Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

NPP News

පාර්ලිමේන්තු නියෝජිතයන් හැටියට සදාචාර සම්පන්නව අනුර සහෝදරයාට ඡන්දය දෙන්න

ප්‍රතිගාමී රාජපක්ෂ පාලනය පලවා හැරීමෙන් හිස්ව තිබෙන ජනාධිපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පත්කර ගන්නා ලෙස ජන නියමු කලාකරුවෝ ඉල්ලා සිටිති. අද (18) බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ජන නියමු කලාකරුවෝ සංවිධානය මෙම ඉල්ලීම කරනු ලැබීය. එම මාධ්‍ය හමුවට සහභාගී වූවන් පළ […]

ප්‍රතිගාමී රාජපක්ෂ පාලනය පලවා හැරීමෙන් හිස්ව තිබෙන ජනාධිපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පත්කර ගන්නා ලෙස ජන නියමු කලාකරුවෝ ඉල්ලා සිටිති.

අද (18) බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ජන නියමු කලාකරුවෝ සංවිධානය මෙම ඉල්ලීම කරනු ලැබීය. එම මාධ්‍ය හමුවට සහභාගී වූවන් පළ කළ සම්පූර්ණ අදහස් පහත දැක්වේ.

තාවකාලික රජයේ ජනාධිපති හෝ අගමැති මගින් රාජපක්ෂ පාලනය පිළිබිඹු නොවිය යුතුයි


මහාචාර්ය හිනිදුම සුනිල් සෙනවි

ලංකාවේ දේශපාලනය සහ එහි අනාගතය වැදගත් පරිවර්තනීය මොහොතකට පත්වී ඇති අවස්ථාවක සමාජ සංස්කෘතික ක්ෂේත්‍රයේ කටයුතු කරන ජීවීන් හැටියට මේ මාධ්‍ය හමුව පවත්වනවා. මේ නිශ්චිත මොහොතේ ලංකාවේ පුරවැසියන්ට සහ පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන්ට කියන්න කතාවක් තියෙනවා. ජූලි මාසයේ 20වැනිදා පාර්ලිමේන්තුව ඇතුළතින් ජනාධිපතිවරයෙකු පත්කර ගැනීමට නියමිතයි. දැනට තිබෙන නීති රීති සහ ව්‍යවස්ථාව අනුව ජනාධිපති පත්කර ගන්නවා. ජන නියමු කලාකරුවන් හැටියට මේ සම්බන්ධයෙන් කියන්න අදහසක් අපට තිබෙනවා. ශ්‍රී ලංකාවේ මේ මොහොත නූතන දේශපාලනයේ කිසිකලෙක බිහි වූ මොහොතක් හෝ පරිකල්පනය කළ හැකි මොහොතක් හෝ නොවෙයි. හිටපු ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ ජීවත් වෙන්න තැනක් සොයමින් රට යන සරණාගතයෙක්. අප සියලු දෙනාගේ ජීවිතවලින් දායක වුණු අප දුටු සුන්දරම දර්ශනය වන පොදු ජන අරගලයකින් ජනාධිපතිවරයා පළවා හැරියා. නමුත් පොදු ජනයාගේ ප්‍රාර්ථනා විනාශ කරමින් රනිල් වික්‍රමසිංහ කියන තැනැත්තා බලයක් අතට අරගෙන ඉන්නවා.
මහජන අරගලයේදී කම්පනීය මරණ, තුවාල සිදුකිරීම්, සිරගත කිරීම්, ඇතුළත් ලෙයින්, කඳුලින්, දහදියෙන් ලියවූවක්. මේ සියලු දෙනා ඉල්ලුවේ රාජපක්ෂ පවුල මගින් ජනිත වූ අධම දූෂිත සංස්කෘතිය තුරන් කරන්න කියලයි. සොරකම් කළ ධනය පවරා ගන්න කියලයි. අපරාධකරුවන්ට දඬුවම් දෙන්න කියලයි. අන්තර්කාලීන තාවකාලික රජයක් පිහිටුවා ගත යුතු වෙන්නේ දැනට තිබෙන පාර්ලිමේන්තුවෙන්මයි. තාවකාලික රජයක් පත්විය යුත්තේ ජීවිත මඳකට හෝ ඔසවා තබන්නයි. ඒ පරම අවශ්‍යතාව එතන තිබෙන්නට ඕනෙ. ඒ පත්වන ජනාධිපති හෝ අගමැති තුළින් මහජන අරගලයේ අභිලාෂ පිළිබිඹු කළ යුතුයි. පළවා හැරි රාජපක්ෂ චෞර දේශපාලන සංස්කෘතිය කිසිලෙසකින් පිළිබිඹු නොවිය යුතුයි. එහෙම වුණොත් නූතන ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලම දේශපාලන ව්‍යසනය බවට පත්වෙනවා. මේ මැතිවරණයේදී ඡන්ද බලය හිමිවන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට. ඔවුන්ගේ ඉතිහාසය ගැන, මුදලට විකිණීම ගැන අපි සියලු දෙනාම දන්නවා. මේ අය කෙසේ හැසිරෙයිද කියලා මුළු මහත් ජනතාවටම විශාල සැකයක් තිබෙනවා. ඒ නිසා අපි බලකරන්නේ කරුණාකර ඔබ මහජන මතය නියෝජනය කරන්න කියලයි. මහජන අරගලයේ අපේක්ෂා නියෝජනය කරන්න කියලයි.
රනිල් වික්‍රමසිංහ ඇතුළු අවතාර සියල්ලම ආරක්ෂාකරන සුළු තැනකට ගමන් කරන්නේ නම්, ජනතාව තුළින් ප්‍රතික්ෂේප වෙනවා. නැවත වරක් අරගලය සක්‍රීය වෙනවා. අරගලයේ සාරය ගැබ්වුණු පුරවැසි අභිලාෂ ඉටුකරන අපේක්ෂකයෙක් හැටියට ඉන්නේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා පමණයි. වර්තමාන වැඩ බලන ජනාධිපති මෙම අරගලයට කීවේ ෆැසිස්ට්වාදී අරගලයක් කියන අධම කතාවයි. ගෝලීය ශිෂ්ටත්වයට මුවාවෙලා මහජනතාව මුලාකරන්න රනිල් වික්‍රමසිංහට තවදුරටත් ඉඩ ලැබෙන්නේ නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කියන්නේ රනිල් වික්‍රමසිංහගේ රජයේ දෙපළක් නොවෙයි. ඔවුන් මිලියන 22ක් මහජනතාවගේ නියෝජිතයන්. ඉන්ධන සුළු මුදලකින් අඩුකර මහජනතාව රවට්ටන්න උත්සාහ කරනවා. රැවටීම සහ මර්දනය හැර වෙන කිසිවක් මේ ආණ්ඩු ප්‍රගුණකර නැහැ. ජාතික ජන බලවේගයේ අනුර කුමාර සහෝදරයා මහජන අභිලාෂයන් නියෝජනය කරන්න කැපවී ඉන්නවා. මේ වන විට ප්‍රාණවායුව අහිමිවි තිබෙන මහජනතාවගේ අභිලාෂයන් ඉටුකරන්නේ ඔහු පමණයි. ඒ නිසා අනුර දිසානායක සහෝදරයාට ඡන්දය ලබාදෙන ලෙස, වගකිවයුතු පුරවැසියන් ලෙස සියලු මහජන නියෝජිතයන්ට අපි බලකරනවා.

 
රනිල් වික්‍රමසිංහට ඡන්දය දෙන්න එපා කියලා බලකරන්න අයිතියක් මහජනතාවට තිබෙනවා.


රංගන ශිල්පිනී චමිලා පීරිස්


ජනතා අරගලයට සියුම්ව සම්බන්ධවීමට ලැබීම සම්බන්ධයෙන් සතුටට පත්වෙනවා. එහිදී විවිධ ගැටලුවලට මුහුණදී ජීවි අහිමිවූ සියලුදෙනා ආදරයෙන් මතක් කර, ආචාර කරනවා. 69 ලක්ෂයක් ඡන්දය දීලා පත්කළ ජනාධිපතිවරයෙක් ලක්ෂ හැටනවයකුත් තව පිරිසකුත් එකතු වී පළවා හැර තිබෙනවා. ඒක ලංකා ඉතිහාසයේ ජයග්‍රහණයක්. ඔවුන්ගෙන් දුකට, පීඩාවට පත්වූ අතිමහත් ජනතාව සම්බන්ධයෙන් කනගාටුවට පත්වෙනවා. අලුතින් ජනාධිපතිවරයෙක් මහජන නියෝජිතයන්ගේ ඡන්දයෙන් පත්කර ගැනීමට ලැබී තිබෙන අවස්ථාව ඔබලාගේ පෙර සිදුකළ වැරදි සිදුනොකරන්න අවස්ථාවක් කරගත හැකියි. රනිල් වික්‍රමසිංහ කියන්නේ හැටනව ලක්ෂයක් ප්‍රතික්ෂේප කළ මනුස්සයෙක්. එවැනි කෙනෙක් ප්‍රධාන පුටුවට පත්වීමේ තේරුම මොකක්ද? ඔහුව ප්‍රතික්ෂේප කළේ රාජපක්ෂලා එළවලා දැම්මේ මේ රට අගාධයට දැමූ නිසයි. රාජපක්ෂ වේශයෙන් නැවත පැමිණෙන අයට ඡන්දය නොදීමේ වගකීමක් මහජන නියෝජිතයන්ට තිබෙනවා. මහජන නියෝජිතයන් පත්කරන්නේ මහජනතාවගේ හඬ නියෝජනය කරන්න. රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ඡන්දය දෙන්න එපා කීමේ අයිතියක් ජනතාවට තිබෙනවා. මේ රට ගැන, දරුපරපුර ගැන, ආර්ථිකය ගැන, හිතන කෙනෙක්ව පත්කරන්න කියලා බලකිරීමේ අයිතියකුත් අපට තිබෙනවා. මැතිඇමතිවරුන්ට බලකරන මහජනතාවට දඬුවම් කරනවා කියලා රනිල් වික්‍රමසිංහ කියන්නේ කොහොමද?
ගමට එන්න බෑ කියන්නේ ගමට ආවාම පහර දෙනවා කියන එක නොවෙයි. නැවත ඡන්දය දෙන්නේ නෑ කියන එක. ඔහු රාජපක්ෂලා නියෝජනය කරමින් ජනතාව තවදුරටත් පීඩාවට පත්කරන පුද්ගලයෙක්. ඔවුන් අතර ජන අරගලයේ මතය නියෝජනය කරන පුද්ගලයෙක් ඉන්නවා. මහජනතාවගේ අයිතීන් වෙනුවෙන් කතා කරන පුද්ගලයා මේ පුංචි රට සුන්දර ස්වයංපෝෂිත, කායික, මානසික, සැනසිල්ලේ ජීවත්විය හැකි රටක් බවට පත්කිරීමට කැපවුණු අයෙක්.  ඔහු වෙනුවෙන් 20 වැනිදා ඡන්දය පාවිච්චි කරන්න කියලා මහජන නියෝජතියන්ගෙන් ඉල්ලා සිටිනවා. ජන අරගලයේ ඉල්ලීම් වූ ව්‍යවස්ථා සංශෝධනය, ඇතුළු සෑම දෙයක්ම කරන්න බලය අවශ්‍යයි. මහජනතාවට කළ හැකි උපරිම කැපකිරීම් කළා. දැන් නෛතිකව කළ යුතු දේ කිරීමට මහජන නියෝජිතයන්ට බලකිරීමයි අපි කරන්නේ. මොකුත් කරන්න බැරි නම්, රනිල්ට ඡන්දය නොදී ඉන්න. මේ පුංචි කාලය තුළ අත්හදා බලන්න අනුර දිසානායක සුදුසුයි. ඔහු ජනාධිපති ධුරයට පත්කිරීමෙන් සියලු දෙනාට යහපතක් වෙයි කියලා, අපි ඒ ඉල්ලීම කරනවා.

 
පාර්ලිමේන්තු නියෝජිතයන් හැටියට සදාචාර සම්පන්නව අනුර සහෝදරයාට ඡන්දය දෙන්න


සංගීතඥ නදීක ගුරුගේ


අධිරා්‍යවාදීන්ගෙන් ලංකාව නිදහස ලැබූ පසු, ගෙවුණු අවුරුදු 74 තුළ සිදුවුණු බරපතළම සමාජ, ආර්ථික කඩාවැටීම අපේ ඇස් ඉදිරිපිට සිද්ධ වුණා. ඒ අර්බුදය ජනතාව අත්විඳිමින් ඉන්නවා. අධ්‍යාපය, සෞඛ්‍යය, ප්‍රවාහනය, බරපතළ ලෙස බිඳවැටී තිබෙනවා. බඩු මිල ශීඝ්‍රයේ ඉහළ යමින් තිබෙනවා. ගෙවී ගිය කාලය පුරාම සිටි  පාලකයන්ගේ අසමත්භාවය මෙයින් පෙනෙනවා. ජනතාව අභිනවයෙන් තෝරාගත් පාලනය පසුගිය අවුරුදු දෙක පුරා කෙතරම් අසමත් කණ්ඩායමක් දැයි ඔප්පුකර තිබෙනවා. මේ නිසා ජනතාව එකතු වී හිටපු ජනාධිපතිවරයා පමණක් නොව ඒ මතවාදය නියෝජනය කළ සෑම කෙනෙක්ම ප්‍රතික්ෂේප කර තිබෙනවා. රට ගොඩගනිතැයි විශ්වාස කළ  ජනතාව ඉක්මනින්ම තේරුම් ගත්තේ පාලකයින් අතිශයින්ම අසමත් බවයි. ඒ නිසා සියලුම ජනතාව පාරට බැස ජනතාවගේ බලය පෙන්වූවා. ජනතාවට අවශ්‍ය වන්නේ වඩාත් විශ්වාසය තැබිය හැකි, රට ආර්ථික සහ සමාජීය වශයෙන් ඉදිරියට ගෙන යා හැකි කණ්ඩායමක් බව පැහැදිලි කර තිබෙනවා. අරගෙලයෙන් හෙළිදරව් වුණේ එයයි. දූෂණය, වංචාව නතර කළයුතු බවයි. කොල්ලකා ගන්නා ලද ජනතාවගේ සම්පත් සියල්ල ජනසතු කළ යුතු බවත් අවධාරණය කළා.
බොහෝ කාලයක් තිස්සේ ජනතා විමුක්ති පෙරමුණත් ජාතික ජන බලවේගයත්  වෙනත් කණ්ඩායම් කිහිපයකුත් මේ බව තරයේ අවධාරණය කළා. අවසානයේ ඒ කතාබහ අරගලයක් තුළින් ගෙනාවා. ඉන් අනතුරුව ලෝකය පුරාම මේ සාකච්ඡාව විවිධාකාරයෙන් පැතිරී ගියා. දැන් අවස්ථාව තිබෙන්නේ පාර්ලිමේන්තුව තුළින් ජන හිතවාදී පාලනයකට අවශ්‍ය මූලික සංඝටක දෙකක් තෝරා ගන්නයි. මේ දක්වා රට පාලනය කළ කණ්ඩායම් මාරාන්තික අසමත් බව ඔප්පුකොට තිබෙනවා. ඔවුන් නියෝජනය කරමින් ඉදිරිපත් වන අය මේ සම්බන්ධයෙන් බරපතළ ලෙස කල්පනා කළ යුතුයි. ජනතාව නැවත නැවතත් අර්බුදයට දමන්න ඔවුන්ට සදාචාරමය අයිතියක් නැහැ. මේ නිසයි අප කියන්නේ දැනට ඉදිරිපත් වී සිටින නියෝජතයන් 4දෙනා තුළින් අනුර කුමාර සහෝදරයා සදාචාර සම්පන්න අයිතිවාසිකමක් තුළින් ඉදිරිපත්වී සිටින බවයි. ජනතාව අසමත් පාලනය ප්‍රතික්ෂේප කළේ අනු කොටස්වලින් අලුත් පාලන ක්‍රමයක් හදන්න නොවෙයි. අනුර කුමර සහෝදරයාට හැර අනිකුත් නියෝජිතයන්ට වෙනත් ආර්ථික ක්‍රමෝපායක් නැහැ. අනුර කුමාර සහෝදරයා කළ ප්‍රකාශයක් උපුටා දක්වන්න මා වඩාත්ම කැමතියි.
ඔහු ඉතා බලවත් ලෙස කියා සිටියේ දේශපාලන අභිලාෂයකින් තොර, අනාගත දේශපාලන බල අභිලාෂයකින් තොර, දෙදෙනෙකු ජනාධිපති සහ අගමැති වෙනවා නම්, අපේක්ෂකත්වයෙන් ඉවත්වන බව කීවා. න්‍යායිකව සහ තාර්කිකව ගත්ත්ත් ඉතාමත් වැදගත් ප්‍රකාශයක්. ඒ වගේම තාවකාලිකව පිහිටුවන අන්තරවාර පාලනයකින් පසු ඡන්දයකට යා යුතුයි කියන ඉතාමත් හිතවාදී යෝජනාවත් ඉදිරිපත් කර තිබෙනවා. අනික් අපේක්ෂකයන් ඉදිරිපත් කර තිබෙන මතවාදයන් නිසා, රට වැටී තිබෙන ගැන පැහැදිලියි. තාමත් පාර්ලිමේන්තුව තුළ සිටින මහජන නියෝජිතයන් සදාචාර සම්පන්නව පෞද්ගලික අභිලාෂයන් පසෙක ලා ජනතාව ගැන කල්පනා කරන ලෙස පුරවැසියන් හැටියට අප බලපෑම් කරනවා. ඒ අයිතිවාසිකම ලංකාවේ මුළු ජනතාවටම තිබෙනවා. අනුර කුමාර දිසානායක වෙනුවෙන් මහජන නියෝජිතයන්ගේ ඡන්දය ලබාදෙන්න කියලා බලකර ඉල්ලා සිටිනවා.


ප්‍රතිගාමී පාලකයන් පළවා හැරි පසු අනුර කුමාර සහෝදරයාට ඡන්දය දෙන මෙන් ඉල්ලා සිටිනවා.


ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අසේල රංගජීව


ජන නියමු කලාකරුවන් වෙනුවෙන් අපි මේ ඔබ අමතන්නේ එක්තරා තීරණාත්මක අවස්ථාවක. සාමකාමී විශාල ජන අරගලයකින් පසු ප්‍රතිගාමී පාලකයන් පළවා හැර අලුත් කඩඉමක් උදාවී තිබෙනවා. මේ අවස්ථාවේ කූට දේශපාලනඥයන් අලුත් ගේම් ගහගෙන යනවා. මේ වෙලාවේ සිදුවෙමින් පවතින්නේ මෙතෙක් ලංකාවේ සමාජ දේශපාලන සංස්කෘතිය තුළ සිදුනොවූ අවස්ථාවන්. ජන අරගලයේ අභිලාෂයන් අමු අමුවේ උල්ලංඝනය කරමින් අරගලය ඇතුලෙන්ම මතු වුණු එක්තරා උගුලකට නතුවෙමින් සිටිනවා. අද වෙනකොට ප්‍රශ්නය විසඳා ගැනීමට සිදුවී තිබෙන්නේ පාර්ලිමේන්තුව ඇතුලේ වීමෙන් එය තහවුරු වෙනවා.  දැනට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් හතර දෙනාගෙන් තිදෙනෙක් මේ දේශපාලන ආර්ථික කඩා වැටීමට වගකිවයුත්තන්. අනුර කුමාර සහෝදරයා ගරා වැටෙන දේශපාලනයේ මගඩි, කුණුකන්දල් අවුස්සමින් ජනතාව අතරට ගෙනගිය කෙනා. ගෝල්ෆේස් අරගලය බිහිවෙන්නේ දීර්ඝ කාලයක් කළ, ඒ අරගලයේ ප්‍රතිඵලයක් හැටියට නූතන තරුණ පරම්පරාව සහ ජනතාව දැනුවත් වීම නිසයි. ඒ අරගලයට අදටත් අපි සහයෝගය දෙමින් සිටිනවා. ඒ ජයග්‍රාහී අරගලයේ අභිලාෂයන් එක්තරා ආකාරයකට පාර්ලිමේන්තුව ඇතුලේ අභියෝගයකට ලක්වෙමින් තිබෙනවා.
පාර්ලිමේන්තුවේ ඉන්නේ කෙසේ හෝ ජනතාවගේ ඡන්දයෙන් තේරී පත්වුණු මිනිස්සු ටිකක්. ඔවුන් සම්බන්ධයෙන් අපට විවිධ වාදවිවාද තිබෙනවා. ඒ මොන ප්‍රශ්න තිබුණත් තමන් මෙතෙක් කළ හදවතට එකඟ නොවූ දේවල් නිවැරදි කර ගන්න 20වැනිදා පාර්ලිමේන්තුවේදී අවස්ථාව උදාවී තිබෙනවා. මේ රටේ සහ ජනතාවගේ අභිලාෂයන් මුදුන්පත් කරගත හැකි අනුර කුමාර සහෝදරයා ඉදිරිපත් වී සිටිනවා. ඔහු ජයග්‍රහණය කරවන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. 20 වැනිදායින් පසුව අරගලකරුවන් සහ අපි නියෝජනය කළ සටන් පාඨ ජයග්‍රහණය කර ගැනීම වෙනුවෙන් පෙනීසිටිය යුතුයි. එසේ නොකළොත් මේ දක්වා කළ කැපකිරීම් දරාගත නොහැකි තත්වයකට අයාලේ යා හැකියි. ඒ  නිසා වගකීම් සහිතව කටයුතු කරමින් අවම වශයෙන් රට වැටී තිබෙන අර්බුදයෙන් ගොාඩගැනීමට අනුර කුමාර සහෝදරයාගේ නායකත්වය ශක්තිමත් කළ යුතුයි. පසුගිය කාලයේ රාජපක්ෂලාගේ නමක්වත් නොකියූ පුද්ගලයන් ජනාධිපති තරගයට ඇවිත් ඉන්නවා. ඔවුන් ගැන අපට කිසිම විශ්වාසයක් නැහැ. මහජන මුදල් කොල්ල කෑ අය වෙනුවෙන් ඔවුන් නීතිය ක්‍රියාත්මක කරයි කියලා අපි හිතන්නේ නැහැ. අපේ විශ්වාසය අනුර කුමාර සහෝදරයා වෙනුවෙන් ශක්තිමත්ව ලබාදිය යුතුයි.



අරගලයට සම්බන්ධ වූවන්ගේ මහජන සභාවකට එකඟ වූ අනුර කුමාරට ඡන්දය ලබාදෙන්න.

ආචාර්ය , නීතිඥ විශාකේෂ චන්ද්‍රසේකරම්

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අනුප්‍රාප්තික ජනාධිපති ලෙස පත්කර ගන්නා මෙන් අපි සියලු දෙනා ඉල්ලා සිටිනවා. මාස ගණනාවක කොළඹ දී ඈත ගම්දනව්වලදීත් ගුරුවරු, ගොවි ජනතාව, තරුණ තරුණියන්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන්, ඇතුළු විශාල පිරිසක් අරගල කළා. මේ අරගලය පුරාම ගෙනගිය පණිවිඩය වූයේ නව නායකත්වයක් සහ නව ක්‍රමවේදයක් තුළින් නව රටක් ගොඩනැගීමේ අවශ්‍යතාවයයි. මේ වෙනුවෙන් කෙටි කාලීනව ඉටුකළ යුතු කරුණු ගණනාවක් තිබෙනවා. එහි පළවෙනි පියවර හැටියට රාජපක්ෂ රෙජීමය පළවා හැරියා. ඊළඟට අරගලකරුවන් සහ අරගලකාරිනියන් එකතු වී පාර්ලිම්න්තුවට යෝජනාවලියක් ඉදිරිපත් කර තිබෙනවා. අර්බුදයෙන් ගොඩ ඒම සඳහා තාවකාලික අන්තර්කාලීන පාලනයක් ගොඩනැගීම, කෙටිකාලයකදී මහජන ඡන්දයක් පවතවා, අලුත් මහජන නියෝජිතයන්ගේ ආණ්ඩුවක් පිහිටු විය යුතුයි. ඒ ආණ්ඩුව තුළ අරගලකරුවන්ගේ මහජන සභාවක් පිහිටුවීමේ යෝජනාවට එකඟවී තිබෙන්නේ ජාතික ජන බලවේගය පමණයි. මේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අනෙකුත් කිසිදු නියෝජිතයෙක් එකඟතාව පළකර නැහැ. දූෂණයෙන් තොර පිරිසිදු පාලනයක් ඇතිකිරීම සම්බන්ධව ඉදිරිපත් කර තිබෙන යෝජනාවට ජාතික ජන බලවේගය හැර අනිකුත් කිසිවෙකුත් එකඟ වී නැහැ.

ඒ වගේම ඉතාම වැදගත් යෝජනාවක් වන මහජනතාව නියෝජනය වන යම්කිසි මහජන සභාවක් අන්තර්කාලීන පාලනය තුළ ස්ථාපිත කරන්නත් ජාතික ජන බලවේගය එකඟ වී තිබෙනවා. අනෙක් කිසිවෙකුත් එයට එකඟ වී නැහැ. අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් පත්කර ගන්නා නිලවරණයේදී ජනතාවගේ අභිලාෂයන්ට කන් නොදෙන සහ මහජන අරගලයේ අභිලාෂයන්ට කන් දෙන වශයෙන් දූෂිත නොවූ අනුර දිසානායක සහෝදරයා පමණක් සිටිනවා. ඔහු ජයග්‍රහණය කරවීමට සියලු දෙනාම කැපවිය යුතු බව අපි ඕනෑකමින් ඉල්ලා සිටිනවා.

-ලංකා ටෘත්

Show More

“අපේ diplomatic service එක විනාශ කරලා තියෙන්නේ”

වත්මන් රාජ්‍යතාන්ත්‍රික ක්‍රමය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති ආකාරය ගැන Dr. Harini Amarasuriya කතා කරන අතර ඔවුන්ගේ පක්ෂය ක්‍රමය වෙනස් කරන්නේ කෙසේදැයි පැහැදිලි කරයි.

වත්මන් රාජ්‍යතාන්ත්‍රික ක්‍රමය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති ආකාරය ගැන Dr. Harini Amarasuriya කතා කරන අතර ඔවුන්ගේ පක්ෂය ක්‍රමය වෙනස් කරන්නේ කෙසේදැයි පැහැදිලි කරයි.

Show More

“We had no intention of occupying the Parliament or breaking through the barrier”

Dr. Harini Amarasuriya explains their side of the story concerning the volatile situation which occurred on the 13th of July when the police fired tear gas to disperse people protesting near the Parliament’s entry road.

Dr. Harini Amarasuriya explains their side of the story concerning the volatile situation which occurred on the 13th of July when the police fired tear gas to disperse people protesting near the Parliament’s entry road.

Show More

Anura Dissanayake to Contest the Presidential Election in Parliament 

People of this country chased away the dictator’s rule of Gotabaya Rajapaksa, it was not a resignation he was chased away by a Peoples’ struggle.People have one the 1st battle but now the responsibility is back in parliament to establish a government in line with people’s demands. As NPP we tried hard to convince other […]

People of this country chased away the dictator’s rule of Gotabaya Rajapaksa, it was not a resignation he was chased away by a Peoples’ struggle.
People have one the 1st battle but now the responsibility is back in parliament to establish a government in line with people’s demands. As NPP we tried hard to convince other parties of the need to come to a common agreement. The demands of civil societies are very clear, they all demand an interim government with a common understanding. The need was to focus on immediate changes that are required to stabilize the country.
Therefore we proposed the current Speaker to be the president for the next short period and to elect a Prime minster and multi-party cabinet to carry out the agreed tasks and then go for an election as the current parliament does not represent the people’s will, This suggestion is common among most civil organization and the representatives of the Argalaya. However, there was no agreement among the opposition parties, and by Friday few candidates has been declared
Given no one is ready to represent the people’s demands we decided to step up for the occasion, NPP will represent the demands of the people of this county, people are demanding a clear plan and an interim government. We are willing to take up this challenge to lead the interim government to save this country. We will nominate comrade Anura Dissanayake for the presidential election in parliament and like to invite members of parliament and the public to support a common agenda with an interim government to bring this country to stability

Vijitha Herath National People s Power 

Show More

பல்லாயிரக்கணக்கான மக்களின்  எதிர்பார்ப்புக்களை ஈடேற்ற பாராளுமன்றத்தின் சனாதிபதி தேர்தலில்  தோழர் அநுர திசாநாயக்க போட்டியிடுகிறார்

தேசிய மக்கள் சக்தியின் பாராளுமன்ற உறுப்பினர் விஜித ஹேரத் சர்வாதிகார வெறிபிடித்த சனாதிபதி கோட்டாபய ராஜபக்ஸ இந்த நாட்டு மக்களின் பொதுவான போராட்டத்தினால் அதிகாரத்திலிருந்து நீக்கப்பட்டார்.  அது பதவிவிலகல் அல்ல. பொதுவான மக்கள் அதிகாரத்திலிருந்து நீக்கியமையாகும். நாட்டு மக்கள் எதிர்பார்த்த முதலாவது வெற்றி நிறைவு செய்யப்பட்டுள்ளது. இப்போது புதிய அரசாங்கமொன்றையும் சனாதிபதியையும் நியமிக்கும் பொறுப்பு பாராளுமன்றத்திடம் கையளிக்கப்பட்டுள்ளது. தேசிய மக்கள் சக்தி கடந்த சில தினங்கள் பூராவிலும் பொது இணக்கப்பாட்டுக்கு வருவதற்கான  பாரிய முயற்சியை மேற்கொண்டது. நாட்டு […]

தேசிய மக்கள் சக்தியின் பாராளுமன்ற உறுப்பினர் விஜித ஹேரத்

சர்வாதிகார வெறிபிடித்த சனாதிபதி கோட்டாபய ராஜபக்ஸ இந்த நாட்டு மக்களின் பொதுவான போராட்டத்தினால் அதிகாரத்திலிருந்து நீக்கப்பட்டார்.  அது பதவிவிலகல் அல்ல. பொதுவான மக்கள் அதிகாரத்திலிருந்து நீக்கியமையாகும். நாட்டு மக்கள் எதிர்பார்த்த முதலாவது வெற்றி நிறைவு செய்யப்பட்டுள்ளது. இப்போது புதிய அரசாங்கமொன்றையும் சனாதிபதியையும் நியமிக்கும் பொறுப்பு பாராளுமன்றத்திடம் கையளிக்கப்பட்டுள்ளது. தேசிய மக்கள் சக்தி கடந்த சில தினங்கள் பூராவிலும் பொது இணக்கப்பாட்டுக்கு வருவதற்கான  பாரிய முயற்சியை மேற்கொண்டது. நாட்டு மக்கள், சிவில் அமைப்புக்கள், போராட்டத்தில் கலந்துகொண்ட குழுக்களை உள்ளிட்ட அனைவரும் இடைக்கால பொது இணக்கப்பாட்டு அரசாங்கமொன்றை  நிறுவுமாறு கோரிக்கை விடுத்தார்கள்.  அத்தியாவசியமாக மேற்கொள்ளவேண்டிய பொருளாதார மற்றும் அரசியல் மறுசீரமைப்புகளை மேற்கொள்வதற்காக இடைக்கால அரசாங்கமொன்றுக்குச் செல்லுமாறு பொதுவான கோரிக்கையொன்று நிலவியது. அந்த அர்த்தத்தில் பாராளுமன்றத்தில் நடைபெறுகின்ற சனாதிபதியை தெரிவுசெய்வதற்கான போட்டியில் நிகழ்கால சபாநாயகரை அடுத்த காலப்பகுதிக்கான  அனைவரதும் இணக்கப்பாட்டுடன் நியமித்துக்கொள்ளுமாறு நாங்கள் முன்மொழிந்தோம். அனைவரதும் இணக்கப்பாட்டுனான இடைக்கால அரசாங்கமொன்றையும் அதன் பின்னர் அனைத்துக் கட்சிகளினதும் இணக்கப்பாட்டுடன் பிரதமரை நியமித்துக்கொள்ளவும் நாங்கள் முன்மொழிந்தோம்.   

அதன்பின்னர் தேர்தலொன்றை நடாத்தி அதன்மூலமாக புதிய உறுதியான அரசியல் கட்டமைப்பொன்றினை உருவாக்க வாய்ப்பு வழங்க வேண்டுமெனவும் நாங்கள் முன்மொழிந்தோம். சிவில் அமைப்புக்கள், பல்வேறு வெகுஜன அமைப்புகள் மற்றும் முனைப்பாக போராட்டத்தில் ஈடுபட்டிருந்த தரப்பினர்களினதும் முன்மொழிவுகளின் உட்பொருளாக அமைந்திருந்தது அனைவரதும் இணக்கப்பாட்டுடன்  இடைக்கால அரசாங்கமொன்றை நிறுவுவதற்காகும். அந்த இடைக்கால அரசாங்கம் பொது இணக்கப்பாட்டுடனான வேலைத்திட்டமொன்றை அமுலாக்குவதற்காகவே.  நாங்கள் அதற்காக நல்லெண்ணத்துடன் பாராளுமன்றத்தைப் பிரதிநிதித்துவம் செய்கின்ற அனைத்து அரசியல் தரப்புகளுடனும் கடந்த நாட்களில் பேச்சுவார்த்தைகளை மேற்கொண்டோம். ஆனால் அந்த முன்மொழிவுக்கு ஏனைய கட்சிகளின் பொதுவான இணக்கப்பாடு தெரிவிக்கப்படவில்லை. வெள்ளிக்கிழமை மாலையளவில் ஸ்ரீலங்கா பொதுஜன பெரமுணவின் பக்கத்தில்  ரனில் விக்கிரமசிங்க முன்வருவதாகவும் பாராளுமன்ற உறுப்பினர் டலஸ் அலஹப்பெரும தானும் சனாதிபதி போட்டிக்காக முன்வருவதாகவும் கூறப்பட்டது.   அதேவேளையில் எதிர்க்கட்சித்தலைவர் சஜித் பிரேமதாசவும் முன்வருவதாக கூறப்பட்டுள்ளது. சர்வகட்சி இடைக்கால அரசாங்கமொன்றை அமைத்துக்கொள்வது நடைமுறைச்சாத்தியமற்றது என்பது இதன்மூலமாக தெளிவாகின்றது. இந்த போட்டி காரணமாக இணக்கப்பாடு உருவாகப் போவதில்லை.  எனினும் எமது முயற்சியை முழுமையாக கைவிடவில்லை.

இணக்கப்பாட்டுக்கு வரமுடியாவிட்டால் இந்நாட்டின் பல்லாயிரக்கணக்கான மக்களின் எதிர்கால எதிர்பார்ப்பிற்காக தேசிய மக்கள் சக்தியின் இடையீடு அத்தியாவசியமானதாகும். அந்த தேவையை ஈடேற்றுவதற்காக பாராளுமன்றத்திற்கு உள்ளேயும் வெளியிலும் பல்வேறு இனத்துவங்களைச் சேர்ந்த  பல்வேறு அரசியல் கருத்தியல்களைக்கொண்ட ஆட்கள், நாட்டுக்கு வெளியில் இருக்கின்ற இலட்சக்கணக்கான இலங்கையர்கள் இன்று நாடு அடைந்துள்ள நெருக்கடியிலிருந்து பயணிக்கக்கூடிய தெளிவான உறுதியான அரசியல் கொள்கையொன்றைக் கோரிநிற்கின்றார்கள்.  அவர்கள் கோரிநிற்கின்ற, அவர்கள் முன்மொழிகின்ற உறுதிநிலையுடன் தொடர்புடைய தலைமைத்துவம் பற்றிய சவாலை ஈடேற்ற நாங்கள் தயார் என்ற செய்தியை வழங்குகிறோம். அதற்காக பாராளுமன்ற உறுப்பினர்களின் ஒத்துழைப்பு அத்தியாவசியமாகும்.  நாடு வீழ்ந்துள்ள பிரமாண்டான படுகுழியில் இருந்து மீட்டெடுக்கின்ற தலைமைத்துவத்தை ஏற்றுக்கொண்டு அந்த பொறுப்பினை ஈடேற்றுமாறு மக்கள் கோரிநிற்கின்ற சவாலை ஏற்றுக்கொள்ள தேசிய மக்கள் சக்தியின் தலைமைத்துவம் தயார்.   இதற்காக பாராளுமன்றத்திற்குள்ளே சனாதிபதியை தெரிவுசெய்கின்ற போட்டியில் எமது கட்சியின் தலைவர் தோழர் அநுர திசாநாயக்கவை நாங்கள் முன்னிலைப்படுத்துகிறோம். நாங்கள் தலைமைத்துவத்தை ஏற்கின்ற தருணத்தில் இருந்து அனைவரதும் இணக்கப்பாட்டுடன் நியமித்துக்கொள்கின்ற இடைக்கால அரசாங்கம் ஊடாக பொவான முன்மொழிவினை  அமுலாக்குகின்ற பொறுப்பினை ஏற்றுக்கொள்ள நாங்கள் யதார்.

பொது இணக்கப்பாட்டின், பொது வேலைத்திட்டமொன்றின் செயற்பாட்டுக்காக  எமக்கு ஒத்துழைப்பு வழங்குமாறு அனைத்துக் கட்சிகளையும் சேர்ந்த பாராளுமன்ற உறுப்பினர்களிடம் நாங்கள் வேண்டுகோள் விடுக்கிறோம். இந்த நாட்டின் நெருக்கடியிலிருந்து மீட்டெடுப்பதற்காக தேசிய மக்கள் சக்தியின் தலைவர் தோழர் அநுர திசாநாயக்கவிற்கு ஒத்துழைப்பு வழங்குவீர்களாயின் அந்த ஏனைய அரசியல் கட்சிகளுடனான பொது இணக்கப்பாட்டு வேலைத்திட்டத்தின் பேரில் ஒத்துழைப்புடன் நாட்டைக் கட்டியெழுப்ப நாங்கள் தயார். அதற்கான பொது இணக்கப்பாட்டுக்குவர தொடர்ந்தும் காலம் இருக்கின்றது. சர்வகட்சி அரசாங்கமொன்றில் சர்வகட்சி அமைச்சரவையைக் கொண்டதாக  தோழர் அநுர திசாநாயக்கவின் கீழ் நாட்டைக் கட்டியெழுப்ப நாங்கள் தயார். இந்த செய்தியை நாங்கள் அனைவருக்கும் வழங்குகின்றோம்.

ஏனைய கட்சிகளின் பாராளுமன்ற உறுப்பினர்களின் ஒத்துழைப்பினை நாங்கள் எதிர்பார்க்கிறோம்


தேசிய மக்கள் சக்தியின் பாராளுமன்ற உறுப்பினர் கலாநிதி ஹரினி அமரசூரிய 

கடந்த சில நாட்களுக்குள் அனைவரதும் இணக்கப்பாட்டின்பேரில் பாராளுமன்றத்தின் அனைவரதும் ஏற்றுக்கொள்கின்ற தலைமைத்துவத்தை சனாதிபதியாக நியமித்துக்கொள்ளவே நாங்கள் முயற்சி செய்தோம்.  இத்தருணத்தில் தோன்றியுள்ள நெருக்கடிகளுக்கான தீர்வாக அனைத்துக் கட்சிகளுடன் நாங்கள் பேச்சுவார்த்தை நடாத்தினோம். அதற்காக தோற்றினோம். பாராளுமன்றத்திற்கு வெளியில் தோன்றிய மக்கள் எதிர்ப்பு காரணமாகவே  கோட்டாபய ராஜபக்ஸவிற்கு சனாதிபதி பதவியைவிட்டு தப்பியோட நேர்ந்தது. நாட்டு மக்கள் பாரிய எதிர்பார்ப்புடனேயே இத்தருணத்தில் இருக்கிறார்கள். பலமாதங்களாக அவர்கள் புரிந்த போராட்டத்திற்குள்  பொருளாதார நெருக்கடிக்கு தீர்வு காண்பதைப்போலவே நீண்டகால அரசியல் மாற்றத்தை மேற்கொள்வதையும் அவர்கள் எதிர்பார்க்கிறார்கள். குறிப்பாக ராஜபக்ஸ குடும்பத்தினால் பிரதிநிதித்துவம் செய்யப்பட்ட ஊழல்மிக்க, வன்முறைசார்ந்த அரசியல் கலாசாரத்தை மாற்றியமைக்க வேண்டியதன் அவசியம் மிகவும் கடுமையாக மக்களிடமிருந்து வெளிப்படுகின்றது. வெளியில் இருந்து வருகின்ற போராட்டத்தின் கோரிக்கைகள் மற்றும் தாக்கங்கள் மீது பாராளுமன்றத்தில் இருக்கின்ற மக்கள் பிரதிநிதிகள் கூருணர்வுமிக்கவர்களாக இருக்கவேண்டும்.  ஆனால் எம்மால் இணக்கப்பாட்டினைப் பெற்றுக்கொள்ள முடியாமல் போனமையால் எமது கட்சியின் தலைவர் தோழர் அநுர திசாநாயக்கவை  19 ஆந் திகதி பாராளுமன்றத்தில் வேட்புமனுவில் முன்மொழிய நாங்கள் முன்வருகிறோம். நாட்டில் தோன்றியுள்ள எதிர்பார்ப்பினை தேசிய மக்கள் சக்திக்கும் அதன் தலைவர் தோழர் அநுர திசாநாயக்கவிற்கும் ஈடேற்ற முடியுமென்ற நம்பிக்கையில் நாங்கள் இதற்காக முன்வருகிறோம். 

ஊடகவியலாளர்களின் கேள்விகளுக்கான பதில்கள்

கேள்வி :-  பாராளுமன்ற உறுப்பினர்களின் ஒத்துழைப்பினைப் பெற்றுக்கொள்ள நீங்கள் நிபந்தனைகளை விதித்துள்ளீர்களா?

பதில் :- எமது எந்தவிதமான நிபந்தனைகளும் கிடையாது. இந்த பொறுப்பினை ஏற்றுக்கொள்ள எங்களுக்கு ஒத்துழைப்பினை வழங்குமாறு ஏனைய அரசியல் கட்சிகளைப் பிரதிநிதித்துவம் செய்கின்ற பாராளுமன்ற உறுப்பினர்களிடம் நாங்கள் கேட்டுக் கொள்கிறோம். நாடு வீழ்ந்துள்ள படுகுழியில் இருந்து மீட்டெடுக்க விரும்பினால் , இணங்கினால், அதற்குத் தலைமைத்துவம் வழங்க நாங்கள் தயார்.  அதற்காக எமக்கு எந்தவிதமான  நிபந்தனையும்  கிடையாது.  அவர்கள் இணங்கினால் ஏனையவர்களுடன் கூட்டான தீர்மானங்களை மேற்கொள்ள அமைச்சரவையையும் கட்டமைப்பொன்றையும் உருவாக்க நாங்கள் தயார்.  பாராளுமன்றத்திற்கு வெளியில் இருக்கின்ற தொழிற்சங்கங்கள், சிவில் அமைப்புக்கள், போராட்டக்காரர்கள்  மற்றும் பல்வேறு குழுக்கள் ஆகிய அனைவரது கருத்துக்களையும் முன்மொழிவுகளையும் பெற்றுக்கொண்டு நாட்டைக் கட்டியெழுப்புகின்ற பொறுப்பினை ஏற்றுக்கொள்ள நாங்கள் தயார்.  

கேள்வி :- கடந்த காலத்தில் ஏனைய கட்சிகளுடன் செயலாற்றுகையில் நிபந்தனைகள் இருப்பதாக கூறப்பட்டிருந்தது. இப்போது அது மாறிவிட்டதா?

பதில் :- இல்லை. இது பாராளுமன்றத்தின் ஊடாக சனாதிபதி பதவிக்காக தெரிவுசெய்கின்ற நடவடிக்கையாகும். இந்த பதவியை வகிக்க பாராளுமன்ற உறுப்பினர்களின் கருத்துக்களையும் முன்மொழிவுகளையும் பெற்றுக்கொள்ள வேண்டும். தேசிய மக்கள் சக்தியின் தனி அரசாங்கமொன்றை நிறுவிக்கொள்வதற்கான தருணம் இதுவல்ல.   அதற்காக பலரது கருத்துக்களையும் முன்மொழிவுகளையும் பெற்றுக்கொள்வதைப்போன்றே  அவர்களின் பங்களிப்புடன் நாட்டைக் கட்டியெழுப்புவதற்கான கூட்டு முயற்சியில் ஈடுபடவேண்டியுள்ளது.  அதற்காக தலைமைத்துவம் வழங்க தோழர் அநுர திசாநாயக்க முன்வருகிறார். 

இந்த ஊடக சந்திப்பில் தேசிய மக்கள் சக்தியின் செயலாளர் நிபுணத்துவ மருத்துவர் நிஹால் அபேசிங்கவும் பங்கேற்றார்.

Show More

පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරණයට අනුර දිසානායක

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ඒකාධිපති වියරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ රටේ ජනතාවගේ පොදු අරගලයෙන් බලයෙන් පහකළා. එය ඉල්ලා අස්වීමක් නොවේ. පොදු ජන අරගලයකින් බලයෙන් පහ කිරීමක්. රටේ ජනතාව බලාපොරොත්තු වුණු පළවෙනි ජයග්‍රහණය සම්පූර්ණ කර තිබෙනවා. දැන් නව ආණ්ඩුවක් සහ ජනාධිපතිවරයෙක් පත්කර ගන්න වගකීම පාර්ලිමේන්තුවට පැවරී තිබෙනවා. ජාතික ජන බලවේගය පසුගිය දින කිහිපය […]


ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්



ඒකාධිපති වියරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ රටේ ජනතාවගේ පොදු අරගලයෙන් බලයෙන් පහකළා. එය ඉල්ලා අස්වීමක් නොවේ. පොදු ජන අරගලයකින් බලයෙන් පහ කිරීමක්. රටේ ජනතාව බලාපොරොත්තු වුණු පළවෙනි ජයග්‍රහණය සම්පූර්ණ කර තිබෙනවා. දැන් නව ආණ්ඩුවක් සහ ජනාධිපතිවරයෙක් පත්කර ගන්න වගකීම පාර්ලිමේන්තුවට පැවරී තිබෙනවා. ජාතික ජන බලවේගය පසුගිය දින කිහිපය පුරාම පොදු එකඟතාවයකට එන්න විශාල උත්සාහයක් දැරුවා. රටේ ජනතාව, සිවිල් සංවිධාන, අරගලයට මැදිහත් වුණු කණ්ඩායම් ඇතුළු සියලු දෙනා අන්තර්කාලීන පොදු එකඟතා ආණ්ඩුවක් පිහිටුවන ලෙස ඉල්ලා සිටියා. අත්‍යවශ්‍යයෙන්ම සිදුකළ යුතු ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ සිදුකරන්න අන්තර්කාලීන ආණ්ඩුවකට යන ලෙස පොදු ඉල්ලීමක් තිබුණා. ඒ අර්ථයෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ජනාධිපතිවරයා තේරීමේ තරගයේදී වත්මන් කථානායකවරයා ඊළඟ කාල පරිච්ඡේදය සඳහා සියලු දෙනාගේ එකඟත්වයෙන් පත්කරන්න අපි යෝජනා කළා. සියලු දෙනාගේ එකඟත්වයෙන් අන්තර්කාලීන ආණ්ඩුවක් ඉන් අනතුරුව පිහිටුවන්න සහ අගමැතිවරයා සියලු පක්ෂවල එකඟතාවයෙන් පත්කර ගන්න අපි යෝජනා කළා.

ඉන් අනතුරුව ජනවරමක් පවත්වා එයින් නව ස්ථාවර දේශපාලන ව්‍යුහයක් ඇති කරගන්න අවස්ථාව ලබාදිය යුතු බව අපි යෝජනා කළා. සිවිල් සංවිධාන, විවිධ බහුජන සංවිධාන, සහ සක්‍රීයව අරගලයේ නියුතුව සිටි පාර්ශ්වවලත් යෝජනාවල හරය වී තිබුණේ සියලු දෙනාගේ එකඟතාවයෙන් අන්තර්කාලීන ආණ්ඩුවක් හදන්න. ඒ අන්තර්කාලීන ආණ්ඩුව පොදු එකඟතා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න. අපි ඒ සඳහා සද්භාවයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පාර්ශ්ව එක්ක පසුගිය දිනවල සාකච්ඡා කළා. නමුත් ඒ යෝජනාවට අනික් පක්ෂවල පොදු එකඟතාවක් පළවී නැහැ. සිකුරාදා සවස් වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැත්තෙන් රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කරන බවත්, ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා තමන්ද ජනපති තරඟයට එන බවත් ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාත් ඉදිරිපත් වෙන බව ප්‍රකාශ කර තිබෙනවා. සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවා ගැනීම ප්‍රායෝගිකව සිදු නොවන බව මේ අනුව පැහැදිලි වෙනවා. මේ තරගය නිසා එකඟතාවක් ඇති වන්නේ නැහැ. නමුත් අපේ උත්සාහය සම්පූර්ණයෙන්ම අත්හැර නැහැ.

එකඟතාවයකට එන්න බැරි නම් මේ රටේ සුවහසක් ජනතාවගේ අනාගත බලාපොරොත්තු වෙනුවෙන් ජාතික ජන බලවේගයේ මැදිහත් වීම අත්‍යවශ්‍යයි. ඒ උවමනාව ඉටුකිරීම සඳහා පාර්ලිමේන්තුව ඇතුලේ සහ එළියේත් විවිධ ජාතිකත්වයන්ට අයත් විවිධ දේශපාලන මත දරන පුද්ගලයන්, රටින් බැහැරව ඉන්න ශ්‍රී ලාංකිකයන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අද රට පත්වී තිබෙන අර්බුදයෙන් පියමං කළ හැකි පැහැදිලි ස්ථාවර දේශපාලන ප්‍රතිපත්තියක් ඉල්ලා සිටිනවා. ඔවුන් ඉල්ලා සිටින, ඔවුන් යෝජනා කරන ස්ථාවරත්වයට අදාළ නායකත්වය පිළිබඳ අභියෝගය භාරගෙන එම ක්‍රියාවලිය ඉටුකරන්න සූදානම් කියන පණිවිඩය අපි ලබාදෙනවා. ඒ වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහයෝගය අත්‍යවශ්‍යයි. රට වැටී තිබෙන දැවැන්ත ප්‍රපාතයෙන් ගොඩගන්නා නායකත්වය භාරගෙන එම වගකීම් ඉටුකරන ලෙස ජනතාව ඉල්ලා සිටින අභියෝගය භාරගන්න ජාතික ජන බලවේගයේ නායකත්වය සූදානම්. මේ වෙනුවෙන් පාර්ලිමේන්තුව ඇතුලේ ජනාධිපතිවරයා තේරීමේ තරගයේදී අපේ පක්ෂයේ නායක අනුර දිසානායක සහෝදරයා අපි ඉදිරිපත් කරනවා. අපි නායකත්වය භාරගන්නා මොහොතේ සිට සියලු දෙනාගේ එකඟත්වයෙන් පත්කර ගන්නා අන්තර්කාලීන ආණ්ඩුවක් හරහා පොදු යෝජනාවලියක් ක්‍රියාත්මක කිරීමේ වගකීම භාරගන්න අපි සූදානම්.
පොදු එකඟතාවයක, පොදු වැඩපිළිවෙළක ක්‍රියාකාරිත්වය වෙනුවෙන් අපිට සහයෝගය ලබාදෙන ලෙස සියලු පක්ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් අපි ඉල්ලා සිටිනවා. මේ රටේ අර්බුදය ගොඩගැනීම සඳහා ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සහෝදරයාට සහයෝගය ලබාදෙන්නේ නම්, ඒ අනිකුත් දේශපාලන පක්ෂ එක්ක පොදු එකඟතා වැඩපිළවෙළක් මත සහයෝගයෙන් රට ගොඩගන්න අපි සූදානම්. ඒ සඳහා පොදු එකඟතාවයකට එන්න තවදුරටත් කාලය තිබෙනවා. සර්වපාක්ෂික ආණ්ඩුවක සර්වපාක්ෂික කැබිනට් මණ්ඩලයකින් සමන්විතව අනුර දිසානායක සහෝදරයා යටතේ රට ගොඩනඟන්න සූදානම්. මේ පණිවිඩය අපි සියලුම දෙනා වෙත ලබාදෙනවා.



අනෙකුත් පක්ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහයෝගය අපි බලාපොරොත්තු වෙනවා..



ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය


පසුගිය දින කිහිපය තුළ අපි උත්සාහ කළේ සියලු දෙනාගේ එකඟතාවය මත පාර්ලිමේන්තුවේ සියලු දෙනාම පිළිගන්නා නායකත්වයක් ජනාධිපති හැටියට පත්කරගන්නයි. මේ මොහොතේ පැන නැගී තිබෙන අර්බුදවලට විසඳුමක් ලෙස මේ වෙනුවෙන් සියලු පක්ෂ සමග අපි සාකච්ඡා කළා. ඒ වෙනුවෙන් පෙනී සිටියා. ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති ධුරය අත්හැර පළා යන්න සිදුවුණේ පාර්ලිමේන්තුවෙන් පිට ඇතිවුණු ජනතා විරෝධය නිසයි. රටේ ජනතාව විශාල බලාපොරොත්තු සහිතව මේ මොහොතේ ඉන්නේ. මාස ගණනක් ඔවුන් කළ අරගලය තුළ ආර්ථික අර්බුදයට විසඳුම් සොයනවා වගේම දීර්ඝකාලීනව දේශපාලන පරිවර්තනයන් සිදුකිරීමත් ඔවුන් බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම රාජපක්ෂ පවුල විසින් නියෝජනය කළ දූෂිත, ප්‍රචණ්ඩ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ අවශ්‍යතාවය ඉතා තදින් ජනතාවගෙන් ඉදිරිපත් වෙනවා. පිටින් එන අරගලයේ ඉල්ලීම් සහ බලපෑම් කෙරෙහි පාර්ලිමේන්තුවේ ඉන්න ජනතා නියෝජිතයන් සංවේදී විය යුතුයි. නමුත් අපිට එකඟතාවයක් ලබාගන්න බැරිවුණු නිසා අපේ පක්ෂයේ නායක අනුර දිසානායක සහෝදරයාව 19වැනිදා පාර්ලිමේන්තුවේ නාම යෝජනා අතරට අපි ඉදිරිපත් කරනවා. රට තුළ ඇතිවී තිබෙන බලාපොරොත්තු ජාතික ජන බලවේගයටත් එහි නායක අනුර දිසානායක සහෝදරයාටත් ඉටුකරන්න පුළුවන් කියන විශ්වාසයෙන් අපි ඉදිරිපත් වෙනවා.


මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු



ප්‍රශ්නය:- මන්ත්‍රීවරුන්ගේ සහාය ගන්න ඔබලා කොන්දේසි පනවා තිබෙනවාද?
පිළිතුරු:- අපේ කිසිදු කොන්දේසියක් නැහැ. අනික් දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ වගකීම ගන්න අපිට සහයෝගය දෙන්න කියලයි. රට වැටී තිබෙන ප්‍රපාතයෙන් ගොඩගන්න කැමති නම්, එකඟ නම්, ඊට නායකත්වය දෙන්න අපි සූදානම්. ඒ වෙනුවෙන් අපේ කිසිදු කොන්දේසියක් නැහැ. ඔවුන් එකඟ නම් අනිකුත් අයත් එක්ක සාමූහික තීන්දු තීරණ ගන්න කැබිනට් මණ්ඩලයක් සහ ව්‍යුහයක් නිර්මාණය කරන්න අපි සූදානම්. පාර්ලිමේන්තුවෙන් එළියේ ඉන්න වෘත්තීය සමිති, සිවිල් සංවිධාන, අරගලකරුවන්, සහ විවිධ කණ්ඩායම් යන සියලු දෙනාගේ අදහස් හා යෝජනා ලබාගෙන රට ගොඩනැගීමේ වගකීම භාරගන්න අපි සූදානම්.

ප්‍රශ්නය:- පසුගිය කාලයේ අනිකුත් පක්ෂ සමග කටයුතු කිරීමේදී කොන්දේසි තිබෙන බව ප්‍රකාශකර තිබුණා. දැන් එය වෙනස් වෙලාද?
පිළිතුරු:- නැහැ. මේ තියෙන්නේ පාර්ලිමේන්තුව තුළින් ජනාධිපති ධුරයට තෝරා ගැනීමේ කටයුත්තක්. එම ධුරය දැරීමට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ අදහස් හා යෝජනා ලබාගත යුතු වෙනවා. ජාතික ජන බලවේගයේ තනි ආණ්ඩුවක් පිහිටුවීමේ අවස්ථාවක් නොවෙයි මේක. එවැනි තත්වයකදී විවිධ අයගේ අදහස් හා යෝජනා ලබාගැනීම වගේම ඒ අයගේ සහභාගිත්වයෙන් රට ගොඩනැගීමේ සාමූහික ප්‍රයත්නයක් දැරිය යුතු වෙනවා. ඒ වෙනුවෙන් නායකත්වය දෙන්න අනුර දිසානායක සහෝදරයා ඉදිරිපත් වෙනවා.


 
මෙම මාධ්‍ය හමුවට ජාතික ජන බලවේගයේ ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ ද සහභාගී විය.

Show More