පුරවැසියනි දෙමව්පියනි, ගුරු-විදුහල්පති අරගලයට උපරිම සහාය දෙන්න ශ්‍රී ලංකාවේ මේ වන විට ක්‍රියාත්මක වන ගුරු සහ විදුහල්පති අරගලය ඉතාම තීව්‍ර ස්ථානයකට පත් ව ඇත. 1997 සිට 2021 දක්වා වසර 24ක වැටුප් විෂමතා ඉතිහාසය පදනම් වූ අතිශය සාධාරණ අරගලයක් ලෙස මෙය හැඳින්විය හැකිය. ගුරු භුමිකාවේ හරය පිලිබඳ ව හෝ එහි වැදගත්කම මෙන් ම සමාජීය වශයෙන් හිමි […]
පුරවැසියනි දෙමව්පියනි,
ශ්‍රී ලංකාවේ මේ වන විට ක්‍රියාත්මක වන ගුරු සහ විදුහල්පති අරගලය ඉතාම තීව්‍ර ස්ථානයකට පත් ව ඇත. 1997 සිට 2021 දක්වා වසර 24ක වැටුප් විෂමතා ඉතිහාසය පදනම් වූ අතිශය සාධාරණ අරගලයක් ලෙස මෙය හැඳින්විය හැකිය. ගුරු භුමිකාවේ හරය පිලිබඳ ව හෝ එහි වැදගත්කම මෙන් ම සමාජීය වශයෙන් හිමි බලවත් බව ද පිලිබඳ ව අමුතු රචනා ලිවීමට අවශ්‍ය නැත. රටක තෘප්තිමත් ගුරුපරපුරක් සිටීම දරුවන්ගේ අධ්‍යාපනයේ සාර්ථකත්වය තීරණය වන බලවත් සාධකයක. ලොව බොහෝ දියුණු රටවල ගුරු වෘත්තියට හිමි වැටුප් තලය ඇතැම් විට දේශපාලනඥයන්ගේ, විනිසුරන්ගේ හෝ ඉංජිනේරුවන්ගේ වැටුපට වඩා ඉහලින් තැබූ අවස්ථා ද සිහි කළ හැකිය. ශිෂ්ටාචාරාමය අගයකින් යුතු ගුරුවරයාගේ භූමිකාව වැටුපක ඉලක්කම්වලට ලඝු කළ නොහැකිය. සත්‍යයට අවනත ව කල්පනා කළහොත් ලංකාවේ ගුරු වැටුප පවතින්නේ ඉතා ම දරිද්‍ර තැනකය. එය අවිවාදිත සත්‍යයකි. මෙම අරගලය මගින් ඔවුන් ඉල්ලන්නේ වැඩි වැටුප් නොව රජය මගින්ම පත්කළ උසස් කොමිසමක් මගින් නිර්දේශ කළ හිමි වැටුප ය. නොගෙවා පැහැර හැරි වැටුපය. ශ්‍රී ලංකාවේ දෙමාපියන් හා සියලු පුරවැසියන්ගෙන් අප නිශ්චිත ලෙස ඉල්ලා සිටින්නේ තම දරුවාගේ ආදරණීය ගුරුවරයා හුදෙකලා නොකරන ලෙස ය. මේ වන විට අරගලය නිසා අඩාළ වී ඇති අධ්‍යාපන ගැටලුව විසඳන ලෙස ආණ්ඩුවට බල කරන ලෙසය. ඔබ හා ගුරුවරයා අතර විරසකයක්, අනවබෝධයක් මවා නොමග යැවීමට කරන ජනමාධ්‍ය උපායන්ට මුලා නොවන ලෙසය. සත්‍ය ලෙසම මෙය අප රටේ පුරවැසියාගේ ප්‍රශ්නයකි. ඔබ මේ අරගලය හා එක්ව එය ආරක්ෂා කරමින් ඉතාම ප්‍රබුද්ධ ලෙස කටයුතු කළ යුතු බව අපගේ වැටහීමයි.
දශක ගණනාවක් මෙරට කර වූ ආණ්ඩු අප රට තීව්‍ර අගාධයකට යොමුකර ඇත. රටේ ඉරණම පවුල් කීපයක් අතට සහ අසාධාරණ ලෙස හදිසි ධන කුවේරයන් වූ කිහිපදෙනෙක් අතට පවරා ඇත. අතිවිශාල ඇමති මණ්ඩලයක් නිසා ජනිත වූ අතාර්කික වියදම්, බලය හා සුඛය උදෙසා දිනපතා කරන ධන නාශන, ඉතාම සරල ලෙස ද විවෘත ලෙස ද කරන මහා පරිමාන බදු වංචා සහ ගජමිතුරු සත්කාර නිසා අහිමි වන රාජ්‍ය ආදායම වැනි කරුණු කිහිපයක් කළමනාකරණයෙන් පමණක් වුව ද ගුරු ගැටලුව විසඳීමට අවශ්‍ය ප්‍රතිපාදන සොයාගත හැකිය.
දුෂ්කර ම මොහොතක ඔබේ දරුවාගේ ආදරණීය ගුරුභවතා ඔබේ මැදිහත්වීම ඉල්ලා සිටියි. එය කළ හැක්කේ ඔබේ ජීවිත කොල්ල කා ඇති මේ රෙජීමයට මුලා නොවීමෙනි. ගුරුවරයා තනි නොකිරීමෙනි. ගුරුවරුන්ගේ අරගලයට ඔබේ සහාය ලබාදීමෙනි. ජනනියමු කලාකරුවන් වන අපි එය ඔබෙන් ඉල්ලා සිටිමු. ගුරු අරගලයට ජය පතමු.
ජනනියමු මෙහෙයුම් කමිටුව වෙනුවෙන්
ශ්‍රී දළදා මාලිගාවේ රාජා. පනාමුරේ ඇත් රාජා, ගජබා වන්නම, ඔන්න බබෝ ඇතින්නියා වැනි නැළවිලි ගී විවිධ කාව්‍ය හා ගීත අලි ඇතුන්ට සම්බන්ධ සංස්කෘතික ගුණාංග හා සත්‍ය සිදූවීම් මතවූ නිර්මාණයන් ය. සංකෘතිකමය නිර්මානයන් බොහොමයකින් පෙන්වන කරුණ වනූයේ අතීතයේ සිට ශ්‍රී ලාංකීය සංස්කෘතිය අලින් සමග සමීපව කටයුතු කර ඇති බවයි. වර්තමානයේ දළ පූට්ටුවා, ඇත්දළ, අලි මිනිස් ගැටුම […]
ශ්‍රී දළදා මාලිගාවේ රාජා. පනාමුරේ ඇත් රාජා, ගජබා වන්නම, ඔන්න බබෝ ඇතින්නියා වැනි නැළවිලි ගී විවිධ කාව්‍ය හා ගීත අලි ඇතුන්ට සම්බන්ධ සංස්කෘතික ගුණාංග හා සත්‍ය සිදූවීම් මතවූ නිර්මාණයන් ය. සංකෘතිකමය නිර්මානයන් බොහොමයකින් පෙන්වන කරුණ වනූයේ අතීතයේ සිට ශ්‍රී ලාංකීය සංස්කෘතිය අලින් සමග සමීපව කටයුතු කර ඇති බවයි. වර්තමානයේ දළ පූට්ටුවා, ඇත්දළ, අලි මිනිස් ගැටුම අපට හුරු අලි සම්බන්ධ නිතර ඇසෙන විවිධවු ප්‍රවෘතීන්ය.
ශ්‍රී දළදා මාලිගාවේ රාජාගේ කතාන්දරය යම් ජාතිකත්ව සහජීවයක් පෙන්නුම් කිරීමක් සැඟව ඇත. රාජා ඉපදී ඇත්තේ මඩකලපු දිස්ත්‍රික්කයේ එරාවුර් ප්‍රදේශයේ කැලෑවකය. උමාරු ලෙබ්බේ පනික්කාර ප්‍රමුඛ මුස්ලිම් ජාතිකත්ව කණ්ඩායමක් මෙම ඇත් පැටවා ඇල්ලා 1925 දී ටිකිරි බණ්ඩා මාපිටිය දිසාවේට විකුණා ඇත. ප්‍රථමයෙන් මෙම ඇත්පැටවාට පනික්කාර් යන නම තැබූ අතර, පනික්කාර් පසුව රාජා විය. පසුව ටිකිරි බණ්ඩා මාපිටිය දිසාවේ විසින් උමාර් ලෙබ්බේ පනික්කාර්ලවා මෙම ඇත් පැටවා මනාව පුරුදු පුහුණු කර දළදා මාලිගාවට පූජා කරන ලදී. 1937 සිට 50 වතාවක් පෙරහැරේ ගමන්කර ඉන් 37 වතාවක් රන්දෝලි පෙරහරේ ශ්‍රී දළදා කරඬුව වැඩම කරවන ලදී. කිසි දිනෙක කලබලයක් සිදු නොකළ රාජා මංගල ඇතකු ලෙස ලොව ප්‍රචලිත විය. මෙම හේතුව නිසාවෙන්ම රාජා ජාතික වස්තුවක් ලෙස 1986 නම් කිරීමට ඡාතිවාදයෙන් උන්මත්තකව සිටි ධනපති නායකයන්ට සිදුවිය.
රාජාගේ ශික්ෂණය පුරුදු පුහුණු කළ උමාර් ලෙබ්බේ පනික්කාර් රු: 1000 නෝට්ටුවේ රාජා ළඟින් සිටගෙන සිටින ඡායාරූපයේ දැකිය හැකිය. වර්තමානයේ දළදා කරඬුව වැඳ පුදා ගන්නා උපාසක උපාසිකාවන් රාජාට ද නමස්කාර කරති. නමුත් බොහෝ උපාසක උපාසිකාවන්ට උමාර් ලෙබ්බේ ලා පැවතඑන මුස්ලිම් ඡාතිකත්‍වය අරහං කිරීමට ධනපති නායකයන්ට හැකියාවක් නිර්මාණය වී ඇත. මහනුවර, දිගන. අම්පාර, බේරුවල දර්ගා නගර වල මෑතකදී සිදුවූ සිද්ධීන් එය කදිම නිදසුන් වේ. මුස්ලිම් අන්තවාදී දේශපාලන කණ්ඩායම් ද මේ පිටුපස ඇතිවාම නොවන බව ද කිවයුතු කරුණකි. පෙර ඉතිහාසයේ ගජබා වන්නම, විවිධ වූ ජන කවි ශ්‍රී ලාංකීය සංස්කෘතිය අලංකරණය කර ඇත. අලි ඇතුන් මුස්ලිම් ජාතිකත්‍වයට, ද්‍රවිඩ ජාතිකත්‍වයට මෙන්ම සිංහල ජාතිකත්‍වයට ද පොදු සංස්කෘතික ලක්ෂණයකි.
වෙනත් මානයකින් විග්‍රහ කළවිට පනාමුරේ ඇත් රාජාට හිමිවනුයේ වෙනත් වූ සුවිශේෂී ස්ථානයකි. 1950 දී මඩුවන්වෙල දිසාවේට අයත් පනාමුරේ ඇත් ගාලට කොටු කරන ලද වන අලි 16 ක් වෙනුවෙන් සටන් කළ, දැවැන්ත ශක්තියකින් හෙබි හස්තියෙකි. මොහුගේ විශ්ෂත්වය වූයේ තම වර්ගයා මෙල්ල කිරීමට පැමිණෙන හීලෑ අලින් මෙන්ම ඔවුන් මෙහෙයවා මිනිසුන් සමග සටන් කොට තම සගයින් බේරා ගැනීමට උත්සාහ කිරීමයි. අවසානයේ ඔහුව වෙඩිතබා ඝාතනය කරන ලදී. මේ සමගම එවක සිටි ආණ්ඩුකාරවරයා ඇත් ගාල් තහනම් කර අලින් ඝාතනය කිරීම තහනම් කරන නියෝගයක් නිකුත් කරන ලද්දේ මෙම අලියා සිදූ කල සටන දැකීමෙනි. පනාමුරේ ඇත් රාජාගේ සටන දිවි පුදා ලද ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකි අතර, ධනපති ක්‍රමය විසින් පවත්වාගෙන එන ලද ක්‍රමවේදයක් ආපසු හරවන්නට හැකිවීම අලියකු විසින් සිදුකරන ලද සටහනක ප්‍රථිඑලයක් වීම ඉතිහාසගතවී ඇත. මෙම ස්වාන්ත සිදූවීම් දෙක වර්තමානයෙ මිනිස් සිත්තුල තැම්පත් වී ඇති ඇති අලි සම්බන්ඳ සිදූවීම් දෙකකි.
වර්තමානය වනවිට අලි මිනිස් ගැටුම උච්චතම අවස්ථාවකට පැමිණ ඇත. එය පසුගිය වසර 6 තුළ සිදුවූ අලි හා මිනිස් මරණ ප්‍රමාණය සැලකීමේදී අලි මිනිස් ගැටුම හේතුවෙන් දල වශයෙන් අලි 03 ක් මිය යන විට මිනිසුන් එක් කෙනෙකු මිය යයි. එය ප්‍රස්ථාරයකින් නිරුපනය කල විට
අලි සහ මිනිසුන් අතීතයේ ඉතා සහජීවනයෙන් ජීවත්වූ අතර, විවිධ වූ නිෂ්පාදන ක්‍රියාවලීන් හා ඉදිකිරීම් සඳහා අලි ඇතුන් යොදා ගනු ලැබීය. අතීතයේ එනම්, යටත්විජිත සමය වන විට ශ්‍රී ලංකාවේ අලි ගහනය 15000-20000 අතර සිටි බවට සාක්ෂි ඇත. සාමාන්‍යයෙන් අලියකු වසර 60-75 ජීවත්වන අතර බර කිලෝ ග්‍රෑම් 2000 -5500 දක්වා වේ. දිනකට ආහාර ලෙස කිලෝ ග්‍රෑම් 150-350 ආහාරයට ගන්නා අලියකතු ජලය ගැලුම් 25 -50 දක්වා වූ ප්‍රමාණයක් පානය කරයි.
අලියකු ආහාර, ලිංගික, පාරිසරික ආරක්ෂාව සඳහා සංචරනය කරයි. (දල වශයෙන් දිනකට කිලෝ මීටර 25 පමන දෛනික අවශ්‍යතා සදහා සංචරනය කරයි) සාමාන්‍යයෙන් අලියකු දිනකට පැය 15-16 ක්‍රියාකාරීව සිටී. අලින් වනාන්තර තුල ඉතා සාමකාමීව සැහැල්ලුවෙන් කාලය ගතකරයි. දැනට වසර 40,000 කට පමණ පෙර ජීවත් වූ මැමත්ගෙන් පරිණාමය වූ බව විශ්වාස කෙරෙන අලි ප්‍රධාන ලෙස අප්‍රිකා හා ආසියා මහාද්වීප තුළ ජීවත් වේ. අප්‍රිකානු අලි :ඔදංදාදබඒ ්රෙසජ්බ්* ආසියාතික අලි :ෑකැචය්බඑ ඵ්ංසපමි* ශරීර ලක්ෂණ අනුව වෙනස්ය. දැනට ශ්‍රී ලංකාව, ඉන්දියාව, නේපාලය, භූතානය, කාම්බෝජය, ඉන්දුනීසියාව, ලාඕසය, මැලේසියාව. මියන්මාරය, තායිලන්තය ආදී අටවල් 13 ක ආසියා මහාද්වීප තුළ අලි දැකිය හැකිය. අනෙක් බොහෝ ආසියාතික රටවල අලි වඳවී ගොස් හමාරය. ආසියාතික අලි ගහනය 35000-50000 අතර වේ යැයි අනුමත කෙරේ. මේ හේතුව නිසාම ජත්‍යන්තර පාරීසරීක සංරක්‍ෂණ සංගමය :ෂබඑැරබ්එසදබ්ක ඹබසදබ දෙර ක්‍දබිැරඩ්එසදබ දෙර භ්එමරු- ෂඹක්‍භ* විසින් අලින් වඳවී යන සත්වයකු ලෙස නම්කර සංරක්ෂණය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටී. එහි ප්‍රතිඵලයක් ලෙස අලියකු ඝාතනය කළවිට ඒ සඳහා දැඩි නීති රාමුවක් ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මකය. අලින්ට ජීවත් වියහැකි වනාන්තර වනජීවී වන සංරක්ෂණ, මහවැලි, ප්‍රාදේශිය ලේකම් හා පෞ්ගලික ලෙස බෙදා වෙන්කලත් අලින්ට මෙම බෙදා වෙන්කිරීම වලංගු නැත. නමුත් අලි සංරක්ෂණය සඳහා රජය එක් අමාත්‍යාංශයකට (වනජීවී අමාත්‍යාංශය) පවරා අනෙක් සියලු රාඡ්‍ය ආයාතන වලින් ස්වයාවන්ත කොට ඇත වගකීමෙන් නිඳහස් වී ඇත.
අලින් වෙනත් සතුන්ට වඩා තරමක් දියුණු පැවැත්මක් පෙන්වයි. මෙහිදී අලි රංචුවක නායිකාව ලෙස වයසින් වැඩි ඇතින්නක් දැකිය හැකි අතර, ලිංගිකව මෝරන පිරිමි සතුන් රංචුවෙන් එළවා දමයි. මෙය ලේ ඥාතිත්වයක් සහිත පැටවුන් බිහිවීම වැළැක්වීම මෙහි පරමාර්ථය යැයි හදූනාගෙන ඇත. අලි පැටවකු ආරක්ෂා කිරීම රංජචුවේ සාමුහික වගකීමක් ලෙස භාර ගැනෙන අතර, අලි පැටවකු බිහිවූ විට සියලු ඇතින්නියන්ට කිරි එරෙනවා යයි ව්‍යවහාරයේ මතයක් පවතී.
ශ්‍රී ලංකාවේ අලි ගහනයේ කඩා වැටීම සිදුවූයේ යටත්විජිතකරණය හා ධනපති ආර්ථික මොඩලය උ්තරාරොපණය කිරීමත් සමගය. ධනවාදය තුල සුළඟට, ජලයට, සතා සීපාවාට, ප්‍රභාසංස්ලේෂණයෙන් හටගනු ලබන ඵලය ආදී සියලු දෑ සඳහා මිලක් නියම කර ඇත. ධනවාදය තුලද අලින්ට ද මිලක් නියම විය. කෙසේ වෙතත් බි්‍රතාන්‍ය යටත්විජිතකරණයෙන් පසු උඩරට වතු වගාව හඳුන්වාදීමත් සමග සෞම්‍ය දේශගුණයේ තෙත් කලාපයට බරව නිදහසේ ජීවත්වූ අලි වගා පාලු කරන සත්වයකු ලෙස නම් කරන ලදී. තෘණ භූමි වල ගැවසීමට හා ආහාර ගැනීමට දැඩි රුචියක් දක්වන අලින්ගෙන් බහුල හෝර්ටන් තැන්න, පිටවල තැන්න ආදී ප්‍රදේශ ද, විනෝදයට අලින්ට වෙඩිතබන ම්ලේච්ඡ ක්‍රීඩාපිටි බවට පත්විය. අලි ඇල්ලීම, ගාල් කිරීම, විකිණිම ජයමට කෙරිණි. ඒ සදහා රාඡ්‍ය අනුග්‍රහය ලැබිනි. (මාලිගාවෙ රාජා, පනාමුරේ රාජාගේ ඝාතනයද එචක ක්‍රියාත්මක ධනපති නීතිය යටතේ සිදූවු සිද්ධි දෙකකකි.) මේ හේතුවෙන් වතු වගාව ආරම්භ කළ කාල වකවානුව තුල මධ්‍ය කදූකරයේ පමනක් අලින් 6000-8000 ප්‍රමාණයක් ඝාතනය වූ බව වර්ථාවේ.
රජ සමයේ සිට ඇමතිවරුන් ආදීන් තම වලව් වල අලින් කිහිප දෙනෙකුම ඇති කිරීම තම කීර්තිය වඩන්නක් බව මිත්‍යා මතයක් පැවතුණි. එය බි්‍රතාන්‍ය සමයේ සිටි රදලයන්ට මෙන්ම මෑතක කාලයේ සිටි රාජ්‍ය නායකයන්, මැති ඇමතිවරුන් සතුවද ආණ්ඩුවේ හිතවතුන් හා ප්‍රසිද්ධ ස්වාමින් වහන්සේලා සන්තකයේ ද හොර අලි ඇතුන් සිටියහ. මේ හේතුවෙන් අලි ඇතුන්ට හොර උප්පැන්නවල් නිර්මානය කරන පශු වෛද්‍ය පියවරුන්ද බිහි විය. විහාරස්ථානයන්හි ගාම්භීරත්වය වැඩි කරන භාණ්ඩයක් බවට අලින් පත්විය. තවද ඇත්දල හා ගජමුතු ධනය ලැබීමට වාසනාවක් පෑදෙන්නක් ලෙස මිථ්‍යා මතයක් මිනිස් සිත් සතතන් තුලට කිඳා බැස්සවීමට ධනපති ක්‍රමය සමත්ව ඇත. මේ හේතුවෙන් සමස්ථ අලි ගහනයෙන් 2% පමණ වන ඇතුන්ගේ ජීවිතය අවධානමකට ලක්විය. එය අලින්ට පමණක් නොව රයිනෝ අං, කොටි දත්, මැමත් දල පොසිල වලට ද මෙම මිථ්‍යාව පැතිර ගොස් අත.
යටත්විජිත සමයෙන් පසු ලැබුණු නාමික නිදහසින් පසුව පහත රට මහා දැවැන්ත වනය එලිපෙහෙලි කොට අස්වද්දන්නට විය. විවිධ අසංවිධිත සංවර්ධන ව්‍යාපෘති සිදූ කෙරීනි. අධිරාජ්‍යවාදී සමාගම්වලට කිසිදු වග විභාගයකින් තොරව විවිධ වගාවන් සඳහා වන බිම් විකිණීම බදූදීම සිදුකරන ලදී. මෙවැනි අක්‍රමවත් පරිසර හතුරු සංවර්ධන ව්‍යාපෘති වල ක්‍රියාදාමයන්ගේ ප්‍රතිඵල හේතුවෙන් අලි ඇතුන් කුඩා වනබිම් කොටස්වලට සීමාවිය. ඒවායේ ඔවුනට අවශ්‍ය සම්පත් සීමාවිය. ඔවුනට අවශ්‍ය ආහාර, ජලය, ලවන ඔවුන් ජීවත් වන වට පිටාවට වඩා පරීභාහිරව ඇති බව අලින්ට සංන්නිවේදනය විය (අලින්ගේ ආහාර වල ඉව කිලෝමිටර කපයක් ඈතට දැනේ). විශේෂයෙන් ආහාර හා පානීය ජල අවශ්‍යතා සඳහා ගම්වදින අලි වනයේ මෙන් නොව ගම්වල පවතින තරමක කලබලකාරී ස්වරූපය (විවිධ වූ චලනයන්) හේතුවෙන් එය ඔවුනට තර්ජනාත්මක පරිසරයක් ලෙස ගම හඳුනාගන්නා ගනී. මෙම හේතුවෙන් දැඩි විමසිල්ලෙන් සිටින අලි වනයෙන් එලියේ සිදුවන සෑම චලනයක්ම ඔවුනට තර්ජනාත්මක පරිසරයක් ලෙස හඳුනාගන්නා ගනී. මෙම හේතුවෙන් දැඩි විමසිල්ලෙන් සිටින අලි එළියේ සිදුවන සෑම චලනයක්ම ඔවුනගේ තර්ජනයක් ලෙස හඳුනාගෙන මිනිසුන්ට පහරදීම හේතුවෙන් දල වශයෙන් 75-100 ක පමණ වටිනා මිනිස් ජීවිත ප්‍රමාණයක් වසරකට අහිමි වේ.
ධනවාදය තුළ තම වගාවේ ධාන්‍ය, එළවළු ආදී අස්වැන්න ගොවියාට පෙනෙනුයේ මුදල් ලෙසය. ධනවාදය තුල මිනිසා ජීවත් කරනුයේ ආහාර, ජලය, සෞඛ්‍යය, අධ්‍යාපනය ආදී සියලු මූලික අවශ්‍යතා වලින් නොව මුදල් වලිනි. එහි ගුණාත්මක බව රඳා පවතිනුයේ වියදම් කරන මුදල් ප්‍රමාණයන් මතය. ධනවාදය විසින් අස්වැන්න අස්වැන්නක් ලෙස නොව මුදල් ලෙස දෘෂ්ඨි මායාවක් බවට පත් කර ඇති විට තම අස්වැන්නට හානි පමුණුවන සියලු දෑ කෙරෙහි ගොවීන් තුල වෛරයක් උපදවා ඇත. වෙඩි තැබීම්, ගිනි විසිකිරීම්, විදුලි වයර, ඇණ ලෑලි, හක්ක පටාස්, වස දැමූ ආහාර, මර උගුල් ආදී නොයෙක් ක්‍රමවේදයන් භාවිත කොට අලින් ඝාතනය කර තම හේනේ. කුඹුරේ වැවෙන මුදල් රැක ගැනීමට උත්සාහ දරයි.
ධනවාදය තුල අක්‍රමවත් සංවර්ධනය, ඉඩම් පිළිබඳව විසඳුම් නොමැතිවීම හේතුවෙන් අලින්ගේ අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් වනයක් ඔවුනට අහිමි කර ඇත. ධනවාදය විසින් අලින්ට වනයෙන් එලියට පැමිණීමට ආරාධනා කොට ඇත. එය ධනවාදය උත්තරාරෝපණය කල දින සිට යටත්විජිත වාදීන්ටත්, මාරුවෙන් මාරුවට ආණ්ඩු කල එක්සත් ජාතික පක්ෂ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවලටත් මෙම ගැටලුව සඳහා විසඳුම් නොමැත. 15 වන සියවස දක්වා මිනිසුන් හා අලින් අතර පැවති සහජීවනය, ධනවාදය විසින් වෛරක්කාරයන් බවට පරිවර්තනය කිරීමට සමත්ව ඇත. එය අලින් මිිනසුන් අතර මෙන්ම ජාතිකත්ව අතර ආගම් අතර ද වෛරක්කාරයන් බවට පත්කර ඇත. මිනිසුන් අතර ඇති ආදායම් බෙදීයාමේ විෂමතාවය ධනවාදයේ අර්බුදයක් නොව ඇත්දල, ගජමුතු නොමැතිකම (වාසනාව පෑදීම) බව මිනිස් සිත් සතන් තුලට කිඳා බස්සවා ඇත. මිනිසාගේ වාසනාව ඇතුන්ගේ අවාසනාවෙන් බවට පත්කර ඇත. සියඹලංගමුව, ගල්ගමුව, හක්වටුනාව, කෑගල්ල, පල්ලෙකැලේ ආදී ඇුතන් ගහනය වැඩි ප්‍රදේශවල ඇතුන්ගේ ජීවිතය තිරණය වන්නේ මිනිසුන්ගේ මිත්‍යා වාසනාව මත ය. මෙම සියලු දෑ ධනවාදයේ නිර්මාණයන් ය. අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා දියුණු සංවර්ධන ක්‍රියාදාමයන් සහිත පරිසර ප්‍රතිපත්තියක් ධනවාදයට නොමැත. මෙවැනි වටපිටාවක අලි මිනිස් ගැටුමට විසඳුම් ලෙස අලින් වෙසෙන වන රොදවල් වටා විදුලි වැටවල් නිර්මාණය කිරීම එකම විසඳුමක් ලෙස දැකීමට ධනවාදී ආණ්ඩු පත්ව ඇත. අලි ඇතුන් රංචු සීමිත භුමි ප්‍රමානයකට සීමා වීම තුල ලේ ඥාතීත්වයක් සහිත පැටවුන් බිහිවීම, එකම වර්ගයේ ජාන මිශ්‍රවීම තුල ඇතිවන දුබලතා හේතුවෙන් දශක කිපයකින් අලින් ශ්‍රී ලංකාවෙන් තුරන්වී යාම වළක්වාගත නොහැක. එසේ වඳවීම ධනවාදයේ නිර්මානයක් වූ අලි මිනිස් ගැටුමට ධනවාදයේන් ලබාදෙන විසදූමට වඩා බරපතලය. ඔහුනට ඵ් සදහා පාලැස්තර විසදූමකට වඩා තිරසාර විසදූමකට අවශ්‍ය ප්‍රතිපක්තියක් වැඩ පිලිවෙලක් නොමැත.
ධනවාදයේ නිර්මාණ්‍යක් වූ අලි මිනිස් ගැටුම හා අනෙකුත් පාරිසරික ගැටලු අවම කර සියලු මානවයන්ට, සියලු ජීවීන්ට ද සහයෝගයෙන් එක්ව ජීවත්විය හැකි පරිසර සතුරු සංවර්ධනයක් වෙනුවට මිතුරු සංවර්ධනයක් ස්ථාපිත කිරීම සඳහා වැඩපිළිවෙලක, ප්‍රඥප්තියක දැඩි අවශ්‍යතාවයක් සහිත පරීසරයක් රට තුල නිර්මානය වී ඇත. සියලු පරිසර සංවේදී, සැබෑ තිරසාර සංවර්ධනයක් අපේක්ෂා කරන සියලු ජාතිකත්වයන්ගේ අවංක මිනිසුන්ට ඒ සඳහා අවස්ථාව පැමිණ ඇත. ජාතික ජන බලවේගයේ පරිසර ප්‍රතිපත්තිය අධ්‍යයනය කීරීම වඩාත් කාලෝචිතය.
On the 30th of August 2021, President Gotabhaya Rajapakse invoked Section 2 of the Public Security Ordinance No 8 of 1959 (as amended by Act No 6 of 1978 and Act No 28 of 1988). Since this Gazette has wide ranging implications, the Jathika Jana Balawegaya believes that it is important that the public is […]
On the 30th of August 2021, President Gotabhaya Rajapakse invoked Section 2 of the Public Security Ordinance No 8 of 1959 (as amended by Act No 6 of 1978 and Act No 28 of 1988). Since this Gazette has wide ranging implications, the Jathika Jana Balawegaya believes that it is important that the public is made fully aware of its contents and the intents of this regime in its latest move to amass power.
Section 2 of the Public Security Ordinance allows the President to declare a State of Emergency under two conditions. These are, when in the opinion of the President, there is a need to invoke such powers:
In this instance, President and his government has stated that it is necessary to invoke these special regulations since there are disruptions to the maintenance of supplies and essential services.
As we know, during the last several weeks, people have been experiencing shortages of food items such as sugar and milk powder as well as gas. It is quite possible that with the current import restrictions that there will be other shortages as well in the near future. The position of the government has been that these shortages are due to the hoarding of these goods by traders and unreasonable demands to raise prices by traders. There is no doubt that people of the country have been facing many disruptions to community life as a result of restrictions related to COVID 19 as well as difficulties with obtaining essential goods. This is not a recent situation but one that has been in the making for well over a year. However, it is noteworthy that the Government has not declared a ‘state of disaster’ under Section 11 of the Disaster Management Act No 13 of 2005 even though Section 25 (k) of that Act defines a ‘disaster’ to include and ‘epidemic’. This Act also allows for the setting up of a Council for the management of the disaster.
Rather than follow the existing provisions in the law for a more consultative and collaborative effort to manage the COVID epidemic, the President saw fit to set up 3 Presidential Task Forces to respond to COVID – one to direct, coordinate and monitor the delivery of continuous services for the sustenance of overall community life, another relating to Economic Revival and Poverty Eradication and a third to deal with education. These Task Forces are accountable only to the President – even in financial matters. Yet, it is despite these Task Forces that the people of this country are facing challenges with obtaining even the most basic of services during this COVID pandemic. Rather than admitting to the failures so far in the systems that have been put in place, and seeking a more collaborative approach to managing a national disaster, the President has invoked the Public Security Ordinance, giving himself even more powers. These powers enable the President to:
It should also be noted that this act states that emergency rules to prevail over all other laws (section 7) and that no emergency regulation, order, rule or direction made or given thereunder shall be called in question in any court (Section 8). In short, the President has amassed to himself an extraordinary and in our view, an extremely dangerous amount of power in the guise of ensuring essential services and supplies to the public. It is also worth noting that many of these powers go over and above what is necessary to ensure the efficient distribution of essential goods and services.
The people of this country are well aware by now, that the disruption to services and supplies in the country as well as the growing numbers of COVID infected people and deaths in this country is not due to the President or this government lacking any necessary powers. In fact, with the 20th Amendment to the Constitution, this President already had many more powers than any other President in history, as well as being supported by a government with a healthy majority in parliament. Rather, the difficulties, disruptions and growing health risks that the people of this country have been facing are due to the incompetence of the President and his government as well as their prioritising protecting the interests of the regime and its allies rather than the people of this country.
For instance, the shortage of sugar is because first the government drastically reduced taxes on the importation of sugar; then allowed an artificial shortage of sugar to come about; and with a major hue and cry, ‘discovered’ stocks of sugar. The end result of all this drama for the consumer, was an increase in the price of sugar. The fact that the government lost millions due to unfair advantages taken by close allies after the sudden reduction in tax and that none of the traders who hoarded sugar have been held to account seems to be immaterial.
Thus, it is clear that the President has not invoked the Public Security Ordinance with the welfare of the country in mind. Rather, it is yet another step forward in a relentless desire to amass power. These new powers place the democratic rights of the people and the rule of law in this country already under assault, at further risk.
The Jathika Jana Balawegaya reiterates the fact that it is the regime’s incompetence and disconnect with the needs of people that has led to an alarmingly chaotic situation in and certainly not any lack of Presidential powers. In our view, invoking the Public Security Ordinance at this point to unleash emergency powers, is a sign of a failing regime desperately trying to cling to power at all costs. The chaos that has been created by the mismanagement of the COVID epidemic is being used by this government to weaken democracy in our country. Therefore, we will do our utmost to force the government to reverse its decision and we call upon the public to join us to protect our democratic rights and the future of our country.
2021 අගෝස්තු 30 වෙනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 1959 අංක 8 දරණ මහජන ආරක්ෂක ආඥාපනතේ 2 වන වගන්තිය (1978 අංක 6 දරණ පනත සහ 1988 අංක 28 දරණ පනත මඟින් සංශෝධනය කර ඇති පරිදි) ක්‍රියාත්මක කරන ලදී. මෙම ගැසට් පත්‍රයෙන් පුළුල් පරාසයකට බලපෑම් ඇති හෙයින් එහි අන්තර්ගතය සහ ආණ්ඩුවේ බලය නතු කිරීමේ නවතම පියවර […]
2021 අගෝස්තු 30 වෙනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 1959 අංක 8 දරණ මහජන ආරක්ෂක ආඥාපනතේ 2 වන වගන්තිය (1978 අංක 6 දරණ පනත සහ 1988 අංක 28 දරණ පනත මඟින් සංශෝධනය කර ඇති පරිදි) ක්‍රියාත්මක කරන ලදී. මෙම ගැසට් පත්‍රයෙන් පුළුල් පරාසයකට බලපෑම් ඇති හෙයින් එහි අන්තර්ගතය සහ ආණ්ඩුවේ බලය නතු කිරීමේ නවතම පියවර තුළ ඔවුන්ගේ අරමුණ කුමක්ද යන්න පිළිබඳව මහජනතාව පූර්ණ ලෙස දැනුවත් කිරීම වැදගත් බව ජාතික ජන බලවේගය විශ්වාස කරයි.
මහජන ආරක්ෂක ආඥාපනතේ 2 වන වගන්තිය යටතේ කොන්දේසි දෙකක් මත හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපතිවරයාට ඉඩ සලසා ඇත. එම බලය හැසිරවීම සිදු විය යුත්තේ ජනාධිපතිවරයාගේ මතයට අනුව;
1. මහජන ආරක්ෂාව සහ මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා හෝ
2. ජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයුම් හා සේවා පවත්වා ගැනීම සඳහාය.
මෙම අවස්ථාවේදී ජනාධිපතිවරයා සහ ඔහුගේ ආණ්ඩුව ප්‍රකාශ කර ඇත්තේ සැපයුම් සහ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වා ගැනීමට බාධාවන් ඇති බැවින් මෙම විශේෂ නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි.
අප දන්නා පරිදි සති කිහිපයක් තිස්සේ ජනතාව සීනි සහ කිරිපිටි වැනි ආහාර ද්‍රව්‍ය මෙන්ම ගෑස් හිඟතාවයකට ද මුහුණ දෙමින් සිටිති. දැනට පවතින ආනයන සීමා කිරීම් සමඟ නුදුරු අනාගතයේදී තවත් හිඟයන් ඇති වීමට බොහෝ දුරට ඉඩ ඇත. ආණ්ඩුවේ ස්ථාවරය වී ඇත්තේ මෙම හිඟය ඇති වන්නේ වෙළෙඳුන් විසින් මෙම භාණ්ඩ සඟවා තැබීම නිසා සහ මිල ඉහළ දැමීම සඳහා වෙළෙඳුන් විසින් අසාධාරණ ඉල්ලීම් කිරීම හේතුවෙන් බවයි. කොවිඩ්-19 හා සම්බන්ධ සීමාවන් සහ අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමේ දුෂ්කරතා හේතුවෙන් රටේ ජන ජීවිතය බොහෝ බාධා වලට මුහුණ දෙමින් ඇති බවට සැකයක් නැත. මෙය මෑත කාලීන තත්වයක් නොව වසරකටත් වැඩි කාලයක් තිස්සේ වර්ධනය වුණු තත්වයකි. කෙසේ වෙතත්, 2005 අංක 13 දරණ ආපදා කළමනාකරණ පනතේ 11 වන වගන්තිය යටතේ ආණ්ඩුව විසින් ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් නොකිරීම විශේෂත්වයකි. එම පනතේ 25 (න) වගන්තිය තුළ ‘ව්‍යසනය’ යන්නට ‘වසංගතය’ යන්නද ඇතුළත්ය. මෙම පනත මගින් ආපදා කළමනාකරණය සඳහා කවුන්සිලයක් පිහිටුවීමට ඉඩ සලසයි. එහෙත් ආණ්ඩුව එවැනි පියවරක් ගත්තේ නැත.
කොවිඩ් වසංගතය කළමනාකරණය කිරීම සඳහා වඩාත් උපදේශාත්මක සහ සහයෝගාත්මක උත්සාහයක් සඳහා නීතියේ පවතින විධිවිධාන අනුගමනය කරනවාට වඩා, කොවිඩ් වෙත ප්‍රතිචාර දැක්වීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායන් 3 ක් පිහිටුවීම ජනාධිපතිවරයාගේ තීරණය විය. සමස්ත ජන ජීවිතය නඩත්තු කිරීම සඳහා අඛණ්ඩ සේවා සැපයීම මෙහෙයවීමට, සම්බන්ධීකරණය කිරීමට සහ අධීක්ෂණය කිරීමට එක් කාර්ය සාධක බලකායක්ද, ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා දෙවන කාර්ය සාධක බලකායද තෙවැන්න අධ්‍යාපනය සම්බන්ධයෙන් කටයුතු කිරීමද සඳහාය. මෙම කාර්ය සාධක බලකායන් වගකිව යුත්තේ, මූල්‍යමය කාරණාවලදී පවා, ජනාධිපතිවරයාට පමණි. කෙසේ වෙතත්, මෙම කාර්ය සාධක බලකායන් තිබියදීත් කොවිඩ් වසංගතය හමුවේ මේ රටේ ජනතාව මූලික සේවාවන් පවා ලබා ගැනීමේ අභියෝගයන්ට මුහුණ දී සිටිති. මේ දක්වා සකස් කර ඇති ක්‍රමවේදවල අසාර්ථක බව පිළිගෙන ජාතික ව්‍යසනයක් කළමනාකරණය කිරීම සඳහා වඩාත් සහයෝගාත්මක ප්‍රවේශයකට යනවා වෙනුවට ජනාධිපතිවරයා තමා වෙත තවත් බලතල නතු කර ගනිමින් මහජන ආරක්ෂක ආඥා පනත ක්‍රියාත්මක කර ඇත. මෙම බලතල ජනාධිපතිවරයාට පහත දේ කිරීමට ඉඩ සලසයි.
(1) මහජන ආරක්ෂාව, මහජන සාමය ආරක්ෂා කිරීම සහ කැරලි කෝලාහල සිවිල් කලබල මැඩපැවැත්වීමට හෝ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීම පවත්වාගෙන යාමට අවශ්‍යය සහ යෝග්‍ය යැයි ඔහුට සිතෙන පරිදි රෙගුලාසි සම්පාදනය කිරීම (මේ රෙගුලාසි මෙතැන් සිට ”හදිසි නීතිය” ලෙස හැඳින්වේ)
(2) පුද්ගලයින් රඳවා තබා ගැනීමට අවසර හා පහසුකම් ලබා දීම; කිසියම් දේපළක් හෝ ව්‍යාපාරයක් රජයට පවරා ගැනීමට හෝ පාලනය කිරීමට අවසර දීම
(3) ඉඩම් හැර වෙනත් ඕනෑම දේපලක් රජයට පවරා ගැනීම
(4) ඕනෑම පරිශ්‍රයකට ඇතුළු වීමට සහ පරීක්ෂා කිරීමට අවසර දීම.
(5) ඕනෑම නීතියක් සංශෝධනය කිරීම සඳහා, ඕනෑම නීතියක් ක්‍රියාත්මක වීම අත්හිටුවීම සඳහා, සහ වෙනස් කිරීමක් සහිතව හෝ රහිතව ඕනෑම නීතියක් ක්‍රියාත්මක කිරීම සඳහා අවසර දීම
(6) වැරදිකරුවන් අත්අඩංගුවට ගැනීම සහ දඬුවම් කිරීම යුද අධිකරණයක ආකාරයේ නඩු විභාග මගින් සහ එම ආකාරයේ රෙගුලාසිවලට අනුව සිදු කිරීමට විධිවිධාන සැලසීම
මෙම පනත මඟින් අනෙකුත් සියලුම නීති අභිබවා හදිසි නීතිය බලපැවැත්විය යුතු බවත් (7වැනි වගන්තිය) කිසිදු හදිසි නීති රෙගුලාසියක්, විධානයක්, නියෝගයක් හෝ නිර්දේශයක් කිසිදු උසාවියකදී ප්‍රශ්න කළ නොහැකි බවත් සඳහන් කළ යුතුය (8 වගන්තිය). කෙටියෙන් කිවහොත්, අත්‍යවශ්‍ය සේවාවන් සහ මහජනතාවට සැපයුම් පවත්වාගැනීමේ මුවාවෙන් ජනාධිපතිවරයා තමා වෙත අසාමාන්‍ය හා, අපේ දකිනා ලෙසට, අතිශයින්ම භයානක බලයක් මෙය මගින් නතු කරගෙන තිබේ. අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා කාර්යක්ෂමව බෙදා හැරීම සහතික කිරීම සඳහා අවශ්‍ය බොහෝ කාරණාවන්ට මෙම බලතල ඕනෑවටත් වඩා වැඩි බවද සඳහන් කිරීමද වටී.
මේ වන විට රටේ සේවා හා සැපයුම්වලට බාධා ඇති වීම මෙන්ම වැඩි වෙමින් පවතින කොවිඩ් ආසාදිතයින් හා මරණ සංඛ්‍යාවට හේතුව ජනාධිපතිට හෝ මෙම ආණ්ඩුවට අවශ්‍ය බලතල නොමැතිකම නිසා නම් නොවන බව මේ රටේ ජනතාව මේ වන විට හොඳින් දනී. ඇත්තෙන්ම 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් සමඟම මෙම ජනාධිපතිවරයාට ඉතිහාසයේ වෙනත් කිසිදු ජනාධිපතිවරයෙකුට වඩා වැඩි බලතල ප්‍රමාණයක් ලැබී ඇති අතර පාර්ලිමේන්තුවේ අති බහුතරයක් සහිත ආණ්ඩුවක සහයද ඇත. මේ රටේ ජනතාව මුහුණ පා ඇති දුෂ්කරතා, බාධාවන් සහ උත්සන්න වෙමින් ඇති සෞඛ්‍ය අවදානමට හේතු වී ඇත්තේ ජනාධිපතිවරයාගේ සහ ඔහුගේ ආණ්ඩුවේ නොහැකියාව මෙන්ම රටේ ජනතාවට වඩා පාලන තන්ත්‍රයේ සහ එහි හිතවතුන්ගේ අවශ්‍යතා ආරක්ෂා කිරීමට ප්‍රමුඛතාවය දීමය.
උදාහරණයක් වශයෙන්, සීනි හිඟය ඇති වන්නේ සීනි ආනයනය සඳහා මුලදී ආණ්ඩුව විශාල බදු අඩු කිරීමක් සිදු කළ නිසාය. ඉන්පසු කෘත්‍රීම සීනි හිඟයක් ඇති වීමට ඉඩ සලස්වා පසුව ‘සොයාගත්‘ සීනි තොග ගැන විශාල ඝෝෂාවක් නැගුවේය. මේ සියලු නාටක වල අවසානයේ පාරිභෝගිකයාට ලැබුණු ප්‍රතිඵලය වූයේ සීනි මිල ඉහළ යාම ය. හදිසියේම බදු අඩු කිරීමෙන් පසු සමීප හිතවතුන් විසින් ලබාගත් අසාධාරණ වාසි හේතුවෙන් රජයට රුපියල් මිලියන ගණනක් අහිමි වීම සහ සීනි සඟවා ගත්තා යැයි පවසන වෙළෙඳුන් කිසිවෙකුට නීතිය ක්‍රියාත්මක නොකළ බව සියල්ලන්ටම අමතකය.
මේ අනුව පැහැදිලි වන්නේ ජනාධිපතිවරයා රටේ සුභසිද්ධිය ගැන සිතා මහජන ආරක්ෂක ආඥාපනත ක්‍රියාත්මක කර නැති බවයි. බලය රැස් කිරීමේ නොපසුබට ආශාව තුළ එය තවත් ඉදිරි පියවරකි. මේ වන විටත් ප්‍රහාරයට ලක්ව ඇති ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සහ නීතියේ ආධිපත්‍යය මෙම නව බලතල මගින් තවදුරටත් අවදානමට ලක් කරයි.
පවත්නා දරුණු අර්බුදකාරී වාතාවරණයට හේතුව පාලන තන්ත්‍රයේ නොහැකියාව සහ ජනතාවගේ අවශ්‍යතාවන්ට සංවේදී නොවීම මිස ජනාධිපති සතු බලතලවල කිසිදු අඩුවක් නම් නිසැකවම නොමැති බව ජාතික ජන බලවේගය අවධාරණය කරයි. අපගේ අදහස නම් මේ අවස්ථාවේදී මහජන ආරක්ෂක ආඥාපනත ක්‍රියාත්මක කොට හදිසි තත්වයක බලතල මුදා හැරීමෙන් මගින් පෙන්වන්නේ අසාර්ථක පාලන තන්ත්‍රයක් කෙසේ හෝ බලයේ ඇලී ගැලී සිටීමට දරන දැඩි ලෙස උත්සාහයේ ලකුණකි. එසේම ආණ්ඩුවේ ජනතා විරෝධී ක්‍රියාවන්ට එරෙහිව එල්ල වන විවේචන සහ විරෝධතා යටපත් කර මර්දනය කිරීමේ වුවමනාවද මේ මගින් පෙන්වා ඇත. කොවිඩ් වසංගතය වැරදි ලෙස කළමනාකරණය කිරීම තුළින් නිර්මාණය කර ඇති අවුල අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල කිරීම සඳහා මෙම ආණ්ඩුව මගින් උපයෝගී කර ගනිමින් ඇත. එම නිසා රට තුළ හදිසි නීතිය පැනවීමේ ආණ්ඩුවේ මෙම ප්‍රජාන්ත්‍ර විරෝධී තීරණය දැඩි ලෙස හෙළා දකින අපි එම තීරණය හකුළා ගැනීමට බල කිරීමට උපරිමයෙන් කටයුතු කරමු. එමෙන්ම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සහ රටේ අනාගතය ආරක්ෂා කර ගැනීමට පෙරට එන ලෙසත්, ඒ වෙනුවෙන් අප හා එක්වන ලෙසත්, අපි ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු දෙනාගෙන් හා මහජනතාවගෙන් ඉල්ලා සිටිමු.
By Harini Amarasuriya The hashtag #MeToo started trending in 2017 when American actress Alyssa Milano tweeted a request asking women who had been sexually harassed or assaulted to write Me Too as their social media status. This was at the time that sexual abuse allegations against Hollywood film producer Harvey Weinstein were beginning to gather […]
By Harini Amarasuriya
The hashtag #MeToo started trending in 2017 when American actress Alyssa Milano tweeted a request asking women who had been sexually harassed or assaulted to write Me Too as their social media status.
This was at the time that sexual abuse allegations against Hollywood film producer Harvey Weinstein were beginning to gather steam. Milano’s tweet generated a huge response and #MeToo became a global phenomenon with women from various parts of the world using the hashtag to talk about sexual harassment that they had faced.
The phrase ‘Me Too’ was originally created by American activist Tarana Burke, who works with survivors of sexual violence. The Me Too movement not only led to the exposure of many instances and perpetrators of sexual harassment throughout the world, but has also generated a broader conversation about sexual harassment and sexual violence. Predictably, there has been a backlash against the Me Too movement, mostly concerns about the possibility of false accusations.
However, almost four years into the movement, it is clear that the space that the Me Too movement has created for women to speak out against sexual harassment has led to a much needed conversation about men’s behaviour towards women – especially that of men in positions of power. Globally, well known men in the entertainment industry, media, academia and politics have been exposed by women. In Sri Lanka, there has been interest in the movement and although not widespread, similar conversations and initiatives have been taking place especially on social media platforms.
The backlash to the Me Too movement has also revealed how easily society reverts to ‘blaming the woman’ trope when men’s power is challenged. We know how common it is to hold women responsible for ‘putting themselves in danger’ whether it is the clothes we wear, the alcohol that we consume, or daring to believe that we have a right to expect not to be leered at or worse in public spaces or not to be taken advantage of in our intimate encounters.
The Me Too movement provoked a host of reactions about shrill and self-righteous women who don’t understand or appreciate ‘fun’ or have Victorian ideas about sex and sexual relationships. Even more than the lack of systems in place to protect women or procedures to deal with allegations of harassment and violence, the greatest challenge to opening up about experiences of sexual harassment and violence are the reactions women have to deal with when they choose to speak out.
Socialised as we are to always seek the approval of others and not to make ‘scenes’ many of us tend to swallow the indignity, pain and trauma of sexual harassment and carry on. It is this barrier that the Me Too movement really broke through by encouraging thousands of women to speak out, letting them know that they will be heard and that they will be supported.
The significance of that support and space cannot be underestimated. While it is extremely important to support women who want to speak out about their experiences, it is equally necessary to recognise that there are as many who do not speak out – often for very good reasons. It is not simply lack of access to social media or support that prevents women (and men) from speaking out about sexual harassment. Much of the silence around the harassment and violence is about incidents that take place in intimate circles: within families, close friends and colleagues.
How do you call out someone for inappropriate behaviour when you have every day close and personal interactions with that person at many different levels? How do you deal with someone like that even if you have not been personally or directly affected? For instance, what do you do when you hear about a colleague who regularly sends inappropriate texts/ images to women but who has always treated you with care? What do you do when male colleagues whose work you respect, constantly cracks sexist jokes around women? Or worse, behaves abusively towards other women? What do you do about a dearly loved relative who makes you uncomfortable with his overly affectionate behaviour, especially when you are the only one who seems to notice or care? The point is that much of what makes us feel uncomfortable, scared or violated, raises certain fundamental questions about how we interact with each other and what we understand by things such as respect and consent.
And drawing strict lines about what is ok and what is not ok in our interactions with each other is extremely difficult. How many times have we been in situations where we go along with jokes or conversations full of sexual innuendoes, even when we know it makes us uncomfortable because we don’t want to be spoilsports? What constitutes sexual harassment is on a spectrum and each one of us may have our own threshold of comfort/discomfort.
Yet, what constitutes our threshold is contingent on so many factors – not least the relations of power and sense of agency that shape our interactions with each other. For instance, the allowances granted to charismatic and intelligent men are much more than what is granted to men who are more direct (or cruder) in their behaviour. Social context also shapes behaviour.
I still remember what a very dear, male friend told me when we were discussing the issue of sexual harassment: “Never try to check the intentions or feelings of a man – only how he acts on those intentions and feelings”. The same friend told me how the men who leer at you in dark corners at the Majestic City or on a lonely street will behave quite differently if you bump into him at say, One Colombo.
This also brings me to a much more difficult point: if what is determined as sexual harassment is on a spectrum, so are the perpetrators. No human being is one dimensional or defined in totality by a single characteristic or act. Human beings are endlessly complicated and human interactions even more so.
As much as the Me Too movement created a space for women (and also men) to speak out about sexual harassment, there will also be others who are still hesitant to speak out. We may choose to continue to interact with people whose actions and behaviours have made us uncomfortable or whose actions and behaviours we condemn. Sometimes, we may not have the luxury or opportunity to avoid such people.
In such situations, we choose other strategies to manage those interactions as safely as possible. As much as we celebrate those who speak out, it is important that we hear and support those who do not.
My worry about the power of movements such as Me Too is that they sometimes present us with a set of certainties and fixed choices in situations filled with uncertainty and the possibility of a multiplicity of responses. Or rather, that sometimes, the certainty and choices before us are overemphasised especially when the discussions are confined to or conducted primarily on social media platforms.
At the heart of all of this is the quality and the humanity of our interactions with each other – whether in public or intimate spaces. Just as much as we interrogate the individuals complicit in abusive and predatory behaviour, we also need to interrogate the conditions that enable such behaviour, conditions that give rise to de-humanising behaviour. This includes our education system and mainstream ideologies that justify exploitative and abusive relationships in subtle and not so subtle ways.
It is also not enough to expect victims to seek legal interventions – very often these incidents cannot be presented to or resolved satisfactorily within a legal framework. Even when they are pursued legally and concluded successfully from the point of view of the victim, they rarely deliver justice in the broader sense.
Ultimately, it is the quality of our forms of sociality and human engagement that we need to focus on – while acknowledging its full range of complexities and nuances.
Acknowledging complexity and nuance is not an excuse or loophole for unacceptable behaviour, but rather appreciating the spectrum of human experiences, feelings, emotions and interactions. In the meantime, let us keep supporting each other to talk and to be heard, in whatever manner each of us chooses to be heard.
https://ceylontoday.lk/news/some-reflections-on-the-metoo-movement-2