and ‘scientific’ think-tanks, support for universities and research, the information we receive is largely controlled. 

Behind the scenes 

The role of the people’s representatives is therefore fairly simple: distract and mislead so that the ‘real’ powers that be can get on with their work of amassing wealth uninterrupted. For this, the politicians are well looked after. Those who ‘succeed’ in politics are those who play this game. This is why the performative aspect of politics has become far more dramatic than ever before. Political spaces have become less about ideological debate, argument and policy and simply noise and drama. Those who make measured, factual and ideological interventions are regarded as ‘has-been’s who are stubbornly refusing to get real. The composition of our current Parliament reflects this. 

It is important that we understand this situation for what it is. When we ask for transformation of our political culture – we need to first make sure we understand what transformations it is that we actually seek. This is not a problem of the qualifications or professionalism of individual politicians – but a system of politics that has been established to meet the interests of a powerful, local and global oligarchy. We must refuse to be distracted by the dramas that are enacted to distract and mislead us. Rather, we need to find ways of recapturing the political space so that it can work in the interests of the many rather than the few. Our demand has to be for a new order – one which places equity, social and environmental justice at its core rather than profit, exploitation and selfishness. 

https://ceylontoday.lk/news/how-did-we-get-here

Show More

Reflections on the 1971 Insurrection: Old Tropes and Lessons for Today

By Harini Amarasuriya 5 April 2021 marked 50 years since the JVP’s first insurrection in 1971, an event that shook the Government in power to its core and set in motion actions that on the one hand, led to radical changes such as land reform, but on the other, strengthened the repressive instruments of the […]

By Harini Amarasuriya

5 April 2021 marked 50 years since the JVP’s first insurrection in 1971, an event that shook the Government in power to its core and set in motion actions that on the one hand, led to radical changes such as land reform, but on the other, strengthened the repressive instruments of the State. In less than 40 years since that insurrection, Sri Lanka managed to become the country with one of the highest rates of enforced disappearances per capita in the world. 

The insurrection also marked the beginning of the trope of ‘youth frustration’ and ‘youth rebellion’ as explanations for violence in our society. The 1971 insurrection and the JVP has been forever associated with ‘youth’ especially university youth. Even today, despite the obviously older leadership in the JVP, demographic changes to its constituency, participation in electoral politics for several decades the JVP, in the popular imagination is a party of educated, angry, rebellious youth from rural villages. 

Anthropologist Gananath Obeysekere analysed the demographic features of those who were arrested or detained after the 1971 insurrection in a landmark paper published in 1973. According to his analysis, the insurgents were predominantly Sinhala youth – (average age was 20). While the leadership was drawn from universities, the majority were not university students or graduates, but had completed general education – and were primarily from madyamaha pasal – the central schools that were established to make high quality education more accessible to the masses. Obeysekere noted that the majority were either unemployed or under employed. 

But what is interesting about the JVP insurrection is that unlike in many other parts of the world at the time which were also experiencing revolutionary political movements, this was not simply a rural, peasant revolt. The high levels of education along with unemployment or under-employment among the insurgents led to yet another trope that has remained powerful especially within education reform policy circles: the mismatch between education and employment. 

Simply stated, this trope claims that youth unrest and violence is a consequence of the inability of the education system in Sri Lanka to produce employable graduates or those who meet the needs of employers. Education reforms intent on improving ‘employability’ have dominated the policy landscape for decades. Yet, can we simply explain the 1971 insurrection as well as subsequent violent anti-State movements simply as an effect of frustration or unfulfilled aspirations among educated but unemployable youth? 

Gananath Obeysekere described the 1971 insurrection as a revolt against Sri Lanka’s elite class. Obeysekere defines ‘elite’ in terms of a particular lifestyle that cuts across ethnic differences. One of the most striking aspects of this lifestyle is belonging to a powerful network of ‘old boys’ from prestigious schools. The majority of this elite use English at home and for social interaction. Political leaders as well as administrative and business leaders were drawn from this class. While there might have been differences in political ideologies, most of the leaders of the main political parties belonged to this elite class. Their educational paths were amazingly similar: prestigious local school followed by university – for the more affluent, foreign universities. 

A well-established patronage system within this elite however, ensured that even those who did not perform well academically were assured some of the best jobs – especially if they had participated in sports in their schools. Obeysekere describes all political parties in Sri Lanka as factions of this elite striving to get political power. On the other hand, free education led to a highly politically conscious electorate with no access to political power or to the economy, because both were controlled by the elite class. The only times that the masses experienced power was during elections as evidenced by how Sri Lanka’s electorate regularly dispatched governments home despite the best efforts of successful regimes to hold on to power both through constitutional and non-constitutional means. 

The 1971 insurrection was a huge slap in the face of the elite class – particularly its political leadership. It marked the first instance, where a vernacular educated, highly politically conscious and articulate political movement challenged the established status-quo. Their challenge did not end with the insurrection: soon after the military crushing of the insurrection a controversial Criminal Justice Commission was set up to try the arrested. However, the accused refused to accept the legality of the Commission. They refused to stand up for the judges, sang revolutionary songs during the proceedings and used it as a platform to present a justification for revolution against an oppressive, capitalist class. JVP leader, Rohana Wijeweera who presented his own defence with legal advice from the late Bala Tampoe, lawyer and union leader, laid out a comprehensive justification for the use of violence and revolution and argued that historically, the proletariat is provoked into violence by the suppression of peaceful protest by the capitalist class.

Unsurprisingly, the political leadership at the time, came together across ideological differences to crush the upstart movement. Many in the leadership including Rohana Wijeweera were sentenced to prison and hundreds of others were sent for rehabilitation. Little less than 20 years later, yet another commission, the Youth Commission of 1990 set up after the JVP’s second and bloodier, more violent insurrection during 1988/89, concluded as follows:

The oral and written representations made to the Commission indicated virtual unanimity that politicisation and perceptions about the abuse of political power are some of the main causes of youth unrest in contemporary Sri Lanka. The Commission is well aware of the important role that politics plays in a democratic society. However, what was underscored during our deliberations was not politics as ‘the art of governance’ but the abuses and excesses of politicisation which give rise to strong perceptions of injustice, especially among youth’.

Despite events, scholars and commission reports, the sense of injustice, political abuse and excess, a ruling and economic elite within whom ideological differences are barely discernible today, and a politically conscious electorate that only comes alive during elections, remain strong features of post-Independence Sri Lankan society and polity. The old boy school network (and increasingly, old girl network) is also alive and well – though the schools that are part of that network may have changed. 

The educational qualifications of our political leaders may be subject to far more scrutiny today than in the past – yet the strategies through which the political elite cling to power has barely changed. We can blame our current economic woes on the COVID pandemic – but the precarity of our economic systems extend beyond COVID. Another armed revolt seems unlikely – not least because State monopoly of violence and repression have demonstrated the bleak prospects for achieving success from armed revolution. But sadly, there is little evidence that the bloodshed and violence our little island has experienced, have taught our political leadership and ruling elite any useful lessons apart from increasingly undemocratic means of remaining in power.

– https://ceylontoday.lk/news/reflections-on-the-1971-insurrection-old-tropes-and-lessons-for-today

Show More

“පෝට් සිටි පනතින් නීති දෙකක් රටවල් දෙකක් හැදෙනවා”

පෝට් සිටි පනතින් නීති දෙකක් රටවල් දෙකක් නිර්මාණය වන බව ජාතික ජන බලවේගය සඳහන් කරයි. ඒ එම සංවිධානය විසින් අද (25) පෙරවරුවේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි. එම මාධ්‍ය හමුව සඳහා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි අචාර්ය හරිනි අමරසූරිය සහ […]

පෝට් සිටි පනතින් නීති දෙකක් රටවල් දෙකක් නිර්මාණය වන බව ජාතික ජන බලවේගය සඳහන් කරයි. ඒ එම සංවිධානය විසින් අද (25) පෙරවරුවේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි.

එම මාධ්‍ය හමුව සඳහා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි අචාර්ය හරිනි අමරසූරිය සහ සාහිත්‍යවේදී කීර්ති වැලිසරගේ යන අය සම්බන්ධ වූහ.

එහිදී ඔවුන් දැක්වූ අදහස් පහතින් පල වේ.

මෙය රටක් ඇතුළට අපි දමා ගන්නා බරපතළ අනතුරක්,

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

“ජනාධිපතිවරයා බලයට පැමිණීමේදී කියා සිටියේ දේශප්‍රේමී, ස්වෛරීත්වය රකින පාලනයක් පිහිටුවන බවයි. ඒ නිසා රට නොවිකුණන බවත් පාවා නොදෙන බවත් ඔහු කිවුවා. රට රකිනවා නම් ඉන්නේ ගෝඨාභය රාජපක්ෂ පමණක් බවට මතයක් රටේ හැදුවා. එසේ බලයට ආපු ආණ්ඩුව සහ ජනාධිපතිවරයා දැන් රටේ ස්වෛරීභාවය අහිමි කරන පෝට් සිටි පනත ගෙනැවිත් තිබෙනවා. මේ පනතින් අපේ රටට ආර්ථික වගේම දේශපාලන හානි ගණනාවක් සිදුවීමට ඉඩකඩ තිබෙනවා.

මේ වන විට පෝට් සිටි පනත පිළිබඳව සමාජය තුළ විශාල කතාබහක් ඇතිවී තිබෙනවා. එහි හානිකර කරුණු සැලකිය යුතු ප්‍රමාණයක් අනාවරණය වී තිබෙනවා. ඒ වගේම ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ගණනාවක් ඉදිරිපත් වී තිබෙනවා. ඇත්තටම එහිදී විමසා බලෙන්නේ මෙම පෝට් සිටි පනත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට එකඟද නැද්ද යන කරුණ පමණයි. නමුත් මෙම පනතේ ආර්ථික හා දේශපාලනික හානි පිළිබඳව එහි සාකච්ඡා වෙන්නේ නැහැ. අපි හිතනවා මෙම පෝට් සිටි පනත ක්‍රියාත්මක වුවහොත් සිදු විය හැකි ආර්ථික, දේශපාලනික සහ සංස්කෘතික හානි පිළිබඳව රට තුළ මතයක් ගොඩනැගිය යුතුයි කියලා.

ජනාධිපතිවරයා විසින් වරාය නගරය පාලනය කිරීමට අදාළව සකස් කර ඇති පනතට අනුව එය සිදු කරන්නේ කොමිෂන් සභාවක් මගිනුයි. එම තත්වය විසින් අපේ රටේ ස්වෛරීත්වයට බරපතළ තර්ජනයක් එල්ල කරනවායැයි අපි හිතනවා. අපි එකම රටක්නම් එකම නීතියක්නම් පෝට් සිටියටත් රටේ නීතිය වලංගු විය යුතුව තිබෙනවා. නමුත් අපිට පේන්නේ එය භූගෝලීය වශයෙන් රටට අයිති වුණාට නීතිමය වශයෙන් අයිති නැති කිසියම් නිදහසක් ප්‍රදානය කරන ලද කලාපයක් බවට එය පත් කොට ඇති බවයි.

පළමුවැනි කරුණ රටේ පොදු පාලනයෙන් මෙය ඉවත්කරනු ලැබ තිබීමයි. මෙය කොළඹ නගර සභාවට හෝ බස්නාහිර පළාත් සභාවට අයිති වෙන්නේ නැහැ.පාර්ලිමේන්තුවට වගකින්නේ නැති ප්‍රදේශයක්. මහජන නියෝජිත ආයතනවලට මෙය අයත් වන්නේ නැහැ. මෙය පාලනය වන්නේ ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන කොමිසමක් මගින්. එය පස්දෙනෙකුගේ සිට හත් දෙනෙකු දක්වා වන පිරිසකගෙන් සමන්විතයි. එයට පත් කරනු ලබන්නේ කවුරුන්දැයි පැහැදිලි නැහැ. මෙය පත්කිරීමේදී ජනාධිපතිවරයා කිසිවෙකුට වගකියන්නේ නැහැ. එය ඇමති මණ්ඩයෙන් විමසන්නේ නැහැ. එහි අදහස පෝට් සිටිය පාලනය වන්නේ ජනාධිපතිවරයා අතින් බවයි. මෙහි විශාල අනතුරක් තිබෙනවා. එක් පුද්ගලයෙක් අතින් මෙය පාලනය වීමේදී පෝට් සිටියේ පදිංචිකරුවන්ට, ඉඩම් අල්ලාගෙන සිටින්නවුන්ට, එහි ජාවාරම්කරුවන්ට තමන්ට හොඳ ජනාධිපතිවරයෙක් පත්කර ගැනීම වෙනුවෙන් මැදිහත්වීමට ඉඩක් හදනවා. ජනතාවගේ පරමාධිපත්‍යයට පිටින් ඇති නිසා ස්වෛරීත්වයට හානි කරන බව පැහැදිලියි.
ආණ්ඩුව කුමන තර්ක ඉදිරිපත් කළත් මෙම පනත මගින් රටේ නීතිරීති විශාල ප්‍රමාණයක් ඉවත්කොට තිබෙනවා. පෝට් සිටි පනතේ අග උපලේඛනවල ඊට අදාළ නොවන පනත් යටතේ ඒවා සඳහන් වෙනවා. නාගරික සංවර්ධන අධිකාරිය පනත. ක්‍රමෝපාය සංවර්ධන පනත, ආයෝජන මණ්ඩල පනත වැනි ව්‍යාපාර පවත්වාගෙන යාමට අදාළ පනත් ගණනාවක් ඒ අතර තිබෙනවා. මෙය ස්වෛරීත්වයෙන් ඉවත් කරන ලද වෙනම බලප්‍රදේශයක්. පෝට් සිටි පනත නිසා එකම රටක් එක නීතියක් වෙනුවට නීති දෙකක් රටවල් දෙකක් බවට පත් වෙනවා.

මේ පෝට් සිටිය නිර්මාණය වන්නේ චීනයේ වුවමනාවට අනුවයි. එහි ආර්ථික හා දේශපාලන වුමනාකම් වෙනුවෙන් ඔවුන් මෙය හදනවා. අපට ඉඩමක් හදා දෙන්න චීන සමාගමකට වුවමනාවක් හැදෙන්න විදිහක් නෑ. එහි සම්පූර්ණ වියදම දරුවේ ඔවුන්. ඔවුන් තමන්ගේ දේශපාලන හා ආර්ථික වුවමනාකම් වෙනුවෙන් එය මෙහෙයවනවා. මෙය ආණ්ඩුව පෙන්නන තරම් සරල කාරණයක් නෙමෙයි. එම නිසා අනිවාර්ය ලෙසම ලංකාව කලාපීය බල අරගලයක ගොදුරක් බවට පත්වෙනවා.

මේ කලාපය තුළ ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව හා ජපානය ප්‍රමුඛ කඳවුර එක් පැත්තකින් සහ අනෙක් පැත්තෙන් චීනය ආර්ථික බලවතෙක් ලෙස සිටිනවා. මෙම කඳවුරු දෙක අතර ප්‍රතිවිරෝධයක් තිබෙනවා. ඉන්දියාව අසල දූපතක් හදාගෙන චීන ආර්ථික දේශපාලන වුවමනාකම් ඉටු කරන්නා විට ඊට එරෙහිව ඉන්දියාවත් ඇමරිකාවත් ක්‍රියාත්මක වීම අනිවාර්යයක්. ආණ්ඩුව කිවුවේ අපි නොබැඳි ප්‍රතිපත්තියක සිටින බවයි. කිසිවෙකුට දණ නොනමන බවයි. නමුත් මේ නිසා ලංකාව කලාපීය බල අරගලයේ ගොදුරක් බවට පත්කරනවා. ලංකාවට මේ රටවල් සමග හැපෙන්න හයියක් නැහැ. දැනටමත් ලංකාව ජීවත් වෙන්නේ චීන හා ඉන්දියානු ණය මතයි. ණය නැතිවුණොත් ආණ්ඩුවත් නැහැ. ලංකාව කියන්නේ ඒ ණය හිලව්වට රටේ කෑලි ලබා දෙන ආණ්ඩුවක් සහිත රටක්. පෝට් සිටිය කියන්නෙත් එම ප්‍රතිපත්තියේම දිගුවක්.
මෙවැනි තත්වයක් තිබියෙදී ආණ්ඩුව ඉදිරිපත් කරන කරුණු ප්‍රමාණයක් තිබෙනවා.

● ඔවුන් කියනවා මෙම පනත ගෙනෙන්නේ ආර්ථික සංවර්ධනය ඇතිකිරීම බවයි. එමගින් විදේශීය ආයෝජන ඇවිත්, රැකියා ඇතිවී, නිෂ්පාදනය වැඩිවී ආර්ථික ඉහළ යනවා වගේ කතා ඔවුන් කියනවා. නමුත් ඇත්තම ගත්තොත් මෙහි ඇත්තේ හෙක්ටයාර 446කට මදක් වැඩි ප්‍රමාණයක්. ඔවුන් කියන්නේ මුළු රටක් ගොඩනගන්න එයින් හැකියාවක් ඇති බවයි. මුළු රටේ භූමිය තිබියෙදී එහි වරාය, වෙරළ, සම්පත් පාවිච්චි කර ගොඩනැගිය නොහැකි වූ රටක් මේ කුඩා භූමියකින් හදන්නේ කෙසේද? මේවා සෙල්ලම් ගෙවල් වගේ වැඩ. තමන්ගේ නොහැකියාව වසා ගැනීම සඳහා ආණ්ඩුව බොරු කියමින් ඉන්නවා.

● ලංකාවට ආයෝජන කැඳවා ගැනීම සඳහා සහන ලබා දිය යුතු බව ඔවුන් කියනවා. ඒ බව අපිත් පිළිගන්නවා. එසේ සහන දීම සඳහා වන ආයතන විශාල ප්‍රමාණයක් දැනමත් ලංකාවේ තිබෙනවා. කලින් මහකොළඹ ආර්ථික කොමිසම හැදුවා. එය විශාල කර ආයෝජන මණ්ඩලය හැදුවා. ඒ යටතේ වන සමාගම්වලට බදු සහන දෙනවා. යම් නීති අඩු වශයෙන් ක්‍රියාත්මක වෙනවා. ඊට වඩා සහන දෙන්න ක්‍රමෝපායික සංවර්ධන පනත ගෙනාවා. මේ සියල්ල තිබියෙදී ඊට පිටින් සහන දීම සඳහා තවත් එකක් හදන්නේ ඇයි? ඒවායින් ගෙන්වා ගැනීමට නොහැකි ආයෝජකයින්ට වෙනම රටක් හදා දී ගෙන්වා ගැනීමට හැකි යැයි ඔවුන් සිතනවාදැයි අපට ගැටලුවත් තිබෙනවා.

● සැබැවින්ම ලංකාවට ආයෝජන කැඳවා ගැනීමට නොහැකි වී තිබෙන්නේ අපේ රටේ බදු සහන නැති නිසා හෝ නීතිවල ගැටලු නිසා නෙමෙයි. මීට වඩා නීති තද තැන්වලට ආයෝජන යනවා. චීනය ආයෝජන කැඳවා ගැනීමේදී එහි පැවති මධ්‍යගත තනි පක්ෂ පාලනය, දැඩි නීති අදාළ වුණේ නැහැ. එතනට ආයෝජකයෝ ආවා. කොමිස් ගැහැව්වෙ නැහැ. පගා ඉල්ලුවෙ නැහැ. නමුත් ආයෝජකයො ලංකාවට එද්දි ආණ්ඩු කරන දේශපාලකයො කොමිස්, අල්ලස් ඉල්ලනවා. මේ ආයෝජකයො විශාල කොමිස්, අල්ලස් දීලා ව්‍යාපාර කරන්න සූදානම් නැහැ. ආණ්ඩුව කළ යුතු තිබෙන්නේ මේ කොමිස් ඉල්ලන, පගා ගහන සංස්කෘතිය වෙනස් කරන එකයි. ජනාධිපතිවරයාගේ සිට පහළම නියෝජිතයා දක්වා අල්ලස් ඉල්ලන නිසා ලංකාවට එන්න හිටපු ආයෝජන හැරිලා ගිය අත්දැකීම් අපට අසන්නට ලැබුණා. එම නිසා ඇත්ත ප්‍රශ්නය පැත්තකින් තබා සහන ලබා දීමට පෝට් සිටි පනත ගෙන එනවායැයි කීම කිසිසේත් සාධාරණ නැහැ.

● පෝට් සිටිය නිසා ආයෝජන ඇවිත් රැකියා ලැබිලා රට දියුණු වන බවට ආණ්ඩුව ජනතාවට හීනයක් පෙන්නමින් ඉන්නවා. ඔය ආකාරයේ හීන කීයක් අපේ රටේ ජනතාවට පෙන්වා තිබෙනවාද? එජාප ආණ්ඩුව කඩිනම් මහවැලිය හදද්දී කෘෂිකර්මාන්තය දියුණුවෙලා, විදුලි බලය ලැබිලා කර්මාන්ත දියුණු වෙලා රටට කිරියෙන් පැණියෙන් උතුරන බවයි. ඉන්දියාවටත් විදුලිය විකිණිය හැකි බව කිවුවා. නමුත් දැන් ඉන්දියාවෙන් විදුලිය ගන්න සිද්ධ වෙලා. මහ කොළඹ ආර්ථික කොමිසමෙන් නිදහස් වෙළඳ කලාප හදද්දිත් ආයෝජන මණ්ඩල හදද්දිත් එහෙම හීනයක් හැදුවා. ආයෝජන ඇවිත් රට සුරපුරයක් වන බව කිවුවා. අද ඒවා ඛේදවාචයක් වී තිබෙනවා. ඒවායේ සේවක සේවිකාවන්ට අවම පහසුකම්වත් ලබා දීමට අසමත් වී තිබෙනවා. ක්‍රමෝපායික සංවර්ධන පනත ගේනකොටත් මෙහෙම කතා කිවුවා. ඒ සියල්ල අසාර්ථක වී තිබියෙදී දැන් පෝට් සිටි පනත හීනය පෙන්නවා.

ඇත්තම කතාව ආණ්ඩුවට චීනය ඉදිරියේ දණගැසීමට සිදුව තිබීමයි. ණය ගැනීම නිසා චීනයෙන් වැටෙන ඉදුල් ටිකක් වෙනුවෙන් මේ හදා ගත්තු බිම්කඩේ අයිතිය චීනයට ලබා දෙන්න සිදුවී තිබෙනවා. ඒ නිසා ජනාධිපතිවරයාට විදේශ රටවලට අනුව නටන රූකඩයක් වීමට සිදුව තිබෙනවා. පෝට් සිටි පනත ගෙනත් එහි ව්‍යාපාරිකයන්ට අවශ්‍ය පරිදි පාලනයක් හදා දීමට ඔහුට සිදුව තිබෙනවා. මෙවැනි රටේ නීතිය දුබල කරපු තැනකට කළු සල්ලිකාරයින්, ජාවාරම්කාරයින් කඩා වදින්න ඉඩකඩ තිබෙනවා. කළු සල්ලි සුදු කරන තැනක් ජාවාරම්කාරයින්ගේ තිත්පොළක් වෙනවා. රටේ ආණ්ඩු පෙරළන, ජනාධිපති මාරු කරන කුමන්ත්‍රණ සිදුවන තැනක් බවට මෙය පත්වෙනවා. ඒ වෙනුවෙන් කළු සල්ලි පොම්ප කෙරෙන තැනක් බවට මෙය පත්විය හැකියි.

මෙය රටක් ඇතුළට අපි දමා ගන්නා බරපතළ අනතුරක් බව කිව හැකියි. ඒ අනතුර ඇතිවී තිබෙන්නේ භූමියෙන් නොවෙයි. රටේ ස්වෛරීත්වය අත්හැරපු පනතෙනුයි. මෙතනට එන්න ඉන්න ජාවාරම්කාරයින් සතුටු කරන්න, චීනය සතුටු කරන්න මිසක් මේක රට වෙනුවෙන් හෝ ජනතාව වෙනුවෙන් හදපු දෙයක් නෙමෙයි. ඒ නිසා පෝට් සිටිය පිළිබඳව හදන හීනවලට නොරැවටෙන ලෙසත් රටට පාලනය කළ නොහැකි බිම්කඩක් නිර්මාණය වීමේ අනතුරට එරෙහිව පෙරට එන ලෙසත් ජනතාවගෙන් ඉල්ලනවා.”

මෙම පාලකයින් මෙහෙයවමින් තිබෙන්නේ කොතැනින්ද යන්න පෝට් සිටි පනතින් පැහැදිලියි

පාර්ලිමේන්තු මන්ත්‍රීනි හරිනි අමරසූරිය

“පෝට් සිටි ව්‍යාපෘතියට ආරම්භයේ සිටම ජනතාවගේ විරෝධතා එල්ල වුණා. අදටත් එහි පාරිසරික බලපෑම් හේතුවෙන් ධීවරයින් පීඩාවිඳිමින් ඉන්නවා. ඇත්තටම මෙම ව්‍යාපෘතිය මේ වන විට ප්‍රතික්ෂේප වූ සංවර්ධන ආකෘතියේම කොටසක්. මෙයට එරෙහිව නැගුණු විරෝධතා නිසා මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ සහ එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව මෙය නතර කරන බවට පොරොන්දු වුවත් ආර්ථික සංවර්ධන ව්‍යාපෘතිය නමින් ඉදිරියට ගෙන ගියා.

දැන් මේ විරෝධතා මධ්‍යයේ ඉදිරිපත් කරනු ලබන පෝට් සිටි පනත මගින් විසඳෙන්නේ කාගේ ප්‍රශ්නදැයි බැලිය යුතුයි. මේ වන විට අලි මිනිස් ගැටුම හේතුවෙන් ජනතාව පීඩාවිඳිමන් ඉන්නවා. ක්ෂුද්‍ර මූල්‍ය ණය ගැටලුවට විසඳන ලෙස ඉල්ලා ජනතාව උපවාස කරමින් ඉන්නවා. වස විස නැති ආහාර ලබාගැනීම නොහැකි වීම ඇතුළු ගැටලු ගණනාවකින් ජනතාව පීඩා විඳිමින් ඉන්නවා. විසඳුම් ලැබිය යුත්තේ මෙම ගැටලුවලටයි. මේ කිසිදු ගැටලුවක මෙම පනතින් පිළිතුරු ලැබෙන්නේ නැහැ. ඒ අනුව ආණ්ඩුව ප්‍රමුඛතාව ලබා දෙන්නේ කාගේ ප්‍රශ්න විසඳන්නද කියන එක ඉතාම පැහැදිලියි. සැබැවින්ම ආණ්ඩුව තමන්ගේ සහ තම සමීපතමයින් පිරිසකගේ ගැටලු විසඳා ගැනීමට යනවා.

දැන් මෙම පෝට් සිටි භූමිය තුළ අධ්‍යාපනය ලබා දෙන පාසල් උසස් අධ්‍යාපන ආයතන, රෝහල්, විනෝදාස්වාදය ලබාදෙන මධ්‍යස්ථාන ඉදිවෙනවා. මේවායින් පහසුකම් ලැබීමට මේ රටේ පොදු ජනතාවට කිසිදාක හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඔවුන් පෙළන ප්‍රශ්නවලට විසඳුම් ගෙනෙන්නේ නැහැ. සැබැවින්ම බල අරගලයේ කොටසක් වීම මගින් අමතර ප්‍රශ්න ප්‍රමාණයක් නිර්මාණය වී තත්වය උග්‍ර වනවා පමණයි.

පෝට් සිටිය ස්වෛරීභාවයට අදාළ වන ආකාරය පසුගියදා පාර්ලිමේන්තුවෙන් අපේ දුරකථනවලට ලැබුණු එස්එම්එස් පණිවිඩයෙන්ම පැහැදිලියි. එහි සඳහන් වුණේ පෝට් සිටිය නැරඹීම සඳහා චීන තානාපති කාර්යාලය මගින් යොදාගෙන තිබූ චාරිකාව කල් දමා ඇති බවයි. තානාපති කාර්යාලය එවැනි චාරිකාවක් සූදානම් කර ඇති බව අපි දැන ගත්තේත් එමගින්. ඒ අනුව මෙම පාලකයින් මෙහෙයවමින් තිබෙන්නේ කොතැනින්ද යන්න පැහැදිලියි.

සමහරු මෙය චීන කොලනියක් නොවන බව කියනවා. අපට ප්‍රශ්නය ඇත්තේ මෙය චීනද ඇමරිකාවද ඉන්දියාවද කියන එක නෙමෙයි; අපට රට අදාළ නැහැ. දේශපාලන පක්ෂ, ජනතා නියෝජිතයින් ලෙස අප මේ දෙස බලන්නේ මේ ව්‍යාපෘතිය විසින් රටේ ජනතාවට ලබා දෙන්නේ කුමක්ද යන්න අනුවයි. අපට පෙනෙන්නේ මින් කිසිසේත් ජනතාවගේ ප්‍රශ්න නොවිසඳෙන බවයි. ඒ වගේම වසර 05ක කාලයකට බලයට එන ආණ්ඩුවකට මේ කාලයට පමණක් නොව ඉපදීමට සිටින පරම්පරාවලට බලපාන තීරණ ගන්න අයිතියක් නැහැ. මෙම පනත සම්මත කිරීමට පෙර ජනතාවගෙන් නැවත වරක් අනුමැතිය ලබා ගත යුතු යැයි අපි ආණ්ඩුවට අවධාරණය කරනවා.”

කළු සල්ලි සුදු කරන පැනමාවක් වීමට අපට අවශ්‍ය නැහැ

සාහිත්‍යවේදී කීර්ති වැලිසරගේ

“ඇමරිකා එක්සත් ජනපදය සහ සහ සෝවියට් සංගමය අතර යුදමය තරගයක් පවතිද්දී අපි ලෝකය තුළ නොබැඳි රටක් ලෙස පැවතියා. නමුත් අද ලෝක ආර්ථික හා දේශපාලන පොරපිටිය මැද අප ලේ ගලන ගොදුරක් බවට පත්වී තිබෙනවා. ආණ්ඩුවේ මැති ඇමතිවරු අද කිසිදු හිරිකිතයකින් තොරව චීනය අපට ඕනෑ තරම් ණය දීමට සූදානම් යැයි පවසනවා. නමුත් මේ ණය දෙන්නේ ගම්වල ණය දෙන්නන් පරිදිම ඉඩම සින්නක්කර ලියා ගැනීමේ අපේක්ෂාවෙන් බව ඔවුන්ට තේරෙන්නේ නැහැ.
ජනතාව ආණ්ඩුවට ඡන්දයෙන් ලබා දී තිබෙන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළ නීතිය ක්‍රියාත්මක කිරීමේ බලයයි. නමුත් මෙම පෝට් සිටි පනතින් ආණ්ඩුව ඉන් ඔබ්බට යාමට සූදානම් බව පෙන්වා තිබෙනවා. එම නිසා නැවත ජනතාවගේ අනුමැතිය ඊට ලබා ගත යුතුයි.

සෞදි ආරාබියේ ෆාම් අයිලන්ඩ්, සිංගප්පූරුව වැනි තැන්වල මෙවැනි ඉදිකිරීම් කර තිබෙනවා. ඒවායේ ප්‍රාග්ධනය සහ ප්‍රතිලාභ එම රටවලට අයත්. එහෙත් එවැනි හැකියාවක් නොමැති පැනමාව වැනි තැනක් විදේශීය ජාවාරම්කාරයින්ගේ ග්‍රහණයට හසුවී තිබෙනවා. කළු සල්ලි සුදු කරන පැනමාවක් වීමට අපට අවශ්‍ය නැහැ. කළු සල්ලි සුදු කරන, ජාවාරම්කාරයින්ගේ භූමියක් නිර්මාණය කිරීමට ආණ්ඩුවට කිසිවෙක් බලයක් දී නැහැ. ආණ්ඩුව මෙය හුදු විරෝධයක් ලෙස පමණක් නොසිතිය යුතුයි. මෙම නීති රටේ ජනතාවට අවශ්‍ය ලෙස වෙනස් කිරීමට පියවර ගත යුතුයි.”

Show More

“Let her breathe freely!”

The Face book post published by NPP Parliamentarian Dr Harini Amarasuriya regarding the barren conversations targeting Bhagya Abeyratne,who spoke out against the destruction taking place to the Sinharaja, has drawn the attention of the political sector.Harini, in her post, states, “The unrest around Bhagya is exposing us one by one to the most despicable attitudes […]

The Face book post published by NPP Parliamentarian Dr Harini Amarasuriya regarding the barren conversations targeting Bhagya Abeyratne,who spoke out against the destruction taking place to the Sinharaja, has drawn the attention of the political sector.
Harini, in her post, states, “The unrest around Bhagya is exposing us one by one to the most despicable attitudes in our society.
First, please stop treating her, who is a 19-year-old young woman, as a baby. She has demonstrated her ability to hold independent opinions and articulate her ideas and her ability to speak up boldly for her own understanding. Second, government officials’ questioning of her shows their inability to deal with confident adolescents. When challenged by talented, courageous young people, they intimidate and threaten. Third, the way both agree and oppose her in the media, glorifying her as a mere commodity and glorifying her as a person who cannot act independently, once again shows the absurdity of the Sri Lankan media

Fourth, the shaking of the entire establishment by a single public protest by a 19-year-old girl shows the cowardice and distrust of our ‘leaders’. Finally, this incident clearly shows us our huge social gaps. Bhagya was not the first (or last) 19-year-old to speak in public. But she comes from a background that exposes her to all of the above.

How many of her peers in more comfortable and safer backgrounds would gather around her? Are they at least aware of this incident, even those who say they care as much about the environment? It is futile to continue claiming that her statement was screened when it appears to be factually correct.
Bhagya by no means need be a victim of harassment and slander. And she is not a helpless person who needs help. Certainly not someone who should be discarded when used and obsolete. Bhagya has shown us that not all hopes for our country are dashed. We can still produce young people like her means that we can still hold out hope. Let her take the lead and awaken the minds of the people. Let her grow. Let her breathe freely.
Meanwhile, many groups have started to rally around Bhagya condemning the harassment and the investigation being carried out by the authorities.
The Socialist Youth Union (SYU) staged a silent protest opposite the Human Rights Commission in Colombo, demanding an investigation for violating the rights of Bhagya Abeyratne.
“We will not remain silent if anyone attempts to lay a hand on those who stand up against environmental destruction,” said Anjana Sampath Amarasinghe from the Socialist Youth Union (SYU), adding the government has no right to take away the people’s right to breathe fresh air.

Show More

කළු ඉරිදාවට ජාතික ජන බලවේගයේ සහාය

යුක්තිය වෙනුවෙන් හඬ නැගීම පොදු මානවීය අයිතියක් බව සඳහන් කරන ජාතික ජන බලවේගය පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් ශ්‍රී ලාංකේය කතෝලික සභාව යුක්තිට ඉල්ලා සිටින 2021 මාර්තු 07වැනි කළු ඉරිදාවට ජාතික ජන බලවේගය ලෙස පූර්ණ සහයෝගය පළ කරන බව සඳහන් කරයි. තවමත් ප්‍රමාද නොකර මේ පිටුපස සැඟව සිටින මහ මොළකරු/මොළකරුවන් හා වැරදිකරුවන් හෙළිදරව් කර, ලේ කඳුළට […]

යුක්තිය වෙනුවෙන් හඬ නැගීම පොදු මානවීය අයිතියක් බව සඳහන් කරන ජාතික ජන බලවේගය පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් ශ්‍රී ලාංකේය කතෝලික සභාව යුක්තිට ඉල්ලා සිටින 2021 මාර්තු 07වැනි කළු ඉරිදාවට ජාතික ජන බලවේගය ලෙස පූර්ණ සහයෝගය පළ කරන බව සඳහන් කරයි. තවමත් ප්‍රමාද නොකර මේ පිටුපස සැඟව සිටින මහ මොළකරු/මොළකරුවන් හා වැරදිකරුවන් හෙළිදරව් කර, ලේ කඳුළට නෛතිකව යුක්තිය ඉටු කරන ලෙස ආණ්ඩුවට හා අදාළ නීති අංශවලට බලකර සිටින බවද ජාතික ජන බලවේගය සඳහන් කරයි.

එම පක්ෂය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරන අතර සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහතින් පල වේ…

“පාස්කු කඳුළට යුක්තිය ඉටුවිය යුතුයි! කළු ඉරිදාවට සහය පළ කරමු!

2019 අප්‍රියෙල් 21 දිනය ලාංකේය අපට කිසිදා අමතක කළ නොහැක. ක්‍රිස්තු භක්තිකයන් ක්‍රිස්තූත්ථානය සමරන එම උතුම් දිනයේදී එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරය හේතුවෙන් අහිංසකයෝ තුන්සියයකට ආසන්න සංඛ්‍යාවක් මිය ගියහ. තවත් පන්සියයකට අධික පිරිසක් තුවාල ලැබූ අතර ඇතැමෙක් සදාකාලික ආබාධිතයෝ වූහ. මේ නින්දිත ප්‍රහාරය කිතුනු ලබ්ධිකයන් තුළ මෙන්ම සමස්ත දේශය තුළ මතු කළ කඳුළේ බර සුළුපටු නොවේ.

මෙය එවකට පැවති ආණ්ඩුවේ හා රාජ්‍ය බලධාරින්ගේ නොසැලකිල්ල නොවන්නට වළක්වා ගත හැකිව තිබූ බව දැන් කිසිවෙකුටත් රහසක් නොවේ. වින්දිතයන් වෙනුවෙන් යුක්තිය පසිඳළනු පිණිස එවකට පැවති ආණ්ඩුවද, එම ප්‍රහාරයේ වේදනාවට ගොඩවී සිංහාසනයට පැමිණි වත්මන් ආණ්ඩුවද ඒ පිළිබඳව කළ එකම කාර්යය වූයේ පාස්කු කොමිසමය.

පාස්කු කොමිසමේ අවසන් වාර්තාව දැන් නිකුත් වී ඇත. එහෙත් කොමිසම් සභා හා කොමිසම් සභා වාර්තා යටගැසීම තුළ එහි වරදකරුවන් හා මහා මොළකරුවන්ද දේශපාලන බලය වෙනුවෙන් අන්තවාදය පාවිච්චි කළවුන්ද සැඟව නොපෙනී යන ඓතිහාසික සන්දර්භයක් තුළ මෙම අවස්ථාවේදී ද වින්දිතයන්ට සාධාරණයක් ඉටු නොවන බව පොදු අදහස බවට පත්ව ඇත. එමෙන්ම පාස්කු කොමිසම් වාර්තාවද තවත් ප්‍රහේළිකා මතු කරනු විනා ප්‍රහේලිකාව විසඳා නැති බවද ඒ පිළිබඳව විවිධ පාර්ශ්වයන්ගෙන් නැගෙන මැසිවිල්ලයි.

යුක්තිය වෙනුවෙන් හඬ නැගීම පොදු මානවීය අයිතියකි. උක්ත සන්දර්භය තුළ අදාළ ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් ශ්‍රී ලාංකේය කතෝලික සභාව 2021 මාර්තු 07වැනි දින කළු ඉරිදාවක් කර යුක්තිය ඉල්ලා සිටී. ජාතික ජන බලවේගය ලෙස ඊට අපගේ පූර්ණ සහයෝගය පළ කරන අතර තවත් ප්‍රමාද නොකර මේ පිටුපස සැඟව සිටින මහ මොළකරු/මොළකරුවන් හා වැරදිකරුවන් හෙළිදරව් කර, ලේ කඳුළට නෛතිකව යුක්තිය ඉටු කරන ලෙස ආණ්ඩුවට හා අදාළ නීති අංශවලට බලකර සිටිමු.

ජාතික ජන බලවේගය
2021.03.03″

Show More