(-Colombo, September 27, 2024-) ජපාන රජයේ ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක දැනට වැඩ අතරමග නැවති ඇති ව්‍යාපෘති 11ක ඉදිකිරීම් කඩිනමින්. ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු රජයේ ප්‍රමුඛ කාර්යයක් වන දූෂණ සහ අක්‍රමිකතා පිටුදැකීමේ වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බවත් ශ්‍රී ලංකාව සමඟ තවදුරටත් සමීපව කටයුතු කිරීමට සූදානම් බවත් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති […]
(-Colombo, September 27, 2024-)
ජපාන රජයේ ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක දැනට වැඩ අතරමග නැවති ඇති ව්‍යාපෘති 11ක ඉදිකිරීම් කඩිනමින්.
ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු රජයේ ප්‍රමුඛ කාර්යයක් වන දූෂණ සහ අක්‍රමිකතා පිටුදැකීමේ වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බවත් ශ්‍රී ලංකාව සමඟ තවදුරටත් සමීපව කටයුතු කිරීමට සූදානම් බවත් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි (MIZUKOSHI Hideaki) මහතා පැවසීය.
ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි මහතා මේ බව සඳහන් කර සිටියේ අද (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සමඟ පැවති හමුවේදීය.
ජපාන රජයේ ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක දැනට අතරමග නැවතී ඇති ව්‍යාපෘති 11ක වැඩ කටයුතු කඩිනමන් ආරම්භ කරන බවද ජපාන තානාපතිවරයා දී වැඩිදුරටත් සඳහන් කළේය.
ඒ අනුව මහනුවර නගරයේ ජල කළමණාකරණ ව්‍යාපෘතිය, බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර, භෞමික රූපවාහිනි විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘතිය, ජාතික සම්ප්‍රේෂණ සහ බෙදාහැරීමේ ජාල සංවර්ධන ව්‍යාපෘතිය, අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ 2 වන අදියර, ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය, කළු ගඟ ජල සම්පාදන ව්‍යාපෘතිය සහ සෞඛ්‍ය හා වෛද්‍ය සේවා වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කිරීමට නියමිතව තිබේ.
එසේම ජපාන ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක දැනට වැඩ අවසන් අදියරේ පවතින හබරණ- වේයන්ගොඩ සම්ප්‍රේෂණ මාර්ග ව්‍යාපෘතිය සහ අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ පළමු අදියර කඩිනමින් නිම කිරීම මෙන්ම වැඩ අවසන්ව ඇති කැළණි ගඟ නව පාලම් ඉදි කිරීමේ ව්‍යාපෘතියට අදාළ ගෙවීම් සිදු කිරීම ද මිට ඇතුළත් බව ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි මහතා පැවසීය
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී නයොකි කමොෂිඩා, පළමු ලේකම් ඔහාෂි කෙන්ජි සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රොෂාන් ගමගේ යන මහත්වරුන්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
(-Colombo, September 27, 2024-) මෙරට 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ගරු අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ. ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති මාටින් රයිසර් මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ ආසියානු හා පැසිෆික් කලාපීය උප සභාපති රිකාර්ඩෝ පුලිටි මහතා ජනාධිපතිතුමා වෙත විශේෂ පණිවිඩයක් යොමු […]
(-Colombo, September 27, 2024-)
මෙරට 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ගරු අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.
ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති මාටින් රයිසර් මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ ආසියානු හා පැසිෆික් කලාපීය උප සභාපති රිකාර්ඩෝ පුලිටි මහතා ජනාධිපතිතුමා වෙත විශේෂ පණිවිඩයක් යොමු කරමින් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ සංවර්ධනය සඳහා අඛණ්ඩ සහාය ලබා දෙන බවට ද සහතික වී ඇත.
මෙරට ආර්ථිකය නැවතත් ප්‍රකෘතිමත් කිරීම සඳහා ආර්ථික වර්ධනය, සෞභාග්‍යය හා සංවර්ධනය සඳහා ඇති අවස්ථාව ඒ හා සමානවම වැදගත් බව එම ලිපියේ සඳහන් වේ.
(-Colombo, September 25, 2024-) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පළාත් 09 සඳහා නව ආණ්ඩුකාරවරු පත් කර තිබේ. අද පත් කෙරුණු නව ආණ්ඩුකාරවරුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ. • හනීෆ් යූසුෆ් මහතා – බස්නාහිර පළාත් ආණ්ඩුකාර • සරත් බණ්ඩාර සමරසිංහ අබයකෝන් මහතා – මධ්‍යම පළාත් ආණ්ඩුකාර • බන්දුල හරිස්චන්ද්‍ර මහතා – දකුණු පළාත් ආණ්ඩුකාර • […]
(-Colombo, September 25, 2024-)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පළාත් 09 සඳහා නව ආණ්ඩුකාරවරු පත් කර තිබේ.
අද පත් කෙරුණු නව ආණ්ඩුකාරවරුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ.
• හනීෆ් යූසුෆ් මහතා – බස්නාහිර පළාත් ආණ්ඩුකාර
• සරත් බණ්ඩාර සමරසිංහ අබයකෝන් මහතා – මධ්‍යම පළාත් ආණ්ඩුකාර
• බන්දුල හරිස්චන්ද්‍ර මහතා – දකුණු පළාත් ආණ්ඩුකාර
• තිස්ස කුමාරසිරි වර්ණසූරිය මහතා – වයඹ පළාත් ආණ්ඩුකාර
• වසන්ත කුමාර විමලසිරි මහතා – උතුරු මැද පළාත් ආණ්ඩුකාර
• නාගලිංගම් චේතනායහන් මහතා – උතුර පළාත් ආණ්ඩුකාර
• ජයන්ත ලාල් රත්නසේකර මහතා – නැගෙනහිර පළාත් ආණ්ඩුකාර
• චම්පා ජානකී රාජරත්න මහත්මිය – සබරගමුව පළාත් ආණ්ඩුකාර
• කපිල ජයසේකර මහතා – ඌව පළාත් ආණ්ඩුකාර
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.
(-Colombo, September 25, 2024-) නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 15 සඳහා නව ලේකම්වරු පත් කර තිබේ.එම නාම ලේඛනය පහත පරිදි වේ.01 ජී.පී. සපුතන්ත්‍රි මහතා අග්‍රාමාත්‍ය ලේකම්02 ඩබ්ලිව්.එම්.ඩී.ජේ. ප්‍රනාන්දු මහතා අමාත්‍ය මණ්ඩල ලේකම්03 කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය04 කේ.එම්.එම්. සිරිවර්ධන මහතා මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් […]
(-Colombo, September 25, 2024-)
නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 15 සඳහා නව ලේකම්වරු පත් කර තිබේ.
එම නාම ලේඛනය පහත පරිදි වේ.
01 ජී.පී. සපුතන්ත්‍රි මහතා අග්‍රාමාත්‍ය ලේකම්
02 ඩබ්ලිව්.එම්.ඩී.ජේ. ප්‍රනාන්දු මහතා අමාත්‍ය මණ්ඩල ලේකම්
03 කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය
04 කේ.එම්.එම්. සිරිවර්ධන මහතා මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශය
05 අරුණි විජේවර්ධන මහත්මිය විදේශ කටයුතු අමාත්‍යාංශය
06 ජේ.එම්.ටී. ජයසුන්දර මහත්මිය අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශය
07 කේ. මහේසන් මහතා කාන්තා, ළමා හා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය
08 එම්.එම්. නයිමුදීන් මහතා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා, සමුපකාර සංවර්ධන, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය
09 ඒ.එම්.පී.එම්.බී. අතපත්තු මහතා ග්‍රාමීය හා නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය
10 පාලිත ගුණරත්න මහීපාල මහතා සෞඛ්‍ය අමාත්‍යාංශය
11 ඩබ්ලිව්.පී.පී. යසරත්න මහතා අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය
12 බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පරිසර, වනජීවි, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය
13 එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ මහතා කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය
14 එච්.එස්.එස්. තුයියකොන්තා මහතා ආරක්ෂක අමාත්‍යාංශය
15 ඩී.ඩබ්ලිව්.ආර්.බී. සෙනෙවිරත්න මහතා මහජන ආරක්ෂක අමාත්‍යාංශය
16 රංජිත් ආරියරත්න මහතා බුද්ධශාසන, ආගමික සහ සංස්කෘති කටයුතු, ජාතික ඒකබද්ධතා, සමාජ ආරක්ෂණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය
17 මහාචාර්ය කේ.ටී.එම්. උදයංග හේමපාල මහතා බලශක්ති අමාත්‍යාංශය
(-Colombo, September 24, 2024-) මෙරට නව අග්‍රාමාත්‍යවරිය ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නාය. මේ අතර අද පත්කෙරුණු කැබිනට් අමාත්‍යධූර පහත පරිදි වේ ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 01 ආරක්ෂක 02 මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක […]
(-Colombo, September 24, 2024-)
මෙරට නව අග්‍රාමාත්‍යවරිය ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නාය.
මේ අතර අද පත්කෙරුණු කැබිනට් අමාත්‍යධූර පහත පරිදි වේ
ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා
01 ආරක්ෂක
02 මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක
03 බලශක්ති
04 කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත්
ගරු අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය
05 අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු
06 අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ
07 කාන්තා, ළමා හා තරුණ කටයුතු සහ ක්‍රීඩා
08 වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා, සමූපකාර සංවර්ධන, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන
09 සෞඛ්‍ය
විජිත හේරත් මහතා
10 බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය
11 ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා
12 මහජන ආරක්ෂක
13 විදේශ කටයුතු
14 පරිසර, වනජීවි, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්
15 ග්‍රාමීය හා නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරීම්
පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් හඳුන්නෙත්ති, බිමල් රත්නායක, වෛද්‍ය නලින්ද ජයතිස්ස , වසන්ත සමරසිංහ යන මහත්වරුන්ද, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ආර්ක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එච්.එස්. තුයියකොන්ත යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(-Colombo, September 24, 2024-) ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් කර තිබේ. හම්බන්තොට රන්න මහා විද්‍යාලයේ සහ කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන වෛද්‍ය නජිත් ඉන්දික මහතා කොළඹ වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය සම්පුර්ණ කර ඇත. පසුගිය වසර 05 තුළ රජයේ රෝහල් කිහිපයක වෛද්‍යවරයෙක් සහ […]
(-Colombo, September 24, 2024-)
ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් කර තිබේ.
හම්බන්තොට රන්න මහා විද්‍යාලයේ සහ කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන වෛද්‍ය නජිත් ඉන්දික මහතා කොළඹ වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය සම්පුර්ණ කර ඇත.
පසුගිය වසර 05 තුළ රජයේ රෝහල් කිහිපයක වෛද්‍යවරයෙක් සහ ආයතන භාර වෛද්‍ය නිලධාරියෙකු ලෙස ඔහු සේවය කළේය.
වෛද්‍ය නජිත් ඉන්දික මහතා ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙක් සහ දේශපාලන ක්‍රියාකාරියෙකි.